🚘Challo Driver 60🚘
Jimin , ශොප් එකට ආවට පස්සෙ ආදිටයි, ටාන්යට යි ඇතුලට යන්න දීල අනිත් අයව අල්ලගත්තා.
🐣: මට උදව්වක් ඕනෙ...අනේ ප්ලීස් බාල්දි නං දාන්න එපා.
🧡: මොකක්ද කියන්නකෝ...
🐰: කියන දේ අනුව තමා බාල්දිය යූස් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ...😏
💜: මොකක්ද කියපන්කෝ...
🐣: මට ආදි එක්ක විනාඩි දහයක් කතා කරන්න ඕන... ඒත් අර තොරොම්බල් කරත්තෙ හින්ද ඒක කරන්න බෑ...
💜: උඹ කියන්නෙ අපිට ඒකිව අරන් ඈතකට යන්න කියල ද?
🐣: ඔව්... ප්ලීස්... මේ චාන්ස් එක මට නොලැබුනොත් ආයෙත් මට ආදි එක්ක කතා කරන්න නොලැබෙන්නත් පුලුවන්..🥺
🧡: හරී... මං කැමතී... හැබැයි වැඩේ කරන්න වෙන්නෙ මේ දෙන්නට තමා...මොකද ඕකි මට පොඩ්ඩක්වත් කැමති නෑ...🙄
🐰: හරි... ඒත් එයා මගෙ කම්මුල් මිරිකන්න එනව නේ... මට හොම්බට දෙකක් අනින්න හිතෙනව ඒ වෙලාවට...😡
💜: කරන්න දෙයක් නෑ...මේක අපිට ලැබෙන last chance එක වෙන්න පුලුවන්...
🧡: ඕකේ... එහෙනම් ජිමින්... ෆයිටින්...✊✊
එකපාරටම ජිමින්ට සැලියුට් කරපු ටේ කුක් දෙන්න.
💜🐰: Good luck sir...😌
🐣: thanks....
.
.
.
.
.
.
.
.
.
.
.
💃: මේක කොහොමද ආදී... 🙂
❤: අනේ... ඒකෙ colour එකට මං කැමති නෑ...😒
💃: මොකක්ද අනේ... ඔයාට පේන්නෙ orange, pink වගේ ගොඩේ colours විතරද? බලන්න මේ red එක. Soo sexy...😏
🐰: hey girls.... ලෙහෙන්ගා එකක් තෝරගත්තද? 😉
❤: හම්ස්...🤧 තාම නෑ....😒
💃: බලන්නකෝ කුකී... මෙයාට මං තෝරන එකක්වත් හරියන්නෑ නෙ...🙄 මේක fit on කරල බලන්න කියන්නකෝ...
❤: බෑ බෑ... මේ jacket එක... ඒක ඕපන් වැඩී... 😐
🐰: අයියෝ ආදි ... ඕක ඇන්ද කියල මුකුත් වෙන්නෑ නෙ... ප්ලීස්... යන්නකෝ.... ඔයා එන්න බේබි මාත් එක්ක...😉
💃: අහ්...😍 okey...
❤: යකෝ කුකී... මූට මොන මල යකා වැහිලද?
🐰: ඔයාට තියෙන්නෙ මාර fashionable ඇහැක්...මං ආස ඒ type එකේ girls ලට...😉
💃: ඕ...මං පොඩි කාලෙ ඉදන්ම fashion කරන්න ආසයි. ඔයාට කියන්න අපේ චූටි බබා...
🐰: ඔයාට බබෙකුත් ඉන්නව ද? මට නම් පේන්නේ තාම හයිස්කූල් යන පොඩි කෙල්ලෙක් වගේ ....
💃: පිස්සුද අනේ... චූටි බබා කියන්නෙ අපේ ආදි ට...🤭
🐰: ආ... ආදි ට... මං හිතුව ඔයා මැරීඩ් කියල... මගෙ හදවත දෙකඩ වෙලා ගියා... 💔😏
💃: අනේ යනව යන්න බොරු කියන්නැතුව... 😐
🐰: සිරාවටමයි කියන්නෙ... ඔයා පල්ලා...🙂
💃: අනේව්... මට ලැජ්ජයි...
🐰: ලැජ්ජ වෙන්න එපා ... ( නෙදකින් ගොං ගෑණි...😒)
💃: කෝ අනේ මේ ජිමින්... 😲
💜: හායි බේබි... ඔයා මොන වගේ dress එකක්ද හෙට අදින්න හිතන් ඉන්නේ...😉
💃: මං හිතන් ඉන්නෙ ලෙහෙන්ගා එකක් අදින්න...
🐰💜: වාව්...
💜: අර පැත්තෙ තිබ්බ ලෙහෙන්ගා වගයක්... ඔයා කැමති නං මං select දෙන්නං...
💃: ඔයාගෙ gf මට බනී ද දන්නෑ...
💜: ආ... එයා ඉන්නෙ ආදි එක්ක... අනික එයා ඔයා වගේ fashionable නෑ නෙ... සෝ ගොඩේ...
💃: ඔහ් මයි ගෝඩ්... ඒ නපුරිට ඇහෙන කියන්න එපා ඔයාට ගුටි කන්න වෙයි...😅😅😅
🐰: ඒක නං ඇත්ත හියුන්...🥲
මේ අතර නිත්‍ය ජිමින් දෙන්න ගියේ ආදි ඉන්න තැනට. ආදි fit on room එකට ගිහිල්ල ටාන්යා දීපු ලෙහෙන්ගා එක ඇදගෙන එලියට ආවෙ නිත්‍ය ව බලාපොරොත්තුවෙන් උනත් එතන හිටියෙ නිත්‍ය නෙවේ...
❤: ජි...ජිමින්... කෝ නිත්‍ය...?
ජිමින්ට නං ආදි කියන එක ඇහෙන පාටක් නෑ... එයා උන්නෙ ඇස් දෙක ලොකු කරගෙන ගල් ගැහිල්ල වගේ ආදි දිහාම බලාගෙන.
( ඔන්න ආදිගෙ dress එක )
තමන් කියන දේ ජිමින්ට ඇහුනෙ නැති බව දැක්ක ආදි ජිමින්ගෙ ලගට ඇවිල්ල උරහිසට තට්ටු කලා... එතකොටම කලබල වෙච්ච ජිමින්,
🐣: අ...ආදී...ඕක නං අදින්න හිතන්නවත් එපා... මේ බලන්න හැම තැනින්ම ඕපන් නේ... බලන්නත් ලැජ්ජයි. කකුලකුත් එලියෙ..තව මේ මේකත් එලියෙ... උඩින් බැලුවම ඔක්කොම පේනවා...ඕක අදින්න එපා...
❤: මොකක්ද කිව්වේ? 🤨
🐣: නෑ මං කිව්වෙ ඕක මේ...open වැඩී... වෙන එකක් බලන්න... ඉ..ඉන්න මං හොයන් එන්නං... 🥲
❤: හරි එහෙනං... 😏
ටික වෙලාවකට පස්සෙ ජිමින් ආවෙ pink colour ලෙහෙන්ගා එකක් අරගෙන. ආදි ඒක අතට අරගෙන ලොකු හුස්මක් පහතට දාල ජිමින් දිහා බැලුව. මොකද ආදි දන්නව මේ dress එක වෙඩින් එකේ bride ට ගැලපෙන්නෙ නෑ කියල. ඒත් එයාට ජිමින්ගෙ හිත රිද්දන්න ඕන උනේ නැති නිසා එයා ඒක ඇදගෙන ආව...
🐣: වා......ව්.... ඒන්ජල් කෙනෙක් වගේ... 😳😍
( මේ හරියෙදි අර සින්දුව අහන්න - mere dilko there dilki.... මං උඩ ලින්ක් එක දැම්මා )
එකපාරටම ජිමින් ගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්තෙ සතුටට ද දුකට ද කියල ජිමින්ට වත් හිතාගන්න බැරි උනා... ආදි දැක්කා ජිමින්ගෙ ඇස් වලින් නොනවත්වාම ගලන කදුලු. කලබල වෙච්ච ආදි දුවගෙන ඇවිත් ජිමින්ගෙ මූන අත් අතරට අරන් කදුලු පිහදැම්මේ කලබලෙන් වගේ...
❤: ම්...මේ මොකද මේ...🥺 ඇයි දෙවියනේ අඩන්නේ... මේ dress එක කැතද? අනේ කතා කරන්නකො ජිමින්...
ආදිට ඕන උනේ ජිමින්ගෙ කදුලු නවත්තන්න උනත් ඒකෙන් උනේ ජිමින්ගෙ ඇඩිල්ල තවත් වැඩි වෙච්ච එක. එකපාරටම වෙලාව බලපු ජිමින්ට තේරුනා විනාඩි දහය අවසන් වෙන්න ලග බව. කලබල වෙච්ච ජිමින් ආදිගෙ ඉනෙන් අල්ලගෙන එහෙම්මම තල්ලුකරන් ගියෙ fit on room එකට ඇතුලට. එකපාරටම ජිමින් කරපු දේ නිසා කලබල උන ආදි කෑ ගහන්න හැදුවත් ජිමින් ආදිව room එකේ mirror එකට හේත්තු කරල එක අතකින් කට තද කරල වැහුවා. එක කකුලකින් fit on room එකේ දොර වහල දාපු ජිමින් තමන්ගෙ කටට ඇගිල්ල තියල ආදිට කිව්වෙ කෑ ගහන්න එපා කියල. ඒක තේරුම් අරගෙන ආදි හෙමීට ඔලුව වනපු නිසා ජිමින් ආදිගෙ කටේ තිබ්බ අත හෙමීට අහකට ගත්ත.
❤: මොකද මේ? 🥺
🐣: ෂ්....🤫 ප්‍රශ්න අහන්නෙ මං... උත්තර දෙන්නෙ ඔයා... මගෙන් ප්‍රශ්න අහන්න බෑ...understand?
❤: ම්...
ජිමින් හිටියෙ ආදිට ගොඩක් ලං වෙලා... මොකද ඒ room එකේ දෙන්නෙක්ට හැරෙන්නවත් ඉඩ තිබ්බෙ නැති නිසා... මේක ආදිට ලොකු අපහසුතාවයක් උනා.
🐣: ඔයා සතුටින්ද ආදි? 🥺
❤: ආ...? 😳
🐣: මං ඇහුවෙ ඔයාල සතුටින්ද කියල..
❤: ඔ...ඔව් මං සතුටින්... 😔
🐣: ඔයා එයාට ආදරෙයි ද?
❤: කාටද?
🐣: ඔයා marry කරන්න යන කෙනාට.
❤: දන්නෑ...😔
🐣: එයා ඔයාට ආදරෙයි ද?
❤: දන්නෑ...
🐣: හහ්...හ්...😅🥺 නියමයි නේ...
ජිමින් උඩ බලාගෙන හිනාවෙන්න ගත්තෙ ආදිට සමච්චලේට වගේ...
❤: මොකද හිනාවෙන්නේ...?
🐣: ප්‍රශ්න අහන්නෙ මම ආදි... ඔයා ට බෑ මගෙන් ප්‍රශ්න කරන්න...
❤: ම්... අහන්න.
🐣: ඔයාට ආදරේ ද කියලවත් දන්නැති, ඔයාව දෙතුන්වතාවකට වඩා දැකල නැති එක වචනයක්වත් කතා කරල නැති එකෙක්වද marry කරන්න යන්නේ?
❤: මං මොනව කරන්නද ජිමින්? මට බෑ ලොකු තාත්තාට විරුද්ධ වෙන්න.
🐣: හහ්... ඒකත් එහෙමද? ඒ කියන්නෙ තමුසෙ ඌව බඳිනව...?
❤: ඔව්...
🐣: ස්තීරයි...? 🥺
❤: ......
🐣: මං අහන්නෙ ෂුවර් ද කියල... කතා කරනවා...😡
❤: ෂ්...ෂුවර්... 😭😭😭
ආදි ජිමින්ව තල්ලුකරගෙන එලියට යන්න හදද්දි ජිමින් ආයෙමත් කතා කරන්න ගත්ත. ඒ කිව්ව දේ නිසා ආදිට අකුණක් ගැහුව වගේ හැරිල ජිමින් දිහා බැලුව.
🐣: I love you 🥺
❤: ජිමින්? 🥺
🐣: මං ඔයාට ආදරේ කරනවා. මට.. මට.... ඒක කියාගන්න බැරුව මං කොයි තරම් නං දුක් වින්ද ද? මට තවත් නං ඉවසන්න බෑ... මාව මැරිල යයි ආදි... ප්ලීස් මාව තේරුම් ගන්න. මට බෑ ඔයාව වෙන කෙනෙකුට අයිති වෙනව බලන් ඉන්න.🥺 අ...
❤: කොච්චර කල් වෙනවද? 🥺
🐣: මොකක්ද? 🥺
❤: කොච්චර කල් වෙනවද ඔයාට මං ගැන ආදරයක් දැනිලා..?
🐣: මාස අටක් වගේ...
❤: ඇයි මට නොකිව්වේ?
ආදි ජිමින් ගෙ ටී ෂර්ට් එකේ කොලර් එකෙන් අදින ගමන් කෑ ගහන්න ගත්තා..
🐣: ම...මට බය හිතුනා...ඔයා මගෙන් ඈත් වෙයි කියල...🥺
❤: ඔයා...ඔයාට තිබ්බ මට කලින් කියන්න... ඔයා නිසා තමා මේ සේරම... මං හිතුවෙ මට කවුරුත් ආදරේ නෑ කියල. ඔයා... ඔයා මුලින් ම මගෙන් ඩේට් එකකට යමුද කියල අහපු වෙලාවෙ මට කොයි තරම් නං සතුටු හිතුනද කියල දන්නවද? ඒත් ඔයා.. එක තත්පරයෙන් ඒක වෙනස් කලා... ඔයා මොකක්ද කිව්වේ? අපි යාලුවො වෙමු ද කියල ඇහුවා... මං මොනව කියන්නද ජිමින්... යාලුවො වෙන්න බෑ කියන්න ද? ආ... හැමතිස්සෙම මාත් එක්ක රණ්ඩු කරපු එක විතරනේ කලේ.. තමුන්ගෙ හිත ඇතුලෙ හන්ගන් ඉන්න දේවල් කිව්ව නං අද මට මෙහෙම වෙන්නෙ නෑ නෙ...😭
ආදි ජිමින් ගෙ පපුවට අත මිට මොලවල ගහන ගමන් ජිමින්ට බනිනවා. ජිමින්ට අඩන්න ද හිනා වෙන්න ද කියල හිතාගන්න බෑ. එයා මෙච්චර කල් හිතින් ආදරේ කරපු ආදි...
එයත් තමන්ට ආදරේ කරල කියල හිතෙද්දි ජිමින්ට ඇති උනේ කියා ගන්න බැරි සතුටක්. ඒත්,
❤: ඔයා පරක්කු වැඩී ජිමින්.... මට ආයෙත් හැරෙන්න බෑ...
🐣: ආදී... ඔයා කිසි දේකට බය වෙන්න එපා මැණික... මං ඔයාගෙ ලොකු තාත්ත ට තේරුම් කරන්නං. එයා තේරුම් ගත්තේ නැත්තන්... මං එයාගෙන් වැදල ඉල්ලන්නං ඔයාව... ඔයා පොඩ්ඩක්වත්...🥺
❤: enough...jimin... මේක අමතක කරල දාන්න. තවත් මේ ගැන කතා කරල තේරුමක් නෑ... මං යනවා...
ආදි දොර ඇරගෙන එලියට යන්න හදද්දිම,
💃: ආදි....
ඩොක් ඩොක්...✊💥
❤: අරේ භගවාන්...😳🥺
🐣: Oh my god...😳
❤: අනේ...ජිම්...🥺
💃: ආදී... open the door... 😠
❤: ( රහසින් ) අපි මොකද කරන්නේ..?
🐣: ෂ්...🤫 භය වෙන්න එපා...
💜: අනේ ටාන්යා...ඔය මොකද කරන්නෙ බබා... මේ dress එක...😰
💃: ආදි තාම room එක ඇතුලෙ... මොනාහරි වෙලාද දන්නෑ...🤨
🐰: එයා එන වෙලාවක එයි... අ...අපි යන්කො අර පැත්තට....😰
💃: එහාට වෙන්න කුකී... ආදී... ආදී... එනව එලියට...😡✊💥
❤: අනේ... ජිමින්... මට බයයි..😭
🐣: බය වෙන්න එපා... ඔයා කතා කරන්න... කෝ...
💃: ආදී... මගෙ යකා අවුසසන්න එපා... 😡😡😡
🧡: ආදි dress එකක්ද අරන් ගියා විතරයි... පොඩ්ඩක් ඉන්නව හලෝ නටන්නැතුව...😡
💃: කෝ අර ජිමින් කියන එකා...😡
ආදි අත් දෙකෙන්ම කට වහගත්තෙ එලියෙ වෙන සංවාදය නිසා.
🐰: හි...හියුන් වොෂ් රූම් එකට ගියා...
💃: ආ... ඇත්ත ද? මං හොයාගන්නංකො මෙතන වෙන්නෙ මොකක්ද කියලා... 🤨 ආදී එනව එලියට...😡
ආදි ජිමින් දිහා බැලුවෙ මං මොකක්ද කරන්නෙ වගේ බැල්මකින්... ජිමින් හස්ත සංඥා වලින් කිව්වෙ කතා කරන්න කියලා...
❤: අ...අක්කී... පොඩ්ඩක් ඉ...ඉන්න... මං එනවා...
💃: හා...ඉක්මනට එනවා...🤨
ඒත් එක්කම වටපිට බලපු ටේ phone එක කනේ තියාගෙන පැත්තකට ගියා.
( ලස්සනයි නේද ලමයි 🥺❤ )
blacklove0220 කිව්වා බාල්දි ටිකක් අයින් කරල ආදිටයි ජිමින්ටයි තනි වෙන්න දෙන්න කියල. හදිස්සියට තැනක් හොයාගන්න බැරි නිසා fit on room එකට තමා හම්බුනේ... කොහොම ද ඒක...🤣
ජිමින්වයි ආදිවයි අර වදකාර ජීවියට මාට්ටු වෙයිද?
ටේ මොකක්හරි ගේමක් ගහයි කියල හිතෙන්නෙ මට විතරද?
ජිමින් පව් නේද ලමයි? කියවද්දි අර අඩන හරියෙදි ඔය මං දාපු song එකත් අහන්න. තවත් ඇඩෙයි. 🤣
Comment අවශ්‍ය වේ...
Vote goal එකක් දාන්න කියල බැලුවෙ...
20 හොදයි නේද?
එහෙනන් වෝට් ගෝල් එක 20 හොදේ...😏😏😏
සරන්ග්හේ...රිඩර්ස්...❤🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top