🚘Challo driver 89🚘

හැමෝම හිටියෙ එයාලගෙ රාත්‍රී ආහාර ගන්න ගමන්... ඒත් සමහර අය කෑම ගන්න විදිය වෙනස් වෙලා... වෙනකාගෙවත් නෙවේ ජිමින් ගෙයි ආදිගෙයි... අනිත් අය කනවට වඩා කලේ මේ දෙන්නගෙ විකාර දිහා බලාගෙන ඉන්න එක.. අදත් ඒ වගේම විකාර වලින් පිරුණු ඩිනර් එකක්...

රෝස් එයාට පුලුවන් ඔක්කොම වැඩටික දාල රස නැතත් රසයි වගේ පේන පැස්ට එකක් හදල තිබුණ...

🌹: ආදී... මෙන්න බලන්න මං ඔයාට හැදුවෙ මොනවද කියල.... වා..ව් නේද...

රෝස් එයාගෙ පැස්ට බෝල් එක මේස උඩින් තියන ගමන් ආදි දිහා බලාපොරොත්තු සහගත බැල්මක් හෙලුවා
.. ඒත් ආදිගෙ මූණ නං කජු ලෙල්ලක් වගේ උනා ඒක දැකලා...

❤️: ව්... වාව්... රෝස්... ඒක රස පාටයි...

🌹: එහෙම ද... සුවද කොහොම ද... සෙට් ද...?

ආදි ගොඩක් ආසයි පැස්ට කන්න... ඒත් එයා pregnant උන දවසෙ ඉදන් කෑම කන රටාව වෙනස් වෙලා...

❤️: සුවදයි...ඒත්...

🐣: ආහ්... එහෙනං එච්චරයි.. රෝස් ඕක බෙදන්න...

ජිමින් ප්ලේට් එකක් රෝස් ට දෙන ගමන් කිව්ව...

🐣: ජන්කුකා බෙදාගන්න...

🐰: කන්න පුලුවන්ද දන්නෙ නෑ... ආදි කන්න කලින් ජිමින්ට ටිකක් දීල බලන්න...

ජන්කුක් කරපු විහිලුවට හැමෝටම හිනා ගියත් රෝස් ට නම් තරහ ගියා...

🌹: තමුන්ට කන්න බැරි නං අන්න තියනව කිචන් එක... තමුන්ට ඕන කෑමක් හදාගෙන කන එකයි ඇත්තේ... ඔප්පා ඔයා ට තව බෙදන්න ද...

රෝස් පැස්ට බෝල් එක ජන්කුක්ගෙන් උදුරගෙන ටේ ට බෙදනවා....

🐣: හරි ම රසයි රෝස්...

🌹: තෑන්ක්ස් ඔප්පා...

🐰: ඒ... මට කෑම නැද්ද..

🌹: ඇයි දැන් කියපු දේ ඇහුනෙ නැද්ද...

ජන්කුක් මුකුත් නොකිය නැගිටල යනකොට රෝස් අතින් ඇදල වාඩිකෙරෙව්වා... රෝස් කුකී ගෙ ප්ලේට් එකට පැස්ට බෙදල කුකීගෙ ඉස්සරහින් තිබ්බෙ තරහට කන්න දෙනව වගේ...

🌹: සතෙක් උනත් බඩගින්නෙ තියන පුරුද්දක් නෑ...

🐰: ක..කවුද සතා... මමද..

🌹: කටවහන් කනවා...

🐰: කට වහන් කන්නෙ කොහොම ද... පිස්සුද මන්දා...

ඒ අතර ආදිගෙ නාඩගම පටන් ගත්තා... ජිමින් ගෙ පුරුද්දක් තමයි ආදිට කවල කෑම කන එක... ආදිගෙ පූරුද්දක් තමා කටවල් දෙකක් කාපු ගමන් ඊලග කට කවන්න යනකොට නහයෙන් අඩන එක...

❤️: ම්.... ජිමී..න්... ඇතී...

🐣: ආහ්... ඔන්න පටන් ගත්ත... කෝ මේ කට විතරයි... බලන්න රෝස් කොච්චර අමාරුවෙන් ද හදල තියෙන්නෙ...

❤️: අනේ ඇති ජිමින්... මට බෑ...

💜: බෑ කියල හරීයන්නෑ ආදී... බඩ පිරෙන්න කන්නෝනේ...

ටේත් එයාගේ ටේප් එක වාදනය කරන්න ගත්ත...

ජිමින් තව කටක් ඒ මුවට ලං කරන කොට...

❤️: ඔය ඉතින්... ඉස්සෙල්ල එක කවනකොට කිව්වෙ ඒක විතරයි කියල...

🐣: මගෙ ගුටි නොකා කාහං.. හප්...බප්.. කට.. කට..

🐰: ආදී... කටවල් පහක් කෑවොත් අයිස්ක්‍රීම් දෙනවා...

ආදිගෙ මූණෙ මලක් පිපුන වගේ උනේ අයිස් ක්‍රීම් මතක් කරපු නිසා...

❤️: තව එකයි නේ..

🐣: නෑ නැ කුකා කියන්නෙ මේකත් එක්ක තව පහක්..

❤️: පිස්සුද...

🐣: පිස්සු නෙවේ ආදී... ඔයා දැන් බඩ පිරෙන්න නොකෑවොත් මහ රෑට මාව නැගිට්ටනව බඩගිනී කියල... මං පව් නැද්ද.. ආ...

💜: ඒක නං ඇත්ත ආදී... ඊටපස්සෙ මූ මට කෝල් කරනව කඩේ යන්න... අපි පව් නැද්ද ආ...

🐰: කොහොම ද මහ රෑ නැගිටන් කෑම හදනකොට චාටර් එක...

🌹: එහෙම රෑට නැගිටින එක ඔයාටත් හොද නෑ ආදි.. ඒ නිසා බඩ පිරෙන්න කන්න ඕන...

කට්ටියගෙ දුක් අදෝනා වලට හොදට සවන් දීපු ආදි අන්තිම ට නිගමනය කට එනව...

❤️: ඒ කියන්නෙ ඔයාලට මාව වදයක්ත?

කට්ටියම කන එකත් නවත්තල ආදි දිහා බැලුවා...

ආදිගෙ ඇස් වල කදුලු පිරිලා... නහයත් රතු වීගෙන එන්නේ...

ඒ කියන්නේ දැන්...

මේ දැන්...

ආදි එයාගෙ බලවත්ම වෙපන් එක යූස් කරන්න හදන්නේ...

❤️: ම්...මං...

🐣: ආශ්... කවුද දැන් මගෙ සුදු ඔම්මිව වදයක් කිව්වේ ආ... කියන්න මණික.. මට පෙන්නන්න... දෙනව ඕකගෙ කන පැටලෙන්න...

❤️: ජන්... කූ... කී.... ඉහි.. ඉහි....😭

🐰: යාහ්.. බොරුකාරි මං කොයි වෙලේ ද කිව්වෙ ඔයා වදයක් කියලා... ආ...

❤️: ටේ ටේ ත් කිව්වා...

🐣: උඹට මම...

ජිමින් ටේ ට ගහන්න යද්දි ටේ ජිමින්ගෙ අතින් අල්ලන් කෑ ගැහුව...

💜: යකෝ මේකි.. මං එහෙම කිව්වෙ නෑ හරිය...

ඒ අතර කන ගමන් phone එක බල බල උන්න රෝස් Facebook එකේ ෂෙයා උන පෝස්ට් එකක් දැකල කෑ ගහන්න ගත්ත..

🌹: ගායිස් මේ බලන්නකෝ.... හරබොජි අලුත් හැල්මි එක්ක ටජ්මහල් එක ලග ගත්ත pic එකක් අප්ලෝඩ් කරල...

🐣❤️🐰💜: කෝ.. බලන්න...

හැමෝම රෝස් වටා එකතු උනා...
.
.
.
.
.
.
.
.
.
.

පාන්දර 3 ට විතර ආදිට ඇහැරුණේ ඉවසගන්න බැරි තරම් බඩගින්නක් දැනුන නිසා... ආදි හෙමිහිට ඇද එහාපැත්ත අතගාල බැලුවෙ ජිමින්ව ඇහැරවන්න උනත්... ඇද එහාපැත්ත හිස් කියල දැනුන විතරයි ආදි කලබල වෙලා හැරිල බැලුව... ජිමින් ඇදේ නෑ...

ආදිටත් පුදුමයි... මේ මහ රෑ ජිමින් කොහෙ ගිහින්ද කියලා...

හෙමීට ඇදෙන් නැගිටල ලයිට්ස් ඔන් කරපු ආදි බාත්රූම් එක දිහාවට ගියේ ජිමින් බාත්රූම් ගිහිල්ල ද කියල බලන්න... ඒත් බාත් රූම් එකේ ලයිට්ස් ඕන් වෙලා නොතිබ්බ නිසා ආදි දැනගත්ත ජිමින් බාත්රූම් එකේ නැති බව...

❤: ජිමී...න්...

ආදි ටිකක් සද්දෙට කතා කලා...

ඒත් උත්තරයක් නෑ... කොහෙ ගිහිල්ල ද මේ මනුස්සය...

ආදි ආයෙ ඇදට නැගල කල්පනා කලේ නිදාගන්නවද නැත්තන් පහලට යනවද කියල...

ආදි අවසානයේ තීරණය කලා ජිමින්ව හොයන්න යන්න... මොකද සීයා කියල තියෙනව ජිමින් පොඩී කාලේ ඉදන් හරියට හීනෙන් ඇවිද්ද කියල... සමහර දවස් වලට දොර ඇරගෙන එලියටත් යනවලු... ජිමින්ව ඩොක්ට කෙනෙක්ට පෙන්නුවලු මේ හීනෙන් ඇවිදින ලෙඩේ නිසා... ආදි එදා නම් හොදටම හිනා උනත් අද තමා ආදිට දැනුනෙ වැඩේ බරපතලකම...

ඒ නිසා ආදි ඇදෙන් බැහැල එයාගෙ ස්ලිපර්ස් දාගෙන room එකෙන් එලියට ආවෙ ජිමින් හොයාගෙන...

හෙමීට හෙමීට ලයිට් එකින් එක ඕන් කරගෙන ආදි ටේ හියුන් ගෙ රූම් එක ගාවට වෙනකන් ආව... ආදිට හිතුනෙ නෑ ටේ ඇහැරවන්න... ඒත්...

❤️: මේ ටේ ගෙ රූම් එකේ දොර ඇරල නේ... නෝමලි මේ යකා දොර ලොක් කරන් නේද දොයියන්නේ...

ටේ ගෙ රූම් එකේ දොර බාගෙට ඇරල දාල තිබුනේ... ආදිට පුදුම හිතුනා...

❤️: සමහරවිට අමතක වෙන්නැති වහන්න... නිදිමරගාතෙ ඇදට වැටෙන්නැති...

ආදි දොර වහල යනව කියල හිතාගෙන දොරට අත තියනකොට ආදිට කෙලින්ම පෙනුනෙ ටේ ගෙ බෙඩ් එක... ආදි දැක්ක බෙඩ් එක උඩ ටේ නෑ කියල...

❤️: ටේ... කොහෙ ගිහින්ද මේ මහ රෑ... වොෂ් රූම් ගියා ද දන්නෑ... එයා නැගිටල ඉන්න එකේ ජිමින්ව හොයන්න එක්ක යන්නෝනේ...

ආදි එහෙම හිතල ටේ ගෙ room එකේ door එකට තට්ටු කලා...

❤️: ටේහූන් ඔයා ඉන්නවදෝ...

ආදිට තේරුනා ටේත් රූම් එකේ නැති බව...

❤️: කොහෙ ගිහින්ද මුන් දෙන්න.. හොර පොල් කඩන්නවත් ගිහින්ද... අනේ ඇත්තට තාම හිතන් ඉන්නෙ දහ අටේ කොල්ලො කියල ද දන්නෑ... ටේ මොටයිය නං කමක් නෑ කියමු... අර හෙට අනිද්ද තාත්ත කෙනෙක් වෙන්න ඉන්න මිනිහා... කිසිම බරක් පතලක් නෑ මූට... ඇත්තමයි... පුතේ... මාත් එක්ක තරහ වෙන්න නං එපා... අද තාත්තට දෙන්නෙ කොසු මිටෙන්...

ආදි තමන්ගෙ හය මස් කුස අතගාමින් ජිමින්ට දෙහි කපන්න ගත්ත...

හෙමීට පඩිපෙල බහින ගමන් leaving room එකේ ලයිට් ඕන් කරපු ආදි දොර දිහාට ගියේ ජිමින් ල ගාඩ්න් එකේ ඉන්නවද බලන්න යන්න... ඒත් එක්‌කම දැනුන දැඩි වතුර තිබහ නිසා ආදි ආයෙමත් හැරිල ගියේ කිචන් එකට..

ආදි ග්ලාස් එකක් අරන් කෙට්ල් එකෙන් වතුර පුරවගෙන ඒක බොන ගමන් කිචන් එකේ තිබුන පුටුවකින් වාඩි උනා...

ඒත් එක්කම ආදිට ඇහුනෙ කාගෙදෝ කතාබහක්... මේ මහ රෑ කවුද කතා කරන්නේ...
.
.
.
.
.
.
.
.












_________________________

හායි ලමා...යි...

ගොඩම ගොඩම ගොඩ කාලෙකින් නේත...

මට මතක් උනා ඉතින් Challo Driver කියල කතාවක් තියෙනව කියල මට complete කරන්න...

අර කතාවකුත් තියෙනව නේ... අපි වැඩක් සම්පූර්ණ නොකර මැරුනොත් හරි වගකීමක් ඉටු නොකර මැරුනොත් හරි හොල්මනක් වෙලා ඉපදෙනව කියල...🥲

ඒ නිසා මගෙ කතා ටික මැරෙන්න කලින් complete කරල මැරෙන්න ඕන... 😁

Campus එකේ වැඩ වැඩි උන නිසා මම ගොඩක් බිසී උනා... නැත්තන් මං අප්ඩේට් නොදී ඉන්නෑ... අනික මං පහුගිය දවස් වල ගොඩක් මානසිකව වැටිල හිටියෙ...

මං මේ ලගදි ලස්සන පෝස්ට් එකක් දැක්ක..

" මම යනු මගේ තෝරාගනැනීම් නිසා මානසිකව පීඩා විදින පුද්දගයෙකි..."

ඔය වගේ meaning එකක් තිබ්බේ...

ඒක ඇත්තටම මගේ ජීවිතේට මොන තරම් අදාලද කියල මට හිතුනා...

ඔයාලව කෙනෙක් reject කලොත් ඔයාල ඒ කෙනාව අත ඇරල දාන්න ලමයි... second chance දෙන්න එපා... ඒ කෙනා ඔයාගෙ අම්ම තාත්ත සහෝදරය නෙවේ නං පයට පෑගෙන දූවිල්ලක් තරන්වත් ගනන් ගන්න එපා...

ඔයාගෙ boyfriend/ girlfriend ඔයාව reject කලා කියල හිතන්නකෝ... ඔයාල ඇති වෙනකන් අඩන්න... දවසක් හරි අඩල ඔයාල තීරණයකට එන්න... මම ආයෙ මූ පාරෙ මැරෙන්න වැටිල හිටියත් ඇහැක් ඇරල බලන්නෙ නෑ කියල... තව ඔයාල එයාව සේව් කරල තියෙන නම වෙනස් කරන්න... http වගේ මොකක් හරි කුනුහරප නමක් දාල... අනේ එහෙම කරන්නෙ කොහොමද... මං දවසක් හරි ආදරේ කලා නේ... බොරුවට බයිල ගහන්නෙපා... එයාට එහෙම කරන්න හොද නං අපි කලාම මොකද වෙන්නේ... කතා කරන්න ආවොත් ගනන් ගන්න එපා... ඔයා ආයෙ කතා කරනව කියන්නෙ ඔයා එයාට පරාදයි කියන එක... boot කාල වගේ හැසිරෙන්න එපා... වෙනදටත් වඩා සතුටින් ඉන්න ඕන... එතකොට තමා අපිට එයාව අමතක වෙන්නෙ... හැබැයි ඌව කවදාවත් block කරන්න එපා... එයාට ඔයාගෙ status story පේන්න දෙන්න... එයා ගියා කියල ඔයාට නැති උන දෙයක් නෑ කියල පෙන්වන්න... කොටින්ම කිව්වොත් ඔයා හිටියත් එකයි නැතත් එකයි... මගේ ගමන මම යනවා... මම වෙනදටත් වැඩිය නිදහස්... කියල පෙන්වන්න...වෙනදට වඩා ලස්සනට අඳින්න... ලස්සනට හිනා වෙන්න...එයා පසුතැවෙන එකක් නෑ සමහර විට... ඒත් ගිය කෙනෙක් ආයෙමත් ආවොත් පයින් ගහල එලවගන්න.. මොකද ඔයා එයා එක්ක first time යාලු උන එකට වඩා පසුතැවෙයි second chance එකක් දීල ආයෙත් කෙලවල ගියහම...


හම්මෝ...

සමහරවිට ඔයාලට තේරෙයි මට වෙච්ච දේ... මං දැන් හිටියට වඩා ගොඩක් ශක්තිමත්... ඒ ගැන හිතනකොට සතුටුයි... ගෑනුන්ටත් වඩා අන්ත වැනෙන ප්‍රතිපත්ති තියෙන හිගන මානසිකත්ව තියෙන කොල්ලොන්ට ආදරේ කරන්නෙපා කෙල්ලනේ... කොල්ලන්ටත් කියන්න තියෙන්නෙ එමම තමා...

...



බාල්දි ඕතරී...😈








Bạn đang đọc truyện trên: AzTruyen.Top