🚘 Challo Driver 83 🚘
ජිමින් office ගිහිල්ල එනකන් ආදි ඉන්නෙ පුදුම කම්මැලිකමක. ඒ වගේම ආදිට ඕන නිත්‍ය ව හම්බවෙන්න. නිත්‍යට කෝල් කලත් එයා answer කලේ නෑ. ඒ වගෙම එයාගෙ වරුන් අයිය. දැන් මාස දෙකකට වැඩී මුම්බායි ගිහිල්ල. තාම call එකක්වත් නෑ. Phone එකත් off. ආදි මේ ගැන ජිමින්ට කොයි තරම් කිව්වත් ජිමින් මොනවහරි කියල ආදිගෙ කතාව වෙන අතකට හරවල එයාට ඒක අමතක කරවන්න try කරනව. මුලදි නං ආදිට ගානක් නැති උනාට, පස්සෙ පස්සෙ ආදිට තේරුණා ජිමින් මොනවහරි හංගනව කියල එයාට.
ජිමින්ට ඉරිදා දවස නිවාඩු නිසා ජිමින් වගේම ආදිත් හරි සතුටින් හිටියෙ. මොකද මුලු දවස් හයේ ම ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න ආදි වෙනුවෙන් ජිමින් ඉරිදාට මොකක්හරි දෙයක් කරනව කියල ආදි දැනන් උන්න.
ජිමින් උන්නෙ ඇදට වෙලා phone එක ඔබ ඔබ. ආදි එලියෙ ඉදන් දුවගෙන ආවෙ ජිමින්ව හොයාගෙන.
❤: ජී...මී...නී...
🐣: ම්...?
ජිමින් phone එක දිහාම බලන් උත්තර දුන්න.
❤: ජිමින් ජී... 😡
🐣: ඇයි?
❤: ඔයා තීරණයක් ගන්න ඕන...
ආදි අත් දෙක බැදගෙන හෙඩ් බෝඩ් එකට හේත්තු උනා.
🐣: මොකක්ද?
❤: මම ද නැත්තන් ඔය phone එකද කියල...
එතකොට තමා ජිමින්ට තේරුණේ එයා පෝන් එක වෙනුවෙන් වැය කරපු කාලය ඕනවටත් වැඩී කියල. ජිමින්ට හිනා යන්න ආවත් ගුටි කන්න බැරි නිසා phone එක පැත්තක තියල ආදි දිහාවට හැරුණ.
🐣: සොරි ඒන්ජල්... කෝ එන්න...
❤: බෑ...තමුන්ගෙ මහ ලොකු phone එකත් එක්කම ඉන්න එකයි ඇත්තේ...
🐣: අයියෝ... සොරි බං ඉතින්...
❤: යනව යන්න... මට වැදගත් කෝල් එකක් තියෙනව... කට වහගෙන ඉන්නව...
ආදි එහෙම කියල බෙඩ් ටේබල් එක උඩ තිබ්බ එයාගෙ phone එක අතට ගත්ත.
🐣: කාටද ගන්නෙ...?
❤: මම වරුන් අයියට එන්න කියල කියනව වහාම...
වරුන් ගෙ නම ඇහුව විතරයි ජිමින්ට දෙලෝ රත් උනා.
🐣: ව...වරුන්ට..?😰
❤: ඔව්... මට කම්මැලි....
🐣: ක..කම්මැලී නේ... හරි... අපි මොකද කරන්නේ...?
❤: ඔයා කරදර වෙන්න ඕන නෑ පාක් ජිමින්... මං වරුන් අයිය ආවම එයා ඇවිදින්න යනවා...
ආදි ජිමින් දිහා නොබලම phone එක ඔබ ඔබ කිව්ව. ටිකකින් පෝන් එක කනේ තියාගත්ත ආදි අතින් ජිමින්ට සංඥා කලේ කට වහගෙන ඉන්න කියල. ජිමින්ට නං දාඩියත් දාල... වෙන මොකටවත් නෙවේ. ආදි ඊලඟට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන එක මතක් වෙලා.
❤: මේ phone එක බැලුවොත් off නේ... පුදුම වැඩක් තමයි... 😡
🐣: ග..ගන්නෙ නැද්ද?
❤: ම්...හූ...off...
ජිමින් සැනසුම් සුසුමක් පහලට හෙලල කතාව වෙන පැත්තකට හරවන්න යනකොට ම ආදිගෙ ප්‍රශ්න වටය ඇරඹුනා.
❤: ඔයා office එකේදි call කරපු වෙලේ answer කලා කිව්ව නේද?
🐣: හම්...
❤: ඒත් මේක හැමතිස්සෙම off නේ...
🐣: අ... මට නං කිව්වෙ... උදේ ඉදන් රෑ වෙනකන් සයිට් එකේ ඉන්නෙ... එතන phone පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා phone එක off කරල room එකේ තියල යනව කියල... ම...මං හිතන්නෙ මිනිහ ට වැඩ වැඩී....
❤: ඒ උනාට එයාට තිබුණ මට call එකක් දෙන්න...
🐣: හම්...ඒකනේ... මේ ඒක නෙවේ...
❤: මම දාපු මැසේජ් වත් seen කරල නෑ නේ... මේ...
🐣: ආහ්... ඔව්මයි... ස..සමහර විට මිනිහ ට ඔයා කෝල් කරන එක වදයක් ද දන්නෑ...
❤: ඔයා කියන්නෙ එයාට මාව වදයක් කියල ද? 🥺
ආදි ගෙ ඇස් වල කදුලු පිරුණ. ජිමින් පසුතැවුනා ඒ වගේ දේවල් ආදිට කියන්න උන එක ගැන. මොනව කරන්නද? ජිමිනුත් අසරණයි...
🐣: ශ්...ශ්... මැණික... අඩන්න එපා... කෝ එන්නකො ලගට...
ජිමින් ආදිව තමන් ගෙ ලගට ඇදල අරගෙන කදුලු පිහදාල තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා...
🐣: කම්මැලී නේද?
❤: හම්...
🐣: අපි කොහෙහරි යමු...
❤: හා...😃
🐣: කොහෙද යන්නේ... ම්....?
❤: නිත්‍ය ගෙ ගෙදර යන්...
🐣: ඒ...ඒ මොකටද?
❤: එයා මාත් එක්ක තරහ වෙලා...
🐣: ඒ ඇයි?
❤: දන්නෑ... ගිහිල්ල ම තමයි දැනගන්න වෙන්නේ...
🐣: හරි එහෙනම්... යමුකෝ...
_________________________________________
මේ අතර ජන්කුක් හිටියෙ කෝල් එකක...
🐰: උඹල දෙන්න බෑ කිව්වට වැඩක් නෑ... මම මගේ ජීවිතෙත් අනතුරේ දාගෙන තොපි දෙන්නව ආරක්‍ෂා කරන්නේ... තව කොච්චර කල් කියල... කොච්චර කල් කියල හැංගෙන්නද? මං කිව්ව විදිහට ලෑස්තිවෙන්න. මං ගානෙ ටිකට්ස් දෙක අරන් දෙනවා... යන්න ලෑස්ති වෙනවා...
මේ අතර රෝස් කඩාගෙන බිඳගෙන ජන්කුක් ගෙ room එකට ආව...
🌹: ජන්කුක්...
🐰: ඔහ්.. රෝස්... මම උඹට පස්සෙ ගන්නම් රිකී... බායි...
ජන්කුක් ශේප් එකේ කෝල් එක cut කලා.
🌹: ජන්කුක් කන්න එන්න..
🐰: අහ්...යමු...
🌹: කවුද ජන්කුක් යන්න හදන්නෙ?
🐰; ආ...? 😳
🌹: කාටද ඔය කතා කලේ..?
🐰: ආ... මේ යාලුවෙක්... රිකී... ඌට UK යන්න ඕන වෙලා.. ටිකට් එක ගන්න සල්ලි මදි වෙලා... ඉ..ඉතින් මගෙන් ඉල්ලුවා...
🌹: ඒත් කතාවෙන් නම් තේරුණේ ඔයා එයාව බලෙන් යවන්න හදනව කියල...
🐰: ආහ්... මේ ඔව් ඉතින්... ඌ යන එක කැන්සල් කරන්න හදනවා... ජොබ් එකකට යන්නෙ... අපරාදෙ නේ චාන්ස් එක... ඒකයි මම තදින් අවවාද කලේ... හේ...හේ..
🌹: ආ.. එහෙම ද? කෑම කන්න එන්න.
🐰: හ්..හරි රෝස්... ඔයා යන්න... මම එන්නම්...
🌹: හම්...
_________________________________________
ජිමිනුයි ආදියි නිත්‍ය ගෙ ගෙදර ගිහිල්ල එන ගමන් movie එකක් බලන්න යන්න තමා හිතන් ඉන්නෙ..ඉතින් දෙන්න එක්ක ලෑස්ති වෙලා පහලට ආවෙ උදේට කෑම කාල යන්න. එයාල එනකොට ජන්කුක්, රෝස් දෙන්න වගේම සීයත් ඉදගෙන කෑම කන ගමන් හිටියේ...
🌹: ආ...ලව් බර්ඩ්ස්... රජ දැක්මට යනවද? බලන්නකො සීයා මේ දෙන්නගෙ ලව් එක... අත් පටලගෙන කොයි වෙලේ බැලුවත්...
🐣: ඇයි තොට ඉරිසියයි ද?
🌹: අහනේ... වැඩේමයි...ඉරිසියා කරන්න...
🐣: තමුසෙ කොරියාවට වෙලා අවුරුදු විසි දෙකක් පොල් ගෑවද බං? අත් පටලන් යන්න එකෙක් හිටියෙ ම නැද්ද?
ජිමින් කෑම බෙදාගන්න ගමන් රෝස්ගෙන් ඇහුව. ජන්කුක් නම් සද්දයක්වත් නැතුව අහන් ඉන්නව.
🌹: හිටිය හිටියා...
🐣: අඩෝ සිරාවට...?
❤: කවුද රෝස් ඒ?
ජන්කුක් කන වැඩෙත් පැත්තක තියල ඔලුව උස්සල බැලුවා... සීයට නං හිනා..
🌹: මො...මොකද අනේ ඔයාල මං දිහා කන්න වගේ බලන් ඉන්නේ...
🐣: කවුද කියපන්...අපි හොයල බලල හොද නං කරල දෙන්නං...
🌹: ඒව හරියන දේවල් නෙවේ ඔප්පා...
❤: ඇයි?
🌹: ඒ බෝයි දුප්පත්... සෝ... අප්ප කැමති නෑ ඒ වගේ family එකක කෙනෙක් ට... ඉතින් අපි break up උනා...
❤: University එකේමද?
🌹: හම්...
🐣: ඉතින් ඌ දැන් ඩොක්ට කෙනෙක් නේ...?
🌹: හම්... family background එකේ තමා problem එක තියෙන්නේ...
ඒත් එක්කම මෙච්චර වෙලා සද්ද නැතුව උන්න ජන්කුක් කෑම කන එක නතර කරල වතුර එක අරගෙන බීගෙන බීගෙන ගියා... ඊටපස්සෙ පුටුව පිටිපස්සට ඇදලා නැගිටින්න හදනකොට,
🐣: උඹ කාල ඉවරද?
🐰: හම්...
🌹: ජන්කුක්... මේ තොබොක්කි... ඔයා ආසයි කියපු නිසා මං හැදුවේ... ඒක කාල නෑ නේ...
🐰: තෑන්ක්ස්... මට දැන් කන්න බෑ...
ජන්කුක් රෝස්ව ගනන් නොගෙන කාපු plate එකත් අරගෙන කිචන් එකට ගියා...
❤: ආ... කුකී... අපි movie එකක් බලන්න යනව... එනවද?
🐣: අයි...යෝ.... ඒන්ජල්... එපා...මතකනේ දවසකුත්.. ඕකව එක්කන් ගිහිල්ල...
ජිමින්, ආදිට රහසින් වගේ කිව්ව.
🌹: ඔයාල movie එකක් බලන්න යනවද?
🐣: ඔව්... ඔයත් එන්න...
🌹: නියමයි...යමූ... මම ඇදුමක් දාගෙන එන්නං...
❤: කුකී.. යං නේ?
රෝස් දිහා හොරහින් බලපු ජන්කුක්,
🐰: මට බෑ වගේ ආදී... මං වෙන දවසක එන්නං කෝ...
👨🦳: ජන්කුකී... නිකන් කකා බිබී ගෙදරට වෙලා ඉන්න එකේ ගිහිල්ල එන්න ලමයා...
🐰: මට නිකන් උනත් වගේ...ඔලුවත් ටිකක් රිදෙනවා... කලන්තෙත් වගේ...
ජන්කුක් ඔලුවට අත තියාගෙන කියවන්න ගත්ත... කන එකත් පැත්තක තිබ්බ රෝස් නැගිටල ඇවිත් ජන්කුක් ගෙ නලලට අත තියල බැලුව...ජන්කුක් ජන්ෂොක් වෙලා බලන් ඉන්නවා...
🌹: උනක් නම් නෑ... මේ හොදට දාඩිය එහෙම දාල තියෙන්නේ...
🐰: ඇග ඇතුලෙ තමා මට හිතෙන්නෙ උණ...
ජන්කුක් කියන්න හදන එක කියන්න ලැබුනේ නෑ...
🌹: අනේ මේ.. බොරුව දාන්නෙ නැතුව එනවද යන්න...යනවා... ගිහිල්ල ලෑස්ති වෙනවා...
රෝස් ජන්කුක්ව තල්ලු කරගෙන ගියා...
ජිමින්ට යි, ආදිටයි හිනා... ජිමින් ඊලගට හැරුනෙ සීයා දිහාවට...
🐣: සීයා...
👨🦳: දේ...
🐣: කවුද වයිස්නවී කියන්නේ...?
ඒක ඇහුන විතරයි ආදිට කැස්සකුත් ආව. ජිමින් ආදිට රවලා වතුර වීදුරුවක් දුන්න.
👨🦳: කවුද?
🐣: ආහ්.. ඒ නම එක පාර pronounce කරන්නත් බෑ...ඒන්ජල් ඔයා කියන්න...
❤: වයිස්නවී නෙවේ ජිමින්... වෛශ්නවී...
🐣: හරි... කවුරුහරි කමක් නෑ... ඒ කව්ද සීයා...?
👨🦳: ම..මම දන්නෙ කොහොමද?
🐣: ඒ ආච්චි එක්ක ඔයාට තියෙන සම්බන්ධෙ මොකක්ද?
👨🦳: ඔය දන්නෙ ඔක්කොම... මගෙන් මොනවද අහන්නේ?
🐣: ඒ කියන්නෙ ඒක ඇත්ත...
❤: ජිමින්..!
🐣: ඒන්ජල් ෂටප්...!
👨🦳: මොකද තමුන් මේ පොඩි ලමයට කෑ ගහන්නේ ආ...?
🐣: සීයා...ඒ ගෑණි බැදල ලමයින්ගෙ ලමයිනුත් ඉන්නවා... මිනිහත් මැරිලා... මොන මගුලක් ද මේ...?
❤: ඉතින් ඔයා කියන්නෙ මිනිහ ඉන්න කෙනෙක් එක්ක යාලු වෙන්න කියල ද? අනික ඔය ඕනතරම් ගෑණු husband මැරුණ ට පස්සෙ වෙන මැරේජ් එකක් කරගන්නේ...
🐣: එතකොට ඔයත් එහෙම ද හිතන් ඉන්නේ?
👨🦳: ජිමින්...!
❤: මොකක්ද?
🐣: හදිසියේවත් මට මොකක්හරි වෙලා මලොත් තමුසෙ වෙන එකෙක් මැරි කරනවද?😡
❤: of course...why not?😏
👨🦳: දෝණී...!
❤: සීයා පොඩ්ඩක් ඉන්න.. මේ මනුස්සය මහ ආත්මාර්ථකාමී...
🐣: හහ් හිතන් ඇති මං මැරුණම මගුල් නටන්න... මිරිකනවා බෙල්ල...😡
❤: අල්ලලා දානවා බෝතලේකට...😡
🐣: මං බෝතලේ කුඩු කරගෙන එන්නේ...
❤: නටනවා තොයිලයක්...
👨🦳: දෙන්නම නවත්තගන්නවලා... ජිමින් මගෙන් ගුටි නොකා නවත්තනවා ඔය රණ්ඩුව... අනික තමුන් ඔලුවෙන් හිටගෙන නැටුවත් මම කරන්නෙ මට ඕන දේ... හෙට තමුන්ගෙ අලුත් හැල්මොනී එයාගෙ මුනුබුරෝ දෙන්න එක්ක මෙහෙ එනව කිව්ව කෑමකට... ඒ මිනිස්සුන්ට වැදගත් විදිහට සලකන්න ඕන... තේරුණාද?
සීයා එහෙම කියල නැගිටල ගියා...
🐣: හහ්... දැක්ක ද ඒන්ජල්... ඔ...ඔයා දැක්ක ද? පුදුම හිතුවක්කාරකමක් නෙ මේක...
❤: කවුද මෙතන හිතුවක්කාර...?
🐣: වෙන කව්ද? අර වයසක මනුස්සය මිසක්...😡
❤: ජිමින් මට කියල දත් ටික බඩට යවාගන්න ආසද?😡
🐣: ඔක්කොම එකයි... ඔක්කොම එකයි... වරෙව් යන්න... කෝ අර ලෑස්තිවෙන්න ගිය උන් දෙන්න... ඉක්මනට එනවා... මගුල...😡
❤: ජිමින් කෑ ගහන්න එපා...
🐣: හැච හැච හැච හැච...😫
ජිමින් ආදිටත් ඇද කරලා එලියට ගියේ තරහින්ම...
_________________________________________
මට මේක ටයිප් කරන්න කම්මැලියි නේ...😕 දැන් මං mk?
මේකෙ අවසානය ගැන අදහසක් දෙන්නකෝ... මං ඒක ලිව්ව. බට් අනේ මන්ද... ඒක සෙට් නෑ වගේ...☹
Comment එකක් දාගෙන යන්න..❤
Vote කරන්න...❤
සරන්ග්හේ...❤😍
බාල්දි ඕතරී...😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top