🚘 Challo Driver 46 🚘
පහුවදා උදෙන්ම ආදී Park Bungalow එකට ආවෙ Jimin ව office එකට දාල එහෙම ම hospital එකට යනව කියල හිතාගෙන. ආදි ස්කූටර් එකෙන් බැහැල ඒක security room එක ගාවින් නවත්තල banglow එක දිහාවට ඇවිදගෙන ආවෙ car එකේ යතුර ඉල්ලගන්න කියල හිතාගෙන.
ආදි banglow එකට ඇතුල් වෙනකොට ම උඩ බලාගෙන විසිල් එකක් ගහගෙන එලියට ආව jimin ආදිගෙ ඇගේ හැප්පුනා. එක අතක් ආදිගෙ ඉන වටේ පටලගත්ත ජිමින් ආදිව තමන්ගෙ ඇග උඩට වැටෙන විදියට සාර්ථක ලෙස භූමි වන්දනා කලා. 🤣
තමන් අනිවාර්යයෙන්ම පොලව සිපගන්නව කියල දැනගත්ත ආදි වහාම ක්‍රියාත්මක වූ පරිදි තමන්ගෙ ඇස් දෙක තද කරල පියා ගත්ත. ජිමින් ඉන්න විදියටම ඔලුව උස්සල බැලුවෙ තමන්ගෙ ඇග උඩ ඉන්න ආදි දිහා. ඇස් දෙකත් තදින් පියාගෙන මොන මොනවදෝ මුමුණන ආදිව දැක්ක හැටියෙ ජිමින්ට හිනා ගියා. එක අතකින් ආදිගෙ ඔලුවට පාරක් ගැහුව ජිමින්,
🐣: ඒහ්...නැගිටිනවා...දවසම ඔහොම ඉන්න ද කල්පනාව ආ...?
එතකොට ම එක ඇහැක් විතරක් ඇරල වටාපිටාව නිරීක්ෂණය කරපු ආදි හෙමීට ජිමින්ගෙ ඇග උඩින් අයින් වෙලා එහාපැත්තෙන් වාඩි උනා.
❤: පිස්සුද ජිමින් ජී ? මාවත් ඇදගෙන බිම පතබෑවෙන්නෙ. වැටෙනව නං තනියම වැටෙනවකෝ. වටේ පිටේ උන්වත් ඇදගෙන වැටෙන්නෙ. තව පොඩ්ඩෙන් අනාගතෙත් අදුරු වෙනවා.😒😒
🐣: තමුසෙගෙද? මගේ ද ? 😏
❤: මොකක්ද? 🤨
🐣: අනාගතේ අදුරු වෙන්නෙ? 😏
❤: ආ...මේ...ඒක නිකන් කටට ආවට කිව්වෙ...හිතන්න එපා. 🥲
🐣: ආ...හා...එහෙම ද ? මගේ අනාගතේ අඳුරු උනොත් ඉතින් ඔය කාට කාටත් විදවන්න වෙයි. 🙄😏
❤: හෑ....ඒ කිව්වෙ? 😐
🐣: ඒ කිව්වෙ ද ? ඒ කියන්නෙ ඉංග්‍රීසි හෝඩියේ මුල් අකුර. 😅😅😅
ජිමින් නැගිටින ගමන් ආදිට ටොක්කකුත් ඇනගෙන නැගිට්ට.
❤: ආව්...😖 තාම හරියට ඇවිදින්න බැරි නිසා නෙ තැන තැන පතබෑවෙන්නෙ. අද office යන්න එපා.
🐣: ඔයාට පේන්නෙ අද මං office යනව වගේ ද ?
❤: ඇයි අද office යන්නැද්ද?
🐣: නෑ... 😌
❤: එහෙනං ඉතින් මං යන්නං. අපරාදෙ නෙ උදෙන් නැගිටං ආවෙ. මට hospital එකට යන්නත් තියෙනව. 😒
🐣: මමත් යන්නෙ hospital එකට තමා. යමු. වාහනේ ගන්න. 😌
❤: okey. 🙄
ආදී වාහනේ අරගෙන එද්දි ජිමින්ට phone එක ඔබ ඔබ බලන් උන්නා. ආදි Car එක නැවැත්තුවාම ජිමින් ඇවිත් ආදිගෙ එහාපැත්තෙ ෂීට් එකෙන් වාඩි උනා.
❤: මේ මොකද මේ ? 😳
🐣: ඇයි ?
❤: නෑ වෙනදට පිටිපස්සෙන් නෙ වාඩි වෙන්නෙ...😐
🐣: ඉතින්?
ජිමින් phone එක දිහාම බලන් උත්තර දෙන්න ගත්තෙ ආදිව සත පහකට ගනන් නොගෙන.
❤: නෑ... එක පාරටම ඇයි ඉස්සරහින් වාඩි උනේ...?
🐣: My Car, My patrol. Soo මට මගේ car එකේ ඕන තැනක යන්න පුලුවන්.
මට ඕනෙ නං පිටිපස්ස ෂීට් එකේ වාඩිවෙනව. මට ඕනෙ නං මෙතන වාඩි වෙනවා. මට ඕනෙ නං driving ෂීට් එකේ වාඩිවෙනව. ප්‍රශ්න තියෙනවද ?
❤: නෑ.. 🙄
🐣: එහෙනං යං.
❤: මොන hospital එකට ද යන්නෙ?
🐣: ඔයාගෙ parents ල admit කරල ඉන්න hospital එකට.
❤: එයාල මගෙ parents ල නෙවේ jimin ji. මගේ uncle & auntie.
🐣: ඔහ්. මට අමතක උනා. Sorry 😒
❤: It's OK sir. 😊
🐣: ඔයාගෙ brother ව අද discharge කරනව කිව්ව. Uncle ට නං තාම සිහිය ඇවිල්ල නෑ. Aunty ව operation එකකට අරගෙන තියෙනව.
❤: මේ සේරම මං නිසා. 🥺 මං මහ කාලකන්නි කෙල්ලෙක්. මං නිසා තමයි එයාල මෙච්චර දුක් විදින්නෙ. Jimin sir ට ඇවිදගන්න බැරි උනේ. Taehyung sir ට තුවාල උනේ. සමහර විට මගේ අම්මයි තාත්තයි නැති වෙන්න ඇත්තෙත් මගේ කරුමේ නිසා වෙන්න ඇති...😭
🐣: ආදී....අඬන්න හදන්න එපා. Drive කරද්දි ඒකට අවධානය දෙන්න. 🤨
❤: sorry sir.
🐣: තව දෙයක්. තමුන් කරුමක්කාරියක් නම් මමත් එහෙම වෙන්න ඕන. මොකද මගේ දෙමව්පියො නැති උනේ මගේ ඇස් ඉදිරිපිට. මට මුකුත්ම කරගන්න බැරි උනා. හැමෝම මට ඇගිල්ල දික් කලා. මං නිසයි එයාල මැරිල ගියෙ කියල.ඒක නිසයි සීය මාව අරන් මේහාට ආවෙ. ඔයාගෙ දෙමව්පියො නැති වෙද්දි ඔයා ගොඩක් පොඩි දරුවෙක්. ඒත් මං, මං තරුණ කොල්ලෙක්. මගේ ඇස් ඉස්සරහ අම්ම අවසන් හුස්ම පොද හෙලනකොටත් මං මුකුත්ම නොකර අඩ අඩ හිටියා. මං බය ගුල්ලෙක් ආදී... ඔයා එහෙම නෑ. ඔයා කොච්චර strong ද ?
❤: හම්...🥺. අපි ආව sir. සර් ඇතුලට යන්න. මං car එක පාක් කරල එන්නං.
ආදි car එක පාක් කරල එනකොට jimin doctor එක්ක කතා කරකර හිටියා. ආදිත්‍ය ආව ගමන්ම ජිමින් doctor ට ආදිව අදුන්වල දුන්න.
🐣: doctor මේ Mr. Patel ගෙ දුව. ආදිත්‍ය.
👨⚕️: Miss Adithya ඔයාගෙ පපාට තවම සිහිය ආවෙ නෑ. Mr. Patel ට attack එකක් ඇවිල්ල තියනව. මීට කලින් ඇටෑක් එකක් ඇවිල්ල තියෙනවද කියල දැනගන්න පුලුවන්ද?
❤: ඔ...ඔව්...මීට අවුරුදු පහකට විතර කලින් ඇටෑක් එකක් ඇවිල්ල hospital admit කලා. මේ දෙවනි එක මං හිතන්නෙ. 🥺
👨⚕️: ඕකේ.. අපිට checkups වලට ඔයාගෙ sign එක ඕනෙ. ඇවිල්ල ඒ ටික බලනවද ?
❤: ok doctor.... මේ...doctor. 😐
👨⚕️: yes.
❤: ඔක්කොම treatments වලට කීයක් විතර යයිද? 😐
👨⚕️: treatments ඉවර වෙලා. Bill එක හදල දෙන්නම්.
❤: ඒත් doctor...🥺
ආදි තවත් මුකුත්ම කියන්න කලින් doctor එතනින් ගියා.
🐣: දැන් කිව්ව නේ treatments ඉවර වෙලා bill එක ready කරල දෙන්නං කියල.
❤: ඒ උනාට මේක privet hospital එකක්. Bill එක එද්දි ඒක ගෙවන්න මට විකිනෙන්න වෙයි. 🥺
🐣: ඉතින් විකිනෙනවා. විකිණිලා හරි බිල ගෙවනවා. මොකද uncle වයි auntie වයී මරල දාන්න කියල ද ? 😏
❤: දෙයියන්ගෙ නාමෙට ඔය හැකර කට වහගන්නව jimin ji. 😡
🐣: දැන් යමං තමුසෙගෙ අයියව බලන්න.
❤: යනව තමා. 😤
ආදි jimin එක්ක වරුන් ඉන්න room එක හොයාගෙන ගියා. යද්දිත් වරුන් හිටියෙ ඇහැරල. අත පය බැන්ඩේජ් කරල තිබ්බ නිසා එයාට නැගිටගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ආදි ගිය ගමන්ම ඇදට පැනල වරුන්ව බදාගත්තා.
❤: අයියා....🥺
🧑: මං බැලුව මොකද පරක්කු කියල. ඔයාට කරදරයක් උනේ නෑ නේද ? ඒ මිනිහ ඔයාට කරදර කරන්න හැදුව ද? ආ... කතා කරනව කො...😰
❤: නෑ... මට කරදරයක් නෑ. මාව බේරගත්තනේ. 😭
🧑: කවුද ? ටේ හියුන්ග් ද ? හොදට වෙලාවට එයා ආවෙ. නැත්තන් මගෙ නන්ගි ට මොනව වෙලා ඇත්ද? 🥺
වරුන් ආදිගෙ නලල ඉබින ගමන් කිව්ව. ආදි වරුන්ව බදාගෙන අඩනවා. ඔයාල බලනව ඇති ජිමින් කෝ කියල. ජිමින් දොර ලගට වෙලා මේ විකාර දිහා wtf look එකක් දාගෙන බලන් ඉන්නව.
🐣: අහම්...ඔයාල ගෙ family drama එක ඉවර නං ආදි ඇද උඩින් බහිනවද? මං හිතන්නෙ Mr. Varun ගෙ තුවාල තාම සනීප නෑ. 🙄 අනික ආදී ඔයා අයියට කියල දෙන්න ඔයාව බේරගත්තේ taehyung නෙවේ මං කියල. 🤨
එහෙම කියද්දි ආදි jimin ට රවාගෙනම ඇද උඩින් බැස්ස. එතකොට තමා වරුන් දැක්කෙ ආදිට අමතරව තවත් ජීවියෙක් room එක ඇතුලෙ ඉදල කියල.
🧑: මේ...😐
❤: ආ....මේ...අයියා.. මේ ඉන්නෙ Mr. Park Jimin. මගේ boss. Taehyung ගෙ best Friend. මෙයා තමා එදා මාව බේරගත්තෙ.🙂
වරුන් අමාරුවෙන් නැගිටින්න හදද්දි ජිමින් වරුන්ව නැවැත්තුවා.
🐣: නෑ නෑ නැගිටින්න ඕන නෑ.
🧑: thank u very much sir. 🙂 and sorry. මං හිතුවෙ taehyung කියල.
🐣: sorry කියන්න ඕන නෑ. අනික sir කියන්න එපා. අයියෙ කියන්න. මං හිතන්නෙ මං ඔයාට වඩා වැඩිමල්.
❤: හෑ...😳.
🐣: මොකද ? 🤨
❤: නෑ මුකුත් නෑ. 🙂
ආදි වරුන්ට කෑම කවල නින්ද යනකන් ඉදල jimin එක්ක එලියට ආව.
❤: දැන් යන්නෙ banglow එකට ද ?
🐣: නෑ...
❤: එහෙනම්?
🐣: මට මහන්සියි.
❤: එහෙනං යමු banglow එකට.
🐣: ඇගට නෙවේ. හිතට මහන්සි. 😊
❤: ඒ මොකද ඒ?
🐣: දන්නෑ...මං ඔයාලගෙ ගෙදර ක්ලීන් කරා. ඔයාට ඕනෙ නං එහාට යන්න පුලුවන්.
❤: මට බෑ...
ආදි වාහනේ drive කරගෙන යද්දි ජිමින් කතා කලා.
🐣: ආදී....
❤: කියන්න.
🐣: හෙට මාත් එක්ක date එකකට යන්න එනවද ? 🙂
❤: මොකක්? 😳
අලුත් cover එක ලස්සනයි ද ලමයි. ඒක හරි නැත්තන් කවුරුහරි මට cover එකක් හදල දෙන්නකෞ 🙂
Vote කරන්න. Comment කරන්න 😊❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top