🚘 Challo Driver 04 🚘

Adhi කෑම මේසෙට ඇවිත් වාඩි වෙද්දි මාමයි, වරුනුයි කෑම කන ගමන් හිටියෙ. වරැන්ට එක පාරටම ආදිව දැක්කම කෑම එකත් හිර උනා. 🤣
ආදි අතට ගත්ත පිගාන පැත්තකින් තියල වරුන් ගෙ පිටට ගගහ හිනා වෙනව😅 නැන්ද වතුර වීදුරුවක් ගෙනත් දුන්නම වරුන් ඒක එක හුස්මට බිව්ව 🤣
( ඔව් මිත්‍ර වරුනි අපි දැන් බලමු වරැන්ට හිස්පොල්ලෙ ගියෙ මොකද කියල 🤣)
( මේ වචනෙ මට හරියටම මීටර් නෑ.. හිස්පොල්ලෙ ද හිස්මොල්ලෙ ද )

❤: බලන්නකො අන්කල් මෙයාට මගෙ
ලස්සන දරාගන්න බැරි වෙලාද
කොහෙද ? 😅😉
🧔: 🤣🤣🤣

👦: ලස්සන නෙවේ බං 😅 මට මුලින්ම
තවුසෙ කෙල්ලෙක් ද කොල්ලෙක්
ද කියල 🤣
❤: kyon?( ඇයි )

👦: දැන් යනව කිව්වෙ Interview
එකකට නෙ ? මොකක්ද ඔය ඇදන්
ඉන්නෙ ආ? 😅
❤: ( දැන් මං මෙයාලට කියන්න ඕනද
මං යන්නෙ driving job එකක
Interview එකකට කියල. 🙄මට
යන්න දෙන එකකුත් නෑ 😒)

👦: මොනවද කල්පනා කරන්නෙ ආ...
ඇදුමක් ගන්න සල්ලි නැත්තන්
මට කියන්න තිබ්බනෙ....🙂
❤: සොරි අයියා...ඔයාට කරදර
කරන්න හිතුනෙ නෑ ඉතින්...

🧔: අහම්...දැන් මොන company
එකේ ද ඔය Interview එක
තියෙන්නෙ?
❤: Park Industrie එකේ.. Nithya
වැඩ කරන්නෙත් ඒකෙ.

🧔: ඒකෙ පඩි එහෙම හොදයි නේද ?

❤: දල්ලෑ...ගිහිල්ල ම තමා දැනගන්න
වෙන්නෙ
👦: ඒක අයිති foreign Company
එකකට නේද ? මං දන්න විදිහට
ඒකෙ CEO foreigner කෙනෙක්.

❤: ඔව්. Nithya කිව්වෙ නං එයා
අවුරැදු 11 ක් විතර මෙහෙලු
ඉදල තියෙන්නෙ. හින්දි හොදට
කතා කරන්නත් පුලුවන් ලු.

🧔: එහෙම ද ?
මට විශ්වාසයි ඔයාට මේ job එක
ලැබෙනව මයි. ඔයා දක්ෂයි.
❤: හේ හේ...😁 ( මං කොහොම
කියන්නද මගේ qualification
වලට කොහෙත්ම ගැලපෙන්නැති
Job එකක් මං තෝරගන්න යන්නෙ
කියල )
.
.
.
.
.
.
.
.
.
.
.
හරියටම උදේ නවය වෙද්දි Nithya
එවපු ලොකේෂන් එකට එන්න ආදිට
පුලුවන් උනේ ආදිගෙ දඩුමොනරෙට
පින් සිද්ධ වෙන්න තමයි. නැත්තන්
දිල්ලියෙ ට්‍රැෆික් එකට අහුවෙලා Interview එක ඉවර වුනාම තමා එන්න වෙන්නෙ. Nithya කියපු විදිහට
නම් Interview එක තියෙන්නෙ Park
Bungalow එකේ.

❤: හිතුවට වඩා මේ ගේ ගොඩක්
ලොකුයි නේ..🙄 සල්ලි ඇති නාන්න.
ඒක නෙ අරකි බැනුන් අහ අහ හරි
වැඩ කරන්නෙ. පඩි හොද ඇති.
දැන් නම් බයෙත් බෑ. මට පුලුවන්ද
මේ වැඩේ කරන්න?

ආදි තනියෙන් කියව කියව ගේට් එක ලගට ගිහින් security ට කතා කලා.
Application එක බලපු security
ගේට් එක ඇරල ආදිව ඇතුලට ගත්ත.
ඇතුලට යනකොට ම ආදි දැක්කෙ දිග පෝලිමක්. ඔක්කෝම හිටියෙ පිරිමි අය.
ඒක දැක්කම ආදිට ට තඩි කෙල ගුලියක් ගිලුනේ මේ job එක හරියන එකක් නෑ කියන සිතුවිල්ලත් එක්ක.
ෆයිල් එකත් තුරුල් කරගෙන පෝලිමේ
පිටිපස්සටම ගිහිල්ල හිටගත්ත ආදි
ඔලුව ඔස්සල බැලුවම දැක්කෙ පේලියෙ
මුලින්ම ඉන්න එකාගෙ ඉදන් තමන්ට ඉස්සරහ ඉන්න එකා දක්වා ඔක්කෝම
තමන් දිහා කන්න වගේ බලන් ඉන්න හැටි.

❤: (ඇයි යකෝ මීට කලින් කෙල්ලෙක්
දැකල නැද්ද 😐 හරි හරි මං දන්නව
මං මං ගොඩාක් ලස්සනයි
කියල.😏 ඒත් ඔහොම බලන එක
හරි ද මං අහන්නෙ )

ආදි කියන්න ගියෙ නෑ. හිතුව විතරයි.

❤: Hi Good morning 😁
ආදි තමන්ගෙ ඉස්සරහ ඉන්න boy ට
කිව්ව. එතකොට මූ උඩ ඉදන් පල්ලෙහාටම බලල 😏

🤡: Good morning
මං හිතන්නෙ ඔයා වැරදි තැනට
ඇවිල්ල තියෙන්නෙ 😏 මෙතන
Interview කරන්නෙ drivers ල.😅

❤: main jaanantee hoon.
( මම දන්නව ) මං ආවෙ ඒක තමා.

🤡: are you seriously? 🤣 ගෑණු කවද්ද
Driving job කලේ? 🤣 ඇරත්
ගෑනුන්ට කවුද driving job දෙන්නෙ
😅

❤:( ආයිෂ් මේ වදුරා උදේ පාන්දර මගෙ
Mood එක කනව 😡) හේයි මිස්ටර්,
තමුන් දන්නැති උනාට මේ ලෝකෙ
Driving ජොබ් කරන ගෑනු
ඕනතරම් ඉන්නව. එයාලට ජොබ්
දෙන අයත් ඕනතරන් ඉන්නව.
නිකන් මට කියල හොම්බ තලා
ගන්නැතුව ඉස්සරහ හැරෙනවා 😡

🤡: මොකක්ද තමුසෙ කියන්නෙ ආ...😡

❤: ඇයි ඇයි මොකද මොකද?😡

🙍‍♂️: ඒයි ඒයි මොකද ඔතන වෙන්නෙ
ආ...?

ආදියි අර Interview එකට ආපු boy රන්ඩු වෙන අතර ගෙදර සේවකයෙක් කියල කියන්න පුලුවන් පිරිමි කෙනෙක්
කෑ ගහගෙන එතනට ආව. ඒ මනුස්සය
කෙලින්ම ආවෙ ආදි ගාවට.

🙍‍♂️: මොකද කෑ ගහන්නෙ ආ..
මෙතන තමුන්ගෙ ගෙදර කියල
හිතුවද ?

( Author: මේ මනුස්සය දන්නව නං
මේ ඉන්නෙ මේ ගෙදර අයිතිකාරයගෙ
අනාගත wife කියල 😏)

❤: මන් ආවේ Interview එකට. මං
මනුස්ස කමට කතා කරාම
මේ මනුස්සය මට බනිනව. 😒

🙍‍♂️: කෝ දෙනව බලන්න CV එක.🤨

ආදි එයාගෙ CV එක අර මනුස්සය අතට දුන්න. පෝලිමේ හිටපු හැමෝම මේ සිද්ධිය දිහා බලාගෙන හිටියෙ. ආදිට ලැජ්ජ හිතුන. ආයෙමත් වැඩකට නැති මිනිස්සු එක්ක කතාවට යන්නෙ
නෑ කියල හිතාගත්ත.

🙍‍♂️: මෙච්චර qualification තියාගෙන
මොකටද driving ජොබ් එකක්
එකක් කරන්න හදන්නෙ?🤨
එතකොට ම අර රන්ඩුවට ආපු බෝයි අර මනුස්සය අතේ තියන ආදි ගෙ CV
එකට එබුනා. ඊට පස්සෙ wtf ලුක් එකකින් ආදි දිහා බැලුවා.

❤: ඔයා කවුද ?

🙍‍♂️: මම මෙතන පියන් කෙනෙක්. 😌

❤: එහෙනන් මම driving job එකක්
කරන්නෙ මොකටද කියන එක
ඔයාට අදාල නෑ. මම ඒක ඔයාලගෙ
Sir ටම කියන්නං 😏

🙍‍♂️: OK 🙄

එහෙම කියාගෙන ඒ මනුස්සය ඇතුලට ගියා. ඒ මනුස්සය කෙලින්ම
ගියේ Mr. Park ගාවට. එතකොට එතන Mr. Park වගේම Tae ත් හිටියෙ
ආපු කෙනෙක් ව Interview කර කර. ඒ මනුස්සය යනකන් හිටපු පියන් Mr. Park එහෙම නැත්තන් jimin ගෙ සීයට
කතා කලා.

🙍‍♂️: sir girl කෙනෙක් ඇවිල්ල ඉන්නව
Interview එකට.
💜: girl කෙනෙක්? 😲
ටේ පුදුමෙන් වගේ ඇහුව.

🙍‍♂️: ඒත් sir....මේ....

🧑‍🦳: මොකක්ද ප්‍රශ්නෙ සිද්?

🙍‍♂️: නෑ sir ඒ ලමයා well educated නෙ

💜: ඉතින් අපි කොහොමත් හොයන්නෙ
Well educated කෙනෙක් වනේ..
මොකක්ද ප්‍රශ්නෙ?🤨

🙍‍♂️: නෑ sri එයාගෙ qualification
වලට කොහෙත්ම driving job
එකක් ගැලපෙන්නෙ නෑ 😐

🧑‍🦳: එයාට එන්න කියන්න.

🙍‍♂️: ඒත් sir තව පෝලිමේ කට්ටිය ඉන්නව නේ...

🧑‍🦳: කමක් නෑ... එන්න කියන්න.

💜: සීයා..😐

🧑‍🦳: ඉන්න ටේ ...අපි බලමු ඇයි මෙයා
මේ වගේ job එකක් තෝර ගන්නෙ
කියල

මේ අතර අර සිද් එහෙම නැත්තන්
අර පියන් දුවගෙන ගියේ ආදිව එක්කන්
එන්න.
.
.
.
.

.
.
.
.
.




ඔන්න අද දවසට chapters දෙකක්ම දුන්න. කතාව දික් ගැස්සෙනව වැඩී වගේ ද ? තව කෙටි කරන්න ද ?
මෙහෙම හොදයි ද? හිතට එන ඒව
ලියන නිසා දිග්ගැසෙන්නව වැඩි වගේ කියල හිතෙනව.

මොකද හිතෙන්නෙ? Comment කරන්
යන්න. වෝට් කරන්න. ❤


























Bạn đang đọc truyện trên: AzTruyen.Top