🚘Challo Driver 56🚘
ජිමින්, ටේ, කුක් තුන්දෙනාම ස්ටේෂන් එකට ඇවිල්ල බලන් උන්නෙ නිත්‍ය එනකන්. ජන්කුක් නම් nonstop කියවනව. එයා නං ගොඩක් සතුටෙන් උන්නෙ. මොකද ඉන්දියා ආව දවසෙ ඉදන් banglow එකටයි office එකටයි මාරු උනා ඇරෙන්න එයාව කොහෙවත් එක්කගෙන යන්න ටේටයි ජිමින්ටයි උවමනා උනේ නෑ.
🐰: කෝ හියුන්ග් ඔයාගෙ ලලනාව තාම නෑ නේ...
💜: පොඩ්ඩක් හිටපන් කෙල්ල මග එනව ඇති. අනික කෙල්ලන්ට උඹට වගේ පැන පැන එන්න බෑ. එයාලට තියෙන්නෙ ආවේණික ගමන් විලාසයක්. හරියට.... ම්....අන්න අර වගේ....🧐
ටේ ටිකට් කවුන්ටර් එකේ ඉදන් ට්‍රේන් එක පැත්තට එන ටිකක් තරුණ ගෑණු කෙනෙක්ව පෙන්නල කුකීට කිව්ව. මේ අතර ජිමින් නම් හිටියෙ බලාගත්තු අත බලාගෙන.
🐰: අර නූන ද? Red color සාරියක් ඇදන් ඉන්නේ...
💜: ඔව් ඔව් බලපන් යන ගමන...මනස්කාන්තයි...උත්කෘෂ්ටයි....විශිෂ්ටයි....🙂
🐰: මන මෝහනයයි... සෞන්දර්යාත්මකයි....😍
🐣: ටේ උඹට තිබ්බෙ නිතීව එක්කගෙන එන්න. 😑
💜: එක්කගෙන එන්න තමා උන්නෙ... මේකි තාම තරහයි මාත් එක්ක. ඇරත් එයා හිටිය නං මේව බලන්න වෙන්නෑ නෙ... නැද්ද කුකා....😉
🐰: ඒකනං ඇත්ත... ඒ අර කෙල්ල ගෙ කොන්ඩෙ දිග... පුදුම පැද්දිල්ලක් නෙ යකෝ ඒක... ඉනේ ජොයින්ට් එක පැන්නොත් මල කෙලියයි...😅
🐣: නෙදකින් මේ පොඩි එකා... යකෞ බැදපු කපල් එකක් ඒ... කොල්ල දැක්කොත් තොපි දෙන්නටම ගුටි පූජාවක් සෙට් වෙයි...😒
💜: බලපන් මේ කෙල්ලොන්ගෙ ලස්සන... කොරියාවෙ වත් ඉන්නව ද මෙහෙම අංගනාවෝ....
🐣: එකෙක් හරි හිටියොත් කොරියන් දන්න... තොපි ඉවරයි...
💜: බලපන් කුකියා මේ සාරිය කියන ඇදුම කොච්චර නං ලස්සන ද කියල...
🐰: හියුන් කියන්නෙ ඔය සාරියේ මොන හරිය ගැනද?
💜: තෝ හිතපු....
🧡: මොකක් ගැනද කියවන්නේ? 🤨
🐣: ආ...හ්...නිත්‍ය...Good morning....ඔයා too late හොදේ...
🧡: Good morning Sir... sorry ටිකක් විතර late උනා...ඒක නෙවේ ඔයා මොකක් ගැනද කියල කිය හිටියෙ කුකී..?
🐰: ආ...මේ.. සාරිය ඇන්දම ගෑණු ලමයි කොච්චර හැඩද ....
💜: ආ...බබා Good morning...
🧡: ඔයා කියන්න කුකී...
🐰: හියුන් මට පෙන්නුවෙ මෙහෙ girls ල කොච්චර...
🐣: අ...මේ...නිතී.. ඉක්මනට නගින්න නැත්තන් අපිට ඉදගන්න වෙන්නෙ නෑ...කෝ යන්න...
නිත්‍ය ඉස්සර වෙලා යද්දි ටේ යි ජිමිනුයි කුක් ගෙ බෙල්ලෙන් අල්ලගත්තා.
💜: කට වහන් ආවෙ නැත්තන් තෝව කල්කටා වල අතරමං කරල දාල යනවා. 😡
🐣: බාල්දියා... වර යන්න... 😅
හතරදෙනා ම ගිහිල්ල එකිනෙකාට මුහුනලා තියෙන අසුන් දෙකක වාඩි උනා. ටේ නිත්‍ය එක ෂීට් එකේ වාඩි වුන අතර,
🐰: හියුන් මට ජනේලෙ අයින දෙන්නකෝ...
ජිමින් ජනේලෙ අයිනට ගිහිල්ල ඉදගෙන ඉදිරියෙ තිබ්බ ටේබල් එකේ laptop එක දිගෑරගෙන වැඩ කරන්න හැදුව විතරයි ජන්කුක් කෑ ගහන්න ගත්ත.
🐣: ඒ මොකටද? ඇයි තමුසෙ බබෙක් ද? වදකාරයා...😒
🐰: මං පොඩී නෙ. මට ජනේලෙ අයින දෙන්න...😐
🐣: කවුද පොඩි...? තෝ මටත් වඩා ලොකුයි නේ... මෙන්න මෙහෙ ඉදගන්නව බබා පාට් නොදා....😏
කොච්චර ඉල්ලුවත් ෂටර් එක අයිනෙ ඉදගන්න නොලැබෙන බව වටහාගත්ත ජන්කුක් උපායක් කල්පනා කලා. හෙමින් සැරේ වටපිට බැලුව කුකී... විශාල ශබ්දයක් පිටවෙන පරිදි ගුඩුස් එකක් ඇරියෙ වටේ පිටේ ෂීට් වල උන්න මිනිස්සුන්ගෙත් අවධානය ඇරගන්න ගමන්.
🐰: 😁
💜: මොකද යකෝ වෙලා තියෙන්නේ? හෙමින් ඇරහං කො... ඕක රටටම කියන්න ඕන ද? 😑
🐰: සොරි හියුන්... මට ටිකක් ගෑස් වගේ...🙂
🧡: බනී...ඔයාට මොනාහරි කන්න දෙන්න ද? 😐
🐰: ඕන්නෑ නිතී... තව ටිකකින් කමු...
💜: බනී? 🤨
🧡: ඔව් බනී... මෙයාට office එකේ girls ල කියන්නෙ කුකී බනී කියල නේ...😅
ඒකට ටේ ට නම් හිනා ගියාට ජිමින්ට නම් හිනා ගියේ නෑ...
' ❤: අයියෝ නෑ අප්පා.... අද පරක්කු උනේ නෑ... මං වෙලාවට ම ආව... මගදි කුකී බනී හම්බුනා නේ... එයා එක්ක ඕපෙයක් කියෙව්වා....ඒකයි උනේ... හේ...හේ...🥲
🐣: කුකී මොකා කිව්වා...? ඔක්කොටම කලින් ඉදගන්නවකො... අශ්වයෙක් වගේ හති අරින්නැතුව....😒
❤: කුකී බනී අනේ...අපේ ජන්කුකී....😁
🐣: උගේ නම කුකී බනී නෙවේ ආදී ජන්කුක්.... ජෝන් ජන්කුක්... මොන මල විකාරයක් ද මේ...🙄
❤: ඒ උනාට office එකේ girls ල නම් කියන්නෙ බනී කියල 😒
🐣: අනිත් අය කිව්වට කමක් නෑ... තමුසෙ කියන්න ඕන නෑ...😠
❤: හාකො 😒 මේ ජිමින්....'
🐰: ඕ....ක්.....🤢
එකපාරටම ඇහිච්ච සද්දෙ නිසා ජිමින්ගෙ කල්පනා දැහැන බිදිල ගියා... එතකොට ජිමින් දැක්කෙ තමන්ගෙ එහාපැත්තෙ ඉන්න ජන්කුක් දිවත් එලියට දාගෙන තමන්ගෙම ඇගට වමනෙ දාගන්න හදන විදිහ.
🐣: ජන්කුක්...මේ මොකද මේ...ආ... නිත්‍ය...ඔය ශොපින් බෑග් එකක් ගන්න...මූට වමනෙ යන්න එනවද කොහෙද... ගැස්සෙනව නේ...
💜: මොකක්ද ජන්කුක් උඹ ඇල්ෆ ටීම් එකේ ද ට්‍රේන් උනේ නැත්තන් පූර්ණ ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයකද?
🐰: බ්වැක්....ඕක්...බුබ්...බුක්...බ්වැක්...🤢🤮
🧡: ආ මෙන්න ශ්ශොපින් එක... අයියෝ ජිමින් එයාව ෂටර් එක අයිනට දාන්න...හුලං වැදුනම ඕක හරි යයි...😐
🐰: ඔ...ඔහ්...හුලං වැදුනම හරි යයි...බ්වැක්...🤮
🧡: ඔයා එන්න බනී පැටියො මෙතෙන්ට... ටේ යන්න අතෙන්ට....
💜: අනේ මට බෑ...
🐰: හෑ...මට කලන්තෙ වගේ...මං මැරෙයිද දන්නෑ....හුවෑ....බ්වැක්....🤢🤮
ජන්කුක් ඇස් දෙක උඩට හරවන් දිව එලියට දාගෙන ඉතාමත් තාත්වික රංගනයක නිරත වෙනව.
.
.
.
.
.
.
.
.
.
.
Few minutes later
🐰: වා...හියුන් මේ ට්‍රේන් එක වේගෙන් යනව නේ...මාර හුලගක් නේ.... මෙහෙ කදුත් තියෙනවා... අර... අර බලපං කො හියුන්....වාව් අර එලදෙන්නුත් ඉන්නවා....උන් පොඩිම පොඩියි....අර බලන්නකො උන් තණකොල කනවා...
ටේ ගෙයි ජිමින්ගෙයි මූන බලන්න ලස්සනය. තැලුණු කජු ලෙලි බඳු ය. ජන්කුක් ට ඇති ලෙඩක් නැත. ඌ හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියි. නමුත් ටේ මින් දෙදෙනා නම් මනසින් ඇද වැටී දනිස් පොල්කටු දෙක තුවාල කරන් හමාරය. නිත්‍ය ද ජන්කුක් සමග කියවමින් උන්නත් ඇයටද මේ කන්දොස්කිරියාව දරාගත නොහැකිව කනේ handfree එක ගහගෙන නින්ද ට වැටිණි...
🐣: ජන්කුක් ට්‍රේන් තියෙන්නෙ වේගෙන් යන්න තමා.. එහෙම වේගෙන් යනකොට අවට වාතය තෙරපිලා මේ ජනෙල් තුලින් ඇතුලට එනව. ඒ නිසයි මෙච්චර හුලං. රාජස්ථාන් කියන්නෙ රටේ කදුකර කොටස නිසා මෙහෙ තියෙන්නෙ කඳු තමා... 😒
💜: එලදෙන්නු ඉන්නෙ සමහරවිට එතන ගොවිපලක් ඇති. උන් පොඩියට පේන්නේ උන් ඇත්තටම පොඩි නිසා නෙවේ ගෝතයෝ... අපි උන් ඉන්න තැනට වඩා කිලෝමීටර ගානක් ඈතින් ඉන්න නිසා. අනික එලදෙන්නු කන්නෙ තණකොල මිසක් වෙන අහවල් දෙයක් කන්නෑ නේ...
🐰: ඒ උනාට සමහර රටවල් වල ඉන්නව බත් කන හරක්...😁
🐣: බත් කන හරක්? 😳
🐰: ඕ...ඉන්දියාවට පහලින් තියෙන්නෙ අඹ ගෙඩිය වගේ හැඩේ තියෙන රටක්...🤔
💜: සිරි ලංකාව...
🐰: අන්න හරි... ඒ ලංකාව තමා... එහෙ ඉන්නව ලු හැට නම ලස්සයක්... උන් කන්නෙ බත් ලූ...
🐣: මොකක්?
🐰: ඕ... ඒ රටේ ලයිට් නෑ... පෙට්‍රල් නෑ... ඩීසල් නෑ... කන්න නෑ... බොන්න වතුරත් නෑ... ඒත් දෙයියනේ කියල ඉන්න හිතෙන රටක් ලූ....
💜: සිරාවට?
🐣: ඉතින් කන්න නැත්තන් අර බත් කන හරක් ටික මරාගෙන කෑව නං ඉවරයි නේ... හැට නම ලක්ෂයක් ම ඉන්නේ...🤔
🐰: නෙදකින්...මූත් හැට නම ලක්ෂෙන් එකෙක්ද කොහෙද....😒
🐣: මොකක්ද කිව්වේ? 🤨
🐰: නෑ.. මං ඇහුවෙ දැන්වත් ලග නැද්ද කියල....හේ හේ...🥲
🐣💜: නෑ🙄
ජිමින් නින්දක් නිදාගෙන ඇහැරිලා වටපිට බලනකොට දැක්කෙ ටේ ගෙ උරහිසේ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න නිත්‍ය ව. ටේ නිත්‍ය ගෙ ඔලුවට ඔලුව තියාගෙන නිදි. Phone එක අතට ගත්ත ජිමින් මේ අමතක නොවන අවස්ථාවෙ Photo එකක් ගත්තෙ කවදහරි වැදගත් වේවි කියල හිතාගෙන. ඒත් තමන්ගෙ උරහිසට දැනිච්ච භර නිසා හැරිල බලපු ජිමින්ට දැකගත හැකි උනේ තමන්ගෙ උරහිසේ ඔලුව තියන් නිදාගෙන ඉන්න ආදිව.
ආදිව? 🤨
ශුවර් ද? 🥲
මූනට වැටිල තියෙන කොණ්ඩකෑල්ල, ඒ දිග ඇස් පිහාටු, හීනෙන් වගේ විටින් විට හිනාවෙනකොට හෙලවෙන රෝස පාට තොල් දෙක ජිමින්ව වෙනම ලෝකෙක ට අරන් ගියා... ජිමින්ට හිතුන ආදිට ඇහැරෙන්නෙ නැති වෙන්න ඒ රෝස පාට තොල් දෙක අල්ලල බලන්න.
Soo... අපේ ජිමින්...හෙමීට ආදිගෙ මූනට වැටිල තිබ්බ කොණ්ඩෙ කන පිටිපස්සෙ රදවලා... ඒ ලිප්ස් දෙක උඩ එයාගෙ ඇගිලි අරන් ගියා...
මේ අතර ජිමින්ට ඉස්සරහ ඉදගෙන උන්න කපල් එකත් නින්දෙන් නැගිටල free bl movie එකක් බලනව. 🤭🤣
🐰: යා....හියුන්ග්.....🤬 තමුසෙට අමු කැවිලද ඕයි?
🐣: හ්...හෑහ්....😰 ජන්කුකා...කෝ ආදී....ආහ්...ෂිට්....මගේ ඔලුව හොද නැති වේගෙන එනවද කොහෙද....😰
🧡: අපි මුකුත් දැක්කෙ නෑ ඉතින්....
කොහෙ දකින්න ද ටේ තාම උන්නෙ නිත්‍ය ගෙ ඇස් දෙක එක අතකින් වහගෙන...🤣
🐣: යා...ආහ්...නිතී...එහෙම දෙයක්නෑ...
💜: උඹ gay ද? 🤨
🐣: නෑ...ඉඩමේ.... තෝ කට වහපන් මූසලයා...🤬 නිත්‍ය අහන්න... මේක ආදිට එහෙම කියන්නෑ තේරුණා ද?
🐰: නෑ...මං කියනවා...😌
🐣: යාහ්...ජන්කුකා...මං තොට කිසි අතවරයක් කලේ නෑ නේ.... 😰
🐰: ඒ උනාට කරන්න නේ ගියේ...
🐣: පිස්සුද යකෞ....
💜: එහෙනන් මොකක්ද උනේ කියපන් කෝ...😏
🐣: මං හිතුවෙ මේ ආදි ....
🧡: ඔයා බනී ව දැක්කෙ ආදි වගේ ද? 😳😳😳
🐰: තොට මාව පේන්නෙ කෙල්ලෙක් වගේ ද? හිටපන් මං පෙන්නන්න....😡
ජන්කුක් කලිසමේ ශිපර් එකට අත තියන්න යද්දිම ටේ ආයෙත් නිත්‍ය ගෙ ඇස් දෙක වැහුවා.
💜: ඇස් වහගන්න බබා... හාවා වල් සතා...🥲
🐣: ඒ..ඒ...ඔය මොකක්ද කරන්නේ...ආ... මෙතන කෙල්ලෙක් ඉන්නවා...😰 මං එවෙලෙ නිදිමතේ හිටියෙ...ඒක අමතක කරපං...😒
🐰: ඒ උනාට..😁
🐣: එක සැරයක් කිව්වා... අමතක කරහං...😡
🧡: ඔන්න අපි මුම්බායි Station එකට ආව. ටේ ආදිට කෝල් එකක් ගන්නකෝ...
ඔන්න අද Chapters දෙකක්ම දුන්න. ජිමින් ආදිගෙ ගෙදර ගිහිල්ල මොනා කරයි ද? ආදිගෙ වෙඩින් එක නතර කරයි ද? ආදි marry කරන්න යන්නෙ කාවද? 🥲
Comments අවශ්‍යයි...
Vote කරන්න අමතක කරන්න එපා...😁😁😁
සරන්ග්හේ...❤😊
Bạn đang đọc truyện trên: AzTruyen.Top