ඒ තරම් මාව වටිනවද? 🍂

Shehan's pov 5

එදා ලස්සන දවසක් 🍁🍃සමර් එන්ඩ් එකෙ ක්ලයිමේට් එකට සමාන ක්ලයිමේට් එකක් තිබ්බෙ... එච්චර ලස්සන දවසෙ, කියන්න කිසිම දෙයක් හදාගෙනවත් නැතුව😥 එම්ගෙ බල කිරිල්ලට මරන්න අරන් යන සතෙක් වගෙ මම එම් එක්ක එයාගෙ ආන්ටි ලගෙ ගෙදර යන්න අපාර්ට්මන්ට් එකෙන් එලියට බැස්ස...🙂

ට්‍රේන් එකට නගින්න යනකල්ම මම ටැක්සි එකෙදි එම්ට කිව්වෙම අද නන් මේ යන ගමන සක්සස් වෙයි කියල හිතෙන්නෙ නැ මට බෑඩ් signs මයි දැනෙන්නෙ කියල..🙁 එම්ටත් හිටියෙ අවුලෙන්... ඒත් එයා අද නන් යනවමයි කියන තීරනේ අරන් හිටියෙ...🙂 එයා ඉදල ඉදල ඔහොම මොකක් හරි කරන්න හිතුවොත් ඒක කරලම තමයි නවතින්නෙ..😥

අනික අපි මේ කාලෙකින් එලියට බැස්සමයි..දකින දකින තැන් වල පේරන්ට්ල එක්ක පොඩි බබාල හිනාවෙනව එහෙට මෙහෙට දුවනව..🤹️👭 නැත්තං කපල් රොමෑන්ටික් වෙලා තැන් තැන් වල..❤

මට නන් මේ වගෙ දවසක් කීයටවත් අර ආන්ටිගෙ ගෙදර ගිහින් විනාස කරගන්න ඕන උනෙ නැ...😒 අනික අපි එයාට කලින් ඉන්ෆෝම් කරලත් නෙවෙ මෙ යන්නෙ.. උදේම අපි එනව කියන්න එයාගෙ ෆෝන් එකට ගත්තට එක වැඩ කරෙත් නැ.....

"no respond shehan🙁"

කියල එයා මට කියද්දිම මම පුදුම හැපි එකෙ...

"ඕකනෙ කියන්නෙ"

කියල අසාර්ථකත්වය පැහැදිලි කරන්න කට අරිද්දිම... කොහොමත් ආන්ටි ගෙදරනෙ ඉන්නෙ කියල එම් මාව ශට් ඩවුන් කරල ඇදගෙන ආව..🙂

මෙහෙ තියනව ගොඩක් ලස්සන ලේක් එකක් 🗻... සිටි එකෙන් ටිකක් දුර.. එකම එක වතාවක් ෆැකල්ටි එකෙ යාලුවො සෙට් එකක් එක්ක මම එහෙ ගියා.. ඒ වතාවෙ විරා එම්ට බල කරල එම් වත් එක්කන් ගියා...😌❤
ඒත් අපිට එදා වැඩි වෙලාවක් එතන ඉන්නත් බැරි උනා.... අද නන් එහෙ ආය යන්න මරු දවස...👭❤ කොවිඩ් pandemic එක අස්සෙ උනත් මේ වගෙ වෙලාවක් හම්බ උනාම ඒක මිස් කරගන්න එක ලෝක අපරාදයක්...😒ඔහොම දහ අතේ කල්පනා කර කර කපල් දිහා බල බල එම්ගෙ පස්සෙන් දුක් වෙවී යන ගමන් මට හිතුනා වන් ලාස්ට් චාන්ස් එකක් අරන් එම්ගෙ හිත වෙනස් කරල බලන්න...

"Baby.....🙂 අර ලේක් එක බලන්න යමුද..😌"

මම ටැක්සි එකෙන් බැහැල සබ්වෙ එකට යන ගමන් අහිංසක විදිහට එම්ගෙන් ඇහුව...

"මොන ලේක් එකද....??"

එයා ෆෝන් එකෙ මොකක් හරි චෙක් කරන ගමන්ම මගෙන් ඇහුව...

"අපි අර ෆැකල්ටි අවුටින් එකෙදි ගියෙ..ඔයා කිව්වෙ දවසක අපි දෙන්න තනියම යමු කියල...😊❤"

මම ඇගට දැනෙන්නෙ නැති වෙන්න කියල දැම්ම...🙂

"හා...යමු...☺️"

එයා තාම ෆෝන් එකෙ වැඩක්...🙁...

"මම කිව්වෙ මේ....අද....🙂"

මම කියද්දිම එමී ෆෝන් එක ඩෙනිම් එකෙ බැක් පොකට් එකට දාගන්න ගමන් මගෙ දිහා හැරිල බැලුව...😐

"ශේහාන්...කෙලින් කියන්න...🤨ඔයාට මේක කරන්න ඕනද ??නැද්ද ??"

"ඕන....ඒත් මෙහෙම නෙවෙ.."

මගෙ ඔලුවෙ අවුල එයාට මගෙ මූනෙන් පේන්න ඇති... ඇත්තටම මම යන්න කැමැත්තකින් නෙවෙ හිටියෙ මම හිටියෙ පුදුම බයකින්...
ඒ එයාගෙ ආන්ටි නිසා එයාට අවුලක් නොදැනුනාට මම එයාව දන්නෙත් නැ මම එයාලගෙ මදර් ටන් එකක් දන්නෙත් නැ කතා කරන්න, මම මෙ යන්නෙ නිකන් හම්බෙලා ටටා බායි කියල එන්න නෙවෙයිනෙ මම මෙ යන්නෙ මගෙ ජීවිතේ පලවෙනි වතාවට මම ආදරේ කරන කෙනාගෙ පවුලට ඒක කියන්න... ඒත් ඒක මෙහෙම... නිකමෙක් වගෙ එම්ගෙ අතේ එල්ලිල ගිහින් එයා සේරම කියනකල් බලන් ඉන්න, මට එහෙම කරන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැ..😣

මම කොහොමත් පොඩි කාලෙ උනත් කැමති උනෙ නැ අසාර්ථක දේවල් කරන්න මම කරගෙන යන දෙයක් success වෙන පාටක් නැ කියල දැනුනොත් මම ඒක නවත්තනව.. ඒ වගෙ මේක මෙහෙම ගිහින් කරන්න බැ මීට වඩා මම මේකට ලෑස්ති වෙලා යන්න ඕන කියල මට තේරිල තිබ්බෙ...

එමට මාව තේරුනා එයා මගෙ අතින් අල්ලගෙන ගිහින් ක්‍රවුඩ් එක අඩු තැනක මාත් එක්ක බෙන්ච් එකක වාඩි උනා. මම එ වෙලාවෙ සීරියස් වෙලා හිටියෙ මාව ඒ මූඩ් එකට ආවම එයා මාත් එක්ක කතා කරන්නෙ ගොඩක් පරිස්සමින්.

"කියන්න ඩැඩා... මොකද්ද කරන්න ඕන ඔයාට...?"

එයා මගෙන් හිමීට ඇහුව.

"බබා... අහන්න මටම ඔයාගෙ ආන්ටිට කතා කරන්න ඕන ඔයා ගිහිල්ල ඒක එයා එක්ක කතා කරාම එයා මන් ගැන මොනා හිතයිද පලවෙනි impression එක වැදගත් මේ වගෙ වෙලාවක.. මට ඔයාගෙ වගෙම ඔයාලගෙ පවුලෙ අයගෙ හිත් රිද්දන්නෙත් නැති වෙන්න මේක කරන්න ඕන.. ඇත්තටම මම ඔයාට ගැලපෙන්නෙ නැති පාර්ට්නර් කෙනෙක් කියල එයාල හිතනවට මම කැමති නැහැ... ඔයාව මම මෙහෙ මගෙ සෙක්ස් ඇරියස් කවර් කරගන්න තියන් ඉන්නව කියල හිතන්න ලොකු ඉඩක් තියනව මේ යන විදිහට ගියොත්, මට අයිතියක් තියනව ඔයාව එයාගෙන් වැදගත් විදිහට ඉල්ලන්න.. මන් ඔයාට ගැලපෙනව, අපෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් වල උනත් එහෙම ලොකු නොගැලපීමක් නැ මම ඔයාගෙ රටෙ නොවුනට ඒක අවුලක් නැනෙ අවුලකට තියෙන්නෙ අපි දෙන්නම බෝයිස්ල වෙච්ච එක විතරයි. ලංකාවෙ හිටියනන් ගෑනු ලමයෙක්ට ආදරේ කරල එයාගෙ පේරන්ට්ල හම්බ වෙන්න නන් යන්නෙ මම එතන ගිහින් කතා කරන විදිහක් තියනව එන්න ඒ විදිහටම මට මෙතනත් ආන්ටිට කතා කරල මට එයාට පැහැදිලිවම කියන්න ඕන මම ඩිග්‍රිය ගත්තම ඔයාව මොන රටේදි හරි මැරි කරන්න ඉන්නෙ කියල.. ඔයාට තේරුනාද babe... මට ඔයාව මැරි කරන්න ඕන මම ඒක කියන්නම ඕන ආන්ටිට... එයා තේරුන් ගත්තත් නොගත්තත් මම කියන්න තියන සේරම කියල එන්න ඕන... ඒක කියන්න නන් මම මීට වඩා මගෙ මයින්ඩ් එක හදාගන්න ඕන...ඔයාට තේරුනාද...."

මම මට දැනුන ඇත්තම දේ එයාට කිව්ව....

"හ්ම්...😒 ඔව් ඒකත් ඇත්ත..ඔයා කියන හැමදේම හරි... මට වඩා ඔයාට තේරෙනව මෙ දේවල් ගැන... ඒක මම කියල විතරක් හරි යන්නෙ නැ තමයි...😒 ඔයාගෙනුත් ගොඩක් එව අහන්න පුලුවන් එයාල... අන්කල් හිටියොත් තවත් වැඩේ දුර දිග යන්න පුලුවන්...😒
එහෙනන් ශෙහාන් අපි වෙන දවසක යමු...😒"

එයා දුකින් කිව්ව එයාගෙ මූන මැලවිලා ගිහින් තිබ්බෙ මම දන්නව එයාට බයයි මෙහෙන් යන්න වෙයි කියල...😒 ඒත් මම එයා හිතනවටත් වඩා එයාට ආදරෙයි එයාව මගෙ ලග හැමදාම තියාගන්න මට ඕන.. මම කොච්චර ආදරේ කරත් වැඩක් නැ එයාට මගෙ ආදරෙ දැනෙන්නෙ නැතුව එයා දුකින් ඉන්නව නන්...😣

"බබා...මේ අහන්න ඔයාට මාව විශ්වාසයි නේද..."

මම එයාගෙ අත් දෙකම මගෙ අත් දෙකට අරන් එකට එකතු කරල හයියෙන් අල්ලගෙන ඇහුව....

"ඔව් ඩැඩා මට විශ්වාසයි ඔයාව...😔"

එයා බිම බලාගෙන කිව්ව මම එයාගෙ මූන දිහා බලාගෙන හිටියෙ...

එයා එහෙම දුකින් ඉද්දි මටත් දුකයි ඒත් මට ඕන එයා විශ්වාසයක් ඇති කරගෙන සතුටෙන් ඉන්නව බලන්න...😊

"අද ඔය ගමන යන්න ඕන නැ අපි අද මෙ එලියට ආව එකෙ පික්නික් එකක් යමු... අද රෑට අපාර්ට්මන්ට් එකට ගියාම හරියටම ආන්ටිට කියන වචනයක් ගානෙ හදාගෙන මම එයාට කතා කරන්න confidence එක හදාගන්නන්... සිංහලෙන් නන් මට ඒ වෙලාවට ඔලුවට එන ඒව කියන්න තිබ්බ එහෙම බැනෙ මෙතන මාත් ලැන්වේජ් එක fluent නැ... එයත් බ්‍රිටිශ් නෙවෙනෙ.. කියන දේ අදහස එයා වැරදියට ගන්නෙ නැති වෙන්නම පැහැදිලිව කතා කරන්න ඕන... මොකද ඔතන එයා මට යකා නගින කතාවක් කිව්වොත් මටත් තරහ යනව කොහොමත් එයා ටිකක් අමුතුයි නෙ... මට එක දවසක් දෙන්න ආන්ටිට අපි එනව වැදගත් දෙයක් ගැන කතා කරන්න කියලම යමු.. එතකොට එයත් ලෑස්තියි ඒක තමයි හොදම..☺️"

මම එයාගෙ මූන දිහා බලාගෙන කිව්ව... ඒ ටික කිව්වම එයා හෙමීට ඔලුව උස්සල මගෙ දිහා බැලුව..

"ඔයාට මාව වටිනවද ශෙහාන්...මාව මැරි කරලම ඔයාගෙ ලග තියාගන්න තරම්..."

එයා හෙමීට ඇහුව... එයා ගෙ ඇස් දිලිසෙන්නෙ තව ටිකකින් අඩන්න ඔන්න මෙන්න වගෙ...

ඔව් දෙයියනේ ඔව්... මට ඔයාව වටිනව මට ඇත්තම මාව හොයල දුන්නෙ ඔයා... ඔයාම තමයි මම කොච්චර වටින කෙනෙක්ද කියල මටම තේරුන් කරල දුන්නෙ එහෙම ඔයාව මගෙ ලග තියාගන්නෙ නැතුව ඔයාට යන්න දෙන්න තරම් මම ඔලුව විකාර උන පිස්සෙක් නෙවෙයි......
මම එයාගෙ ලාවට රතු පාට උන ලස්සන ඇස් දිහා කෙලින්ම බලන් ඉන්න ගමන් තනියම හිතුව.... මගෙ හිතට හැමවෙලේම එයා දිහා බලද්දි ගොඩක් දේවල් හිතෙනව ඒත් ඒව ඉංග්‍රීසියට හරවන්න කම්මැලි නිසා හරි මොකක්ම හරි හේතුවක් නිසා මම ගොඩක් වෙලාවට එයාට ඒව නොකිය මගෙ හිතින්ම වින්ද....

"මයි ගෝඩ් shehan වයි ආ යූ ලුකින් ඇට් මි ලයික් දිස් වේ....😳මට ලැජ්ජයි ඔයා ඔහොම බලද්දි...."

එයා ආපහු බිම බලාගත්ත...😀

" හරි හරි ඔලුව උස්සන්න ඉතිං ඇස් දෙක විතරයි පේන්නෙ.. මාස්ක් එක දාගෙන නෙ ඉන්නෙ... ඔච්චර ලැජ්ජයි නම් සන්ග්ලාසස් දාගෙන ඇස් දෙකත් වහගන්න....😏"

මම එහෙම කියාගෙන එම්ගෙ අත් දෙක ගුලි කරගෙන හිටපු මගෙ අත් දෙක සීතලටද නැත්තන් මේ දැනෙන අමුතු හැගීමටද වෙව්ලනව වගෙ දැනෙන්නෙ කියල හිතන ගමන්ම අත් දෙක හූඩියෙ කැන්ගරු පොකට් එකට දාගෙන එම් එක්ක ලේක් එක බලන්න යන්න බෙන්ච් එකෙන් නැගිට්ට...

Em pov ;

ශෙහාන්.. එයා අද කිව්ව දේ.. මට දැනුනේ කියාගන්න බැරිතරම් ලොකු සතුටක්. එයාගේ හිතේ හුගාක් දේවල් ඇති මන් වෙනුවෙන්. හරියට මට හිතෙනවා වගේම. දෙයියනේ එයාට මාව ඔනේ. නිකන් නෙවෙයි හැමදාටම. එයාට මාව වටිනවා කාටත් වඩා මට ඒක දැනෙනවා.

ආන්ටිට හැමදේම කියන්න මට ඔනේ උනා. එයා තමයි මේ වෙලාවේ මට ඉන්න එකම කෙනා මේ හැමදේම කියලා ඉස්සරහට කරන දෙයක් ගැන අහන්න. මට අම්මා වගේ එයා මන් ලගින්ම හිටියනේ එයා අපිව තේරුම් ගනී. මන් එහෙම හිතුවත් ශෙහාන්ට තවම එයාව හම්බෙන්න පුලුවන් කමක් නෑ. එයා කියන දේ ඇත්ත එයා තමයි කතා කරන්න ඔනේ කියලා එයාට එහෙම හිතුනු එක සාදාරනයි. එයාට මාව බදින්න ඔනෙලු. එයාට ඒක ආන්ටිට කියන්නත් ඔනෙලු. මේ හැමදේම හීනයක් වගෙයි. එයා එහෙම දෙයක් කිව්වා. එයාට මාව ඒ තරම්ම වටිනවා. මාව මැරිකරන්න තරම්ම. මන් එයාට පුංචි කාලයක් දෙන්න ඔනේ හැමදේම හරියට හදා ගන්න.

අපි ට්‍රේන් එකට නැග්ගේ ලේක් එක බලන්න යන්න හිතාගෙනයි. තවමත් මට එයා කියපුවා මතක් වෙනවා. එයාගේ ඇස් මන් දිහා බලාගෙනම ඒවා කියලා දැම්මා. මට ඔනේ කවදම හරි ඔයා එක්ක මේ වගේ හැමතැනම ඇවිදින්න. ශෙහාන් ආස තැන් හුගාක් තිබුනා. එයාගේ ඒ හැමදේටම මාත් ආස කලා. ඉතින් දවසක අපිට නිදහසේ එහෙම යන්න ලැබෙයි.

අද මට ලොකු සතුටක් දැනෙනවා.

ට්‍රේන් එකෙන් බැහැලා අපි සයිකල් දෙකක් රෙන්ට් එකට ගත්තා. ශෙහාන්ට හැමවෙලේම බඩගිනිත් එනවා ඒ නිසා අපි කෑම ටිකක් ගත්තා අද පික් නික් එකටත් හරියන්නම. මට වඩා වැඩි බරක් ඉතින් එයා උස්ස ගත්තා.

ෆිශ්මෑන්ලා දෙන්නෙක් හැරෙන්න
අපි ලේක් එකට එද්දී එතන වෙන කවුරුත්ම හිටියෙ නෑ. හරිම ලස්සනයි එතන. කලින් අපි මෙතනට ආපු දවසේ වගේ නෙවෙයි අද හුගාක් පාලුවට ගිහින් තිබුනත්, අපි දෙන්නා ඒ නිදහසට පුදුම විදිහට කැමති උනා. ශෙහාන් මගේ අතට ඔක්කොම බඩුටික දීලා බයික් දෙකත් අරන් ගියා පාක් කරන්න කියලා.

බඩුටික ගහක් යටින් තියලා මම පාලම උඩ ජැකට් එකත් ගලෝගෙන ඔහේ දුවන්න පටන් ගත්තා . ශෙහාන් එද්දිත් මම ඒ වැඩේ කර කර හිටියේ. මට ඒ වෙද්දී ලේක් එකට පැනලා පීනන්නත් හිතුනා.

මන් එහෙම පියාඹන්න වගේ දුවද්දී ශෙහාන් ඇවිල්ලා

" ඕක කැඩිලද දන්නෑ දුවන්න එපා ඔක උඩ.."

මම ශෙහාන් ලගට දුවලා ගිහින් එයාගේ අතින් අල්ලම් පාලම උඩට එක්කන් ආවා. එතන හුලගට මන් හුගාක් කැමති, ඒක හරිම සනීපයි ඇගේ වැදෙද්දී. ශෙහාන් ඉතින් පාලම ලග ඉදගෙන හිටියා කකුල් රිදෙන නිසා.
ඉතින් මම එයාගේ කරේ එල්ලිලා එයාගේ කම්බුල් වලට මාරුවෙන් මාරුවට කිස් දුන්නා 🤭

පස්සේ මම එයාගේ හුඩී එකත් ගැලෙව්වා

" ෆීල් ද නේච ශෙහාන්.."

කියලා.

ශෙහාන් අත් දෙකත් බැදගත්තා මම එයාගේ හුඩි එක ගැලෙව්වහම. එයා ඇතුලට ඇදන් හිටියේ ස්ලීව්ලස් ටීශර්ට් එකක්. එයා ඇන්ටිව බලන්න යන්නනේ ඉතින් එහෙම ඇදන් ආවා. මෙහෙම එයි කියලා දැනම් හිටියෙත් නෑන 🤭

ඉතින් හුගාක් වෙලා අපි එහෙ මෙහේ ඇවිද්දා. ගහක් යට සයිකල් රෙන්ට් එකට ගත්ත තැනින්ම ගත්ත පික්නික් බ්ලැන්කට් එක දාලා අපි කෑමත් ගත්තා.

හරිම නිදහස්..... මමයි එයයි විතරක් මෙතන කවුරුත්ම නැතුව......

මන් උදේ හිටියේ හුගාක් දුකින්. එයා යන්න බෑ කිව්වම මට තවත් දුක හිතුනා. මට තායි යන්න ඔනේ නෑ කීයටවත්. නවතින්න කරන්න පුලුවන් හැමදේම මම කරන්නයි හැදුවේ.
ඔහොම ශෙහාන්ට ආන්ටිව හම්බෙන්න යන්න බෑ කිව්වානේ එකපාරටම. ඒත් ඒ ඇයි කියලා දැනගත්තම, එයා මාව මැරි කරන්නෝනී කියලා ආන්ටිට කියන්නඔනී කිව්වම, මට.. මට... දැනෙන්නේ ලොකුම ලොකු කියාගන්නම බැරි තරම් සතුටක්.

එයා මාව බිම පෙරලගෙන කිස් කලා හුගාක් වෙලා.

" දවසක අපි බැන්දට පස්සේ ඉශීවයි එමරල්ඩ්වයි එක්ක එන්න ඔනේ මෙතනට.. 😍 ඒක කොච්චර ලස්සන ෆීලින්ග් එකක්ද ශෙහාන් 🙃"

ඉශී, එමරල්ඩ්... ඒ අපි බබාලට දාන්න හිතන් ඉන්න නම්. එමරල්ඩ් ඒ මගේ මල්ලිගේ නමයි මගේ නමයි එකතු කරහම හැදෙන නම. මම ආසයි ඒ නමට. ඉශී ඒ ඒන්ජල්ගේ නම.

___________________________________

🙃 අද හුගාආආආආක් දිගාආආඅයි නේහ් චැප්ප... 🤭

එමරල්ඩ් කියන්නේ මැනිකක් කියලා දැනගත්තේ දැනුයි මම 🙂💔
එම් අයියගෙයි එයාගේ මල්ලිගෙයි නම් දෙක එකතුකලාම හැදෙන්නේ එමරල්ඩ් කියන නම. එයාලගේ මාම්ටයි ඩෑඩ්ටයි ඒ තරම් ඒ දෙන්නව වටිනෝ.. 🙃❤️❤️

❤️


   

Bạn đang đọc truyện trên: AzTruyen.Top