🚘 Challo Driver 10 🚘
Jimin weekend එකේ office නොයන නිසා ආදිටත් නිවාඩු ලැබුනා.
ආදි එයාගෙ job එකේ පලවෙනි සතිය
සාර්ථක ලෙස නිමා කරන්න සමත් වුනා.
❤: සෙනසුරාදා.....😃 බලන්න ඒ වචනෙ තියන ලස්සන... වාහ්.
ආදි kitchen එකේ බිත්තියෙ එල්ල තිබ්බ කැලැන්ඩරය දිහා බලන් තනියම
කියවනව. නැන්දා උදේට කන්න පරාට වගයක් හද හද උන්නෙ.
❤: මේ මාසෙට ම සති හතරක් තියෙනව.🤨 ඒ කියන්නෙ සෙනසුරාදාවල් හතරයි, ඉරිදාවල් හතරයි. 😯හතරයි හතරයි අටයි. ඒ කියන්නෙ මට මාසෙට දවස් අටක් සැනසීමෙ ඉන්න පුලුවන් කියන එක.😃
පරාට ටික ප්ලේට් එකට දාපු නැන්ද බලන් උන්නෙ ආදි ඇගිලිත් ගනන් කර කර කැලැන්ඩරය දිහා බලන් තනියම කියවන විදිහ.
👧: මහ පුදුම කෙල්ලෙක් නේ....job එකට ගිහින් සතියයි. නිවාඩු ගනන් කරනව.😅
ඒකට අපි ඒ දවස් වල .....😏
❤: ඕන්න පටන් ගත්ත...🙄
ඒ...ඒ දවස් වල නේ...ඒ මීට අවුරුදු 30 කට විතර කලින්....දැන් මිනිස්සු වෙනස්. අහිංසක අපි වගේ සේවකයන් ගේ ශ්‍රමය සූරා කන්න තමා බලන් ඉන්නෙ...😒 අපි වගේ පීඩිත පන්තියෙ
උන් වෙනුවෙන් හඩනගන්න කවුරුවත් නෑ. අරේ...භගවාන් ජී...ඔයාවත් මේ සන්තෝෂිට කියල දෙන්න මීට අවුරුදු තිහකට කලින් ලෝකෙ නෙවේ දැන් තියෙන්නෙ කියල 🙄
ආදි අත් අහසට දික් කර කර කියවනව.
නැන්ද ට නං හිනා. මේ අතර වරුන් ආවෙ කොහෙ හරි යන්න ලෑස්ති වෙලා.
👦: මොකද අම්ම මෙයා කියන්නෙ?😅
👧: එයා පීඩිත පන්තියෙලු. තාම වැඩට ගිහින් සතියයි. දුක් විදිනව කියන්නෙ😅😅
❤: ඔයා දල්ලෑ මගේ වේදනා....😒
👦: දැන් මොනාද ඔයාගෙ වෙදනා...😅
❤: කියල වැඩක් නෑ...ඔයාට තේරුම් ගන්න බෑ..🙄
👦: මං එලියට යනව..තමුසෙට රෙදි කෑලි ටිකක් ගන්න තියනව කිය කිය නහයෙන් ඇඩුව නේ..එනවද යන්න. 😏
❤: පොද්දක් ඉල්ල...මම සුටුස් ගාල ලැස්ති වෙලා එඥ්ඥං. 😃
ආදි දිව්ව නෙවේ..පියෑඹුවා...මේවගේ
චාන්ස් හැමදාම ලැබෙනවද 😏
මේ අතර Park Bungalow එකේ,
👨🦳: ජිමිනා.....තමුන්ට මං විනාඩියක් දෙන්නං. ඉක්මනට ලෑස්ති වෙලා පහලට එනවා..😡
💜: මොකෙක්ද මන්දන්නෑ සීයා...මූව ලෑස්ති කරනවට වඩා ඉක්මනට මනමාලියක් ලෑස්ති කරතහැකි 😏
🐣: මොකක්ද උඹ කියන්නෙ ආ....😤
ජිමින් පඩිපෙල බැහැගෙන ආවෙ කෑ ගහගෙනමයි. දෙන්නගෙ තරහ එහෙම්මමයි තාමත්. ටේ ගෙ වැඩේ කොයි වෙලෙත් ජිමින් ව අවුස්සන එක.
මේ දෙන්න ඇවිස්සුනාම රුසියාවයි යුක්රේනයයි වගේ තමා. කටින් මිසයිල යවන්නෙ.🤣
💜: දැන් උඹට ඇහිච්ච දේ තමා කිව්වෙ...😏
🐣: කන පලාගන්න ආසද දිගංචියෝ 😡
💜: පලයි කියල තමා බය කොටා...😏
👨🦳: නවත්තගනිල්ල දෙන්නම 😡
මට පරක්කු වෙලා තියෙන්නෙ බූරුවනේ....😤
🐣💜: යා...සීයා...😒
සීයයි, ටේමින් ඩබලයි යන්න හදන්නෙ සීයගෙ කොරියා වල පරන යාලුවෙක් එයාගෙ මුනුබුරා එක්ක ඉන්දියාවට එනවා කිව්ව නිසා එයාව Airport එකෙන් ගන්න යන්න. දිල්ලි වල ට්‍රැෆික් ගැන හොදටම දන්න නිසා තමයි ඉක්මනට යන්න හදන්නෙ. කොහෙද ඉතින් මුන් දෙන්න ලෑස්ති වෙන්න ගියාම කෙල්ලොන්ටත් වඩා අන්තයි නේ...🤣
කොහොමහරි ලෑස්ති වෙලා ජිමින් ජිප් එක අරගෙන ආව. ටේ පිටිපස්සෙන් නගින්න හදද්දි සීයා ටේ පැත්තට තල්ලු කරල පිටිපස්සෙන් නැග්ගා.
🐣: එක්කෙනෙක් ඉස්සරහට එන්න.
මම driver නෙවේ නෙ.😒
ටේත් සීයට රව රව ඉස්සරහින් නැග්ග.
💜: ඇයි කෝ අද උඹේ Driver? 😏
🐣: ආදි අද නිවාඩු.🙄
💜: ආ....දී.....😃 බලන්නකො සීයා....ආදි ලු.....
ටේ කටත් ඇරගෙන මහ හයියෙන් කෑ
ගහනව.
🐣: න්...නෑ😐 මේ ඒ කෙල්ල ගෙ නම...ආදිතයා ද මොකක්ද 🙄 ඒ මගුල් නම කියවන්නත් බෑ...ඒකයි ආදි කිව්වෙ. 😒 උඹ හිතන මගුලක් නෙවේ...
💜: ඉතින් driver කියපන් කො 😏
ජිමින් වාහනේ පාරට ගන්න ගමන් කිව්ව. ටේ හැරිල පිටිපස්ස ශීට් එකෙ හිටපු සීයා දිහා බලල ඇහැක් ගැහුව😉
සීයටත් හිනා...
🐣: මම මගෙ සේවකයන්ට තනතුර කියල කතා කරන්න කැමති නෑ...😏
💜: හාකො හාකො...😅
දිල්ලි ටවුන් එකට එද්දි සුපුරුදු පරිදි
ට්‍රැෆික් එකට මුහුණ දෙන්න jimin ලට
සිද්ධ උනා.
🐣: ශිට්...දැන් ඉතින් පැය ගානක් මෙතන ලගින්න එපැයි 😡
මේ අතර ටේ දැක්කේ.....😯
ටේ දකින්නැත්තේ මොනවද ?
☆ අද දවසේ රන් කාසියක් දිනා ගත හැකි පලමු ප්‍රශ්නය😌
ට්‍රැෆික් එකේ රැදී සිටින විට taehyung දැක්කේ කුමක්ද?
Comment එකක් දාන් යන්න.
හරි උත්තරය දෙන කෙනාට රන් කාසියක් 😅
Vote කරන්න. ❤
Comment කරන්න ❤
පුටුවෙන් වැටෙයි දෙයියෝහ් 🥲
Bạn đang đọc truyện trên: AzTruyen.Top