🚘 Challo Driver 49 🚘
Jimin ගෙදරින් පිටත් වෙද්දි ආදිට msg එකක් දැම්මෙ ලෑස්ති වෙලා ඉන්න කියල. ආදි මැසේජ් එක බැලුවෙත් ඇඳේ ඉදගෙන ම නිදි ගැට කඩමින්. ආදි phone එක දිහා බලාගෙනම ජිමින්ට බනින්න ගත්තා.
❤: මොන මගුලක්දෝයි මේ... ඇයි මට ම මෙහෙම වද දෙන්නෙ... නිවාඩු දවසෙවත් සැනසීමෙ ඉන්න නෑ මේ වත රතු හොට දිග පිලිහුඩුව නිසා... මැරියන් ගෝතයා....🤬
ආදි ලෑස්තිවෙන්න කියල හිතාගෙන ඇදෙන් බහිනකොටම කෝල් එකක් ආව නිසා ආයෙමත් ඇදට වැටුන ආදි call එක answer නොකරම phone එක දිහා බලාගෙන බනින්න ගත්ත.
❤: මේ අනිත් ගෝතයා.... වසවර්ති පැටියා....මුංගෙන් ගැලවෙන්න මට උතුරු කොරියාවටවත් පැන ගන්න වෙයි. මේ වෙලාවට තමා හිතෙන්නෙ සිරිලංකාවෙ ඉපදුනා නම් කොච්චර හොද්ද කියල...🥲
ආදි වොෂ් එකක් දාගෙන එලියට එනකොට ඇද උඩ තිබ්බෙ ගවුමක්. ආදි හිතුවෙ ඒක නිත්‍ය ගෙ කියල. ඒත් ගවුම අතට අරගත්ත ආදි...
❤: මේක ඇදල බැලුව කියල මුකුත් වෙන්නෑ නෙ. සෝ කියුට්. අදට විතරක් මට දෙන්න බෑ ද දන්නෑ... අහල බලන්නෝනෙ...🙂
ආදි ගවුමත් අරගෙන kitchen එකට යන්නත් හදල ආයෙමත් නැවතුනේ මොකක්හරි මතක් වෙලා වගේ.
❤: හදිස්සියෙවත් දෙන්න බෑ කිව්වොත්? 😐 එහෙම කොහොමද, අනේ....🥺
ආදි ගවුමත් තුරුල් කරගෙන කාමරේට ගිහිල්ල ඒක ඇදල බැලුව. ඒක ආදිට ගානට. කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල වට දෙක තුනක් කැරකිච්ච ආදි. උඩ පැන පැන kitchen එකට ගියේ නිත්‍ය හොයාගෙන. ආදි එනව ඇස් කොනෙන් දැක්ක නිත්‍ය ආදි දිහා නොබලම කතා කරන්න ගත්තෙ හදපු සුප් ටික භාජන වලට දාන ගමන්.
🧡: ආ මැඩම්.... නැගිට්ට ද ? 😊
❤: ගුම්මෝනින් සුදාම්මියා....🙂
🧡: ගුම්මෝනිම්... මං සුප් එක හැදුවා ඔයා යනව නේද අද hospital?
❤: ඔව් ඔව් යනවා. එහෙ ගිහිල්ල තමා යන්නේ....
🧡: තව කොහෙද යන්නෙ?
❤: අර ජිම් පප්පා එන්න කිව්ව. 😒
🧡: කවුද ජිම් පප්පා?
❤: උඹලෑ මහලොකු බොසා... යම පල්ලා...වදකාගාරේ... ඇහැටුල්ලා....ගස් ගෙම්බා...තාරාවා...පාත්තයා...😒
🧡: අයියෝ....සර් ට බනින්න එපා අනේ...ඒත් අද නිවාඩු නේ... මොකටද අදත් එන්න කියන්නෙ... මං හිතන්නෙ සර් ට ඔයාව දකින්නැතුව ඉන්න බැරි ද කොහෙද 😅😅
❤: හිකි හිකි තමා...😒 දකින්නැතුව නෙවේ යෞධියේ බනින්නැතුව. ඕකට මට දවසට එකපාරක් හරි බැන්නෙ නැත්තන් කෑම උගුරෙන් පල්ලෙහාට යන්නෑ. හම්බාවා...😡 ඒක නෙවේ... මේ ගවුම ලස්සන ද? 🙂
ආදි ගවුමෙ කොන් දෙකෙන් අල්ලගෙන වටයක් කැරකුනේ නිත්‍ය ට පේන්න.
🧡: ආ... ලස්සනයි ලස්සනයි 😅😅
❤: මේ... නිතී.... මගේ අතිජාත මිතුර.... මගෙ හුස්ම ටික.... මගේ හදවත... මගේ වකුගඩ්ඩ...මගේ අක්...
🧡: ඇති ඇති මොකක්ද වෙන්න ඕනෙ කියපන්කෝ...😏
❤: මං අදට විතරක් මේ ගවුම ඇදගෙන යන්නං ද ? හා ද? හා නේද? හා කියපං කෝ... කෝ හා කියන්න.... හා......😲
ආදි නිත්‍ය ගෙ මූනට එබීගෙන කියවනවා. නිත්‍ය ට නං හිනා.
🧡: හා කිව්වෙ නැත්තන්...😏
එහෙම කිව්ව ම පොඩි ලමයෙක් වගේ බිම බලාගත්ත ආදි ,
❤: හා කිව්වෙ නැත්තන් ඉතින් චූටි බබාට දුක හිතෙනෝ නෙ. 🥺
🧡: හරි හරි ආපෝ...ඕක ගත්තෙ තමුන්ට තමා... ඇදගන්න බැරි නං සේල් දැම්මත් මට කමක් නෑ... 😅😅😅
❤: සිරා.....වට? 😳
🧡: නෑ...ධමනියට....😅😅😅
නිත්‍ය ආදි කියව කියව ඉන්න කොට door bell එක වැදුන නිසා ආදි ගියේ ජිමින් ආව කියල හිතාගෙන දොර අරින්න.
❤: පොඩ්ඩක් ඉන්න.... බෙල් එක උඩ වාඩි වුනාට වැඩක් නෑ. අපිට මීට වඩා ඉක්මනට එන්න බෑ...
ආදි කෑ ගහගෙන ම ඇවිල්ල දොර ඇරියා. ඒත් එතන හිටියෙ නම් ජිමින් නෙවේ...
❤: ඔයා? 🙂
🐰: Good morning ආදී 😃
❤: G...Good morning...🥲 මොකද මෙහේ?
🐰: ඔයා අද hospital යනව කිව්ව නේද ? 🙂
❤: ඔව්.. එන්න ඇතුලට.
🧡: කවුද ආවෙ ආදී...?
❤: ම්...මේ ජන්කුක් ඇවිල්ල.
🧡: ආ... ඉන්න මං එන්නං.
❤: ඇයි මේ උදේ පාන්දර...?
🐰: ඔයා hospital යනව කිව්ව නේ... ඒ නිසා මං හිතුව ඔයා එක්ක එන්න. තනියම යන්න ඕනෙ නෑ නෙ ආදි.
❤: jimin sir එනව කිව්ව නේ...😐
🐰: හියුන්ග් එනව කිව්ව ද ? වෙන්න බෑ නේ...🤔
❤: ඇයි?
🐰: නෑ හියුන්ග් අද ගියා නූනව meet වෙන්න.
❤: නූනා? 😐
🐰: ඔව් හියුන්ගෙ Girl friend. එයාව meet වෙන්න යනව කිව්ව නේ.. 🙂
❤: අ..ආ... එහෙම ද?
🐰: හුම්... ඔයාට එනව කියල කිව්ව ද ?
❤: ඔ...ඔව් නේ. සමහර විට අමතක වෙන්නැති එයාට 😊🥺
🐰: ඔව් එහෙම වෙන්නැති. ඔයා ලෑස්ති නම් අපි යමු. 😊
එතකොට ආදිගෙ phone එක ring වෙන්න ගත්ත නිසා ආදි phone එකත් අරගෙන room එකට ආව. ජිමින් තමයි කෝල් කලේ. එයා ඇවිත් ඉන්නෙ කියල කියන්න. ඒත් ආදිට ඒක answer කරන්න හිත දුන්නෙ නෑ.
❤: දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ. කලින් කියන්න තිබ්බ නේ. නරුමයා...🤬 මං මොකටද answer කරන්නෙ. හහ්... අර නූනද හූනද මොකීද එකී එක්ක ම ඉන්න එකනේ ඇත්තේ...බූරුවා...🤬
ආදි call එක answer නොකරම cut කරල දාල phone එක silent දාල බෑග් එකත් අරගෙන එලියට ආව. නිත්‍ය දීපු සුප් භාජනෙත් අරගෙන living room එකට ආව ආදි,
❤: අපි යමු කුකී...😊
🐰: හරිද එහෙනම් යමු නේද ? 😊
ආදියි කුකී දෙන්න හිනා වෙවී එලියට එද්දි දැක්කෙ....
🥺🥺🥺🥺
අද තව chapter එකක් දෙන්නම් දවල් වෙලා. Vote කරන්න. Comment කරන්න. සරන්ග්හේ...❤😊😘
Bạn đang đọc truyện trên: AzTruyen.Top