🚘Challo Driver 14🚘

Jimin office එකෙන් එලියට ඇවිල්ල විනාඩි පහක් විතර බලන් උන්නත් වාහනේ ආවෙ නෑ. වෙනදට නං ජිමින් එලියට එද්දි ආදි car එක office එක ඉස්සරහ නවත්තගෙන ඉන්නව නේ. ජිමින් කියන්නෙ ඉවසීමක් නැති කෙනෙක්. බැරිම තැන ජිමින් ආදිට කෝල් එකක් ගත්ත. කෝල් එක answer නොකරපු නිසා ජිමින් car park
එකට ගියේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. යනකොට වාහනේ තියනව. ජිමින් ෂටර් එකෙන් ඇතුල බලද්දි ආදි කට කපල නිදි. ජිමින්ට අසූ හාරදාහට කේන්තියි. දෙතුන් පාරක් ෂටර් එකට තඩි බාද්දි ආදි ඇහැරුනා. එතකොටම ආදි දැක්කෙ මාරයා ෂටර් එක ලග හිටගෙන ඉන්න ආකාරයයි. (මට ඔයා ගැන දුකයි ආදි )

❤: (හම්මට සිරි සදේ සන්තෝෂි ලිදේ කිව්ව ලු. මේ හෝ හපුට්ටා මොකද මෙතන කොරන්නේ....😳)

ආදි ලොක් එක ඇරියම ජිමින් දොර ඇරල පිටිපස්සෙන් ඉදගත්ත. ආදි Car එක start කරන්න හදද්දි,

🐣: නවත්තනවා😡

❤: ඇ..ඇයි sir ?😐

🐣:තමුසෙගෙ phone එක කොහෙද තියෙන්නෙ ආ ? 🤨

❤: මේ..කොහෙහරි තිබුනා.....😐
ආ...මේ තියෙන්නේ...😃

🐣: දැන් බලනව මම ඕකට calls කීයක් ගත්ත ද කියල 🤨

❤: ම්...පොද්දක් ඉන්න....🙂
ම්...12 යි😁....හෑ...හ් 12 ක් අරන්🥲

🐣: දැන් වෙලාව කීයද කියල කියනවකෝ 😡

❤: 5 යි කාලයි.

🐣: තමුසෙ කොච්චර පරක්කුද?

❤: පැය කාලයි. Sorry sir. නින්ද ගියා.

🐣: sorry කිව්වම ඔක්කොම හරිද?
තමුසෙල වගේ 3rd class මිනිස්සු මට පේන්න බෑ අයිසෙ. 😡 කාලෙ කනව. වෙලාවට වැඩ කරන්න බැරි නං අයින් වෙලා යනව. අපිට පව් නොදී...😡 කිසිම වගකීමක් නෑ..

(ජිමින් ඔයා වැරද්දක් තමා කලා...)

❤: හහ්...Mr. Park Jimin තමුන් මම කවුරු කියලද හිතන් ඉන්නෙ ආ...
මම කීයටද දන්නවද නැගිටින්නෙ...😡
උදේ හතරට නැගිටල, උදේ කෑම උයන
ලෑස්ති වෙලා උදේ 6 වෙද්දි තමුන් ගෙ ගේ ඉස්සරහ හිටගෙන ඉන්නව. ඒත් තමුන්....😡 තමුන්ට නැගිටින්නෙ 6.30
ත් පහුවෙලා. තමුන්ව නැගිට්ටන්න ගෙදර සර්වන්ට්ස් ල ඕන තරන් ඉන්නව. අපිට එහෙම නෑ. අපි එලාම් තියල නැගිටින්න ඕන. අපි දන්නව නැගිටිටෙ නැත්තන් රස්සාව ගහල යනව කියල. දැන් කියනව තමුන්ට ද වගකීමක් නැත්තෙ අපිට ද?😡

🐣: මේ අහනව..🤨

❤: කට වහගෙන අහගන්නව 😡 අර මොකක්ද 3rd class කතාව... තමුන් කොහොමද කියන්නෙ මම 3rd class කියල. පොඩ්ඩක් වාහනේ නින්ද ගිය නිසා ද? තමුන් දැන් කතා කරපු විදිහ බලනවකො. පොලේ බඩු විකුණන වට්ටි අම්ම කෙනෙක් වගේ.

🐣: මොකක් කිව්ව...😡

❤:මම 3rd class නං හොයා ගන්න එකයි ඇත්තෙ high class driver කෙනෙක්.තමුන්ට drver කෙනෙක් ගෙ වගකීම ගැන හිතන්නවත් පුලුවන්ද?තමුන් දන්නෙ radio එක දාන්න එපා. AC වැඩි කරන්න. හෙමින් යනව. හයියෙන් යනව. කිය කිය අණ දෙන්න විතරයි. මෙන්න ගන්නවයතුර.නමස්තේ...bye....🖐

ආදි car එකේ key එකත් ජිමින්ට විසික් කරල බැහැල ගියා. Jimin නම් තාම confused. 😅 ඒත් jimin නම් පරාජය භාර ගන්න සූදානමක් නෑ. ජිමින් driving sheet එකට ඇවිත් car එකත් අරන් ආදි යන දිහාවට ගියා. ආදි ලගින් නවත්තපු ජිමින් shutter එක පාත් කරල ,

🐣: ඒහ් නගිනව.😒

❤: මට බෑ. 🙄

🐣: නගිනව ඕයි වදයක් නොවී...😡

❤: ඔය ලස්සනට drive කරන්නෙ...😏
ඔහොම්මම යන එකනෙ ඇත්තේ...

🐣: තමුසෙව දාල යන්න බෑ...😒

❤: ඇයි? 🤨

🐣: සීය මගෙ ඔලුව කයි...නගිනව 😡

❤: වැදගත් විදිහට කතා කලොත් හිතල බලන්නං. 😏

ආදි ඇවිදගෙන යනව. ජිමින් slow කරගෙන ආදි ට සමාන්තරව යනව😅

🐣: හරි හරි නගිනවකො😒

❤: බෑ....😛

🐣: හරි නගින්නකො 😒

❤: හරි😏

ආදි පිටිපස්සෙ දොර අරිනකොට ම ජිමින් කෑ ගහනව.

🐣: මම driver ද ? එනව ඉස්සරහට😡

❤: මොකක්ද?🤨

🐣: මම driver නෙවේ නෙ උත්තමාවිය.
ඉදිරි පස අසුනෙට වඩිනු මැනවි 🙄

❤: 😂😂

ආදි ඉස්සරහ ෂීට් එකෙන් වාඩි වෙලා
ෂීට් බෙල්ට් එක දාගත්තා. ඒත් jimin නම් යන පාටක් නෑ.

❤: යමු.😐

🐣: තමුන් මොකක්ද ඉස්සෙල්ල කිව්වෙ? මම දන්නෙ නෑ කිව්ව driver කෙනෙක් ගෙ වගකීම. මම වගකීමක් නැති කෙනෙක් කිව්ව නේ...🤨

❤: ඔව් ඉතින් ඒක ඇත්ත නේ..🙄

🐣: මටත් පුලුවන් වගකීමක් ඇතුව වැඩ කරන්න.

❤: අනේ ඇත්තට..😂

🐣: Challenge කරනවද 🤨

❤: ඔව්...😌

🐣: තමුන් දෙන ඕන Challenge එකක් මම භාර ගන්නව. 😌

❤: ඇත්තටම 😳

🐣: ඔව්..

❤: pinki Promise 😃

ආදි අත දික් කරගෙන ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නව ජිමින් දිහා.
ජිමින් ආදි ගෙ අත දිහා බලන් ඉන්නව. ආදිට ලැජ්ජ හිතිල අත ගන්න යද්දිම jimin ආදි ගෙ අත ඇදල හයියෙන් අල්ල ගත්ත.

🐣: pinki Promise. 😏
මොකක්ද Challenge එක ?

❤: මගේ අත...😐

🐣: ආ...sorry...🥲

❤:ඔයා දවස් දෙකකට මගෙ driver වෙන්න ඕනේ...සමජ්ලියා...🤨

🐣: ඕහ්...දවස් දෙකයි ද? 😏😅

❤: ඔව්..මේ weekend එකේ..
මමයි මගේ නැන්දයි, මාමයි, අපි weekend එක enjoy කරන්න කියල හිතාගෙන ඉන්නේ. Movie එකක් බලල, පාක් ගිහිල්ල, Shopping කරල.
ඉතින් අපි Cab එකක් දාගෙන යන්න බැලුවෙ. ඔයා ආවම cab එකට දෙන ගානත් ඉතුරුයි නේ..😏

🐣: okey. 😏මම හොද driver කෙනෙක්
කියල ඔප්පු උනොත් තමුන් මම කියන විදිහට වැඩ කරන්න ඕන. සමජ්ලියා...🤨

❤: okey...but ඔයාට හොද driver කෙනෙක් වෙන්න බැරි උනොත්...මට radio එක දාන්න ඉඩ දෙන්න ඕන. තව AC එක අඩු කරන්න දෙන්නත් ඕන.
නපුරු විදිහට කතා කරන්නත් බෑ..okey 😏

🐣: okey deal. 😌.































කොහොමද ලමයි Jimin ට ලැබිච්ච Challenge එක?
කවුරු දිනයි කියලද හිතන්නේ...😅












Comment කරන්න. ❤
Vote කරන්න ❤















Bạn đang đọc truyện trên: AzTruyen.Top