➷. 02

හැඩි දැඩි කඩවසම් පෞර්ෂය ,කාන්තිමත් දෑස්,හිස පැලදි ලෝරල් කොළවලින් තැනූ ඔටුන්න,අතේ තිබූ ලයරය,සුදු පැහැ සිරුරෙන් හමා ආ ක්ලේරි සුවද.

ඔහු නම් ශ්‍රේෂ්ඨ සුරයෙක් බවට විශ්වාසයි.

අසුර රාජදානියේ රජු සමග සාකච්ඡාවකට පැමින සිටි ඒ කඩවසම් සුරදූතයා දෙස ටේහ්‍යුන් ඇසිපිය නොහෙළා බලා සිටියා.

"ඒයි අවජාතකයා කුමක්ද මෙතන කරන්නේ?යනවා ගිහින් අපේ මේ සුරදූත ඇපලෝ ජන්ග් ඇතුළු පිරිසට බොන්න මොනවා හරි ගේනවා"අසුර රජුගේ කර්කශ වදන් නිසා දෑසට ඉනූ කදුළු පිස දමමින් එතනින් නිකමුනු ටේහ්‍යුන් තුළ එක සතුටකුත් ඉතිරිව තිබුනා.

"ඒ කඩවසම් සුරදූතයා තමා ඇපලෝ ජන්ග්.මා සිතුවා නිවැරදී.ඔහු ශ්‍රේෂ්ඨයෙකු තමා."අසුර ලොවේ පිරිස් ඔහු ගැන කතා කරනවා ඇසී තිබුනු නිසා ටේහ්‍යුන් හිතුවා.
පිරිසක් ඉදිරියේ මෙවන් අපහාස අප්‍රමාණව ලැබී තිබුනත් ටේහ්‍යුන් ඒ සියල්ල කදුලකින් පිට කර නිහඩව සිටියා මුත් ඇපලෝ ජන්ග් ඉදිරියේ තමාට මෙසේ කතා කිරීම ගැන ටේහ්‍යුන්ට ලොකු වේදනාවක් දැනුනා.

"හ්ම්ම්...මට උරුම දුක පමණයි."ශෝකයෙන් සුසුම් ටේහ්‍යුන් අසුර මාළිගයේ මුළුතැන්ගෙය වෙත පිරිනැමුවා.

නමුත් ඔහු දැන සිටියෙ නැහැ ඔහුගේ සිත වශී කරගත් ඒ සුරදූතයාගේ දෑස් තමා වෙත යොමුවී ඇති බව.

**✿❀ ❀✿**


~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top