🚘Challo Driver 53🚘

ආදිගෙ මානසික තත්වෙ එච්චර හොද නැති නිසා ජිමින් කැමති උනේ නෑ ආදිව නිත්‍ය ගෙ ගෙදර තියන්න. ඒ නිසාම ආදිටයි නිත්‍ය ටයි සිද්ධ උනේ ජිමින්ගෙ banglow එකේ නතර වෙන්න. ජිමින් ආදිට ජිමින් ගෙ room එක දුන්නෙ ඇයි කියල  කාටවත් හිතාගන්න බෑ. ජිමින් ඔක්කොම අකුලගෙන ටේ ගෙ room එකට ගියා. සීයටත් හිතාගන්න බැරුව හිටියෙ ජිමින්ගෙ මේ වෙනස්වීම. හැබැයි සීය නම් යටි හිතෙන් සතුටු වුනා මේ දේට. මේ අතර ජිමින් ගෙ room එකේ glass window එක ලගට පුටුවක් ඇදගෙන ගිය ආදි වාඩිවෙලා පුටුව උඩට කකුල් දෙක අරගත්තා. Window එකෙන් එලියෙ පේන විශාල ප්‍රදේශයකට විසිරී ගිය garden එක දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටපු ආදිට මතක් උනේ එදා වෙච්ච සිද්ධිය. 

❤: ම..මගෙ ලගට එන්න එපා...මං කෑ ගහනවා....plz help me....😭

ආදි කොයිතරම් නම් කෑ ගැහුවත් ඒ මිනිහ ඒක ගනන් ගන්නෙවත් නැතුව ආදිගෙ ලගට එන්න ගත්ත. ආදි ගොඩක් භය වෙලා උන්නෙ, පිටිපස්සෙන් පිටිපස්සට ගිය ආදි සින්ක් එකේ වැදිල නතර උනා. ආදි දිහා උඩ ඉදන් පහලට ම කෑදර බැල්මක් හෙලපු
මිනිහා ආදි ඇදගෙන හිටිය සුදු බ්ලව්ස් එකෙන් ඇදල ගත්ත. ඒ මනුස්සය ගෙ ග්‍රහණයෙන් බේරෙන්න දගල දගල උන්න ආදිට දැකගන්න පුලුවන් උනේ බිත්තියට හේත්තු කරල තිබ්බ මොබ් බාස්කට් එක. එකපාරටම තමන්ගෙ දකුණු අතින් මොබ් එක ඇදල ගත්ත ආදි කලබල උන පුද්ගලයව තල්ලුකරල දාල එයාගෙ ඔලුවට මොබ් එකේ ලී මිටෙන් ගහගෙන ගහගෙන ගියා.










ආදිට දැනුනෙ නෑ ජිමින් ලගට එනකල්ම. ආදි හිටියෙ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කර කර. ආදි ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ආව ජිමින් ආදිගෙ උරහිසට අත තියපු නිසා.

🐣: ම්...මේ...sorry....භය කරන්න හිතුවෙ නෑ ....😐

❤: it's ok....

🐣: තාම භය වෙලාද ඉන්නෙ?

❤: අ....අනේ නෑ...

🐣: ම්....ඒකෙන් මට වැඩක් නෑ... ගමනක් යන්න තියෙනව. ලෑස්ති වෙලා පහලට එනවා.🤨

❤: අ...අනේ ජිමින් ජී... මට car එක drive කරන්න පුලුවන්කමක් නෑ...plzz  අදට විතරක් කුකී එක්ක යන්නකෝ...

🐣: තමුසෙ මොන වගේ එකෙක්ද ඕයි? කොයි වෙලෙත් අයිස් ගහන්න බලාගෙන නෙ ඉන්නෙ... ෂිට්....ඉදල ඉදල මාත් ගත්ත driver කෙනෙක්... මොන කුණ්ඩවාලයක් ද මන්දන්නෑ මාත් කරේ එල්ලගත්තෙ😡

❤: අනේ මේ ජිමින් ජී...මං ඔයාට කිව්වෙ නෑ නෙ මාව කරේ එල්ලගන්න කියල. මං කිව්වෙ නෑ මාව බේරගන්න එන්න, හොයන්න එන්න, මාව මෙහෙ නතර කරගන්න කියල. මං දැනටත් මෙතන ඉන්නෙ තමුන් නිත්‍ය ගෙ job එක නැති කරනව කියපු නිසා. නැත්තන් මංවත් නිත්‍ය වත් මෙහෙ එන්නෙ නෑ.... අනේ plzz මට අනුකම්පා කරන එක නතර කරන්න.  මට පුලුවන් මං ගැන බලාගන්න. මට කාගෙවත් කරේ එල්ලෙන්නවත්, අර මොකක්ද කුන්....කුන්ඩි....මොකද්ද මේ....😣

🐣: කුණ්ඩවාලේ ....😅

❤: ආ.... that's it.. එහෙම එකෙක්වත් වෙන්න ඕන නෑ...😡

🐣: කියවල ඉවරද නෝනා? 😏

❤: ඉවර නෑ... මං අදත් කියවනව, හෙටත් කියවනව, හැමදාම කියවනවා. ඔයාට බෑ මගෙ කට වහන්න. දැනගන්නව මං ආදිත්‍ය පටේල්....😡

🐣: හරි මිස් ආදිත්‍ය පටෙල්...කියවල ඉවර වෙලා... වෙලාවක් තිබ්බොත් ඇදුමක් දාගෙන පහලට එනවා... මං කිව්වෙ පහලට වඩින්න. මං අද drive කරන්නං මැඩම්...😌

❤: කොහෙද යන්නේ? 😒

🐣: ඔයා කැමති ඕන තැනකට...🙂

❤: හා...😊 මොකා? 😳

🐣: ඉක්මනට එනවා...










ආදි ලෑස්ති වෙලා පහලට එනකොට ජිමින් හිටියෙ ටේයි නිත්‍යයි එක්ක ලොකු සාකච්ඡාවක. ආදි එනව දැකල කතාව නතර කරපු ජිමින් ආදි දිහා කටත් ඇරගෙන බලාගෙන උන්නෙ මීට කලින් කවදාවත් දැකල නැති ජීවියෙක් දිහා බලන් ඉන්නව වගේ.


🧡: ආදී... කොහෙ යන්න ද ලෑස්ති උනේ...? 😳

❤: ජිමින් ජි කිව්වෙ මං කැමති ඕන තැනකට එක්ක යනව කියල. මං කෝවිලට යන්න ලෑස්ති උනේ...🙂

එතකොටම කුප්ප හිනාවක් දාගෙන ජිමින් දිහාවට හැරුන ටේ...

💜: කවද ඉදලද උඹ ගෑනුන්ට ඕන විදියට වැඩ කරන්න ගත්තෙ? 😏

🐣: නෑ..  මේ ආදි ටිකක් කලබල වෙලානෙ ඉ...ඉන්නෙ...ඒක නිසා...relax වෙන්නත් එක්ක පොඩ්ඩක් එලියට එක්කගෙන යන්න හිතුව.

💜: ආ...ඒක මිසක්... ආදි කලබල වෙලා හිටියට කමක් නෑ කොල්ලෝ.... උබ කලබල වෙලා වැඩේ චොර කරගන්නව එහෙම නෙවේ...😅

🐣: කට වහන් හිටාම්...😒

❤: මොනවද ඔය දෙන්න කුටු කුටු ගාන්නේ...?

💜: ආ...මේ....මං කිව්වෙ මූට...

🐣: ආහ්...නෑ නෑ... මං කිව්වෙ මං කවදාවත් කෝවිලකට ගිහිල්ල නෑ නේ...ඒකයි.. 🥲

❤: කවදාවත් ගිහිල්ල නැද්ද? 😐

🐣: නෑ...

❤: ඔයා කැමති නැත්තන් අපි වෙන කොහෙ හරි යං.

ඒත් එක්කම උදේ පාන්දර ජොගින් පාරක් දාන්න ගිය ජන්කුක් දුවගෙන living room එකට ආවෙ ආදිගෙ කටහඩ ඇහිච්ච නිසා.

🐰: ආදි ඔයා කොහෙ හරි යන්න ද? 😃

❤: ඔව්...ඔයත් එනවද? 😃

🐣💜: නෑ.........😰

🧡❤: ඇයි? 🤨

💜: ආ....මේ...මං ජන්කුක්ට ඊයෙ files වගයක් දුන්න චෙක් කරන්න කියල. Important.  අදම ඕන. 🥲

🐰: ආ...හියුන් මං ඒ ටික ඊයෙම කරල ඉවර කරා. හියුන් ට තියෙන්නෙ sign කරන්න විතරයි. 🙂

🐣: ආදි අපි යමු පරක්කු වෙනව.

🐰: ඉන්න හියුන් මං ඇදුමක් දාගෙන...

💜: ජන්කුක්....😠

🐰: ඇයි?

💜:උබට කියල කරගන්න වැඩ ඕනතරන් තියෙනව මේ ගෙදර.

🧡: එහෙම කියන්න එපා අනේ. ජන්කුක් පව් නේ...

🐰: ඒකනේ...ජන්කුක් පව් නේ...

💜:ආ එහෙම ද? 😏

🧡🐰: හම්...ඔව්...🙂

💜: එහෙනම් ඉතින් ඉක්මනට දොරවල් ජනෙල් වහල එන්න. නැත්තන් අරුන් දෙන්න යයි..😃

ආදියි, ජිමිනුයි ජිප් නැග්ග ගමන් පිටිපස්සෙ දොරත් ඇරගෙන වාහනේට නැග්ගෙ ටේ... එකපාරටම confuse වෙච්ච ජිමින් ආදි දෙන්නම පිටිපස්ස හැරිල බැලුවෙ කවුද  වාහනේට නැග්ගෙ කියල.

🐣: උඹ කොහෙ යන්න ද? 🤨

💜: ආ...මම ද? 😁

🐣: ඔව් නැත්තන් මම ඈ...?

💜: උඹල දෙන්න යන තැනකට තමයි ඉතින්. හේ...හේ...😁

🐣: බැහැපන්...උඹට මං...😡

❤: කොච්චර ෂෝක් ද ටේ....ඔයත් කෝවිලකට ගිහිල්ල නැද්ද? 😃

💜: නෑ... මාත් ආසයි යන්න. 🥲 ඒත් දැන් බෑ වගේ...

ටේ ශේප් එකේ දොර ඇරගෙන බහින්න හදද්දි, දුවගෙන ආවෙ,

🧡: කෝ... එහාට වෙන්න ටේ....🙂

🐣: මේ මොකද මේ? 🤨

🧡: ඔයාල කෝවිල් නෙ යන්නේ? 🙂

🐣: න්...නෑ මේ තව...

❤: ඔව් කෝවිලට තමා යන්නෙ...🙂

🧡: එහෙනම් අපි තුන්දෙනත් එන්නම්...

🐣: ඒත්...

❤: හා...මරු නේ....😃

🐣: මොකක්ද ඒකෙ තියෙන මරු? කෝවිලටනේ යන්නේ...ට්‍රිප් එකක් නෙවේ නෙ...🤨

❤: ඒකනෙ ඉතින්. මෙයාල ආවම මොකද වෙන්නේ?

🐰: ඒකනේ... ඔයා නගින්න නිත්‍ය. 😏

💜: එන්න බබා පරිස්සමෙන්. 🙂

ටේ ෂීට් එකේ කොනටම ගිහිල්ල නිත්‍ය ව මැදින් වාඩි කරවගත්තා. ජන්කුක් වාඩි වෙලා දොර වහල ටික වෙලාවක් ගියත් ජිමින් නෙවේ start කලේ වාහනේ.


















හායි girls. මට පොඩි accident එකක් වෙච්ච නිසා update එකක්වත් දෙන්න බැරි උනා. මේ chapter එකත් type කලේ අමාරුවෙන්. මොනව කරන්නද? වෙසක් කූඩු හදන්න කියල හිටිය. ඒකත් කරන්න බැරි උනා. Sorry ලමයි. මාත් එක්ක තරහ වෙන්න එපා හොදද. මං තව chapter එකක් දෙන්න බලන්නම් අද .


මේක status දාපු කෙනා දැක්ක ගමන් comment එකක් දාගෙන යයි අනිවා...
🤣🤣🤣

Vote කරන්න. Comment කරන්න.

සරන්ග්හේ...❤🙂








Bạn đang đọc truyện trên: AzTruyen.Top