🚘Challo Driver 86🚘
ආදි pregnant උන දවසෙ ඉදන් ජිමින් ආදිට පුදුම වදයක් දුන්නේ... ඇදෙන් බහින්න දුන්නෙ ම නෑ... හැමදේම කකුල් දෙක ලගටම ගෙනත් දුන්න... මේ ඔක්කොම බලන් උන්න රෝස් ජිමින් කිව්වෙ ආදිට වැඩ නොකර ඉන්න දෙන්න එපා... ඒක එයාට හොද නෑ කියල...ආදිට නං එපා වෙලා හිටියේ....
ආදි රූම් එකට වෙලා ඔහේ ජනේලෙන් එලිය බලන් ඉන්නකොට ජිමින් ඇවිත් ආදිගෙ උකුලෙන් ඔලුව තියාගත්ත...ඒත් ආදි නං රවල අහක බලාගත්ත...
🐣: අද ඉදන් මමා මහන්සි වෙන්නෑ... අප්ප තමා
වැඩ කරන්නේ හරි....😚
ජිමින් ආදිගෙ මාස තුනක් පිරුණු කුස දිහා බලාගෙන කියවනවා..
❤: චූටි මැණික ඔයාගෙ අප්පට කියන්න මට පට්ට කම්මැලියි කියලා...😑
🐣: මුල් කාලෙ පරිස්සන් වෙන්න ඕන... නටන්නැතුව ඉන්නවා....😏
❤: වදේ...🙄
🐣: හරි මට කියනවකෝ.... මොනවද කන්න ආස...ම්...?
❤: ම්....පිට්සා..ම්...
🐣: හෝව් හෝව්... ඒව බෑ... තමුන්ට අද ඉදන් කඩ කෑම කන්න බෑ... අනික ඔය පිටි ගුලි ගිල්ලම ලමයත් පිටි ගුලියක් වෙයි... ගුණ කෑමක් ඉල්ලනවා...
❤; ගුණ කෑම...☹ මොනවද ගුණ කෑම කියන්නේ...?
🐣: අ...ආමේ... ගුණ කෑම කියන්නේ... ගුණ කෑම ඉතින්...🥲
මේ අතර රූම් එකට ආවෙ ටේ හියුන්...
💜: Excuse me... මං එන්නද?
🐣: තෝ ඔය ඇතුලට ම ඇවිල්ල තව මොකක්ද එන්නද අහන්නේ...😑
💜: අනේ මේ... මං ආවෙ ආදිට බඩ්ඩක් අරගෙන...😌
ටේ ගෙ අතේ ප්ලේට් දෙකක් තියෙනවා... ජිමින් විමසිල්ලෙන් බැලුවෙ ඒ මොනවද කියල...
❤: මොනාද ටේ ටේ...
ටේ හියුන් ඇවිත් ඇදේ කොනෙන් වාඩි වෙලා ප්ලේට් දෙක ඇද උඩින් තිබ්බ...
🐣: මේ චොක්ලට් කේක්...
💜: අනිත් එකේ අඹ අච්චාරු....
🐣: ඊ...ව්... ඔය අඹ ගැටයක් නෙ යකෝ කඩල තියෙන්නේ... දැක්කම දත් ටිකත් හිරි වැටෙනවා...😬
💜: කටවහපන්...ආදි බබා.. ඔයා කන්න කැමති මොනවද...?
❤: මොනවද කියන්නේ...
💜: මේ දෙකෙන් කන්න කැමති මොනවද...
❤: කේක් තමා ඉතින්.. මේව කන්න පුලුවන් කාටද...
🐣: ඒකනෙ මං කිව්වේ...
💜: ආහ්... එහෙම ද... එහෙනං ඔයා මේක කන්න... මං යනවා බබාට රෝස පාටින් බඩු ගන්න...
🐣: මොකක්...ඒහ් ටේ...
කියන පමාවෙන් ටේ කේක් කෑල්ල ආදිගෙ අතින් තියලා අච්චාරු එක අරගෙන එලියට දිව්වා...
🐣: හහ්.. මොකදේ..?
ආදිට නං හොදටම හිනා...
❤: මට දැනුයි තේරුණේ... 😅 කතාවක් තියෙනවා pregnant උනාම ඇඹුල් ජාති කන්න හිතෙන්නෙ පිරිමි ලමයෙක් ලැබෙන්න ඉන්නකොට කියලා... 🤭
🐣: ආ... එහෙම ද... එතකොට පැණිරස කන්න හිතෙන්නේ... 🤔
❤: අයියෝ ජිමින්... ඔයා ටියුබ්ලයිට්... ටේ දැන් ගියේ මොන පාටින් බඩු ගන්නද...
🐣: රෝස් පාට...😐
❤: ඉතින්...😏
🐣: ඉතින්... එ...ඒ කියන්නේ... ආහ්... දුවෙක් ද... වාහ්... එ..ඒන්ජල් කෙනෙක්... වාහ්... මං දුවෙක් ගෙ අප්ප කෙනෙක්... 🥺
ජිමින්ට සතුටට ඇඩෙනවා... ජිමින් ආදිව තුරුල් කරගෙන අතොරක් නැතිව සිපගත්තා...
________________
ආදි කම්මැලිකමට පහලට එනකොට ජන්කුක් හිටියෙ කිචන් එකේ තේ එකක් හදාගන්න ගමන් ... ආදි කිචන් එකට ඇවිල්ල මොනවහරි හොයනව දැක්ක ජන්කුක්...
🐰: ආදි බඩගිනි ද?
❤: ඔව් අනේ... මේ... මේ හරියේ පොඩි ප්ලේට් එකක දාල තිබුනෙ නැද්ද මේ... අඹ වගයක්...
ආදි වටේම ඇස් යවන ගමන් ජන්කුක්ගෙන් ඇහුව...
🐰: ම්...තිබ්බ... මං ඒක විසික් කලා... ඒක කන්න බෑ යකෙක්ටවත්... මාර ඇඹුල්...
❤: අයියෝ... අපරාදේ...
ආදිගෙ බලාපොරොත්තු සියල්ල බිද වැටිලා වගේ දුක මූණක් හදාගෙන එලියට ගියා... ජන්කුක් confuse වෙලා වටේම බැලුවෙ තව අඹ ගෙඩියක් නැද්ද කියල... එතකොට තමා ජන්කුක්ට මතක් උනේ වත්ත පහල අඹ ගහක් තියෙනව කියල... ජන්කුක් තේ හදන එක පැත්තක තියල ගාඩ්න් එකට දුවගෙන යනකොට ආදි අඹ ගහ යට තියෙන බෙන්ච් එකට නැගලා අඹ ගෙඩියක් කඩන්න හදනවා... ජන්කුක්ට හීන් දාඩිය දැම්ම... ඒත් එක්කම කොල්ල දැක්කෙ ආදි බෙන්ච් එකේ අයිනට ම ඇවිල්ලා ඇගිලි තුඩු වලින් ඉස්සීගෙන අඹ අත්තක් පාත් කරගන්නවා... ඒත් එක්කම බලෙන් ඇදිල තිබ්බ අඹ අත්ත උඩට ගියේ ආදි එහෙම ම අත්තේ එල්ලෙනකොට...
🐰: යාහ්...ආදියා... 😰
ජන්කුක් එතනට දුවල ගියේ ආදිව බිමට ගන්න. ඒත් ජන්කුක් නැවතුනා.
.
.
.
.
.
.
.
.
.
.
❤: ආහ්...අනේව්... මාව වැටෙයි ද... ආහාහ්... කවුරුත් නැද්දෝ... ජි..මි..න්..
ඒත් එක්කම ආදිගෙ ඉන වටේ එතුනෙ දරදඩු අත් දෙකක්...ආදි තවමත් අත් දෙකෙන් එල්ලිලා... ඇස් දෙකත් වහගෙන...
🐣: අතාරිනවා ඒන්ජල් ඔය අත්ත... 😡
ආදි හෙමීට අත්ත අතෑරල ජිමින් ගෙ ඔලුව උඩින් අතක් තිබ්බ...
❤: හම්මෝහ්.. සුපර්මෑන්... ඔයා නැත්තන් මං ගෙම්බ පොලේ ගැහුව වගේ බිම... හූහ්...
ජිමින් හේමීට ආදිව බිමින් තිබ්බ..
🐣: තමුසෙ pregnant නේද... මං ආයෙ ආයෙ මතක් කරන්න ඕනද... තමුසෙ ගැන නෙවේ... දරුව ගැන හිතනවා... මගේ දුවට මොනවහරි වෙලා තිබ්බොත් මරනවා තමුසෙව... මම නරක මිනිහ කියන්න එපා...😡🤬
❤: ජිම්...🥺
🐣: කටවහනවා...යනවා රූම් එකට...😡
ජිමින් ආදිට බැනල යනකොට ආදි ඇස් වල කදුලු පුරවගෙන අඹ ගහ දිහාත් එකපාරක් හැරිලා බලලා ගෙට ගියා.. මේ සේරම බලාගෙන හිටිය කෙනෙක්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආදි හිටියෙ රෑම් එකට වෙලා ජනේලෙන් එලිය බලාගෙන... එයාට දුකයි... ජිමින් බැන්න නිසා...
ආදි එකපාරටම ගැස්සිලා ගියේ,
🐰: ආදියා... මං එන්නද?🙂
❤: අහ්...කුකී...එන්න අනේ... මං භය උනා...
🐰: මොකද කරන්නේ....
❤: මුකුත් නෑ අනේ... ඔහෙ හිටියා...
🐰: මං ඔයාට බඩුවක් ගෙනාවා...
❤: මොනවත?
එතකොට තමා ආදි දැක්කෙ ජේකේ අතේ තිබ්බ අඹ අච්චාරු බාජනේ...
❤: අනේ කුකී... ඔයා අඹත් කැඩුවද?
🐰: ඔව් ඉතින්... ජිමින් පැටියට අඹ ඕන කිව්ව නිසා කැඩුවා...
❤: ජිමින් පැටියා...?😐
🐰: ඔව්... හියුන්ගෙ බබා ජිමින් පැටියා...😅
❤: එයා මගේ බබා... ආදිගෙ පැටියා... ආදි පැටියා කියාම්...😒
🐰: ආපෝ...හරි හරි දෙන්නගෙම... දැන් මේක කාහන්...🙄
__________
දින දෙකක් ගෙවිල ගියා...ආදි තවමත් ජිමින් එක්ක එක වචනයක් කතා කලේ නෑ... ජිමින්ටත් වැඩ නිසා ඒ ගැන ගානක් උනේ නෑ... මේ අතර විජේ ගෙ business පාටි එකකට ජිමින්ටයි ටේහියුන්ට යි ආරාධනාවක් ලැබුණා...චෙන්නායි වල... ආදි pregnant නිසා එයා යන්නෙ නෑ කියල තීරණය කලා...ආදිව බලාගන්න නියම උනේ ජන්කුක්ට... මොකද සීයත් මේ දවස් වල දිල්ලි වලින් පිට හිටියේ...අලුත් ආච්චම්ම එක්ක පික්නික් එකක් ගිහිල්ල...
ජිමින්ට හිත දුන්නේ නෑ ආදි එක්ක තරහ වෙලා මේ ගමන යන්න... ඒක නිසා යන්න කලින් ආදිව කොහොම හරි යාලුකරගන්න ඕන කියල ජිමින් හිතුව... ඒ නිසා උදෙන්ම ගියේ ආදි ආස කරන චොක්ලට් එකකුත් අරගෙන ආදිව හොයාගෙන...
ආදි හිටියෙ ජිමින්ගෙ luggage ලෑස්ති කර කර..
🐣: අහම්... කවුද දැන් ඔය මැඩම්ට වැඩ කරන්න කිව්වේ...
ආදි නං ඇහෙන්නෑ වගේ රෙදි නවනවා...
🐣: කං ඇහෙන්නෙත් නැද්ද දැන්...
ආදිට තරහේ බෑ... ජිමින් ගෙ කියවිල්ලට... ආදි අන්තිමට තියෙන ෂර්ට් එක ගුලි කරල බෑග් එක ඇතුලට දමල ගහලා බෑග් එකේ ෂිප් එක වහනවා...
🐣: යාහ්... මං ඔච්චර තරහ ගන්න දෙයක් කිව්වෙ නෑ නේ.... බලනව මූනෙ හැටි... යක්ෂනී වගේ.... තමුසෙ ඔරවනකොට නං පට්ට කැතයි... ඔහොම ඔරවන්න එපා හලෝ... ලමයත් භය වෙයි...
❤: නවත්තගන්නව පාක් ජිමින්... තමුන්ගෙ ලමයට මුකුත් වෙන්නෑ... හැමතිස්සෙම මගේ ලමයට මොනවහරි වෙයි...ලමය භය වෙයි... ලමයට බඩගිනියි...ලමයට චූබරයි... හොදටම ඇති... මේ ඉන්නෙ මගේ ලමයා...තමුන් කලේ ෂුක්රාණුව මුදාහරින එක විතරයි.... ඒත් ඒක වර්ධනය වෙන්නෙ මගේ ලග... මටයි වැඩි අයිතියක් තියෙන්නේ.... ඒක නිසා මං දරුව හදාගන්නෙ මට ඕන විදියට.. මාව පාලනය කරන්න එන්න එපා... මට බැන්නොත් මං යනව ඔලුව හැරුන අතේ...සමජ්ලියා...😡😭
🐣: සමජ්ගයා... ඔච්චර තරහ ගන්නෙ මොකද ආ... ඒක මගෙ දරු...සොරි... මං කිව්වෙ අපේ දරුවටත් හොද නෑ නේ...මං කිව්වෙ ඔයාට උනත් හොද නෑ.... අනික ඔයාට මහන්සි වෙන්න හොද නැති නිසා නේ මං එහෙම කිව්වේ...හරි... ඔයාට ඕන දෙයක් කරන්න කෝ... මං මුකුත් කියන්නෙ නෑ... ඒත් මාත් එක්ක ඔහොම තරහ වෙලා ඉන්න එපා... මට වාවන්නෑ...
❤: අනේ මේ ජිමින් ජී...😡
🐣: හරි අපි ඒක අමතක කරමුකෝ... ඔයා හදන්නෙ මාව මෙච්චර දුරක් යවන්නද කතා නොකර ම... ම්... හදිස්සියෙවත් මට ආයෙ එන්න බැරි උනොත් ඔයා පසු තැවෙයි...😏
❤: ඒ කිව්වේ...
🐣: මෙහෙම නේ ඒන්ජල්... හැම මනුස්සය ම මේ ලෝකෙට එන්නේ සදහටම ඉන්න නෙවේ නේ... කොයි වෙලේ හරි යන්න වෙනව... ඒ යන වෙලාව අපිට තීරණය කරන්න බෑ...ඒකත් තීරණය කරන්නෙ උඩ ඉන්න කෙනාම තමයි... ඒක නිසා අපි ජීවිතේ හැම තප්පරේම සතුටින් ඉන්න ඕන... ලග ඉන්න අයව සතුටින් තියන්න ඕන... නැත්තන් පස්සෙ අඩල දොඩල වැඩක් නෑ... ඕක පැක් කරල ඉවර ද?
❤: ආ... මේ...ඔව්...😐
🐣: ආ... මම එදා බැන්න එකටනේ ද ඔච්චර තරහ ගිහිල්ල හිටියෙ... සොරි මැණික... මට භය හිතුනා ඔයාට මොනවහරි වෙයි කියල... ඔයා විතරයි මට ඉන්නේ... මගෙ හැමදේම ඔයා... ඒක නිසා මං ගිහිල්ල එනකන්වත් දඟ නොකර ඉන්න... හාද...
ජිමින් ආදිව බලෙන්ම වගේ වැලදගෙන නලලට හාදුවක් දෙන ගමන් කිව්ව...
❤: ම්...බෑ...යනව යන්න...😒
🐣: ඔයාට මොනවද ගේන්න ඕන...🙂
❤: මුකුත් එපා...😑
🐣: හරි එහෙනං... මං යනවා... පරිස්සමට ඉන්න... මොනවහරි ඕන උනොත් කුකා ට කියන්න... බායි... දෙවි පිහිටයි...
ආදි ට අඩන්න ඕන...යන්න එපා ජිමින්.. මට පාලුයි කියල... ඒත් ලොකු කම නිසා බිම බලාගෙන ඉන්නව...
ජිමින් යන්න හදලා ආයෙත් හැරිල බැලුවා...ආදිගෙන් ප්රතිචාරයක් නැති නිසා ආයෙත් හැරිල යන්න හදනකොට...
❤: ජිමින්...
ජිමින්ගෙ මූණෙ හිනාවක් ඇදුනේ නිරායාසයෙන්ම...
🐣: ඇයි...
❤: වදයක් ඔයා...😡
🐣: යාහ්... මං කියල කට ගත්ත විතරයි...😡
❤: යනවා... හැබැයි ගියාට කමක්නෑ... කෝල් කරල මැසේජ් දදා වද දෙන්න එපා... 😒
🐣: හා...
❤: ඇත්තමයි කනක් ඇහිල ඉන්න පුලුවන්..😐
ආදිගෙ හඩ එන්න එන්න බාල වෙනවා... ජිමින්ට හිතෙනව ආදි අඩන්න හදනවවත් ද කියල...
🐣: ඒක හොදයි... ඔයාට තරහ යන එකවත් අඩු වෙයි මං නැති දවස් දෙක තුනට..
❤: ඔ..ඔව්... මට ඕන දේවල් කන්න පුලුවන්... ඕන වැඩක් කරන්නත් පුලුවන්... ම..මරු 🥺
🐣: ඒ උනාට මං නැතුව පාලු හිතෙයි...
ජිමින් බෑග් එක අරගෙන එලියට යද්දී ආදිත් ආව පිටිපස්සෙන්...
❤: අනේ...නෑ...
🐣: චෙන්නායි වල කෙල්ලො හරිම ලස්සනයි... හින්දුස්තාන් වල අම්මන්ඩිලට වඩා...😅
❤: අනේ මේ ජිමින්... මගෙන් ගුටි කන්න ලෑස්තිවෙන්න එපා... කෙල්ලොත් එක්ක නටල තිබ්බ දෙන්කො... මම චිරාග් අයියාට කෝල් කරල අහන්නං... ඒ මනුස්සය මට බොරු කියන්නෑ...
ආදි කෝච්චිය වගේ කියවනකොට ජිමින්ට හිනා...
🐣: මට ඉන්නව වයිෆ් කෙනෙක්...ඒකීට මාව පේන්න බෑ... ලගින් ගියොත් ඇහැක් නෑ... කෝල් කරන්නත් එපා ලු... මැසේජ් කරන්නත් එපාලු ... මං වදේ ලූ... ඉතින් මටත් යන කලදසාවක් තියෙන්න එපැ... චෙන්නායි කෙල්ලො හොදයි...
❤: ඔව් ඔව්.. හොදයි 😭 එයාල එක්ක ම ඉන්න එකයි ඇත්තේ...😭 කොහොමත් මං නපුරුයි නේ...😭😭 ම..මං...මං...යනව ...මං යනව නැන්දලෑ දිහා...ම..මාව බලෙන් මැරි කරලා...😭
මාව...මා...වා...හ්හ්...😭😭
🐣: ඔව් ඔව්... මාව මොකක්ද...😏
❤: යනව යන්න ජිමින්... මට ඔහේව පේන්න බෑ....😭😭
🐣: යාහ්... ඔච්චර හයියෙන් කෑ ගහන්න ඕන නෑ... මේ යනවා...😢 ඔන්න ගියා...
❤: අනේ යන්න එපා...😭😭
ආදි බැරිම තැන කෑ ගහල අඩන්න ගත්ත...
🐣: හරි හරි අඩන්න එපා... මේ ගියා... බායි බායි...
ජිමින් බෑග් එකත් අරගෙන පහලට එද්දි ටේ හියුන් ජිමින් දිහා කන්න වගේ බලන් ඉන්නවා...
💜: කෙල්ල ඇඩුව නේද...?🤨
🐰: හියුන්, ආදි වත් එක්ක යන්නකෝ...
🐣: එයාට train එකේ යන්න හොද නෑ නේ කුකා... නැත්තන් මං අරන් යනවා...
🐰: ආදි පව්...
🐣: පව් උනාට කමක් නෑ ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දෙන්නෑ... මහ රෑ Ice cream කාල වෙච්ච දේ දැක්ක නේ... රෑට දොරවල් හොදට ලොක් කරල නිදාගන්නවා...තේරුණාද... පෝන් සයිලන්ස් දාගෙන ඉන්නෑ... හරිද...
🐰: හරි හියුන්...
💜: යාහ්... ආදී....😢
❤: හාහ්...ජිමින්...😖
ආදි දූවගෙන පහලට එනවා ජිමින් යන්න කලින් බලාගන්න... ඒත් එක්කම කකුල පැටලිලා වැටෙන්න යනකොට ජිමින් පඩිපෙල ලගට ඇවිල්ල අල්ලගත්ත...
🐣: කිව්ව විතරයි.. හාහ්... මට යන්න බෑ ටේ... මේකි මං එනකොට මැරිල ඉදී...😑
ජිමින් ආදිව පපුවට තුරුල් කරගෙන බනිනවා...
❤: සොරි ජිමින්... යන්න එපා.. 😭😭😭
🐣: හහ්...මං යනවා...ආය නොඑන්නම යනවා...මං වදේ නේ...
❤: අනේ ජිමින් ජී...😭
🐣: අයිගෝ...ඔය ඉතින්... මෙච්චර වෙලා පුපුර පුපුර ඉදල කොහොමද ඕයි ඔහොම අඩන්නේ...
මං ඉක්මනට එනවා... හරිද...පරිස්සමට ඉන්නව... ජන්කුක් ඉන්නව නේ...
💜: ඔව් නෙ ආදී...මූට කෙල්ලව බලාගන්න දුන්න වගේ නෙවේ අන්තිමට මූව රකින්න වෙන්නෙත් ආදිට.... රෝස් එයි හවස් වෙලා...අද එයාට පේෂන් කෙනෙක් ගෙ ඉමේජන්සි කේස් එකක්..
ටේ එලියට යනකන් ඉදලා මූණ බෙරි කරගෙන ඉන්න ආදිට ජිමින් කිව්වේ,
🐣: රෝස් ව මුගෙන් පරිස්සන් කරන එක ඔයාගෙ වැඩක් ආදි...😏😅
❤: ඈහ්....🥲
🐰: යාහ් හියුන්... මං එහෙම නෑ...😡
🐣: නැත්තෙ මොකද රෝස් කියනකොටත් කට දෙපැත්තෙන් කෙල බේරෙනවා...😅
❤: ඒ... ඒකත් එහෙමද එතකොට...😃
🐰: හියුන්ග්....😑
❤: හරි හරි මං ඉන්නං ඇහැ ගහගෙන...
🐰: උඹ මට ඇහැගහන් හිටහන්... මං උඹට ඇහැගහන් ඉන්නන්...
🐣: බලාගෙන... ඇස් වල පොට යයි...බායි මං කෝල් කරන්නෑ හරිද... මට කෝල් කරන්න එපා කිව්ව නේ...
❤: අනේ මේ ජිමින්... කෝල් නොකලොත් ඊලග තප්පරේ මං චෙන්නායි වල ඉදියි...
🐣: අම්මෝහ්...🤣
ටේ හෝන් කරනකොට ජිමින් දුවගෙන ගිහිල්ල වාහනේට නැග්ගා...
ආදි වාහනේ නොපෙනී යනකන්ම ගේට් එක ලගට වෙලා බලන් උන්න...
ජිමිනුත් සයිඩ් කණ්නාඩියෙන් ආදිව නොපෙනී යනකන්ම බලාගෙන හිටියා...
______________
හායි ලේඩීස්,
කල්ප කාලාන්තරයකට පස්සෙ නොවෙද,
කෙසේද සුව දුක්...😉
බලනව ඇති නේද බාල්දියක් වත් නැත්තේ මොකද කියල...
ඔක්කොම සෙට් කරල බාල්දි වලින් ගහන එක මට සෙට් නෑ වගේ
කෙලින්ම ගං වතුරක් දාන්න තමයි හිතන් ඉන්නේ...
ආදි තනියම ගෙදර...
මොකද කියන්නේ...😈
Comment එකක් දාගෙන යම්න...
Vote කරන්න අමතක කරන්න එපා...
බාල්දි ඕතරී..😈🪣
Bạn đang đọc truyện trên: AzTruyen.Top