🚘Challo Driver 73🚘

ජිමින් හිටියෙ car එක drive කරන ගමන්. ආදි නං ශටර් එකෙන් එලිය බලාගෙන ලොකු කල්පනාවක... ජිමින් විටින් විට ආදි දිහාවට ඇස් යොමු කලත් ආදි ජිමින් දිහා එක පාරක්වත් බැලුවෙ නෑ...

🐣: අහම්... Angel...

ආදි එකපාරටම ජිමින් දිහා බලල Car එකේ පිටිපස්ස ශීට් එක දිහාවට ත් ඇස් යොමු කලේ ආදියි ජිමිනුයි හැර තව කවුරුහරි ඉන්නවද කියල බලන්න...

🐣: Angel...

ආදි ආයෙමත් ඇස් ලොකු කරගෙන ජිමින් දිහා බලලා තමාටම ඇගිල්ල දික් කලේ ඒ මටද කිව්වෙ කියල අහන්න වගේ.... ජිමින්ට නං හිනා ගියා...

🐣: ඔව් ඔයාට තමයි කිව්වේ... වෙන කවුරුත් නෑ නෙ මෙතන....

❤: මල විකාර...

🐣: මොකක්ද විකාරේ?

❤: මේ හැම දේම විකාර... ඇයි මට අනිත් girls ල වගේ සාමාන්‍ය ජීවිතයක් නැත්තෙ... අඩුම තරමෙ වෙඩින් එකවත් සාමාන්‍ය විදිහට ගන්න බෑ... ඒකත් යුද පිටියක් වගේ... චාරිත්‍ර කලේ එකෙක් එක්ක... බැන්දෙ තව එකෙක්ව... ඇයි මට පාඩුවේ ඉන්න නැත්තේ... මගෙ මරණෙ වත් සාමාන්‍ය විදිහට උනොත් ඒ ඇති...

🐣: ආදි... ඔයා සතුටු වෙන්න... අනිත් අයගෙ ජීවිත ඔහේ ගෙවිල යද්දි ඔයාගෙ ජීවිතේට විශේෂ අද්දැකීම් ගොඩක් එකතු වෙනව... කවදහරි ඒ දේවල් මතක්කරල ඔයාට හිනාවෙන්න පුලුවන්... දැන් අද ඔයාගෙ වෙඩින් එක උනත් බලන්නකෝ.... ඒක නිකන් හින්දි teledrama එකක last episode එක වගේ... මට නං මතක් වෙද්දිත් හිනා යනවා...

❤: ඔයාට මොන කොටස මතක් උනාම ද ජිමින් වැඩිපුර ම හිනා යන්නේ...? ඔයා එකපාරටම ඇවිල්ල මගෙන් අහන්නෙවත් නැතුව තැල්ල බැදපු කොටසද , නැත්තන් ලොකු තාත්ත ගෙ මැරයො ටික අපිට වෙඩි තියල මරල දාන්න හදපු කොටසද , නැත්තන් මෙච්චර කල් අනතුරක් වෙලා මාව දාල ගියා කියල හිතපු මගෙ මමායි පපායි දෙන්නව කවුරුහරි මරල දාල කියල දැනගන්න ලැබුන කොටස ද .... ම්...?
ඔයාට ඒ දේවල් වලට හිනා යනවද ජිමින්...? ඔයා කවදාවත් හැදෙන්නෙ නෑ ජිමින්...

🐣: ආදි... මොකද මේ... ආ... ?

❤: කට වහගෙන යමුද? නැත්තන් මාව ඔය ඉස්සරහින් බස්සලා ඔයා යන්න...



















පැය පහක් වගේ කෙටි කාලයක් ඇතුලත ජිමින්ට දිල්ලි වලට ලගා වෙන්න පුලුවන් උනා... ජිමින් වාහනේ garden එකේ නවත්තල බහින්න යනකොට තමා තව ජීවියෙක් ඉන්නව කියල මතක් උනේ... ජිමින් ආදි දිහා බලද්දි ආදි කටත් ඇරගෙන නිදි... ජිමින්ට හිනාවක් ගියේ පැය කිහිපයකට පෙර තමන්ට හොදටම කෑ ගහල දැන් බබා වගේ නිදාගෙන ඉන්න විදිහ දැකලා...

🐣: නැගිටින්න Angel... අපි ගෙදර ආවා... ආදී... නැගිටින්න...

❤: ම්..... අ...පි ආවද... 😒

🐣: ඔව් ඔව් ආපෝ... මොකෙක්ද මන්දන්නෑ... කෙලත් පෙරාගෙන නිදි...

❤: කෙල... අනේ යනවා... කෙල පෙරල නෑ... 😤

ජිමින් Car එකෙන් බැහැල ආදිට බහින්න දොර ඇරල දුන්න... ඒත් එක්කම ඉස්සරහට දුවගෙන ආවෙ සාජන් සෝ...

🧑‍✈️: කොහොමද සර්... කොහොම ද මැඩම්...😃

🐣: හොදයි බං...

❤: මට මැඩම් කියන්න එපා... පුදුම වදයක් නේ ...

ආදි සාජන්ටත් රවාගෙනම Bungalow එක පැත්තට ගියා...

🧑‍✈️: ඒ මොකද සර් ඒ උනේ... ආදි... මං කිව්වෙ මේ මැඩම් ඉස්සර ඔහොම නෑ නේ...

🐣: මැඩම් ට සනීප නෑ... පිණි බාන වෙලාවෙ එලියට වෙලා ඉදලා...

ආදි දොර ලගට වෙලා බලන් හිටියෙ ජිමින් එනකල්... ඒත් එක්කම ගේ ඇතුලෙ ඉදන් එලියට ආවෙ සීයා...

🧓: ආදී .... දුවව දැකපු කල්... දෙවියනේ... මගෙ දරුව වෙනස් වෙලා...

ඒත් එක්කම දුවගෙන ආව ජිමින්...

🐣: සීයා අපි ඇතුලට එන්න ද?

🧓: ආ... එනව එනව මම තමුන්ව අල්ලගන්න තමා උන්නේ...

❤: daadaji...

🧓: දුව එන්න ඇතුලට...

සීයා ආදිගෙ අතින් අල්ලගෙන ඇතුලට එක්කගෙන ගියා...

🐣: සීයෙ එතකොට මේ පුතා...? 😐

🧓: උඹට ඕන්නම් වරෙව් නැත්තන් ආපු දිහාකටම පලයව්...

🐣: ඉස්සර ආව කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනව කියන්නෙ මේවට තමා... හාම් හාම් හාරි හාරි... 😒






















Launch එක අරගෙන ඉවර උන හැටියෙ ආදි room එකට ගියේ වොශ් එකක් දාගෙන එන්න කියල... ආදි ටවල් එකත් අරගෙන bathroom එකට ගිහිල්ල වොෂ් එකක් දාගත්ත ට පස්සෙ තමා මතක් උනේ අදින්න ඇදුමක් ගෙනාවෙ නෑ කියල... ඒත් එක්කම room එකට ආවෙ ජිමින්... ආදිට ටවල් එකත් පටවගෙන එලියට එන්න හදනකොට ආදිට ඇහුනා room එකේ දොර අරින සද්දේ. ආදි දොරට කන තියාගෙන,

❤: කවුරුහරි ඉන්නෝද? Hey...no one?

ජිමින් දැනගත්ත ආදි ඇතුලෙ ඉන්න විත්තිය... ඒත් ජිමින් සද්ද නැතුව හිටියෙ ආදි මොකක්ද කරන්නෙ බලන්න... ජිමින් ඇද උඩට ඇවිත් phone එක ඔබන්න ගත්ත...

ටවල් එක විතරක් ඇදගෙන උන්න ආදි ඔලුව විතරක් bathroom එකෙන් එලියට දාල විපරම් කරල බැලුව... අවාසනාවට ආදිට ඇද උඩ හිටපු ජිමින්ව පෙනුනේ නෑ... කවුරුත් නැති බව තහවුරු කරගත්ත ආදි ඔලුවට අමතරව අත් දෙකත්, කකුලකුත් එලියට දාල හෙමින් සැරේ එලියට ආව...

ජිමින් පැත්තක ඉදන් බලන් ඉන්නව මේ මොකද වෙන්නෙ කියල.... ආදි කොටම කොට ටවල් එකකුත් ඇදගෙන බිම තියෙන ඇදුම් බෑග් වලින් තමන්ගෙ ඇදුම් ටික එලියට ගන්නවා... තමන්ට ඕන ඇදුම් ටික අතට ගත්ත ආදි ඒක පුටුව උඩින් තියල ටවල් එක ගලවන්න යද්දිම ඇස් දෙකත් වපර කරන් බලන් උන්න ජිමින් හරි සිහියට ඇවිල්ල උගුර පෑදුවා... ආදි බාගෙට ගලව ගලව හිටපු ටවල් එක හායි ගාල බිම... ජිමින්ට උන් හිටි තැන් අමතක වෙලා ඇදේ අනිප්පැත්තෙන් බිම ට පැන්න පාර කොන්දත් බිම ඇනුනා...

ආදි අත් දෙකෙන්ම පපුව ආවරණය කරගෙන ඇදට මුවා වෙලා බිම ඉදගෙන කෑ ගහන්න ගත්තා...

❤: යා....පා....ක් ජි....මි...න් මන්
තමුසෙව කොනක ඉදන් කන්නේ... වලත්තයා.... එලියට යනවා.....හ්.... 😭

ජිමින් ඇදේ එහාපැත්තෙ බිම ඉදගෙන කොන්දට අත තියාගෙන කෑ ගහන්න ගත්ත...

🐣: කෑ ගහන්න එපා යෝධියේ... ගෙදර උන් හිතයි මං තමුසෙට බලහත්කාරකං කොරනව කියල....

❤: අහක බලාගනින් පාක් ජිමින්... මං ඔය ඇස් දෙක පොට්ට කරන්න කලින්...

🐣: අයියෝ... ඕකෙ මොනා බලන්න ද...
සනී ලියෝන් කියල ද දන්නෑ හිතන් ඉන්නේ.... සනී ලියෝන් නං බැලුවත් කමන්...

ආදි අතේ තිබ්බ ටවල් එකෙන් ඇද එහාපැත්තෙ හිටපු ජිමින්ට ගැහුව පාර ජිමින් දොරත් ඇරගෙන වැටි වැටි එලියට දිව්වා...

❤: යා... පාත්තයා... මං තමුසෙව බාබකිව් දාන්න කලින් මේ දොර වහල පල...😭😡

ආයෙත් දුවන් ආව ජිමින් දොරත් වහගෙන දුවල ගියා....

ජිමින් දුවගෙන කෙලින්ම ගියේ living room එකට... ඒ යනකොට ත් ටේ,නිත්‍ය,කුක් වගේම රෝස් ඇවිල්ල සීය එක්ක කතා කරමින් උන්නේ... ජිමින් දාඩිය දාගෙන දුවන් එනව දැකල හැමෝගෙම අවධානය ජිමින්ට යොමු උනා...

💜: මොකද මේ...?

🌹: ඔප්පා... මොකද දාඩිය දාල?

🐰: යකෙක් දැකල වගේ නේ...?

🐣: යකා නෙවේ යක්ෂ අංගනාව... තව පොඩ්ඩෙන් නූල් බැදල, ගුටිත් කාල ඉස්පිරිතාලෙ ලගින්න වෙනව...😰

ජිමින් ඉනටත් අතක් තියාගෙ දාඩිය පිහදාමින් ඇහෙන නෑහෙන ගානට මිමිනුව...

🧡: කවුරුහරි පස්සෙන් එලෙව්ව ද?

🧓: ජිමින්?

🐣: හිතන් ඉන්නෙ සනී ලියෝන් කියලා... හැටි විතරක්... 😒

ජිමින් තවමත් මුමුණනනවා...

🧓: ජිමින්...?

🐣: අ..ආහ්... ඇයි සීයේ...?

🧓: මොකද උනේ...?

💜: උඹට තාම ඔය සනී ලියෝන්ව අමතක කරන්න බැරි උනාද? බැන්ද විතරයි... පැණි හදේ යන්නත් කලින් සනී ලියෝන්... 🥲

ඒ අස්සෙ රෝස් කුකීට දාගෙන රවනවා...

🐣: මොන පැණිහදක් ද ඕයි... තව ටික දවසකින් හදට යන්න නෙවේ... මට හදේ පදිංචි වෙන්න තමා වෙන්නේ...

ජිමින් ජන්කුක්ට එහාපැත්තෙන් වාඩි වෙන ගමන් කිව්ව...

🐰; ආ... ඒක හොදයි... මගෙ ඉඩං කෑල්ලකුත් තියෙනව ඒ පැත්තේ... හියුන්ට අඩුවට දෙන්නං...

ජන්කුක් බනානා මිල්ක්ෂේක් එකකට වැඩේ දෙන ගමන් කිව්වා...

🐣: ඉඩම ගහගනින් උඹේ... මං කියන්නෑ මෙතන කෙල්ලො ඉන්න නිසා...😠




























ආදි Garden එකට වෙලා අහස දිහා බලාගෙන උන්නා... රෑ අහසේ තියෙන තරු රටා දිහා බලාගෙන උන්න ආදිට සමහර තරු රටා ලේසියෙන්ම අදුනගන්න පුලුවන් උනා...

🧡: ආදී...

❤: ආහ් ඔයා තාම ගෙදර ගියෙ නැද්ද නිත්යො...

🧡: නෑ අනී... ඔයාව දාල යන්න දුකයි...

❤: හහ්... ඒ මොකෝ එ?

🧡: අනේ මන්ද... රෝස් ඉන්නව නේ... ඔයාට කම්මැලි නං මට call එකක් දෙන්න...

❤: හම්... මේ අර ඉන්නෙ දඩයක්කාරයා නේද?

🧡: කෝ ... කොහෙද?

❤: මගෙ ඇගිල්ල කෙලින් බලන්නකෝ...

🧡: ම්.... ආ... ඔව්.... එහෙනම් ඔය ලග පාත ම හද්දින්නත්තරු ඇති...

❤: ම්... ඔව්...

🧡: ආදී... ජිමින් ඔයාට ආදරෙයි... එයාට රිද්දන්න එපා...

❤: මම කාවවත් රිද්දන්නෙ නෑ නිතී... හැමෝම මාව රිද්දුවට...

🧡: හම්... හෙට ඔයාගෙ කෑම හදන චාරිත්‍රය තියෙනවා...

❤: එහෙම ද? මාර වැඩේ නේද මටත් උනේ... චාරිත්‍ර වලින් බාගෙට බාගයක් කලේ වෙන කෙනෙක් එක්ක... ඒත් බැන්දේ තව කෙනෙක්ව...

🧡: ඔයා නොදන්නව උනාට ඔයාගෙ මෙහෙන්දි ගාන චාරිත්‍රය උනේ ජිමින් එක්ක...

❤: මොකක්?

🧡: ම්... මේ බලන්න ඔයාගෙ අත් දෙක... රෝස් එදා ලියල තියෙන්නෙ විජේ ගෙ නම වෙනුවට ජිමින් කියලා... එදා තමා විජේ දැනගෙන තියෙන්නෙ ජිමින් ඔයාට කැමතියි කියල... ඔයා ගිහිල්ල ජිමින්ගෙ අත බලන්නකෝ...

❤: හහ්... ඔයාල එයාගෙ අතෙත් මෙහෙන්දි ඇන්දද?

🧡: මම නෙවේ රෝස් තමයි... රෝස් ජිමින්ගෙ අතේ විතරක් නෙවේ... ටේ, ජන්කුක් ගෙ අත්වලත් ඇදලා... හරියට පොඩි එකෙක්ට මොකක්හරි ලැබුණ වගේ... එයාගෙ මූණෙත් ඇදගෙන තිබ්බා...

❤: ආ.... ජන්කුක් අර ලිද ලග වාඩිකරවගෙන බැන බැන මූණ ඇතිල්ලුවෙ ඒකද?

🧡: ඔව් ඔව්...

❤: අයියෝහ්..🤣 ඒක නෙවේ හෙට මම හදන්නෙ මොනවද?






































ආදි bedroom එකට ආවෙ නිදාගන්න කියල හිතාගෙන... ඒ වෙනකොට ජිමින් මුලු ඇදේම ආධිපත්‍යය පතුරවගෙන laptop එක ඔබ ඔබ ඉන්නවා... ඒ දිහා හිටගෙන බලන් ඉන්න ආදි,

❤: Mr. Park Jimin... මට වෙන room එකක් ready කරල ඕන...

🐣: මේ ගෙදර වෙන rooms නෑ Mrs. Park Adithya.... ඒක නිසා වද නොදී ඇවිල්ල නිදා ගන්න...

❤: මට බෑ...

🐣: ඇයි බැරි...? මම තමුසෙව ගිලින්නෑ... එනවා...

ජිමින් laptop එක shutdown කරල ඒක nightstand එක උඩින් තිබ්බ.

❤: මට බෑ ඔයාව එක්ක එක ඇදේ නිදාගන්න...

🐣: ආ... එහෙමත් එකක්ද? එහෙනං මැඩම් ඔය ලයිට් එක නිවල ඕන තැනක යනවා... මට නිදිමතයි...

❤: හහ්... යනව තමයි...

ආදි ගස්සගෙන එලියට ගියේ ලයිට් එකත් off කරගෙන... ආයෙමත් දුවගෙන ඇවිල්ල ලයිට් එක දාපු ආදි ජිමින් ඔලුව තියන් හිටපු කොට්ටෙ උදුරාගෙන එලියට දිව්වා...

🐣: ආදීව්.... වදේ... 😡

ආදි කොට්ටෙත් අරගෙන චන්ඩියා වගේ එලියට ආවට මොකද පඩිපෙල ලගට ඇවිත් living room එක දිහා උඩ ඉදන් බලද්දි හරිම භයානක විදිහට living room එක දර්ශනය උනා... ලයිට් නිවල තිබ්බ නිසා අදුරු ගතියක් තිබුනත් පාරෙ ලයිට් එලිය ජනෙල් තුලින් ගේ ඇතුලට ගලා ආව නිසාත්, සුදු පාට කර්ටන් රෙදි හුලගට සෙලවෙන ආකාරයත් දුටු ආදිට කරගත්ත මෝඩකම ගැන පසුතැවෙන්න සිද්ද උනා... ආයෙත් room එකට යන්න කකුල පිටිපස්ස ට තිබ්බ ආදි ට ජිමින්ගෙ සමච්චල්සහගත හිනාව හා ලැජ්ජකිරීම් ඇහෙනව ඇහෙනව වගේ දැනෙන්න ගත්තා...

🐣: ආහ්... චන්ඩි රැජින... මොකෝ... කලුවරට බය ද?

: හොද වැඩේ... තමුසෙගෙ කට විතරයි.. වැඩ නෑ...

: භය ගුල්ලි... ලැජ්ජයි හලෝ... හූහ්...

: හිතන් ඉන්නෙ සනී ලියෝන් කියලා... ඒත් බයේ ගැහෙනවා...

කල්පනා ලෝකෙක හිරවෙලා හිටපු ආදි ආයෙමත් හොද සිහිය ට ඇවිත්...

❤: නෑ නෑ... ඒ වගේ දෙයක් කොහොමටවත් වෙන්න බෑ... මම ඔය මනුස්සයට second වෙන්නෙ නෑ කියටවත්... ගැම්මෙන් ඉන්නෝන ආදී... පපුව ඉස්සරහට දාගෙන... හොල්මන් කියල දෙයක් නෑ... හොල්මන් කියන්නෙ හෙලවෙන මනස... හ්ම්... ඕං නමහ් ශිවායි..... ඕං නමහ් ශිවායි....

ආදි හෙමීට පඩිපෙල බැහැගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි උනා...

හෙමින්සැරේ කොට්ටෙ සෝෆා එක කෙලවරින් තියපු ආදි හෙමීට සෝෆා එකේ ඇල උනේ ඕම් කාරය මුමුනන එක නවත්තන්නෙ නැතුවමයි... ඇස් දෙකත් ඕනවටත් වඩා තදින් පියාගත්ත ආදි,

❤: හොල්මන් කියල දෙයක් නෑ ආදි... හොල්මන් කියන්නෙ හෙලවෙන මනස..
ඕං නමහ් ශිවායි.... හොල්මන් කියල දෙයක් නෑ ආදි.. හොල්මන් කියන්නෙ හෙලවෙන මනස... ඕං...


ජිමින් නිදාගන්න කියල ඇස් පියාගත්ත ට මොකද ජිමින්ට නින්ද අහලකටවත් ආවෙ නෑ... ආදි නිදි ඇතිද? කොහෙද දන්නෑ නිදාගත්තේ... ඔයවගේ දහසකුත් දේ ජිමින්ගෙ ඔලුවෙ හොල්මන් කලා... ඒක නිසාම ජිමින් නැගිටල ටෝච් එකත් අරගෙන room එකෙන් එලියට ආවෙ ආදිව හොයන්න කියල හිතාගෙන... පඩිපෙල ගාවට ම එනකොට ජිමින්ට ඇහුනේ ,

❤: හොල්මන් කියල දෙයක් නෑ ආදි..
හොල්මන් කියන්නෙ හෙලවෙන මනස... ඕං නමහ් ශිවායි....

ජිමින්ට බකස් ගාල හිනා යන්න ආවත් අතින් කට තද කරගෙන හඩ පිටවෙන එක වලක්වාගත්තා...

ජිමින් හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන ඇවිල්ලා සෝෆා එක ලගින් හිටගත්තා... ආදි නම් ඇස් දෙකත් වහගෙන කියවනව තාම... බිමින් වාඩි උන ජිමින් ආදිගෙ කන ලං වෙලා...

🐣: බුහ්හහ්හා... හා.... හොල්මන් කියල දෙයක් තියෙනවා... ඒක හෙලවෙන මනස නෙවේ....

ආදි උඩපැනල නැගිටල ගිරිය යටින් කෑ ගහද්දි ජිමින් ටෝච් එක තමන්ගෙ මූනට අල්ලගෙන ඇස් දෙකත් වපර කරන් හිනා වෙවී ආදි දිහා බලාගෙන උන්නා... ඒකට තවත් බය උන ආදි අහල ගම් හතේම මිනිස්සු ඇහැරෙන තරම් හයියෙන් බෙරිහන් දීගෙන අතට අහුවෙච්ච කොට්ටෙන් බිම හිටපු ජිමින්ට නෙලාගෙන නෙලාගෙන ගියා...

❤: ය..නව යන්න... න..ර..ක හොල්මන... හො...හොල්මන කියල දෙයක් නෑ... හො..හො..හොල්මන් කි...කියන්නෙ හෙලවෙන ම...මනස... ද...දෙන්නෙ පයින්...

මේ සද්දෙ ඇහුන ගෙදර මිනිස්සු පහලට දුවගෙන ආවෙ අතට අහුවෙච්ච දේ අරගෙන...

ටේ, ජන්කුක් ගෙ අතේ පිස්ටල්, රෝස් ගෙ අතේ කොස්සක්, සාජන් සෝත් එයාගෙ රාජකාරි ගිණිඅවිය උස්සගෙන තවත් තුන්දෙනෙක් එක්ක living room එකට ආව... living room එකේ lights on කරපු සීයා... පඩිපෙල බැහැගෙන පල්ලෙහාට ආව...

Lights on කරහම තමයි හැමෝම දැක්කෙ බිම පතබෑවිලා ඉන්න ජිමින්වයි තාමත් ජිමින්ට කොට්ටෙන් තඩිබාන ආදිවයි...


























(Adithya)

( නිත්‍ය ව හැමෝටම අමතක වෙලා ඇති... ඒකයි දැම්මේ..)

අලුත් cover එක ලස්සනයි ද?

අද මට මාර වැඩේ නෙ උනේ ලමයි...

මට අද කවදාවත්ම නැතුව උදේ පාන්දරම ඇහැරුණා... පාන්දර හතරට වගේ... මං බැලුව මොකද කියල... බැලින්නම් ලයිට් ගිහිල්ල... මට fan එක නැතුව නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනව... ඉතින් මං කරපු වැඩේ කොට්ටෙත් අරගෙන TV room එකේ couch එකට ගියා... එතන උදේ පාන්දර ට ටිකක් කුල්... මං නිදිමරගාතෙ එතනට ගිහිල්ල නිදාගත්තා.

අපේ අම්ම උදේ පහට එලාම් තියල නැගිටිනව. තේ හදල මට ඇහැරවන්නෙ උදේ හයට විතර... ඉතින් අම්ම ඇවිල්ල උදේ හයට මගෙ room එකට මාව ඇහැරවන්න කියල හිතාගෙන... අම්ම ඇවිල්ල බලද්දි මම නෑ ලූ... බාත්රූම් එකෙත් බලල හොයාගන්න නෑ කියල තාත්ත ව ඇහැරවල එයාටත් කියල හොදටම අඩලා මාව හොයාගන්න නෑ කියල...

ගේ හැමතැනම බැලුවලු... ඊටපස්සෙ ලොකු අම්ම ටත් Call කරල මේ පාන්දර එයාලවත් ගෙන්වාගෙන... අන්තිමට තමයි දැකල තියෙන්නෙ TV room එකේ දොර බාගෙට ඇරල තියෙනව කියල... හොරු පැනල ද දන්නෙ නෑ කියල බලද්දි... හොරා හොදට නිදි ලු couch එකේ... අම්ම හිතල තියෙන්නෙ මම පැනල ගිහිල්ල කියල... 🥲 කාට කියන්නද මේ අවනඩුව... පැන පැන යන්න මම හාවෙක් ද? 😒 අනික මොන ලෝකෙද පැනල යද්දි කොට්ටෙ විතරක් අරන් යන්නේ...? 🤭 අයියට කෝල් කරල කිව්ව ම කිව්ව ලු ඕකි කොහෙ යන්න ද අම්ම ඔය කොහෙහරි මුල්ලක ඇති කියල...🥲 තාත්තත් කියල ගේ ඇතුලෙමයි ඇත්තෙ කියල...අම්මල හිතල තියෙන්නෙ මම හීනෙන් ඇවිදගෙන ගිහිල්ල කොහෙ හරි අතරමං වෙලා කියල.... ඒ මිනිස්සු තව හොදයි... කොහොම හරි මාව අල්ලගෙන බැන බැන හිටියා... මට නං හොදටම හිනා... හිනා වෙන්න ගිහිල්ල ගුටියකුත් කෑව.... 🤣

Comment කරන්න...

කතා ඇහුව වගේ නෙවේ... Vote කරල යන්න අමතක කරන්න එපා....

සරන්ග්හේ...❤😉






























Bạn đang đọc truyện trên: AzTruyen.Top