🚘Challo Driver 80🚘

🐣: what? 🤬

ජිමින්ට ඔලුව කැරකෙන්න වගේ ආවෙ අෂෝක් ඒ කියපු දේට. මොකද ජිමින් මේ සතිය පුරාවටම තමන් කරපු වැරැද්ද ගැන පසුතැවුනා. එයා තමන්ට ම දොස් පවරගත්තා ආදිගෙන් නිදහසට කරුණු ඇහුවෙ නැති එකට. ඒත් එයාට ආදි ඉස්සරහට යන්න හැකියාවක්, ශක්තියක් තිබ්බෙ නෑ. මොකද මේ වෙනකොට ආදි ජිමින්ව දැක්කත් බය වෙලා කෑ ගහන තරමටම මානසිකව වැටිල උන්නෙ.

🎃: හහ්.. මොකද උනේ Mr. Park Jimin...? වතුර ටිකක් බොනවද?
කියමින් ලග තිබුන water glass එක ජිමින්ට දුන්නෙ අෂෝක්. ජිමින් glass එක බිත්තියෙ වැදිල කුඩු වෙන තරම් වේගයෙන් ග්ලාස් එකට ගැහුවා.

🎃: මම කිව්ව නෙ උඹට මුල ඉදන්ම මගේ වැඩ වලට ඇගිලි ගහන්න එපා කියල. හහ්... මගෙ first project එක උඹ අතට ගත්ත දවසෙමයි මං උඹට වෝන් කලේ... පොඩි එකා ඉන්න ඕන පොඩි එකා විදිහට... එක project එකක් උඹගෙ අතට ආවම හිතුව මම තමයි පොර කියල... උඹේ සීයා කවදාවත් ඔහොම කැත වැඩ කරපු මිනිහෙක් නෙවේ... ඒ මිනිහට ගරු කරලයි මම සද්ද නැතුව උන්නේ... ඒත් උඹට ආව කරේ යන්න... ඒකමයි.. ඒකමයි මං උඹට මේ පාඩම ඉගැන්නුවේ... තනියම ගොඩ යන්න බලනව මිනිහෝ... අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්නැතුව... මං ආවෙ වරුන් ව අරගෙන යන්න... ඌ මගෙ හොදම ගෝලයා... ඌ උඹේ මස්සිනා නිසයි මං ඌව මේකට පාවිච්චි කලේ... හහ්... මං ඌට කිව්ව නන්ගිව කනවැන්දුම් කරනව කියල... පව් පොඩි එකා... නන්ගිට පණ ඇරලා... ඌව අතෑරපන්... මං හිතනව උඹ ආයෙත් එහෙම දෙයක් නොකර ඉදී කියල.

ජිමින්ට හොදටම දාඩිය දාල... ජිමින් ගෙ ඇස් වල කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ... අෂෝක් කියන්නෙ නරක මනුස්සයෙක් නෙවේ... ව්‍යාපාර ලෝකයේ ඔහොම දේවල් ඕනතරම් වෙනව ඇති. ජිමින් තමා මුල ඉදලම වැරැද්ද කරල තියෙන්නෙ... තමන්ගෙ business එක ගොඩ දාගන්න තෝරගෙන තියෙන්නෙ හොරකම. ඒක නිසයි අෂෝක් ජිමින් ගෙ ක්‍රමය ම යොදාගෙන ජිමින්ට රිටර්න් එක දෙන්න තීරණය කලේ. අෂෝක් නැගිටල යන්න හදල නැවතිලා ආයෙත් ජිමින් දිහා බැලුව.

🎃: තමුසෙ කෙල්ල ට ගැහුවද? 🤨

🐣: ම්...නෑ...

🎃: කෙල්ල අහිංසකයි... business නිසා තමන්ගෙ වයිෆ්ට අත උස්සන්න එපා. මොකද අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ ගෑණි විතරයි. මම වැඩිහිටියෙක් විදිහට තමුසෙට කියන්නෙ.... ආ තව දෙයක්... අපේ කොල්ල හවස හතර වෙද්දි ගෙදර ඉන්න ඕන... තමුසෙගෙ නැන්දම්මා අරෙහෙ මැරෙන්න හදනවා. ඇරත් උන්ට ඉන්නෙ ඒ කොල්ල විතරයි නේ... මතකනේ හතර වෙද්දි.... නැත්තන් බලාගමු. 🤨











අශෝක් cabin එකෙන් එලියට ගියා විතරයි කලබලෙන් phone එක අතට ගත්ත ජිමින් කෙලින්ම කතා කලේ සෝදේයන් ට.

🧑‍✈️: හෙලෝ සර්...

🐣: හෙලෝ වරුන් ට මොකද කලේ උඹලා...

🧑‍✈️: අහ් සර් .... ඌව ඉවරයක් කලා... සර් කිව්ව විදිහට ම... බොඩි එක ගඟට දැම්ම...

🐣: ඕ...ෂිට් තොපි මාව කෑවා යකෝ.... උඹල ඌව මැරුවද යකෝ මේ ඩිංගට...

🧑‍✈️: හිතල මැරුවෙ නෑ සර්... ගුටි කාල කාල දරාගන්න බැරුව සිහි නැති උනා.... දෙතුපාරක් වතුර ගහල නැගිට්ටවල ආයෙත් ගැහුව. ඊටපස්සෙ සිහි නැති වෙලා වතුර ගැහුව ට ආයෙ කොල්ල නැගිට්ටෙ නෑ... ටේ හියුන් සර් ඇවිල්ල නාඩි චෙක් කලාම කිව්ව මැරිල කියල. අපි කිව්ව සර් රෝස් මැඩම් ට කියල බලවමු කියල. ඒත් ටේ හියුන් සර් කිව්ව එපා ගඟට විසි කරන්න කියල. ජන්කුක් සර් නං අවුලෙන් ඉන්නෙ. මටත් ගැහුවා...

🐣: දැන් මං කොහොමද දෙවියනේ ආදිට මූණ දෙන්නේ...?😭

🧑‍✈️: සර් ආදි මැඩම් දැනගත්තොත් ලොකු අවුලක් වෙන්නෙ....

🐣: තියපන් phone එක... කාලකන්නියා 🤬

______________________________________

කෝල් එක කට් කරපු සෝදේයන්...

🧑‍✈️: උඹ නෙ යකෝ කාලකන්නියා... ඌම කෝල් එක අරන්...ඌම කෑගහනව තියපන් කියල... ලොක්ක නිසා ඉවසන්නේ... නැත්තන් උණ්ඩයක් බස්සනව ඔලුවට... 😡 කට් උනාද දන්නෑ...

සෝ දේයන් ආයෙත් පෝන් එක අතට අරන් බැලුවෙ කෝල් එක කට් වෙලාද කියල. නැත්තන් ගඟේ ඊලගට පා වෙන්නෙ එයා නේ...😅

________________________________________

මේ අතර ටේ එක එක චැනල් වලට මාරු කර කර නිව්ස් බලනවා ගොඩක් කලබලෙන්... ජන්කුක් ඇවිල්ල ටික වෙලාවක් බලන් ඉදලා

🐰: මොකද හියුන් කවදාවත් නැතුව නිව්ස් බලන්නේ?

💜: අර ගඟට දාපු බොඩි එක මේ වෙනකොට හම්බ වෙන්න ඕන නෙ පොලිසිය ට...

🐰: ඇයි හම්බ වෙලා නැද්ද?😏

💜: නෑ බන්... මොකක්හරි අවුලක් තියෙනව...

🐰: කිඹුලෙක් ඇදගෙන ගියාද දන්නෑ😏

💜: එහෙම උනොත් හොදයි...

🐰: හියුන් ඒ තමුසෙ ගෙ චින්ගු නේ... තමුසෙ කොහොමද ඕයි ඔහොම කතා කරන්නේ?😏

💜: මටත් දුකයි යකෝ... ඔක්කොටම වඩා අර කෙල්ල දැක්ක ම... කොහොම ද ඒකිට කියන්නෙ අයිය නැති උනා කියල... අපි ඌව මරන්න හිතුවෙ නෑ බං... ඒත් උගෙ වෙලාව හොද නෑ....

🐰: මං නම් කියන්නෙ වෙලාව හොද නැත්තෙ ආදිගෙ... ඒකි අසරණ වෙලා... මානසික ලෙඩෙක් වෙලා...

💜: ඒත් ඒකි...

ටේට කියන්න ගිය දේ කියන්න නොලැබුනේ උඩුමහලෙන් ඇහුන කෑ ගැහිල්ල නිසා.

🐰: ආදි නැගිටලද කොහෙද... රෝස් ගෙදර නෑ නෙ... අපි මොකද කරන්නේ?

💜: ශිට් ශිට් රෝස් sleeping tablet එකක් දීල නේ ගියේ? කොහොමද නැගිට්ටේ?

🐰: දන්නෙ නෑ... රෝස් ට කතා කරන්න. මං යනව උඩට...

ජන්කුක් පඩිපෙල නැගගෙන උඩට දුවන් ගියේ ආදිව සන්සුන් කරන්න කියල හිතාගෙන. ආදි සන්සුන් වෙන්නෙ රෝස් ගාවදි විතරයි. ආදි පිරිමි අය දැක්කම බය වෙනව. ඒ තරමටම ෂොක් වෙලා ඉන්නෙ. ඒ නිසාම සීයා ජිමින්ට වගේම අනිත් දෙන්න ටත් ආදි ඉන්න room එකට යන්න තහනම් කලා. රෝස් ආදිව කන බොන දේවල් වලට ඇරෙන්න ඇහැරවල තියන්නෙ නෑ. මොකද එයා කෑ ගහනව.


ජන්කුක් දොර ගාවට ඇවිත් අගුලට අත තිබ්බෙ අරින්න උනත් එයා බය උනා එයාව දැකල ආදි තවත් කලබල වෙයි කියල. ආයෙත් හැරිල යන්න හදපු ජන්කුක් ට දැනුනෙ ආදිගෙ විලාපය හඩ වැඩි වෙනව කියල. ඕන දෙයක් වෙන්න කියල දොර ඇරගෙන ඇතුලට ගිය ජන්කුක් දැක්කෙ ආදි කවුරුත්ම නැති උනත් එතන කවුරුහරි ඉන්නව වගේ ඇදේ කෙරවලට ගිහිල්ල තමන්ට කරදර කරන්න එපා කියල ආයාචනය කරන ආකාරය.

❤: අ...අනේ...මට ඉ..න්...න දෙන්න... මං..මං ආයෙත් කවමදාවත්...කවදාවත් මේ වගේ වැඩක් ක..කරන්නෑහ්... ම...මට..ඉන්න දෙන්න...ප්ලීස්....😭

🐰: ආදී... hey... මේ බලන්න... මෙතන කවුරුත් නෑ බබා... මේ මම ජන්කුක්...බලන්නකො නන්ගි... මම කුකී... කුකී බනී...

ජන්කුක් හෙමින් හෙමින් ලගට ඇවිත් ආදිගෙ ත අල්ලගත්තා.

❤: අහනේ...මට ඉන්න දෙන්න....ගොඩක් රිදෙනවා... මට ගහන්න එපා.... 😭

ආදි තවත් ඇදේ කොනට උනේ කෑ ගහගෙනම..

🐰: ආදි මේ බලන්න... මං කුකී... ම...මං හාවෙක්... මේ බලන්න මගෙ දත්.... හාවෙක් වගේ නේ... බලන්නකො මන් දිහා... 🥺🥺🥺

❤: ක්...ක්..කුකී... කුකී.... මට මෙහෙ ඉන්න බෑ... එයා මාව මරයි. අනේ මාව අරන් යන්නකූ.... ව... වරුන් අයියට කතා කරනානකූ... එයා ම...මාව බේරගනී... අනේ මට කෝල් එක...එකක් අරන් දෙන්න... ප්ලීස්...😭

🐰: ව..වරුන් අයියා... ම්...මේ ආදී....

ජන්කුක් ඇදෙන් ඉදගත්තෙ ආදිගෙ ඉස්සරහ. වරුන් ගැන කිව්ව ම ජන්කුක්ට කටඋත්තර නැති උනා. ඒ නිසා කථාව වෙන අතකට හරවන්න හිතන් ජන්කුක් අප්පුඩියක් ගහල ආදිට කතා කලා.

🐰: 👏 ආදී... මේ අහන්න කෝ... වරුන් අයිය වැඩ වගේකට ගියා මුම්බායි... එන්න දවස් ගානක් යයි... ඒ නිසා එයා එනකන් හොද ලමයෙක් වගේ ඉන්න කෝ.... හරිද?

ජන්කුක් ආදිගෙන් ඈත් වෙලා ඇදෙන් බහින්න යන කොටම ආදි ආයෙත් කෑ ගහන්න ගත්ත.

❤: එයාට යන්න කියන්න... ප්ලීස් මට කරදර කරන්න එපා කියන්න... අනේ කුකී එයාට යන්න කියන්න... එයා... එයා ඇවිත් ඉන්නෙ මට ගහන්න...😭

ආදි බිත්තියට අත දික් කරගෙන කෑ ගහන්න ගත්ත. ජන්කුක් හෙමීට හැරිල බැලුවෙ බිත්තිය දිහා. එතන කවුරුත් නෑ... ජිමින්ගෙ ටිකක් විශාල පින්තූරයක් එල්ලල තියෙනව. ජන්කුක්ට තේරුණා වෙන දේ.

🐰: ආදි ඇහැරුණ ගමන් කෑ ගහන්න හේතුව මේ photo එකද, දෙවියනේ... ආදි හියුන්ව දකිනකොටත් බය වෙනව ඇති... 🥺🥺🥺




ජන්කුක් නැගිටල ගිහිල්ල පොටෝ එක ගලවල අනිප්පැත්ත හරවල මේස උඩින් තිබ්බ.

🐰: හහ්... දැක්ක ද එයා ගියා... ආයෙ එන්නෙ නෑ... දැන් බය නොවී දොයියන්න ඕන... හලී...?

❤: හ්...හලී...🥺




ඔන්න අද update කලා. අද lectures online තිබ්බ නිසා ටයිප් කලේ. මේ ලමයි මට බනිනව නේ.... දැන් දැනගත්ත නේ මොකක්ද උනේ කියල... හැම මනුස්සය ම 100% ක් හොද නෑ... නරක පැත්තකුත් තියෙනව... ඒක මතක තියාගන්න.












Comment කරන්න.
Vote කරන්න.
සරන්ග්හේ...❤😉

බාල්දි ඕතර්😈










Bạn đang đọc truyện trên: AzTruyen.Top