🚘Challo Driver 69🚘

🐰: හායි...ladies... ඔයාල මොකටද ඔය උදේ ඉදන් අතේ චිත්‍ර අදින්නේ... ඕක ඇන්දම කොහොමද අනේ වැඩ කරගන්නේ...?

ජන්කුක් කෑ ගහගෙන ආවෙ නිත්‍ය ,ආදිගෙ අතේ මෙහෙන්දි අදින තැනට.. එතන නිත්‍ය විතරක් නෙවේ රෝස්, ටාන්ය දෙන්නත්, තව ගෑණු ලමයි ගොඩකුත් වට වෙලා හිටියා...

🧡: අයියෝ මොට්ට බනී.... මේක ඉක්මනට වේලෙනවා...ඊටපස්සෙ හෝදල අරින්න තියෙන්නේ... මාසයක් දෙකක් යනකන් මැකෙන්නෙ නෑ...

🐰: ඕ.... හරියට ටැටූ එකක් වගේද? 😳

🌹: තමුන් නම් මහ මෝඩයෙක් ජන්කුක්ශි... මෝඩකමේ උපත...😠

🥀: ඒයි... තමුන් අපේ බනීට හරියට කතා කරන්න ඉගෙනගන්නවා... තමුන් ඩොක්ට කියල හරි ලොකුකමෙන් නෙ ඉන්නේ... තාම හොයාගන්න බැරි උනා කහ වලට මොනාද දාල තියෙන්නෙ කියලා... කට නම් තියෙනවා...😏

ටාන්යා, රෝස්ට බැනගෙන බැනගෙන ගියේ හේතුවක් නැතුව. කුකියි නිත්‍ය යි මූනට මූන බලාගත්ත.

❤: අක්කී... කටවහගන්න... එයා අපේ අමුත්තෙක්. ඔහොම කතා කරන්න එපා...😠

🥀: දැක්ක ද මෙයා අපේ කුකීට කතා කරපු විදිහ?

🐰: ආශ්.... අයියෝ ටානී... අපි යාලුවො නේ... අපි හැමතිස්සෙම මේ විදියට රණ්ඩු වෙනවා. ආයෙත් ටිකකින් යාලු වෙනවා... නැද්ද රෝස්?

🌹: නෑ... මේ අහගන්නවා... ම්... කවුද මේ ...

🥀: ටාන්ය ... මගෙ නම ටාන්යා...

🌹: anyway කවුරුහරි...🙄 තමුන් හිතුවද කහ එකට මොනාද දැම්මෙ කියල හොයන්න මං පොලීසියෙන් හරි CID එකෙන්හරි කියල? මම doctor කෙනෙක්... මං කරන්නෙ මට අයිති දේ විතරයි... understand? ආහ්... තව දෙයක්... හැබැයි මං හොයාගත්ත කහ එකට වහ දාපු එකීව නං... එයාගෙන් ඇහුවොත් කියයි මොනාද දැම්මෙ කියල... It's not my job ...

🥀: ක..කවුද කහ එකට වහ දාල තියෙන්නේ...?

🧡: අයියෝ.... ටානී... තමුසෙටත් ඕන්නැති දෙයක් නෑ නේ... යනවකො එලියට වදයක් නොවී...

🌹: ඒක තමයි...

🥀: යනව තමයි...😡

ටාන්ය ගස්සලදාල එතනින් ගියා...

රෝස් තරහටම අහක බලාගත්තෙ කුකී ඇස් දෙකත් ලොකු කරන් රෝස් දිහා බලන් උන්නා... ඒක දැකපු නිත්‍ය එ දෙන්නටම කතා කලා...

🧡: කූකී...රෝස් මෙහෙ එන්නකෝ... මේ බලන්න ලස්සනද කියලා... ඔයාල දන්නවද මෙහෙන්දි එකේ පාට වැඩි වෙන තරමට husband ගෙ ආදරෙත් වැඩි වෙනවලු...

🌹: ඒකිව්වේ?

🧡: මේකෙ colour එක dark වෙන තරමට husband ගෙ ආදරේ වැඩියෙන් wife ට ලැබෙනව...

🐰: එහෙනම් නිතී... ඕක ලාවට ගාන්න...

🧡: ඒ ඇයි?

🐰: නෑ ඉතින්...

❤: න්...නෑ නෑ නිතී ඔයා ඕක තදට ගාන්න...

🧡: හාකෝ... මම මේ අයිනෙන් husband ගෙ නම ගහනවා...

❤: හම්...

ඒත් එක්කම නැන්ද නිත්‍ය ට කතා කලේ වැඩකට...

🧡: අත් දෙක එහෙ මෙහෙ කරන්නැතුව ඉන්න හරිද.... කුකී...රෝස් මෙයාව බලාගන්න...

🐰🌹: හරී...

❤: මරු ඩබල ට මාව බලාගන්න දීල ගියේ 🤣

🌹: ඇයි අනේ එහෙම කියන්නෙ...?

❤: මාව කෙසේ වෙතත් මට ඔය දෙන්න බලාගන්න වෙයි...🤣

🌹: මාව නම් නෙවේ මෙන්න මේ හාවා තමා බලාගන්න වෙන්නෙ...😅

🐰: අනේ මේ මගෙන් මුකුත් අහගන්නැතුව ඉන්නවා...

🌹: හරි හරි... මේ ඒක නෙවේ උන්නී... මම මෙතන නම ලියන්නද husband ගෙ...

❤: ඔයාට පුලුවන්ද?

🐰: ගොබ්බ රුවුල් දිගා කියල ලියහං...

❤: කුකී... කට... කාටහරි ඇහුනනම්...

🐰: එහෙනං පබෝ කියල ලියන්න...

❤: පබෝ?

🐰: ඕ...

🌹: පිස්සුද බූරුවෝ...

රෝස් මෙහෙන්දි එක අතට අරගෙන අදින්න ගත්තා... ආදිගෙ ඔලුව ට අත තියන්, අත දිහා බලන්න නොදී ඉන්න කුකී වගබලාගත්තා...

❤: අයියෝ කුකී... අත ගන්නවකෞ වදේ...

🐰: ඉන්න ඉන්න තා පොද්දයි මණික...😅😅😅

🌹: ටඩා....ඉවරයි... කෝ බලන්න උන්නී... ලස්සනයි නේද?

ආදි තමන්ගෙ අත දිහා බැලුවත් එයාට නම නම් හොයාගන්න බැරි උනා...

❤: මේ මොකක්ද?

🌹: ඇයි?

❤: මේ මොකක්ද ලියල තියෙන්නෙ?

🐰: කෝ බලන්න... ආ...හ්....හම්මෝහ් ...🤣

❤: ඇ...ඇයි?

🐰: ඇයි මේ කොරියන් වලින් ලිව්වේ? දැන් මනමාලයා කොහොමද ඕක කියවන්නේ? 😅😅











ආදි මෙහෙන්දි වේලෙනකන් ඉදල ගිහිල්ල හෝදගත්තා... ඒත් එක්කම එයා ගියේ වේජේ ගෙ මෙහෙන්දි ගාන චාරිත්‍රය කරන තැනට. එතන හිටපු නැන්දා ආදිගෙ අත් දෙක අරගෙන බැලුවා...

👧: හරිම ලස්සනයි පැටියෝ... මගේ කොණ්ඩ කිරිල්ලි හරි දක්ෂයි නෙ ඔහොම හිටියට... මේ මොකක්ද මේ... කෝ විජේ ගෙ නම?

ඒත් එක්කම එතනට ආවෙ ටේමින් දෙන්නා...

❤: ආ... මේ.. නම ලිව්වේ රෝස්... එ... එයා මේ ඒක කොරියන් වලින් ලියලා...

👧: කොරියන් වලින්?

ඒත් එක්කම එතනට ආව ලොකු අම්ම හිතක් පපුවක් නැති ගානට ආදිගෙ අත ඇදල ගත්තා...

🧛‍♀️: හහ්... කොරියන් වලින්... උඹට පිස්සුද කෙල්ලේ... උඹ බඳින්නෙ අපේ එකෙක් මිසක් මේ කොරියන් කාරයෙක් නෙවේ... මෝඩ කෙල්ල... අර මැරිච්ච අප්ප වගේම මෝඩයි... අර කොහෙන්වත් ඉදල ආව තේඋඩිච්ච් ට කියල අතේ බයිලාවක් ලියවගේන...

මේක පැත්තට වෙලා බලන් උන්න ටාන්යට නම් හරි හිනා... ජිමින්ට නම් තරහ පාලනය කර ගන්න බෑ... මේක එයාගෙ ගෙදර උනා නම් මෙලහටත් ආදිගෙ ලොකු අම්ම අඩි හයක් පොලව යට... ටේ ජිමින්ව අල්ලගෙන උන්නෙ ජිමින්ව ශුවර් ම නැති නිසා.

ඒත් එක්කම එතනට ආව විජේ ගෙ අයියා චිරාග් ආදිගෙ අත ලොකු අම්ම ගෙන් මුදාගත්තා...

: කෝ බලන්න... ෂා... මේ තියෙන්නෙ ලස්සනට. හරිම ලස්සනයි නන්ගී... නම නම් මොන භාශාවෙන් ලිව්වත් මොකද නේද? මෙහෙන්දි වල පාටනේ වැදගත්.... ඔයා අඩන්න එපා... මං කැමති නෑ මගෙ චූටි නන්ගි අඩනවට. Smile 🙂

❤: thanks

: විජේ මේ බලන්න ලස්සනද කියලා...

ඒත් එක්කම විජේ ඉදන් හිටපු තැනින් නැගිටල ඇවිත් ආදිගෙ අතින් අල්ලගෙන මෙහෙන්දි රටාව දිහා බැලුවා... විජේ ආදිගෙ අතින් අල්ලද්දි පැත්තක හිටපු ජිමින්ගෙ ඇස් ඉබේම වගේ තෙත් උනා... ටේ ජිමින්ගෙ කරට උඩින් අත දාල අල්ලගෙන හිටියෙ ජිමින් එතනින් යන්න හදපු නිසා.

විජේට කොරියන් ලියන්න බැරි උනාට සමහර දේවල් කියවන්න හැකියාව තිබ්බා. මොකද කොලේජ් එකේදි ටේට වගේම ජිමින්ට හින්දි බස් ඉගෙනගන්න විජේ උදව් කල නිසා එයාටත් යම්තාක් දුරට කියවීමේ හැකියාව තිබ්බ. කොහොමත් ජිමින්ගෙ නම විජේට කියවන්න පුලුවන්...

ආදිගෙ අත්වල තියෙන්නෙ ජිමින් ගෙ නම මිසක් තමන්ගෙ නම නෙවේ කියල විජේට තේරුණා. එයා අමාරුවෙන් හිනාවක් මූණට අරන් බලද්දි ආදි ඇස් ලොකු කරන් බලන් උන්නා...

❤: ඇයි විජේ ජී...? මේක කැතයි ද?

💙: අ...අනේ නෑ ගොඩක් ලස්සනයි...

❤: 🙂

💙: ජිමින් මේ බලපන්... හොදයි නේද?

විජේ ආදිගෙ අත් ජිමින් දෙසට යොමු කලේ හිනා වෙමින්... ඒත් එක්කම කලබල උන ජිමින් එතනට ආවෙ ආදිගෙ මෙහෙන්දි රටා බලන්න උනත් අයිනට වෙන්න ලියවිලා තිබ්බ තමන්ගෙ නම දැකල උන්හිටිතැන් අමතක උනා... ආදි තමන්ගෙ අත් විජේගෙ අත්වලින් මුදාගෙන ජිමින් ගෙ මූනටම ලං කලා...

❤: ලස්සනයි ද ජිමින්?

ජිමින් ට උඩ පැන පැන හිනාවෙන්න ඕන උනත් මෙතන මිනිස්සු ඉන්න නිසා ජිමින් ඉවසුවා... ඒත් ආදි නම් දන්නෙ නෑ එයාගෙ අතේ කාගෙ නමද ලියල තියෙන්නෙ කියල...

🐣: ගොඩක් ලස්සනයි... 🥺

❤: තෑන්ක්ස්...


















සංගීත් උත්සවේ රෑ වෙනකන්ම පැවැත්වුන නිසා හැමෝම හිටියෙ වෙහෙස වෙලා... ආදි නිදාගන්න කියල ඇදට ගියත් එයාට හරි හැටි නින්දක් නම් ලැබුනේ නෑ... ඒත් එක්කම room එකේ දොරට තට්ටු කරන හඩක් ඇහුව නිසා ආදි දොර ඇරියෙ නිත්‍ය කියල හිතාගෙන... ඒත්,

❤: ඔහ්... ජිමින්... මේ මහ රෑ... මොකක්හරි උවමනාවක් ද?

🐣: මට කතාකරන්න ඕන...

❤: ආහ්...ජිමිනා.... මේ මහ රෑ... දැන් නම් මට නිදිමතයි... අපි හෙට කතා කරමු... ok?

🐣: බැහැ... මේක දැන්ම කතා කරල විසඳගන්න ඕන...

❤: යන්න ජිමින්...වදයක් වෙන්නැතුව...

ආදි ඒක කිව්වෙ හිතකින් නොවුනත් ජිමින්ට ඒක වැදුනා... ආදිට ඕන උනේ නෑ ජිමින්ට බාපොරොත්තුවක් දෙන්න මේ අන්තිම මොහොතෙත්... ආදි දොර වහන්න යනකොට ම ජිමින් දොර වහන්න නොදී තල්ලුකරගෙන room එක ඇතුලට ආව. ආදි මුලු ශක්තියම යොදල ජිමින්ව තල්ලු කලත් වැඩක උනේ නෑ.. ජිමින් ඇතුලට ඇවිල්ල ඉවරයි.

❤: ජිමි..මේ මොකද? එලියට යන්න plzz කවුරුහරි ආවොත්...🥺

🐣: ඔයාට පුලුවන්ද මං නැතුව ඉන්න ආ...?

❤: අනේ ජිමින්...

🐣: නෑ පුලුවන්ද කියල විතරක් කියන්නකෝ...🥺

❤: අහන්නකෝ අපි හොද යාලුවෝ නේ...

🐣: මොන යාලුකන් ද හලෝ තමුසෙ එක්ක? තමුසෙ යාලුවෙක් නං අර විදිහට මටත් නොකියා ඔක්කොම දමලගහල මෙහෙ එයිද මගුල් කන්න...

❤: ජිමින්...🥺🥺

🐣: හ්..හරි මට කියනවා තමුසෙ අරූට කැමතිද? ඌට ආදරෙයි ද?

❤: පිස්සුද ඡිමින්? ආදරේ කියන්නෙ එහෙම එකපාරටම දැක්ක ගමන් ඇති වෙන දෙයක්වත්, එක්කෙනෙක්ගෙන් අරගෙන තවකෙනෙකුට දෙන දෙයක්වත් නෙවේ...

🐣: ඒ කියන්නෙ ඔයා ගෙ ආදරේ දැනටමත් වෙන කෙනෙකුට දීල ඉවරයි?

❤: ඔ..ඔව්...

🐣: කවුද ඒ?

❤: ඒක දැන් වැඩක් නෑ...

🐣: හම් ඒකත් එහෙමද? හැබැයි තමුසෙ කාට ලව් කරත් තමුසෙ මගේ... මේ පාක් ජිමින්ගෙ...තමුසෙ දන්නවනේ තමුසෙගෙ ලොකු තාත්තාට වඩා බලයක් මට තියෙනව කියල. හෙට තමුසෙ අරූව බඳිනව නං වැන්දබුවක් වෙන්න බලාගෙන බැඳපන්...

ජිමින් එහෙම කියල ආදිට තර්ජනය කරල එලියට යන්න හදද්දි ආදි ජිමින්ගෙ අතේ එල්ලුනා...

❤: අනේ ජිමින්... විජේ ට මුකුත් කරන්න එපා... එයා දන්නෙ නෑ නෙ මෙතන වෙන දේ... ලොකු තාත්තා, විජේගෙ අයියගෙ factory එකක් එයාගෙ නමට ලියාගෙන. ඒ වෙනුවට තමා මේ කසාදෙ කරන්නේ... එයා මේ කසාදෙට කැමති නෑ ජිමින්... 😭😭 ඒත් කරන්න දෙයක් නෑ... එයාල මාව අතෑරියොත් එයාලට පාරට බහින්න වෙයි... එයාල ගොඩක් අමාරුවෙන් ඔය තත්වෙට ආව මිනිස්සු ජිමින්... මට එයාලව අමාරුවෙ දාන්න බෑ....😭

🐣: ආදී....🥺























පහුවදා උදේ වෙනකන් බොහෝ දෙනා නොඉවසිලිමත්ව හිටියත් තවත් පිරිසක් නම් ඒ දිනය උදා නොවේවා යයි ප්‍රාර්ථනා කලා...

මේ අතර විජේ තමන්ගෙ wedding එක දවසෙ උදේ පාන්දර ම තමන්ගෙ අයියත් එක්ක ලොකු සාකච්ඡාවක.

💙: මං මේ කසාදෙට කැමති නෑ කියල ඔයාල හොදටම දන්නව නේ.. ඉතින් මොකටද මේ තේරුමක් නැති චාරිත්‍ර?

: මේ අහපන්... අපි මෙච්චර කාලයක් දුක් මහන්සිවෙලා හම්බ කරපු දේවල් අර කාලකන්නියා බලෙන් උදුරගන්නව බලන්න ද ඕන? ආ...? ඌ මහ පාහරයෙක්... උගේ පව් වලට කරගහන්න වෙලා තියෙන්නෙ අර අම්ම අප්ප නැති අසරණීට....

💙: ඒ කෙල්ල තාම පොඩියි.. ඇයි ඌට බැරි උගේ දරුව ව බිලි දෙන්න... හැමෝම තමන්ගෙ වාසියට වැඩ...

: මං proposal එක ගෙනිච්චෙ උගේ දුවට. උගේ දුවයි ගෑණියි නං උඩින්ම කැමති උනා මේකට... ඒත් ඌ කැමති නෑ උගේ දුවව අපි වගේ උන්ට දෙන්න..
අපි උන් වගේ වලව් කාරයො නෙවේ නේ...

💙: ඕකි අර අහිංසක කෙල්ලගෙ කහ එකට වහ දැම්මා... මං යන්න කලින් ඕකිට හොද පාඩමක් උගන්වනවා... ඒත් මං කොහොමද ජිමින්ගෙන් ආදිව උදුරගන්නේ...

: හොදටම ෂුවර් ද ජිමින් ආදිට ආදරෙයි කියල?

💙: සීයට සීයක් ෂුවර්... මං හිතුවෙ ඒක ඒකපාර්ශ්වික යි කියල. ඒත් ආදි එක්ක කතා කරාම මට තේරුණා එයාගෙ ලෝකෙ ජිමින්ට තියෙන ඉඩ මට නෑ කියල... ඒ ඉඩ කවදාවත්ම ගන්න බෑ...

: ජිමින් එක්ක කතා කරල factory එක අපේ අතට ගත්තට පස්සෙ නන්ගිව...

💙: අයියට ඒ කෙල්ලගෙ ජීවිතේ විහිලුවක්ද? මේක කසාදයක්... කසාදෙන් පස්සෙ අතින් අත යවන්න ඒ කෙල්ල...

: හරි හරි මොකක්හරි ම ක්‍රමයක් ඇති... අපි බලමුකෝ...

ටොක් ටොක්...💥

: කවුද?

🐣: මම ජිමින්...

💙: ජි...ජිමිනා... දොර ඇරල තියෙන්නෙ වරෙන් ඇතුලට...






































අනේ ඒ හිනාව දකිනකන් මට ඉවසිල්ලක් තිබුනෙ නෑ... මගේ ප්‍රශ්නත් ඔක්කොම නැති වෙලා ගියා වගේ ...

මං මුලින්ම හිතුව කතාව ඉක්මනට ඉවර කරනව කියල... ඒත් දැන් නං බෑ වගේ...

හැමෝටම thank you වචනයකින් හරි මගෙ හිත හදපු...

අර wttpad එකේ එක ඕතර් කෙනෙක් කියල තිබ්බ එයාගෙ readers ල තමා එයාගෙ painkiller එක කියල.... ඔව් එයා කිව්ව එක හරි... එයාට තරන් readers ල ගොඩක් මට නෑ තමයි..
ඒත් ඉන්න ටික දෙනා මගේ හිත හැදෙන්න වචනයක් කිව්ව එක මට සැනසීමක් උනා... ඇත්තටම සමහරු නම් painkiller එකක් තමා තුවාල වෙලා රිදුම් දෙන හිතකට...

Love you readers ❤🙂

Vote කරන්න....
Comment කරන්න...❤🙂




















Bạn đang đọc truyện trên: AzTruyen.Top