🚘Challo Driver 77🚘

ජිමින් හරියටම හවස හතර වෙද්දි උන්නෙ ආදිගෙ cabin එක ඇතුලේ...ජිමින් ආදිගෙ ඉස්සරහ ඉදගෙන කකුලක් පිට කකුලක් දාගෙන සැරින් සැරේට වොච් එක දිහාත්, ආදිගෙ මූණ දිහාත් බලනවා. ජිමින් ගෙ මූන තැලිච්ච අඹ ලෙල්ලක් වගේ... ඒත් ආදි නං මූන file එකකට ඔබාගෙන ඒකට සමවැදිල වගේ උන්නේ...

🐣: Angel... ඔය ඇති නේද?

❤:තප්පරයක් ඉන්න...

🐣: හරි ඉවරයි...

❤: මොකක්ද?

🐣: තප්පරේ ඉවරයි...🤨

❤: පොඩ්ඩක් ඉන්න ජිමින්... තව files දෙකයි තියෙන්නෙ...

🐣: don't think about that...ඔයාගෙ lovely husband තමයි මේ company එකේ CEO...😎

❤: ඒක නිසා තමයි මේ මැරීගෙන වැඩ කරන්නේ... නැත්තන් ඒ පාඩුවත් තමුන්ට තමා...😒

🐣: මමත් උදව් කරන්නං..

ජිමින් පුටුවත් ඇදගෙන ඇවිත් ආදිගෙ එහාපැත්තෙන් තියාගෙන ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා ආදි දිගෑරන් උන්න file එකට ඔලුව දැම්ම... ටික වෙලාවක් ගිහිල්ල ආදිගෙ මේස උඩ තිබ්බ අතේ උරහිස හරියට වෙන්න නිකට තියාගත්ත ජිමින් ඇස් දෙකත් පියාගෙන උන්නා...

❤: ජි... ජිමින්... අයින් වෙන්නකෝ... ඔයා බරයි අනේ...

🐣: ඔයා හරියට කතා කරන්නෙ මං කකුල් දෙකෙන් ඔයාගෙ අත උඩ හිටන් ඉන්නව වගේ නේ... මං ඔලුව විතරයි තියාගත්තේ...

❤: ඒ උනාට ඔයාගෙ ඔලුව හරි බරයි...

🐣: කරන්න දෙයක් නෑ...මාව තියාගත්ත නං දැන් ඉතින් බරත් උස්සගෙන ඉන්නවා...

❤: මහ ලොකුවට කිව්වෙ උදව් කරන්නං කියලා... මං ඔයාව බලෙන් තියාගත්තෙ නෑ හරිද?

මේ දෙන්නගෙ මේ කියුට් රන්ඩුව අස්සෙ cabin එකේ දොර ඇරගෙන කෙනෙක් ඇතුල් උනා...

💋: oh.. I'm...I'm sorry...sir...

🐣: Excuse කරල එන්න දන්නෙ නැද්ද? 🤨

මෙච්චර වෙලා ආදිට හේත්තු වෙලා හිටිය ජිමින් කලබල වෙලා පුටුවෙ කෙලින් වුණා... ජිමින්ට තරහ ගියේ මෙලීනා Excuse නොකර cabin එකට ඇතුල් වුණ නිසා...

❤: It's OK Jimin... මෙලීන දන්නෙ නෑ නෙ ඔයා ඉන්නව කියල cabin එකේ...

🐣: No Angel... Discipline කියන එක no one... 😠 ඒක මෙයාට විතරක් නෙවේ... ඔයාට, ටේ ට, මට මේ හැමෝටම පොදුයි... understand?

ජිමින්ගෙ කෑ ගැහිල්ල ට ආදිත් ගැස්සිලා ගියා... මෙලීනා උන්නෙ අඩන්න ඔන්න මෙන්න...

❤: yes..

💋: I'm really really sorry Sir...sorry mam... 😞

❤: It's OK...

🐣: හම්... දැන් ආපු කාරණාව...

💋:  මේ taehyung sir ගෙ කබඩ් එකේ තිබ්බ files වල පිලිවෙල... ඒක change කරන්න ඕන ද කියල Adithya mam ගෙන් අහන්න ආවෙ Sir...

❤: මං හිතන්නෙ ඒක change කරන්න ඕන වෙන එකක් නෑ... මොකද තිබ්බ විදිය වෙනස් කරනවට ටේඋනත් කැමති නොවෙන්න පුලුවන්...

------------------------------------------------------------

🧡: ඔයා මේ දවස් ටිකේ මහන්සි වෙනව වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?

ටේ චෙක් කර කර හිටපු file වලින් ඇස් අහකට අරන් ඉස්සරහ ඉදගෙන උන්න නිත්‍ය දිහාවට පොඩි හිනාවක් දාල

💜: ඔයා ඉතින් මටත් වඩා මහන්සි වෙනව නේ... ඔයා කරන වැඩත් එක්ක බැලුවම මං මේ කරන්නෙ මොනවද කියල හිතෙනවා...

🧡: ඒ උනාට ඔයා lunch අරගත්තෙත් නෑ...

💜: යන ගමන් මොනවහරි කාල යං...

🧡: හම්...

💜: ආ.. මං කියන්න කියල හිටියෙ.. මෙලීන මාර ටැලන්ටඩ් නේ...

🧡: මෙලීනා?

💜: ඔව් ඔව් මගෙ අලුත් secretary... අර උදේ ඔයා එක්කන් ආවේ...

🧡: ආහ්... ඔව් එයා මීට කලින් companies තුනක වැඩ කරල තියෙනවා.. ඉතින් experience එක තියෙනව නේ...

💜: ඕහ්.. really?

🧡: ඔයා මොකද ඒ girl ගැන ඔච්චර impress වෙලා?

💜: impress නොවී තියෙයි ද? Madras Big city එකේ financial  problem එකක් තිබ්බ නේ...  මමයි ජන්කුකයි දෙන්නම පැය ගානක් චෙක් කලත් හොයාගන්න බැරි උනා අවුල මොකක්ද කියල... documents ටික අතට ගත්ත ගමන් මේකි හොයල දුන්න කියහං කෝ...

🧡: මොහ්...?

💜: ආ...මේ... නෑ මං කිව්වෙ කියන්න කෝ...🥲

🧡: එයා ටැලන්ටඩ් තමා... ඒත් ඔයා ඒකට ඔච්චර උඩපනින්න ඕන නෑ... සමජ්ලියා?

💜: කවුද දැන් උඩ පැන්නේ ආ... ඔයාට jealous නේ...😉

🧡: අනේ මේ ටේ...

නිත්‍ය තරහින් නැගිටල   යන්න හදනකොට ම ටේ file එක පැත්තකට දාල ඇවිත් නිත්‍ය ගෙ අතින් අල්ලගත්තා...

නිත්‍ය ගෙ අතින් අල්ලගෙන තමන්ගෙ ඔඩොක්කුවෙන් වාඩි කරවගත්ත ටේ, නිත්‍ය ගෙ ඉන වටේ අත යවල තද කරල අල්ලගත්තෙ ආයෙත් නැගිටින්න බැරි වෙන්න...

🧡: අ...අතාරින්න ටේ... කවුරුහරි ආවොත්... 😳

💜: බෑ බෑ... එහෙම අතාරින්න බෑ...

🧡: අයියෝ ටේ... දැන් කුකීත් එයි... අතාරින්නකෝ...

💜: ඉතින් මොකද? අතාරින්න නං කිස් එකක්වත් ඕන...

🧡: අ...අනේ.. ටේ...

💜: බෑ කියන්න බෑ... අදනං ඕන ඕන ඕනමයි...

ටේ පොඩි එකෙක් වගේ කටත් උල් කරගෙන කිව්ව...

🧡: ටේ...

💜: මොකක්ද නිතී... අපි මේක පටන් අරගෙන අවුරුද්දක් විතර.. තාම දෙපාරකට වඩා කිස් කරල නැතුව ඇති... ඔයාගෙ ඔය ලැජ්ජාව භය පොඩ්ඩක් පැත්තකට දාන්නකෝ... හරිම බෝරින්ග්...

🧡: එහෙනම් බෝරින්ග් නැති කෙනෙක් හොයාගන්න එකයි ඇත්තේ...

නිත්‍ය ටේ ගෙ තොල් වලින් ඉක්මනට හාදුවක් තැවරුවා... ඒත් එක්කම ටේගෙ අත් ලිහිල් උන නිසා නිත්‍ය ඔඩොක්කුවන් බිමට පැනල බෑග් එකත් අරගෙන එලියට දුවල ගියා... ටේත් තමන්ගෙ බෑග් එකත් අරගෙන නිත්‍ය ගෙ පිටිපස්සෙන් දුවගෙන යන්න යද්දි කාගෙදෝ ඇගේ හැප්පුනා...

💜: හේහ්...නිතී.. ඔහොම ඉන්නවාහ්... ඔ..ප්ස්... Sorry... ඔයාට තුවාල නෑනේ...

💋: It's OK sir... මං හොදින්...

ටේ ඇගේ හැප්පුන පාර මෙලීසා බිම පතබෑවිලා ගියා... ටේ මෙලීනාට අත දීල එයාව නැගිට්ටෙව්වා...

💜: I'm really sorry... මං දැක්කෙ නෑ ඔයා එනවා...

ටේ නිත්‍ය දුවල ගිය දිහාව බල බල මෙලීනා ට කිව්ව...

💋: ආහ් කමක් නෑ සර්... ඉක්මනට යන්න. දැන්නම්  නිත්‍ය ගෙදරටම දුවල ඇති...🤭😅

මෙලීනා කිව්ව දේට ටේට ලැජ්ජ හිතුනත් ආයම වතාවක් සොරි කියලා දුවගෙන ගියා...

💋 Melina's mind

මේ office එකේ බලන බලන තැන කපල් නෙ යකෝ... එක කපල් එකක් වෙලීගෙන ලව් කරනවා...තව කපල් එකක් අල්ලන සෙල්ලං කරනවා... ඒකත් හොදයි.. මේකෙ එවුන්ට ලව් කර කරඉන්නකොට company එක ගැන සිහියක් නෑ... එතකොට මගේ වැඩේ කරගන්න ලේසියි. මට බය මේව දැකලා මගේ ලමා මනස පිරිහෙයි ද කියල...🙄

_________________________________________

One month later

💜: මෙලීනා... ඔය file එක දාන්න...

💋: ආ මෙන්න ටේ...

💜: අයියෝ කෙල්ල ලගට ගෙනත් දෙන්න ඕන නෑ... උඩින් දාපන් බන්... නිකන් පෙට්‍රල් පුච්චන්නේ...

💋: මෝඩ ටේ... මේක උඩින් විසි කලොත් මේකෙ තියෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම බිම වැටිලා  file එක විතරක් ගානට ඔයා ලගට එයි...😅

💜: එහෙමත් එකක් ද?

💋: අනේ මන්දන්නෑ අර නිතී කොහොම ඉන්නවද කියල...😅

💜: ආපෝ... මතක් කරන්න එපා... 🙄 එයාට වැඩ වලට ගියාම මං ගැන ගානක්වත් නෑ... දැන්නම් මට එපා වෙලා තියෙන්නෙ...

💋: එහෙම කියන්න එපා ටේ... නිත්‍ය දක්ෂයි... ඒ වගේම කැපවීමෙන් වැඩ කරනවා... ඒකනෙ ජිමින් සර් නිත්‍ය ට එච්චරටම කැමති...😏

මෙලීනා අන්තිම ටික කිව්වෙ ටිකක් තදින්... ටේට දැනෙන්න...

💜: ඇයි එහෙම කියන්නෙ?

ටේ තමන් කර කර උන්න වැඩෙත් පැත්තක තියල මෙලීනගෙන් ඇහුව...

💋: නෑ ඉතින්... ජිමින් සර්ට තිබ්බ නේ ආදිත්‍ය මෑම් ව secretary කරගන්න... අනික මෑම් Well educated නේ... සර් මට  කිව්වේ Jewellery plaza එකේ opening එකෙන් පස්සෙ නිත්‍ය ව මෙතනට දානව කියල... කෝ... දැන් මාසෙකුත් ඉවරයි...
ජිමින් සර් නිතීව අතාරින්න කැමැත්තක් නැද්ද කොහෙද 😏😅

ටේ හියුන්, මෙලීනා කියපු දේට හිනා වුනත් ටේ ගෙ හිත පතුලේ ඒ දේ තැන්පත් උනා...


















ටේ තමන්ගෙ කෑම එකත් අරගෙන ගියේ ජිමින් ගෙ cabin එකට... ජිමින් හිටියෙ files වගයක් චෙක් කරමින්...

💜: ජිමිනා...

🐣: වරෙන්....

💜: යමං කන්න...

🐣: ටිකක් ඉදපන්... මේ ටික චෙක් කරල එන්නං...

💜: හහ්... උඹ මහලොකුවට ආදිට බැන්නට උඹත් ඒකි වගේමයි නේ...

🐣: ඇයි?

💜: නෑ ඉතින් ඒකිටත් වැඩ කරන්න ගියාම කන්න බොන්නත් සිහියක් නෑ කියල උඹ බැන්නේ...

🐣: ආ... එහෙම තමයි අපි...

💜: යමං යමං බං...බඩගිනියි මැරෙන්න යන්න...

🐣: කෝ අපේ නිතී... කෑවද?

💜: මං දන්නෙ කොහොමද බං?

🐣: මොකක්ද ඕයි උඹට වෙලා තියෙන්නේ... ලගකදි ඉදන් හෙන අවුල් නේ..

File එක පැත්තක තිබ්බ ජිමින් phone එක අරගෙන කාටද මන්ද කෝල් කලා...

📞🐣: හෙලෝ ශිවන්ගී... ඔතන නිත්‍ය ඉන්නවද?

: ඔව් සර්...

📞🐣: එයාට කෑම එකත් අරන් Cafeteria එකට යන්න කියන්න... අපි එනව කියලා...

: හරි සර්...

ජිමින් මේ කරපු දේ දිහා ටේ බලන් උන්නෙ නලලත් රැලි කරගෙන... මොකද ටේ ගෙ හිතට විෂබීජ ඇතුල්වෙලා ඉවරයි මේ වෙනකොට...

💜: ආදිටත් කතා කලොත් නරකද? මං කියන්නෙ ඒකි උඹේ wife නේ...🤨

🐣: ආ... එයාව යන ගමන් එක්කගෙන යං... 😅

ජිමින්, ආදිගෙ cabin එකට ගිහිල්ල එයාවත් බලෙන්ම එක්කගෙන Cafeteria එකට ගියා...

කුකී,ටේ,නිත්‍ය, ආදි වගේම ජිමිනුත් එකම table එක වටේට පුටු පහක් තියාගෙන තමන්ගෙ කෑම එක දිගඇරගෙන කන්න ගත්ත...

ඒත් එක්කම එතනට තමන්ගෙ කෑම එකත් උස්සගෙන ආවෙ මෙලීනා... එයාව දැක්ක හැටියෙ ආදි,

❤: මෙලීනා... මෙහෙට එන්න... ඔය පුටුවත් ඇදගෙන එන්න...😃

💋: අනේ මෑම් මෙතන ඉඩ නෑ නේද? මං වෙන තැනකට යන්නම්...

❤: නෑ නෑ මේ ඉඩ තියෙන්නේ...

ආදි පුටුව ජිමින්ගෙ පැත්තට ලං කරල ජිමින්ට ලං වෙද්දි කුකී ටේ ගෙ පැත්තට පුටුව ලං කරල ඉඩ හදල දෙන්න ගියා... එතකොට ම ක්‍රියාත්මක උන ටේ නිත්‍ය ගෙ පැත්තට පුටුව ලං කරලා ටේයි කුකියි අතර ඉඩක් හදල දුන්න මෙලීනට... කුකී ඇස් ලොකු කරගෙන ටේ දිහා බලං ඉදලා තමන්ගෙ පුටුව ආයෙත් ආදිගෙ පැත්තට ලං කලා... මෙලීනා ටේයි කුකීයි අතර පුටුව දාල වාඩි උනා...

(තේරුණාද මංදා...🥲)

මේ අතර ජිමින් ආදිගෙ කනට කරලා...

🐣: ඔයා මාර  කැමතියි නේද Angel මං ගාවටම වෙලා ඉන්න...😉

❤: ෂ්.... පිස්සුද?

🐣: ඇත්තනේ කිව්වේ... ඉඩ මදි වගේ නං මගෙ ඔඩොක්කුවේ ඉඩ තියනව...

❤: ෂ්...ජිමින්...නිත්‍ය ට ඇහෙයි... මං ඉදල ඉවරයි...

🐣: ඉතින් මොකද ම්... ඔයා මගෙ wife නේ...

මේ දෙන්නගෙ රහස් සාකච්ඡාවයි හීන්  හිනාවයි දිහා බලන් උන්න ටේ එයාගෙ හිතේ තිබ්බ වැරදි අදහස අතුගාල දාල හිනා වුණා...

💜: love birds ල දෙන්න හිනා වෙලා ඉවර නං කෑම කමු නේද? 😉😅

හැමෝටම හිනා ගියේ හැමෝම මේ සීන් එක නෝට් කරගෙන උන්න නිසා. ආදි ලැජ්ජාවට රතු වෙලා ගියේ ටේ කිව්ව කතාවට...

_________________________________________

වෙනද වගේම තමන්ගෙ වැඩ ටික ඉවර කරල දාපු නිත්‍ය ගියේ ටේ ගෙ cabin එකට...

ඒ යනකොටත් ටේ හිටියෙ මෙලීන එක්ක files වගයක් චෙක් කර කර...

🧡: ටේ අපි යමුද?

💜: හම්... මේ ටික අදම කරල ඉවර කරන්න ඕන නිතී...

මේසෙ පුරා විසිරිලා තිබ්බ files දිහා බලපු නීත්යා,

🧡: හුහ්... කොච්චර වෙලා යයි ද?

💜:ම්... පැය දෙකක්...

🧡: හත වෙනකන්...😳

💜: ඔයාට ඉන්න බැරි නං යන්න... මෙලීන ඉන්නව නේ...

💋: ඔව් නිතී ඔයා යන්න...

🧡: හම්....

ඒත් එක්කම cabin එකට ආව ජන්කුක්,

🐰: හියුන් යන්නැද්ද?

💜: මේ ටික ඉවර කරල දාල එන්නං..

🐰: නිතී යං මාත් එක්ක...

🧡: නෑ මං ටේ එක්කම යන්නං...

💜: කමෝන් නිතී... ජන්කුක් එක්ක යන්නකෝ... මට මේ වැඩ ඉවර කරල ඔයාවත් ගෙනිහින් දාන්න බෑ.. මහන්සියි...

ටේ ඒ වචන හිතල කිව්වෙ නැති උනත් නිත්‍ය ගෙ හිත නං ඒ වචන වලට පෑරුණා...

🧡: ඕහ්... ඒකත් එහෙමද...sorry... ම..මං එහෙනං යන්නම්...

💜: OK... bye...

ටේ file එක දිහාම බලාගෙන උත්තර දුන්න...

නිත්‍ය බෑග් එකත් අරගෙන office එකෙන් එලියට යනකොට ජන්කුකත් නිත්‍ය ගෙ පිටිපස්සෙන්ම ආව... ඒත් නිත්‍ය කෙලින්ම ගියේ bus holt එකට... ජන්කුක් car park එකට යන්න ගිහිල්ල ත් ආයෙත් නිත්‍ය දිහාවට දුවගෙන ගියා...

🐰: නිතී එන්න...

🧡: ආ...මේ... ජන්කුක් යන්න... මට මේ බඩු වගයක් ගන්නත් තියෙනවා...

🐰: නිතී... ඔයා අඩනවද?

නිත්‍ය ජන්කුක් ගෙ මූණවත් නොබල අහකබලාගෙන කලබලෙන් වගේ කතා කරනකොට ජන්කුක්ට තේරුණා නිත්‍ය අඩන විත්තිය.

🧡: අ..අනේ පිස්සුද කුකී... ඔයා යන්නකෝ... පරක්කු වෙනව නේ...

🐰: හරි නිතී... අපි යං බඩු ටික ගන්න... මං ඔයා බඩු අරන් එනකන් ඉන්නම්... ගෙදර නේ යන්නෙ... මට ඇති පරක්කුවක් නෑ...

🧡: අහ්... අන්න බස් එකක් එනවා... මම යනව කුකී... බායි...

🐰: නිතී...

නිත්‍ය බස් එකට නගිනකන් ම හෝල්ට් එකේ ඉදපු ජන්කුක් car park එකට ඇවිදගෙන ගියා...

_________________________________________

ටේ banglow එකට එද්දි රෑ අටත් පහුවෙලා... ජිමින්,ආදි, කුකී තුන්දෙනා dinner අරගෙන ඉවර වෙලා movie එකක් බලන ගමන් උන්නේ...

🐣: හහ් දැන්ද එන්නේ...?

💜: ආහ් ඔව්... අර factory එකේ වැඩ ටික පොඩ්ඩක් බැලුවා...

🐣: උඹ පිටත් උනේ හතට නේ...

💜: ඔව්... උඹ කොහොමද දන්නේ?

🐣: මට security කිව්ව...

🐰: දැන් වෙලාව 8. 45 යි...🤨

💜: ආහ් ඔව්... මෙලීනව ගෙදරට දාල ආව...

🐣: හම්...

❤: වොෂ් එකක් දාගෙන එන්න ටේ... මං කෑම බෙදල තියන්නම්.

💜: ආහ්... ඕන නෑ පැටියෝ මං කාල ආවේ...

🐣🐰: කොහෙන්ද?🤨

💜: මොකද බං යක්කු වගේ කඩා පනින්නේ... මෙලීනගෙ අම්ම කෑම කාල යන්න ඉන්න කිව්ව... බෑ කියන්න බෑ නේ...

❤: ඇයි බෑ කියන්න බැරි? 🤨

🐣: තොට වෙන වෙන ඒවට නං බැහ් බැහ් ගාන්න පුලුවන් එලුව වගේ...

💜: මොකක්ද ඒ කතාව?

🐰: ඇයි නිතීව එක්කගෙන යන්න බෑ කිව්වේ... මතක නැද්ද?😡 නිකමටවත් ඇහුව ද ගිහිල්ල දැම්ම ද කියල?

💜: හරි ඉතින් උබ ගෙදරටම ඇරලුවනේ...

❤🐣🐰: නෑ... 😡

💜: නෑ...? ඇයි උඹ ඇහුවෙ එනවද කියල...🤨🤨

🐰: එයා ආවෙ නෑ... බස් එකේ නැගල ගියා...

💜: ඕ...ශිට්...😡

ටේ අඩියට දෙකට  පඩිපෙල නැගගෙන උඩට දුවගෙන ගියා...

________________________________________
________________________________________

Trailer

👨‍✈️: ස්...ර්... අ...ආදි මැඩම්...😭

🐣: ඉක්මනට කියපන් මිනිහෝ...🤬

👨‍✈️: මැඩම් accident උනා...😭😭😭

🐣: නෝ.... බොරු කියන්නෙපාහ්... තෝව මං මරණවා.... තොට කොහෙන් ආව හයියක්ද යකෝ....🤬

_________________________________________

🐰: ජිමින් ඕක නවත්තපන්... තෝ ඔය රගපාන එක දැන්වත් නවත්තපන්...🤬 ආදිගෙ ජීවිතේට මොනවහරි උනොත් මං තෝව ඉතුරු කරන්නෑ...🤬

_________________________________________

💜: ම...මං ඔයාගෙ කකුල් දෙක අල්ලල වදින්නම් නිත්‍ය....😭 ආදිව අපිට දෙන්න... ජිමින් පිස්සෙක් වෙයි නිතී... ප්ලීස් නිතී... මං කරපු වැරැද්ද ට ජිමිනට දඩුවම් දෙන්න එපා නිතී... 😭😭😭

🧡: Get out Kim Taehyung...😡 ඔයා ගියෙ නැත්තන් මං පොලීසිය ට call කරනවා...😡

_________________________________________

🐣: අ...අකුණු ගහනවා නේද කුකා...? 🥺

🐰: ඔ..ඔව් හියුන්...

🐣: අ...ආදි භය වෙ...වෙලා ඇත්තේ... උඹ දන්නවද කුකා... ආදි මාර බයයි අකුණු ගහනවට... එයා ම...මගෙ පපුවෙ මූණ හංගනවා... මෙන්න මෙතන...😭😅 අකුණු ගහල ඉවර වෙනකන් එහෙමම ඉන්නවා මගෙ Angel...
ඔ...ඔන්න බලපන් කෝ... දැන් බය වෙලා... කොහෙ හරි ඉදන් දුවගෙන එයි මගෙ තුරුලට... ඔන්න බලපන්.... 😭😭

🐰: හියුන්...🥺🥺🥺

__________________________________________________________________________________

කොහොම ද ඒ ට්‍රේලර් එක? 😉😅

ටේ නිත්‍ය කුරුලු කූඩුවට ගල් ගහනවා කියල සමහරු මට මරණ තර්ජන ත් එල්ල කලා...

එහෙම කියල අපි සැලෙනවද? නෑ නේ..😅


පව් අසරණ ඕතරී...😭


මෙහෙම කරනවට මුන්ට සෑඩ් එන්ඩින් මයි
දෙන්න ඕන... 😒

කමේන්ට්...කරා..ම්නා... වෝට්... කරා..ම්නා... ලව්යූ... ( ශෂී නිශාදිගෙ ටෝන් එකට😅 )

බායි😊❤








































Bạn đang đọc truyện trên: AzTruyen.Top