🚘Challo Driver 75🚘

හැමෝම ජිමින් දිහා බලාගෙන උන්නේ නිකන් අපරාධකාරයෙක් දිහා බලාගෙන ඉන්නව වගේ...

🐣: ඇ...ඇයි ඔහොම බලන්නේ? මං කිව්වෙ ඇත්ත... හැමෝම තෑගිත් අරන් ඇවිල්ල... කවුරුත් මට කිව්වෙ නෑ නෙ තෑග්ගක් ගේන්න කියල...

💜: අනේ ඔම්මප ඇත්තට... තොට ඒක කියන්නම ඕනද? Common sense කියල දෙයක් නැද්ද? තමන්ගෙ වයිෆ් first time උයන දවසෙ තෑග්ගක් දෙන්න දන්නෙ නැද්ද? උඹල වගේ උන් මේ ලෝකෙ ඉන්න නිසා තමයි මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර රටට ලෝකෙට හදුන්වල දීල තියෙන්නේ...

🐣: කෑම උයන එකට එහෙම විශේෂ තෑගි දෙන්නෙ මොකටද? ඇරත් මං වගේ lovely husband කෙනෙක් ලැබිල ඉන්නැද්දි තව මොකටද තෑගි? මේ මම ඉන්නේ.... මම තමා ආදිට ලැබිච්ච හොදම gift එක... නැද්ද Angel...😉

❤: ඒකනං ඇත්ත... 🥲

Jimin තමන්ට වෙච්ච ලැජ්ජාව වහගන්න කටට එන හැම දේම කියාගෙන කියාගෙන ගියා...



































Jimin ගෙ wedding එක නිමිත්තෙන් තිබ්බ family party එකකුත් තිබුනා...

පාටි එක ඉවර වුණාට පස්සෙ ජිමින් room එකේ ඇද උඩට වෙලා office එකේ files වගයක් චෙක් කරන ගමන් හිටියේ...

ආදි තමන්ට ලැබුන gifts ටිකත් අරගෙන room එකට ඇවිත් ඒව ටික dressing table එක උඩින් තිබ්බ.

ඒත් එක්කම ඔලුව උස්සල ආදි දිහා බලපු ජිමින් ඇදෙන් නැගිටල ගිහිල්ල closet එක ඇරල box එකක් එලියට ගත්තා. ආදි හිටියෙ උදේ සීයා දීපු මාලෙ ගලවන ගමන්... ඒක දැකපු ජිමින් box එකත් පැත්තක තියල අඩියට දෙකට ආදි ගාවට දුවගෙන ආව...

🐣: Angel...ඕක ගලවන්න එපා..!

එකපාරටම ගැස්සිලා ගිය ආදි ඔලුව උස්සල ජිමින් දිහා බැලුවා...

❤: ඇ..ඇයි?

🐣: ඕක මේ... ඕක ඔයාට ලස්සනයි... ඒකයි...

❤: ම්.. හරි ජිමින්... ඒත් ඉතින් මේක හැමතිස්සෙම දාගෙන ඉන්න ඕන නෑ නේ...

🐣: ඒත් ඕක ගලවන්න එපා...

❤: ඇයි ඒ ජිමින්...? මේ මාලෙ කාගෙද?

🐣: ඔය මගෙ ඔම්මයි අප්පයි... 🥺

❤: ජි..ජිමින්...

🐣: මගෙ ඔම්මගෙයි අප්පගෙයි අතේ තිබ්බ කපල් රින්ග් දෙක ඔය තියෙන්නේ...

තමන්ගෙ කරේ තිබ්බ මාලේ පෙන්ඩන්ට් එක අතට ගත්ත ආදි ඒක දිහා බලල හිනා වුණා...

❤: වෙඩින් රින්ග් දෙකක් නෙවෙයි නේද?

🐣: ම්හ්... අප්ප ඔම්මට propose කරල තියෙන්නෙ ඔය රින්ග් එකක් දාලලු... collage යන කාලෙ... ඊටපස්සෙ ඔම්ම කැමති උනාම ඔම්මට කියල අනිත් රින්ග් එක දාගෙන තියෙන්නේ...

❤: ම්.. so lovely... බලන්නකො ඔයාගෙ පපා කොච්චර romantic ද කියල... ඒකට ඔයා...😅

🐣: ඇයි මම මොකක්ද ආ...?

❤: ඔයා ඉතින් මට propose කලේවත් නෑ... I love you කිව්වෙත් අර හැරෙන්නවත් බැරි fit on room එකේදි... හිනා යන්නත් එනව මට ඒක මතක් වෙද්දි...🤣

🐣: හහ්... මොනව කරන්නද? මං දන්නෙ නෑ කොහොම ද romantic වෙන්නෙ කියල.. ඒත් එක දෙයක් කියන්නම්... මං කවදාවත් ඔයාව අතාරින්නෙ නෑ... මැරෙනකන්ම... මේ මාලේ කවදාවත් මගෙ ලග තියාගත්තෙ නෑ... මේ මාලෙ තියෙන්නෙ මං වැඩිපුරම ආදරේ කරන කෙනා ගාව...

❤:  daadaji... ගාව නේ මේක තිබ්බේ... ඔයා එයාට ආදරෙන් දීපු එක එයා මට දුන්න... ඒක හරි නෑ නේද ? මං මේක ආයෙත් daadaji ට...

🐣: ආයෙ ඔයා ඕක දෙන්න ඕන නෑ... එයා දන්නව මං දැන් ඔයාට ආදරේ කරනව කියල... ඒක නිසා ඕක ඔයා ගාව තියාගන්න...

     මගෙ ඔම්මයි අප්පයි... ඔයාගෙ ඔය ගැහෙන හදවතට ලගින්ම තියාගන්න... මගෙ ආදරේට ඔය හදගැස්ම දැනෙන්න ඉඩ අරින්න... ම්...

ජිමින් ගෙ වචන හදවතට ම කිඳාබැස්ස වගේ හැගීමක් ආදිට දැනුනා... මෙතනින් එහාට මොනවද කියන්න ඕන කියල ආදිට හිතාගන්න බැරි උනා... ජිමින් ගෙ ආදරේ හරි අමුතුයි කියල ආදිට වැටහුනා... අන්තිමට ආදි නිගමනයකට එලඹුණා...

ජිමින් දන්නෙ නෑ ආදරේ කරන්න. ආදරේ දෙන්න.  ආදරේ පෙන්නන්න.  ඒත් එයා ආදරේ බලාපොරොත්තු වෙනවා...  මගෙන්...

ආදිගෙ අතේ මෙච්චර වෙලා තිබ්බ මාලෙට අමුණපු මුදු දෙක අතෑරුනා... ඒක ආදිගෙ පපුවට වැදෙන්න.

🐣: anyway... ඔයා තරහ ද මං අද gift එකක් නොදුන්න එකට?

ආදි කල්පනාවෙන් මිදිල ඇස් ලොකු කරගෙන ජිමින් දිහාවට හැරුණා. ඒත් එක්කම ජිමින්ට ඔරවපු ආදි...

❤: ආහ් මට අමතක උනා නේ... තමුන් මට මුකුත්ම දුන්නෙ නෑ කියලා... 😒

🐣: හහ්... ඒ කියන්නෙ මැඩම් මගෙන් මොනවහරි බලාපොරොත්තු උනා...? 😃

❤: of course... why not? මට තෑග්ගක් දෙන එක ඔයාගෙ යුතුකම...😌

🐣: ඉතින් මේ මං ඉන්නේ... මාත් මෙහෙම හිටියට හොද තෑග්ගක් තමා... හූම්...😌

❤: ඒ උනාට.. ඔයා ඔය අතේ දාගෙන ඉන්න bracelet එක වගේ මටත් ඕන තෑග්ගක්...

🐣: හෑපෝ.. ඉන්න ඉන්න...

ජිමින් මේසෙ උඩින් තිබ්බ box එක ගෙනල්ලා ආදිගෙ අතින් තිබ්බ...


❤: මේ මොකක්ද මේ?

🐣: ඔය තෑග්ගට නං ඔයා එච්චර කැමති වෙන එකක් නෑ... ඒත් මං ආසයි ඒකට...

❤: මම කැමති වෙන එකක් නෑ...?

🐣: ඇරල බලන්නකෝ..

❤: ම්...මේක...? 🥺

----------------------------------------------------------

🐣:  අ...ආදී...ඕක නං අදින්න හිතන්නවත් එපා... මේ බලන්න හැම තැනින්ම ඕපන් නේ... බලන්නත් ලැජ්ජයි. කකුලකුත් එලියෙ..තව මේ මේකත් එලියෙ... උඩින් බැලුවම ඔක්කොම පේනවා...ඕක අදින්න එපා...

❤: මොකක්ද කිව්වේ? 🤨

🐣: නෑ මං කිව්වෙ ඕක මේ...open වැඩී... වෙන එකක් බලන්න... ඉ..ඉන්න මං  හොයන් එන්නං... 🥲

❤: හරි එහෙනං... 😏

ටික වෙලාවකට පස්සෙ ජිමින් ආවෙ pink colour ලෙහෙන්ගා එකක් අරගෙන. ආදි ඒක අතට අරගෙන ලොකු  හුස්මක් පහතට දාල ජිමින් දිහා බැලුව. මොකද ආදි දන්නව මේ dress  එක වෙඩින් එකේ bride  ට ගැලපෙන්නෙ නෑ කියල.  ඒත් එයාට ජිමින්ගෙ හිත රිද්දන්න ඕන උනේ නැති නිසා එයා ඒක ඇදගෙන ආව...

🐣: වා......ව්.... ඒන්ජල් කෙනෙක් වගේ... 😳😍

එකපාරටම ජිමින් ගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්තෙ සතුටට ද දුකට ද කියල ජිමින්ට වත් හිතාගන්න බැරි උනා... ආදි දැක්කා ජිමින්ගෙ ඇස් වලින් නොනවත්වාම ගලන කදුලු. කලබල වෙච්ච ආදි දුවගෙන ඇවිත් ජිමින්ගෙ මූන අත් අතරට අරන් කදුලු පිහදැම්මේ කලබලෙන් වගේ...

❤: ම්...මේ මොකද මේ...🥺 ඇයි දෙවියනේ අඩන්නේ... මේ dress එක කැතද? අනේ කතා කරන්නකො ජිමින්...

------------------------------------------------------------

❤: ජී.. ජීමින් මේ ලෙහෙන්ගා එක? 🥺

🐣: ම්... ඒක තමයි... මතකද?

❤: ජිමින් ඒත් එදා...

🐣: එදා මම ඕක ගත්තෙ නෑ තමයි... ඒත් මං ඕක අරන් තියන්න කිව්ව... පහුවදා උදේම ගිහිල්ල ගත්ත...
ඕකට ඔයා හරිම ලස්සනයි... like Angel... එදා ඉදන් තමයි ඔයා මගෙ Angel උනේ... මම ඔයාට ආදරෙයි කිව්ව දවසෙ...

ඒ කියපු දේට කලබල උන ආදි,

❤: ජි...ජිමින්... දැන් ඔයා wash එකක් දාගත්ත නං හොදයි නේද?

🐣: මට බෑ... අපි කතා කරමු ආදි... මං ගැනත් මොනවහරි කියන්න ඕන ඔයා...

ජිමින් තවතවත් ආදිට ලං වෙමින් කිව්ව...ආදි නම් බය වෙලා හිටියෙ... එයා ජිමින්ට ලං වෙන්න බයයි. ඇයි ඒ?

❤: ජි.. ජිමින් ඔ..ඔයා drinks අරන් ඉන්නේ...

🐣: ඔව් ඉතින්...

❤: අ...අපි හොද සිහියෙන් ඉන්න වෙලාවක කතා කරමු...

🐣: oh... come on ආදි... මං හොද සිහියෙන් තමයි ඉන්නේ... පොඩ්ඩක් බිව්ව කියල මගේ සිහිය විකල් වෙන්නෑ...

❤: ජිමින්... මට මහන්සියි... අයින් වෙන්නකෝ...

🐣: ආදි...

ආදි ජිමින්වත් තල්ලු කරගෙන ඇදුම් ටිකත් අරගෙන bathroom එකට ගිහිල්ල දොර වහගත්තා...

ඒ දිහා බලන් උන්න ජිමින්..



🐣: මං වැරැද්දක් ද කලේ ඔම්මා...? එයා මට කවදාවත්ම ආදරේ කරන එකක් නැද්ද?








වෙලාව රාත්‍රි 12 පසුවී විනාඩි 10 යි...🕓

එලියෙ හොදටම අකුණු ගගහ වහිනවා... ආදි හිටියෙ ඇදේ පැත්තකට ගුලි වෙලා... බයේ ගැහෙමින්... ජිමින් නිදාගෙන හිටියෙ living room එකේ සෝෆා එකේ...

ආදි මේ ලෝකෙ වැඩියෙන්ම භය දේවල් වලින් එකක් තමා අකුණු...⚡⚡⚡

ආදි නැන්දලගෙ ගෙදර ඉන්න කාලෙ අකුණු ගහන වෙලාවට තමන්ගෙ කොට්ටෙයි බෙඩ්ශීට් එකයි උස්සගෙන නැන්ද ගාවට දුවගෙන යනව. ඒත් දැන් එයාට නැන්ද ගාවට දූවගෙන යන්න බෑ නේ... ආදි ඉකිගගහ අඩන්න ගත්තා... ජනෙල් කර්ටන්ස් හුලගට පාවෙනකොට ඒ කර්ටන් අතරින් අහසේ අකුණු රටා මැවෙන විදිහ ආදිට පේනවා. ආදිට කෑ ගහල අඩන්න ඕන උනා... ඒත් මේ ගෙරවිල්ල නිසා ඒක කාටවත්ම ඇහෙන එකක් නෑ...

මේ වෙලේ ආදිට මතක් උනේ එකම එක්කෙනයි...


❤: ජිමින්... අනේ එන්නකූ... මට බයයි...🥺



ජිමින්ට නම් ගානක්වත් නෑ... එයාට සෝෆා එක ඒ තරම් comfortable නැති උනත් සැපට නින්ද ගිහිල්ල තිබ්බ...

ආදි එයාට ඉතුරු වෙලා තියෙන අන්තිම ශක්තියත් වැය කරල තමන්ගෙ අතේ තිබ්බ කොට්ටෙත් අරගෙන ජිමින් හොයාගෙන යන්න තීරණය කලා...

ආදි බයේ ගැහෙමින් පඩිපෙල ලගට ආව... ජිමින් සෝෆා එකේ නිදාගෙන ඉන්නව දැකපු ආදි එකපිම්මේ පඩිපෙල බැහැගෙන දුවගෙන ගියේ ජිමින් ගාවට... ජිමින් ගාවින් බිම ඉදගත්ත ආදි ජිමින්ව නැගිට්ටුව...

❤: ජි...ජිමින්... අ...අනේ... නැගිටින්න කෝ... 😭

🐣: ම්....😴 යනව යන්න... නිදාන්න දීලා...

ජිමින් කෙදිරි ගාමින් අනිප්පැත්ත හැරුණා... ඒත් එක්කම තවත් හයියෙන් අකුණක් ගැහුව නිසා ආදිව ගැස්සිලා ගියා...

❤: අහ්නේ...ජිමින් නැගිටින්නකූ...ම...මං ආයෙ ඔයාට බනින්නෙ නෑ... promise...  ම..මට බයයි... අ...අනේ...එන්නකූ...😭😭😭😭

🐣: යනව ආදි... වද දෙන්නෙපා... 😴

❤:  p...plz ජිමින්... වදින්නම්...😭

🐣: goonnight...😴

❤: Good night ජිමින්... s..sorry... කරදරයක් උනානනං 😭😭😭

ආදි ආයෙමත් room එකට යන්න තීරණය කලා... හෙමින්සැරේ නැගිටලා අඩිය තියන තියන සැරේට මහ හයියෙන් අකුණු ගහනවා... ඒ ගහන ගහන සැරේට ආදිව ගැස්සෙනවා... හෙමීට පඩිපෙල නැගගෙන room එකට යන කොට එකපාරටම විශාල ශබ්දයක් එක්ක අකුණක් ගහලා ට්‍රිප් ස්විච් එක off උනා... ඒ සිද්දිය ට තිගැස්සුන ආදි ගිරිය යටින් කෑ ගහන්න ගියත් කටින් හඩ පිරුණේ නම් නෑ... කවුරුහරි ආදිගෙ කට එක අතකින් තද කරගෙන වහගෙන හිටියා...



















🐣: කෑ ගහන්න එපා Angel... මං ඉන්නව නෙ.. බය වෙන්න එපා...










ජිමින් නැගිටගෙන ඇවිල්ලා ආදිගෙ පිටිපස්සෙන්... ආදිගෙ ඉනවටා අතක් දාල ආදිව තමන්ගෙ ලගට ඇදල ගත්ත ජිමින් ආදි කෑ ගහන්න යද්දිම අනෙක් අතින් ආදිගෙ කට තද කරල වැහුවා...












හෙමින් සැරේ ආදිගෙ කටින් අත ඉවත් කල ජිමින් ආදිව තමන් ගෙ පැත්තට හරවගත්තා...

❤: ජිමින්...😭

ආදි ජිමින්ව තදින්ම වැලදගත්තා. මුලින් නම් ආදි ඇවිත් කරදර කරපු එකට ජිමින් තරහෙන් හිටියත් ආදි හොදටම බය වෙලා ඉන්නෙ කියල ජිමින්ට තේරුණා... එයා සතුටු උනා ආදිව මේ විදියට හරි ලං කරගන්න පුලුවන් උන එක ගැන..

🐣  Jimin's mind

Thank u so much වැහි දෙයියා... මේ කරපු උදව්ව නං කවදාවත් අමතක වෙන්නෑ බ්‍රෝ... 😁

🐣: අපි යමු room  එකට...ම්... don't cry... දැන් මම ඉන්නව නේ... මං ඔයාව room එකට ඇරල ල එන්නම්... කෝ යමූ...

ජිමින් ආදිව අනිප්පැත්ත හරවගෙන උරහිසට අත්දෙක තියාගෙන කෝච්චියක් යනව වගේ room එකට ගියා... ආදි ව ඇදට නග්ගලා හාන්සිකරවලා bedsheet  එකත් පොරවපු ජිමින් ආදිගෙ ඔලුව අතගාලා නැගිටල යන්න හදනකොට... ආයෙමත් මහ හඩින් අකුණක් පුපුරල ගියා...

ඒ හඩට ගැස්සුන ආදි ජිමින්ගෙ අතින් ඇද්ද පාර ජිමින්ව ආදිගෙ ඇග උඩට පතබෑවුණා... ඒ ක්ෂනයෙන් ආදිගෙ ඇග උඩින් එහාට උන ජිමින් ඇදේ එහාපාත්තට ඇවිත් ඔලුව උස්සල ආදි දිහා බැලුවා...

❤: අනේ ජිමින් යන්නෙපා...😭

🐣: අ..ම්   ...මේ... මං එලියෙන්...

ජිමින්ට කියන්න ආපු වචනත් කියාගන්න බැරි උනේ ආදි ජිමින්ගෙ ලගට ඇවිත් ජිමින්ගෙ පපුවට මූණ ඔබාගත්ත නිසා... ජිම් තව තවත් තදින් වැලදගත්ත ආදි...

❤: යන්නෙපා plz...🥺

🐣: අ...ආදී... හ්..හරි හරි යන්නෙ නෑ...

ජිමින්ට රජ මගුල්...🤣

Jimin's mind
නිතී ආවම අහගන්න ඕන වැහි දෙයියට වදින ගාතාව...🙂































ජිමින්ට නම් පැය ගානක් යනකන් නින්ද අහලකටවත් ආවෙ නෑ... මොකද ආදිගෙ ස්පර්ශය ජිමින්ට නුහුරුයි... ඒක අමුතුම හැගීමක් ජිමින්ට ගෙනාවෙ... හැමදාම මෙහෙම ඉන්න තියෙනව නම් කියල ජිමින්ට හිතුණා... ඔහොම හිත හිත ඉන්නකොට ජිමින්ට දන්නෙම නැතුව නින්ද ගියා.













ආදි උදේ පාන්දර ම අවදි උනේ තමන්ව යමකට හිර වෙලා  වගේ දැනෙන්න ගත්ත නිසා... හෙමීට ඇස් ඇරල බලද්දි තමන්ගෙ මූණ ඉස්සරහ තිබ්බේ...











❤: ලොකු තාප්පයක්... කොල පාට තාප්පයක්? 🥲
















හායි girls,

කොහොමද අපේ  jimin ගෙ වැඩ... කවුරුත් හිතුවද එයා ඒ ලෙහෙන්ග එක ගනියි කියලා... 😏

වැහි දෙයියත් මරු වැඩ කරන්නේ🤣

ජිමින්ට ආදි ආදරේ කරන්න ගන්නෙ කවදද? ඒක ඔයාලට ප්‍රශ්නයක් නේද? මටත් ප්‍රස්නයක්...

මං ආසයි ලස්සන කුරුලු කූඩු වලට ගල් ගහන්න... ලගදිම ගලක් වදින්න නියමිත කූඩුවක් තියෙනවා... ඔයාල ගෙස් කරන්න මේ කතාවෙ මොන කූඩුවට ද ඒ ගල් වදින්නෙ කියලා...😏

වේ වේ වේ මෙයා මෙච්චර හැන්ඩ්සම්? 🥺❤❤

Vote කරන්න...comment කරන්න...

සරන්ග්හේ...❤😍



















































Bạn đang đọc truyện trên: AzTruyen.Top