🚘Challo Driver 45🚘
Jimin, taehyung දෙන්නම නිත්‍ය ගෙ ගේ ඇතුලට ඇවිල්ල සෝෆා එකෙන් වාඩි උනා. ජිමින් නිත්‍ය ගෙ ගේ වටේම ඇස් යවල බැලුවෙ ආදිට මෙහෙ ඉන්න පුලුවන්ද කියල. වැඩි පහසුකම් නැති සාමාන්‍ය ගෙයක් වෙච්ච නිත්‍ය ගෙ නිවස ජිමින්ගෙ නම් හිතට ඇල්ලුවෙ නෑ. මේ අතර ජන්කුක් ගෙට ගොඩ උනේ ආදිට අත්‍යවශ්‍ය බඩු එකතු කරගත්ත බෑග් එකකුත් අරගෙන.
💜: ආ...ජන්කුකා වාඩි වෙන්න. ඔය බෑග් එකේ...?
🐰: ආ මේ ආදි ගෙ බඩු වගයක්. නිත්‍ය ලෑස්ති කරගත්තුව වගයක්. එයාට ගේන්න අමතක වෙලා මට කෝල් කලා. ආ...මේ ජිමින් සර් ට ෂර්ට් එකක්.
කියමින් ජන්කුක් අතේ තිබ්බ ෂර්ට් එක ජිමින්ට විසි කලා. ඒක එක අතකින් අල්ලගත්ත ජිමින්, ෂර්ට් එක දිගෑරල බලල,
🐣: මේ කාගෙද මේක ? මගේ ෂර්ට් එකක් නෙවේ නෙ. 🤨
🐰: මං ෂර්ට් ගේන්න banglow එකට ගියෙ නෑ. මේ රෑ කඩවලුත් වහල නේ. ඕක ගත්තේ වරුන් ගෙ අල්මාරියෙ තිබිල. ඕකෙ ටැග් ගලවලත් නෑ. මං හිතන්නෙ අලුත් එකක්. 🙂
💜: ඒ උනාට එහෙම අරන් එන එක හරි නෑ නෙ. පරණ ෂර්ට් එකක් නං කමක් නෑ. 😒
🐣: අපි අලුත් එකක් අරන් දෙමු. වැඩේ ඉවර නේ...😌
නිත්‍ය තේ හදාගෙන ආවෙ මේ අතර. නිත්‍ය තේ ගෙනල්ල ටේ ට දුන්නම, අත් දෙකෙන්ම තේ එක අරගෙන එයාගෙ boxy smile එක දාපු ටේ ඇස් දෙකත් ලොකු කරන් තේ කෝප්පෙ දිහා බලන් උන්නෙ අමුර්තය කෝප්පයක් ලැබුනා වගේ. ජිමින්ට තේ දුන්න ම එයා අතින් සන් කලේ මේස උඩින් තියන්න කියල. ජන්කුක් නම් නැගිටල ඇවිල්ල තේ එක අරන් ආයෙමත් ඉදගත්ත.
🐣: නිත්‍ය මට bathroom එක use කරන්න පුලුවන්ද?
🧡: ආ....එන්න sir. මේ room එකේ bathroom එකක් තියෙනව.
ජිමින් නැගිටල ෂර්ට් එකත් කරේ දාගෙන room එකට ගියේ ටිකක් fresh වෙන්න කියල හිතාගෙන. නිත්‍ය ගෙනත් දීපු ටවල් එකත් අරගෙන කාමරයට ගිය ජිමින් කාමරේ දොර වහගත්තා. ඒත් එක්කම නිත්‍ය, ජන්කුක් ගෙනාව බෑග් එකත් අරගෙන අනිත් room එකට ගියේ ආදිත්‍ය wash දාල ඉවර නම් ඇදුම් ටික දෙන්න කියල හිතාගෙන. කාමරේ දොර ඇරගෙන ගිය නිත්‍යාට ආදි කාමරේ නෑ කියල තේරුනා. Bathroom එකේ දොරට කන තිබ්බ නිත්‍ය සද්දයක් නැති නිසා දොර ඇරගෙන ඇතුලට ගියා. ඒත් bathroom එකෙන් ආදි පේන්න නොහිටිය නිසා නිත්‍ය ට සිද්ධ වෙච්ච දේ තේරුම්ගන්න පුලුවන් උනා.
🧡: අරේ භගවාන්....ආදී....😰
මේ අතර ජිමින් trouser එක ගලවලා ෂෝට් එකට උඩින් ටවල් එකත් ඇදගෙන bathroom එකට යන්න හදනකොට bathroom එකේ දොර අරින සද්දෙ ඇහිච්ච නිසා කලබල වෙලා ඒ පැත්ත බැලුවා. ආව කෙනා දිහා පහල ඉදන් උඩට ම බලපු ජිමින්ට හීන් දාඩිය දැම්මෙ ඒ කෙනා ටවල් එක විතරක් ඇදන් උන්න නිසා. ඒ වෙන කවුද ඉතින් ආදි මිසක් 😅
සුදු පාට දිග ටවල් එකක් ඇදන් උන්න ආදිව පෙනුනෙ හරියට පිට්ටුවක් වගේ. නාල හිටපු නිසා ආදිගෙ දිග කොන්ඩෙන් තවමත් වතුර බේරෙනව. ආදි තවත් ටවල් එකකින් කොන්ඩෙ පිහදානව. ඒක දැක්කම ජිමින් confuse වෙලා ගියේ ආදිට තියෙන්නෙ සරාගී පෙනුමකට වඩා හුරතල් පෙනුමක් නිසා. ඒත් ජිමින්ට ඒ දිහා බලන් ඉන්න ලැබුනෙ ටික වෙලාවයි. ආදිට තේරුනා තමන් දිහා කෙනෙක් බලන් ඉන්නව කියල. ඔලුව උස්සල බලද්දි, ආදි දැක්කෙ ටවල් එක විතරක් ඇදගෙන ඉන්න ජිමින්ව.
🧡: එකයි , දෙකයි , තුනයි 😖
❤: ඈ..............හෑ...........නි..ත්...යා......😫😫😫
🐣: oh...my god...😰 යාහ්...ආදී...කෑ ගහන්න එපා...ම...මට වැ...වැරදුනා....😖😖😖
මේ අතර ආදි හිටිය room එකට දුවගෙන ආව නිත්‍ය දොරට ගහන්න ගත්ත.
🧡: අ...අනේ sir.. පො..පොඩි වැරදීමක් උනේ... දොර අරින්නකෝ...🥲
මේ අතර දොර ලගට දුවන් ආව ජිමින් දොරේ අගුල් කැරකෙව්වත් දොර ඇරුනෙ නම් නෑ. එතකොට ආදි ආයෙමත් bathroom එකට ගිහිල්ල දොර වහගෙන කෑ ගහන්න ගත්ත.
🐣: යාහ්...නිත්‍ය මේ මගුල් දොර ඇරෙන්නෑ ....😰
🧡: අ...අයියෝ...sir ඕක අපි lock කරන්නෙ නෑ... ලොක් කරොත් අරින්න අමාරුයි. 😧
🐣: ම...මොකා...යකෝ දැන්ද කියන්නෙ...ආ...? 😰
❤: ඒයි...පාක් ජිමින් තමුසෙ තාම එලියට ගියෙ නැද්ද ආ....? 😭
🐣: යා...මේ යන්න තමා හදන්නෙ...මේ මගුල ඇරෙන්නෑහ්. නිත්‍ය ෂර්මා...තමුසෙව මං අස් කලා....😡
මේ සද්දෙ ඇහිච්ච ටේකුක් දෙන්නම කාමරේ ලගට දුවගෙන ආවෙ මොකක්ද මේ කලබලේ කියල බලන්න.
💜: මොකක්ද අවුල? 🤨
🧡: මාර වැඩේ නෙ. මේ room එකේ දොර ලොක් වෙලා නෙ. ආදි ඇතුලෙ ඉන්නව. 😰
🐣: ඈ යකෝ...ආදි විතරක් ඈ.. මාත් ඇතුලෙ ඉන්නෙ...🤬
🐰: හියුන්ගී...ඔ..ඔයා මොකද ආදිගෙ room එකේ කරන්නෙ ආ...? 😳
🐣: ඒක අහපං ඔය නිත්‍ය ගෙන්...මේක ඇරපං....😫
💜: ආහ් දෙන්නම ඇතුලෙ ද ? එහෙනං ඔහොම්ම ඉන්න තියෙන්නෙ. 🤣
🐣: උබට පිස්සුද මේ කෙල්ලට ඇදුනුත් නෑ...😒
🐰: මො.. මොකක් කිව්වා...යා හියුන් ඔය ඇස් වහගන්නවා. අපි මේ දොර කඩනකන් ඇස් අරිනව එහෙම නෙවේ...😤
🧡: යා...දොර කඩන්න දෙන්න බෑ... මං කුලියට ඉන්නෙ මේ ගෙදර 😒
🐣: මොකක් කිව්වා? 😳
💜: ඇදුම් නෑ කිව්වෙ...? 😐
🐣: නෑ නෑ ටවල් එක තියෙනව. 😒
🐰: මං ලොක් එක කඩන්න කෙනෙකුට එන්න කියන්නම්. අපි කඩන්න ගියොත් දොරම ගැලවිලා අතට එනවා.
ජන්කුක් phone එක කනේ තියාගෙන එලියට ගියා.
❤: එලියට යනව ජිමින් තමුසෙට ලැජ්ජාවක් නැද්ද ආ...? 😭
එතකොට ම bathroom එකේ දොර ලගට ආව ජිමින්,
🐣: යන්නෙ කොහොමදෝයි? මේ කබල් දොර ලොක් වෙලා...😡
❤: දොර කඩන්න නෙ තියෙන්නෙ.. අර ඔයා බාලක්‍රිෂ්ණන් ගෙ කාමරේ දොර කැඩුවෙ ඒ වගේ...😭
🐣: කඩන්න තිබ්බ අර පිස්සු හෝන්තුව කඩන්න දෙන්නෑ නෙ... 😒
🧡: ජිමින් ජී....😐
🐣: කියනවා...😡
🧡: ඔතන තියෙන්නෙ මගෙ closet එක.
🐣: ඔව් ඉතින් ? 😒
🧡: ඒකෙන් ඇදුමක් අරගෙන ආදිට දෙනව ද ? 😐 එ..එයාට සීතල ඇති...😬
🐣: අ....මොන වදයක් ද ඕයි....
ජිමින් නිත්‍ය ගෙ අල්මාරිය ඇරල උඩින්ම තියෙන ගවුම අරගත්ත.
🐣: ආදී... තමුසෙට ගවුමක් දෙන්නද ?
❤: හා...අනේ ලොකු දෙයක්...ඕකෙ සමහරවිට shorts ඇති. පුලුවන් නම් හොයල දෙනව ද ? 😐
🐣: මොන මගුලක් ද ඕයි ? නිල් පාට එකක් තියෙනව දෙන්න ද ? 😒
🧡: හා හා දෙන්න. 😅
මේ අතර ජිමින් තවත් අල්මාරිය ඇවිස්සුවෙ දෙයක් මතක් වෙලා වගේ.
Bathroom එකේ දොරට තට්ටු කරපු ජිමින් ආදි දොර අරිනකන් උන්න. දොර ඇරල අතක් විතරක් එලියට දාපු ආදි ඇදුම් ටික උදුරල අරගෙන දොර වැහුවා සද්දෙටම.
🐣: ඔච්චර සද්දෙට දොරවල් වහන්න එපා ඕයි. ඕකත් ලොක් උනොත් තව මගුලක්...😡
මේ අතර දුවගෙන ආව ටේ හියුන්ග්,
💜: දොර හදන මනුස්සය එන්න පැය දෙක තුනක්වත් යයි.😐
🧡: මොකක් කිව්ව? එතකල් මේ දෙන්නා මේක අස්සෙ ඉන්න ඕනද ?
🐣: යා...වෙන එකෙක් නැද්ද? 😡
💜: මේ වෙලාවට කවුරුත් එන්නෑ බං. ඕකවත් කැමති කරගත්තෙ බොහොම අමාරුවෙන්. 🥲
🧡: ඒ උනාට...? 😐
💜: කමක් නෑ ඒ දෙන්න ඔහෙ හිටපු දෙන්. ඔයා එන්න. 😅
ටේ නිත්‍ය ගෙ අතින් ඇදගෙන living room එකට ගියා.
මේ අතර ආදි ඇදුම් ඇදගෙන bathroom එකෙන් එලියට ආව. ජිමින් එ වෙනකොට trouser එකයි, ෂර්ට් එකයි ඇදගෙන හිටිය. නැත්තන් ආදිගෙන් ගුටි කන්න වෙනව. ආදී එලියට එනකොට කන්න වගේ බලන් හිටපු ජිමින්,
🐣: පොඩ්ඩක් මේ දොර අරින්න try කරනවකෝ...😒
❤: කෝ එහාට වෙන්න බලන්න. 😐
❤: මේක අරින්න බෑ නේ.. ඕ
ඔයා මොකද කලේ ආ...😒
🐣: මං මුකුත් කලේ නෑ.. ඔය මගුල කලින් ඉදලම කැඩිල තිබිල තියෙන්නෙ..😒
❤: හම්...
ආදි හෙමින් සැරේ ඇවිල්ල ඇද උඩින් වාඩි උනා. Jimin එතන තිබ්බ පුටුවකින් වාඩි උනා.
🐣: අහම්...ඔයාට නිත්‍ය ගෙ ඇදුම් ගානට නේ...? 🙂
❤: ඔව් අපි දෙන්න එක සයිස් වගේ නෙ..😐 ඒක නෙවේ thank u ඇදුම් දුන්නට. ඉල්ලපු ව විතරක් නෙවේ ඉල්ලපු නැති ඒවත් දුන්න ට. 🥲
ආදි ලැජ්ජාවෙන් බිම බලාගෙන ම කිව්ව.
🐣: ඒක නැතුව ඉතින් ඉන්න බෑ නෙ. ඔයාට ත් අපහසුයි. මටත්...
❤: අ....හා...මේ...ජිමින් ජී.. ඔ..ඔයා ගෙ කකුල් දෙක මේ... දැන් සනීප ද ? 🥲
🐣: ආ...මේ...😐
❤: ඔයාට ඇවිදගන්නවත් බැරුවනෙ හිටියෙ. කොහොම ද සනීප උනේ ? 😳
🐣: ආ...මේ...ඒක...උනේ...මාව ඇදෙන් වැටුනනෙ ඊයෙ රෑ..🥲
❤: ඇදෙන් වැටුනා? 😳
🐣: ඔව්.. කවුරුත් ආවෙත් නෑ ඉතින් කෑ ගැහුවට. ඉතින් මම තනියම ඇද අල්ලගෙන නැගිට්ට. 🥲
❤: රිදුනෙ නැද්ද? 😬
🐣: ටිකක් විතර රිදුනා...දැනුත් රිදෙනවා...මොනව කරන්නද ඉතින් ඊට වඩා මගෙ ක්රිෂ්ණ ව වටිනව නේ...😏
❤: ක්රිෂ්ණ? 🤨
🐣: ඔව්...සීයා කියන්නෙ රාමා ගෙ driver ක්රිෂ්ණ කියලා. ඉතින් මගේ driver ඔයත් ක්රිෂ්ණ තමා...😅
❤: ආහ්...ඒක නං ඇත්ත. 😅😅 ඔයා දිගටම ඔහොම ඇවිද්දොත් office යන්න පුලුවන් වෙයි නේද ? එතකොට මට වැඩ කරන්න ඕනෙත් නෑ නෙ. 🙂
🐣: ඔව් මං හෙට ඉදන් office යන්න කියල හිතාගෙන ඉන්නෙ. හෙට උදේ හත වෙද්දි ඇවිල්ල ඉන්නව. 😌
❤: හපෝ... හාහා...😒
ජිමින් ආදිට දීපු ඇදුම මොකක් වෙන්න ඇති ද ? අර ඉල්ලන්නෙවත් නැතුව දුන්න කිව්වෙ 😅
Vote කරන්න. Comment එකක් දාගෙන යන්න 🙂❤
සරන්ග්හේ...😘❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top