🚘 Challo Driver 85 🚘
ජිමින්,ටේ,කුක් තුන්දෙනා හොරෙන් හොරෙන් බැන්ග්ලෝ එකෙන් එලියට පනින්න හදනකොට ආදිගෙ අතටම අහු උනා..
❤: කොහෙද යන්නෙ තුන්කට්ටුව...?🤨
🐣: office එකට...
💜: club එකට...
🐰: මෙයාල යන තැනකට...
තුන්දෙනාම එකපාර උත්තර දුන්න...
❤: කොහෙවත් යන්නේ නෑ එක්කෙනෙක්වත්... අද අපේ අලුත් ආච්චම්ම එනවා... නටන්න ලෑස්තිවෙන්න එපා ජිමින්ජී...තමුන්ල දෙන්නටත් එක්කයි කියන්නෙ...🤨
💜: ආදී... මේ අහන්නකෝ... මං සුටුස් ගාල ගියා සුටුස් ගාල ආව...
❤: No... යන්න ටේ... ඇතුලට යන්න...
🐣: ඒන්ජල්...බබා මං office එකට දුවල...
❤: ඔයා මගෙ හොද ජිමින් නේ... ගෙට යන්න පැටියෝ...😘
ආදි ජිමින් ගෙ ශර්ට් එකේ කොලර් එක හද හද හුරතල් වෙවී කියනකොට වසී වෙලා වගේ බලන් ඉන්න ජිමින් නොදැනුවත්වම ගේ ඇතුලට ඇදිල ගියා...
🐰: ආ..දී...මේ..
❤: ඔයා මොකද ඔතන කරන්නෙ... එනව ගේ ඇතුලට මගෙන් ගුටි නොකා...🤨
____________
❤: රෝස් මෙහෙ එන්න...
🌹: මේ එනවා ආදී...
ජිමින් ටේ කුක් තුන්දෙනාම පේලියට සෝෆා එකේ වාඩිවෙලා වැරැද්දක් කරල අහුවුන පොඩි උන් තුන්දෙනා වගේ බිම බලන් ඉන්නවා...
❤: අහගන්නව තුන්දෙනාම, අලුත් dadimaa එහෙම නැත්තන් ඔයාලගෙ හැල්මොනී ආවම daadaji ට ලැජ්ජ වෙන්න විදිහෙ කිසි දෙයක් කරල අහුවෙන්න එපා ඔය මහත්තුරු තුන්දෙනා...
🌹: ඔව්... අපි දන්නවා ඔයාල මොකක්හරි අඩව්වක් අල්ලන්න ප්ලෑන් කරගෙන ඉන්නව කියල... ඒව දැන්මම හිතෙන් අතෑරගත්තොත් හොදයි...
❤: මොකද අපි දෙන්න ඔයාල ගැන ඇහැ ගහගෙන ඉන්නේ...
ජිමින් ඔලුව උස්සල ආදි දිහා බලනකොට ආදි ඇගිලි දෙකක් තමන්ගෙ ඇස් වලට ලං කරල ජිමින් දිහාවට හරවල ඉගි කලේ මං තමුන් දිහාවට ඇහැ ගහගෙන ඉන්නෙ කියල අනතුරු අඟවන්න වගේ...
ඒත් එක්කම වාහනයක හෝන් හඩක් ඇහුනා. සාජන් සෝ දුවගෙන ඇවිල්ල,
🧑✈️: පොඩි මිස්... අර මැඩම්ල ඇවිල්ල...
❤: ආහ්...එන්න කියන්න... මං එන්නං...
ආදි එතනින් යන්න ගිහිල්ල ආයෙත් නැවතිලා ඉදගෙන ඉන්න තුන්දෙනා දිහා බලල,
❤: මතකයි නේ...
ජිමින් ටේ මූනට මූන බලල ඉක්මනට ඔලුව වැනුවා... ජන්කුක් ගෙ මූන නං තැලිච්ච කජු ලෙල්ල වගේ...
______________
ආදියි රෝසුයි දෙන්න ඉක්මනට එලියට දුවල ගියේ වෛශ්නවී එයාලගෙ අලුත් දාදී මා ගෙ වාහනේ එන සද්දෙ ඇහුන නිසා.
❤: රෝස් එයාල එනවා... දාදා ජීට කතා කරන්න...ඉක්මනට..
🌹: හරී...
රෝස් උඩට දුවල ගියේ සීයව එක්කගෙන එන්න.
කා එකෙ ඇවිත් බැන්ග්ලෝ එක ඉස්සරහ නතර කලාම ඒකෙන් බැහැපු තරුණයෙක් ගිහිල්ල පිටිපස්සෙ දොර ඇරියා වෛශ්නවීට බහින්න.
වෛශ්නවී කා එකෙන් බැහැල වටපිට බලල ගේ දිහා බලනකොට මුලින්ම දැක්කෙ ආදිව...
(🌸- දාදී මා/ වෛශ්නවී)
❤: කොහොමද දාදී ජී... එන්න ඇතුලට...
🌸: හොදින් ඉන්නව පුතේ... ඔයා...?
❤: ආ... මම ජිමින් ගෙ වයිෆ්...
🌸: ජිමින් පුතා මෙහෙ දරුවෙක් මැරි කලා කියල ජන්හියුන් මට කියල තිබුනට මේ දරුවව අදනේ දැක්කේ... හරි ලස්සන දුවෙක් නේ...🙂
❤: තැන්කිව් දාදී ජී...
ආදි එයාගෙ පිටිපස්සෙන් හිටපු මුනුපුරෝ දෙන්න දිහා බැලුවෙ ඊටපස්සෙ... දෙවියනේ...
❤: දෙවියනේ ... විජේ අයියා...😃 චිරාග් අයියා..
💙: ආහ්..කොහොමද නන්ගී...අපි හිතුව අදුනගන්න බැරි වෙයි කියල...😅
🌸: ඔයාල කලින් දන්නවද...?
💙: ඔව් නේ දාදී... අර මගේ වෙඩින් එකේ...මේ...
විජේ කියවගෙන යනකොට චිරාග් අතින් ඇන්නෙ එපා කියල...
🌸: ආ...?
(💚- චිරාග්)
💚: නෑ මේ දාදී මෙයා කිව්වෙ ඒ වෙඩින් එකට මේ නන්ගියි එයාගෙ හස්බන් එක්ක ආව කියල...ජිමිනුයි මෙයයි college friends ලනේ...
❤: එන්න හැමෝම ඇතුලට... දාදා ජී තාම ලෑස්ති වෙනවා...🙂
_____________
ආදි ගේ ඇතුලට ඇවිල්ල ජිමින්ට යි ටේටයි කතා කලා...
❤: ජිමීන්...ටේයෝන්... බලන්නකො කවුද ඇවිල්ල ඉන්නෙ කියලා...
එතකොට ම ඕනවට එපාවට වගේ කොල්ලො තුන්දෙනා පඩිපෙල බැහැගෙන පල්ලෙහාට ආව.
🐣: ඒහ්...මූ...අඩේ දේවාල කොණ්ඩා...
ජිමින් පුදුම වෙලා...ගිහිල්ල විජේව හග් කලා.
💙: ඒහ් නම හරියට කියපන් මූසලයා...
💜: උඹ කොහෙද මෙහෙ...
💙: දාදි එක්ක ආව බං...
_______________
කෑම මේසෙත් ගාඩ්න් එකේ ලෑස්ති කරපු ආදි
හිටියෙ මිදුලෙත් බැන්ග්ලෝ එකත් අතර එහෙ මෙහෙ යන ගමන්...කෑම දීසියත් අරගෙන එන ගමන් කෙල්ල බැන්ග්ලෝ එකෙන් එලියට අඩිය තියනකොටම දැනුනෙ අපහසුවක්.
ඇස් නිලංකාර වෙන ගමන් ඉස්සරහ තිබුන කණුවක් කැරකෙනව වගේ දැනෙනකොට ආදි ඒ කනුවටම බර උනා. අතේ තිබුණ දෙසිය වැටිලා කෑලි වලට කැඩෙනකොට ඒ ලග හිටපු විජේ ටේහියුන් දෙන්න හැරිල බැලුව. කොයි වෙලෙත් ආදි දිහා ඇහැ ගහගෙන උන්න ජිමින් තප්පර කිහිපයකින් ආදි ලග.
🐣: මොකද උනේ... මැණික මොකද මේ...?
❤: නැහැ නිකන් කැරකිල්ලක් වගේ...
නැගිටින්න හදන කෙල්ලව අත් දෙකට අරගෙන ජිමින් ඉක්මනට එයාව කාමරයක් ඇතුලට ගෙනාවේ රෝස් ට එන්න කියන ගමන්...මූන පුරාවටම දාඩිය මතුවෙද්දි ආදිට දැනුනෙ උගුර කාරවන අප්පිරියාවක්... රෝස් කාමරේට එනකොටත් ආදි ජිමින් ගෙ ඇගට වමනෙ කරන ගමන් උන්නේ... ජිමින් ආදිගෙ පිට අතගානවා..
❤: ම්...බ්වෑක්...🤢🤮 අහාහ්... අනේ සොරි ජිම්...ආහ්...බ්වෑක්...
🐣: It's OK baby... ඔයා දාන්න... රෝස් ඔය ඩස්පින් එකට ෂොපින් එකක් දාල ගේන්නකෝ..
🌹: ආ...හරි ඔප්පා.. මොකද උනේ අපේ රෝස් මලට එකපාරටම...
රෝස් ඩස්පින් එක තියන ගමන් ඇහුවා...
ජිමින් වොෂ් එකක් දාගෙන එලියට යද්දි මේඩ්ල ටික පේලියට හිටගෙන උන්න ගාඩ්න් එකේ... ජිමින් මේඩ්ලට බණිනකොට ටේ ඇවිල්ල කිව්වෙ කෑම වල වරදක් නං හැමෝටම එහෙම වෙන්න එපැයි කියල. එතකොට තමා ජිමින් කට වහගත්තේ.
ජිමින් room එකට එනකොට රෝස් දීපු බෙහෙත් වලට ආදිට නින්ද ගිහිල්ල තිබුනා. රෝස් වගේම දාදී මාත් ආදි ගෙ ඇදෙන් වාඩි වෙලා හිනා වෙවී හිටියා...
🐣: ඇයි ඔයාල හිනා වෙන්නේ.. මගෙ වයිෆ්ට අසනීප වෙනකොට ඔයාලට ආතල් ද...?😡
🌹: ඔප්පා කූල් ඩවුන්...
🌸: අපි හිනා උනේ සුභ ආරංචියක් නිසා පුතේ...
🐣: සුභ ආරංචියක්...?
🌹: ඔව් ඔව්... ඔයා දස්සයි ඈ...
🐣: මොකක්...?
🌸: ඔයා අප්පා කෙනෙක් වෙන්නයි යන්නේ...
🐣: ඉතින් මොකද... අප්ප කෙනෙක් නං... ආහ්..මොකක්...ම...මට...අ...ආයෙත්...කියන්න...🥺🥺🥺
🌹: ඔප්ප congrats... ඔයා අප්ප කෙනෙක් වෙන්න යන්නේ..😃
රෝස් ජිමින්ව හග් කරල කිව්ව..ජිමින්ට මේක හීනයක් වගේ... එයා තාම confuse...
🐣: දෙ...දෙ...දෙවියනේ මම අප්ප කෙනෙක්..🥺
_____________
ආදි ඇහැරෙනකන් ජිමින් හිටියෙ ඉවසිල්ලක් නැතුව...අත් දෙක පිරිමදින ගමන් රූම් එකේ එහාටයි මෙහාටයි යනවා...කදුලු පිහදානවා...ඇදට නගිනවා...ආදිට නොදැනෙන්න කිස් එකක් දෙනවා... ඔහොම කිස් එකක් දිදී ඉන්නකොට ආදි හෙමීට කෙදිරි ගගා ඇස් ඇරියා. ආදි ඇස් ඇරල බලනකොට ජිමින් ගොං හිනාවක් දාගෙන ආදිගෙ මූණට එබිල බලන් ඉන්නවා.
❤: එ...ඒහ්..ජිමී...මෝඩයා... මාව බය කරන්නද හැදුවේ...එහාට යනවා...
ඒ කිව්ව දේ නිසා ජිමින් ගෙ මූණ කරත්තයකට අහුවෙච්ච කජු ලෙල්ල වගේ උනා.
🐣: මූඩ් එක කෑව...
❤: මට මේ කෙලින් ඉන්න පණ නෑ...ඔයාට හරි ජොලි නේද...ඒකනෙ හිනා වෙන්නෙ...
🐣: ජොලි නැද්ද හලෝ... එකපාරින් වැඩේ ගොඩ ගියාම... මගෙ ගැජට් එක හොදයි...
❤: මොකක්... මොන ගැජට් එක ගැනද ඔය කියන්නේ...
🐣: හරි.. මෙහෙම කියන්නම්කෝ... මම අප්ප කෙනෙක් වෙන්න යන්නේ මැණික..😃
ජිමින් අත් දෙකෙන්ම ආදිගෙ කම්මුල් දෙක මිරිකලා කිව්ව...
❤: ආ...congratulations....😏 ඈ...😨 ඒ...කියන්නේ...
🐣: ඔව්...ඒකියන්නේ...ඔයා pregnant...😃
❤: දෙයියනේ... මගෙ බඩේ.. බබෙක් ඉන්නවද... නියමයි නේ...ඒත්...අනේ...එයාට ඉඩ තියෙනවද දන්නෑ... මේක පොඩියි නේ... ඒ කාලෙ නැන්ද කන්න කන්න කියද්දි ඇහුවෙ නෑ නේ.. දැන් බබාට ඉන්නත් ඉඩ නෑ.. මෝඩි... කෙල්ලෙක් ද කොල්ලෙක් ද දන්නෑ... ජිමින් අපිට නමක් දාන්නත් වෙනවා... කොරියන් නමක් දාමුත... ටේකොක් වගේ එකක්... සෝසපාටින් ද ඇදුම් මහන්නෙ නිල් පාටින් ද...
ආදි හොදටම කලබල වෙලා... ජිමින්ට හිතුන මේක නොකිය හිටිය නං හොදයි කියල... දැන් මේකිව සන්සුන් කරන්නත් එපැයි...
🐣: එ..ඒන්ජල්...මේ...බබා...මේ බලන්නකො ඉතින්... සන්සුන් වෙන්න සන්සුන් වෙන්න...ඔහොම කලබල වෙන්න හොද නෑ ඔයාට දැන්...
❤: ආහ්..ඔව්මයි...හූහ්... ජිමින්...🥺
🐣: කියන්න මැණික...
❤: මං අම්ම කෙනක්...දෙවියනේ...තැන්කිව් ජිමින්...තැන්කිව් සෝ මච්... අයි ලව් යූ... 🥺🥺🥺
ආදි ජිමින්ව බදාගෙන සතුටු කදුලු වගුරවන්න ගත්තා...ජිමින්ටත් ඇඩෙනවා... ආදි ජිමින්ව හග් කරගෙනම කතා කරන්න ගත්ත.
❤: ජිමින්... සීයා කිව්වා අලුත් දාදී මා හරි ලකී කියලා...
🐣: ඉතින්...
❤: එයා ආව පලවෙනි දවසෙම මෙච්චර සුභ ආරංචියක්... ඔයා එයාට මුකුත් කියන්න එපා හරිද...එයා හරි හොදයි...
🐣: හම්...බලමු...
❤: ම්..තෑන්ක්ස්... මට නං හිතාගන්න බෑ... නැන්දට කෝල් කරන්න ඕන...😁
🐣: සීයා කෝල් කරල කිව්ව...😅 ඔයා දැන් හොදට කන්න ඕන හරිද... වෙනද වගේ බොරුව දාල පිගාන උස්සගෙන දුවන්න බෑ... කන්න ආස මොනවද මං ලෝකෙ පීරල හරි ගෙනත් දෙනව...තේරුණාද...😊
❤: ම්...හලී... මෙයා අප්ප වගේ නපුරෙක් වෙයිද මං වගේ අහිංසක මලක් වෙයි ද...
🐣: කවුරු උනත් අම්ම නං මගේ...එයාව බෙදාගන්න ආවොත් තමා වැඩේ අවුල් යන්නේ...හාද?😅
❤: හා..😅
🐣: ආදරෙයි මැණික ගොඩාක්...තෑන්ක්ස් මැණික මට මේ තරම් සතුටක් දෙනවට...😘😘
ජිමින් ආදිව තුරුල් කරගෙන මිමිනුව.
______________
හායි ලමයි,
ගොඩ කාලෙකින් නේ...
ජිමින් හරියටම සතුටින් නේද? 😊
බලමු ඔය සතුට කොච්චර කල් තියෙයිද කියල...😈😈😈
Comment කරන්න
Vote කරන්න..
සරන්ග්හේ...❤
බාල්දි ඕතරී...🪣😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top