🚘 Challo Driver 52 🚘
Jimin ආදිව office එකේ තමන්ගෙ cabin එක ලගම ගෙස්ට් room එකක වාඩි කරවල තමන්ගෙ cabin එකට ආවෙ නිත්‍ය ට අද schedule එකත් අරන් එන්න කියන ගමන්. ජිමින් ගෙ cabin එකට ආදි ඉන්න තැන පේනව. හැබැයි ආදි නං දැනන් උන්නෙ නෑ එයා දිහා jimin බලන් ඉන්නව කියල. Jimin ගෙනත් දුන්න පොත් ගොඩෙන් එක පොතක් තෝරගෙන ඒකට සමවැදිල හිටපු ආදිට නම් ලෝකෙ පෙරලුනත් ගානක් නෑ වගේ.
ජිමින් තමන්ගෙ වැඩ ටිකත් නිත්‍ය ට පවරල කම්මුලට අත තියාගෙන glass window එකෙන් ආදි දිහා බලාගෙන ඉන්නව. නිත්‍ය එතනට වෙලා jimin දෙන දෙන file එක චෙක් කරනව. නිත්‍ය ට නම් මේ වැඩේ එපා වෙලා තිබ්බේ. එයා තමන්ගෙ යාලුවට හිතෙන් දෙස්දෙවොල් තිය තිය වැඩ කරනව.
🧡: සර්...
🐣: .....
🧡: සර්... අනේ සර්...😬
🐣: ආහ්.. ම්....මේ මොකද උනේ නිත්‍ය. චෙක් කරාද? කෝ දෙන්න ම...මං sign කරන්න.😐
🧡: චෙක් කරල ඉවරයි සර්...sign කරන්න තමා තියෙන්නේ. ඒක නෙවේ සර්. වැඩත් පාඩු කරන් කම්මුලටත් අත තියන් මොනව ගැනද ඔච්චර කල්පනා කරන්නේ😏🤭
🐣: ආ... මේ....මං බැලුවෙ මේ...
🧡: හරි හරි මට තේරුනා.... ඔච්චර අමාරුවෙන් බලන්නෙ කැබින් එකෙන් ම ගෙනත් තියාගත්ත නං ඉවරයි නේ...😅😅😅
🐣: එ....මෙහ්...නිත්‍යා නිත්‍යා දැන් ඕනවට වැඩි හරිද ....
ඒත් එක්කම කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ tae...
💜: ඒයි ඒයි ඇයි ඒ කෙල්ලට බනින්නේ...ආ... නිත්‍ය කිව්වෙ ඇත්ත නේ... මං දැක්ක තුන් හතරපාරක්ම තෝ මේ දොරෙන් එහාපැත්තට ඇන්ටනාව හයි කරන් ඉන්නව. මන් දන්නව අරයවත් අතනින් ඉන්දවගෙන තෝ හොද නැටුමක් නටන්න හදන්නෙ කියල. 😏
🐣: උඹ කොහොමද කියන්නෙ මං ආදි දිහා බලන් හිටියෙ කියල. මීනා...යානා...මේ කවුද නිත්‍ය අර girl?
🧡: දීනා... 😃
🐣: අන්න හරි දීනා....එයා ඇවිල්ල කිව්ව salary section එකේ උන් කොයි වෙලෙත් කයිය. වැඩක් කරන්නෑ කියල. මං මේ බැලුවෙ කවුද කයිය ගහන්නෙ කියල. නැතුව වෙන මගුලක් නෑ... 🙄
💜: ආ එහෙම ද ? උබේ වැඩ සේරම මේ අහිංසකීට දීල උබ සැලරි එක දිහා බලන් ඉන්නව කියල ද කියන්නේ? උබ දැක්ක ද මං මෙතනින් එහාට මෙහාට ගියා ? එහෙනම් කියපන් මං කී පාරක් මෙතනින් එහාට මෙහාට ගියාද කියල😏😏😏
🐣: ඔ...ඔව් මං දැක්ක. කීප පාරක්ම ගියා නේ....🥲
💜: කී පාරක් ද කියපන් කෝ 😏
🐣: ගනන් කලේ නෑ ඉතින්...දෙතුන් පාරක් නේ...🥲
🧡: ඒව ඔට්ටු නෑ සර්. ටේ හියුන්ග් කිව්ව දෙතුන්පාරක් කියල. 😅
💜: මං කිව්ව ද? 😬
🧡: ඔව් මෝඩයො කිව්ව😅
💜: හරි හරි මේ කෙල්ල ගෙන් වැඩ ගත්ත ඇති නේ... දැන් තෝ මනෝපාරවල් ගහන්නැතුව වැඩ කරපන්. නැත්තන් මන් අරයව අතන තියන්නැතුව ජන්කුක් ගෙ කැබින් එකට යවනව. 😌
🐣: පොඩ්ඩක් ඉන්නව. නිත්‍ය මේ file ටික චෙක් කරන්නැතුව හෙල්ලෙන්නෑ OK? 🤨
🧡: OK OK 😒
💜: පව් බන්. ඔයා බය වෙන්න එපා නිතී... මං කසාද බැදපු දවසට ඔයාව මේ company එකෙන් අයින් කර ගන්නව. 😌
🐣: හුටා...🤭
🧡: ඇහ්? දැන් ඔයා කසාද බැන්ද දවසට ඇයි මාව මේ company එකෙන් අයින් කරගන්නේ? ඔයා නෙ marry කරන්නෙ. මං නෙවේ නේ.🤨
ටේ ට කට උත්තර නැති උනා. ජිමින්ට නම් හිර කරගෙන හිටිය හිනාව බකස් ගාල එලියට පැන්න.
💜: ආ...මේ...මං කිව්වෙ මං marry කරපු දවසට මගේ කියල company එකක් පටන් අරන් ඔ..ඔයාව ඒකෙ secretary කරගන්නව කියල.
🧡: OK 😅
🐣: සිරාවට? ඔන්න නිත්‍ය මූ බඳින දවසට ඕක මතක් කරන්න හොදේ...🤣
🧡: අනිවාරෙන් 😌😅
💜: මං සිරාවටමයි කිව්වෙ. තොපි මට හිනා වෙයන් කෝ... මිත්‍රද්‍රෝහියෝ...පාප මිත්‍රයො... කුම්භාණ්ඩයෝ....මං යනව යන්න...😡
ටේ යනකන් ඉදල ආයෙමත් guestroom එක දිහා බලපු ජිමින්ට ආදි පේන්න නැති බව තේරුනා. පුටුවෙන් නැගිටපු ජිමින් glass window එක ලගට ඇවිත් ඉස්සි ඉස්සි බැලුවත් ආදිව හොයාගන්න නම් බැරි උනා. ආදි කොහෙද ගියේ කියල හොයන්න යන්න හිතුනත්, jimin ට හිතුන ඒක එයාගෙ තත්වෙට හරි නෑ කියල.
🐣: කොයි වෙලේ හරි එන්නැතෑ...😒
🧡: ආ...?
🐣: න්...නෑ නෑ.... ඔයා වැඩේ කරන්න. ඔයාට නෙවේ කිව්වෙ...😒
මේ අතර අපේ ආදී ,
❤: Excuse me....washroom එක කොහෙද තියෙන්නේ? 🙂
: ඔතනින් ඉස්සරහට ගිහිල්ල දකුනට හැරෙන්න මෑම්. එතනින් වමට හැරිල ආයෙත් දකුනට එතනින් ටිකක් දුර ගියාම පඩිපෙලක් තියෙනව. එතනින් බැහැල. දකුනට යන්න. ටිකක් දුර ගිහිල්ල වමට. ආයෙත් ටික දුරක් ගිහිල්ල දකුනට හැරිච්ච ගමන් washroom එක.
❤: අ....ආ.... හරි thank u.
❤: අරේ...භගවාන් ජී... මේ මොන wedding එකක්ද මේ... චූ කරන්න තැනක් නැති හැටි. ජිමින් ජි ගෙ office එකේ වැඩ කරන්නේ රොබෝලද දන්නෙ නෑ.. ඇයි යකෝ washroom එකට යන්න වංකගිරිය තරනය කරන්න එපෑ... නොදකින් කැස්වටුව....😡
ආදි ජිමින්ට බැන බැන යනකොට ඉස්සරහට හම්බ උනේ දැකල පුරුදු කෙනෙක්.
🤠: මේ ආදිත්‍ය නේද? අපේ බොස් ගෙ driver? 😏
❤: yes 🙂
🤠: මං Arjun Kanna. ඔයාට මතකද ? Sales department එකේ...😌
❤: ආ.....😃 මතක නෑ 🙂
🤠: ඒක නෙවේ... මොකද කෙල්ල මේ පැත්තේ?
❤: මට washroom යන්න ඕන. S...sorry I mean, washroom එකක් හොයාගෙන තමා ආවෙ...🥲
🤠: අයියෝ... washroom එක ද ? එන්න මං පෙන්නන්නං 😌
❤: අනේ ලොකු දෙයක්. 🙂
ආදි අර්ජුන් එක්ක වොෂ්රූම් එකක් හොයාගෙන ගියා. ආදිව වොෂ් රූම් එක ලගට ඇරලවපු Arjun එතනින් යන්න ගියා. ආදි තමන්ගෙ වැඩෙත් කරගෙන එලියට ඇවිල්ල සින්ක් එකෙන් මූන හෝදන්න යද්දි ආදිට ඇහුන වොෂ් රූම් එකක දොර අරින සද්දයක්. දොර ඇරගෙන ඇතුලට ආවෙ, නිල්පාට ඕරෝල් කිට් එකක් ඇදගත්ත මනුස්සයෙක්.
❤: E...Excuse me mister, කරුනාකරල එලියට යන්න පුලුවන්ද? මේක female washroom එක. ප්ලීස්.🤨🤨
ඒත් මේ මිනිහ නෙවේ කනකට කනකටවත් ගත්තෙ. ඒ මනුස්සය එකපාරටම ආදි ගෙ පැත්තට එන්න ගත්තෙ ආදිගෙ කෑ ගැහිල්ල ගානකටවත් නොගෙන. ආදි එකපාරටම දුවල ගිහිල්ල දොර ඇරගෙන එලියට යන්න හැදුවත් ඒක ලොක් වෙලා තිබ්බෙ.
❤: ම..මගෙ ලගට එන්න එපා... මං කෑ ගහනවා....help...........plz help me..... කවුරුවත් නැද්ද?.....😭😭😭
මේ අතර ජන්කුක් ගෙ කැබින් එකේ දොර කඩන්න වගේ දොරට තට්ටු කලේ jimin.
🐰: coming...
🐣: ආදි මෙහාට ආවද? 🤨
🐰: ඔහ්...හියුන්ගී... ආදි ශී මොකටද මගේ කැබින් එකට එන්නේ? 😐
🐣: ආදි කොහෙවත් නෑ... කොහෙවත්ම නෑ....😖
🐰: ආදි ශී උදේ හිටියෙ guestroom එකේ පොතක් බල බල. ඇයි එතන නැද්ද? 😐
🐣: නැහැ කුකා නෑ...
🐰: car park එකේ බැලුවද ? 😐
🐣: දැන් බලල ආවෙ එතනටත් ඇවිල්ල නෑ... 🥺
🐰: අයියෝ කලබල වෙන්න එපා හියුන්. නෑනට ප්‍රශ්නයක් නැතුව ඇති...😏😏😏
🐣: එහෙම හිතමු....🥺ඈහ් මොකද්ද පොඩි එකෝ කිව්වේ? 😳
🐰: ම...මං කිව්වෙ මේ... CCTV බලමු කියල. කෝ එන්න... අයියෝ... හොටු පෙරාන අඩනව. ඔය කදුලු තියාගනිම් බැන්ද දවසට ගෑනිගෙන් ගුටි කනකොට පෙරන්න. 😅
ජීකුක් දෙන්න පැය ගානක් තිස්සේ cctv චෙක් කරනව. ලොකු building එකක් නිසා බලන්න තියෙන තැන් ගොඩයි. ජිමින් නම් ඔලුවෙ අත ගහගත්තෙ මේ වැඩේ හරියන්නෑ කියල හිතන්. එතකොට ම තමා ජන්කුක් දැක්කෙ අර්ජුන් එක්ක යන ආදිව.
🐰: ඒ මේ ඉන්නෙ ආදි...
🐣: කෝ...?
🐰: මේ කවුද මේ?
🐣: අර්ජුන්....🤨
🐰: කවුද අර්ජුන් කියන්නේ?
🐣: sales department 🤨
Phone එක අතට ගත්ත jimin නිත්‍ය ට call එකක් ගත්ත.
🐣📞: නිත්‍ය, සේල්ස් එකේ අර්ජුන් කන්නට එන්න කියනව cctv room එකට ඉක්මනට. 😡
🤠: s...sir මට එන්න කිව්ව ද? 😐
🐣: මගෙ driver mis. Adithya ව දන්නව නේ...🤨
🤠: ඔව් සර්...
🐣: පැය දෙකයි විනාඩි පහලවකට කලින් එයත් එක්ක මොනවද කතා කලේ?
🤠: miss ට වොෂ් රූම් එක හොයල දෙන්න කිව්ව. මං වොෂ්රූම් එක පෙන්නල ආව සර්...
🐰: අපි cctv චෙක් කලා. කිසිම වොෂ් රූම් එකකට ආදිත්‍ය ගිය බවක් සටහන් වෙන්නෙ නෑ නෙ. 🤨
🤠: හරි නෙ සර්.. ආදිත්‍ය මිස් හිටියෙ therd flow එකේ නෙ. ඒ flow එකේ washroom නෑ නෙ. මං එක්කගෙන ගියා 4th එකට. ඒකෙ තවම හදල නැති පැත්තක් තියෙන්නෙ. එතන තියෙනව වොෂ්රූම් එකක්. ඒ පැත්තෙ cctv නෑ. 😐
🐣: කුක් බලපන් therd flow එකේ පඩිපෙල ගාව කැමරා...
🐰: මේ තියෙන්නෙ යනව විතරයි නේ තියෙන්නෙ... මූ විතරයි ආයෙත් එන්නේ...
🤠: මං ඇහුව ආදි මිස්ගෙන් ඉන්න ද එයා එනකන් කියල. ඕනෙ නෑ කිව්වෙ. ඉතින් මං ආව. 😐
එකපාරටම කල්පනාකර කර උන්න ජිමින් පුටුවත් පෙරලගෙන දුවන්න ගත්ත. ජන්කුකත් ජිමින් පස්සෙ දිව්වෙ කරදරයකට සේයාවක් ඉව වැටුන නිසා. මුකුත් හිතාගන්න බැරි වුන Arjun ත් ජන්කුක් පස්සෙන් දුවන් ගියේ මේ hot hot news එකේ ඇසින් දුටු ශාක්ෂිකරුවා වෙන්න හිතාගෙන.
ජිමින් වොෂ්රූම් එකේ දොරට තට්ටු කරන අතර ජන්කුක් අර්ජුන් දෙන්නත් එතනට දුවගෙන ආව. ජිමින් සිහියක් නැතුව දොරට ගහනව.
🐣: ආදිත්‍ය....ඔයා ඇතුලෙ ඉන්නවද?
🐰: එලියෙන් නෙ බං ලොක් කරල තියෙන්නෙ ඔය අගුල ඇරපන්...
ජන්කුක් එහෙම කියන ගමන් අගුල කරවද්දි දොර ඇරුනා. ජිමින් ජන්කුක්වත් පෙරලගෙන ඇතුලට ගියා....
Few hours later
❤: අ.. අනේ ජිමින් ...ම...මං එයාව මැරුවේ නෑ... අනේ... මං මුකුත් කලේ නෑ... එයා ම...මට කරදර කරන් හැදුව...ඒකයි මම එයාට ගැහුවෙ...අ...අනේ...මං මුකුත් ක...කලේ...නෑ....අ...අනේ...මා..ව බේරගන්න...😭😭😭
🐣: හ්...හරි මැණික...හරි...ඔයා මුකුත් ම කලේ නෑ.. ඒක හීනයක් පැටියෝ...ඒක හීනයක්... නපුරු හීනයක්.... මේ බලන්න කෝ... මං දිහා බලන්...අඬන්න එපා මැණික...🥺
❤: ම...මං මැරුවේ නෑ...අනේ...මං මැරුවේ නෑ...මාව විශ්වාස කරන්න...අනේ....මාව බේරගන්න...😭😭😭
🐣: ඔයා මැරුවේ නෑ baby. මං දිහා බලන්නකෝ...ආදි... කෝ මගෙ ආදි... යකෙකුටවත් බය නැති ආදි... කෝ මේ බලන්න.
🧡: සර් පොඩ්ඩක් එලියට යන්න. ටේ හියුන්ග් කතා කරනව. මං මෙයාව බලාගන්නන්.
🐣: මං පොඩ්ඩක් එලියට යනව. අඩන්නැතුව ඉන්න ඕනෙ හරිද?
❤: මං මුකුත් කලේ නෑ... මාව බේරගන්න...😭😭
නිත්‍ය ආදිව තුරුල් කරගන්න අතරෙ ආදි දිහා වේදනාවෙන් බලන් උන්න ජිමින් cabin එකෙන් එලියට ආවෙ ටේ හියුන්ග් මුන ගැහෙන්න.
💜: cctv ඔක්කොම මකල දැම්ම.
🐣: Good. අර කාලකන්නියගෙ තත්වෙ? 🤨
💜: ඌට තාම සිහිය ආවෙ නෑ.ඔලුවට වැදිච්ච පාර නිසා. මැරෙයි ද දන්නෑ. 😐
🐣: මේ...වේ#$% බල්ලා...🤬 මේ ආදි ඉස්සර උනේ නැත්තන් මං ඕකව මගෙ අත් දෙකෙන්මයි මරන්නේ... 🤬
💜: ආදි ඒක කලේ ආත්මාරක්ෂාවට. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නැති වෙයි. ජන්කුක් ඒක ගැන බලන්න ගියා. පොලිසිය වැඩිය ඉන්වෝල් වෙන්නැති වෙයි කේස් එකට.
අගමැති ගෙ සෙට් එකක් ගෝටගෝගමට ගහල නේ ලමයි. මං කිව්වෙ මේ කාලකන්නියා යන එක කෙසේ වෙතත් හොද අඩව්වක් අල්ලයි කියල. ගම ගිනි තියල. හෙන ගහනව මුන්ට. මැරිල ම යන්න ඕන නාකි මයිනා. මේ රටට කෙලවල මිනිස්සුත් මරාගෙන මැරෙන්න යන්නෙ. ඔයාලත් පරිස්සමෙන් ඉන්න ලමයි. මූ ඉස්සරහට මොන මොන නැටුම් නටයි ද දන්නෑ නෙ. 🤬
ඔය යට ඇති තරුවක්. ඒක ඔබන් යන්න හොදේ... comment කරන්න අමතක කරන්න එපාහ්...❤🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top