🚘Challo Driver 87🚘
ආදි ට හිටි ගමන් ආව කැරකිල්ලක් නිසා ආදි උදේ ඉදන්ම හිටියෙ ඇදට වෙලා... ජන්කුක් හැමදේම ආදිගෙ ලගට ගෙනත් දුන්නෙ ආදිට ඇදෙන් බිමට කකුල තියන්නවත් ඉඩක් නොදී... දවල් කෑම කාල ආදි ඇදට වෙලා පොතක් බල බල ඉන්නකොට ජන්කුක් එලියට ගියා... ඒත් එක්කම ජන්කුක්ට ආවෙ කෝල් එකක්...
📱🐰: what? තමුසෙලා කොහොමද මෙච්චර කෙයාලස් උනේ ආ... කවුරුහරි දැක්කොත් ඉවරයි... ඇයි දෙවියනේ රටින් පනිනකන් පාඩුවෙ ඉන්න බැරි... ම්...මට මට දැන් එන්න බෑ... තේරුම් ගන්න... ආදි විතරයි ගෙදර ඉන්නේ... මට එයා දාල එන්න බෑ... තමුසෙල ඕන මගුලක් කරගන්නවා...
❤️: මොකක්ද කුකී මගුල...? 😐
🐰: යාහ්... ආදි... 😢මං බය උනා... ලගට එනකන් දැක්කෙ නෑ නේ...
❤️: මොකක්හරි ප්‍රශ්නයක් ද කුකී...?
🐰: ඔව්... මේ...
❤️: මාව දාල එන්න බෑ කිව්වෙ... මොකක්හරි වැදගත් දෙයක් ද කුකී... මට තනියම ඉන්න පුලුවන්... ඔයා ටක් ගාල ගිහිල්ල එන්න...
🐰: ඒක ටිකක් වැදගත් දෙයක් නං තමයි...office එකෙන් කෝල් එක... ඒත් මං හියුන් ට promise උනා නේ... අනික ඔයාට සනීප නෑ උදේ ඉදන්... මං කොහොම ඔයාව දාල යන්නේ...
❤️: කොහොමත් තව ටිකෙන් රෝස් එනව නේ...මට ටික වෙලාවක් ඉන්න පුලුවන් කුකී... සෝ දේයනුත් ඉන්නව නේ..... ඔයා ගිහිල්ල එන්න...
🐰: අනේ මන්ද...ඔයා එහෙනං room එකටම වෙලා ඉන්නවද... මං ටාර් ගාල ගිහිල්ල ටාර් ගාල එන්නං... එක්කො ඔයා මේ සෝෆා එකේ ඉන්න... උඩට යන්න එපා... මං ඔක්කොම ටික මෙතෙන්ට ගෙනත් දෙන්නං...
❤️: හරී...
_______________
ජන්කුක් ආදිට ඕන කරන හැම දේම රෑම් එකෙන් පහලට ගෙනත් දීල කෑමත් හදල දීල, කාටුන් පීස් වගයක් අරන් ඇවිල්ල ආදිට දුන්න...
🐰: ආ... මේව තිබ්බෙ රෝස්ගෙ මේස උඩ... මට හිතාගන්න බෑ එයා පොඩි එකියක් වගේ කාටුන් බලනව කියන එක... කැමති එකක් දාගෙන බලන්නකෝ...😅
❤️: ආ... ඔයා දන්නැති උනාට එයා පොඩි ලමයෙක්ටත් වඩා අන්තයි... 😅😅
🐰: එහෙනං මං ගිහිල්ල එන්නං... පරිස්සමට ඉන්න හොදේ... අමාරුයි වගේ නං මට කෝල් එකක් දෙන්න...
❤️: හරි... බායි...
_____________
කාටුන් බල බල හිටපු ආදිට දන්නෙම නැතුව නින්ද ගිහිල්ල... ආදි ගැස්සිලා ඇහැරුනේ ඩෝ බෙල් එක රින්ග් වෙන හඩට...
🔔🔔🔔
❤️: ආ...හ්... කවුද බෙල් කරන්නේ... සෝ දේයන්... සෝ...
කොච්චර කතා කලත් සාජන් සෝ ගෙන් උත්තරයක් නැති තැන ආදි ගිහිල්ල දොර ඇරියා...
❤️: ත...තමුසෙ.. 😢
: කොහොමද Mrs. Park... ගොඩ කාලෙකින් නේ... කෝ ඔයාගෙ හස්බන්... ගෙදර ඉන්නවද...😏😏😏😏
❤️: ජි...ජිමින් ගෙදර නෑ... එයාට කෝල් එකක් අරගෙන එන්න... දැන් යන්න...
ආදි දොර වහන්න හදනකොට දොරට අත තියල තල්ලුකරගෙන ඇතුලට ආවෙ Mr. Ashok... ඔයාලට මතක ඇති සමහර විට... අර වරුන් ගෙ බොස්... ආදිව blackmail කලේ...
❤️: ත...තමුසෙ දැන්මම එලියට යනවා... තමුසෙට ආයෙමත් මාව පාවිච්චි කරන්න දෙන්නෑ මං... පොලීසියට කතා කරන්න කලින් යනවා.. සෝදේයන්.... කෝ මේ මනුස්සය... සෝ...
: කෑ ගහන්න එපා Mrs. Park සෝ දේයන් දැනටමත් හොදටම නිදි... 😅
❤️: ඔ...ඔයා මොකක්ද කලේ ඒ මනුස්සයට... 😡
: ඒ මිනිහට මං තේරෙන භාෂාවෙන් කිව්ව අත්‍යවශ්‍ය වැඩකට ආවෙ... Mr. Park හරි Mrs. Park හරි දෙන්නගෙන් එක්කෙනෙක් හම්බවෙන්න ඕන... ඇතුලට යන්න දෙන්න කියල... මූ බෑම කියන හින්ද පොඩ්ඩක් නිදිකරවල ආව... බය වෙන්න එපා.. පැය දෙකතුනකින් නැගීටියි...
❤️: හාහ්... හූහ්...😢😖
ආදි බය වැඩිකමට ම හයියෙන් හුස්ම ගන්නවා..
: අයියෝ මිසිස් පාක්.. කලබල වෙන්නැතුව ටිකක් වාඩි වෙලා කතා කරමු.. ඔය වතුර ටිකක් බීල හිටියනං.. ඔය තත්වෙන් ඉදගෙන කලබල වෙන්න හොදනෑ නේ...😏
❤️: ඔ...හ්... ඔයා කොහොමද...
: ආ... ඒකද මට මූණ බැලුවම කියන්න පුලුවන්... මං මෙතනින් ඉදගන්නව හොදේ... ගෙදරට ආව අමුත්තන්ව හිටවල තියෙන එක හොද වැඩක් නෙවේ නේ...
❤️: කියන දෙයක් ඉක්මනට කියල යනව මනුස්සයෝ...😡
: ආපෝ... මොකද්ද අනේ.. තේකක්වත් දෙන්නැද්ද...
❤️: පිටි නෑ...😑
: ආ.. එහෙමද එහෙනං ප්ලේන්ටියක් බො...
❤️: සීනීත් නෑ තේකොලත් නෑ...😑
: ආ... එහෙමත් එකක්ද.. එහෙනං වතුර වීදුරුවක්...
❤️: වතුර කපලා...😤 ආපු කාරනේ කියනවද...
: හහ්... හරි එහෙනං අපි ප්‍රශ්නෙට එමු...
❤️: මොකක්ද ප්‍රශ්නෙ...
: කෝ Mr. Varun Patel....?
❤️: අයියා...?
: ඔව් ඔයාගෙ අයිය තමයි... කෝ එයා...?
❤️: එයා මේ... ඔයාලගෙ මුම්බායි සයිට් එකේ නේ දැන් වැඩ කරන්නේ... දැන් මාස හතරක් තිස්සෙ එහෙ නේ ඉන්නේ...
: මුම්බායි සයිට් එකේ...? මං එයාට ට්‍රාන්සර් කලේ නෑ... එයා ආගිය අතක් නෑ...
❤️: ම්...මෝකක්...😢
ආදි හිටගෙන තවමත්...ආදිට කැරකිල්ලක් වගේ ආව නිසා එහෙම ම සෝෆා එකේ කොනක් අල්ලගත්තා...
: මිසිස් පාක් ඔයා හොදින්ද... කරුණාකරල වාඩි වෙන්න...
අෂෝක් නැගිටලා ආදිව අල්ලගන්න හැදුවත් දිගටම තමන්ගෙ සිහිය පවත්වාගෙන හිටපු ආදි අතින් සංඥා කලේ උදව් අවශ්‍ය නැති බව...
ආදි හෙමීට ඇවිල්ල පුටුවෙන් වාඩි උනා...
: මට සමාවෙන්න. ඔයාව stress කරන්න ඕන උනේ නෑ... doctor කෙනෙක්ට කතා කරන්න ද...
❤️: නෑ ඕන නෑ...
: මං හිතන්නෙ මං මේ ගැන ජිමින් එක්ක ම කතා කලොත් හොදයි කියලා... මම දැන් ගිහිල්ල එන්නං මිසිස් පාක්...
❤️: පොඩ්ඩක් ඉන්න.. මගෙ අයියට මොකද වෙලා තියෙන්නේ... එයා... එයා කොහෙද ඉන්නේ...
: ඒක තමයි මමත් අහන්නේ... ඒ ලමයා ආගිය අතක් නෑ.. මිසිස් පාක් ඔයාගෙ හස්බන් ගෙන් අහල බලන්න ඔයාගෙ අයිය ගැන...
❤: ප්.. පොඩ්ඩක් ඉන්න මං ජිමින්ට කෝල් එකක් ගන්න කම්...
: හරි ගන්නකෝ...
ආදි ඉක්මනට පෝන් එක අරගෙන ජිමින්ට කෝල් එකක් ගත්ත... අශෝක් ආයෙමත් ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා...
දෙතුන්පාරක් රින්ග් උන ගමන් ජිමින් කෝල් එක answer කලා...
🐣: හෙලෝව්... මගෙ ලව්ලි වයිෆ්... මං නැතුව ඉන්න බෑ වගේ මැඩම්ට...
❤️: ජ්... ජිමින්...
🐣: මං ජ් මින් නෙවේ බබා... ජිමින්... මොකද ආ... තාම අඩනවද... පිස්සි... අයි මිස් යූ සෝ....... මච් බේබ්...
❤️: අ..අයි මිස් යූූ .. ටූ ජිමින්... මම මේ...
🐣: කියන්න මැණික... කෑවද ආ... වෙලාවට කන්න ඕන හරිද... දැන් ඔයා එක්කෙනෙක් නෙවේ නේ... අපේ පැටියත් ඉන්නව නේ..
❤️: ජිමින්.. කෝ මගෙ අයියා...
🐣: ව..වට්... ම..මන් කොහොමද දන්නේ අ..අයිය කොහෙද කියල... ඒ...ඒ මනුස්සය මුම්බායි වල ඇති... මේ ලගදි මං කතා කලේ...
❤️: ඇයි ජිමින් එයා මට විතරක් කතා කරන්නෙ නැත්තේ...
🐣: ඒ මනුස්සය ට වැඩ ඇති.. මේ බබා.. මට දහයට මීටින් එකක් තියෙනව... දැන් මං...
❤️: ජිමින් ඔයාට මට මොනවද හංගන්නෙ ආ...
🐣: මොනව හංගන්න ද මං... මට වෙන වැඩ නෑ කියල හිතුවද... තමුසෙගෙ... යාහ්.. මාව තරහ ගස්සන්න එපා... මං කැමති නෑ ඔයාට බනින්න... මං තියෙනව...
❤️: යා.. ජිමින් තියන්නෑ phone එක.. ජි... හෙලෝව්... ජිමින්...
මේ සේරම දිහා හිනා වෙවී බලන් හිටපු අෂෝක්...
: හස්බන් තිබ්බ නේද phone එක... මම නං කියන්නෙ වරුන්ගේ හදිස්සි අතුරුදන්වීමට ජිමින් ගෙ මොකක්හරි ම සම්බන්ධයක් තියෙනව කියල... හදිස්සියෙවත් වරුන් ගෙ ජීවිතයට කරදරයක් වෙලා තිබ්බොත් එයා වැඩ කරන company එකේ ඕනර් විදිහට ඒක මටත් බලපානව.. ඒක නිසා මම next week වෙනකල් බලල පොලිසියෙ පැමිනිල්ලක් දානව... මිස්ට පාක් ජිමින්ව සැකයි කියල... ඊට කලින් මිසිස් පාක් වරුන් ව හොයාගන්න බලන්න.. මං යනව...
❤️: හරි..
: ආ... අර ඔයාගෙ ගාඩ්.. සෝ දේයන්... එයාට වතුර ටිකක් ඉස්සම නැගිටියි... ඔයාට පුලුවන්ද...
❤️: හ්...හරි මං ඒක කරගන්නං.. ඔයා යන්න..
අෂෝක් යනකල් ඉදල ආදි ටක්ගාල කිචන් එකට දුවල වතුර වීදුරුවක් අරගෙන ගියේ ගාඩ් රූම් එක දිහාවට... සෝ දේයන් ගාඩ් රූම් එකේ පුටුවක් වැටිල ගෙම්බ පොලේ ගහල වගේ ....
❤️: මිස්ට සෝ... ඒහ්... මිස්ට සෝදේයන් නැගිටිනවා...
මේක හරියන්නේ නෑ කියල හිතපු ආදි වතුර වීදුරුව ම සෝ දේයන් ගෙ මූණට හැලුව... සෝ දේයන් මහ හයියෙන් කෑ ගහගෙන පුටුවෙන් බිම පතබෑවුනා..
❤️: නැගිටිනව මනුස්සයෝ... හරි ෂෝක්... මැරිල වගේ නිදි... ඉන්නව.. ඉන්නව මං ජිමින්ට කෝල් එකක් දාල කියන්න...
👨✈️: අ..අනේ පොඩි මිස්... ම..මට ටිකක් නින්ද ගියා.. මිස් මොනවහරි උවමනාවක් ද...
❤️: ඇවිල්ල කෑම කනව... අනේ මන්දන්නෑ මේ මිනිස්සු කොහෙන් හොයාගන්නවද කියල...
👨✈️: සොරි මිස්.. ජන්කුක් සර්...
❤️: තාම ආවෙ නෑ... ඇයි මේ මහ දවල් නිදි...
👨✈️: ආහ්.. මගෙ ඔලුව.. කවුද මන්ද ආව වගේ මථකයි... මං කිව්ව බැන්ග්ලෝ එකේ කවුරුත් නෑ කියල... ඒත් ඊට පස්සෙ...
❤️: ක...කවුද ආවෙ කියල මතකද..
👨✈️: ම්... නෑ... මං හිතන්නෙ යන්නැති මිස්...
❤️: හම්...
__________
හායි...
මේ කතාව කියවන අය තාම ඉන්නවද 👀
මගෙ වැඩත් එක්ක මේ කතාව මග ඇරුණ ලමයි.. සෝ සොරි
මං පුලුවන් හැම වෙලාවෙම අප්ඩේට් දෙන්න බලන්නම්...
අනේ තරහ වෙන්න එපා හොදේ...
වෝට් කරන්න...
කමෙන්ට් කරන්න...
බාල්දි ඕතරි..😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top