🚘Challo Driver 26🚘
ජිමිනුයි ටේයි වාහනේ නවත්තන්නැතුව කෙලින්ම යන්න තීරණය කලත් ඉස්සරහ තිබ්බ ඩිෆෙන්ඩර් හතර දැක්කම ඒ අදහස අතෑරල දැම්ම. Taemin දෙන්න විදේශීකයන් උනත් තේරෙන වයසෙ ඉදන් ජීවත් උනේ ඉන්දියාවෙ නිසා මේ වගේ දේවල් සාමාන්‍ය බව ඔවුන් දැනගෙන හිටියා. ඒ වගේම ඉස්සරහයි පිටිපස්සෙයි තියෙන ඩිෆෙන්ඩර් වල මිනිස්සු අඩුම තරමෙ හැත්තෑවක් අසූවක් වත් ඇති කියල ජිමින්ට තේරුනා.
💜: බලපං කො ඩිෆෙන්ඩර් ගොඩ 😳
🐣: ඒක තමයි බං. නවත්තන්න කියපු වෙලේ නැවැත්තුව නං ෂේප් එකක් දාගන්න තිබ්බ. 😒 තෝ නිසා තමා ඔක්කොම 😠
💜: අනේ මේ...තෝ හරියට මං කියන දේ අහන එකා නේ. 😒 ඒ.. අන්න එකෙක් බැහැල එනව මේ පැත්තට... උඹ කටවහන් හිටාම්...මං කතා කරන්නං.
🐣: හරි කොරගෙන යමං කො 😏
මේ අතර කලු පාට ඩෆෙන්ඩර් එකෙන් බැහැගත්තු තරමක් උස මහත මනුස්සයෙක් වැනි වැනි ආවෙ ජිමින්ලගෙ car එක ලගට. ෂටර් එක ලගට නැවිච්ච ඒ මනුස්සය දොරකට තඩිබානව වගේ ෂටර් එකට ගහන්න ගත්ත. ජිමින් ෂටර් එක ඇරිය පාර නහයත් අකුලගෙන ටේ ගෙ පැත්තට නැවුනේ ඒ මනුස්සය ලගින් වහනය වුනු දාඩිය mix වෙච්ච මත්පැන් ගඳ
එකපාරටම දරාගන්න බැරි වෙච්ච නිසා. කෙලින්ම කිව්වොත් කුණු වෙන්න බීල හිටියෙ.
🐣: මුගෙ අම්මට.... යකෝ කුණු කාණුව ක් උතුරල ගියා වගේ නෙ. 🥴🤢
ජිමින් ටේ ගෙ කනට කොරල කිව්ව.
💜: කුණු වෙන්න බීලද කොහෙද 🤢 මට නං බෑ කතා කොරන්න. තෝම කතා කොරහං.
💀: ආ...මල්ලි...කොහෙද මේ යන්නෙ ආ? 😏
🐣: ගෙ...ගෙදර යනව 😐
💀: ටොට නවත්තපං කියල සිග්නල් දුන්නම මොකෝ කඩාගෙන ගියේ...? 😠
🐣: නවත්තන්න කියල කිව්ව ද ?
ඒ කිව්ව ද බං ? 🙂
ජිමින් ටේ දිහා බලල ඇහුව.
💜: න්...නෑ නේ... දැක්කෙ නෑ අයියේ හේ හේ..😁🥲
ඒත් එක්කම අර වාහනවල උන්න දෙතුන් දෙනෙක් බැහැල ජිමින්ල උන්න දිහාවට එන්න ගත්ත.
☠: ඇයි බං මුං මොකක්ද කියන්නේ ?
💀: නෑ මේ චීනා කියනව බං ඌ දැක්කෙ නෑ ලු සිග්නල් කරනව.
☠: කෝ බැහැපං බලන්න දෙන්නම එලියට. 🤨 කොහෙද හදිස්සියෙම යන්නෙ?
🐣: අපි කොහෙ ගියත් උඹට වැඩක් නෑ නෙ...😡
💜: අ....අයියෙ මු පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ... මුගෙ wife pregnant.
ඉතින් අද තමා බබා එලියට එන්නෙ. ඒකයි අපි කඩාගෙන බිඳගෙන ගියේ.
🐣: මොනාද යකෝ කියවන්නෙ...🤨
💜: මම කිව්ව ඔය හැකර කට වහන් ඉදපං කියල.
දෙන්න කොරියන් වලින් කුටු කුටු ගාන්න ගත්ත.
☠: wife ටනෙ බබා හම්බවෙන්න ඉන්නෙ. උබලට නෙවේ නෙ. බැහැපංකො එලියට. 😏
🐣: දැන් ඉතින් අපිට තමා බබා හම්බවෙන්නෙ 😒
ජිමින් ටේටත් ඔරවල වාහනෙන් බැස්ස. ටේත් බැහැල ජිමින් ලගට ආව.
💜: අ..අයියල පොලීසියෙන් ද ? 🙂
☠: ඇයි අහන්නේ?
💜: න්...නෑ...අර 192, හයවෙනි වගන්තිය යටතේ මෙහෙම පුලුවන්ද පාරෙ රඟන්න. න්..නෑ මං කිව්වෙ මේ...🥲
ජිමින් කම්මුලට අත තියාගත්තෙ මූ නිසා අද අම්බානකට කන්න වෙනව නේද කියන භයානක හැඟීම ඇති වෙච්ච නිසා.
🐣: මොනවද තෝ මේ කියවන්නෙ හැචයා වගේ 🥲
💜: න්..නෑ බං කවුද දන්නෑ නේ බේබි? 😏
☠ : මොකක්ද තෝ කියන්නෙ ආ...? 😡
💜: න්.. නෑ... මං කිව්වෙ මේ රටේ නීතියක් කියල එකක් තියෙනව නේ
☠: තෝ එනවද යකෝ මට නීතිය උගන්නන්න?
ඒ මනුස්සය ටේ ගෙ ටී ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන ඇහුව.
🐣: ඔය කොලර් එක අතාරින්න. අපි මේක කතා කරල විසදගමු.
☠: මොනව කතා කරන්න ද යකෝ උබ ල එක්ක. 😏
💀: උඹල අපේ රටටම ඇවිත් අපිට පාට් දානවද? 🤨
💜: අපිට මේක කතා කරල විසඳගන්න පුලුවන් නේ. අනික මගෙ wife hospital admit කරල ඉන්නෙ. අපි එතනට යන්න ඕනෙ දැන්.
💀: හරියට කියහං උඹේද wife මුගේ ද ? 🤨
🐣: දෙන්නගෙම 😠 ඇයි අවුල් ද ? 😏
☠: මුගෙ කට බලහං කො පොඩි එකා වගේ හිටියට 🤨
💜: මූ පොඩි එකා වගේ හිටියට අයියට කියන්න මූට පුත්තලං බූරුවො තුන් හතරදෙනෙක් ගෙ වයස 🥲
🐣: තව එක වචනයක් හරි කිව්වොත් ඔම්මප මං තෝ මෙතන දාල යනව. 😡
☠: මොනවද තොපි කුටු කුටු ගාන්නේ 🤨
අර මනුස්සය තාම උන්නෙ ටේ ගෙ කොලර් එකේ එල්ලිලා. ඒ මනුස්සය වැනෙන වැනෙන අතට ටේත් වැනෙනව පරඬැල වගේ. 🥲
🐣: මම උඹට තප්පර තුනක් දෙන්නං.
මගේ යාලුව අතාරින්න. 😏
☠💀: හ්...හහ් හහ්...හා... ( හිනා වෙනව හොදේ )
මේ අතර ටේ ගෙ කොලර් එකෙන් අල්ලන් උන්න මනුස්සය ටේ ගෙ මූන දිහා බලද්දි ටේ මහ හයියෙන් හිනා වෙන්න ගත්ත. ටේ ගෙ හිනාව දැකල බය වෙච්ච මනුස්සය ටේ ගෙ කොලර් එක අතෑරල ජිමින් දිහාවට හැරෙද්දිම ජිමින් ඒ මනුස්සය ගෙ කොන්ඩෙන් ඇදගෙන ඇවිත් ෂටර් එකේ ඔලුව වැද්දුව. හෙමින් නෙවේ ටිකක් හයියෙන්.
🐣: වෙලාවට වැඩ කරන්නැති උන් මට පේන්න බෑ. 😏
මේ සිද්ධිය ඈත ඉදන් බලං උන්නු මැරයො ටික වාහන වලින් බැහැල ජිමින්ල හිටපු පැත්තට එන්න ගත්ත.
යකඩ පොල්ලක් අතේ තියන් දුවගෙන ආව මැරයෙක් ටේ ගෙ පිට මැද්දට පොලු පාරක් දෙද්දී ටේ ගෙම්බ පොලේ ගැහුව වගේ හතරගාතෙ දාල ඇදගෙන වැටුන. උඩපැනල පිනුමකුත් ගහල නැගිට්ට taehyung බෲස්ලිගෙ ආච්චි වැහිල වගේ ඒ මිනිහට ගහන්න ගත්ත. එතකොටම කඩුවක් වන වන ආව මිනිහෙක් ජිමින් පහර දෙන්න හැදුව. එතකොටම ජිමින් මහ හයියෙන් කෑ ගහන්න ගත්ත.
🐣: මේක අසාධාරණයි. නිරායුධ මනුස්සයෙකුට ආයුධ වලින් පහරදෙන එක හරිද මං අහන්නෙ? යා...හ් එන්නෙපා ලගට....😲
මේ අතර හතරදෙනෙක් වට වෙලා ටේ ට නෙලනව. ටේ හතර අතට නෙලනව.
මේ අතර තවත් එකෙක් කඩුවක් අරං ජිමින් පස්සෙ එලවනව. ජිමින් car එක වටේ දුවනව. එකපාරටම දුවන එක නවත්තපු ජිමින් උඩ පැනල පිටිපස්සෙන් ආපු එකාට කික් කලා. එකපාරටම වෙච්ච දේ හිතාගන්න බැරිවෙච්ච මනුස්සය තවත් දෙතුන්දෙනෙක් පෙරලගෙන බිම ඇදගෙන වැටුන.
මේ අතර එක පාරට ම පිටිපස්සෙන් ආව උස මහත ශරීරයක් තියෙන මනුස්සයෙක් ටේ ගෙ බෙල්ල වටේ අත දාල හිර කරල අල්ලගත්ත. ටේ එහාට මෙහාට දැඟලුවත් ඒ මනුස්සය එක්ක හැරෙන්නවත් බැරි උනේ දඟලන්න දඟලන්න ඌ අත බෙල්ලට තවත් හිර කරපු නිසා. මේක දැක්ක ජිමින් ටේ ගෙ පැත්තට දුවගෙන එන්න හැදුවත් පාර
තවත් මැරයො දෙන්නෙක් පාර හරස් කරල ජිමින්ව වැලැක්වුව. එතකොටම පිටිපස්සෙන් ආපු මැරයෙක් යකඩ පොල්ලකින් ජිමින්ගෙ ඔලුවට ගැහුව.
මේක දැකපු ටේ ට කෑ ගහන්න ඕන උනත් කටින් වචනයක් වත් පිට කරගන්න බැරි තරමට හුස්ම හිර වෙච්ච ටේ තමන්ගෙ උපරිම ශක්තිය යොදල අර තමන්ගෙ බෙල්ල හිර කරගෙන උන්න මිනිහගේ අත බුරුල් කරල ලේ එන්න ම හැපුව. මර හඬ දීල කෑ ගහපු ඒ මිනිහගෙ අනාගතේ අඳුරු වෙයි කියල හිතන්න පුලුවන් තරං සැර පාරක් දීපු ටේ හැරුනෙ ජිමින් හිටපු පැත්තට. එතකොටම ටේ දැක්කේ ලේ විලක් මැද වැටිල උන්න ජිමින්ට මිනිස්සු පස් හය දෙනෙක් වට වෙලා පයින් ගහන ආකාරය. මාරයා ආවේෂ වෙච්ච ටේ ජිමින් ලගට යන්න හදද්ම ටේ ට දැනුනෙ පිට මැද්දෙන් හිරි වැටිල ගියා වගේ feeling එකක්. ඒත් එක්කම දරා ගන්න බැරි වේදනාවක් පිට දිගේ පහලට යද්දී ටේ හැරිල බැලුව. එයාට දකින්න ලැබුනේ තමන්ගේ ලේ වලින් නෑවිලා තියෙන කඩුවක් අතේ තියන් උන්න මැරයෙක්ව.
මේ අතර රැ දොලහත් පහුවෙලා නිත්‍ය ට නම් නින්ද අහලකටවත් ආවෙ නෑ. ආදි නම් උන්නෙ මර නින්දේ. නිත්‍ය ඇඳේ අයිනකින් ඉදගෙන phone එක දිහා බලාගෙන උන්නෙ ටේ ගෙන් msg එකක් එනකන්. පරිස්සමෙන් ගෙදර ගියා කියල. වතුර ටිකක් බොන්න කියල හිතාගෙන kitchen එකට ආව නිත්‍ය glass එක අතට අරන් හැරෙද්දිම පුටුවක අත වැදිච්ච නිසා නිත්‍ය ගෙ අතේ තිබ්බ glass එක බිම වැටිල කුඩු වෙලා ගියා. මේ අතර නිත්‍ය ගෙ ඔලුවට ආවෙ එකම දෙයයි.
🧡: අරේ භගවාන් taehyung ල පරිස්සමෙන් ගෙදර යන්නැති නේද? 🥺
වීදුරු කෑලි ටික අස් කරන්න බිමට නැවුන නිත්‍ය එක පාරටම අත අහකට ගත්තෙ වීදුරු කෑල්ලකට ඇගිල්ලක් කැපුන නිසා. ඉක්මනට room එකට දුවගෙන ආව නිත්‍ය taehyung ට call කරන්න ගත්තෙ මූසල හැඟීමකින් හිත පිරිල ගිය නිසා.
කොහොම ද ලමයි. 😁
මං බැලුවෙ ටේ වයි ජිමින්වයි මරල කෙල්ලො දෙන්න ම කුකී ගෙ කරේ එල්ලන්න. හොදයි නේද? 😅
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා
Commentකරගෙන යන්න ලමයි. මේ Chapter එක ගැන මොකද හිතෙන්නෙ කියල. මං ආසයි comments කියවන්න. 🥺❤
ඔය පහලින් තියෙන තරුවත් ඔබං යන්න හොදේ. 😁❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top