•• Promise ••

ඒ අහස,ඒ තරු,ඒ හද..ඒ හැමදේම අදටත් ඒ විදිහමයි..ඉමක් කොනක් නැති තුරු වදුල අස්සෙන් හමාගෙන ගිය ළා හුලග පවා ඒ විදිහමයි..අහසම අයිති කරගෙන පායපු පුරහද එදා වගේම සේද වලාකුලු පටලගෙන බලාගෙන හිටියා ඒ ගල් තලාව දිහා..මුලු පරිසරයම වෙනදා වගේමයි..ඒත් එතන හිටපු කීප දෙනාගේ එක වෙනසක් තිබුනා...එදා වේදනාවෙන් පිරිලා තිබුනු ඒ ඇස්වල අද තිබුනේ වෙන මොකක්දෝ හැගීමක්...

නම්ජූන්,යූනා,ජින්,යේරින්,ජිමින්,මීරා,තේයොන්,ජන්කුක්...ඒ වගේම..ජන්ග්මින්...

ඒ හැමෝම මං දිහා බලාගෙන හිටියේ කදුලු ගලාගෙන යන ඇස්වලින්.

ඇස්වල පිරුනු කදුලු බොහොම අමාරුවෙන් තද කරගෙන මං එයාලා දිහා බලලා හිනා වුනේ ඒ ගල් තලාව උඩ නිසලව වැතිරිලා උන්නු කෙනා ලගට ලං වෙන්න හිත හයිය කරගන්න ගමන්..

" කවදහරි දවසක මං මේ ලෝකෙන් යන්නෙත් ඔයා අපි හැමෝවම දාලා ගියපු මේ ගල් තලාව උඩමයි.."

මීට අවුරුදු විස්සකට කලින් එයා කියපු ඒ වචන එයා ඒ විදියටම ඉශ්ට කලා..ඒ ගල් තලාව උඩම,ඒ වගේම දවසක,ඒ වගේම ලස්සන රෑක එයා අපිව දාලා යන්නම ගිහින්..

හද එලිය වැටිලා එලිය වුනු ඒ ගල් තලාවට මං අඩිය තිබ්බේ තියන තියන අඩියක් පාසා මෙච්චර වෙලා තද කරගෙන උන්නු කදුලු පිටාර ගලද්දි..

පියවරින් පියවර ඉස්සරහට යද්දි,ඒ මූණේ ඇදිලා තිබුනු ලස්සන හිනාව පැහැදිලි වෙද්දි, හදවතට දැනුනේ පුදුම සතුටක්..

' අන්තිමට එයා සතුටින්.... '

සීතල ගල් තලාවේ බිම දන නමාගත්තු මගේ ඇස් නතර වුනේ ඒ පියවුනු ඇස්වල..මං හැමදාමත් ආදරේ කරපු ඒ රතු පාට මැණික් කැට වගේ ලස්සන කතා කරන ඇස්..ඒවා අද පියවෙලා..

අවුරුදු විස්සක් පුරා මං ආදරේ කරපු ඒ ඇස්වල අයිතිකාරයා අද යන්නම ගිහින්..ආයෙත් නොඑන්නම..

සැප නින්දක ඉන්නවා වගේ හරිම සැහැල්ලුවෙන් ඒ ගල් තලාවෙ වැතිරිලා උන්නු එයාගේ කලු පාට කබාය අතරින් ඒ කඩවසම් රූපය තව තවත් කැපිලා පෙනුනා..මිට මොලවගත්තු දකුනු අත හරියටම වම් පැත්තේ පපුව උඩින් තියාගෙන හිටියෙ ඒ අතේ ගුලි කරන් උන්නු දෙයක් හදවත ලගින්ම නතර වෙන ගමන්..

අවුරුදු විස්සක් පුරා එයා පණ වගේ රැකගත්තු ඒ ෆොටෝ එක...අන්තිම තප්පරේදිත් ඒ පපුවේ අන්තිම හුස්මත් අයිති වුනේ ඒ ෆොටෝ එකේ උන්නු කෙනාට..

පැත්තකින් තිබුනු එයාගේ වම් අත මං මගේ අත්වලින් අල්ලගත්තේ එයාගේ දකුණු අත ඒ විදියටම හදවත ලගින්ම තියෙන්න ඇරලා..ඒ හදවත හැමදාමත් අන්තිම තප්පරේ දක්වා අයිති උනෙ එයාට..

මගේ ඇස්වලින් වැටුනු කදුලු බින්දුවක් උණුහුම මැකීගෙන යන ඒ කම්මුලක් උඩට වැටුනේ මං ඒ මූන දිහා බලාගෙන ඉද්දි..මගේ දකුනු අතේ ඇගිලි හිමි හිමින් මං ඒ කම්මුලට ලං කලේ සතුටින් යන්න ගිය ඒ ලස්සන මූණට මගේ කදුලක්වත් වැටෙන්න ඕනි නැති නිසා.ඒත් ඒ ස්පර්ශය එක්කම මං මෙච්චර වෙලා දරාගෙන හිටපු හැම දුකක්ම වේදනාවක් ම පිටාර ගලන්න පටන් ගත්තේ මගේ වේදනාත්මක හැඩුම් පරිසරය එක්ක එකතු වෙද්දි..

මගේ සහකාරයා...( mate )මගේ ආදරය..මගේ හැමදේම වුනු එයා..එයා යන්නම ගිහින්..ආයේ කවදවත් නොඑන්නම එයා ගිහින්....
මගේ ඇල්ෆා..

මගේ හෝසොක්......

"හෝබී...."

ඒ මූන දිහා බලාගෙන ජීවිත කාලෙම උනත් ඉන්න පුලුවන් මට.මං ඒ සීතල ඇගිලි මගේ ඇගිලි එක්ක පටලගත්තේ ඇස්වලින් තව තවත් කදුලු කඩන් වැටෙද්දී..

"අවුරුදු ව්..විස්සක් පුරා මේ දවස එන බව දැනගෙන ජීවත් වුනත්..ඔ..ඔයා ඔහොම ඉන්නවා දකිද්දි ම්..මට දරාගන්න බෑ හෝබී..."

"ඔ..ඔයත් එක්කම එන්න මට ක්..කොච්චර ඕනි උනත්..ඒකට මට අයිතියක් න්..නෑ.."

"ආදරේ හරි පුදුමයි හෝබි...ම්..කවදාවත් ලැබෙන් නැති බව දැන දැනත් ම්..මං ඔයාට තාමත්..අ..ආදරෙයි.."

ඇල්ෆා කෙනෙක් ජීවිතෙන් සමු ගද්දි එයාට එයාගේ මේට් එහෙමත් නැත්නම් තමන්ගේ ඔමේගා එක්ක තියන බැදීම සම්පූර්නෙන්ම බිදිලා යනවා..ඔමේගා කෙනෙක්ට ඒක දරාගන්න බෑ.ඒ නිසාම ඇල්ෆා කෙනෙක්ගේ අවසන් හුස්ම හෙලන තප්පරේම උහුලගන්න බැරි තරම් වේදනාවක් විදින ඔමේගාත් වේදනාව දරාගන්න බැරිව මියදෙනවා..ඒත් මං..

ඒත් මං තවමත් පන පිටින්.මොකද හෝබියි මායි අතර බිදෙන්නත් මේට් බොන්ඩ් එකක් තිබුනේ නෑ...මං හෝබිට කොච්චර ආදරේ කලත් හෝබිගේ ආදරේ අයිති වෙන්න නියම වෙලා තිබුනේ මට නෙමෙයි....සද දෙව්දූ මාව හෝබිගේ සහාකාරයා කලාට හෝබිගේ ආදරේ අයිති කලේ වෙන කෙනෙක්ට..

හෝබිගේ ඒ ලස්සන ආදරේ අයිති වුනේ අපි වගේ නරවුර්කයෙක්ට නෙමෙයි.අහින්සක මනුශ්‍ය දුවකට..මේ ලෝකේ හිටපු අහින්සකම ඒ වගේම අවන්කම...ආදරනීයම..ඒ වගේම එඩිතරම කෙල්ලට..

සාරා..

හෝබිගේ ආදරේ අයිති වුනේ සාරාට....දෛවය හෝබිව මට අයිති කලාට හෝබිගේ ආදරේ අයිති කලේ ඒ ආදරණීය කෙල්ල සාරාට.දෛවයට වඩා ඒ දෙන්නගේ ආදරේ ගොඩක් ශක්තිමත් වුනා..ඒ ආදරේට මං මුලින් කොච්චර ඉරිසියා කලත්,වෛර කලත්..ඒ ආදරේ කොච්චර ලස්සනද කියන එක මට තේරුම් ගියාට පස්සේ ඒ දෙන්නා වෙනුවෙන් හෝබිගේ ආදරේ වෙනුවෙන් මේට් කෙනෙක් විදියට අමාරුවෙන් වුනත් එ දෙන්නට මං උදව් කලේ හැමදේටම වඩා මං හෝබිගෙ හිනාව දකින්න ආස වුනු නිසා..ඒ හිනාවේ හේතුව මං නෙමෙයි වුනත් එයා සතුටින් ඉන්න එක විතරයි මට ඕනි උනෙ..එ හිනාව කා නිසා ඇතිවුනත්..

" ලූනා........"

ඒ සීතල සිරුර බදගෙන මං පැය කීයක්නම් ඇඩුවද කියලා මං දන්නේ නෑ.ඒත් සෑහෙන වෙලාවකට පස්සේ මං ඔලුව උස්සලා බැලුවේ මට කතා කරපු ඒ හුරු පුරුදු කට හඩ නිසා...

" යුන්ගී..එන්න.අපි යන්න ඕනි..." නම්ජූන් කිව්වේ මන් ගාව බිමින් වාඩි වෙන ගමන්.. " අපි ඇල්ෆාව කණ්ඩායමට අරන් යන්න ඕනි යූන්ගී....හැමෝම බලන් ඉන්නවා එයාලගේ නායකයාට අවසන් ගෞරව කරන්න....ඒ වගේම..එයාලගේ අලුත්ම ඇල්ෆාව රජ කරන්න..."

නම්ජූන් එහෙම කියලා පිටිපස්ස හැරුනේ අපි දිහාවට එන තරුණයා දිහා බලන ගමන්..

ජන්ග්මින්..

එහෙමත් නැත්නම් හෝබිගේ පුතා..

ඔව්..හෝබිගෙ පුතා..මේ ගල් තලාව උඩ නිසලව වැතිරිලා ඉන්න ඒ ආදරණීය මනුස්සයගේ ලේ වලින් උපන් ජීවිතය..ඒත්..

ඒ මගෙයි හෝබිගෙයි ලේවල එකතුවක් නෙමෙයි..
හෝබිගෙයි එයා තුරුල් කරගෙන ඉන්න ෆොටෝ එකේ ඉන්න කෙනාගෙයි ලේවලින් ඉපදුනු ජීවිතය....

මීට අවුරුදු විස්සකට කලින් ආදරේ වෙනුවෙන් මේ ගල් තලාව උඩදිම තමන්ගේ ජීවිතය දන් දීපු හෝබිගේ ආදරය වුනු කෙනාගේ ලේවලින් ඉපදුනු ජීවිතය....

හෝබිගෙයි සාරාගෙයි පිවිතුරු ආදරයේ සංක්කේතය වුනු ජීවිතය..

ජන්ග්මින්..

හෝබිගෙයි සාරාගෙයි ආදරේ ලස්සනට ගලාගෙන යද්දි හෝබිගේ නමින් තවත් ජීවිතයක් සාරාගේ කුසේ පන ගැහෙන්න ගත්තේ හැමෝගෙම හිත් සතුටින් පුරවන ගමන්..ඒත් ඒ සතුට වැඩිකල් තිබුනෙ නෑ..මොකද මනුශ්‍ය කෙල්ලෙක් වුනු සාරාට ශුද්ධ ලේ ඇති ඇල්ෆා කෙනෙක්ගේ දරුවෙක්ට උපත දුන්නයින් පස්සේ එක මොහොතක්වත් ජීවත් වෙන්න ඉඩක් නෑ කියලා හැමෝම දැනගත්තා..හැමෝටම සාරාව බේරගන්න ඕනි වුනත් සාරාට ඕනි උනේ එයාගේයි හෝබිගෙයි ලේවලින් පන ගැහෙන ඒ චූටි බබාව මේ ලෝකෙට ගේන්න..ඒ නිසාම හැමෝගෙම කදුලු අතරේ මේ ගල් තලාව උඩදිම ජන්මින්ව මේ ලෝකෙට බිහි කරපු සාරා ජන්මින්ගේ චූටි නලලින් හාදුවක් තියලා ඒ කිරිකැටියව පපුවට තුරුලු කරගෙන හෝබිගේ අත් දෙක උඩම අවසන් හුස්ම හෙලුවේ ලස්සන හිනාවක් මුවේ රදවගෙන..ඒ දවසේ ජන්මින්ව මගේ අත් දෙකට අරගෙන සාරාගේ නිසල සිරුර ගාව වැලපෙන හෝබිව පැත්තකින් තුරුල් කරගත්තේ ඒ අහින්සක ජීවිත දෙකට පුලුවන් තරම් ආදරේ දෙන්න මටම පොරොන්දුවක් වෙන ගමන්..

හෝබිගේ නිසසල ශරීරය ගාව දන නමාගෙන ඉන්න මං ගාව නතර වුනු ජන්ග්මින් මං ගාවම වාඩි වෙලා මාව ඒ ශක්තිමත් සිරුරට තුරුලු කරගත්තේ හෝබිගේ ඇගිලි එක්ක පැටලිලා තිබුනු මගේ අත එයාගේ අත්වලින් තදින් අල්ලගන්න ගමන්..ඒ හදවතේ කොච්චර ලොකු දුකක් තිබුනත් එයා ඒ දුක හන්ගගෙන හැමදේම දරාගෙන ඉන්න හැටි හරි පුදුමයි..හරියට එයාගේ තාත්තා වගේමයි...

ඒ පපුවට බර වෙලා හෝබිගේ මුන දිහා බලාගෙන හිටපු මං ජන්ග්මින් දිහාට හැරුනෙ ඒ කම්මුල් දිගේ නිහඩවම ගලාගෙන ආපු කදුලු බින්දුව දිහා බලන ගමන්..

ජන්ග්මින් තනිකරම හෝබි වගේමයි.හැබැයි එයාට තිබුනේ හෝබිගේ වගේ කතා කරන ඇස් නෙමෙයි..
ඒ ඇස් එයාගේ අම්මගේ වගේ..

සාරාගේ ඇස්...තරු දාහක් හන්ගගෙන ඉන්නවා වගේ දිලිසෙන ලස්සන හිනාවෙන ඇස්..

මං එක අතක් හෝබිගෙයි ජන්ග්මින්ගෙයි අත්වල රැදිලා තියෙද්දි අනිත් අතින් ජන්මින්ගේ ඇහෙන් ගලාගෙන ආපු ඒ කදුලු බින්දුව පිහිදැම්මේ ජන්මින් මගේ අතේ උනුහුමට තව තවත් බර වෙද්දි..

" අඩන්න එපා මින්-ආ..අන්තිමට ත්..තාත්තට පුලුවන් වුනා ඔයාගේ අම්මා ලගට යන්න..ද්..දැන් එයාලා සතුටින් ඇති දරුවෝ..ඒ දෙන්නම සතුටින්..ඔයා අඩන්න එපා..ක්.කෝ බලන්න මං දිහා.."

මං ජන්මින් දිහා බලලා කදුලු අතරින් හිනා වෙද්දි ජන්මිනුත් මං දිහා බැලුවේ ලාවට හිනා වෙන ගමන්...

ඒත් ඒ තොල්වලින් ඊලගට පිටවුනු වචනවලට මාව ගල් ගැහුනා..

"තාත්තා අන්තිම කාලෙදි ඔයාටත් ආදරේ කලා අප්පා..එයා ඔයාට ගොඩක් ආදරේ කලා..."

අවුරුදු විස්සක් පුරා හිත යටින් බලාපොරොත්තු වුනු ඒ වචන ඇහෙද්දි මට මුලු ලෝකෙම අමතක වුනු තරම්..ඒත්..
ඒත් හෝබි හැමදාම ආදරේ කලේ සාරාට.පහුගිය අවුරුදු ගානටම හෝබිගේ ආදරේ අයිති වුනේ සාරාට..
ඉ..ඉතින් එහෙම එකේ හෝබි මට ආදරේ කලා වෙන්නේ කොහොමද..

ජන්මින් මන් ගාවින් අයින් වෙලා හෝබිගේ වම් පැත්තට ගිහින් වාඩි වුනේ මං එයා කරන්නේ මොකක්ද කියලා කුතුහලයෙන් බලාගෙන ඉද්දි..

ජන්ග්මින් හෝබි එයාගේ පපුවට තුරුල් කරන් හිටපු ෆොටෝ එක තිබුනු දකුනු අත යන්තම් උඩට උස්සලා ඒ ඇගිලි හිමි හිමින් දිග ඇරියේ සාරාගේ ෆොටෝ එකත් එක්කම ඒ අතේ තද කරන් උන්නු තව දෙයක් මගේ ඇස්වල්ට යොමු වෙද්දි...නතර වෙලා තිබුනු කදුලු ආයෙත් මගේ ඇස්වලින් දොරේ ගලන්න පටන් ගත්තේ දරාගන්න බැරි තරම් සතුටකින් හදවත පිරෙද්දි...

ඒ තිබුනේ අවුරුදු ගානකට කලින් මං මගේ ආදරේ හෝබිට කියපු දවසේ මං හෝබිට දීපු ඒ පෙන්ඩන්ට් එක..

සාරාගේ ෆොටෝ එකත් එක්කම එයා ඒ පපුවට තුරුලු කරගෙන හිටියේ මං දීපූ පෙන්ඩන්ට් එක..

ඇස්වලින් කදුලු ගලාගෙන යද්දි මං පිස්සෙක් වගේ හිනා වුනේ ඒ සතුට දරාගන්න බැරිකමට....මං එයාට ඒ පෙන්ඩන්ට් එක දුන්නු දවසේ මං එයාට කියපු දේවල් චිත්‍රපටයක් වගේ මගේ ඇස් ඉස්සරහ මැවෙන්න ගත්තා..

ඒ සාරා අපිව දාලා ගිහින් අවුරුදු දෙකකට පස්සේ..මල් යායක් කෙලවරක තිබුනු ගල් වැටියක් උඩ වාඩිවෙලා අරමුනක් නැතිව ඔහේ බලාගෙන උන්නු හෝබි ලගට ගිහින් මං එයා ඉස්සරහින් දන ගහගත්තේ ඒ උකුලින් මගේ ඔලුව තියාගන්න ගමන්..

" ඔයා ආදරේ කරන්නේ සාරාට කියලා මං දන්නවා..ඒත්..ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ මට ඔයාට ආදරේ කරන්න බෑ කියලා..නේද හෝබි...?සාරා අපි අතර නැති උනත් ඔයා අවසන් හුස්ම වෙනකම් එයාට ආදරෙයි කියලා මං හොදටම දන්නවා...ඒත්..ඒත්..මං ඔයාට ගොඩාක් ආදරෙයි හෝබි..මගේ අවසන් හුස්ම වෙනකම්ම මං ඔයාට ආදරෙයි...ඔයාගෙන් මං ආපිට ආදරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ හෝබී...ඔයා කවදාවත් මට ආදරේ කරන්නේ නෑ කියලා මං දන්නවා..ඔයාගේ හදවත අයිති සාරාට..සාරාගෙ ආදරේ ඉස්සරහා මගේ ආදරේ හරිම පොඩියි..සාරා වගේ ආදරයක් ඔයාට දෙන්න මට කවදාවත් බැරි වෙයි..ඒත් මං මට පුලුවන් උපරිමයෙන් ඔයාට ආදරේ කරනවා..කවදහරිම දවසක බැරි වෙලාවත් මං ගැන ඔයාට ආදරයක් ඇති වුනොත් මේ පෙන්ඩන්ට් එක ඔයාගේ ලගින් තියාගන්න හෝබි..එතකොට මට සතුටක් දැනෙයි...ඒත් එහෙම නොවුනා කියලා කිසිම තරහක් නෑ..මං හැමදාමත් ඔයාට ආදරෙයි..."

ඒ රතු පාට හදවතක හැඩයට හදපු පෙන්ඩන්ට් එක මං එයාගේ උකුල උඩින් තියද්දී ඒ ඇස් මං දිහා බැලුවේ හරිම අසරණ විදියට..ඒ හිතේ මං ගැන ගෞරවයක් යාලුකමක්,සහකාරයා වෙනුවෙන් තියන බැදීම ඇරෙන්න කවදාවත් ආදරයක් තිබුනේ නෑ.ඒක එයාගෙ වරදක් නෙමෙයි..සාරාගෙ ආදරේ ඒ තරම් ප්‍රභලයි..හෝබිට එ තරම් ආදරයක් දෙන්න මේ ලෝකේ ඉන්න කාටවත් බෑ..ඒ තරමටම ඒ ආදරේ හරිම බලවත්..ඒත් සාරාට පස්සේ වෙන කාටත් වඩා ගොඩක් හෝබිට ආදරේ කලේ මං කියලා මට විශ්වාසයි....ඒ නිසයි කවදහරි දවසක මගේ ආදරෙටත් හෝබිගෙන් චූටි හරි ආදරයක් ලබාගන්න පුලුවන් වෙයි කියන චූටි බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනේ....ඒ බලාපොරොත්තුව ඉටුවෙන්න තියන ඉඩ කොච්චර අඩු උනත්..මං ඒ බලාපොරොත්තුව හිතේ තියාගත්තා..

ඒත් හෝබි එදා මට පොරොන්දුවක් උනා..
වේදනවෙන් පිරුනු ඒ ඇස්වලින් මං දිහා බලලා යන්තම් හිනා වුනු එයා කිව්වේ එක දෙයයි..

"මං පොරොන්දු වෙනවා යූන්ගී..කවදහරි දවසක..මට ඔයා ගැන ආදරයක් ඇති වුනොත්..
මේක මගේ හදවත ලගම තියේවී..."

එයා එයාගේ පොරොන්දුව ඉශ්ට කලා..ඒ කියන්නේ අන්තිම මොහොතෙදි හරි එයාට මං ගැන ආදරයක් ඇති වුනා..

මන් මගේ කල්පනා ලෝකෙන් මිදුනේ ජන්මින්ගේ කට හඩින්..

" තාත්තා පහුගිය අවුරුදු තුන පුරාවටම මේ පෙන්ඩන්ට් එක එයාගේ ලගින්ම තියාගෙන හිටියා..අම්මගේ මුද්දත් එක්කම අප්පගේ මේ පෙන්ඩන්ට් එකත් මේ අවුරුදු තුන පුරාවටම තිබුනේ තාත්තගේ මාලෙට රදවලා එයාගේ හදවත ගාවමයි...අවුරුදු ගානක් ඔයාගේ අසීමිත ආදරේ තාත්තගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති කරන්න තරම් ශක්තිමත් වුනා අප්පා...ඒත් ඒ ගැන ඔයාට කියන්න එයාට හයියක් තිබ්බේ නෑ.එයා බය උනා ඒ ආදරේ ගැන කිව්වොත් අම්මගෙන් වෙන් වෙන්න වුනා වගේම අප්පාගෙනුත් එයාට අයින් වෙන්න වෙයි කියලා..ඒත් එයා හැමදාමත් ඈත ඉදන් අප්පාට ආදරේ කලා..ගොඩක් ආදරෙ කලා..එයාගේ අවසන් කාලෙදි අම්මට වගේම අප්පාටත් තාත්තා එක වගේම ගොඩක් ආදරේ කලා..."

ජන්මින් ඒ වචන ටික කියලා ඉවර වෙලා මං දිහා බලාගෙන හිටියේ සතුටින්..එයා විතරක් නෙමෙයි.නම්ජූන් ජින් ඒ හැමෝම..අවුරුදු ගානක් බලාගෙන හිටපු ඒ ආදරේ ලැබුනු සතුට මගෙ මූනෙම් පේනවා ඇති එයාලාටත්..හෝබි අපිව දාලා ගියා තමයි..ඒත් ආදරේ කරපු කෙනෙක්ගෙන් වෙන් වෙන්න වුනු දුක මිසක් වෙන කිසිම දුකක් අපි ලග තිබුනේ නෑ.හෝබි අන්තිමේදි මට ආදරේ කරපු එක ගැන මං සතුටින්..මටත් වඩා එයාට ආදරේ කරපු සාරා ලගට එයාට යන්න පුලුවන් වුනු එක ගැන මං සතුටින්..අපි හැමෝගෙම ජීවිතවලට සතුට ගෙනාපු එයත් යන්න ගියේ සතුටින්..ඉතින් තවත් හේතු මොකටද එයා සතුටින් කියන්නේ අපි හැමෝම සතූටින්..

ඇස්වලින් වැටුනු කදුලු පිහිදගෙන මං හිමින් එයාගෙ මූනට නැමුනෙ අවසන් වතාවට ඒ නලලින් මගේ තොල් තියන ගමන්..හැම රෑකම නිදාගෙන ඉන්න එයාගේ නලලට හාදුවක් දෙන ගමන් මං කියන වචන ටික අද අවසන් නින්දේ ඉන්න එයාට මං ආයෙමත් කිව්වේ ඒ පියවුණු ඇස් දිහා බලන ගමන්..

"මං ඔයාට ආදරෙයි හෝබී..."

සම්හර වෙලාවට අපිට කවදාවත් අයිති වෙන්නේ නෑ කියලා දන්න දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු පොදි බැදගෙන බලාගෙන ඉන්න එක ගොඩක් අමාරුයි..ඒත් කවදාවත් බලාපොරොත්තු අතඇර ගන්න එපා..ඔයාගේ බලාපොරොත්තුව ශක්තිමත්නම් කවදහරි දවසක ඒක ඉශ්ට වෙනවමයි...

ජීවිතය ගැන විශ්වාස කරන්න..
බලාපොරොත්තු ගැන විශ්වාස කරන්න..
ඔයා ගැන විශ්වාස කරන්න..

දවසක ඒ විශ්වාසය ඔයාට සතුට අරන් ඒවී..

•••• END ••••

_________________________________________
11/08/2021

මේක මගේ පළවෙනිම කතාව..ගොඩාක් ස්තූතියි අවසානය දක්වාම කියෙව්වට.❤
පුලුවන් නම් මේ කතාව ගැන ඔයාලට දැනෙන දේ අකුරු කරගෙන යන්න..🤗❤ඒ අදහස් මට සෑහෙන්න වටිනවා..❤

Thank you sweethearts.💙🌼
Love you...!💫

RMP_Moon


Bạn đang đọc truyện trên: AzTruyen.Top