🚘Challo Driver 64🚘
ජිමින් මුලු ගෙදර වටේම ඇවිද්ද ආදිව හොයන්න. ආදි එක්ක ටිකක් කතා කරන්න. ඒත් ජිමින්ට සිද්ද උනේ එක එක්කෙනා එක්ක කතා කර කර ඉන්නයි. එයාලගෙ වැඩ වලට උදව් කරන්නයි. මේ අතර වරුන් ජිමින්ට ගෙනල්ල දුන්නෙ බෑග් වගයක්. ඒවයෙ තිබ්බෙ කුර්තා ටොප් වගයක්. ආදිඝෙ වෙඩින් එකට අදින්න ටේමින්කොක් තුන්දෙනාට ම ඇදුම් දීල තිබ්බ. ජිමින් ඒටික ජන්කුක්ට දීල එන අතර ටේ හම්බුනා.
💜: කොහෙද යකෝ යන්නේ...? මං හැමතැනම හෙව්ව තෝව...😒
🐣: මං පොඩ්ඩක් කුස්සිය පැත්තට ගියා... ආදි ගෙ ආච්චම්ම මරු කතා වගයක් කිව්ව ආදි ගැන... ඒව අහගෙන හිටියා වෙලාව යනව දැනුනෙ නෑ... 😄
💜: ආ...ඇත්ත ද පබෝ... තෝ මෙතන නාකි ආච්චිල එක්ක මුකුළු කර කර ඉන්නව. අන්න අරෙහෙ අර බෝධිලිමා තොගෙ කෙල්ලව බාගන්න හදනවා...තොට නං ගානක්වත් නෑ...
🐣: මොන බෝදිලිම ද? 🤨
💜: වෙන මොකාද ඉතින් දේවාලකොණ්ඩයා තමා...🙄
ටේ තව මුකුත් කියන්න කලින් ජිමින් දිව්වෙ නිකන් ෆ්ලෑෂ් ගෙ ආච්චි වැහුන වගේ...😅
මේ අතර , ආදියි vijey හිටියෙ Garden එකේ bench එකක ඉදගෙන. Vijey නං ආදි දිහා බලාගෙන හිටියෙ හරිම ආදරණීය බැල්මකින්. ඒත් ආදි නං Vijey ට එක බැල්මක්වත් නොදී ඉන්න පරිස්සන් උනා.
💙: ආදී....
( Author: Oh my poor හාටූ.... මට මේ කොල්ල කතා කරනව ඇහෙනව ඇහෙනව වගේ...Anyone have Deverakoda fans here ? 🥲)
💙: ආදී... දැන් දවස් දෙකක්ම මං ඇවිල්ල ඔයා එක්ක කතා කරල ගියා...මං ඔයාගෙන් ප්‍රශ්න අහනව. ඔයා උත්තර දෙනව. ඒත් ඔයාට මගෙන් අහන්න ප්‍රශ්න නැද්ද නන්ගි?
❤: ආ...?
💙: නෑ... මං ඇහුවෙ ඔයාට මන් ගැන දැනගන්න ඕන නැද්ද කියල...
❤: ම්....
ආදි ඔලුව දෙපැත්තට වැනුවෙ දැනගන්න ඕන නෑ කියන්න වගේ... ඒත් ඒකට නං vijey ට හිනා ගියා. ආදි ඇත්තටම පොඩි දරුවෙක් වගේ. Vijey හිතුවෙ ආදි ලැජ්ජාව ට ඔහොම ඉන්නෙ කියල. ඒත් එයා දන්නව නං එයාගෙ හිතේ vijey ට ඉඩක් නෑ කියල.
💙: අහන්න මුකුත්ම නැද්ද? මොකක්ද අනේ... අපි යාලුවො නේ..මොනවහරි කියන්නකෝ.... මගෙන් මොනවහරි අහන්නකෝ...
ආදිට නං මේක මල වදයක් වෙලා තිබ්බෙ. ආදි කසාදෙ කියන දේ දැක්කෙ දඩුවමක් විදිහට. නිදහසේ අහසේ ඉගිල්ලිලා යන කුරුල්ලෙක්ව අල්ලල කූඩුවක හිර කරගෙන කන්න බොන්න දුන්න ට වැඩක් නෑ... ඒ කුරුල්ල කූඩුව ඇතුලෙ ඉන්නෙ සතුටින් නෙවේ නං. ආදි ඉන්නෙ බැදීම් ඇතුලෙ හිර වෙලා. එක පැත්තක එයාගෙ නෑදෑයො, අනෙක් පැත්තෙ එයාගෙ boss හොදම යාලුවා ඒ වගේම එයාගෙ ආදරේ වෙච්ච ජිමින්. එයාට එක පැත්තක් තෝරගන්න වෙලා.
❤🧠: ඒ අස්සෙ අර පිස්සු ගෑණි ලොකු අම්ම කියන වදකාගාරේ මාව මූ එක්ක එලියට එව්වා කියව කියව ඉන්න...😠
ආදි හිතින් බනින ගමන් විජේගෙ මල කරදරෙන් බේරෙන්න, එයාගෙන් අහන්න ප්‍රශ්න මොනාද තියෙන්නෙ කියල මතක් කලා.
💙: අහන්නකෝ...
❤: ඔයා කොහොමද ජිමින්ව දන්නේ?
( ඉදල ඉදල ඔය ඇහුවෙ ප්‍රශ්නයක් )
💙: අ...අහ්...🥲 ඔයාට ඒකද තියෙන ප්‍රශ්නෙ? 🙂
❤: ඔව්...🙂
💙: okey... okey...එහෙනං මං කියන්නම් කෝ. අපි එක University එකේ. එක faculty එකේ. එක බැජ් එකේ. අපි කිව්වෙ මායි ටේමින් ඩබලයි. අපි first time meet උනේ වලියකින්. 😏
❤: වලියකින්? Woow... Interesting...😅😅😅
💙: ඔව්... අහන්නකෝ ඉතින් ............................
ආදි හිනා වෙවී vijey එක්ක කියව කියව හිටියා. එයාල college කාලෙ කරපු ආතල් වැඩ. කෙල්ලන්ව බයිට් කරපු විදිහ. රෑට ජිමිනුයි ටේයි ඇවිල්ල vijey ව හොස්ටල් එකෙන් එලියට පන්නගන්න විදිහ. පැනල ගිහිල්ල ක්ලබ් ගානෙයි, පාරක් පාරක් ගානෙයි රස්තියාදු ගහපු විදිහ, දනුෂ්ල එක්ක වලි දාගෙන පොලීස් කූඩුවල ලැගල හිටපු ඒව. ගැන කියද්දි ආදිට නං විශ්වාස කරන්නත් බෑ ඒ කියන්නෙ එයාගෙ ජිමින් ගැන කියල. ආදි හිනා වෙවී vijey ගෙ කතාව අහගෙන හිටියා. වෙලාවකට හිනා වෙන ගමන් විජේ ට ගහනව. වෙලාවකට දෙන්න පහක් ගහනවා. ඒ දෙන්නට යාලුවො වෙන්න මහ වෙලාවක් ගියෙ නෑ...
ඒත් මේ දිහා තව කෙනෙක් ගොඩක් වේදනාවෙන් බලන් ඉන්නව කියල එයාල දන්නව නම්....
පසුදින
උදේ පාන්දර ජිමින් නැගිට්ටෙ ගෙදර මිනිස්සුන්ගෙ සද්දෙට. ඒත් එක්කම ටේ වත් නැගිට්ටන්න කියල ඇදේ එහාපාත්තට අත යවපු ජිමින්ට ටේව අහුඋනේ නම් නෑ...
🐣: මූ කලින්ම නැගිටලද?
ඒත් එක්කම එහාපැත්තෙ ඇදේ හිටිය කුක් ව ඇහැරවන්න කියල බලද්දි ජන්කුකාත් ඇදේ නැති බව දැක්ක ජිමින්ට අමුත්තක් දැනුනත් ඒක ගානකට නොගෙන ටවල් එකත් අරගෙන bathroom එකට ගියා.
මේ අතර ටේකුක් දෙන්න එයාලගෙ කුරිරු ප්ලෑන් එක ක්‍රියාවට නංවන්න වටපිටාව සකස්කරමින් උන්නා. තමන්ට ලැබුනු ඉන්දියානු සාම්ප්‍රදායික ඇදුම් වලින් සැරසුන ටේකුක් දෙන්න එලියට ආවෙ ඉස්සරහට හම්බවෙන හැමෝටම හිනාවකින් සංග්‍රහ කරන්න අමතක නොකරමින්. හැමෝම මේ දෙන්න දිහා බලන් උන්නෙ ඇස් ජිල් බෝල සයිස් කරගෙන. ගෑණු ලමයින්ගෙ අවධානය ටේකුක් දෙන්නට ලැබුන නිසා ටේ නං බයේ උන්නෙ. නිත්‍ය ගෙන් ගුටි කන්න වෙයි කියල.
ඒත් නිත්‍ය හිටියෙ ආදිව චාරිත්‍ර වලට ready කරන ගමන් මේ අතර ජන්කුක් ගියේ කහ ගාන චාරිත්‍රය ට ඕන කරන දේවල් සූදානම් කරන තැනට. එතකොට තමා ආදි ගෙ නැන්දා ට්‍රේ එකක තියාගෙන කහ භාජන දෙකක් අරන් යනව ජන්කුක් දැක්කේ. තමන්ගෙ mission එකේ පලවෙනි පියවර ක්‍රියාත්මක කරමින් ජන්කුක් ගියේ නැන්ද ගාවට.
🐰: Very good morning ආන්ටී...😃
👧: ආ... Good...ඕහ්... අරේ භගවාන් ජී... මට අදුරගන්න බැරි උනා නේ මගේ හා පැටියව. මොනතරං හැන්ඩ්සම් ද මේ කොල්ලා... ඇස්වහක් නං වදින්න එපා...ඇත්තමයි කොල්ලෝ මට තව දුවෙක් හිටිය නං මං ඔයාට තමා දෙන්නේ...😘
🐰: අහ්...හයියෝ ආන්ටී...ඉතින් තව දුවෙක් මොකටද .... ආන්ටිගෙ දුවව මට දෙන්න තිබ්බ නේ... වෙන වෙන අයට දුන්නේ...😅😅
👧: ඒක ඉතින් මගේ තීරණේ නෙවේ නේ.. අපෙ අයියගේ වැඩ නේ...
🐰: ඒ කියන්නෙ ලොකු තාත්ත කැමති නං ආදිව මට දෙනව කියලද? 😃
👧: අනේ අම්මප ඇත්තට මේ හා කොල්ල නං...
🐰: හරි හරි මං විහිලුවට කිව්වේ...😅ඒකට නෙවේ නැන්ද මේ මොනාද මේ කප් දෙකේ...
👧: ආ...මේවද? මේව තමා පුතේ ආදිගෙයි vijey ගේයි කහ ගාන චාරිත්‍රය ට ඕන කරන කහ....
🐰: පේස්ට් එකක් නේ...? මං හිතුව කහ කුඩු ගාන්නෙ කියල...
👧: නෑ නෑ... මේකට කහ විතරක් නෙවේ කුංකුම, ඔලිව් තෙල් වගේ තව ගොඩක් හමට ගුණදායක දේවල් එකතු කරල හදපු පේස්ට් එකක්.
🐰: ඕ... 😳 එතකොට මේ බෞල් දෙකක්?
👧: ඔය සුදු පාට බෝල් එක ආදිට, නිල් පාට එක අපේ විජේ පුතාට.
🐰: ආහ්... දැන් මේක කොහෙටද ගෙනියන්නේ?
👧: මිදුලෙ තියෙනව මණ්ඩපයක්. එතන තමා චාරිත්‍රය සිද්ධ වෙන්නෙ.
🐰: ඔයා කොහොමද මේක එච්චර දුරක් අරගෙන යන්නේ.... බරයි නේ... මං ගෙනියන්නද?
👧: පුතාට පුලුවන්ද?
🐰: අයියෝ ඕක මොකක්ද ආන්ටී...කෝ දෙන්න...😊
ජන්කුක් කහ බෝල් දෙක තිබ්බ ට්‍රේ දෙක අතට අරගෙන මිදුලට ගියේ තමන්ගෙ කපටි අදහස ක්‍රියාත්මක කරන්න බලාගෙන.
🐰🧠: බලාගෙන ඉන්නකො ආන්ටී... ඔයාලගෙ විජේ පුතාට කහ ගාන චාරිත්‍ර යෙන් පස්සෙ කහ කහ තමා ඉන්න වෙන්නේ.... ඒක මගේ පොරොන්දුවක්..😌😌😌😈
( ජන්කුක් )
)
(Taehyung)
( ජිමින් )
(ආදී )
(නිත්‍ය)
කොහොම ද අපේ ජන්කුක් ගෙ plan එක...?
දෙවියනේ... මොන වින්නැහියක් සිද්ධ වෙන්න යනවද මන්දා...
බාල්දියක් ඇතුලෙ බාල්දි සීසන් කමින් සූන්...
ගැම්මට ඉන්න ඕන රීඩර්ස්...😎
ඉදිරියෙදි ඔබේ මැක්නෙලයින් එකේ ඔප්පල තුන්දෙනා චොර වී යනු දැකීම සදහා ගැම්මට සිටිනු.
Comments අවශ්‍ය වේ...
ඔය පහත ඇති තරු ලකුණ එබීම අනිවාර්ය වේ...
වෝට් ගෝල් complete නොකරත් අප්ඩේට් දුන්න ඕතරී ගැනත් මොනවහරි කියාගෙන යන්න.
වෝට් ගෝල් එක 25 ලමයි
සරන්ග්හේ...❤😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top