😇Moon Princess vs Demons 🔥
Drom එකම මීක් සද්දයක් නෑ.හැමෝම බලාගත්තු අත බලාගෙන.ජින් ව බේරගෙන ආපහුවම ටේ බිම වැටිලා හිටියෙ හැමෝම ටේ ගෙන් උනු දේ දැන ගත්තා...ජීවිතේ මූණ දෙන්න පුළුවන් නරකම හෝරාව මේ ගෙවිලා යන්නෙ...මේ වෙනකොට සදෙව් ලෝවේ ආලෝකයත් අදුරත් අතර තීරණාත්මක සටනක්...
🌕☄️MOON PRINCESS☄️ 🌕
🔥VS❄️
🔥THE LORD OF THE DARKNESS🔥
ඔහේ...මෙච්චරම බයගුල්ලෙක් ද!!??? 😂 මේ මන් වගේ චූටි කෙල්ලක් එක්ක සටන් කරන්න ද මෙච්චර ගොඩක්...දැන් මහ ලොකුවට කිව්වේ මන් දූවිල්ලක් වගේ අලු කරනවා කියලා ..!!! 😂 jennie අපහාසයට වගේ ඩීමන් ට හිනා වෙන්න ගත්තෙ යටි අරමුණක් එක්ක.ඩීමන් කෝපයෙන් ගිගිරුවේ
උබ ව මට මහ ලොකු දෙයක් නෙමේ දෙව්දුවනි..!!!
පුහ්හ්හ්!!! එහෙනන් එනවකෝ මූණට මූණ..ද්වන්ද සටනකට..මන් අබියෝග කරනවා ඔබට...!!!
අබියෝග...එසේ ද!!! හොඳයි එහෙමන ම් මෙතෙක් කාලෙකට මා හට ද්වන්ද සටනකට අබියෝග කල එකම සදදෙව්දුව ඔබයි..!!, මන් එකගයි..!!
ඩීමන් එකග උනේ ද්වන්ද සටනකට.ද්වන්ද සටනක දී සටන් කරුවන් දෙදෙනා හැර වෙන කිසිම අයෙකුට සටනට අවතීර්ණ විය නොහැකියි.එය නීතියට පට හැනියි.ඒත් ඩීමන් වරු විශ්වාසය තැබිය හැකි අයවරුන් නොවේ.
හොඳයි එහෙමන...ම්...සද දෙව්දුව සන් කරේ ආරම්භය සනිටුහන් කිරීමට .කාලවර්ණ අසිපතක් සමග කලු දුමාරයක් එකතු වී ඩීමන් අහසට නැගුනේ කට කොනින් සිනා සිසී.
සදදෙව්දුවත් තම සුදෝසුදු විශාල අත් තටු විහිදා අහසට නැගුනේ තම අසිපත ද රැගෙන.
එම අසිපත දුටු විගස ඩීමන් කළබලයට පත් වූ යේ එම අසිපත හිරු දෙවියන්ගේ ශුද්ධ වූ කිරණවලින් සෑදුනු එකම අසිපත නිසා ආලෝකයහි උපත බදු වූ එම අසිපතහි එක් පහරකින් ඩීමන් වරු දහසක් උවත් විනාශ කර හැකියි.එහෙත් ඩීමන් (the lord of the darkness ) විනාශ කිරීමට නම් එය ප්‍රමාණවත් නොවේ.එයට විශේෂයෙන්ම සැකසූ ආයුධයක් අවශ්‍ය වන බව ඩීමන් ද දැන සිටී.එහෙත් ඔහු සිතුවේ සදදෙව්දුව එය පිලිබඳ ව නොදැනුවත් බවකි.එහෙත් ස දෙව්දුව එය මනාව දැනුවත් වන අතර ද්වන්ද සටන ද ඇගේ අදහසක් වන්නෙ යටි අරමුණක් ඇතිවයි...
එකවරම පුර හද වැසී ගියේ සටනෙහි තීරණාත්මක බව ඇගවීමට වගේ...
wolves pack වල elders වරු ඔක්කොම තම තමන් ගෙ ඇල්ෆ ලට උපදෙස් දුන්නෙ සූදානම් වෙලා ඉන්න කියලා මොන දේ උනත් සද දෙව්දුවට උදව් කරන්න..
ටේ හදේ වෙනස් වීම දැකලා හොඳටම බය වෙලා හිටියෙ එක දිගටම කදුලුගලන ඇස්වලින් කොල්ලා අයදුවේ තමන්ගේ ආදරේට කරදරයක් වෙන්න එපා කියලා.moon light pack එකේ ඔක්කොම රැස් වෙලා හිටියෙ pack house වල එලිමහනෙ.ජින් අහස දිහාම බලන් හිටියෙ තමන් ගෙ එකම නංගී ගැන අන්තිම බලාපොරොත්තුවත් හිතේ කොනක තියාගෙන...
අහසෙ විටෙන් විට ඇතිවන ආලෝක දාරාවලින් හොදටම තේරුනේ යුද්ධයක් සිද්ද වෙනවා කියලා ...
දහසක් වොල්ෆ්ලගෙ එකම ප්‍රාර්ථනය වුනේ moon princess ආරක්ෂා වෙන්න කියලා ...
ඔබ දුර්වලයි ඩීමන්...ආලෝකයේ වගේම ප්‍රාර්ථනයෙහි බලය අදුරට වඩා සිය දහස් ගුණයකින් ශක්තිමත් ..!!! moon princess ජයග්‍රාහී ලෙස සිනා සුනේ ඩීමන් ගෙ කාලය සදහටම ඉවරයි කියන්න වගේ.ඩීමන් ට ත් ඒක හොඳින්ම තේරුම් ගියෙ moon princess ගෙ බලය හොඳටම වැඩි නිසා.ඩීමන්වරු නීති කඩනවා ඔවුන් කපටියි...ඩීමන් ගෙ කපටි කම එලියට එන්න ගත්තා ඔහු දැනගෙන හිටියා moon princess ගෙ දුර්වලතාව ...පවුල" ඩීමන් වියරුවෙන් හිනා වුනා..
මා දන්නවා නුඹේ දුර්වලතාවය..සදදෙව්දුවනි..සෑම සද දෙව්දුවකටම සිදු වූ දෙයම යි ඔබටත් සිදු වීමට යනු යේ...!!! උමතුවෙන් මෙන් සිනා සුනු ඩීමන් තම අසිපතෙන් විසල් පීඩනයක් ඇති කොට සද දෙව්දුව ව බිම පතිත කලේ ඩීමන් පෘථිවිය දෙසට ඇදීමට මග සාදා ගැනීමට...සද දූතයන්ගේ උදව්වෙන් යථා තත්ත්වයට පැමිණි සද දෙව්දුව වේගයෙන් තම විසල් අත් තටු පහත හෙලුවේ...
•
•
•
•
•
•
•
ඩීමන් " එල්ඩර්ස්ලා ගිගිරුවා.පප්ලා වගේම ඔමේගා රෑන්ක් වල ඔක්කොම වොල්ෆ්ලා ආරක්ෂිත ස්ථාන වලට යැව්වේ ඔවුන් දුර්වල නිසාවෙන්...
ඩීමන් හිනා වෙවී ඇවිදගෙන ආවේ moon light pack එකේ ඇල්ෆා ලගට.ජින් ගොරවන්න ගත්තෙ අනිත් අයව පස්සට කරන ගමන්...
සද දෙව්දුව ගෙ සහෝදරයා ...නෙවෙද මේ...moon light පරපුරේ alfa...ජින් දිහා බලන ගමන් ඩීමන් කොදුරන්න ගත්තා.තම අසිපතට අත් යවන ගමන් ඔහු පෙන්වන්න උත්සාහ කරේ සද දෙව්දුව ගෙ අවසානය සිදු වෙන බව.දැනටමත් ටේ ගෙ ඇස් ගිනි අරන් තිබ්බේ.කෝපයෙන් වියරු වැටිලා හිටපු ටේ ඩීමන් ලගට ගියේ ජින් ගෙ අතත් ගසලා දාලා...ඒත් ඩීමන් ට ආවේ හොඳ අදහසක් නම් නෙවේ..ඩීමන් කට කොනින් හිනා වුනේ සද දෙව්දුවගෙ ලොකුම දුර්වලතාව තමන්ගෙ ලගටම ආපු නිසා..
මගෙ මැණික කෝ...කියපන්..ටේ ගොරවන්න ගත්තෙ ඩීමන් ගෙ බෙල්ල අල්ලගෙන..ඩීමන් අතුරුදහන් වෙලා ආපහු ටේ ගෙ පිටිපස්සෙන් මතු වුනේ ඔහු ආත්මයක් බව කියන්න ...ටේ ගෙ බෙල්ලෙන් අල්ලගත්ත ඩීමන් තමන් ගෙ ග්‍රහණය වැඩි කලා...ටේ ඇල්ෆා කෙනෙක් නිසා ඩීමන් ගෙ ග්‍රහණයෙන් බේරුනා...ඩීමන් ආපහු හිනා වෙන්න ගත්තෙ ඇල්ෆගෙ මුරණ්ඩුකම නිසා...
සද දෙව්දුව ගෙ සහකාරයා ...ම්ම්ම්...ඇයගේ ප්‍රේමවන්තයා..බොහෝ ආලය කරන වගයි පේන්නෙ...ඇය තව සුලු මොහොතකින් මේ අසිපතින්ම අවසන් ගමන් යනවා අනිවාර්යයෙන් එය නියතයි.නමුත් ඇය අනෙක් මා අදහස් කලේ මෙතෙක් කල් උන් සද දෙව්දුවන් සමග බැලූ විට බොහෝ සෙයින් සුන්දරයි...ටේ ගෙ ඇස් ගිනිගත්තෙ ජෙනී ගැන වැරැදි විදිහට ඩීමන් කියන්න ගත්ත නිසා.මොන කොල්ල ද කැමැති තමන්ගෙ කෙල්ලගෙ ඇග ගැන වැරැදි විදිහට කතා කරනවට ඒකත් තමන්ගෙ ඉස්සරහට වෙලා...
නවත්තපන් බල්ලෝ...තමුසෙ කොහොමද මගෙ කෙල්ල ගැන කතාකරන්නෙ ආ...ටේ මහ හයියෙන් ගිගිරුවේ ඩීමන් ගෙ කට ට හිනාවක් ගෙනල්ලා...
ඇය බොහෝ සුන්දරයි...ඇයව නිකරුණේ මරා දමනවට වඩා මගෙ සයනේ රැයක් තබා ගෙන මරා දැමීම උචිතයි ...නෙවෙ ද..ඩීමන් ජින් ගෙ පැත්තට හැරුනා..ජින් මහ හයියෙන් ගොරවන්න ගත්තා..ටේ ආපහු ඩීමන් ගෙ ඇගට පයින්න ගියත් ඩීමන් අතුරුදහන් වුනා..හැමෝම අඩ පරිවර්තනය වෙලා හිටියෙ...
මන් උබට කිව්වා තවත්තපන් ඕක...මගෙ කෙල්ලගෙ ඇගට අතක් හරි තිබ්බොත් තෝව පණ පිටින් පුච්චලා දානවා..ටේ වියරුවෙන් කෑගහන්න ගත්තා.ඩීමන් ගෙ සැලසුම් සාර්ථකවෙනවා කියලා හිතපු නිසා සද දෙව්දුව තම විසල් අත් තටු පහලට කරගෙන ආවේ හැමෝගෙම ඇස් එයා දිහාට හරවගෙන ක්ෂණිකව ක්‍රියාත්මක උනු ඩීමන් අසිපත ටේ ගෙයි ජින්ගෙයි පැත්තට යොමු කරද්දි ජෙනී මතු උනේ එයාලගෙ ඉස්සරහින් ජෙනී එයාගෙ ලොකුම ලොකු අත්තටු විහිදුවේ ටේ වයි ජින් වයි බදාගෙන..කෙල්ල කෑගහන්න ගත්තෙ කෙල්ලගෙ අත්තටු දෙකම කැපුනු නිසා ලේ වගුරක් ගලන ගමන් කෙල්ල ටේ ගෙ ඇගට වැටුනේ...කොල්ලගෙ හුස්ම නවත්තලා..ජින් කරකියා ගන්න දෙයක් නැතුව ඉද්දි..ජෙනී කතාකරන්න ගත්තා...
ඔප්පා....wolves ලා...අර..න්..යන්න...main pack..house එ..කට...මේ...ක...ප්‍රධාන දොරටුවේ...අඩ සද ති..යෙ..න..කුහ .රෙ..ට ...දාන්න...ඉක්මනට ...පප්ලා..ව..ත්..අරගෙ..න..යන්න...
ඩීම්..න්ලට..එන්න...බෑ...ම..න්..ඕක.ට..
බන්ධන..ය..ක්...කර...ආහ්හ්හ්හ්හ්....
ඉක්මනට ....ය..න්න....ඉක්මනට ....
....දෙයියනේ ජෙනී වේදනාවෙන් කෑගහලා කිව්වේ යන්න කියලා..ජින්ට වගකීමක් තියෙනවා අනිත් වොල්ෆ්ලව ආරක්ෂා කරන්න..ඒ වගේම පප් ලා වත්..කොල්ලට තමන් ගෙ නංගී වෙනුවෙන් වත් ඉන්න බැරි වෙලා..කොල්ලා අසරණයි..අන්තිම වතාවට කෙල්ලව බදාගෙන නළලට හාද්දක් දුන්නෙ තමන්ගෙ පවුලටම හිටපු එකම නංගීත් දැන් නැති වෙයිදෝ කියන බයත් එක්ක..
පරිස්සන් වෙයන් මගෙ නංගියේ...ජින් කදුලු කැට වැටෙන ඇස් එක්ක කිව්වේ මහ ගොඩාක් ආදරේ එක්ක...කෙල්ල කදුලු අස්සෙන් හිනා වෙලා ඔලුව වැනලා අතෙන් සන් කලේ යන්න කියලා..ජින් අන්තිම වතාවටත් හැරිලා බැලුවේ තමන් ලග පොඩි කාලෙ හුරතල් වෙවී හිටපු කෙල්ල දිහා...
වෙන්වීම්..මන්..හරි ආසයි ඒවට..ඔබ දෙදෙනා අන්තිම වතාවට තියෙන දෙයක් කතාකර ගන්නකෝ..මා ප්‍රේමවන්තයින් අන්තිම වතාවටත් කතා කරන්නට නොදී වෙන් කරන්න තරම් සැහැසි නෑ...ඩීමන් අපහාසයට මෙන් සිනා වෙවී ටේ ට ත් ජෙනී ට ත් අන්තිම වතාවට කතාකරන්න වෙලාව දුන්නා..
•
•
•
•
•
•
•
•
•
•
°
•
•
•
•
ජෙනී ගෙ අත් තටු කැපිලා ගලන ලේ වලින් කොල්ලගෙ මුලු ඇගම නෑවිලා තිබ්බේ...කෙල්ල එක්කම බිම වැටිලා හිටපු මේ ප්‍රේමවන්තයො දෙන්නටම කතාකරන්න නන් දාහක් දේවල් ....
මැණික...ගොඩක් ..රිදෙනව...ද..
කතාකරන්නකෝ....දෙයියනේ ..
බලන්නකෝ..මේ ලේ...ටේ ගෙ කැඩි කැඩී ඇහෙන වචන වල වචනෙකින් කියන්න බැරි තරන් ආදරේ තිබුනා ...ජෙනී වචන ගැලපුවේ වේදනාවේ අන්තෙට ම ගිහින්...කෙල්ලගෙ සුදු පාට සේද ගවුම රතුම ලේ වලින් දිලිසුනා...
ටේ...මට මේ වේදනාවට වඩා පපුවෙන් එන වේදනාව වැඩී රත්තරං ...අහන්නකෝ..මට..ඔයාගෙන්..දෙයක් ...ඕනේ...දෙනව ද..මට...කෙල්ල හුරතල් විදිහට හිනා වෙලා ඇහුවේ ටේ පුදුමෙන් බලන් ඉද්දි...
මොකක්ද..මැණික...ඕනෙ දෙයක් ..දෙන්නන්...මොකක්ද ...ඕනෙම දෙයක් ...මගෙ පණ..උනත් දෙන්නන්..රත්තරං ...ටේ ජෙනී ගෙ සිනිඳු කම්මුල් දෝතින්ම අල්ලගෙන හාදු වැස්සකින් තෙමුවේ තමන්ගෙ ආදරේ කොච්චරක් ද කියලා කියන්න වගේ...
හාදුවක් දෙනව ද...අන්තිම පාරට..මේ බොරුකාරිට...කෙල්ල අහිංසක විදිහට හිනා වෙලා ටේ ගෙ තොල් පිරිමැද්දෙ ටේ ව පණ පිටින් පුච්චලා..කොල්ලගෙ පපුව පැලෙන්න තරන් රිදුනා ...කෙල්ලගෙ වේදනාව කොල්ලට වත් කොල්ලගෙ wolf ටවත් දරාගෙන ඉන්න පුළුවන්කමක් නෑ...
මියානේ...රත්තරං ...ම..ම..ට..තරහ..
ගිහින් හිටිය..නිසා එහෙම කිව්වේ..පණ...මියානේ...මැණික..මන්..
ආදරෙයි නෙ...ඔයා නෙ මගෙ පණ ටික..පැටියෝ....සරන්හේ නොමු නොමු සරන්හේ...මියානේ...චොම්මුල් මියානේ...
කොල්ලගෙ පාලනයක් නැති කදුලු යි ගොත ගැහෙන වචනයි එක්ක අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඒ ආදරේ තරම..ටේ ජෙනීගෙ නලලෙන් හාද්දක් තිබ්බේ ආදරේ මහ ගොඩක් පුරෝලා...කෙල්ල ඇස් වහගත්තෙ ඒ ආදරේ විදින්න...
යා...කොටියෝ...මන් හාද්දක් ..ඉල්ලුවේ...
ලිප්ස්වලට..මෝඩයෝ...ඒකවත්..
තේරෙන්නේ නෑ..මෝඩ කොටියා ...කෙල්ල මූනත් දෙක කරන් රණ්ඩු වුනේ වේදනාව පැත්තකින් තියලා..කොල්ලා කදුලු අස්සෙන් හිනා වුනේ ටේ එච්චරටම ආසයි කෙල්ලගෙ හුරතලේට...
අරස්සෝ..අරස්සෝ...!!!
මෝදයා...!!!!
කෝ...බලන්නකෝ..ඉතින්..මැණික..ආ..දැන් එපා ද...ම්ම්ම්...!!!
මට ඕනෙ නැති කිස් එකක්...නෑ..දීගන්න එකයි ඇත්තෙ..වෙන කෙනෙක් ට..!!!
මොකක්ද දැන් කියන්නේ ...ආ...!!!
ඇයි දැන්..කෑගහන්නෙ..ගේම ද..ආ...!!! ඔන්න ජෝඩුවගෙ රණ්ඩුව පටන් ගත්තෙ ජෙනී ගෙ අමාරු කොහෙද දන්නෙ නෑ.එහෙන් ටේ ටත් සිහියක් නෑ දෙන්නා රණ්ඩු වෙනවා දමාගෙන.ඩීමන් කාරයා මේ මොකෝ සීන් එකේ.පව් බම් පළවෙනි වතාව ඩීමන යා චා වෙලා 😂.ඌ පැත්තක..අරුන් ජෝඩුවට ඩීමන් කියලා එකෙක් උන්න ද මලා ද ගානක් නෑ..!!! 😂 මරු ජෝඩුව..ඩීමන් දත් මිටි කනවා කෑමක්..පව් ඉතින් මොනා නැත්තත් දුස්ටයා නේ...
______________________________________
•
•
•
එපා වෙනවා...සෙද්ද..කතාව අවුල් ද..comments වත් නෑ 😔
හුම්..........
Bạn đang đọc truyện trên: AzTruyen.Top