🚘Challo driver 88🚘

ජිමින් බැන්ග්ලෝ එකට ඇවිත් වාහනේ පාක් කරපු ගමන්ම ගෙට ගොඩ වෙන්නත් කලින් බලාපොරොත්තු උනේ එයාගෙ ආදි එලියට දුවගෙන එයි කියල... ඒත් ආදි වෙනුවට ආවෙ ජන්කුක්...

🐰: හියුන්ග්... හම්මෝ... දැක්ක කල්... මහන්සිද...

ජිමින් නං ජන්කුක් ට පිටිපස්සෙන් තියෙන දොර දිහා බලාගෙන ඉන්නෙ ආදි එනකන්...එයා දුවගෙන එන එකක් නෑ... එයාට දුවන්න හොද නෑ නේ... හෙමීට එනව ඇති..ජිමින් හිතුව... මේ අතර බඩු මලු උස්සන් එන ටේ ජිමින් දැකල නැවතුනා...

💜: මොකද  බං?

🐰: ආ.. හියුන්ග්... ආදිවද බලන්නේ... එයාට උදේම කැරකිල්ලක් වගේ තිබුන... කන්නත් බෑ කියන නිසා රෝස් එයාට බෙහෙත් වගයක් දුන්නා...දැන් නම් නින්ද ගිහිල්ල ද කොහෙද... මට කිව්ව හියුන්ග්ල එන්න කලින් ඇහැරවන්න කියල... මට අමතක උනා...

🐣: ආහ්... එ..එයාට කරදර කරන්නෙපා.. මං ගිහින් බලන්නම්... මුකුත් ප්‍රශ්නයක් නෑ නේ.. වෙලාවට කෑව නේද... උදේ කන්න බෑ කිව්ව ම මොකද කලේ... මං කිව්ව නේ ඒ වෙලාවට කැරට් ජූස් එකක් හරි හදල දෙන්න කියල...

ජිමින්ට දුක හිතුනත් එයාට ඊටවැඩිය දුකයි ආදිට සනීප නෑ කිව්ව ම... ජිමින් කෙලින්ම ගියේ room එකට...

ජිමින් දැක්කෙ ඇද උඩ ගුලි වෙලා ටෙඩියෙක් බදාගෙන කටත් ඇරගෙන නිදාගෙන ඉන්න එයාගෙ ආදිව... ජිමින් එහෙමම ඇදේ එහාපැත්තෙන් නැගල ආදිව හග් කරන්න හැදුවත් එකපාරටම නතර උනේ තමන් වොෂ් දාල නෑ කියල මතක් වෙලා...

ජිමින් වොෂ් දාගෙන ම ඇවිත් ආදිව ඇහැරනව කියල හිතල ඇදෙන් බහින්න යනකොට ම ජිමින් ගෙ කොලර් එකෙන් ඇදිල ජිමින්ව ආයෙත් ඇදට වැටෙන්න ගියත් ජිමින් ආදිගෙ දෙපැත්තෙන් අත තියල ආදිගෙ බඩ උඩට වැටෙන්නැතිවෙන්න බැලන්ස් කරගත්ත...සිද්ද උන දේ හිතාගන්න පුලුවන් නේ... ආදි නිදි වගේ බොරුවට ඉදලා ජිමින් යන්න හදනකොට ම කොලර් එකෙන් ඇද්ද...

🐣: ආදිහ්... මොකද කරන්නේ ආහ්... තව පොඩ්ඩෙන් මං බඩ උඩට වැටෙනව...

❤️: සොලී.. ඔයා යන්න හදපු නිසා නෙ ඇද්දේ...

🐣: සොරි තමා... තව පොඩ්ඩෙන්...

❤️: තව පොඩ්ඩෙන් මොකක්ද ආ..

ආදිව පිට මැද්දෙන් අත තියල කෙලින් ඉන්දපු ජිමින් ආදිගෙ නලලට කිස් එකක් දුන්නා...

🐣: තව පොඩ්ඩෙන් අප්පගෙ බරට අපේ චූටි පැටිය තැලෙන්න තිබුන.. අප්පට මොලේ තියන නිසා හොදයි.

❤️: ඔව් ඔව්... මොලේ තියන අප්පා මොනාද චූටි පැටියටයි අම්මටයි ගෙනාවෙ කියල අහන්න පැටියෝ...

🐣: හෑපෝ.. ඒන්ජල්.. මොකක්ද හලෝ... ආපු ගමන් හස්බන්ට මහන්සිද , දවල්ට කාලද කියල නෙවේ අහන්නේ... කන්න මොනාද ගෙනාවෙ කියල ද...

❤️: එහෙම තමයි මං... මං වෙනස් වයිෆ් කෙනෙක් ...

ආදි කොන්ඩෙ ගස්සල දාල කිව්ව...

🐣: වෙනස් වෙලා කියල පේනව... බෝල ගෙඩිය වගේ නේ...

ජිමින් ආදිගෙ බෝලවගේ කම්මුල් දෙක මිරිකන ගමන් කිව්වා...

❤️: ආව් ජිමින්... රිදෙනවා...

🐣: ටිකක් රිදුනම මොකද... ගොඩ කාලෙකින් නෙ මේ හුරතලේ දැක්කෙ..
ම්... මගේ නපුරිච්චි... කාලද ඉන්නෙ... ම්...

❤️: මං කාල නෙවේ ඉන්නේ... මට බඩගිනියි...

🐣: ආහ්... වෙලාව කීයද... ඇයි මෙච්චර වෙලා බඩගින්නෙ... ජන්..කූ..කා...

ජිමින් කලබල වෙලා ජන්කුක් ට අඩගහන්න යනකොට ආදි ඒක වැලැක්වුවා...

❤️: කුකීට කෑ ගහන්නෙපා... මට ඔයා නැතුව පාලුයි... කන්න හිතෙන්නෙත් නෑ.. ඒකයි කෑවෙ නැත්තෙ... දැන් ඉතින් මට ඔයා එක්ක ම කන්න පුලුවන් නේ..."

🐣: ගෝඩ්... විනාඩියක් ඉන්න... මං කෑම එකක් බෙදාගෙන එන්නං...

❤️: ඒයි... ගිහින් වොෂ් දාගෙන එනවා... හඩු ගදේ බෑ...

ආදි කිව්ව හැටියෙ ජිමින් ඇදෙන් නැගිටල අත් දෙක උස්ස උස්ස අත් යට සුවද බලනව...

🐣: බොරු කියන්නෙපා... ගද නෑ...

ජිමින් පොඩි එකා වගේ කටත් හදාගෙන කිව්වා.. ඒ කියපු විදියට ආදිට හිනා ගියා..

❤️: අනේ ජිමින් ඔයා මාරයි අනේ...

🐣: ඒ මොකෝ..

එහෙම අහන ගමන් ජිමින් ආදිට ලං වෙලා ආයෙත් වාඩි උනා...

❤️: ඔයා ඉස්සර... බලන්නෙපෑ මූණෙ හැටි... යකෙක් වගේ... මට දැක්කමත් බය හිතෙනව... ඔයා දැකල නැද්ද office එකේ girls ල එහෙම ඔයා කතා කරනකොට ගැස්සෙනව...

ආදි ඇස් නටව නටව කටත් හද හද කියනකොට ජිමින් ඒ ඇස් දිහා තොල් දිහා මාරුවෙන් මාරුවට බැලූවෙ මත් වෙලා වගේ...

🐣: තාමත් බය හිතෙනවද...

ජිමීන් මත් උන කටහඩකින් ආදි ගෙ ඇස් දිහා බලාගෙන ඇහුව....ආදි ටිකක් විතර  කන්ෆියුස් වුනා...

❤️: ම්.. මොකද්ද..

🐣: තාමත් බයද.. හම්..

❤️: ක..කාටද...

🐣: මට...

❤️: ම්.. නෑ...

🐣: ඇත්තමද...

ජිමින් ගෙ ඇස් ආදිගෙ ලා රෝස පාට තොල් දෙක මත ඇලවිලා තිබුනා..

❤️: ම්.. මේ... නෑ...

🐣: මට කැමතිද...

❤️: ජ්..ජිමින්... මොකද මේ..

🐣: මට ආදරෙයි ද... ම්...

❤️: ජිමින්...

🐣: මාව දාල යන්නෑ නේද... මොනම දේකදිවත්... මාව අතාරින්නෙ නෑ නේද...

🐣: ම්...?

ටික වෙලාවක් ජිමින් ගෙ මූණ දිහා බලන් හිටපු ආදි ජිමින් ගෙ තොල් වලට නැඹුරුවෙලා සිප ගන්නට  උනා...
ජිමින්ට ඕන කරල තිබුනෙත් ඒ දේම තමයි.. ජිමිනුත් ආදිගෙ තොල් මත හරි හරියට දග කරන්න උනේ සතියක් පුරාවට නොලැබුන ඒ පහසට මත් වෙලා වගේ...

විනාඩි කිහිපයක් එකිනෙකා සිප
ගත්ත අතර ආදිගෙ හුස්ම ගැනීමේ රටාව වෙනස් වෙනව දැනුන නිසා ජිමින් ආදිගෙන් ඈත් උනා...

🐣: අවුලක් නෑ නේ...

ආදිගෙ කම්මුලක් පිරිමදින ගමන් ජිමින් ඇහුව...

❤️: ම්.. නෑ...

දැනටමත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු වෙලා හිටපු ආදි ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන කිව්ව...

🐣: වොෂ් දාන්නත් ඕන... එක්කො බෑ වගේ... වොෂ් දාන්න ඕනෙ නෑ නේ... කොල්ල මලක් වගේ සූදයි...

❤️: අනේ යනවා... ගිහින් වොෂ් දානව... මටත් වොෂ් දාන්න තියේ..

🐣: එහෙනං යං... දෙන්න ම එකට වොෂ් දාමු..

❤️: අනේ යන්න ජිමින්... පිස්සුද...

ආදි ලැජ්ජාව දරාගන්න බැරි තරම් රතු වෙලා.. හිටියට වැඩිය ආදි බෝල වෙලා කියල ජිමින්ට හිතුනා... ඉස්සරට වඩා ආදි රතු වෙනවා... ජිමින්ට ආදිව චප්ප වෙන්න බදාගෙන ඉබින්න හිතුන... ඒත් මොකක්දෝ කියාගන්න බැරි දුකක් ජිමින්ගෙ ඇස් වල ලියවිලා තිබුනා...

🐣: කෝ එනවා... මං තමුසෙව කන්නෙ නෑ... මං වොෂ් කරන්නං...

❤️: අනේ ජිමින්..

ජිමින් බලෙන්ම වගේ ආදිව අත් දෙකට ගත්ත...

🐣: ඒහ්... මට කියන්නෙපා මේ සතියට ම තමුසෙ කෑවෙ නෑ කියල නං...

❤️: ඇ..ඇයි...

🐣: පොඩ්ඩක්වත් බර නෑ නේ... ලමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් ගෙ බරක් ද මේ...?

❤️: ඇයි මීට කලින් ඔයා ලමයි හම්බෙන්න ඉන්න අම්මලා උස්සල බර බලල තියෙනවද ජිමින්ෂි..?

ආදි මූණ දරුනු විදියට හදාගෙන ඇහුවා...

🐣: අ... මේ... අම්මෝ... බර... හේ..හේ... බර නෑ කිව්වට බරයි...

❤️: ආහා...

🐣: සෑහෙන්න බරයි... ඉක්මනට යං බාත්ටබ් එකට...

❤️: ජිමින් මට පුලුවන්...

🐣: මං දන්නව පුලුවන් කියල... ඒත් මං ආසයි...

❤️: මොකටද...

ආදි ඇහුවෙ ඇසුත් ලොකු කරන්...

🐣: අහම්.. මගෙ pregnant wife ගෙ  හැම වැඩක් ම  මගෙ අත් දෙකෙන් කරන්න..

❤️: හාකො..

🐣: මේ ගවුම ගලවන්න බෑ නේ...

❤️: ෂිප් එකක් තියෙනව පිටිපස්සේ... අයියෝ... කඩනවකො ෂිප් එක... ඕක මට ටේ ගෙනත් දීපු ගවුම හරිද...

🐣: හරි හරි කියවන්නෙපා... තමුසෙ මහත් වෙලා නෙ හලෝ... අර හිටපු ඇට කෝට්ටි කෝ...

❤️: මගෙන් අහගන්න තමයි හදන්නේ..

______________________________

හායි ලමයි....

ගොඩ කාලෙකින් නේද...

මේ කතාව කියවන අය ඉන්නවද තාම...

කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න...

කොහොම ද කිස් එක... මගේ කතාවක බාල්දි පෙරලගන්නැතුව කිස් එකක් දුන්නම ද කොහෙද ඔය...

ඒත් ඔයාල දන්නවද එක දෙයක්...

ආදි ජිමින් අහපු ප්‍රශ්නෙට උත්තරේ දක්ෂ විදිහට මග ඇරපු බව...

ඔයාල දන්නවද තවත් දෙයක්...

ජිමින් ඒ තරමට මෝඩයෙක් නොවන බව...

ජිමින්ට කිස් එක වැදගත් උනා කියල හිතනවද...

කිස් එක අතරමැද ජිමින් ගෙ ඇස් කොනකින් කදුලු බින්දුවක් කඩන් වැටෙනව දැක්කෙ මං විතරද...

හදිසියෙවත් ආදි ජිමින්ව දාල යන්න හැදුවොත් ජීමින් ආදිට යන්න දෙයි ද...

ජිමින් ඒ තරම් හොද කෙනෙක් ද...

කතාවෙ මුල ඉදන් ම ජිමින්ගෙ චරිතය දිහා බලල ඔයාලම හිතන්නකෝ ජිමින් මොන වගේ කෙනෙක්ද කියල...

___________________________

ඉක්මනට අප්ඩේට් කරන්නම් ලමයි..

බායි ලමයි...


බාල්දි ඕතරී...😈





Bạn đang đọc truyện trên: AzTruyen.Top