🚘 Challo Driver 84 🚘
ජිමින් ආදි දෙන්න movie එක බලන්න ගිහිල්ල ගෙදර ඇවිල්ල හොදට නිදාගත්තා. රෝස් නම් හිටියෙ වෙන කල්පනාවක. වෙනදට තමන්ව එක එක විහිලු කරල තරහ ගස්සන ජන්කුක් අද දවසෙම තමන් දිහාවත් බලන්නෙ නැතිව තරහ වෙලා වගේ හිටපු එක රෝස් ට ප්‍රශ්නයක්. රෝස් කොච්චර try කලත් ජන්කුක් එක්ක කතා කරන්න ජන්කුක් වචනෙන් දෙකෙන් ලිස්සල යනවා. රෝස් ට එක එක දේවල් හිතුනා.
ජන්කුක්, ජිමින්, ටේ තුන්දෙනා garden එකට වෙලා කතා කරමින් හිටියේ.
🐣: රෝස්ට කොල්ලෙක් ඉදල තියෙනවා...
💜: ආහ්...ඔව්... මටත් ආරන්චියි...
ටේ කින්ඩියට වගේ හිනා වෙලා කිව්ව. මේ මාතෘකාව පටන් ගන්නකොට ම ජන්කුක් කලබල වෙනව. ජන්කුක් නැගිටල යන්න හදනකොට ම ජිමින් වැලැක්කුවා.
🐣: උඹ කොහෙද යන්නෙ?
🐰: මම...මේ... බොන්න මොනවහරි අරන් එන්නම්...
💜: ඕන්නෑ... මම මේඩ් කෙනෙක්ට කිව්ව.. ඉදගනින්...
ජන්කුක් ට එතනින් පැනල යන්න බැරි බව තේරුණා. ඒනිසා ආයෙත් වාඩි උනා.
🐣: මං කිව්වෙ බං හොයල බලන්න තිබ්බ නේ... පව් ඒ කෙල්ල...
💜: ඌ අපිට ගැලපෙන්නෑ බං... හිඟන්නෙක්...
🐣: ඌ දැන් ඩොක්ට කෙනෙක්...
💜: ඩොක්ටර්ස් ල නං බං ඔය ඕන තරම් ඉන්නේ... අපි බලන්නෙ family background එක...උගේ තාත්ත වේටර් කෙනෙක්... අම්ම නෑ... ඉන්නෙ කුලියට... හිඟන්නො බං... මේකිත් හොයාගන්නෙ ඔය වගේ කුණු ගොඩක් තමා...ශිට්...
🐰: එහෙම බැලුවොත් නිත්‍ය ත් කුණු ගොඩක්...
ජන්කුක් කින්ඩියට වගේ හිනා වෙලා කිව්ව.
💜: මොකක්ද? 🤨
🐣: ටේ...මේ අහපන්...
💜: නෑ ...නෑ...නෑ... උඹ කට වහගනින්... උඹ මොකක්ද කිව්වෙ කියල ආයෙ කියපන්...🤨
🐰: නිත්‍ය ගෙ තාත්ත නැති වෙලා...ඒ මනුස්සය රජයේ ආයතනයක ලිපිකරුවෙක්...ඒ පෙන්ශන් එකෙන් තමා නිත්‍ය යි අම්ම යි ජීවත් වෙලා තියෙන්නෙ.
💜: ඉතින්...?
🐰: එයාගෙ තත්වෙ ඔය කියන රෝස් ගෙ bf ගෙ තත්වෙටත් වඩා පහල යි නේ...හියුන්ග් ඒක දැන දැනම ඒ කෙල්ල එක්ක යාලු උනේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්...අනික දැන් කෝ ඒ කෙල්ල... කොහොමත් තමුන්ට දැන් ඒ කෙල්ලගෙන් වැඩක් නෑ කියල අපි දන්නවා...
💜: ජන්කුක්...!😡
ජන්කුක් නැගිටලා ගියේ තවත් ටේ එක්ක කතා කරන්න දෙයක් තිබුනේ නැති නිසා...
🐣: ශිට්...ආවෙ වැඩේ ගැන කතා කරගන්න.. තොපි ගෑණියි මිනිහයි වගේ නෙ යකෝ... ලගින් ගියොත් ඇහැක් නෑ....
______________________________
ආදි, රෝස් එක්ක එකතු වෙලා මහ රෑ කිචන් එකේ ලොකු වැඩක්... ජිමින් ආදිව හොය හොය කිචන් එකටම ආව... ඇවිල්ල ආදිව බැක් හග් කරලා නිකට ආදිගෙ උරහිසේ තියාගෙන කියවන්න ගත්ත...
🐣: කොහෙද මගෙ චූටි බෝලෙ ගියේ...උම්...... ඔයා දන්නෝනෙ මට ඔයා නැතුව නින්ද යන්නෑ කියලා... ම්...
🌹: ඒ කියන්නෙ ඔප්පා ආදිව මැරි කරන්න කලින් ඉදල තියෙන්නෙ නිදි වර්ජිතව...
ඒකට නං ආදිට බකස් ගාල හිනා ගියා...
🐣: එහෙම එකක් නං නෑ... මෙයා ආව පලවෙනි දවසෙ ඉදන් තමයි මගෙ නින්ද මට අහිමි උනේ... මෙයා ගැනම හිතනව කියල නිදි දෙව් දුව මාත් එක්ක තරහ වෙලා මට බූට් එක තිබ්බ... සෝ... මෙයා ට තමයි දැන් මාව දොයි කරවන්න පුලුවන්...
ජිමින් ආදිගෙ උරහිසට කිස් එකක් දෙන ගමන් කිව්ව.
❤: මොනවද ජිමින් කරන්නේ... රෝස් ඉන්නව මෙතන...
ආදි රහසින් වගේ කිව්ව...
🐣: ඉතින් මොකෝ... මං කිස් කරන්නෙ මගෙ වයිෆ්ව නේ...
❤: ජිමින්...
🌹: අයියෝ...හරි හරි ඔය දෙන්න ඕන තරන් කිස් කරගන්න... මට මේක අවන් එකට දාන්න ඕන කොයි වෙලේද කියල කියල යන්නකෝ...
රෝස් මෙච්චර වෙලා හදපු කේක් එකේ බැටර් එක ට්‍රේ එකට දාන ගමන් ඇහුවා...
🐣: ආහ්...ඔයාල කේක් හදනවද? කාගෙද බර්ත් ඩේ එක...?
❤: බර්ත් ඩේ එකක් වෙන්න ම ඕනද ජිමින් කේක් හදන්න...?
🐣: එහෙනම්... ඇනිවසරි එකක් වෙන්නැති... ඒත් කාගෙද ඇනිවසරි එක..? ආහ්...අපේ වන් මන්ත් ඇනිවසරි එකද?
❤🌹: පිස්සුද?
❤: ඔයා හිතුව ද මගෙ මොලේ හොද නෑ කියල මාසෙන් මාසෙට ඇනිවසරි ගන්න...
🐣: නෑ ඉතින් එහෙම නට් ලූස් කෙල්ලොත් ඉන්නව නේ... ඔයාගෙ නට් වල තියෙන ලූස් එකේ හැටියට එහෙම දෙයක් නොකෙරුවොත්...
❤: මොකක්ද කිව්වේ...?🤨
ආදි පෑන් එක අතට ගන්න ගමන් ඇහුවා...
🐣: න්...නෑ.. මං කිව්වෙ මැණික මේ... ඔයා එහෙම නෑ...කියල... ඒ අතින්... මං හරි ලකී නේද රෝස්...හේ හේ..🥲
❤: ඇයි දැන් ඔයා ලකී... ?
🐣: නැත්තන් ඉතින් හැම මාසෙම ගිෆ්ට් දෙන්න ගිහිල්ල මගේ සේසතම නැති වෙලා අපිට මහ පාරෙ හිඟා කන්න තමා වෙන්නේ...😅
ඒ පාර නං ආදිට ඇත්තටම කේන්ති ගිහිල්ල පෑන් එකෙන් ජිමින්ට ගහන්න ගත්ත.
❤: මොකක්ද...මොකද්ද කිව්වේ... තමුන් ඔය හම්බ කරන තුට්ටු දෙකෙන් මට කොණ්ඩ කටුවක්හරි ගෙනත් දුන්නම තමුන් පාරට වැටෙනව ද? ආ.... මට මෙච්චර කියල දෙයක්...මෙච්චර කියල දෙයක්...ගෙනත් දෙන්නෑ රෝස් මේ මිනිහා... කුණා...ලෝබ කුණා...
🐣: ආහ්...ගහන්නෙපා ගෑණියේ...
❤: මොකක්ද?
🐣: ආහ්...නෑහ්...මං කිව්වෙ...ගහන්න එපා උත්තමාවිය...ඌයි... රෝස්...මාව බේරගන්න...ආහ්...මං යනවා...තමුසෙ එනවකො රූම් එකට... නිරායුධ වෙලාවට මං අල්ලගන්නං...හහ්...
🌹: හහ් හහ්...අම්මෝහ් ඔප්ප පව් හලෝ...🤣🤣🤣
__________
ජිමින් පහුවදා උදෙන්ම ජිමින් නැගිටලා ඇද එහාපැත්ත අතගාල හෙව්වෙ එයා උදේ පාන්දර ම දකින්න ආස කෙනාව. ඒත් ....
🐣: මොකක්? එ...ඒන්ජල්....
එයාගෙ ඒන්ජල් ඇදේ හිටියෙ නෑ... ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් ද? සාමාන්‍යයෙන් හස්බන්ට කලින් වයිෆ් ඇහැරෙනව නේ...ඕක ජිමින්ට ඇහෙන්න කිව්ව නං හොදවයින් අහගන්න පුලුවන්... මොකද මේ ගෙදර වයිෆ් ඇහැරෙන්නෙ හස්බන් වඩාගෙන ගිහිල්ල බාත් ටබ් එකෙන් තිබ්බට පස්සෙ...ඒක සාමාන්‍ය දෙයක්... ඉතින් ආදි ඇදේ නැති උනාම ජිමින් කලබල වෙන එක සාමාන්‍යයි නේ...
🐣: දෙ...දෙවියනේ... ඒන්ජල්...ඒන්ජල් ඔයා කොහෙද? යාහ්...ගෙට හොරු පැන්නවත් ද? ඒක වෙන්න බෑ... මොකද හොරෙක් උනත් වැරදිලාවත් මේ වගේ එකියක් උස්සගෙන යන්නෑ... හෝව්...හෝව්... බැරි වෙලාවත් අර අධිරාජ්‍යවාදී බූවල්ලා.... ශිට්...ශිට්...මෝඩ පාක් ජිමින්... ඒන්ජල් එක්ක ඉදලා තමුන්ටත් පිස්සු හැදිලා... මෙච්චර උදෙන් නැගිටල මේ කෙල්ල කොහෙ ගියාද මන්ද... මගෙ මෝනින් කිස් එකත් අමතක කරලා... අල්ලගන්නම් කෝ...
ජිමින් ටී ශර්ට් එකත් දාගෙන පහලට එන්න ආවෙ ඒන්ජල් හොයාගෙන...
❤: පිහදාන බබයියා...🎶🎤
🌹: ගෑරු ආච්චී....🎶🎤
🌹❤: ඉස්කුරුපුරුලා.... මෙයාලට පණ ඇවිදිල්ලා....🎶🎤
🐣: කවුද යකෝ උදේ පාන්දර බෙල්ල මිරිකල වගේ කෑ ගහන්නේ...
ජිමින් දොර වහගෙන එලියට එද්දි ටේත් අතට ටී ශර්ට් එකක් අරගෙන ඒක බාගෙට අදින ගමන් දුවගෙන ආව... ත් එක්ක ම ජන්කුක් දුවගෙන ආවෙ මොකක්ද මේ කලබලේ කියල බලන්න...
: ඉස්කුරුපුරුලා... මෙයාලට පණ ඇවිදිල්ලා...🎶
🐰: කාටද හියුන් පණ ඇවිල්ලා තියෙන්නෙ....
🐣: දන්නෑ බං... ඒන්ජල් පේන්න නෑ නේ...
🐰: එහෙනං හරි...
💜: මොකක්හරි අඩව්වක් අල්ලනව ඇති...
..........
🌹: බූලා බූලා බූලා...🎶
❤: ඉදහිටයි බුරන්නේ...🎶
🌹: හපාකන්නේ නෑ...🎶
❤: ගෙරවුම් එරවුම් හදුන්නෙම නෑ...🎶
ජිමින්, ටේ කුක් තුන්දෙනා පඩිපෙල බැහැගෙන ඇවිල්ල බලන් ඉන්නව කිචන් එක දිහා... ජිමින් ඉනට අත් දෙක තියාගෙන, ටේ අත් බැදගෙන, ජන්කුක් ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා...
ආදි ,රෝස් එක්ක එකතු වෙලා එයාල මහන්සියෙන් හදපු එක එක කෑම ජාති ටික මේසෙට අරින්න ගත්ත.
🐣: අහම්...
ආදියි රෝසුයි ගැස්සිලා ගියේ ජිමින් උගුර පාදන හඩට...
❤: අහ්...හායි ජිමී උතුමාණනි... ගුම්මෝනින්...
🐣: හහ්...උදෙන්ම නෑගිටල වගේ මගෙ ලව්ලි වයිෆි... මං බැලුව අද මොකෝ ඉර අනිප්පැත්තෙන් පායල කියලා... බැලින්නං ඒන්ජල් ඉරටත් කලින් නැගිටලා...
ජිමින් නෝන්ඩියට, ඒත් තර්ජනීය මූණක් මවාගෙන කිව්ව...
🐰: ඉරටත් ඇහැරවල තියෙන්නෙ මේ දෙන්නද කොහෙද...
💜: කාටද රෝස් මෙච්චර මහන්සි වෙලා කෑම හදන්නෙ... මේ කුකීස්, කේක් , මේ මොනාද මේ... මුරුක්කු ද ?
❤: අද Mr. Park බඳින්න ඉන්න අක්ක එනව කිව්ව...
🐣🐰💜: මොහ්...?
ටේ කුක් දෙන්නා ජිමින් දිහා බැලුවෙ බැදල කනවද අමුවෙන් කනවද වගේ ලුක් එකකින්...
🐣: මො...මොකද මං දිහා බලන්නේ... මං දන්නෑ මොකුත්...
💜: මෙතන බදින වයසෙ පාක් කෙනෙක්ට ඉන්නෙ උඹ විතරනේ...
🐰: ප්‍රශ්නෙ කියන්නෙ ඒ පාකුත් බැඳලනේ...
❤: ඒ පාක් නෙවේ මෝඩයෝ... අපේ Park daadaji...
💜🐰: සීයා...?
🌹: ඔව් සීය තමා... සීයගෙ girl friend අද මෙහෙ එනව කිව්ව එයාගෙ මුනුබුරෝ දෙන්න එක්ක... ඒකයි අපි කෑම හැදුවේ...
💜: සීයගෙ girl friend?
🐰: මුණුබුරෝ දෙන්නෙකුත් ඉන්නවලු...🥲
🐣: හස්බන් එන්නැද්ද?😒
💜: ජිමිනා මට වතුර ටිකක් දියම්...😰
🐰: යකෝ තනිකඩ අපි දරාගන්න ඕනද මේව...😭
💜: සීය මහ කැත මිනිහා...😒
🐣: එනව කිව්වට මං හිතුවෙ පොර මාව තරහ ගස්සන්න කිව්වෙ කියලා... අපිට ලැජ්ජ කරන්න ඕන නං මීට වඩා හොද ක්‍රම තියෙනව නේ...🥲
💜🐰: උඹ මේක කලින් දැනන් හිටියද?
________
මගෙ අලුත් ff එක... ගිණි පිඹින මකරා... ජිමින් තමයි මේන් රෝල් එක... නපුරෙක් ගෙයි අහිංසකාවියකගෙයි කතාවක්.. කියවල බලන්න...
හායි කාලෙකින් නේද ලමයි.. මම කලබලේට ටයිප් කලේ... අද නිකන් වැඩක් නෑ වගේද?
Comment එකක් දාගෙන යන්න...
Vote කරන්න...
බාල්දි ඕතරී...🪣😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top