🚘Challo Driver 50🚘
ආදියි කුකී දෙන්න හිනා වෙවී එලියට එද්දි දැක්කෙ car එකට හේතුව දාගෙන phone එක ඔබ ඔබා ඉන්න ජිමින්ව.
❤: සර්?
🐰: සර්? මොන සර් ද ?
❤: පොඩ්ඩක් ඉස්සරහ බලනව කුකී...අර නූනද හූනද කවුද මන්ද බලන්න ගිය ඔයාගෙ මහලොකු හියුන් කාරයා නේ අර ඉන්නේ? මොකෝ මෙයාට පාර වැරදිලා වත් ද ? 😅
එතකොට ම තමා ජිමින් phone එකෙන් ඇස් අහකට අරගත්තෙ. ජිමින් දැක්ක ආදි හෙමින්සැරේ එයා ඉන්න පැත්තට එනවා. ඒත්...
🐣: ජෝන් ජන්කුක්.... තමුසෙ මොකක්ද මේ මහ පාන්දර ආදි ගෙ ගෙදර කරන්නෙ. මට හිතුනා උදේ පාන්දර හෙනහුරාගෙ පාත්තරේට කැලෑ හාව වැටුන වගේ වද දෙනකොට මූ මොකක් හරිම අඩව්වක් අල්ලයි කියල. ගෙවලයා.... මං අදම තෝව යවනව කොරියාවට. ඇයි දෙයියනේ මට ම මෙහෙම වෙන්නේ... තෝ වරෙන්කො. අද එක්කො මූ ඉතුරුවෙයි. නැත්තන් මං ඉතුරුවෙයි. 🤬
ජිමින් තරහෙන් පුපුර පුපුර කල්පනා කර කර ඉන්නකොට දැනුනෙවත් නෑ ආදි ලගට එනකන්.
❤: Good morning Sir...
🐣: අ...මේ... මොකද්ද කිව්වෙ...?
❤: Good morning කියල කිව්වෙ...🤭
🐣: ආ....Good morning...🥲
🐰: හියුන් මොකද මෙහේ? 😐
🐣: ඇයි මට මෙහෙ එන්න බැරි ද ? 🤨
🐰: නෑ පුලුවන්. ඒත් මේ....
🐣: මං ආවෙ ආදිව hospital එක්කන් යන්න. 🤨
🐰: ඒත් මේ...
🐣: කතා ඇති අපිට පරක්කු වෙනව.
ජිමින් car එකට නගින්න යද්දිම ආදිගෙ හිතේ තිබ්බ එකම ප්රශ්නය ජිමින්ට යොමු කලා.
❤: ඇයි අද girl friend බලන්න යන්නෙ නැද්ද ජිමින් ජී? 🙂
ටික වෙලාවක් එහෙම්මම හිටපු ජිමින්ට ආදි කිව්ව දේ තේරුම් ගියා. හෙමීට ජන්කුක්ගෙ පැත්තට හැරුන ජිමින් ජන්කුක් දිහාම බලාගෙන උත්තර දුන්න.
🐣: මට හිතුන එයා මට මැච් වෙන්නෑ කියල. ඉතින් මං ආව. දැන් ඒක ඉවරයි. 😌
❤: what? 😳
🐰: ම්...මෙච්චර ඉක්මනට? කොහොමද? පැය භාගයක්වත් ගියෙ නෑ නෙ. ඇයි නූනා ඇහුව ගමන්ම බෑ කිව්වද? නැත්තන් එයාට bf කෙනෙක් ඉන්නවද? නැත්තන්...
❤: නැත්තන් එයාටත් පාට් එක දැම්ම ද ? ලොකු කම ප්‍රදර්ශනය කරන්නැති ශුවර් එකට. 😏
🐰: මොකක්ද උනේ කියනවකෝ හියුන්. කෙල්ල සැරයි ද? නැත්තන් ඔයාට වඩා වැඩිමල් ද ? එයා බැදපු කෙනෙක් ද? ලමයි ඉන්නවද? හස්බන් අවුල් ද?
❤: ගෙදරින් කේස් ද? ඩවුරි එක ඉල්ලන්න ගියාද ඒ කෙල්ලගෙන්? කෙල්ලට අයියල ඉන්නවද? ගෙදර බැඳපු නැති බල්ලො ඉන්නවද? කියනවකො හලෝ....
ආදියි කුකියි දෙන්න ජිමින්ව වට කරගෙන තොරතෝන්චියක් නැතිව ප්රශ්නය කරනව. අර කතාවකුත් තියෙනව නෙ. එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනව කියල. දැන් ජිමින්ට වෙලා තියෙන්නෙත් ඒ දේම තමා.
🐣: යා....හ්.... නවත්තගන්නවල දෙන්නම ඔය බෙලිකටු මලු දෙක හොල්ලන එක....🤬 මං බලන්න ගිය කෙල්ලෙක් නෑ... තමුසෙ එනව නම් එනව යන්න hospital එකට. 🤬🤬
❤: හරි හරි කෑ ගහන්න එපා... 😒 එන්න කුකී....
🐣: එන්නෙ කීකී....මූ කොහෙද එන්නේ...තමුසෙ ඉදපන් ගෙදරට වෙලා...😡
❤: ඇයි අනේ...hospital ගිහිල්ල එන ගමන් movie එකක් බලන්න යමු කිව්වේ? කුකී banglow එකට වෙලා තනියම ඉන්න එකේ එයාවත් එක්ක යමු කෝ... 😐
මේ අතර ජන්කුක් ඕනෑවටත් වඩා අහින්සක හුරතල් හිනාවකුත් එක්ක ඇස් බෝල දෙකත් ලොකු කරන් මාරුවෙන් මාරුවට ආදි දිහායි ජිමින් දිහායි බලමින් උන්නෙ එයාවත් එක්කගෙන යන්නකෝ කියන්න වගේ...
ඔය හුරතල් හා පාට් වලට ආදි අහුවුනාට ජිමින් නම් අහුවෙන්නෙ නෑ. ජිමින්ට නම් පෙනුනෙ ජන්කුක් හා හම පොරවගත්ත නරියෙක් වගේ. ආදි ගෙ නම් හාට් එක උනුවෙලා වැක්කෙරෙන්න ඔන්න මෙන්න වගේ කුකීගෙ මූන දැකල.
❤: අනේ ජිමින් ජී... අපි කුකීවත් එක්කගෙන යං කෝ 🙂
🐣: තමුන්ට දුක banglow එකේ තනියම ඉන්න මේ කපටි හාව ගැන විතරයි. අර ගේ අස්සට වෙලා කෑම උය උය ඉන්න තමුන්ගෙ යාලුව ගැන දුක නෑ නේ... ගිහින් කියනව එයාටත් ලෑස්ති වෙලා එන්න කියල. 😡
❤: එයා ගැන දුක් වෙන්න දෙයක් නෑ ජිමින් ජී... අද ටේ එනව කිව්ව එයාව බීච් එකට එක්කගෙන යන්න. 🙂 ඇයි ඔයාට කිව්වෙ නැද්ද?
🐣: නෑ... මං දන්නෑ...😒
🐰: ටේ ටේ හියුන්ගි මට නම් කිව්වා...නිතී ව බීච් එක්කන් යනෝ කියලා...🙂
🐣: ආ...ඇත්ත ද චේ චේ කිව්වද? 😡 මුං ඔක්කොටම පස්සෙ ආව අඟ ලොකු වෙලා....😡
❤: මොකක්හරි කිව්ව ද? 😐
🐣: නෑ නෑ නගිනවා....😒
මේ අතර ජිමින් ආදිට නගින්න දොර passenger seat එකේ දොර ඇරපු ගමන් ජන්කුක් කඩාගෙන බිඳගෙන ගිහිල්ල වාඩි උනා.
🐰: thanks හියුන්ග්... හේ... හේ...😁
ආදි පිටිපස්සෙන් වාඩි උනා... ජිමින්ගෙ කන් දෙකෙන් දුන් දැම්මෙ නැති ටික විතරයි. මූන රතු වෙලා තිබ්බෙ තරහටම.
Hospital එකට ගිහාම කට්ටියට දැනගන්න ලැබුනෙ නැන්දගෙයි මාමගෙයි තත්වෙ සාමාන්‍ය අතට හැරිල කියල. ඒ වගෙම මාමට සිහිය ඇවිල්ලා. ආදි මාමාගේ room එකට යද්දි වරුන් මාමගෙ bed එක ලග පුටුවක් තියාගෙන කතා කර කර හිටියා.
ආදි දූවගෙන ගිහිල්ල මාමව බදාගෙන අඬන්න ගත්තා. ජිමින් කුක් පිටිපස්සට වෙලා මේ දිහා බලාගෙන උන්නා. එකපාරටම හොටු හූරන සද්දයක් ඇහිච්ච නිසා ජිමින් එහාපැත්ත බලද්දි ජන්කුක් හොටු පෙරාගෙන අඬනවා.
🐣: කුකා උඹ අඬනවද? 🤨 මොකද යකෝ මේ මිනිහ මැරිච්ච ගෑනි වගේ අඬන්නේ... අර මනුස්සය අර හොඳට ඉන්නේ...
🐰: ආදි පව් නේද හියුං? මත දුක හිතුනා...😭😭
🐣: තොට රටේම ඉන්න ගෑනු ගැන අනුකම්පාවක් තියෙනව. මං ගැන තමා නැත්තේ... ගෝතයා...😡
🐰: බයින්නෙපා හියුන්...හිතක්පපුවක් නැද්දා? චුරුස්...🤧
එතකොට ම එතනට ආවෙ වරුන්. ආදිටයි මාමටයි කතා කරන්න ඉඩ දීල වරුන් නැගිටල ආව. තවමත් එක අතක් බැන්ඩේජ් කරල තිබ්බ වරුන්ට දැන් සෑහෙන්න හොදයි.
👦: මේ මොකද මේ ?
🐣: ආ.. ම්.. මේ.. මුගේ ඇහැට රොඩ්ඩක් ගිහිල්ල... නේ ද කුකී...😐
👦: මේ අඬන ඇඬිල්ලේ හැටියට නං රොඩ්ඩක් නෙවේ ගිහිල්ල තියෙන්නෙ පොල් හනස්සක් ද කොහෙද 😅
🐰: චුරුස්....චොරොස් චොස්... 🤧🤧
ජන්කුක් හොටු ටිකත් හූරල. ඒ ලේන්සුවෙන්ම කඳුලුත් පිහදගෙන වරුන් දිහාට හැරිලා...
🐰: මොකද්ඩ පොල් හස්කස් කියන්නේ...? 🥲
👦: මේ...
🐣: ආ ඒව ඔයා දන්නෑ පොඩි එකෝ.... ඒ පොල් වලින් හදන කෑමක්...
ජිමින් ජන්කුක් ගෙ ප්‍රශ්න පත්තරේ පෙරලන්නත් කලින්ම වහල දැම්මා. ඒත් වරුන් නම් ඒ කියපු කතාවට confuse වෙලා හිටියෙ..😅😅
Hospital එකෙන් පිටත් වෙලා තුන්දෙනාම ආවෙ ෆිල්ම් හෝල් එකක් හොයාගෙන.
🐰: ෆූ.... මොකද්ද හියුන්...කලින් කිව්ව නං මං ටිකට් බුක් කරනව නේ... ඔයා තාම ඩිසයිඩ් කරේ නැද්ද බලන මූවි එක? කම්මැලි අප්පා....🙄😒
🐣: කම්මැලි නම් මොකටද ආවෙ පැනගෙන? 😏 ගෙදර ඉන්න තිබ්බ නේ...😌 ඔය ගුගල් මැප් එක දාපන්...
කොහොම හරි මැප් එකේ පිහිටෙන් තුන්දෙනාට දිල්ලි ටවුන් එකේ අතරමං නොවී ෆිල්ම් හෝල් එකක් හොයාගන්න පුලුවන් උනා. ජිමින් Car එක පාක් කරල එනකන් බලන් හිටිය ආදි කුක් දෙන්නා ජිමින් එක්කම හෝල් එක ඇතුලට ගියා. ඊලගට තියෙන ප්‍රශ්නෙ කවුද ටිකට් ගන්නෙ කියන එක. කුකීට සල්ලි දික් කරපු ජිමින්,
🐣: ආ... ටිකට් අරන් වරෙන්. පොප්කෝන් එක්ක. 😌
🐰: අනේ... මට බෑ....මං හරියට හින්දි දන්නෙත් නෑ... අනික මොකද්ද ඔය film එකේ නම? චුන්නයි....චෙන්නායි...? 🤔
❤: Chennai Express.🙂
🐰: අනේ.. මට ඔය වචනෙ කියාගන්න බෑ... මට බෑ...😒
🐣: තෝ නං මාව කන්න ආව එකෙක්. මීට වඩා හොදයි පඹයෙක් ගෙනාව නං. ඇයි යකෝ. තොට ඕන මගුලක තනියෙන් යන්න පුලුවන්. මෙතන දි විතරක් ලඳ වගේ ඇඹරෙනව. 🤬
🐰: අනේ මට බෑ හියුන්...😡
🐣: බැරි මොකද? පුලුවන්...😡
❤: නවත්තගන්නවල දෙන්නම. 😡 ආව වෙලේ ඉදන් ගෑණියි මිනිහයි වගේ රණ්ඩු වෙනව. මොන වදයක්ද මේක? මං ගිහිල්ල ටිකට් අරං එන්නං. මං එනකන් එකෙක්වත් කට අරින්නෑ...කෝ මෙහාට දෙනව සල්ලි...😡😡
🐰: ආදී මෙයා...
❤: කට වහගන්නව කුකී.. 😡
🐣: ආදී... තමුසෙ...
❤: ජිමින් මේ... මගෙ යකා අවුසසන්න එපා...😡
ආදි ජිමින් ඉස්සරහට ඇගිල්ලකුත් උරුක් කරගෙන ආවම ජිමින් භය වුනා.
🐣: හ්...හරි හරි ඔයා යන්න. 🥲
ආදි ටිකට් අරන් එනකන් ජීකුක් ඩබල එතන තිබ්බ පුටු දෙකකින් එකිනෙකාට පිටුපාල වාඩි උනා. සැරින් සැරේ හැරි හැරී එකිනෙකාට රවන ගමන් කුටු කුටු ගගා බනින්නත් අමතක කලේ නෑ.
🐰: ආව මෙතන. මගෙ බොස් නොවුනනම් දනී කරන දේ.. කොටා...😡
🐣: මොකද තෝ රවන්නෙ කෑලෑ හාවා...ඉස්සරහ බලාගනින්...🤬
🐰: ඉස්සරහ බලන් තමා ඉන්නේ...හියුන් නෙ කුටු කුටු ගාන්නේ...😡😡😡
🐣: මං කුටු කුටු ගාන්නේ මගෙ කටින් නේ... තොට මොකද්ද තියෙන අමාරුව? 🤬🤬
🐰: හියුන් කටින් කියන ඒව මට ඇහෙනව නේ.. මගෙ කන් දෙක රිදෙනව. ( ගෙවලයා) 🤬
🐣: කනේ ගහගනින් ඇබ...😡
🐰: පොඩ්ඩක් ඉදපන් ආදි එනකන්. මං කියනව මට පරුෂ වචනෙන් බැන වැදුන කියල.😡
🐣: ඉතින් කියා ගනින්. දැම්මම හොයල තියාගනින් යන්න තැනක්. මොකෝ කේලං කියන උන්ට මගේ ගෙදර ඉඩ නෑ...😡
මේ අතර ආදි දැක්කා ජිමින් කුක් එකිනෙකාට ප්රතිවිරුද්ධව ඉදගෙන, ඒත් හැරි හැරී බැනගන්නවා. ආදිට නම් හිනා. ඒත් ආදිට ප්‍රශ්නයක් උනා එකපාරටම මේ දෙන්න රණ්ඩු කරගන්න එක. දෙන්න හොදම යාලුවො නිසා ආදිගෙ හිතට මේ දෙන්න රණ්ඩු වෙන එක හරියට වද දුන්න. ආදි එනව දැක්ක ජන්කුක්,
🐰: මාව එලියට දාන්න? ... ඒ ඒ අන්න එනවා...😬
🐣: කට වහන් ඉදපන්. නැත්තන් දන්නව නේ.. 😡
ආදි එන බව දැක්ක ජිමින් එතන තිබ්බ බෝඩ් එකක් කියවනව වගේ සාර්ථක රංගනයක නිරත වෙන්න ගත්තා. කුකී නම් phone එක ඔබනවා. ආදි නම් දන්නව මේ දෙන්නගෙ කපටිකම්.
❤: දෙන්න හිටියා නෙ හොද ලමයි වගේ...😊
ඒත් එක්කම නැගිටල ආව කුක්.
🐰: ඔයා දන්නවද නේ ඉතින් මං කොච්චර හොද්ද කියලා...😃
❤: හරි හරි දන්නව දන්නව. 😅 මේ පොප්කෝන් එකක් ගන්න.
🐰: කෝ දෙන්න. 🙂
ඒත් එක්කම එතනට ආව ජිමින්,
🐣: I'm the best 😌
❤: යමුද? 😅
🐣: හා හා 😅
එතන හිටපු staff එකේ කෙනෙක් ටෝච් එකක් ගහගෙන එයාලව ඇතුලට එක්කගෙන ගියේ මේ වෙනකොටත් film එක පටන් අරගෙන තිබ්බ නිසා. ජන්කුක් මුලින්ම ,එයාට පිටිපස්සෙන් ආදි, අන්තිමට ජිමින් පිලිවෙලට තුන්දෙනා ෂීට් මැද්දෙන් තමන්ගෙ ෂීට් තුන තිබ්බ තැනට හොයාගෙන යනව අර මනුස්සය පස්සෙන්. එකපාරටම ආදිගෙ කකුලක් පෙරලිලා වැටෙන්න ගියා. එකපාරටම බැක්හග් කරල අල්ලගත්ත ජිමින් ආදිව උස්සල තිබ්බ උඩ තිබ්බ පඩියෙන්.
❤: Thank you sir 🥲
🐣: පරිස්සමෙන්...🙂
🐰: ආදී මොකද උනේ? තුවාලද? මොනාද හියුන් කරන්නෙ උඩ බලාගෙන ද එන්නේ ආ ? 😡
❤: අනේ කුකී මෙතන වත් රණ්ඩු නොවී ඉන්නවකෝ. මං කකුල් පැටලිලා වැටුනෙ. ජිමින් ජී මුකුත් කලේ නෑ...😡
🐣: මෙතන මිනිස්සු ඉන්න හින්ද මං මූට මුකුත් කියන්නෑ...😡
කියමින් ආදිට නොපෙනෙන්න කුක් ට මැද ඇගිල්ල ප්‍රදර්ශනය කරපු ජිමින් ආදි හැරෙනකොටම අත අහකට ගත්ත.
🐰: ආදි දැක්ක ද ඔයා මෙයා මට middle finger එක පෙන්නුවා...ඊ...😖
❤: ජිමින් ජී...😡
🐣: මුගේ බොරු...🙄
එතකොට ම ටෝච් එක අරන් ගිය මගපෙන්වන්නා එයාල ට කතා කලේ ෂීට් තුන පෙන්නන්න.
: එක ලග ෂීට් තුනක් නම් නෑ නෝනා... කමක් නෑ නේද? එක ලග ෂීට් දෙකයි. ඉස්සරහ එකයි.
❤: ආ.. කමක් නෑ...🙂
🐣: ඒකත් මරු 😅😅
❤: මොකක්ද? 🤨
🐣: නෑ මං කිව්වෙ මොනා කරන්නද ඉතින් නේද ? 🥲
❤: හම්...
ෂීට් තුන ලගට ආව තුන්දෙනාගෙ ඊලග ප්රශ්නය උනේ එක ලග ෂීට් දෙකේ වාඩි වෙන්නෙ කවුද කියන එක. එක ලග ෂීට් දෙකයි.ඊට ඉස්සරහින් තිබ්බ ෂීට් එකයි තමා එයාලට වෙන් වෙලා තිබ්බේ.
🐰: ආදි අපි දෙන්න එක ලග ඉදගමු. හියුන් යන්න ඉස්සරහ එකට 😏
🐣: නෑ...මමයි ආදියි මෙතන ඉන්නම්. තෝ පල ඉස්සරහට. 🤨
🐰: ඒ උනාට මේකෙ බය හිතෙන කෑලි තියෙනවද දන්නෑ නෙ.😒
❤: අයියෝ කුකී.. මේක horror වත්, action එකක්වත් නෙවේ.. මේක funny
😅😅
🐣: ඒකනේ තෝ ඉස්සරහින් වාඩි වෙයන් බබා පාට් නොදා 😏
🐰: බෑ.. මං මෙතන 😒 මෙතනට A/C එක හොදට එනවා.
❤: ආ හරි එහෙනම් ඔයාල දෙන්න ඔතන ඉන්න. මං ඉස්සර එකට යන්නම්.😁
🐣: ආදි Noo😧
🐰: ආදි මෙතනට එන්නකෝ...යන්න හියුන්ග්...වදේ...😡
ජන්කුක් ජිමින්ව ඉස්සරහට තල්ලු කලත් ඒ වෙනකොට ආදි එතනින් ඉදගෙන ඉවරයි. ආදිගෙ එහාපැත්තේ වයසක ආච්චි කෙනෙක්. මෙහාපැත්තෙ අවුරුදු 10 ක විතර පොඩි කොල්ලෙක් හිටියා. ජිමින් බැරිම තැන ජන්කුක්ගෙ එහාපැත්තෙන් ඉදගත්තෙ ජන්කුක් ව මරාගෙන අනුභව කරන්න තරන් කේන්තියකින්. ආදි නං හිනා වෙවී film එක බලනවා.
ෂාරැක් ඛාන් කෝච්චියට නැගල ඔලුව එලියට දාගෙන යන අතරෙ දීපිකා කෝච්චියට නගින්න දුවගෙන එනවා. ඔන්න ජන්කුක් ගෙ ප්‍රශ්න වටය ආරම්භ උනා.
🐰: ඒ කෙල්ල මූව කලින් අදුරනවද කොහෙද ?
🐣: කාවද? 🤨
🐰: ඔය කෝච්චියෙන් එලියට ඔලුව දාන් යන එකාව 😐
🐣: වෙන්නැති 🙄
🐰: අ.. අර දැක්ක ද අතත් දික් කලා.. මන් කිව්වෙ. දෙන්න කලින් අදුරනවා...😅😅
🐣: හම්...🤨
🐰: මහ පිස්සු කෙල්ලෙක් නේ... ටිකක් කලින් ආව නම් ඉවරයි නේ. නිකන් මහන්සි වෙනවා... කොහෙද ඉතින් මේකප් එක දාගන්න වෙලා යන්නැති.😅😅😅
🐣: මූ මාර යකෙක් නේ එන එන එකාට අත දීල නග්ගගන්නේ 😐
එතකොට ම ෂාරුක් ඛාන් සින්දුව කියන්න පටන් ගත්තා. මෙච්චර වෙලා කතාවට සම වැදිල හිටපු ආදිටත් කට වහගෙන ඉන්න බැරි උනා. තමන් ඉන්නෙ film හෝල් එකේ කියන එක අමතක කරපු ආදි ටිකක් හයියෙන් සින්දුව කියන්න ගත්තා. පිටිපස්සෙ ඉන්න දෙන්න confuse වෙලා මූනට මූන බලාගත්තා. 😅
❤: තුජෙ දේකා තෝයේ ජානා සනම්....
ප්යාර් හෝතා හේ දිවානා සනම්....😃
🐣🐰: හෑහ්...😳
එතකොට ම එහාපැත්තෙ හිටපු ආච්චි දීපිකා කියන සින්දුව කියන්න ගත්තා...
👵: ඛෙසෙ නිබුලී....තුජෙ මෙරේකෝ...
ඉන්දි ආ තේ නහී...
අතේ තිබ්බ පෙප්සි කෑන් එක කඩල ගත්ත ජිමින් ඒක එක හුස්මට බීගෙන බීගෙන ගියේ සාමාන්‍ය තත්වෙට එන්න. ජන්කුක්ට A/C එකේත් දාඩිය දාල.
❤: බාර් ප්රෝබ්ලම් මෙහේ හම්...😃
මේ අතර ආදිට තට්ටුවක් දාපු ජිමින්,
🐣: කලින් මේක බලල තියෙනව ද ? 🥲
❤: හතරපාරක්... 😏
ආදි ඉස්සරහ බලාගෙන උත්තර දුන්න.
එතකොට ම පිටිපස්ස හැරිච්ච ආච්චි,
👵: මං හයපාරක් බැලුවා...😃
මූනට මූන බලාගත්ත ජීකුක් ඩබල.
🐣🐰: ආ..හොදයි...🥲
🐣: පරලොව යන්න ඔන්න මෙන්න ඉදගෙන film බලන්න එනවා.
🐰: ඒකතමයි. කවදහරි වලකජ්ජ ගහන්නෙත් මි ෂීට් එකක් උඩ තමා 😡
ජිමින් කුක් ආච්චිට ඇහෙන්නැති වෙන්න කුටු කුටු ගානවා.
❤: තු පිර්හෙ ජාරේ...ජජ ජාරේ...
🐰: ආදී කෑ ගහන්න එපා කෙල්ල. මිනිස්සුන්ට කරදරයි නේ...🥲
🐣: ඔව් කෑ ගහන්න එපා. ලැජ්ජයි. 🥲
❤: ආ... සොරි සොරි...😬
ඔන්න අද Chapters දෙකක්ම දුන්නා. Comment එකක් දාගෙන යන්න girls.
ඔය යට තරුවක් ඇති. ඒකත් ඔබන් යන්න .😁❤
සරන්ග්හේ 😁❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top