🚘Challo Driver 44🚘
ආදිව වාහනේ පිටිපස්ස ශීට් එක උඩින් තිබ්බ ජිමින් ආදිගෙ එහාපැත්තෙන් වාඩි උනා. කුකී පිටිපස්සෙන් ආව ඩිෆෙන්ඩර් එකෙන් නැගගත්තෙ ආදියි, ජිමින්ටයි තනියම ඉන්න දෙන්න ඕන වෙච්ච නිසා. ටේ ,නිත්‍ය ව ගෙදරට ඇරලවන්න ඕනෙ කියල කලින්ම පිටත් උනා. ආදි ගෙදරට සමු දීල පිටත් උනේ ආයෙත් මෙහෙට එන්න පුළුවන් වෙයිද කියල හිත හිත.
මේ අතර ආදි හිටියෙ ෂටර් එකට ඔලුව හේත්තු කරන් ඔහේ කල්පනා කර කර. ඒත් ජිමින්ට ඕන උනේ ආදි එක්ක කතා කරන්න.
🐣: අහම්....නිදිද?
ජිමින් උගුර පාදල කතා කරද්දි ආදි ගැස්සිලා ගියා.
❤: ම්...නෑ ස'
🐣: ඔයාට කරදරයක් උනේ නෑ නේද ? මං කියන්නෙ අර මිනිහ ඔයාට මොකවත් කලේ නෑ නෙ.
❤: ඔයාල ආව නිසා මං බේරුනා. ඒ මිනිහ මහ ජරා මනුස්සයෙක්. Thank you sir. 🥺😭
🐣: ම්...ඕක මොකක්ද 😏 මදැයි මගේ පහසුවට driver කෙනෙක්ව ගත්ත. දැන් මට driver ආරක්ෂා කරන්න වෙලා. 😅
❤: ස්...සොරි ස'. ආයෙත් එහෙම දෙයක් වෙන්නෙ නෑ.
ආදි ඇස් වල කදුලුත් පුරවගෙන ෂටර් එක පැත්තට ඔලුව හරවගත්තා.
🐣: හම්... 😌
❤: අ...මේ සර්..
🐣: ම්..?
❤: මේ කොහෙද යන්නෙ?
🐣: මේ යන්නෙද? 😏
❤: ම්...ඔව් 😐
🐣: හම්...
ජිමින් කට කොනින් හිනා වෙලා හෙමීට ආදිගෙ මූනට ලං වුනා. ආදි ඔලුවත් ශටර් එකට හේත්තු කරන් කෙරවලටම ගුලි වෙලා භය වෙලා බලන් උන්න. ජිමින් ඉන්නෙ ෂර්ට් එකත් නැතුව. ආදිට තවත් ලැජ්ජයි. ආදිගෙ කනට ලං වෙච්ච ජිමින් එයාගෙ sexy tone එකෙන්,
🐣: ඔයාට කොහෙටද යන්න ඕනේ...ම්...? 😏
❤: ම්...මේ...මට...නි...නිත්‍ය ගෙ ගෙ...ගෙදර....😰
🐣: ඇයි මගේ ගෙදර යන්න බය ද ? 😏
❤: න්...නෑ නිත්‍ය ගෙ...ගෙදර...😖
එහාට යනව මෝඩයා...දෙන්නෙ පයින් එකක්... ආව මෙතන...මං කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ...😡
ආදි එකපාරටම ජිමින්ව තල්ලුකරල දාල කෑ ගහන්න ගත්ත. ජිමින්ට නං හිනා. ජිමින් ශීට් එකට ඔලුව හේත්තු කරන් හිනා වෙනව. ආදි රවල අහක බලාගත්තා.
🐣: අහ්...හ්...හම්මෝහ්...🤣 මං බැලුව බෝම්බෙ නිෂ්ක්‍රීය වෙලාද කියල. 🤣 නෑ පුපුරන්න වෙලා ගිහිල්ල. 🤣🤣
❤: කවුද ? කවුද බෝම්බේ ආ ? දෙන්නෙ උඩින් යන්න. බූරුවා.🤬
ආදි දිහා හිනා වෙවී බලන් හිටිය ජිමින්ට මතක් උනේ එයාගෙ phone එක. එක පාරටම කපටි විදිහට හිනා වෙච්ච ජිමින්, phone එක අතට අරගෙන ඔබන්න ගත්ත.
🐣: ඒ මගෙ අලුත් look screen එක ලස්සන ද ? 😏
එකපාරටම ආදිගෙ මූන ඉස්සරහට පෝන් එක දික් කරපු ජිමින් ආදිගෙන් ඇහුව. ඒක දැකපු ආදි ඇස් දෙක ලොකු කරගෙන ටික වෙලාවක් screen එක දිහා බලන් ඉදල පෝන් එක ඇදල අරගෙන ඒකෙන්ම ජිමින්ට ගහගෙන ගහගෙන යන්න ගත්ත. ජිමින් අත් දෙකෙන් ඔලුවත් cover කරගෙන ආදිගෙන් බේරෙන්න try කරනව.
❤: අයින් කරනව මේක...මේ ද්...දැන්ම...මේ දැන්ම අයින් කරනව. 🤬
🐣: යා....හ්....බෑ....මං අයින් කරන්නෑ....මෙන්න මිනී මරනෝ....ගහන්න එ...එපා...මං තමුසෙව....අස් කරනව... 🤬
❤: මේක අයින් කරනව පාක් ජිමින්... අයින් කලේ නැත්තන් මං නරක ගෑණි කියල කියන්න එපා...🤬
🐣: අයින්...කරන්ලෑ....නරක ගෑණි...නරකම ගෑණි....ඕයි කොනිත්තන්න එ...එපා යකෝ...ආව්...ආහ්...😖
❤: හරි එහෙනං කුචි කවන්නම් කෝ😏
ආදි කොනිත්තන එක නවත්තල ජිමින්ට කුචි කවන්න ගත්ත. ජිමින්ට නං තරු පෙනිල තිබ්බෙ.
🐣: ආහ්...එහ්....එහ්....එපාහ්...🤣 ආහ්..මට..මට හුම්මගන්නහ් බෑහ්....ඇති...ඇති බං....🤣🤣
එක පාරටම ජිමින් ආදිගෙ අත දෙක එකට තියල තද කරල අල්ලගෙන ආදිගෙ මූනට එබුනා. ඒත් ආදි නම් තාම හිනා වෙනව. ජිමින් ආදිගෙ ඇස් දෙකේ ඉදන් මුලු මූන පුරාම චාරිකාවක් ගිහිල්ල නැවතුනේ ආදිගෙ තොල් ලග. ජිමින් ආදිගෙ තොල් දිහා බලාගෙන කතා කරන්න ගත්ත. එතකොට තමා ආදිට ජිමින්ගෙ අමුතු හැසිරීම තේරුම් ගියේ. ඒ නිසා ආදි ජිමින් දිහා බයෙන් වගේ බලන් උන්න.
🐣: දන්නවද මීට කලින් කිසිම කෙල්ලෙක් මට මේ තරම් ලං වෙලා නෑ... මගේ අවසරයක් වත් නැතුව මට මෙච්චර ලං වෙන්න හිතුවෙවත් කොහොමද ඔයා...ම්.. ? 😌
❤: I'm so sorry jimin ji. මට අ..අමතක උනා...🥺
ආදි හොදටම බය වෙලා හිටියෙ. එයා එයාගෙ අත් දෙක ජිමින්ගෙන් ගලවගන්න try කරන ගමන් බයෙන් වගේ ජිමින් දිහා බැලුවා.
🐣: මොකක්ද අමතක උනේ ආ...? 😏
❤: Jimin ji මගෙ boss කියල. 🥺
🐣: එහෙමත් අමතක වෙනවද මිනිස්සුන්ට? 😏
එතකොටම ජිමින්ගෙ වාහනේ ඇවිල්ල නිත්‍ය ගෙ ගෙදර ඉස්සරහින් නැවැත්තුවා.
❤: ම..මං හිතන්නෙ ජිමින් ජී අපි නිත්‍ය ගෙ ගෙදරට ආව. ම...මාව අතාරින්න...
🐣: මට ලං වෙලා වැරුද්දක් කලේ කියල පිළිගන්නවද ම්?
❤: ආහ් ඔව්...මට යන්න දෙන...🥺
🐣: එහෙම යන්න දෙන්නෙ කොහොමද? ම්...මේක හොදට මතක තියාගන්නවා. තමුන් මගේ...🤨 මං කියන විදිහට වැඩ කරනව.
ජිමින් ආදිගෙ අත් දෙක ගසල අතෑරල දැම්ම.
❤: ආව්...නරුමයා...😡
🐣: මට ඇහුන්නෑ...😏
❤: ආහ්...මේ...soo cute...උම්ම එකක් දෙන්න හිතේ...කියල කිව්වෙ...🥲 මට බහින්න දෙනව ද ? 😒
🐣: එනව එනව...
ජිමින් බැස්ස ට පස්සෙ ආදිත්‍යත් වාහනෙන් බැහැල ජිමින් පස්සෙ ආව. එතකොටම එයාලගෙ ඉස්සරහට හම්බවුනේ ටේ ව. ටේ එයාල ට කලින් ආව නිසා නිත්‍ය එක්ක කයියක් ගහන් ඉන්න වෙලාවක් ලැබුනා. ටේ ආව ගමන් ජිමින් අත මිට මොලවල ටේ ගෙ පිටට ගැහුව හිනාවෙවී.
💜: ආව් යකෝ...😒
🐣: මොකද බං ඔය කට දෙපැත්තෙන්ම පැණි බේරෙන්නෙ ආ...? මොකෝ...කෙල්ල හා කිව්වද ? ආ...කියපං කෝ...තියෙන දුරම පාරවල් වලින් දාල ආවෙ උබට වැඩේ කරගන්න වෙලා ඕන නිසා....කියහං කෝ...වැඩේ සෙට් නේ...😃
💜: පිස්සුදෝයි...පිස්සුද? නයා මැරිච්ච අහිගුන්ටිකයා වගේ අඩනව ඒකි...ඕව අහන්න ගිහිල්ල මැරුම් කන්න වෙයි.😒😒
🐣: අඩෝ...සිරාවටම? ඉතින් උබ ගිහිල්ල කදුලු පිහින්න තිබ්බ නේ...😅
💜: මං කියන්නෑ බොට...😒
එතකොට මේ ඔක්කොම අහන් ඉන්න අපේ ආදී...
❤: අහම්....😌
💜: ආහ්... ආදි බබා ඔයා හොදින් නේද ? 🙂 අපේ එකාගෙන් ඔයාට ආන්තරාවක් උනේ නෑ නෙ මේ එන ටිකට? 😏
ටේ ජිමින් දිහාවට වයිල්ඩ් හිනාවක් දාල ගමන් ඇහුව.
❤: අනේ නෑ... හරි අහිංසකයා අපේ සර්. Soo cute. 🥲 ඔයාල ඇතුලට එන්නකෝ මොනාහරි බීල යන්න.
ආදි එහෙම කියන ගමන් ජිමින්ට රවාගෙනම ගෙට ගියා.
💜: ඒක කියපු ටෝන් එක නං මට ඇල්ලුවෙ නෑ පුතෝ....අතකොර කරන්න හැදුවද කෙල්ලට? 🤨
🐣: කෑ ගහන්න එපා යකෝ...අනික අත කොර නෙවේ අතවර...😒 වචනයක් වත් කියවගන්න බෑ...
💜: හරි හරි ඉතින්...ඩාම් වෙනව ඩූම් වෙනව... 😒
🐣: අර මොනාද බොන්න දෙනව කිව්ව නේ..වරෙව් යන්න.😒
ඒ එඩිට් එක කොහොමද? 🥲 මේ දෙන්නවත් ශිප් කරමුතේ? 😅😅
වෝට් කරන්න. Comment කරන්න. සරන්ග්හේ...🥰❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top