🚘Challo Driver 37🚘

Author pro:

ආදිගෙයි ජිමින්ගෙයි ගැටුම් තාවකාලිකව නතර වෙලා තිබ්බෙ. නිකන් යුධ විරාමයක් වගේ. වෙලාවකට රන්ඩු වෙනව. වෙලාවකට හිනා වෙනව. ඇත්තටම මෙයාල දෙන්න ගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල දන්නෙ එයාලම විතරයි. ජිමින්ට ඇවිදින්න පුලුවන් කියල දන්නෙ ටේකුක් ඩබලයි, ගෙදර ආරක්ෂාවට යොදවල ඉන්න ආමි එකේ අයයි විතරයි. ඇයි ජිමින් එච්චර ලොකු දෙයක් හංගන්නෙ? ජිමින්ට තව රහස් ගොඩක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද ? එතකොට ආදි....🙂 එයා දැනගත්තොත් ජිමින්ට ඇවිදින්න පුලුවන් එයා බොරු කරන්නෙ කියල. එතකොට මොනව වෙයිද?
.
.
.
.
.
.
.
.
මේ අතර ජිමින්ගෙ room එකේ දොරට කන තියන් හිටිය ටේ කුක් ඩබල,

🐰: මොනාහරි ඇහෙනවද හියුන්? 🙁

💜: හිනා වෙන එක නැවතුනා බං. මුකුත්ම ඇහෙන්නෑ මට. 🤨

🐰: ඕකනෙ මං කිව්වෙ හියුන්ග්. මගෙ හා කන් වලට ඇහෙන දේවල් ඔය වලස් කන් වලට ඇහෙන්නෑ කියල. 😒

💜: පොඩ්ඩක් කට වහන් ඉදපන්කෝ. මට ඇහෙන ටිකවත් ඇහෙන්නෑ. 😠

🐰: ක්...කෝ අයින්ට වෙයන් මං බලන්නම් යතුරු සිදුරෙන් රින්ගල ගිහින්. 😏

💜: යාහ්...පම්කයා.... 🤬🤬🤬

ජන්කුක් ටේව පැත්තකට තල්ලු කරගෙන දොරට හේත්තුවෙලා යතුරු සිදුරට ඇහැ තිබ්බ.

🐰: හෑ....😦

💜: මොනවද පේන්නෙ? 🤨

🐰: මුකුත්ම පේන්නෑ සේරම සුදු පාටයි නේ...🙁 ආ... දැන් කලු පාට උනා.... උඩ සුදුයි යට කලුයි....ආ...ඇයි උඩ සුදු වෙලා යට කලු වු....🤔

💜: ඒ කියන්නෙ ආදි ඉන්නෙ දොර ලග.😲 මිනිහෝ....😦

මේ අතර, ආදි දොර ඇරගෙන එලියට ආවෙ දොරට ඇහැ තියන් හිටිය කුක් බෝලයක් වගේ බිම පෙරලිලා යද්දි. වෙච්ච සිද්ධිය එකපාරටම හිතා ගන්න බැරිව ගිය ටේ කට ඇරගෙන ආදි දිහා බලන් හිටියා. ජන්කුක් තවමත් බිම. ආදි මේ දෙන්න දිහාම confuse වෙලා බලන් ඉන්නව. එතකොටම ටේ පියවි සිහියට ඇවිල්ල බිත්තියෙ එල්ලල තිබ්බ picture එකකට අවධානය දෙනව වගේ රංගනයක නිරත වෙන්න ගත්ත. මේ අතර කුක් එයාගෙ මූන අත් දෙකෙන් වහගෙන කෑ ගහන්න ගත්ත.

❤: මොකද උනේ ජන්කුක් ජී? 😳

💜: ආ...කුක් මොකද මේ ? 😦

🐰: ආහ්...මගෙ මූනා....😖😖

ආදි ඉක්මනට අතේ තිබ්බ ට්‍රේ එකත් පැත්තක තියල ජන්කුක් ලගින් වාඩි වෙලා ජන්කුක් ගෙ මූනෙන් අත අහකට ගත්ත.

❤: ම්...මේ මොකද කුකී නලල නිල් වෙලා..? 😳

💜: ආ...හා....මොකද උනේ කුක්? 😒

🐰: අල දොලේ හැඩල් එක වැදුලා....😭😭😭😭😭

❤: දොරේ හැඩල් එක ? 🤔 ඔයා කියන්නෙ lock set එක ඔයාගෙ මූනෙ වැදුන කියලද කුකී? 😳

ආදි කුකීගෙ මූන අතගාන ගමන් ඇහුව.

🐰: ඔව්... ඒක වැදුනා මූනේ....😭

💜: මූ ගම කනව...බූරුවා...😒

❤: මොනාහරි කිව්ව ද ටේහියුන් ජී?🤨

💜: ආ...නෑ මං කිව්වෙ මේ... මාර දැගලිල්ලක් මූට තියෙන්නේ. ඒකයි..හේ හේ 😁

❤: ආ...ඒක නෙවේ.. කුකී..ඔයාගෙ මූන කොහොමද ලොක් එකේ වදින්නේ? ඔයා එච්චර කොට නෑ නේ.🤔

💜: දැන් දීපල්ලකො උත්තර. 🥲

🐰: මං ඔතනින් යද්දි තමා වැදුනා...හුවෑ...😭

❤: ඉතින් ඒක තමා මාත් අහන්නේ. යනකොට වැදෙන්න තමුන් මෙතනින් බඩගාගෙන ගියෙ නෑ නේ. 🤨

💜: න්...නෑ කුකී මේ....🙁

❤: ඔයාගෙන් ඇහුවෙ නෑ... මෙයාගෙන් ඇහුවේ 🤨

💜: සො..සොරි...හේ...හේ..😐

❤: පොඩ්ඩක් ඉන්න. ටේ හියුන් ජී මෙතන නේ හිටියෙ ජන්කුක් ට මේ accident එක වෙද්දි. 🤨

💜: ඔ..ඔව්. 😐

❤: එහෙනන් ඔයා පොඩ්ඩක් එහාට යන්නකෝ. 😏

💜: එ..ඒ මොකටද ?

❤: ඔයා ඔහොම පඩිපෙල බැහැල පහලින් ඉන්න. 😏

💜; ඇයි අනේ....🙁

❤: කියන දේ කරනව. 😠

💜: මේ යනෝ....

ටේ පඩිපෙල බැහැගෙන පහලට ගිහාම ආදි ජන්කුක් ව නැගිට්ටවල ජිමින් ගෙ room එකට එක්කන් ගියා අතින් ඇදගෙන.

🐰: අ...අනේ...බෑ ... අතාරින්නකෝ...

❤: මෙහෙ එනව. ඕකට බෙහෙත් මොනාහරි ගාන්න. නැත්තන් හැමදාම ඔහොම තමා ඉන්න වෙන්නේ. කෙල්ලෙක්වත් බලන එකක් නෑ.

ඇද උඩට වෙලා office එකේ files වගයක් චෙක් කර කර උන්න ජිමින් එකපාරටම ගැස්සිලා ගියේ ආදි ජන්කුක් ව ඇදන් එන විදිහ දැකල. ජන්කූක් ජිමින්ව දැක්ක විතරයි අත් දෙකෙන් මූන ආවරණය කර ගත්ත. File එකත් පැත්තක තිබ්බ ජිමින්,

🐣: ආ...මේ මොකද මේ? 🤨

❤: බලන්නකො ජිමින් ජී මෙයාගෙ මූනට වෙලා තියන දේ 😏

කුකී ආදිට කොච්චර එපා කියල ඉඟි කලත් කුකීට බැරි උනා ආදිගෙ කට වහන්න.

🐣: කෝ බලන්න. අත ගන්නව අහකට.🤨

❤: ඔය අත අහකට ගන්න.

🐣: ආ...මොකද ඔය නලල නිල් වෙලා.
කාගෙන්ද ගුටි කෑවේ ? 🤨

🐰: හේ...හේ..දන්නැද්ද හියුන්ග් ඉතින්
ඩාම් වෙනව ඩූම් වෙනව. 😁🥲

❤: ඩාං ඩූං නෙවේ...මෙයාගෙ නලල ඔයාගෙ දොරේ ලොක් එකේ වැදිල. 😏
ටේ හියුන්ග් ඇස් දෙකට ම දැක්ක වෙච්ච දේ 😊

🐣: මොකක්? 🤨

🐰: මං පැහැදිලි කරන්නම්...පොද්දක් ඉල්ල. 🥺

🐣: හරි ඔයා කැමති තරන් වෙලා අරන් කියන්නකො. 😌

❤: අපි කොහොමද දැනගන්නෙ මෙයා ඇත්ත කියනව කියල 🤨

🐰: සත්‍ය මිසක් බොරුවක් නොකියන බවට දිවුරා පොරොන්දු වෙමි. 😌

❤: හාකො...😏

🐰: මේකයි ඇත්තටම උනේ..මම හියුන්ග් ගෙ රූම් එක ලගින් යද්දි හරියට ම දොර ලගදි මම දැක්ක කැරපොත්තෙක් යනව දොර යටින් මේ...හියුන්ගෙ රූම් එකට. මම ඌව අල්ලගන්න තමා නැවුනේ... මන් දන්නව නේ හියුන්ග් බයයි කියල කැරපොත්තට. 😁 හියුන්ගෙ කැඩිල තියෙන කකුල් දෙක පල්ලා...මම ඇත්ත කියන්නේ...😐

❤: ඔයා කැරපොත්තට බයයි ද ?😃

🐣: අහම්....න්...නෑ මූට පිස්සු. ඒකෙන් වැඩක් නෑ. දැන් කැරපොත්තට මොකද උනේ ඉතින්. ඌ අල්ලගත්ත ද? 😐

🐰: ම්...මේ... මං ඌ අල්ලගන්න යද්දිම ආදී ඇවිල්ල දොර ඇරිය නේ. ඉ...ඉතින් ඌ ඈතුලට ආව. 😁

❤: හරි එහෙනම් ඔයාට කරුනු දක්වන්න දීපු කාලය අවසන්. දැන් මම මෙයාගෙ මූනට බෙහෙත් ගානකන් ජිමින් ජී ටේ ට කෝල් කරල එන්න කියනවද?

🐣: okey. First aid box එක ඔය කබඩ් එක උඩ බලන්නකෝ...

❤: ආ..හරි තියනව.

🐰: ටේ හියුන්ග් ට මොකටද කතා කරන්නේ? එයා දැක්කෙ නෑ.

❤: ඒ උනාට එයා කිව්ව නේ වෙච්ච දේ දැක්ක කියල. කට වහගෙන ඔතනින් වාඩි වෙන්න.

ජිමින් ටේ ට කෝල් එකක් දුන්නම ටේ ජිමින් ගෙ room එක ලගට ඇවිත් ඇරල තිබ්බ දොරෙන් ඔලුව විතරක් ඇතුලට දැම්ම. ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියල ස්කෑන් කර කර හිටපු ටේව දැක්ක ජිමින්,

🐣: ටේ ටේ...ඇතුලට එනව. මොකද ඔතන හොර ගල් අහුලන්නේ ආ ?

💜: ආ...මොකද දන්නෑ මට කතා කලේ?

මේ අතර ආදි හිටියෙ කුක් ගෙ නලලේ බෙහෙත් ගාන ගමන්. කුක් හිටියෙ ආදිගෙ පැත්ත හැරිල. ටේ ට පිටුපාල. ටේ ආව කියල දැනගත්තම කුක් හොරා වගේ හැරෙන්න හැදුවෙ ටේ ගෙ පැත්තට.

❤: කෝ..දඟලන්න එපා කුකී. මේ පැත්ත බලන්නකෝ. ඔයාට මයි රිදෙන්නේ හොදේ. 😏

🐣: කුකී ගෙ නලල ලොක් එකේ වැදෙනකොට උඹ හිටියෙ කොහෙද?

💜: ම...මං ද ? 😐

🐣: ඔව් උඹ තමයි.

💜: මම එතන හිටියෙ ඉතිම්. 🙂

🐣: කුකී ගෙ ඔලුව ලොක් එකේ වැදුනෙ කොහොමද?

🐰: ආව්....රිදෙනව බං. 😖

❤: බොරු කියන්න එපා. මං හෙමීට ගාන්නේ. 😠

💜: ආ..ඒක මේ... කුක් සපත්තුවේ ලේස් එක ගැලවිලා කියල ඒක ගැටගහගන්න කියල නැවුනෙ. එහෙම තමා උනේ ඇත්තටම. 😐

🐣: සිරාවට? 🤨

💜: හෙ...හ් ඔ...ඔව් ඉතින් සිරාවට ම 🙂🥲

🐰: කෑවනේ...🙁

🐣: එතකොට උඹ මොකක්ද එතන කලේ?

💜: ආ...මම ද ? මම මේ... සීයා ගිය සතියෙ අලුත් pictures වගයක් ගෙනල්ල බිත්ති වල එල්ලුව නේ. අ...අතනත් එකක් තියනව. ඒව බල බල උන්නේ. ඇත්තටම කිව්වොත් ඒ වගේ කලාත්මක බව කොච්චර ද කියනව නම් මට කවි සිතුවිලිත් පහල වුනා... ජිමිනගෙ බැන්ඩේජ් කරල තියෙන අත පල්ලා....🙂

❤: ඇත්තටම කවි සිතුවිලි පහල උනාද? එක කවියක් කියන්න බලන්න. 😏😏

💜: ඇ..ඇත්තටම කවි සිතුවිලි පහල උනා ආදි ජී...but ජ..ජන්කුක් ගෙ accident එක ට ෂොක් වෙච්ච නිසා ඒ සිතුවිලි නැති වෙලා ගියා. න..නැත්තන් ඇත්තටම මට කවි කියන්න පුලුවන් හොදට.. මේ වෙලාවෙ කියන්න ඔ..ඔලුවට..එන්නෑ. මම පස්සෙ වෙලාවක ආදිට කවියක්...

🐣: නවත්තගන්නවා ඔය බොරු කියන එක. 😡

🐰: ඉවරයි. ඉවරෙටම ඉවරයි. හොද වෙලාවට කකුල් දෙක කැඩිල තියෙන්නේ. 🥲

❤: මොනාද කියවන්නේ.. ඇහුනොත් ඉවරයි🙁

🐣: තොපි දෙන්නම බොරු කියල මගේ room එකේ ඔත්තු බලනව නේද?

🐰: නෑ හියුන්ග් පිස්සුද?

🐣: එහෙනම් දෙන්න එක්ක මොනාද කලේ දොර ලගට වෙලා? මං ආදි එක්ක මොනාද කරන්නෙ කියල බලන්න ද ආවෙ. ආ ටේ? මම උඹ වගේ දකින දකින කෙල්ල පස්සෙ යන එකෙක්. නැත්තන් ක්ලබ් ගානෙ කෙල්ලො එක්ක නටන එකෙක් නෙවේ කියල උඹ දන්නැද්ද? අනික ආදිට කොච්චර ලැජ්ජ හිතෙන්න ඇති ද ? එයා හිතන්නැති එයා ගැන නරක විදිහට ඔයාල හිතන් ඉන්නව කියල. මන් දන්නව උඹ ල එහෙම හිතන්නේ නෑ කියල. මොකද මටත් වැඩිය මෙයා එක්ක යාලු උඹල නේ. ඒත් දැන් ඒ යාලුකම, උඹල දෙන්න ගැන තිබ්බ හැඟීම නැති වෙලා යන්න ඇති.

🐰: සොරි හියුන්ග් අපි එහෙම හිතල කලේ නෑ. කම්මැලි නිසා ජොලියට කලේ. 😔 අනික ආදි එහෙම නෑ කියල අපි දන්නව.

💜: සොරි ආදි අපි ජොලියට ඒක කලේ. ඔයා තරහද මාත් එක්ක? 😔

❤: It's OK ටේහියුන් ජී. 😊

🐰: අයියෝ ඔයා ඉන්නෙ තරහින්. කෝ එන්න. 😐

කුක් ඇවිල්ල ආදිව hug කරගෙන හිටියා.

🐰: සොරි ආදි. අපි ඔයා ගැන වැරදියට හිතුවෙ නෑ. අපි ආවේ අන්න අර ඩක්ක ඔයාගෙන් මරව මරව වැඩ ගන්නවද කියල බලන්න. 🥲

එතකොට ම ටේත් ඇවිල්ල ආදිව hug කලා.

💜: අනේ අඬන්න නම් එපා හොදද? සොරි ආදි. ඔයා දන්නවනෙ මං ඔයාට කොච්චර ආදරෙයි ද කියල. ම්?

🐣: අහම්...හෙලව් මිස් නිත්‍යා 😌

ඒ අස්සෙ ජිමින් නිත්‍ය ට කෝල් එකක් ගන්න ව වගේ රංගනයක නිරත වෙනව. එතකොටම ටේ ඇඳට පැනල ජිමින්ගෙ ඇඟ උඩ නැගල phone එක උදුරල ගන්න දඟලනව.

💜: මෙහෙ දීපන් ඕක...උඹේ අත් දෙකත් කඩල දානව දැනගනිම්.

🐣: හෙලෝ හෙ...හෙලෝ නිත්‍ය...මේ ටේ...🤣 ආහ්.. එපා බූරුවො කිචි කවන්න.

එතකොටම ජන්කුකා ත් ඇදට පැනල ජිමින්ට කුචි කවන්න ගත්ත.

🐣: 🤣🤣 ආහ්...එපාහ්...යකෝව්....කකුල් පන නැති...ආහ්...🤣එකෙකුට වද දෙන එක...හාහ්...🤣..අසාධාරණයි.

මේ කොල්ලො තුන්දෙනාගේ විකාර ආදි බලන් හිටියෙ ඇස් දෙකේ කඳුලු පනිනකන් හිනා වෙවී.

















































හැමදාම කොටයි කොටයි කියන නිසා ඔන්න අද දිගම දිග එපියක් දුන්න. ආයි කියන්න එනවකො කොටයි කොටයි කියල. කොටනව සනිකව. 🔪😌

මොනවහරි කොටාගෙන යම්න ඉතිම්.😊 ඔය පහල කෙලවරේ තරුවක් ඇති. ඒකත් ඔබන් යන්න හොදේ. 😏❤

සරන්හේ...❤❤❤























Bạn đang đọc truyện trên: AzTruyen.Top