🚘Challo Driver 19🚘

උදේ පහට එලාම් එක තියල නැගිටපු ටේ නිදි මරගාතෙ ඇවිදගෙන ගියේ ජිමින් ගෙ room එකට. වෙන මොකකටවත් නෙවේ එයාව නැගිට්ටන්න. වෙනදට හතත් පහුවෙලා නැගිටින ටේට ජිමින් ව නැගිට්ටන්නම එයාටත් කලින් නැගිටින්න සිද්ධ උනා.
ටේ එනකොට ජිමින් නං ගොරෝ ගොරෝ නිදි.

💜: ජිමිනා....wake up...😐
ජිමිනා....නැගිටින්න.....
ජී....මී...නා.....නැගිටපන්....මම තොට ආය කියන්නෑ.....🤬

🐣: මොකද යකෝ කෑ ගහන්නේ...මේ මහ රැ😴 නිදාගන්න දීපන්

💜: තොට ඕන ගෙදර හැමෝටම පේන්න මේ uniform එක ඇදන් එලියට බහින්න ද ?🙄 නැගිටපන් බූරුවා😡

🐣: හරි හරි හපෝ.....😒

ටේ ජිමින් ගෙ room එකට ඉස්සරහට වෙලා බලන් උන්නෙ ජිමින් ඇදගෙන ඉවර වෙලා එලියට එනකන්.
එතකොටම පිටිපස්සෙන් ඇහිච්ච කටහඩ 😐

🐰: හියුන්ග් good morning 😃

ඔව් ඔව් ඒ වදකාර ජන්කුක් තමයි හිතවතුනි....😁

💜: ආ....හ්.. .මේ good morning කුක් 😁 මොකද මෙ උදේ පාන්දර නැගිටගෙන 😒

🐰: මම මේ පොඩි ගමනක් යන්න කියල😁 ඒක නිවී හියුන්ග් මොකෝ ජිමින් හියුන්ගෙ room එක ඉස්සරහ කරන්නේ...🤔

💜: ආ...මම මේ...(මූට මොකටද ඒක..යනවකෝයි වදයක් නොවී😒)
මගේ bathroom එකේ වතුර එන්නෑ....මොකක් හරි අවුලක්.
මම මේ ජිමින්ගෙ bathroom එක use කරන්න කියල ආවේ...ජිමින් ඇදුමක් දාන් එලියට එන්නං කිව්ව. ඒකයි මෙතන උන්නේ....

🐰: ආ..වතුර කපලද? එහෙම වෙන්න විදිහක් නෑ නේ. මං මේ දැන් ගිහිල්ල ආවේ😐
මගේ bathroom එකට යන්න හියුන්ග්
හදිස්සි නං. 😊

💜: ආ... නෑ හදිස්සියක් නෑ...මල්ලි කොහෙද යන්නේ? 😁

🐰: ආ මම මේ යාලුවෙක් එක්ක ඇවිදින්න යනව. 😁

💜: උබට කොහෙන්ද මෙහෙ යාලුවො🤨

🐰: හියුන්ග් දන්නෑ...අලුත් යාලුවෙක් 😁 මන් පස්සෙ කියන්නං කො😏

💜: කෙල්ලෙක් ද 😏

🐰: bye හියුන්ග්...

ජන්කුක් ෂේප් එකේ මාරු උනා.

💜: ඒ කෙල්ලෙක් නේද...කියල පලයං 😃 ඒ කුකා.. ( නෙදකින්..අවුරුදු දහයක් තිස්සෙ මෙහෙ පැලපදියං වෙලා එක කෙල්ලෙක් ටෝක් කරගන්න බැරුව ඉන්නව. ඒකට මූ...😒 ඇවිත් සති දෙකක් ගියෙනෑ කෑල්ලකුත් සෙට් කොරං)

මේ අතර ජිමින් දොර ඇරගෙන එලියට ආව.

🐣: මොකද යකෝ කෑ ගහන්නේ...

💜: කුකා කොහෙද ගියා...😏

🐣: මේ උදේ පාන්දර 😳

💜: කෙල්ලෙක් බලන්න ද කොහෙද😒

🐣: මොහ්...මොන කෙල්ලොද මූට😳

💜: දන්නෑ බං අපි දිහා තමා වැදිරියෙක් වත් බලන්නැත්තේ🙄

🐣: දුක් වෙන්න එපා කොල්ල අපි කොහොම හරි උබේ වැඳිරි ව කැමති කරවගමු😌

ජිමින් ටේ ගෙ උරහිස ට අත තියල සීරියස් මූඩ් එකෙන් කිව්ව 😅

💜: හම්..😔 මොහ් මොකක් කිව්ව...🤬 තෝ මගෙ නිත්‍යාට වැඳිරි කියන්න...වදුරු කොටා...ඔහොම හිටපන්..🤬

ජිමින් පඩිපෙල බැහැගෙන දුවගෙන යද්දි ටේ පස්සෙන් එලවගෙන ආව. ජිමින් වාහනේට නැගල ලොක් කරගත්ත. ටේ දුවන එක නතර කරල ජිමින් වාහනේ එලියට ගන්න දිහා බලන් හිටිය. ජිමින් හස්ත සංඥා වලින් සුභ පතන්න ටේ අමතක කලේ නෑ. මේ අතර ජිමින් දැක්කෙ ආදි ගෙන් ඇවිල්ල තිබ්බ miss call ගොඩ.

🐣: මේ මොකද මේ...🤨 තව වෙලා තියනව නෙ ....පිස්සුද මන්ද මේකිට ඊයෙ රෑ ඉදන් අරගෙන. 🤔 යන්නෙ නැද්ද දන්නෑ. කමක් නෑ මම ගිහින් යන්නෙ නෑ කිව්වොත් මට පෙන්නන්න පුලුවන් කාටද වගකීමක් නැත්තෙ කියල.

ජිමින් ආපිට call එකක් ගන්නෙ නැතුව ම පිටත් උනා. ආදි share කරපු location එකට ආව ජිමින්. ආදිට call එකක් ගත්ත. මේ අතර ආදි නම් හිටියෙ ලොකු ප්‍රශ්නෙක. 😐

Adithya provide ❤

මං jimin sir ව ගෙදරින් drop කරල කා එක park කරල යතුර භාර දෙන්න එනකොට ඉස්සරහට හම්බ උනේ ජන්කුක් ව.

🐰: හායි ආදී....කොහොම ද අද දවස?🙂

❤: හොදයි..😊

🐰: ඕ...මේ අපේ හියුන්ග් ඔයාට බනිනවද? නෑ නේ 🤨

❤: අනේ නෑ...🙂 (නොබැන ඉන්න වෙලාවක් ගැන මට මතක නෑ)

🐰: එහෙනං කමක් නෑ😁 හෙටත් එනව නේද ?

❤: හෙට මගෙ නිවාඩු දවසනේ ජන්කුක්

🐰: ආ.. නිවාඩු ද ? ආදි නිවාඩුවට මොකද කරන්නේ...😃

❤: හෙට නං මම නැන්දයි මාමයි එක්ක
ඇවිදින්න යන්න හිතන් ඉන්නෙ දිල්ලි වල 🙂

🐰: වා.....ව්...දිල්ලි වල..අනේ මාවත් එක්කන් යන්න කෝ😃

ඕක තමා ඉතිම් මම වැටිච්ච ලෝක අමාරුව. 🥲

❤: අනේ.... මම කොහොමද ඔයා එක්ක යන්නෙ...🙂

🐰: ඇයි බැරි මාව එක්ක යන්න. 😐

ජන්කුක් පොඩි එකෙක් වගේ අත් දෙකත් පපුවට බැඳගෙන ඇහුව.

❤: මගෙ නැන්දයි මාමයි ඔයාව දන්නෙත් නෑ නේ. අනික පිරිමි ලමයෙක් එක්ක ගියොත් මොනව නොහිතයි ද 🥲

🐰: මොනව හිතන්න ද මම යාලුවෙක් කියන්න.

❤: අනික එයාල දන්නෑ මම driving ජොබ් එකක් කරන්නෙ කියල.

🐰: ඇයි ඒ🤨

❤: ඒක ඔයාට වැඩක් නෑ නේ...
ඔයාව මම වෙන දවසක එක්ක යන්නං.

ආදි ජන්කුක් ට එහෙම කියල යතුර තියනන්න Bungalow එකට ගියා..මේ අතර ජන්කුක් නං වද දිදී දුවගෙන එනව.

🐰: අනේ..අනේ..මොකක්ද අනේ...මම කරදර කරන්නෑ...සත්තයි 😐

❤: බෑ බෑ...

🐰: මං වද දෙන්නෑ...ප්ලීස්...මාවත් එක්කන් යන්නකෝ...මේ ගේ ඇතුළට වෙලා ඉදල එපා වෙලා...අනේ....

එතකොටම තමා ආදිට යි ජන්කුක් ටයි
Park සීයවයි jeon සීයවයි ඉස්සරහට හම්බ උනේ...ජන්කුක් නං තාම දැක්කෙ නෑ.

🐰: අනේ අනේ..මොකක්ද මාහ්..වහ් එක්කකහ්න්...යන්නෝකෝ....😭

👨‍🦳: ආදී....

❤; daada ji 😐

👨‍🦳: මොනාද ජන්කුක් කියන්නේ...🙂

❤: ආ...මේ....

🐰: අනේ සීයෙ මාවත් එක්කගෙන යන්න කියන්න දිල්ලි බලන්න. ☹

👨‍🦳👴: දිල්ලි බලන්න. 😳

🐰: මෙයා හෙට යනවලු☹

❤: අනේ මේ බොරු daada ji 🙄

🐰: බොරු නෙවේ ඇත්ත 🥺

👴: දැන් ඔයා කොහෙද යන්න හදන්නෙ කුකී...?

🐰: මටත් යන්න ඕන😐

👨‍🦳: ඔයා හෙට කොහෙද යන්නෙ ආදි?

❤: family trip එකක් daada ji🥲

ආදි ජන්කුක් ට රවන ගමන්ම කිව්ව.

👴: family trip එකක් නං ඔයාට යන්න බෑ නේ කුකී...

🐰: ඇයි මට බැරි.☹මම මුලු දවසම මේක අස්සට වෙලා උන්න. හියුන්ග් ලට වෙලාවක් නෑ මාව කොහෙවත් එක්ක යන්න. 😐

👨‍🦳: ආදි ඔයාට පුළුවන් නම් මෙයාවත් එක්ක යන්නකෝ. පව් නේ... මම වාහනයක් දෙන්නම්.

❤: ආහ් ඕන්නෑ daada ji. වාහනයක් තියනව. 🥲 මං එක්ක යන්නං😁🥲

(මදැයි කොලා...මං ජිමින්ට මොනව කියන්නද? මේ හා දතා එක්ක මුකුත්ම කරන්න බෑ. වදකාරයා.. මූ ජිමින්ව මුනගැහුනොත් ජිමින්ට මයි හොද නැත්තේ. මං මොකද කරන්නේ....අරේ භගවාන් plz help me 🙄🙏)

ආදි ගෙදර ගිහිල්ල කලේ එක දිගටම ජිමින්ට calls ගන්න එක. ඒත් jimin ගෙ phone එක silence දාල තිබ්බේ.

❤: ෂිට්...මේ ගැන ටේ ට කියන්නත් බෑ..
එයා දන්නෙ නැතුව ඇති. මන් මොකද කරන්නේ... ජිමින් උදේ ආව ගමන්ම හරවල යවන්න තියෙන්නේ ජන්කුක් දකින්න කලින්...😐

































මං කිව්වෙ ලමයි. ජන්කුක් වද දෙන්න පටන් අරන්🤣💔

පව් ආදි & ජිමින් 🥲

















































Bạn đang đọc truyện trên: AzTruyen.Top