🚘Challo Driver 74🚘
ජිමින් උදේ පාන්දර ම නැගිටල බැලුවෙ ආදි කොහෙද කියල... room එකේ කොහෙවත්ම ආදිව හොයාගන්න බැරි උන නිසා නිදිමරගාතෙම වැනි වැනි පඩිපෙල බැහැගෙන එද්දි ආදි කිචන් එකේ ලොකු වැඩක්....
🐣: Angel... Angel.... An... ආහ්... ඔයා කිචන් එකේද?
❤: Good morning Jimin ji...
ආදි එහෙ මෙහෙ දුව දුව මොනවද හදනව... ජිමින් ආව එක ගානක් උනේ නෑ...
ජිමින් හෙමීට කිචන් එක දිහාවට ඇවිදගෙන ආවා...
🐣: Good morning Angel මොනාද කිචන් එකේ කරන්නේ ආ...
❤: ආ...ජිමින්ජී.. මම මේ නාන්න කියල හැදුවේ... 😏
🐣: නාන්න? කිචන් එකේ...?
❤: ඔව්... ඇයි...?
🐣: අර bathroom එක තියෙන්නෙ මොකටද?
❤: අනේ අම්මප ඇත්තට මාත් බැඳගත්ත මනුස්සයෙක්... 🙄
🐣: ඇ...ඇයි දැන් මොකද්ද ප්‍රශ්නෙ...?
❤: ඇයි අනේ... කිචන් එකට ඇවිල්ල මං කරන වැඩේ පෙනි පෙනි මොකද කරන්නෙ කියල අහන්නේ...?
🐣: ආ... ඒක මං නිකමට ඇහුවෙ... ඒක නෙවේ... ඔයා මේ වැඩ කරන්න ඕන නෑ... මෙහෙ ඒවට ඕන තරන් servants ල ඉන්නව ...
❤: ඒ උනාට කමක් නෑ... මං කරන්නෙ මට ඕන දේ... සමජ්ලියා...?
🐣: සමජ්ගයා...🙄... හ්ම්... දැන් මොනාද ඔය හදන්නේ....?
කියමින් ජිමින් ආදි හදමින් හිටපු ලඩ්ඩු භාජනේට අත දාල කජු කෑල්ලක් අතට ගත්තා.... ඒක කටට දාගෙන තවත් කජු කෑල්ලක් අතට ගත්ත ජිමින්ට ඒක කටට දාගන්න නොලැබුනේ අතට හැඳි මිටි පාරක් ලැබුණ නිසා...
🐣: ආ...වුච්.... ඇයි ගහන්නේ...? 😖
❤: වහාම කිචන් එකෙන් එලියට යනව පාක් ජිමින්... 😠
🐣: ඇයි අනේ... මං ආවෙ උදව්වක් දෙන්න කියල හිතන්...
❤: නෑ නෑ උදව් ඕන නෑ... එලියට යනවා...
🐣: යකෝ මේ මගේ ගේ... මට ඕන තැනක මං ඉන්නවා... හූම්...
❤: daadaji......
🐣: හරි හරි කෑ ගහන්න එපා... මං ගියා...
ආදි කෑම ටික ඔක්කොම හදල ඉවර වෙද්දි නිත්‍ය ආවෙ ආදිගෙ නැන්දයි මාමවයි, වරුන්වයි එක්කගෙන banglow එකට. ආදිගෙ කෑම හදන චාරිත්‍රය අද නේ.... ඒ නිසා හැමෝම හිටියෙ නොඉවසිල්ලෙන්... ඒ වගේම ආදිගෙ නැන්දයි මාමයි ගොඩක් සතුටෙන් හිටියෙ ආදි ගෙ ගේ දැකල....එයාල මුලදි නම් ජිමින් එක්ක එතරම් හිත හොදින් නෙවේ හිටියෙ... මොකද ජිමින් කසාද මණ්ඩපයෙදි කාගෙන්වත් අවසර නොගෙන ම ආදිට තැල්ල බැඳපු නිසා...
ආදි room එකට ගියේ කෑම හදන චාරිත්‍රය අවසන් කරල, කෑම පිලිගන්වන චාරිත්‍රය ට සූදානම් වෙන්න කියල හිතාගෙන... එයා ලෑස්තිවෙන්න යනකොට ජිමින් ගියේ නැන්දවයි මාමවයි මුණගැහෙන්න... ජිමින් යනකොට නැන්දයි මාමයි සීය එක්ක ලොකු කතාවක්... ජිමින් ශේප් එකේ ගිහිල්ල වරුන්ගේ එහාපැත්තෙනන් වාඩි උනා...
🐣: Good morning Uncle... Good morning Aunty...😁
👧: Good morning පුතා...
👨: Good morning 😑
ඒත් එක්කම සීයා ආයෙමත් කතාව පටන් ගත්ත...
🧓: අද අපේ දූ ගේ කෑම හදන චාරිත්‍රය උනාට එයා හදන කෑම වල රහ ගැන නම් අපි හොදටම දන්නවා... හරිම දක්ෂ දරුවෙක් නොවැ... බැරි දෙයක් නෑ... 😌
සීයා හරිම ආඩම්බරයෙන් තමන්ගෙ ලේලියව වර්ණනා කරනවා... ජිමින් නම් කටත් අතින් වහගෙන අනිප්පැත්ත බලාගත්තෙ සීයා වක්කඩ කැඩුව වගේ හෝ ගාල කියවන්න ගත්ත නිසා...
👧: අපේ ආදි මීට කලිනුත් මෙහෙම ඇවිල්ල කෑම හදල තියෙනව ද?
🧓: ඔව්...
🐣: න්...නෑ නෑ ආන්ටී... සීයා කියන්නේ... අර මං අසනීප වෙලා හිටපු කාලෙ ආදි මට කෑම අරගෙන ආව නේ... ඔය ඒක ගැන... ආදි ගෙනාව කෑම හරිම රස නිසා අනිත් අයත් කාල බැලුවා...
👨: ඒ කියන්නෙ ආදි කසාදෙට කලිනුත් මෙහෙ ආව ගියා කියන එකද? 🤨
🐣: ( දැන් දීහල්ලකො උත්තර... ) ආ... මේ... ඔව්... ආව ඉතින්... ආ පයින්ම ගියා... 🥲
👧: පයින් ගියා ?
🐣: න්...නෑ නෑ ආන්ටී... පයින් ගියෙ නෑ... අපේ ටේ හියුන් එයාව office එකටම drop කලා... 🥲
👦: කෝ අපේ ආදි..? තාම ලෑස්ති වෙනවද?
🐣: ඔව් මං හිතේ... 🥲
මේ අතර කෑම ටික මේසෙට ඇරපු නිත්‍ය සාලෙට ආවෙ ටේහියුන්, රෝස්කුක් තුන්දෙනත් එක්ක...
👨: ආ මේ ඉන්නෙ සේනාවම... 🤨
🌹: හී... කොහොම ද අංකල්...?
👨: හොදයි දරුවෝ... Mr. Park දන්නවද මේ කට්ටිය එහෙ ගිහිල්ල අල්ලපු අඩව්ව?
🐣: ( කෙල වෙන්නයි යන්නේ... යකෞ සීයා දැනගත්තොත් අපිව රටිනුත් පන්නයි...)
💜: ( හුටා.... නිත්‍ය ගෙ භගවාන් ජී ටවත් අපිව බේරගන්න පුලුවන් වෙන එකක් නෑ...)
🐰: ( මේ හදිස්සයට ටිකට් එකක්වත් බුක් කරගන්න බැරි උනා... සීයා කාරයා ගෙදරින් එලියට ඇදල දැම්මොත් මහ පාරෙ තමා ලගින්න වෙන්නේ... )
🌹: ( ආපු ගමන්ම ආයෙ ගෙදර දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ...අප්ප දැනගත්තොත් ගුටි තමා...)
🧡: ( රස්සාවටත් කෙල වෙලා යයිද මන්දා...)
🧓: මොකක්ද මොකක්ද ඒ අඩව්ව?
👨: මෙයාල මේ...
❤: ආහ් සුදු බෝලේ...Mr. බඩබෝලේ... ඔයාලා? 😃😃
ආදිගෙ මාම ජිමින්ල කරපු දේ කියන්න යද්දිම ආදි පහලට ආව... එයාලව දැක්ක හැටියෙ ආදි දුවගෙන ආවෙ සතුටින් කෑ ගහගෙන.... ඒත් එක්කම ටේමින්කුක් තුන්දෙනාම ඉහලට ගත්ත හුස්ම ටික පහලට දැම්ම...
🐣: මං කිව්වෙ මෙයා Angel කෙනෙක්ම තමයි... 🥲🥲🥲
❤: ඔයාල මොකද මෙහේ?
👧: ඔයාගෙ කෑම හදන චාරිත්‍රය ට තමා ආවේ..?
❤: ඔය ඇත්තමද? මං හිතුව මාත් එක්ක තරහ වෙලා ඇති කියල...🥺
👧: ඔයා සතුටින් නම් අපිට ඕන එච්චරයි දෝණි...🥺
❤: I love you... Love you so much....😭
ආදි නැන්දව තදටම huge කරගෙන අඩන්න ගත්ත...ඒක බලන් හිටපු ජිමින, ටේ ගෙ කනට කරල...
🐣: අපිටත් ඔහොම කියනව නං මොනවද කරන්න බැරි....😒
💜: අපිට? අපිට නෙවේ උඹට කියාපන්...😏
ජිමින් ආදි නැන්දව බදාගෙන ඉන්න එක දිහා බලාගෙන හූල්ලනවා...
🧡: අහම්... එහෙනම් අපි කෑම කන චාරිත්‍රය පටන්ගමු නේද? මට නම් හොදටම බඩගිනියි...
🧓: ඒකනම් ඇත්ත... කෝ එන්න හැමෝම...
කට්ටියම ආදිගෙ කෑම මේසෙ වටේට වාඩි උනා...
හැමෝගෙම ඇස් සතුටින් දිලිසුනේ ආදිගෙ කෑම මේසෙ දැක්කත් බඩ පිරෙන විදිහට පිලිගන්නවල තිබ්බ නිසා... කෑම සුවද නිසාම හැමෝම ඉවසිල්ලක් නැතුව හිටියේ...
සීයා කෑම ටිකක් බෙදාගෙන කන්න හදනකොට ම නිත්‍ය ඒක නැවැත්තුව...
🧡: හෝව් හෝව් Park sir... කෑම කන්න කලින් තව චාරිත්‍රයක් තියෙනවා...
🧓: තව එකක්?
🐣: ඒ ගමන මොකක්ද?
🧡: මේ කෑම මහන්සි වෙලා හදපු ඔයාගෙ ලේලිට තෑග්ගක් දෙන්න ඕන...
❤: අයියෝ නිතී... මොනවද මේ කියන්නේ...? Daadaji ඒ චාරිත්‍ර දන්නෙ නෑ... Daadaji කන්නකෝ... ඔයාගෙ positive comments තමා මට ලැබෙන ලොකුම gift එක... 🙂
🧓: දුව නිත්‍ය.... මම අවුරුදු දහයක් තිස්සේ මේ රටේ තමා උන්නේ... මම දන්නව චාරිත්‍ර වාරිත්‍ර ගැන හොදට...
කියමින් සාක්කුවට අත යැව්ව සීයා....පොඩි පෙට්ටියක් අතට අරගෙන පුටුවෙන් නැගිටල ඇවිත් ඒක ආදිගෙ අතට දුන්නා... ආදි පුදුමෙන් වගේ බලාගෙන උන්නා...
❤: daadaji...
🧓: ඕක ඇරල බලන්න...
ආදි හෙමීට තමන් අතේ තිබුන පෙට්ටිය ඇරල බැලුවා...
❤: daadaji...?
🧓: ඔය මොකක්ද කියල මට වඩා හොදට ජිමින් දන්නවා...
ආදි ජිමින් දිහා බලද්දි ජිමින් ඇස් දෙකේ කදුලු පුරවගෙන මාලෙ දිහා බලාගෙන උන්නා...
🧓: ජිමින් මේ තෑග්ග මගෙන් උනාට ඔයා තමයි මේක දෝණිගෙ කරට දාන්න ඕන...
🐣: සීයා? 🥺
🧓: ඔයා කැමති නැද්ද ඒක එයාට දාන්න?
සීයා කියූ පමාවෙන් ජිමින් ආදි ලගට ඇවිත් මාලෙ ආදිගෙ කරට දාල ඒක හරියට හදලා ඒකෙ පෙන්ඩන්ට් එක අතට අරගෙන ඒකට කිස් එකක් දුන්නා... ආදි මේ හැමදේම දිහා බලාගෙන උන්නේ පුදුම වෙලා වගේ...
🧡: හරි එහෙනම් ... දැන් හැමෝම කෑම කන්න....
හැමෝම ආදි හදපු කෑම රස කර කර කෑව... ටේ කුක් දෙන්නා වලං පිගන් ටිකත් ලෙවකන්න ලෑස්තිය... ඒ දෙන්නට කෑම මදි වෙලා....
💜: අයියෝ ආදී... ඔයාට තව ටිකක් වැඩිපුර හදන්න තිබ්බා...
❤: අනේ... මං දැනන් හිටියෙ නෑ නෙ ඔය දෙන්නට ඔච්චර කන්න පුලුවන් කියල...😅
🐰: දන්නෙ නැත්තන් අද දැනගන්න ඇති නේ... පට්ට රසයි ඕයි... තව නැද්ද?
🌹: ඇත්තමයි ආදි මේ වගේ කෑමක් මම නං කවදාවත්ම කාල නෑ... මටත් කියල දෙනවද හදන විදිහ....
❤: අනිවා... මං ඔයාට කියල දෙන්නම් කෝ එක එක කෑම ජාති හදන විදිහ...
🧓: ඇත්තටම පුදුම රසයි දුව කෑම ටික... මගේ කොල්ල හරිම lucky නේ...
සීයා එහෙම කියද්දි ආදිගෙ නැන්දා, මාම දිහා බැලුවෙ ආඩම්බරෙන්...
💜: අඩෝ ජිමිනා... උඹ මොකෝ ඔය පිගාන අතගගා ඉන්නෙ? ආ... කන්නෙ නැද්ද?
🐣: අ...ආ... මේ කෑම ඉවරයි නේ...
💜: ඔව් ඉතින් ඉවරයි තමා... තෝ කන්නැත්තන් අපිට දියන්... උඹට පින නෑ ....
🐣: මං කිව්වෙ කෑම ඉවරයි නේ... ආදි තාම කාල නෑ... 😔
ජිමින් කිව්ව දේ ඇහුන හැටියෙ හැමෝම අතර ඇති උනේ දැඩි නිශ්ශබ්දතාවක්...ජිමින් තමන් බෙදාගත්ත කෑම එකෙන් එක කටකට වඩා කෑවෙ නෑ... හැමෝම කන දිහා මේසෙ ලග හිටගෙන හිනා වෙවී බලාගෙන උන්න ආදි දිහා තමයි ජිමින් මෙච්චර වෙලා ම බලන් උන්නේ... ඒ අතර කෙමෙන් කෙමෙන් වාෂ්ප වෙලා යන කෑම දිහා බලපු ජිමින්ට හිතුනෙ එකම දෙයයි...
' කෑම ඉවර වේගෙන යන්නෙ... ආදි කන්නෙ මොනවද? '
❤: අනේ ජිමින් ඔයා කන්නකෝ... මට බඩගිනි නෑ... 🙂
🐣: මට කන්නත් බෑ වගේ...
❤: අනේ ජිමින්... අර පාන් තියෙන්නෙ... මං මොනවහරි ගාගෙන කන්නම්... ඔයා කන්නකෝ...
💜: ජිමින් කෑම එක අල්ලලවත් නෑ... ඔය දෙන්නටම මේක කන්න පුලුවන් නේ... මදි උනොත් පාන් කාපන්... කෝ එන්න ආදි... මෙතනින් ඉදගන්න...
ටේ එයාගෙ ප්ලේට් එකත් අරගෙන එතනින් නැගිටලා ආදිව වාඩි කෙරෙව්වෙ ජිමින්ට එහාපැත්තෙන්...
🐰: හියුන්ග්, ආදිට කවන්න...
❤: අ... මේ... ඕන නෑ... මම තනියම කන්නම්...
🌹: අනේ ඔප්පා... ආදිට කවන්නකෝ... ප්ලීස්...
🧡: කමෝන් ජිමින්...
ජිමින් ආදි දිහා බලද්දි ආදි බිම බලාගත්තෙ ලැජ්ජාවෙන් මූණ රතු වෙලා යද්දි... ජිමින් හෙමින් සැරේ තමන්ගෙ ප්ලේට් එකේ තිබ්බ තෝසෙ කෑලි කඩලා හොදි ගාල ආදිගෙ මුවට ලං කලා... ආදිත් ජීවිතේ පලවෙනි වතාවට කෑම දැක්ක පොඩි එකෙක් වගේ ඒක දිහා බලන් ඉන්නවා... ඒත් ආදි ගෙ හිත...
Adi's mind
❤: දෙවියනේ කවද ලැබෙන චාන්ස් ද මේ...? එකෙක්ටවත් මොලයක් නෑ නෙ මෙතන මේ අති දුර්ලභ අවස්ථාව කැමරා කාචයකට හසු කරගන්ට... ජිමින් බකපන්ඩිතයට කියල කවාගත්තා කියල ඕක පෙන්නලා මූව ඇති වෙනකන් බයිට් කරන්න තිබ්බ... ශිට්... කවුරුවත් හිටියෙ නැත්තන් සෙල්ෆියක් වත් ගහන්න තිබ්බ...
ඒත් එක්කම කුකී ආදිගෙ හිත කියෙව්ව වගේ...
🐰: පොඩ්ඩක් ඉන්න හියුන්.. මං photo එකක් ගන්නකන්...
ජන්කුක් තමන්ගෙ phone එක අරගෙන ඒ දුර්ලභ අවස්ථාවෙ photos ටිකක් ගත්තා...
ජිමින් ආදිට කෑම කවන ගමන් තමනුත් කටවල් දෙක තුනක් ගිල ගත්තෙ ආදි දෙන දෙන එකට කට අරින නිසා තමන්ට බඩගින්නෙ ඉන්න වෙන බව දැනගෙන...
කෑම ගැනීමෙන් අනතුරුව ටේකුක් දෙන්න තමන් ගත්ත තෑගි ටික ආදිගෙ අතට ගෙනත් දුන්න.
❤: අනේ... ඔයා දෙන්න මොකටද තෑගි ගන්න මහන්සි උනේ..?
💜: ඔයා ඉතින් මගෙ සහෝදරය ගෙ වයිෆි නේ.. දැන් ඉතින් මගෙ නන්ගි වගේ තමයි... ඒ නිසා ඔයා මේ ගෙදර කරන පලවෙනි චාරිත්‍රය දවසෙ මුකුත්ම නොදී ඉන්න එක හොද නෑ නේද? බලන්නකෝ ඕක ඇරලා...
ටේ, ආදිට දීල තිබ්බෙ ගෝල්ඩ් වොච් එකයි, bracelet එකකුයි...
❤: වාව් ඒක ලස්සනයි... තෑන්ක්ස් ටේ...
🐰: මන් දීපු එකත් කඩල බලන්න ආදි... මට නං ඕව තෝරන්න තේරෙන්නෙ නෑ... මම ඔම්මට කියල ගෙන්නෙව්වේ ඕක ඔයාට... 🙂
ජන්කුක් ආදිට දීල තිබ්බෙ Korea වලින් ගෙන්නපු branded makeup kit එකක්...
❤: අ...අනේ ජන්කුක් මේක ගොඩක් ගණන් ඇති නේ... මේ brand එක ඉන්දියා වලත් නෑ...
🐰: එහෙම වෙන එපැයි... ඕක මං ගෙන්නුවෙ කොරියා වලින්... 😏
ආදිගෙ නැන්දයි මාමයි ආදිට එයාගෙ මමා ගෙ Jewellery ටික තෑගි දුන්නා... ඒ වගේම වරුන් ආදිට gift voucher එකක් දුන්නේ එයාට ඕන දෙයක් ගන්න කියල...
💜: එතකොට ජිමින් මොනවද ගෙනාවෙ ඔයාගෙ lovely wife ට?
හැමෝම බලන් උන්නේ ජිමින්ගෙ මූණ දිහා...
🐣: ඇ...ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ අද මේ චාරිත්‍රය ට තෑග්ගක් දෙන්න ඕන කියල...🙂
හායි Girls,
ගොඩ කාලෙකින් නේද? හරියටම සතියකට පස්සේ වගේ... මට පොඩි කරදරයක් උනා නේ... අපේ ආච්චම්ම නැති උනා... ඒකයි කතාව update නොකලේ... කට්ටිය මාත් එක්ක තරහ උනා ද මන්දා... සමහරු නම් මම හොදින් ද කියල හැම තිස්සෙම වගේ අහල තිබ්බ... මම ගොඩක් හොදින්... thank you so much මට වචනයකින් හරි උදව් කරපු හැමෝටම... අපේ ආච්චි අම්ම ගොඩ කලක් ඇදක දුක් විදල නැති උන හින්ද ඒක අපිට සැනසීමක් උනා.. මොකද එයා විදපු දුක අපට බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ... අපි පුදුම විදිහට වියදම් කලේ... අන්තිමට එයාගෙ room එක හොස්පිට්ල් room එකක් වගේ... ඒ තරම් අපි වියදම් කලා... ඒත් ගොඩ ගන්න බැරි උනා... එක දෙයක් කියන්න පුලුවන්... සමහර අම්මල ලමයි අටක් නවයක් හදලා එකෙක්වත් නෑ අන්තිමට ඒ අම්මල ට බලන්න... අන්තිම කාලේ ඒ දෙමව්පියන්ට උරුම මහලු නිවාසය.... අපේ ආච්චම්ම ඒ අතින් මාර lucky... එයාට එයාගෙ ලමයි හය දෙනාම පුලුවන් උපරිමයෙන්ම සැලකුවා... එයා එහෙම සැලකුම් ලබන්න ඕන අම්ම කෙනෙක්... ලමයින්ට වගේම ලමයින්ගෙ ලමයි වත් ඇස් දෙකේ දාගෙන හැදුව නිසා... ඒ නිසයි එයා දුක් විදිනව කාටවත් බලන්න බැරි... මම නැති වෙන්න ඔන්න මෙන්න තියල එතනට වෙලා හිටියා... මම කෑම කන්න යන ටිකට නැති උනා... ඒත් doctor එනකනුත් මම එතනට වෙලා ඉදගෙන බලාගෙන උන්නා... මගෙ අනිත් කසින්ස් ල ඇහුව ඔතන ඉන්න බය නැද්ද කියල... මට නම් බයක් දැනුනෙ නෑ... මට දැනුන සැනසීමක්... 🙂
මල ගේ අස්සෙ කට්ටිය මට මැසේජ් දාල අහනව bts ල disband උනා නේද කියල.... මට ඕක ගානක් උනේ නෑ... වැඩ වලට හිර උනාම... පස්සෙ තමා සීන් එක හරියටම දැනගත්තෙ... මුලින් අඩන්න ඔන්න මෙන්න ඉදල පස්සෙ ගුලි කාල වගේ හිනා උනා...🤣
Vote කරන comment කරන අයට කුමාවෝ...😍😘
සරන්ග්හේ...❤🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top