🚘Challo Driver 59🚘

Jimin මිදුලට තිබ්බ ගල් බංකුවට වෙලා ඉදගෙන අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට ආදිය නිත්‍ය යි දුවගෙන ආව.

❤: jimin....යමූ...

🐣: ආ...ආදී...Good morning කොහොම ද? 🙂

❤: morning...morning...අපි යමු ජිමින්...

ආදි කලබලයෙන් වගේ වටපිට බලමින් කිව්ව විදිහ ජිමින්ට නං ඇල්ලුවෙ නෑ...

🐣: මට ටිකක් කතා කරන්න ඕන...

🧡: කතා කරන දෙයක් යන ගමන් කතා කරමු ජිමින්... දැන් යමූ...

🐣: කොහෙද?

❤: w...wedding dress එක ගන්න...

මේ අතර කොහේදෝ ඉදන් ආව ටේකුක් ඩබල මග ඇහිරුවෙ ගමන තවත් ප්‍රමාද වන විදිහට.

🐰: ආ...ladies and gentlemen කොහේ හරි යන්නද?

🐣: ඔන්න ආව බාල්දියා...😒

❤: අයින්වෙන්න කුකී අපි ඉක්මණට යන්න ඕන...

💜: ඇයි ඔච්චර හදිස්සි?

🧡: අනේ මෝඩයා අර සක්කරවට්ටම...

💃: ආදී.....පොඩ්ඩක් ඉන්න...මාව දාල යන්න එපෝ....😲

නිත්‍ය කියල කට ගන්න හම්බවුනේ නෑ වියතක් වත් දිග නැති ගවුම් කොටයක් ගහගෙන මේකප් තට්ටු හත අටක් විතර උලාගෙන හීල් දෙක අතට අරන් දුවගෙන ආවෙ ටාන්යා.... ඒ මියුරු ටකරං හඬ ඇහිච්ච හැටියෙ ආදි ගෙ මූන සෙරප්පුවකට පෑගිච්ච ගොං බෙට්ටක් වගේ උනේ සියලු බලාපොරොත්තු බිද වැටෙද්දි....🥲

❤: ඕක තමා මං කිව්වෙ ඉක්මණට යං කියල... කෝ ඇහැව්වද? ඇහැව්වද? නෑ... මාව මරාගෙන කාපියව් තොපි තුන්දෙනා....😭

🐰: ඒ කවුද බං අර? අර ගවුමෙ දිග බලපං කෞ... මුං පාර අතුගාන්න රෙදි ඇදන් එනවද මංදා.... 🥲

💜: ශුවර් එකට මේකි running events කරනව. බලපන්කො කඟවේනා වගේ එන හැටි. 😅

🐣: ඔය හීල් දෙක අතේම තියන් ඉන්න කියන්න. නැත්තන් ඕක පෙරලිලා වැටිල මොකක්හරි මගුලක් උනොත් ඒකටත් පැත්තක ඉන්න අපි තමා ...

🐰: මොකද බං අර කට වටේ උලා කාල වගේ...🧐

🧡: දැන් ඉතින් මේ මගුලත් කර ගහගෙන යන්න එපැයි...😒

💃: ආදී.... හුහ් හහ්... මාව දාල යන්න නේ හැදුවේ? නෝ.....ටි... බබා....😏😘

ටාන්යා ආව ගමන්ම ඇදල පැදල ආදිගෙ කම්මුලක් මිරිකල කිව්ව.

ආදියි නිත්‍ය යි මූනට මූන බලාගත්තෙ මේ මොකද්ද මේ උන විපර්යාසය කියල හිතාගන්න බැරුව යද්දි.

💃: චූටි බබා... ඔයාගෙ යාලුවො මට introduce කරන්නෙ නැද්ද? 😏

ආදි දෙතුන්පාරක් ම වට පිට බැලුවෙ චූටි බබාට කිව්වෙ එයාට ද කියල හරියටම conform කර ගන්න. අනිත් හතර දෙනා නං confuse උන්ගා බුන්ගා වෙලා උන්නෙ...

💃: මොකද අනේ... මෙයා හරි ලැජ්ජ කාරි... අපි මෙයාට කියන්නෙ චූටි බබා කියල. මෙයානෙ පවුලෙ බාලයා... මං ලොකු බබා...

ටාන්යා ජිමින් දිහා හැරිල ඇදල පැදල කිව්වා...

🐰: එතකොට ඔයාගෙ නම ලොකු බබා ද? 😳

💃: අහ්...🤣 අනේ... කියුට් හනී බනී.... මගෙ නම අහන්න ඔයාට පුදුම හදිස්සියක් නෙ තියෙන්නේ ඩාලින්... 😘

ජන්කුක් ට පලවෙනි වතාවට තමන්ගෙ වාචාල කට පිලිබදව කලකිරුණා. ටේ නං එක අතකින් කට වහගෙන අනිප්පැත්ත හැරුනෙ කරකියාගත නොහැකිව.

🐰: න්...නෑ.. මට එහෙම උවමනාවක් නෑ... මේ...🥲

💃: හරි හරි ලැජ්ජ වෙන්න ඕන නෑ... මං ටාන්යා... ආදි ගෙ one and only අක්කී මං. එතකොට ඔයා?

ටාන්යා ඇස් නටව නටව ජිමින්ගෙන් ඇහුව. ජිමින් ගෙ නං බඩත් කොරවෙලා ගියේ ඒ බැල්ම දරාගන්න බැරි වුණ නිසා.

🐣: ආ...මං ජිමින්...හී...හී...

ආදිට නං මල පැනල උන්නේ. ආදිට මතක් උනේ ජිමින් meet වෙච්ච පලවෙනි දවස. ආදිට හිනාවකින් සංග්‍රහ කරන්න තියා ඇස් කොනෙන්වත් ආදි දිහා බලන්න අකමැති වෙච්ච ජිමින් ව ආදිට මතක් උනා...

Adi's mind:

සිරික්කිය දාන හැටි විතරක්. මූ හිනා වෙන්නෙත් කුකී හඳ දකිනව වගේ කලාතුරකින්. ඒකත් කොහෙවත් යන ගොං බඩු වලට ප්‍රදර්ශනය කරනව. ගෙවල හිපාටුව. දෙන්න හිතයි දත් ඇන්ද ආමාශගත වෙන්න. මේකිගෙ ඇඹරිල්ල බලපන් කො. ජිමින් මේකිට කැමතිද කොහෙද? නැත්තන් හිනා වෙයි ඈ...ඉතින් මට මොකද? වැඩේමයි. ඒත්... එයා මේ මල සමයමට කැමති නං...නෑ නෑ... ජිමින්ගෙ දෛවය එච්චර කුරිරු නැතුව ඇති.... 🥲 මෙන්න මූ handshake කරනව. නෝ...ජිමින් නෝ...plzzz...

චී චී ජිමින්... මං හිතුවෙ නෑ ඔයා මෙහෙම අවුල් පොරක් කියල. දෙවියනේ... මේ වගේ දේවල් දකින්න මයෙ ඇස් පව් කලා නේ... ජිමින් ඔය හොදටම ඇති.... ඔය දත් සෙට් එක ඇතුලට දාගෙන කට වහගනින්... මම තමුසෙගෙ best Friend. මං ඉන්නකං කොහෙවත් යන නැට්ටිච්චියන්ට ඔයාගෙ කරේ එල්ලෙන්න දෙන්නෑ... හුම්...😡

ඒලගට ටාන්යා හැරුනෙ ටේ ගෙ පැත්තට. නිත්‍ය නං අතට අහුවෙන එකෙන් දමල ගහන්න වගේ බලන් උන්නේ...

💃: හායි handsome...😉

💜: හ...හායි I'm Taehyung...🥲

Nithya's mind:

හැන්සම්? කොහෙද දන්නෑ මුගෙ හැන්සම්... six pack වත් නෑ... අලි බඩගෙඩියක් නං තියෙනව. ඇස් ගහන්නෙ මොකෝ මේකි... පොට්ට වීගෙන එනවද කොහෙද? මොකෝ දන්නෑ මෙච්චර ඇඹරෙන්නෙ... පණු ගායද කොහෙද? ටේ... තමුසෙ handshake කලොත් මං තමුසෙගෙ කෙස් එකින් එක ගලවනවා...දුන්න නේද අත... අද මං ඔය අත ගලේ අපුල්ලනව... මාත් කොරගත්ත මගුලක්...මූට ගවුම් කෑල්ලක් පේන්න බැරි හැටියක්...😭

💃: එතකොට ඔයාගෙ නම මොකක්ද හා පැටියෝ? 😍

🐰: මම...මේ...කුකී...

🧡❤: කුකී....? 😡

🐰: ආ... නෑ... මේ ජන්කුක්... හේ...හේ...🥲🥲

❤: හොදටම පරක්කු වෙලා තියෙන්නෙ... දැන අදුනගෙන ඉවර නං අපි යන්ද?

ටේ වාහනේ අරන් ආවම නිත්‍ය ඉස්සරහින් නැග්ග. ආදි නැග්ග පස්සෙ එයාගෙ එහාපැත්තෙන් වාඩි උනේ ජිමින්...ජන්කුක් ජිමින්ට එහාපැත්තෙන් වාඩි වෙන්න යද්දි ටාන්යා ජන්කුක් ව තල්ලුකරගෙන ගිහිල්ල ජිමින්ට එහාපැත්තෙන් වාඩි උනා. ටාන්යට දවා අලුකරන බැල්මක් හෙලපු කුක් පිටිපස්සෙ තියෙන ශීට් එකේ තනියම වාඩි උනා. දැන් ජිමින් ඉන්නෙ ආදිටත්, ටාන්යටත් මැදි වෙලා. ආදිට නං යකා නැගල උන්නෙ..හෙමීට ජිමින්ගෙ කනට ලං වෙච්ච ආදි රහසින්...

❤: බූරුවෝ...😡

🐣: ඒයි...🤨

❤: මෙච්චර ඉඩ තියෙද්දි මේ වාහනේ...ඔයා මොකද මෙතන හිර වෙන්න ආවෙ? මොලයක් නැද්ද මිනිහෝ?

🐣: ආදී... මං මෙතන හිර වෙන්න ආවෙ නෑ... මේ ඔයාගෙ අක්ක නෙ මෙතනට නැට්ට වගේ මෙතනටම ආවෙ... අනික මොකද්ද තමුසෙ කිව්වෙ... බූරුවා... mind your language. Okey? 🤨

❤: යැයි යැයි තමා... යනවකො අර කුකී ගාවට... මෙතනම ඉන්නෙ... පොඩ්ඩක් මෙහාට වෙනව. අරකි ඇගේ ඔයාගෙ...😒😒😒 she is too much...😡

🐣: මං මොනව කරන්නද? මටම බනින්නේ... 😒

ජිමින් ටිකක් එහාට යද්දි ටාන්යත් ජිමින්ට ඇලෙන්නම ආව. ටාන්ය හිතුවෙ ජිමින් ටාන්යට ඉඩ හදල දුන්න කියල.

💃: tanks darling...😉

🐣: හේ...හේ..🥲

මේ බව දැක්ක ආදි එයාගෙ එකම මුවහත් ආයුධය පාවිච්චි කරන්න තප්පරයක්වත් පසුබට උනේ නෑ...

🐣:ආවුච්.... 😰

ආදි මුකුත් උනේ නෑ වගේ ජිමින්ට රවල අහක බලාගත්තා. ඒත් ඒකෙන් උනේ ටාන්යා කලබල වෙච්ච එක.

💃: ඇයි මොකද උනේ? 😳

🐣: ආ... මේ... මුකුත් නෑ...

💃: ඔයා කෑ ගැහුවෙ මොකද?

එතකොට ම එකපාරට අත් දෙක උඩට උස්සල අත්පුඩි ගහන්න ගත්ත ජිමින් දිහා ටාන්ය විතරක් නෙවේ ආදියි කුකියි දෙන්නත් කට ඇරන් බලන් උන්නා.

🐣: හරියට මදුරුවො අනේ... මේ ඉන්දියාවෙ හැටිද මන්දා... හැම තැනම මදුරුවො... ශිට්...😒🥲

💃: ඕ.... මදුරුවො ද? මෙහෙ හරියට ඉන්නව ඔය ස්ටුපිට් මොස්කිටෝස් ලා...
කෑවම ස්කින් එක මෙන්න මෙහෙම පිම්බිලා එනවා. එතකොට කැතේ බෑ... මං අපේ පපාට කිව්වා මොස්කිටෝ ලට ගහන්න ස්ප්‍රේ එකක් ගේන්න කියලා...very sorry darling... මං ඒ කාපු Indian mosquito වෙනුවෙන් ඔයාගෙන් සමාව ඉල්ලනවා...

🐣: ආ...හ්...It's ok🥲

🐰❤🧡💜: 🤣🤣🤣🤣🤣

ආදිට වගේම අනිත් තුන්දෙනාටත් එච්චර වෙලා තමන්ගෙ හිර කරන් උන්න හිනාව තවත් නං හිර කරන් ඉන්න ලැබුනේ නෑ... ආදි ට හිතුනා ශටර් එකේ ඔලුව වද්දගෙන මැරෙන්න. නිත්‍ය ට හිතුන වාහනේ දොර ඇරගෙන එලියට පනින්න. ටේට තව පොඩ්ඩෙන් වාහනේ control නැතුව පාරෙන් පිට පනිනවා. එතකොට කුකී... එයා පිටිපස්ස ශීට් එකේ දිගා වෙලා අතින් කට තද කරගෙන හිනා වෙනව. ජිමින්ට නං හිනාවෙන එක තහනම්. හිනා උන ගමන් ආදි කොනිත්තනවා. ඉතින් ජිමින් ගෙ ඇස් වලින් කඳුලු බේරෙනවා... 🥲

💜: අපි ආව... බහින්න. 🥲









මං හිතන් ඉන්නෙ ජිමින්ට ටාන්යව සෙට් කරම්න...😅 මොකද කියන්නෙ රීඩර්ස්? 😉

Vote කරන්න. Comment කරන්න.
සරන්ග්හේ...❤🙂





Bạn đang đọc truyện trên: AzTruyen.Top