🚘Challo Driver 16🚘
සිකුරාදා හවස සුපුරුදු පරිදිම ආදි ජිමින්ව ගෙදරට ගෙනත් ඇරලුවා. ජිමින් car එකෙන් බහින්න හදද්දිම
❤: මතකනෙ deal එක 😏
🐣: කොහෙටද? කීයටද ? 😏
(මුන් දෙන්න යකෝ..🤣💔 මිනී මැරුමක් කරන්න යනව වගේ නේ 🤣)
❤: උදේ හය වෙද්දි දේව්රාජ් ෆ්ලැට්ස් වලට ඇවිත් ඉන්න. 😌 ඇවිල්ල මට call එකක් දෙන්න.
🐣: උදේ හයට, දේව්රාජ් ෆ්ලැට්ස් okey😌....පො...පොඩ්ඩක් ඉන්න 😳 උදේ හයට...😐
❤: ඔව්..ඇයි බැරිද 😏 බැරිනං කියන්න.
මට තේරුම් ගන්න පුලුවන් ඔයාට කිසිම වගකීමක් ගන්න...🙄
🐣: මට පුලුවන්. ඔය හැකර කට වහගන්නව😡
❤: okey....ආ තව දෙයක්🙂
🐣: ඒ ගමන මොකක්ද?🤨
❤: Uniform එකක් ඇදන් එන්න.
මම ගෙදර අයට කිව්වෙ cab service එකකින් රෙන්ට් එකට ගන්නෙ කියල.🙂
🐣: oh shit 😡 මම කවුරු කියලද හිතන් ඉන්නේ ආ....😤
❤: ආ කමක් නෑ.. මම cab එකක් කතා කරගෙන යන්නං. ඔයාට වගකීමක් ...
( ඔය වචනෙත් ඇති )
🐣: නෑ මට පුලුවන්. මම එනවා. 😡
❤: OK. Have a nice day sir. 😁
🐣: බම්බුව තමා😡
❤: 🤣🤣🤣🤣
ජිමින් තරහෙන් පුපුර පුපුර වාහනෙන් බැහැල ගියා. ආදිට නම් හිනා..🤣
ආදි ගෙදර යද්දි එයාගෙ නැන්දයි මාමයි
බඩු ලෑස්ති කරනව හෙට ගමන යන්න. වරුන් ට එන්න බැරි උනත් එයාගෙන් කීයක් හරි කඩා වඩා ගන්න ආදි අමතක කලේ නෑ.
❤: ආ... කට්ටිය ලෑස්ති වෙනව වගේ..😁
👧: ආ දැන්ද එන්නෙ නෝනා...😏
❤: සුට්ටක් පරක්කු උනා තුදු බෝලේ😗
ආදි නැන්දව බදාගෙන හුරතල් වෙනවා.
👧: එහාට වෙනව...උදේ ඉදන් නටල නටල හඩු ගදේ බෑ...යනව ගිහින් wash
දාන් එනවා. 😒
❤: බොරු කියන්න එපා..දවසම AC එකේ ඉන්නකොට මොන හඩු ගද ද ?😒
🧔: ඒකනෙ සන්තෝෂි බොරු කියන්න එපා. අපේ කෙල්ල ලොකු කොම්පැණිය
ක වැඩ කරන්නෙ.. AC එහෙමත් තියනව. 😌
❤: ඒකනෙ හේ හේ..😒😁
🧔: පුතේ ඔයා cab එකකට කතා කලා ද? නැත්තන් මම කතා කරන්න ද ?
❤: එපා එපා Uncle මම කතා කලා.
🧔: එහෙනං ඒකත් හරිනේ...
මේ අතර වරුන් වැඩ ඇරිල ගෙදර ආව.
❤: ආ...මෙන්න මෙයා අද කලින් ඇවිල්ල 🙂
🧑: ආ.. කට්ටිය හෙට ගමනක් යනවලු නේ...මාව හලල😏
❤: තමුසෙව හැලුවෙ නෑ..තමුසෙ තමා උවමනාවෙන් හැලුනේ... නැද්ද සුදු බෝලේ...😏
👧: ඒක තමා...අපි කොහෙ හරි යන්න හැදුවොත් තමා මෙයාටත් ඔඩිට් එකක්
වැටෙන්නෙ 😏
❤: බොරු ඔඩිට්...ඕකුන් ගිය මාසෙන් ආව නේ... ඇයි ඒ මාසෙන් මාසෙට එන්නේ? 😏
🧑: තමුසෙ දන්නෙ මොනවද කියනවකො😒 තාම job එකට ගිහිල්ල සති දෙක තුනයි. 🙄
❤: යැයි යැයි තමා...
🧔: එයාට එන්න බැරි නං නිකන් ඉන්න කියන්න දූ... අපිට අපේ දූ ඉන්නවනේ...
❤: අන්න ඒකයි බඩ බෝලේ...😁😘
ආදි දුවල ගිහිල්ල Uncle ගෙ කර වටේ අත දාගෙන වරුන්ට දිව දික් කලා...😝
🧑: ඕකට තමා කියන්නෙ ඉස්සෙල්ල ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනව කියල...හා..හා...හාරි හාරි...
වරුන් ශේප් වෙලා යන්න හදද්දි ම ආදි දූවල ගිහිල්ල කරේ එල්ලුනා...
❤: එහෙම කොහොමද යන්නේ...කීයක් හරි දීල යනව 😌
🧑: මම යන්නැති ගමන් වලට මම මොකටද සල්ලි දෙන්නේ..🙄
❤: ඒව මට අදාල නෑ... සල්ලි දීල යනව
👧: ඔයා එන්නෙ නැත්තන් සල්ලි දෙන්න.
❤: අන්න දැක්ක නේ.. අම්ම කියන්නේ..
🧑: හරි හරි ඉන්නව ඉන්නව 😒
වරුන් පර්ස් එක අතට අරන් සල්ලි ගනිද්දි ආදි පර්ස් එකට එබුනා...
( අපේ නිවසේ සිදු වන සිදුවීම් 😅)
🧑: මොකද ආ...🤨
❤: මොකද අර දාහෙ කොලේ ඇතුලට ඔබා ගත්තේ...ඒකත් දෙනව 😏
🧑: නෑ නෑ ඔච්චරයි දෙන්නේ😌
වරුන් ආදි අතේ පන්දාහෙ කොලයක් තිබ්බ.
❤: හැපෝ...කුනු ලෝබයා...😒
ආදි පන්දාහෙ කොලේ පලවෙනි වතාවට දැක්ක වගේ දිග ඇරල එහෙ මෙහෙ කරකවනව. 🤣
ආදි නම් කලින් නින්දට ගියේ හෙට වෙනදාටත් කලින් ඇහැරෙන්න වෙන නිසා. ඒත් ජිමින්? 🙂
ජිමින් ට නං නින්ද අහලකටවත් ආවෙ නෑ. නිදි දෙව් දුව ජිමින් එක්ක තරහ වෙලාත කොහෙත 😐 ඇදේ ඒ මේ අතට
පෙරලි පෙරලි උන්න ජිමින් එකපාරටම නැගිටල ඇදෙන් ඉදගත්ත.
Jimin's mind
🐣: මොන මරාලයක් ද මේ?😡
මටත් පිස්සු නේ... 🙄අර කතාවකුත් තියෙන්නෙ මොන මාලුද කෑවනං විදවපන් බලලෝ කියල 😒
මොන මාලුද ඇත්තටම ඒ ? 🤔
මොනව හිතනවද මන්ද මමත්..😡
අර හිගන කෙල්ල...මොනව හිතන් ඉන්නව ද දන්නෑ...මාව driver කරන්න.
ඒකි ආවෙ driver වැඩේට. අන්තිමට මට ඒකගෙ driver වෙන්න උනා.
කොයි වෙලෙත් වගකීම වගකීම හැයි හැයි තමා...පිස්සු හෝන්තුව 😒
Uniform? දැන් කොහෙන්ද කියනවකො
Uniform එකක් හොයන්නේ...
ජිමින් කාමරේ එහාට මෙහාට ඇවිද ඇවිද තනියම කියවනව.
🐣: යා....😃 Kim Taehyung 😃
මගේ soul mate. මගේ ගැලවුම් කාරයා...මගේ..පාප මිත්‍රයා...
ඔයා විතරයි පිහිටට ඉන්නේ....
පියා පත් සලා මම ඔබ සොයා එමි රැයේ...😃😘
ඔන්න ලමයි ජිමින් මේ මහ රැ Taehyung හොයන් යනව උදව්වක් බලාපොරොත්තුවෙන්....
එයාට උදව්වක් ලැබෙයි ද?
ඊයෙ update එකක් දෙන්න හිටියට දෙන්න බැරි උනා ලමයි. මගෙ තාත්ත අසනීප වෙලා hospital admit කලා.
Vaccine එකේ තුන් වෙනි මාත්‍රාව විදපු නිසා ආව පේන් එකක්. ඒක නිසා ඊයෙ දවසම උන්නෙ hospital එකේ. අද උදේ ආවේ.
මම දවසට chapters දෙකක් දුන්නත් අද දෙන්න බැරි වෙයි. මොකද මෙහාට power cut. මගෙ phone එකේ battery low. Current ආව ගමන් තව එකක් දෙන්නම් ❤
Vote කරන්න ❤
Comment කරන්න ❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top