🚘Challo Driver 13🚘

ආදි හිටියෙ ස්කූටි එක පාර අයිනෙ නවත්තෙගන කෝල් එකේ.

📞❤: මොකක්ද අසනීපේ ?🤨

🧡: මාසික දීමනා...🥲

❤: හැපෝ...🙄

🧡: අනේ සත්තලං කියනව නේද?😁

❤: උබ දැන් මට කතා කලේ කොහොමද?🙄

🧡: කටින් 🙄

❤: අන්න ඒ විදිහට උබ බොසාටත් කෝල් එකක් අරං කියපං කො. 😏

🧡: මං ගත්ත. පොර answer කරන්නෑ.😒

❤: taehyung ට ගනින්😏

🧡: අනේ මට බෑ..ඌට ගත්තම දාහක් ප්‍රශ්න. 🙄 ඌ හෙන පැණියා 😅

❤: මට නං එහෙම එකක් පේන්නෑ.
උබට පැණි හලනවද දන්නෑ. 😏

🐰: Excuse me 😐

මේ අතර ආදිව දැක්ක Jungkook දුවගෙන ඇවිත් කතා කලේ උදව්වක් බලාපොරොත්තුවෙන්. පිටිපස්සෙන් ඇහිච්ච කටහඩ නිසා ආදි phone එකත් කනේ තියාගෙනම හැරිල බැලුවා.

❤: yes 🙂

🐰: මම මේ අතරමං වෙලා ඉන්නෙ...
උදව්වක් කරනවද ?

❤Adi's mind

මේ කව්ද යකෝ මේ...😳 උදේ පාන්දර හොල්මනක් වත් ද ? 🥲 මොනව උනත් handsome හොල්මනක්.😍 අර jimin කාරයත් එක්ක සතියයි වැඩ කොලේ..
මට ඔක්කොම උන් කොරියන් කාරයො
වගේ පේන්න අරන් ද කොහෙද?

ආදි කන්න වගේ Jungkook දිහා බලන් උන්නා. මේ අතර ජන්කුක් එයාගෙ අත ආදිගෙ මුන ඉස්සරහින් අරන් ගියේ මේ කෙල්ල තමන්ගෙ මූන දිහා බලන් භය වෙලා වගේ උන්න නිසා. Jungkook කරපු වැඩෙන් ආදි ගැස්සිලා බිම බලා ගත්ත. මේ අතර line එකේ හිටපු නිත්‍යා,

🧡: Hallow...ආදී......
Hello hello hello.....😲

නිත්‍යා ගෙ කෑ ගැහිල්ල Jungkook ටත් ඇහුනා.

🐰: Oh sorry. එයාට කතා කරල ඉන්න. 😁

❤: ආ...හ් හා...
( හපොයි දෙයියනේ...තවත් හින්දි කතා කරන කොරියන් කාරයෙක් 😲 බැරි වෙලාවත් කොරියාව අපේ රට යටත් කොරගෙනවත් ද ? 🤔එහෙම වෙන්න බෑ නෙ. යුද්ධයක්වත් තිබ්බෙ නෑ නේ 😐 කවුද දන්නෙ අර ලංකාවෙජනාදිපති වගේ අපේ මෝදිත් රටේ කෑලි කෑලි ලියල දෙනවද දන්නෑ නේ )

❤: hello Nithya... I will call you back.
Bye.

🐰: ආහ් බහාන්... අනේ මං ඊයෙ තමා ඉන්දියාවට ආවෙ. මට මෙහෙ පාරවල්
ටිකක් හුරු නෑ. මට කියනවද මුහන්දිරම් රෝඩ් එකට තියෙන්නෙ කොහෙද කියල 🙂

❤: ආ...ඔතනින් කෙලින්ම ගිහිල්ල වමට හැරෙන්න. ඔයා කොහෙටද යන්නෙ🙂

🐰: ඔයා දන්නවද දන්නෑ...Park Bungalow එක. අර Park Industries
වල අයිතිකාරයා ඉන්නෙ. මම එයාගෙ යාලුවෙක්. මන් උදෙන් ජොගින් කරන්න කියල ආවෙ. පාර අමතක උනා නේ.

❤: ඕහ්...ඔයා Jimin sir ගෙ යාලුවෙක් ද ?😃

🐰: yes. ඔයා jimin ව දන්නවද?😃

❤: මේ දිල්ලියෙ jimin ව දන්නැත්තෙ කවුද අනේ...😅 මම තමා jimin sir ගෙ driver. 🙂

🐰: මොහ්...😯 මෙච්චර ලස්සන කෙල්ලෙක්🥲
වාහ්...නියමයි නේ...ඔ..ඔයා දැන් එහෙට ද යන්නෙ? 😃

❤: ඔව්.😊

🐰: එහෙනං මාවත් එක්කගෙන යන්න.

Jungkook ආදි හා කියන්නත් කලින්
ස්කූටි එකේ පිටිපස්සෙන් නැග්ගා.

❤: ඒ...ඒ...ඔය මොකක්ද කරන්නේ...🤨

අනපේක්ෂිත සිදුවීම නිසා ආදි හොදටම බය උනා. ඒත් ජන්කුක් ට
නං ගානක්වත් නෑ.

🐰: ඔයා යන්නෙ Park Bungalow එකටනේ...

❤: ඔව්..🤨

🐰: ඉතින් මාවත් දාගෙන යන්න.

❤: බහිනව.. 😡

🐰: අනේ.... 🥺

ආදි පිටිපස්සෙ ඉන්න Jungkook දිහා බලල කෑ ගැහුවා. ජන්කුක් මූන බෙරි කරගෙන අහිංසක look එකක් දැම්ම.

ජන්කුක් ගෙ මූන දැක්කම ආදිට දුක හිතුනත් නොදන්න කෙනෙක්ව බයික් එකේ දාගෙන යන්න ආදිට භය හිතුනා.

❤: බහින්නයි කිව්වෙ දැන්මම.😡

🐰: ඔ...ඔයාට දුක නැද්ද මාව පාරෙ දාල
යන්න ආ...😐

( Author: මට නං දුකයි 🥲)

Jungkook නං කොච්චර කිව්වත් බැස්සෙ නෑ. ආදිට අසූහාරදාහට කේන්ති ගිහිල්ල හිටියේ.

🐰: තමුන් යන්නෙ Bungalow එකට නං,මම යන්නෙත් Bungalow එකට නං,
දෙන්නම යන්නෙ එකම තැනට නං,
මේ බයික් එකේ තව කෙනෙක් ට යන්න ඉඩත් තියනව නං, මං ආවම මොකෝ වෙන්නේ 🥺

❤: මුලින් බැහැල ඉන්නව කො මොකෝ වෙන්නෙ කියල කියල දෙන්න. 😡

🐰: හරි දැන් කියනවකෝ...

❤: මට අපේ අම්මල කියල දීල තියෙන්නෙ අදුරන්නැති අයව දාගෙන යන්න එපා කියල.😌 ඔයාට අම්ම කියල දීල නැද්ද අදුරන්නැති අය ගෙ වාහන වලට නගින්න එපා කියල.😏

🐰: නෑ...කියල දීල නෑ....😒

❤: අනික තමුන් ඊයෙ නං ඉන්දියාවට ආවේ මෙහෙ මිනිස්සු ගැන දන්නෙ නැතුව ඇති. තමුන් හෝ ගාලා ගිරවෙක් වගේ විස්තර කියවගෙන ගියේ හරියට නම වත් දන්නේ නැති කෙනෙක් ට.

🐰: ඉතින් ඔයා jimin ගේ...😐

❤: ඔහොම්මම ඉස්සරහට ගිහිල්ල
හම්බෙන මුල්ම පාරෙන් වමට හැරෙන්න. ටික දුරක් ගියාම හම්බෙයි
මුහන්දිරම් රෝඩ් එක. එතනින් කෙලින්ම ගිහින් දකුනට හැරුනම Park Bungalow එක පේනවා. 😏 bye bye 👋

ආදි එහෙම කියල bike එකත් start කරගෙන යන්න ගියා. ආදි යන දිහා බලන් හිටපු Jungkook,

🐰: ඒයි යනවද? ෂිට්...😡
නපුරී.... නපුරු යක්ෂනී....
තමුසෙ වැඩ කරන අවසාන දවස අද ....
වෙන job එකක් හොයා ගන්නවා...😲😡 (නපුරු කෙල්ල)

කියල පාර මැද ඉදන් මහ හයියෙන් කෑ ගැහුවා...🤣

ආදි Bungalow එකට ගිහින් පැය භාගයකට ආසන්න උනත් Jungkook ආවෙ නෑ...ආදි jimin එනකන් car එකට හේත්තු වෙලා බලන් හිටිය. ඒත් ආදිගෙ ඇස් දෙක නං තිබ්බෙ Gate එක ලග. Jungkook ව තනියම දාල ආපු එකට ආදි පසුතැවුනා. එතකොට ම තමා jimin ලෑස්ති වෙලා එලියට ආවේ.

🐣: let's go 😌

ආදිට ජිමින් එනව වත් තේරුනේ නෑ. එයා උන්නෙ Jungkook ගෙ සිහියෙන්.

🐣: ආදී...🤨
මිස් ආදිත්‍යා...😡

මෙච්චර වෙලා car එකට හේත්තු වෙලා ගේට් එක දිහා බලන් හිටිය ආදි ගැස්සිලා ගියේ jimin ගේ මියුරු voice එකට.

❤:ආ...ම්.. මේ..Good morning Sir 😐

🐣: මොන සිහියෙන් ද ඉන්නෙ තමුසෙ ආ...😡

මේ අතර ටේ ත් බෑග් එක අරන් එලියට ආවෙ කාවහරි හොයන ගමන්.

💜: මොකද උදේ පාන්දර මේ කෙල්ලට
කෑ ගහන්නේ ආ...🤨

🐣: මේ පිස්සු හෝන්තුව උදේ පාන්දර
මනෝ ගහන් ඉදලා මගේ යකා අවුස්සනවා😡

❤: Mr. Jimin මන් හිටියෙ වෙන කල්පනාවක තමා. ඒ උනාට තමුන්
මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්නව😡

💜: කමෝන් ආදී...😅

🐣: මොනවද තමුසෙ කියන්නෙ ආ...මමද මෙතන බොස් තමුසෙද 😡

❤: තමුන් බොස් උනාට වැඩක් නෑ නෙ කතා කරන්නවත් දන්නෙ නෑ 😏

ආදි ගස්සගෙන ගිහින් වාහනේට නැග්ගා.

💜: 🤣🤣🤣 ඕක තමා මම උඹට කලින්ම කිව්වේ..😏

🐣: උබ මගේ යාලුවද අරකිගෙ යාලුවද කියපන්කෝ 😡 බලපන් කො කට 😡

💜 : උබේ උබේ..🤣 ඒක නෙවේ...කෝ ජන්කුකා?🤔

🐣: ජන්කුකා?... කෝ මූ..අද එනව කිව්ව නේ 😐

💜: කෝල් එකක් දීල බලමු.

Tae phone එක අතට ගද්දිම Jungkook ගේට්ටුවෙන් ඇතුල් උනා. වාහනේට නැග්ගත් ගේට්ටුව දිහා බලන් උන්න ආදිට Jungkook දැක්ක ම තමා හරියට
හුස්ම ගන්න මතක් උනේ...

❤: හ්ම්මෝ...ඇති යන්තං. මං හිතුව
මූ දුර්ලභ ගනයේ හාවෙක් කියල හිතල සත්තු වත්තෙන් ඇවිල්ල අල්ලං ගියා කියල😅

මේ අතර ජිමිනුයි ටේ යි මූනට මූන බලාගත්තේ හති දාගෙන එන Jungkook ව දැකල.

💜: කෙහෙද මනුස්සයෝ ගියේ?🤨

🐰: ආහ්...හාහ්...මංහ්..මේහ්..ඇවීදින්නහ් කීයල ගියාහ්...🥲

🐣: ඇවිදින්න? 🤨
මොකෝ මේ හති? බල්ලෙක් වත් පස්සෙන් එලෙව්වද ? 🤨

💜: ආහ්...මම කියන්න කියල හිටියෙ
මෙහෙ පාරවල් වල හරියට බල්ලො ඉන්නවා. Vaccine කරලත් නෑ. කෑවොත් විනාසයි කොල්ලෝ...😌

එතකොට තමා Jungkook car එක ඇතුලේ හිටපු ආදිව දැක්කෙ. ෂටර් එකත් ඇරගෙන උන්නු නිසා ආදිට එයාල කතා වුන ඒව හොදට ඇහුනා.

🐣: ඔව් හොදේ...තනියම ඇවිදින්න ගියා වගේ නෙවේ...🤨

🐰: බල්ලො නං හම්බ උනේ නෑ.. උදේ පාන්දර පිස්සු බැල්ලියක් නං හම්බ උනා...😏

මෙච්චර වෙලා කොරියන් වලින් කතා කරපු ජන්කුක් හින්දි වලින්ආදිටත් ඇහෙන්න කියල දැම්ම. ආදි නං හිටියෙ මට නෙවේ වගේ.

🐣: ඉක්මනට ලෑස්ති වෙලා එනව යන්න office එකට.

🐰: අද බෑ වගේ හියුන්ග්. මට මහන්සියි. හෙට ඉදන් එන්න ද ? 🙂

🐣: ඕන එකක්. එහෙනං අපි ගියා. 🖐

ජිමින් වාහනේට නැග්ගම ආදි වාහනේ පන ගැන්වුවා. ජන්කුක් ෂටර් එක ලටග ඇවිත් නැවිලා කට කොනින් හිනා වෙලා ආදිට බායි කිව්ව. පිටිපස්සෙ හිටපු ජිමින් මේ සිද්දිය දැක්ක.

🐣: ඔයාල කලින් දන්නවද? 🤨

❤: කවුද?

🐣: Jungkook යි ඔයයි.

❤: න්..නෑ 🥲

🐣: ඔව් නේ දැනගන්න විදිහක් නෑ නේ.
මූ ඊයෙනෙ ආවේ. 🙄

ආදි වාහනේ පාරට දැම්මට පස්සෙ ටේත් එයාගෙ වාහනේ පාරට දැම්ම.










































ඊයෙ chapters දෙකම කොටයි කිව්ව නිසා අද දිග chapter එකක් දුන්නා..
ඒ නිසා comment එකක් දාගෙන යන්න හොදේ...❤



















Bạn đang đọc truyện trên: AzTruyen.Top