🚘Challo Driver 48🚘

Taehyung, ජන්කුක් office එකේ වැඩ ඉවර කරල banglow එකට එද්දි වෙනද වගේම Park සීයයි, Jeon සීයයි living room එකේ කාඩ් සෙල්ලම් කර කර හිටියෙ. වෙනදට ජිමිනුත් ඇවිල්ල කාඩ් සෙල්ලම් කර කර උන්නත් අද ජිමින් පේන්න නොහිටිය එක ටේ ට ප්‍රශ්ණයක් උනා.

💜: සීයා අපි ආවා...🙂

👨‍🦳: ආ.. ආවද කොල්ලො දෙන්නා...

🐰: හරිම බඩගිනියි සීයා....😒

👴: ඇයි අද කෑවෙ නැද්ද? 🤨

💜: මං මූට කන්න එන්න කියල කිව්ව සීයා... මූ files වගයක් බදාගෙන උන්න නෙ...😌

👨‍🦳: ඉතින් ඔයාට තිබුනනේ ජන්කුක් වැඩේ ඉවර කරනකන් ඉන්න.

🐰: එතකොට නිත්‍ය ව miss වෙනවනෙ මෙයාට 😏😅

👨‍🦳: මොකක්ද මොකක්ද ඒ කතාව 😏

💜: නෑ නෑ සීයා මේ මුගෙ බොරු...කෝ මේ ජිමිනා....🥲

👨‍🦳: ආ...ජිමින් උදේ ආදි එක්ක ගියා hospital එකට.

🐰: ආන්ටිවයි, අංකල්වයි බලන්න ද ?

👨‍🦳: ඔව් ඔව්. ගිහිල්ල ආව. දැන් ඔය ඔලුව කැක්කුමයි කියල room එකට ගියා.

💜: ඔලුව කැක්කුමයි. 🤨

👨‍🦳: ඔයාම ගිහිල්ල බලන්නකෝ.

ටේ ෂර්ට් එකේ අත් දෙකත් උඩට නව නව ගියේ ජිමින්ගෙ room එකට දිහාට. ජන්කුක් පුටුවකුත් ඇදගෙන ඇවිල්ල සීයා ගාවින් ඉදගත්තේ කාඩ් play කරන්න කියල හිතාගෙන.

ටේ ජිමින්ගෙ room එකට යද්දිම ටේ ගෙ මූනෙ වැදුන කොල බෝලයක් නිසා භය වෙච්ච ටේ එක පාරට පස්සට පැන්නෙ කෑ ගහගෙන. එතකොට තමා ටේ දැක්කෙ ඒ ජිමින් විසික් කරපු පලවෙනි කොල බෝලෙ නොවන වග. කාමරේ බිම හැම තැනම කොල ගුලි කරල දාල තිබ්බ.

💜: යා....ජිමිනා....😰 මොකදෝයි ඒ කරපු බලු වැඩේ...තෝ කැමති නැත්තන් මං එනවට ඒක.....😧😧

🐣:.....

💜: මේ මොකද බං මේ කොල ගුලි ....? දෙවියනේ මේ කොල බං කොල. අච්චර අර සිරි ලංකාවෙ යක්ක පුත්තු කොල නැතුව ඉන්නව විභාග ලියන්න. Uber මේ කොල ගුලි කර කර විසික් කරනව. මේව සල්ලි යකෝ සල්ලි....😫

🐣: ඩොලර් බං ඩොලර්...උන් දුක් විදින්නෙ කොල නැති නිසා නෙවේ යකෝ... කොල ගන්න ඩොලර් නැති නිසා... ඩොලර් නැත්තේ කපුටොයි, මයිනොයි නිසා... මං දුක් විදින්නෙ මේ application එකක් නිසා. 😒😖

ජිමින් පෑනත් කරකවමින් අත පය දික් කර කර ටේ ට තේරුම් කරල දෙන්න උත්සාහ කරනව ලංකාවට වෙලා තියන දේ.

💜: මොකක්ද බං ඒ කතාවෙ තේරුම? මයිනොයි කපුටොයි කොහොමද ඩොලර් වලට සම්බන්ධ වෙන්නෙ?

🐣: ඇයි බං. වෙන් ද කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්....ඇන්ඩ් කපුටාස් elder brother is මයිනාස්...

💜: ඇති ඇති. තෝ දන්න ඉංග්‍රීසිත් අමතක වෙයි යකෝ.... දැන් ඔය මොනාද ඔය පන දාගෙන ලියන්නෙ? Love letter? 🙂

🐣: පිස්සුද ඕයි? Application එකක්.

💜: උඹ job එකකට apply කරන්න ද යන්නෙ? එතකොට company එක? පිස්සුද ඕයි?

🐣: නෑ නෑ යකෝ මේක මේ ආදි ගෙ වැඩක්.

💜: 😅😅😅 උඹ කවද ඉදන් ද යකෝ ආදිගෙ වැඩත් කරන්න ගත්තේ...කොහොම හිටපු එකේක් ද ? 😅😅😅

🐣: එහෙම එකක් නෙවේ යකෞ මේක මගේ වැඩක්....😡

💜: හරි හරි ඉතින් අනාගත wife ගෙ වැඩ මගේ වැඩ වගේ තමා....හා...හා... නාස් ලනුව දමනවාද? කරත්තයක බඳිනවා ද ? 🤣

🐣: හිනාව නවත්තගනින්. මේක friendship application එකක්..😡

ඒකටනං ටේ ගෙ කට ඇදවෙලා ගියා.

💜: friendship? ඒ කියන්නෙ උඹ අදත් ඇහුවෙ නැද්ද? නෙදකින් ගෙවලයා....😡මං අච්චර motivate කරල යවලත් ඒක කියවගන්න බැරි උනාද ආ...?

🐣: කොහෙ කියවන්න ද ? ඒකිට නට් ලුස් නේ...😡

💜: ඉතින් උබ නට් තද කරගත්ත එකියක් හොයාගනින් කෝ...

🐣: මොනව කරන්නද ඕයි... හිත යන්නෙම නට් ලූස් පිහාට්ටාට නේ...😡

💜: පව් බං එහෙම කියන්න එපා. එයා තාම පොඩී නෙ. එයාව දැක්කම මට රෝස් ව මතක් වෙනව. එයත් රෝස් ගෙ වයසෙ වගේ නේ....🥺

ටේ ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන ගමන් කිව්ව.

🐣: අපි රෝස් ගෙ degree එක complete කරපු ගමන්ම මෙහෙ එක්කන් එමූ. එයා කැමති වෙයි. මටත් එයාව ගොඩක් මතක් වෙනව. 😌

💜: ඔම්ම එයාට එන්න දෙයි ද ? 😒

🐣: ඒක නං අනේ මංද.... අපි ඔයාගෙ අප්පට කියල බලමු. ජින් අංකල් මොකක්හරි මැච් එකක් ගහල දෙයි. 😏

💜: හම්.... දැන් ඕක ලියපං....

🐣: කලින් girl friends ල හිටිය ද කියල අහනව...

💜: නෑ කියපං. කොහොමත් හිටියෙ නෑනෙ.😅

















පහුවදා උදෙන්ම නැගිට්ට ජිමින් ලෑස්ති උනේ ආදිව ඩේට් එකකට එක්කගෙන යන්න කියල. ලෑස්ති වෙලා දෙතුන් පාරක්ම කණ්නාඩිය ලගට ගිහිල්ල හැඩ බලපු ජිමින් car එකේ යතුරත් කරකවමින් පඩිපෙල බැහැගෙන පහලට ආවෙ මොනවහරි බඩට දාගන්න කියල හිතාගෙන.
එතකොට ම ඉස්සරහට හම්බවුනේ ජන්කුක්ව.

🐰: Good morning හියුන්. 🙂

🐣: Good morning කුකා...

🐰: හියුන් කොහෙ හරි යන්න ද ? 😃

🐣: ඔව් බං.

🐰: මාත් එන්නද? 😃

🐣: මං මේ වැදගත් වැඩකට යන්නෙ...

🐰: සිරාවට? එහෙනං මාත් එන්නං..😃

🐣: අයියෝ කුකා...ඒකට මේ කාවවත් එක්කන් යන්න බෑ... තනියෙන් යන්න ඕන...🙄

🐰: අනේ මං වද දෙන්නෑ...සත්තයි...අනේ මාත් එන්නංකෝ...මොකක්ද හියුන්ග්...අනේ...අනේ...😫

🐣: වද දෙන්නෑ කිය කිය තෝ දැනුත් කරන්නෙ වද දෙන එකනෙ පොඩි එකා.. මං යන්නෙ වැදගත් වැඩකට...ඒ වගේ වැඩ වලට කලෑ හාවොන්ව අරන් යන්නෙ නෑ...😡

🐰: යා... මාවත් එක්කගෙන යනවා...නැත්තන් මං සීයට කියනව ඔයා ආදිට ලයින් කියලා...😡

🐣: යා... කුකා.. මං මොකටද drivers ලට ලයින් දාන්නෙ...? රටේ වෙන ගෑණු නැතිව ද?

🐰:කොහෙද යන්නෙ?😒

🐣: උඹේ අනාගත නෑනව හම්බවෙන්න යන්නෙ... ඒ වැඩේට පිරිවර එක්ක යන්න බෑ... කෙල්ලට ලැජ්ජ හිතෙයි. ඒකයි මං උබට ඉන්න කියන්නෙ...😒

🐰: ඕමෝ...හියුන්ගී....ඇත්තමදා....කවුද ඒ අවාසනාවන්තී....? 😃

🐣: අවාසනාවන්තී? 🤨

🐰: නෑ...මේ ...මං ඇහුවෙ... කවුද ඒ නූනා...ලස්සන ද ? 🥲

🐣: ලස්සනයි ලස්සනයි....😌

🐰: එහෙනං හියුන් තනියම යන්න....ආ...පොඩ්ඩක් ඉන්න....🙂

කුකී දුවගෙන ගිහිල්ල අරගෙන ආවෙ චොක්ලට් එකක්. ඒකෙන් කෑල්ලක් කඩල ජිමින් ගෙ කටට ලං කරපු කුකී...

🐰: කන්න...

🐣: මේ මොකද මේ...?

🐰: සුභ ගමනක් යනකොට පැනිරස මොනවහරි කාල ගියොත් තවත් සුබයි කියල ආදි කිව්ව. ඒනිසා කාපං.

🐣: ආදි ද කිව්වේ? 🙂

🐰: ඔව් ඔව්...

🐣: ආදිටත් පීස්සු ඒකිගෙ වටේ ඉන්න උන්ටත් පිස්සු....😅

කියමින් චොක්ලට් කෑල්ල එක කටට ගිල දාපු ජිමින් breakfast එකත් අමතක කරල දාල පිටත් උනා.













ඩේට් එකට කෙලවමුතේ...? ඒ සදහා ජන්කුක් උතුමානන් ව යොදාගමු කියන අය අත උස්සන්න. 🤭🖐

Vote කරන්න. Comment කරන්න 😊🥰






Bạn đang đọc truyện trên: AzTruyen.Top