🚘Challo Driver 40🚘
ටේ ආදිව ගෙදරට ඇරලවන ගමන් හිටියෙ. ආදි නම් ශටර් එකෙන් එලිය බලාගෙන ලොකු කල්පනාවක. ඒත් ටේ ට ඕන වුනා ආදිත්‍ය එක්ක කතා කරන්න. එක දෙයක් ගැන නෙවේ. ගොඩක් දේවල් ගැන. ඒත් කොහොම පටන් ගන්න ද කියල හිතාගන්න බැරුව ටේ හිටියෙ.
💜: අහම්.....ආදී....🙂
❤: ම්...😐
💜: ඔයාට මේ වැඩ කරන එක අවුල් වගේ ද ? 😐
❤: ඒ කිව්වෙ? මට තේරුන්නෑ...😐
💜: නෑ...මං කියන්නෙ ඔයාට මීට වඩා හොද , මීට වඩා හොද salary එකක් ගන්න පුලුවන් job එකක් හොයාගන්න පුලුවන් නේ. ඒත් මේ agreement එකකට හිර වෙලා දුක් විදිනව කියල හිතෙන්නැද්ද? අනීක ඔයාට ඕන වුනේ driver කෙනෙක් වෙන්න. අන්තිමට සිද්ධ උනේ maid කෙනෙක් වෙන්න.
මං කියන්නෙ...නිකන් පසුතැවෙනව වගේ දෙයක්...😐
❤: මෙහෙමනෙ ටේ... පසුතැවෙන්නෑ කිව්වොත් ඒක බොරුවක්. මං ගොඩක් දේවල් වලට පසුතැවෙන කෙනෙක්. මං විතරක් නෙවේ. ඔයත් එහෙම ඇති. අපි හැමෝටම ජීවිතේ තමන්ට ඕන දේවල්ම ලැබෙන්නෙ නෑ නේ. මං දන්නෑ ඔයාට කොහොමද කියල. අපි වගේ දුප්පත් මිනිස්සුන්ට අපිට ඕන දේවල් ලබාගන්න ගොඩක් දුක් විදින්න වෙනව. කැපකිරීම් කරන්න වෙනව. ගොඩක් අභියෝග වලට මූනදෙන්න වෙනව. Soo මං හිතනව මේ job එකත් මට ලැබිල තියෙන ඒ වගේ අභියෝගයක් කියල. ඒකටත් සාර්ථකව මූන දීලා ඉස්සරහට යන එක මගේ බලාපොරොත්තුව. අනික මං ආවෙ driver කෙනෙක් හැටියට. ජිමින් sir මෙච්චර ලොකු කරදරේක වැටුනෙ මං නිසා නෙ. මං කොහොමද ඒ මනුස්සය ව අතෑරල යන්නෙ. එතකොට කෝ මගේ මනුස්සකම? 😊
💜: හම්... හම්මෝ ආදී....ඔයා කොහොමද ඔහොම හිතන්නේ ආ...? මට නම් හිතාගන්නවත් බෑ. 😳
❤: මං මෙහෙම හිතන්න පුරුදු වුනේ පොඩි කාලෙ ඉදන්මයි. මෙහෙම නේ. ඔයා දෙවියො විශ්වාස කරනවද ටේ ?
💜: අපෝ නෑ. මං දෙවියෝ විශ්වාස කරන්නෙ නෑ. ආගමක් කියල අදහන්නෙත් නෑ. මගෙ අප්පා නම් Buddhist. ඒත් එයත් ආගම එහෙම ලොකුවට අදහන්නෙ නෑ.
❤: ම්... මම නම් දෙවියො විශ්වාස කරනව. අනික මගෙ මමායි පපායි Buddhist ලු. ඒත් මම හින්දු. මොකද මගෙ මාමා හින්දු නිසා. මම හිතන විදිහ කියන්නම් ඔයාට. 😊
💜: ම්...කියන්නකෝ.
❤: ජීවිතේ ට දෙවියො දෙයක් දෙනකොට තව දෙයක් අරගන්නව. මගේ ජීවිතේ මගෙන් උදුරාගෙන තියෙන්නෙ මගේ මමාවයි පපාවයි. ඒත් මට දෙවියෝ ගොඩක් වටින නැන්දයි මාමයි දෙන්නෙක් දීල තියෙනව. ඒ දෙන්න නිසා මට මමයි පපයි නැති අඩුව දැනුනෙ නෑ. ඒත් මේ ලෝකෙ හැමෝටම එහෙම චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ. ඔයා බලන්න මේ ඉන්දියාවෙ රැකියා විරහිත උපාධිධාරීන් කොච්චර ඉන්නවද කියල. ඒත් මට job එකක් තියෙනව. ඉතින් මං lucky නැද්ද? මං හිතන්නෙ දෙවියො මට දීල තියෙන්නෙ මං ආස කරන දේවල් නොවුනත් හොදම දේවල්. මට අත්‍යාවශ්‍ය දේවල්. මට හොද සහෝදරයෙක් ඉන්නව. මගේ ම නොවුනත් මට දැනෙන්නෙ එයා මගේ අයියා කියල. එතකොට හොද යාලුවෙක් ඉන්නව. වෙලාවකට මගෙ අම්ම වගේ. වෙලාවකට මගේ ම සහෝදරියක් වගේ. මට තව මොනවද ඕනේ කරන්නෙ? මට වටිනා ම දේවල් ලැබිල තියෙද්දි...🙂
💜: ඔයාට එකම එක දෙයක් තවම ලැබිල නෑ නේද? 😏
❤: ඒ මොකක්ද? 😅
💜: ආදරේ කරන්න කෙනෙක්. මුලු ජීවිත කාලෙම අතින් අල්ලගෙන යන්න කෙනෙක්. මං කියන දේ තේරෙනව නේ?
❤: ඔව් ඔව් තේරෙනව. කවුද දන්නෙ ඉතින් ඒව ගැන. එහෙම ආදරේ කරන කෙනෙක් ඉන්නව ද මේ ලෝකෙ. ජීවිත කාලෙම අතින් අල්ලගෙන ඉන්න පුලුවන්ද කාටවත්. ඒක බොරුවක්.
💜: ඇයි එහෙම කියන්නෙ. ඔයාගෙ මමයි පපයි බලන්නකෝ. ඔයාට කිව්වෙ accident එකකින් මමයි පපයි නැතිවුනා කියලනෙ.
❤: ඔව්. Car එක කන්දකින් පහලට වැටිලා. මමාව බේරෙන්න ගිහිල්ල තමා පපාත් වැටිල තියෙන්නෙ. මිනිස්සු කියල තියෙනව පපාට බේරෙන්න පුලුවන්කම තිබ්බ කියල.
💜: මං ඔය කතාව කියෙව්වා. පරන පත්තරේක තිබිල. ඒ දවස් වල ඒ accident එක ගැන හැම පත්තරේක ම ගිහින් තිබිල තියෙනව. මං ගොඩක් මහන්සි උනා ඒක ගැන හොයන්න. මට ඕන උනේ ඔයාගෙ මමාටයි පපාටයි මොකද උනේ කියල දැනගන්න. මට නෙවේ ඇත්තටම ජිමින්ට තමා ඕන උනේ...
ඔයාගෙ පපා , මමාට කොයිතරන් ආදරේද කියල තේරෙනවද? තමන්ගෙ අන්තිම හුස්ම පොද වෙනකන් තමන් ආදරේ කරන කෙනාව ආරක්ෂා කරල තියෙනව ඔයාගෙ පපා. ඔයා ඔයාගෙ පපා ගැන ආඩම්බර වෙන්න ඕන. ඒ වගේ කෙනෙක්ව ප්‍රාර්ථනා කරන්න ආදී. එහෙම අය මේ ලෝකෙ වැඩිය නෑ. ඒත් ඔයාට ලැබෙන්න ඕන ඒ වගේ කෙනෙක්. ඔයා විශේෂයි.
❤: හම්...ඒත් එයා මමාට තරන් මට ආදරේ නැතුව ඇති. ඒකනේ මං ගැන හිතුවෙවත් නැතුව මාව දාල ගියේ. 🥺😭😭😭
💜: අ..අනේ ආදී...plz අඩන්න එපා කෙල්ල. මං ඒක හිතල කිව්වෙ නෑ නෙ. I'm sorry. මේ බලන්නකො...අයියෝ...ජිමිනා දැනගත්තොත් මටත් ගුටි කන්න වෙයි ඔයාව ඇඩෙව්වා කියලා.😒😒
ටේ ගෙ කතාව ආදිව සංවේදී කලා. ඇඩෙන තරමටම ඒක එයාට දැනුනා. ඒත් ටේ අන්තිමට කියපු දේ...
❤: I'm sorry taehyung. මට ටිකක් දුක හිතුනා. ඒත් මට කියන්න මාව ඇඩෙව්වා කියල ඇයි jimin sir ඔයාට ගහන්නෙ? ඇයි එයා මගෙ මමායි පපායි ගැන හොයන්නෙ? 🤔
💜: ( හුටා...දැන් දීහල්ලකො උත්තර)
මෙහෙම නේ එයා එයාගෙ යටතේ වැඩ කරන අය ගැන හොදට හොයල බලනව. මොකද අවධානමක් ගන්න බෑ නේ. 🙂 ඒවගේම එයා කැමති නෑ තමන් යටතෙ ඉන්න අය අඩනවට, දුකෙන් ඉන්නව ට , විශේෂයෙන්ම කෙල්ලෝ.😁 සතුට තමා වැදගත්. විශේෂයෙන්ම කෙල්ලන්ගෙ. 😁 කොල්ල ඔහොම පුප්පගෙන උන්න ට හරිම ආදරණීය යි, හැඟුම්බරයි. හූම්...😏
ආදි නම් උන්නෙ wtf ලුක් එකක් දාගෙන.
❤: සිරාවට? 😳
💜: සිරා සිරා.. ඒක නෙවේ... නිත්‍ය. ඔය දෙන්න පොඩි කාලෙ ඉදන් නෙ හොදම යාලුවො. 🙂
❤: ඔව් ඔව්. 😏
💜: මට කියන්නකො ඉතින් ඒ ගැන. මං ආසයි දැනගන්න. ඔයාලත් අපි වගේ. මං කිව්වෙ මමයි ජිමිනයි. 🙂
❤: ඔයාට ඕන අපේ යාලුකම ගැන දැනගන්න ද නැත්තන් නිත්‍ය ගැන දැනගන්න ද ම්...? 😏
💜: යාලුකම යාලුකම...මට මොකටද නිත්‍ය ගැ...ගැන...😒
❤: අනේ මේ යනව හලෝ යන්න බොරු නොකිය. ඔයා කැමතී නේ නිත්‍ය ට. ඇත්ත කියනව. 😅
💜: පි..පිස්සුද? මට වෙන වැඩ නෑ නෙ...😒😒
❤: අනේ මේ මට හැරෙනකොට කියතහැකි ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා...😅😅
💜: කවුද ගොනා මම ද ? 😠
❤: තොප්පිය හරි නම් දාගත්තට කමක් නෑ...😏😏
💜: මට ඕන්නැති තොප්පියක් නෑ. 😒
❤: මෙහෙමයි. නිත්‍ය කැමති නිදහසේ ඉන්න. ඇවිදින්න හරි කැමතියි. උයන්න කැමති නෑ. ඒත් උයන්න පුලුවන්. අසාධාරනය පේන්න බෑ. ඉක්මනට තරහ යනව. හැම කෙනාවම හිතට අල්ලන්නෙ නෑ එයාට. හැබැයි කෙනෙකුට හිත ගියොත් එයාට පන උනත් දෙයි. රැවටීම පේන්න බැරි දෙයක්. හදිස්සියෙවත් ඔයා එයාව රැවැට්ටුවොත්, එයාට චීට් කලොත්...
💜: ඔ..ඔව් කියන්න මොකද වෙන්නෙ? 😦😦
❤: හම්...ඔයාට වෙන දේ ඔයාට වත් හිතාගන්න බැරි වෙයි...😳
💜: ඒ කිව්වේ...? 😳
❤: ඒ කිව්වෙ මේකයි.. අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අපිට හිටියා යාලුවෙක් සුන්දර් කියල. Boy කෙනෙක් හොදේ...
💜: ඉ..ඉතින් මොකද උනේ ? 😰
❤: එයා දවසක් නිත්‍ය ව රවට්ටල එයාගෙ ලග තිබ්බ සල්ලි ටික ඔක්කොම ඉල්ලගත්තා. පොඩි කාලෙ ඉතින් ඕන දේකට රැවටෙනව නේ. ඒත් නිතී දැනගත්ත මූ බොරු කියල සල්ලි කඩාගෙන ගිහිල්ල අයිස් පැකට් බොනව කියල. අනේ දෙවියනේ...😦
💜: ඇ..ඇයි මොකද උ..උනේ? 😰
❤: කෙල්ල ට මල පැනල ගිහිල්ල මූට ගැහුව පාර දිගේ දුවන්න. ඌ කොහෙද අපේ නිතී එක්ක දුවන්නෙ. මූණ අල පූරියක් වගේ වෙනකන් ගැහුවා. ඒකත් පාර මැද. 😦
💜: ඒක එච්චර තරහ යන්න දෙයක් නෙවේ නෙ. පව් ඒ කොල්ලා.
❤: ඔය පොඩි කාලෙ නේ.. පොඩි කාලෙ හොදයි. කොලේජ් යද්දි...😦
💜: ඇ..ඇයි ඊට වඩා දරුණු ද ? 😰
❤: ආයෙත් අහලා...ඔය ඔතනින් දකුණ ට හරවන්න ටේ..ඔය ඉස්සරහ තියෙන්නෙ දේව්රාජ් ෆ්ලැට්ස්..ඔතනින් දාන්න මාව...🙂
💜: ඉතින් කොලේජ් යනකොට...😐
❤: Thank you so much taehyung. Bye ....Good night...👋🙂
ටේ හරි බරි ගැහිල කතාවෙ ඉතුරු ටික අහන්න යනකොට ආදි බැහැල යන්න හදනවා. ටේත් කලබලයෙන් බැහැල දුවගෙන ආවා.
💜: ඔහොම ඉන්නව හලෝ. තමුන්ව ගෙදර කෙනෙක් ට භාර දීලා ආවෙ නැත්තන් අරුන් දෙන්න මගේ ඔලුව කයි. ඒ ආදී...😐
❤: ඔයා යන්න අනේ...මට තනියම යන්න පුලුවන්...😒
💜: ඔහොම හිටු...මාත් එනවා. 😌
ටේ දුවගෙන දුවගෙන ආදි එක්කම ගියා. වෙනදට නම් ආදි පඩිපෙල නැගගෙන ගියත් අද ටේ ඉන්න නිසා lift එකේම යන්න හිතාගත්තා. දෙන්නම lift එකේ දොර ලග හිටගෙන ඉන්නකොට දොර ඇරුනා. එතකොටත් lift එක ඇතුලෙ තුන්දෙනෙක් විතර හිටියා. ගෑණුකෙනෙකුයි. පිරිමි දෙන්නෙකුයි. ටේයි නිත්‍ය යි lift එකට ගොඩ වුනාට පස්සෙ නිත්‍ය හය වෙනි තට්ටුවට යන්න බට්න් එක press කලා. ආදි ගෙ පිටිපස්සෙ හිටියෙ මැදි වයසේ මනුස්සයෙක්. ටේ හිටියෙ ආදිගෙ එහාපැත්තෙ. ටේට දැනුනා ආදි ගෙ වෙනසක්. නිකන් ඇඹරෙනව වගේ. ටේ රහසින් ආදිගෙ න් ඇහුවා ඇයි කියලා.
💜: why ? 🤨
❤: mmm...nothing. 😐
ආදි මොනව කිව්වත් එයා ඉන්නෙ අපහසුවෙන් කියල ටේට තේරුනා. ටේ ටිකක් වටපිට බලද්දි ටේ දැක්කෙ ආදිගෙ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්න අසහනකාරයව. ලිෆ්ට් එකේ ඉඩ මදි උනත් ආදිගෙ ඇගේ ඇතිල්ලෙන්න තරන් තදබදයක් එතන තිබ්බෙ නෑ. අනික ආදි ඉස්සරහට යන්න යන්න මූ කාන්දම වගේ ඇලෙන්නම එනවා. ටේට මාරයා ආවේෂ වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. එකපාරටම ආදිගෙ කරට උඩින් අත දැම්ම ටේ ආදිව ඇදල අරන් එයාගෙ එහාපැත්තට අරගෙන ටේ එතනින් හිටගත්තා. Lift එකේ උන්න අනිත් අයත් මේ ජවනිකාව ටිකට් නැතුවම රසවිඳිනවා. මේ අතර අර මනුස්සය ටිකක් පස්සට ගියෙ එතනට ටේ ආව නිසා. ඒත් ටේ අත මිට මොලවල වේගයෙන් අත පිටිපස්සට කරල අර මනුස්සය ගෙ අහවල් එක ට සැර පාරක් දෙන්න අමතක කලේ නෑ.
: බුදාම්මෝ....😫
💜: ඔහ් මොකද උනේ? 😳
❤: එන්න ටේ අපි යන්...😅😅
ටේ ඇස් දෙකත් ලොකු කරන් පිටිපස්සට හැරෙන්න යද්දි lift එකේ දොර ඇරිච්ච නිසා ආදි ටේ ව ඇදන් එලියට ගියා. ඒත් ටේ ගෙ තරහ නං අඩු වෙලා තිබ්බෙ නෑ.
💜: මං තමුසෙගෙ න් ඇහුව නේ මොකක්ද අවුල කියල ආ..? 😠
❤: ඔ..ඔව්..🙁
💜: ඇයි මට කිව්වෙ නැත්තේ ආ? ඕන එකෙකුට එහෙම කරේ යන්න දෙනවද ? දැක්කද ඌ තමුසෙට කරපු දේ ? කට වහන් හිටියේ කටේ පිට්ටුද? ජිමින් දැනගත්තොත් මරල දායි තමුසෙව. 😠😠😠
❤: එක පාරකුත් මං නිසා ඇති කරගත්ත ප්‍රශ්න මදිද ආ...? මට ඕන නෑ ඔයාලව ප්‍රශ්න වල පටලන්න. ඔයා හිටියෙ නැත්තන් මං ඌට කන පැලෙන්න ගහල එන්නෙ.. 🥺 අනික හැමතිස්සෙම ජිමින් ජිමින් ගාන්නෙ.. එයාට මොකක්ද මං ගැන ඔච්චරටම තියෙන කැක්කුම? 🤨
💜: කැක්කුම ද ආ? ඌ...තමුසෙට....නෑ එක්කො ඕන නෑ. තමුසෙ යනවකො ගෙදරට. යමං යමං...
ආදිව උරහිසෙන් තල්ලු කර කර ටේ ආදිගෙ ගේ ලගට ආව. ආදි Bell කරාම වරුන් ඇවිල්ල දොර ඇරියා.
🙎♂️: ආදී...මොකද මෙච්චර පරක්කු? අපි නිත්‍ය ටත් call කලා. මේ කවුද? 🤨
❤: මේ...මගේ bike එක කැඩුනනෙ. ඒක ගැරෙජ් එකට දාන්න ගියා අයියා. මං ආවෙ මෙයත් එක්ක...මේ...
💜: හායි..මම ටේහියුනග්.මම ආදිගෙ office එකේ වැඩ කරන්නෙ .ආදිගෙ best friend කෙනෙක්. 🙂
ටේ වරුන් ට hand shake කරා. වරුන්ත් උඩ ඉදන් පහලට බැලුවෙ කොරියන් කාරයෙක් මෙච්චර හොදට හින්දි කතා කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව ගිය නිසා.
🙎♂️: Hi.. I'm varun. Adi's brother. Nice to meet you 😊
❤: ටේ එන්න ඇතුලට. මොනහරි බීලා යන්. 🙂
💜: නෑ ඕන නෑ. මට හදිස්සි වැඩ වගේකට යන්න තියෙනව මෙහෙම්මම. මම වෙන දවසක එන්නම් කො හරිද. 🙂🙂
❤: හරි එහෙනම්...අයියා මෙයාව පහලට එක්කගෙන යනවද ? Lift එකේදි පොඩි අවලක් උනා. මෙයාව තනියම යවන්න බෑ. 🙁
💜: අයියෝ මං බබෙක් නෙවේ බං. මට තනියම යන්න පුලුවන්. 😒
🙎♂️: ඇයි මොකක්ද උනේ ? 🤨
❤: නෑ මේ lift එකේ ගිය මනුස්සයෙක් එක්ක පැටලෙන්න ගියා. අයියට පුලුවන් නේද මෙයාව ගිහින් දාන්න. 🙁
🙎♂️: ආ හරි එන්න යමු...😌
💜: අයියෝ කරදර වෙන්න එපා බ්‍රෝ. මේයාට පිස්සු. 😒
🙎♂️: මේ ෆ්ලැට් එකේ සමහරු අපි අඳුරනවා. අඳුරන්නැති අයත් ගොඩක් ඉන්නව. එක එක ජාතියෙ මිනිස්සු ඉන්නව නෙ මල්ලි. ඒ නිසා තනියම යන්න එපා. අපි යමු.
💜: okey. Bye Adi. Good night. 👋😊
❤: bye . Good night 🙂
🙎♂️: දොර වහගන්න.
❤: හරී...😊
වරුන් ටේ එක්ක පඩිපෙලින් එන්න තීරනේ කලේ ඒක ආරක්ෂිත නිසා.
💜: ඇයි ඔයාල ඒ මිනිස්සුන්ට එච්චර භය? 🙁
🙎♂️: එහෙම භයක් නෑ. මේ ෆ්ලැට් එකේ උඩ ෆ්ලෝස් හයක් ම අයිති රාජක්රිෂ්ණ කියල minister කෙනෙක් ට. එයාගෙ ගෝලබාලයො තමා ඒ flow එකේ වැඩිපුරම ඉන්නේ. උන් එක්ක පැටලෙන්න යන එක එච්චර හොද දෙයක් නෙවේ. ඒකයි. මට නං අවුලක් නෑ. ඒත් අපිට නන්ගි ගැන බයයි. 😐
💜: ඔව් නේද ? අනවශ්‍ය ප්‍රශ්න නේ.. ඒ අර ඉන්නෙ අපිට lift එකේදි හම්බ වෙච්ච මනුස්සය. 😳
🙎♂️: කෝ...අරූ ද ? බාලක්‍රිෂ්ණන්? 😳
💜: බාල ද වැඩිමල් ද කියල මං දන්නෑ. හැබැයි ඌ මහ අසහනකාරයෙක්. 😠
🙎♂️: ඌ මොකටද set එකත් එක්ක මෙතන ඉන්නේ? 🤔 ඌ එච්චර හොද එකෙක් නෙවේ. ශේප් එකේ යමු.
(🦧- බාලක්‍රිෂ්ණන්)
🦧: ආ මල්ලී...කොහෙද යන්නෙ ? 😏
🙎♂️: ආ...මේ පොඩ්ඩක් පහලට යන්න කියල අයියේ.
🦧: ආ එහෙම ද ? මේ මොකාද මේ ? චීන බෝඩරෙන් බැහැපු එකෙක් ද ? 😈
🙎♂️: මේ...මගෙ යාලුවෙක්. 😐
🦧: යාලුවෙක්? උබලට මෙහෙම යාලුවොත් ඉන්නව ද බං? හොදයි හොදයි ආ...😈🤣
මේ අතර බාලක්‍රිෂ්ණන් කියන මනුස්සය ටේගෙ ලගට ඇවිල්ල ටේ ගෙ කොලර් එකෙන් අල්ලගත්ත.
🙎♂️: අ..අයියෙ ඔ..ඔය මොකද? 😦
🦧: මල්ලි පැත්තක ට වෙලා ඉන්න. මු අද මට හොද පාරක් දීලා ඒකට සමාවත් නොගෙන තමුන්ගෙ නන්ගි එක්ක ජෝඩු දාල ගියා. 😡 මට ඒකෙ වාඩුව ගන්න තියෙනව.
💜: ඒක මං හිතල කරපු දෙයක් නෙවේ. අතෑරල දාන්න. 😌
🦧: අතෑරල දාන්න? ඒ බලපල්ලකො මූ කියන කතාව. 🤣🤣
බාලක්‍රිෂ්ණන් ගෙ ගෝලබාලයෝ ටිකත් ඒකට මහ හයියෙන් හිනා වෙන්න ගත්ත.
🙎♂️: අනේ ඔව් අයියෙ අපි මේක අතෑරල දාමු. 🙁
🦧: උඹට මං කිව්ව එක සැරේකුත් පැත්තකට වෙලා ඉදපන් කියල. මේක මුගෙයි මගෙයි ප්‍රශ්නයක්. 😡 එහාට පල...
💜: මගේ යාලුවගේ ඇගේ අසහනකාරයෙක් ඇතිල්ලෙනකොට තමුසෙ කියන්නෙ දැක්කෙ නෑ වගේ ඉන්න කියල ද ? තමුසෙ හිතුවද මං තමුසෙ වගේ පො#### කියල? 🤬🤬
🙎♂️: මොකක්ද ඒ කතාවෙ තේරුම? 😠
💜: ඔව්...මේ කාලකන්නිය ආදිගේ කරේ යන්න ආව. ඒ කෙල්ල භයට මට කිව්වෙවත් නෑ...🤬
🙎♂️: මොකක් කිව්ව? උඹ මට කලින් කියන්න එපැයි සීන් එක. මම අද මූට....🤬🤬
වරුන් පැනපු ගමන් බාලා ගෙ කන රත් වෙන්න පාරක් ගැහුවා. බාලක්‍රිෂ්ණන් කන අල්ලගෙන බිම ඇදගෙන වැටෙනකොට එයාගෙ ගෝලයෙක් ඇවිත් ටේට ගහන්න අත ඉස්සුවා. ටේ ඒ අත අඹරලා අරගෙන ඒ මනුස්සය ව කරට උඩින් විසික් කලා. වරුන් බාලාට බිම දාගෙන ගහනව. එතකොට ම තවත් එකෙක් ඇවිත් වරුන්ව ඇදල අරගෙන ගහන්න ගත්ත. ටේ උඩින් පැනල ඒ මනුස්සය ගෙ පිටට කික් කලා. එයා රෝල් වෙලා ගිහිල්ල බාලාගෙම ඇග උඩට වැටුනා. ගුටි කාලා ඇති උන හැටියෙ බාලයි එයාගෙ ගෝලබාලයොයි පස්ස නොබල දුවන්න ගත්තා. ඒත් ටේට නං ඒක මදි වගේ.
💜: ඒ හූ....ඔය යනවද? හූ... තාම පටන් ගත්ත විතරනේ බ්‍රෝ...ඒ හිටපන්...හූ...🤣🤣🤣
🙎♂️: දැන් ඇති..මෙන්න මෙහෙ වරෙන් යන්න. 😅
💜: අම්මොහ් ඒක මරු බං. බලහංකො දුවන හැටි....ඒ..හූ....🤣
🙎♂️: මෙන්න මෙහෙ වරෙව් යකෝ තව උන් අරන් එන්න කලින්...😒😒
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටේ ජිමින් යන යන තැන වලි දාගන්න ව කියල හිතෙන්නෙ මට විතරද ? මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවර වෙයි කියල මට හිතෙන්නෑ. ඔයාලටත් එහෙම හිතෙනව නේද ? 😏
.
.
.
.
.
අලුත් ff එකක් ලියන්න කියල බැලුවෙ. මගෙ දෙවනි ff එක. මේකත් එක්ක ම ලිව්ව ට අවුලක් නැද්ද? මේකත් indian එකක්. ඔයාල කැමති නම් විතරක් මං මේක පටන් ගන්නව. මේක challo Driver ට වඩා ගොඩක් වෙනස් වෙයි. මොකද කියන්නෙ? Comment කරගෙන යන්න.
අද වචන 2200 පැන්නුවා. කොටයි කියන්න එපා plz.. එතකොට මට වාවන්නෑ...ඇත්තමයි. මේ දවස් ටිකේම දෙන්න බැරි වෙච්ච නිසා දිග chapter එකක් දුන්නා. තරහ නෑ නේද ? 🙂❤
මේච්චර මහන්සි වෙච්ච එකේ ඔයාල ඔය පහල තියෙන තරුව ඔබාගෙන යන්න අමතක කරන්න එපා. 🙂❤ කමෙන්ට් කරගෙන යන්න හොදේ. 🙂❤🙂❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top