🚘 Challo Driver 82 🚘

Jimin හෙමීට ඔලුව දැම්මෙ ආදිගෙ room එකට. ආදි තමන්ගෙ බෙල්ලෙ තියෙන ජිමින් දාපු මාලෙ පෙන්ඩන්ට් එක අතට අරගෙන ඒ දිහා බලාගෙන ඉන්නව. ජිමින් හෙමීට room එකට ඇතුල් උනා. ආදි ගැස්සිලා ගියේ දොර වහන සද්දෙට. ආදි ඔලුව උස්සල බලද්දි ජිමින් දොර ලොක් කරල ආදි ඉන්න පැත්තට හැරුණේ.

❤: ජි...ජිමින්...🥺

ආදි අඩන්න කට හදාගෙනත් ඉවරයි... ජිමින් කලබල වුණා. ඒත් එක්කම අතේ තිබ්බ චොක්ලට් බාස්කට් එක උඩට කරල ආදිට පෙන්නපු ජිමින්...

🐣: කෑ නොගහ හිටියොත් මේ ඔක්කොම දෙනවා...😌













❤: අරේ භගවාන්... චොක්ලට්...😲

ජිමින්ගෙ උපාය වැඩ කලා...

🐣: කතා කරන්න පුලුවන්ද ඒන්ජල්...🙂

❤: ම්....හ්... බෑ...

ආදි අත් දෙකත් බැදගෙන අහක බලාගත්තා... ජිමින් මූනත් දෙක කරගෙන ආදිගෙ ඉස්සරහ බිමින් ඉදගෙනම චොක්ලට් බාස්කට් එකෙන් චොක්ලට් එකක් අරගෙන කඩල ගත්තෙ කන්න. ඒත් එක්කම ඇස් ලොකු කරගත්ත ආදි...

❤: ඕව මට නේද ගෙනාවේ? 😒

🐣: ඔව්... මොනව කරන්නද ඉතින්...කතා කරන්නවත් කැමති නෑ නේ... මං කනව...

ජිමින් ආදිව ගනන් නෙගෙනම කිව්ව.

❤: ආ..හ්...හරි හරි...කියනවකො ඉතින්...

ඒත් එක්කම ජිමින්ට හිනාවක් ගියා. කඩපු චොක්ලට් එක ආදි දිහාවට දික් කරපු ජිමින්...

🐣: ආහ්... කන්නකෝ...

ආදිටත් ලැජ්ජාවක් නෑ... චොක්ලට් එක ගත්තෙ අත් දෙකෙන්ම... පොඩි එකා වගේ දත් තිස්දෙකම එලියට දාගෙන...

❤: ම්... ක්..කියල්ල...

ආදි කට වටේම චොක්ලට් ගාගෙන කන ගමන් කිව්වා...

🐣: සෝරි...

❤: මොකද්ද? මට ඇහුන්නෑ....

🐣: සොරි ඒන්ජල්... මට සමාව දෙන්නකෝ... ආයෙ එහෙම දෙයක් වෙන්නෑ... I promise you... ප්ලීස්...

ජිමින් ආදිගෙ ඇද ගාවින් දණ ගහගෙන කියවන්න ගත්ත...ආදි චොක්ලට් එක කන එකත් නවත්තල ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන ඉන්නව. ආදි හෙමින්සැරේ ඇදේ එයාගෙ එහාපැත්තට තට්ටුවක් දැම්මෙ ඉදගන්න කියන්න වගේ...

🐣: මො...මොකද්ද? 🥺

❤: මෙතනින් ඉදගල්ල...යම්...ඔයා වැඩිහිටියා නේ... මගෙ ඉස්සරහ ඔහොම දණ ගහගෙන ඉන්න ඕන නෑ...😒

🐣: ආහ්...ඕකේ...

ජිමින් නැගිටල හෙමීට ඇද උඩින් වාඩි උනා...

🐣: සමාව දෙනවද?

❤: ම්...ඔයා සමාව ඉල්ලන්න විදිහට නම් මං කැමතියි... මේ චොක්ලට් එක රසයි... ඊලග සැරේ ගේනකොට එකම brand එකෙන් ගොඩක් ගේන්න එපා... එක එක ජාතියෙන් ගේන්න... තව ටිපිටිප් වගේ ඒව ගෙනාවත් කමක් නෑ...

ආදි කිව්වෙ අන්තිම චොක්ලට් කෑල්ලත් කටේ දාගන්න ගමන්...

🐣: ඒ කියන්නෙ සමාව දුන්න ද?

❤: ඕ... අරක ගන්න...

ආදි අත දික් කලේ චොක්ලට් බාස්කට් එකට... ජිමින් ඒකෙන් එක චොක්ලට් එකක් අරගෙන ආදිට දුන්න.

🐣: ඒ කියන්නෙ තරහ නෑ...

❤: කවුද කිව්වෙ තරහ නෑ කියල... සමාව දුන්න ට තාම තරහයි... මේක කඩලා...

ආදි චොක්ලට් එක කඩන්න උපරිම try එක දීල බැරිම තැන ජිමින්ට දික් කලා...

🐣: එහෙනම් මේ ටික මම රෝස් ට දෙනවා...

ජිමින් බාස්කට් එක තමන්ගෙ පිටිපස්සෙන් තියාගත්ත.

❤: අනේව්....

🐣: මම ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද හිටියෙ... මම ඔයාව බලන්න ආවත් ඔයා නිදි... නැගිටල ඉන්න වෙලාවට ආවොත් කෑ ගහල එලවගන්නව... ප්ලීස් මට මෙහෙම කරන්න එපා... ඔයා දන්නවද ආදරේ කරන කෙනාගෙන් වෙන් වෙලා ඉන්නකොට දැනෙන වේදනාව...

ආදි ඇස් බෝල දෙකත් ලොකු කරගෙන බලන් උන්නෙ ජිමින් දිහා...

❤: මෙතනින් යන්න ජිමින්....

🐣: ඒන්ජල්...🥺

❤: get out jimin... මගෙ ඔලුව රිදෙනව....

ආදි ජිමින්ව තල්ලුකරා... ජිමින් නැගිටල ආදි දිහා එකපාරක් බලල කණ්නාඩි මේසෙ ලගට ගියා...

දඩාස්....💥

❤: යා.......හ්.... ජිමීන්....😰

දඩස් දඩස් දඩස්...💥💥💥

ආදි ඇදෙන් බිමට පැනල දුවගෙන ගියේ ජිමින්ගෙ ලගට... ජිමින් කණ්නාඩි මේස උඩ තිබ්බ පොඩි මල්පෝච්චිය අරගෙන තමන්ගෙ ම නලලට ගහගන්නව. ආදි දුවගෙන ගිහිල්ල ජිමින්ගෙ අතේ එල්ලුනා.

❤: පිස්සුද ජිමින්... ඕක දෙනව මෙන්න මෙහාට.... දෙන්නයි...ක්...කිව්වේ... රෝස්... ටේ....හ්... අනේ එන්නකෝ....😭

ආදි ජිමින්ගෙ අතේ තිබ්බ වාස් එක උදුරගන්න හදනවා... ජිමින් තව තවත් ඒක තද කරල අල්ලගත්ත...

❤: මෙහෙ දෙනව ජිමින්... මගෙ යකා අවුසසන්නෙ නැතුව... මං යනව හොදේ ඔලුව හැරුන අතේ....😡

🐣: මම ඔයාට ගැහුව නිසා නෙ අද මම මෙහෙම විදවන්නේ... ඔයා දන්නවද මම කොච්චර විදෙව්වද කියලා... මට... මං මොනව කරන්නද? මට ඉවසගන්න බැරි කේන්තියක් එන්නේ.... ඒක...ඒක පාලනේ කරගන්න බෑ....😭😭

ජිමින් බිම ඉදගෙන කොන්ඩෙ ඇදගන්න ගමන් හයියෙන් කෑ ගැහුව. ආදි හෙමින්සැරේ ජිමින්ගෙ අතේ තිබ්බ මල්වාස් එක ඇදල ගත්ත. ජිමින්ගෙ නලල තුවාල වෙලා. ලේ ගලනවා...

❤: එනවා... ගිහිල්ල ඇද උඩින් වාඩි වෙනවා...

ආදි ජිමින්ව ඇදගෙන ගියේ ඇද ගාවට. ජිමින් ඇද උඩින් වාඩි වෙලා ආදි මොකක්ද කරන්න යන්නෙ කියල බැලුවෙ. ආදි අල්මාරිය උඩ තිබ්බ first-aid box එක අරගෙන ජිමින් ගාවට ආව.ඇවිත් කෙලින්ම ඉදගත්තෙ ජිමින්ගෙ ඔඩොක්කුවෙ. හරහට. ජිමින් කන්ෆියුස් වෙලා ඇස් දෙක දොට්ට පනින්න තරම් ලොකු වෙලා.

ආදි තුවාලෙට බෙහෙත් දාන්න පටන් ගත්ත. ආදිව දෙපාරක් තුන්පාරක් ම ජිමින්ගෙ ඔඩොක්කුවෙන් පහලට රූටල යන්න හැදුවා. ආදි ආයෙමත් හරිබරිගැහිල
වාඩි වෙලා ජිමින්ට රැව්වා. ජිමින් හරියට කකුල් දෙක හදාගෙන වාඩි උනේ ආදිව ලිස්සල යන්නෙ නැති වෙන්න. කෙලින් වාඩි වෙලා ආදිගෙ ඉන වටේට අත දාල ආදිව තවත් ලං කරගත්තා.

එක පාරටම ජිමින්ට තරු පෙනුනෙ ආදි සර්චිකල් ස්ප්‍රීට් දාල තුවාල අතුල්ලන්න ගත්ත නිසා.

🐣: ආ...ආහ්... එ...ඒන්ජල්...ඌහ්... දනවා....ඔ...ඔය ඇති...

❤: කට වහගෙන ඉන්නවා ජිමින් ජී... තුවාල කරගන්නකොට රිදුනෙ එහෙම නෑ නේ... දැන් මොකෝ එකපාරටම රිදෙන්නෙ...?

🐣: ඔ..ය.. රෙදි අපුල්ලනව වගේ අතුල්ලනන්න එපා ගෑණියේ... රිදෙනවා...

❤: ආහ්...?

🐣: ම...මං කිව්වෙ.. හෙ...හෙමීට ගාන්න බැරිද මැණික... මං පව් නේ...

❤: කට වහගෙන ඉන්නව. තව ටිකයි...

ආදි තුවාලෙට බේත් ගාල, අලිතඩි ප්ලාස්ටර් කෑල්ලක් අලවල වැඩේ ඉවර කලා... ආදි ජිමින්ගෙ ඔඩොක්කුවෙන් නැගිටින්න හදනකොට ජිමින් තවත් තදින් ආදිව අල්ලගත්ත.

❤: අතාරිනවා ජිමින්...

🐣: බෑ...

❤: කවුරුහරි ආවොත් එහෙම... අතාරින්න

🐣: කවුරුත් ආවම මොකද්ද? මේ ගෙදර උන් දැනගන්න ඕන ඔයා මගේ වයිෆ් කියල... ඔයා මගේ විතරයි කියල...

❤: මෝඩයෝ...

🐣: තරහ නෑ නේද?

❤: තරහයි මං...

🐣: එහෙනම් ඉතින් මෙහෙම ම තමා ඉන්න වෙන්නෙ මැඩම්ට... අර අධිරාජ්‍යවාදීද මොකක්ද කියන බූවල්ලට වත් බෑ ඔයාව බේරගන්න...

❤: ආ... ඇත්ත ද?

ආදි තමන්ව තදින් ග්‍රහණය කරගෙන තිබ්බ ජිමින්ගෙ අතක් කෙනිත්තුවා. ජිමින්ට ආදිව අතෑරුණ ගමන් ආදි ඔඩොක්කුවෙන් බිමට පැනල දුවගෙන ගියා. ජිමිනුත් ආදිව අල්ලගන්න දුවගෙන ගියා. ආදි room එකෙන් එලියට යනකොට ම ඉස්සරහට හම්බ උනේ රෝස්ව.

🌹: ආදී...? ඔප්පාහ්...🤨

🐣: ඉවරයි... දැන් ඉතින් රාමාගෙ වානර හමුදාවම මෙතනට එයි...🙄

ජිමින් උඩ බලාගෙන තනියම කියවනවා... ආදි නං ඇස් දෙකත් ලොකු කරගෙන රෝස් දිහායි, ජිමින් දිහායි මාරුවෙන් මාරුවට බලනවා.

🌹: ඔප්පා... මොකද්ද මේ වැඩේ තේරුම? මං කියල තියෙනව නේද ආදිට පාඩුවෙ ඉන්න දෙන්න කියල. ආ..?

🐣: අහනවකො රෝස්... එයාට දැන් හොදයි...

ජිමින් කියපු දේ ඉවර කරන්නත් කලින් රෝස් කෑ ගහන්න ගත්ත.

🌹: ඔයා කොහොමද කියන්නෙ එයාට හොදයි කියල... ඒක තීරණය කරන්නෙ මං... ජන්...කූ..කා..., ටේ...ඔප්පා....

🐣: හරිනේ... ඉවරයි...

🌹: මෙහෙ එන්න ආදි... මෙයා ඔයාට බැන්නද?

❤: නෑ..රෝ...

🌹: ගැහුව ද?

❤: න්..නෑ..පිස්සු..

🌹: ගහන්න උත්සාහ කලාද?

❤: කොහෙත්ම න්...නෑ...

🌹: හැපුවද?

❤: තාම නෑ..

🌹: ඒ කියන්නෙ කරදර කරන්න හැදුවා...

🐣: ඒ ලමය ට කියන්න දීපන්....

🌹: මොනව කියන්නද?

❤: මං ජිමින්ට සමාව දුන්න රෝස්...

🐣: ඇද්ද ... අහගත්ත ද? දැන් යනවා... තමුන්ටයි අර වදුරු නාම්බො දෙන්නටයි ආයෙ මේ room එකේ පස් පාගන්න බෑ... තේරුණාද?

🌹: මොකක්?

❤: ආ... මෙන්න ඔයාට චොකෝ එකක්...🥲

ආදි රෝස් ගෙ අතට බලෙන්ම චොක්ලට් එකක් දීලා දුවගෙන ගියා...



























ජිමින් office ඇරිල ගෙදර ඇවිත් මුලින්ම හොයන්නෙ එයාගෙ ඒන්ජල්ව. ඒත් ඒන්ජල් කොහෙවත් පේන්න හිටියෙ නෑ...ජිමින් ගියේ සීයා ගාවට.

🐣: සීයා... කෝ ඒන්...

👨‍🦳: ඒ ලමයා අර සෝ දේයන් එක්ක Garden එකේ ඉන්නව මං දැක්ක...

🐣: සාජන් එක්ක... මොකද්ද එයාට Garden එකේ තියෙන වැඩේ...

👨‍🦳: මං හිතන්නෙ ඒ ලමයා අර ජම්බු ගහ දැකලා...

🐣: මො...මොන ජම්බු ගහද? අපේ Garden එකේ එහෙම ගහක් තියෙනවද?

👨‍🦳: ගිහිල්ල බලනව... මගෙන් අහන්නේ...











ජිමින් දුවල ගියේ පිටිපස්සෙ Garden එකට. යද්දි ආදි සාජන් සෝව ජම්බු ගහට නග්ගල ජම්බු කඩවනවා. සාජන් සෝ ගහේ අත්තක් බදාගෙන මර බයේ ගැහි ගැහි ජම්බු කඩනවා...

❤: අර අතන මනුස්සයෝ.... ඇස් පේන්නැද්ද? ඔය ගැට කඩන්න එපා ගොබ්බයෝ... අනේ මන්ද මොන ජාතියෙ මිනිස්සු ද කියල... කොරියාවෙ ගස් නැද්ද? අර උඩ තියෙන වල්ල...

👨‍✈️: අනේ...පොඩි මැඩම්...ඔය කඩාගත්ත ටික කාල ඉන්නකෝ....මීට වඩා උඩට යන්න මට බෑ... මං කසාදයක් වත් බැදල නෑ...අඩු වයසින් මැරෙන්න බෑ... හුවෑ...

❤: මොකක්ද කිව්වේ...? ගහක ගෙඩියක් කඩාගන්න බැරි මනුස්සයෙක්ගෙන් වැඩක් තියෙනවද? ලැජ්ජ වෙනවා.... කසාදයක් වත් කරගන්න වෙන්නෑ ඔහොම ගියොත්...

👨‍✈️: ජිමින් සර්ට ගස් යන්න පුලුවන්ද?

❤: අ...අහ්...ම්...මේ.... පුලුවන්... මොකද බැරි... ම..මං... මුලින්ම බැලුවෙ ගස් නගින්න පුලුවන්ද කියල...හා...

👨‍✈️: ඉතින් සර් ආවම ඉතුරු ටික කඩාගන්නකො මැඩම්... අ...අන්න සර් එනවා... මම බැස්සා හොදේ...

ජිමින් දුවගෙන ආවෙ එයාගෙ ඇල්ෆා ටීම් එකේ සාජන් ගහක අත්තක් බදාගෙන කෑ ගගහ ඉන්න එක බලාගෙන ඉන්න ලැජ්ජ නිසා.

🐣: මොකද යකෝ මේ ගස් බඩගාන්නේ...වෙන වැඩ නැද්ද උඹලට...ආ...ආ... පරිස්සමට... ඕවයින් වැටුනට ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නෙත් නෑ...

සාජන් සෝ අතේ තිබ්බ ජම්බු වල්ල ජිමින් අතට දීලා ජිමින්ව ම අල්ලගෙන ගහෙන් බිමට බැස්ස. ආදි නං පැනපු ගමන් ජම්බු ටික අතට අරගත්තා..

❤: තැන්කූ... සෝ අයියා...

🐣: සෝ මොකා කිව්ව...?

👨‍✈️: අනේ සර්... සර් ඊලග දවසෙ office යනකොට මාවත් එක්කගෙන යන්න බෑ ද?

🐣: ඇයි මොකෝ.. ? ආදී...ඕව හෝදලයි කන්නේ....

👨‍✈️: මැඩම් මරව මරව වැඩ ගන්නව...

මේ අතර ආදි ජම්බු ටිකත් අරගෙන උඩ පැන පැන ගියේ Garden එකේ ටැප් එක ලගට.

🐣: පොඩ්ඩක් වැඩ කරනවලා... කසාද බැන්ද ම නැත්තන් ගෑණිගෙන් ගුටි කන්න වෙන්නේ...

👨‍✈️: ඉතින් සර් වැඩක් කරන්නෙ නෑ නේ... අපි කරන්නෙ සර් ගෙ වැඩ නේ...

🐣: අ...අමේ...අ...අර බලන්න...බාගෙට හෝදගෙන කන්න හදන්නේ... උඹ ගිහිල්ල තේකක් හදාගෙන බීපන්... මං එන්නං...

ආදි ජම්බු ටිකත් අරගෙන ගියේ Garden එක අයිනෙ තිබ්බ bench එකට. ජිමිනුත් ගියා ආදි ඉන්න තැනට...ජිමින් ගිහිල්ල බෙන්ච් එකෙන් වාඩි උනා ම ආදි ඇවිත් ජිමින්ගෙ ඔඩොක්කුවෙන් වාඩි වෙලා ජම්බු වලට වැඩේ දෙන්න ගත්තා... ජිමින් නම් ආදි ගෙ මූණ දිහා බලාගෙන ඉන්නවා.

❤: ඕනෙත?

🐣: ආ...

ජිමින් පොඩි එකා වගේ කට ඇරියම ආදි ජම්බු ගෙඩියක් කටට දැම්ම.

🐣: ම්...මේව රහයි නේ... තව එකක් දෙන්න...

❤: ඇයි මීට කලින් කාල නැද්ද?

🐣: නෑනේ...

❤: බොරු කියන්න එපා... අර ගහට අවුරුදු දහයක් විතර ඇති... ඔයා ජම්බු කාල නැද්ද ගෙදර ගහක් තියාගෙන...

🐣: ඇත්තමයි... මං කාල නෑ... මං දන්නෑ මේව පලතුරක් කියල...

❤: what? තමුසෙ නම් මහ මොකෙක්ද මන්ද ජිමින්... අපේ ගෙදර ඔය වගේ ගහක් තිබුනොත් මමයි අයියයි තුන්සිය හැටපස් දවසෙම ගහ උඩ තමයි... අපේ අහල පහල වත් ඔහොම ගහක් තියෙන්න දෙන්නෙ නෑ...

🐣: ඒ ඔයාලනේ... මං වෙනස්...

❤: ඒක නම් එච්චර හොද වෙනසක් නෙවේ ජිමින්... ජීවිතේ enjoy කරන්න ඕන.. ඔහේ ගෙවල දාන්න එපා... මෝඩයෙක් වගේ... මං වගේ ආතල් එකේ ඉන්න ඕන...කන්නෝන බොනනෝන...

🐣: දැන් ඒ කාලෙ පහුවෙලා...

❤: මොන කාලෙද?

🐣: මං ආතල් ගන්න ඕන කාලෙ...

❤: අයියෝ.. ඔයා හරියට කතා කරන්නෙ හැට පැනපු නාකියෙක් වගේ... බලන්න අර සීයා... වයසට ගියත් ජොලියෙ ඉන්නේ... මං ඔයාට රහසක් කියන්නං...

🐣: මොකක්ද?

ආදි ජිමින්ගෙ බෙල්ල වටේ අත දාල කන ලගට ආවෙ රහස කියන්න..

❤: සීයට යෝගා class එකේ ආච්චි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා...

🐣: යා... බොරු කියන්න එපා...

❤: ඇත්ත අනේ... මගෙ මේ කන් දෙකටම ඇහුනා... එයා කෝල් කරල කතා කරනවා..අයි ලව් යූ කිව්වත් එක්ක... හා...

🐣: ඒ...ඒක වෙන්න බෑ... මේක වෙන්න දෙන්න බෑ...

❤: ඇයි..?

🐣: ඒක අපේ නම්බුව ගැන ප්‍රශ්නයක්...

❤: දෙවියනේ... නම්බුවට බම්බු ගහගන්න කියන්න...

🐣: බෑ බෑ... මේක දැන්මම විසදගන්න ඕන...

❤: මම සීයගෙ පැත්තේ... ඒ මනුස්සය පව්...

🐣: එයා නෙවේ අපියි පව්... නහින දෙහින කාලෙ බණක් භාවනාවක් කරන්නැතුව මගුල් නටනවා..

❤: ආදරේට වයස් භේදයක් නෑ...

🐣: ඒ උනාට පව් මගෙ හැල්මොනී...

❤: ඔයාගෙ හැල්මී නැති වෙලා අවුරුදු තිහක් විතර වෙනව නේ... දැන් කොහෙ හරි ඉපදිලා කසාදත් බැදලා ලමයෙකුත් හදාගෙන දෙයියනේ කියල සතුටින් ඇති... සීයා පව් හලෝ...

🐣: ඒ උනාට...ඒ උනාට...

❤: ඒ උනාට මොකද්ද?

🐣: මේක වෙන්න දෙන්න බෑ...
















































________________________________________


හායි ලමයි...

ගොඩ කාලෙකින් නේ... ඔයාලගෙ ඕතරීට සනීප නැති උනා නේ... හොදටම උණ හැදුනා... ඒක නිසයි අප්ඩේට් දෙන්න බැරි උනේ... සොරි හොදේ...

Vote කලම්න..comment කලම්න...❤😁

සරන්ග්හේ...❤

බාල්දි ඕතරී😈



























Bạn đang đọc truyện trên: AzTruyen.Top