ʀᴏᴏᴍᴍᴀᴛᴇ🍂
කොහොමද ලමයි.
ඔයාල බලනවා ඇති මන් භාගෙට තාම කතා අප්ඩේට් කරන අස්සේ තව කතාවක් දැම්මේ පිස්සුද කියලා.
මේකයි....................................
මේක ඉක්මන්ට මට දාන්න සිද්ද උනා.......... මොකද කියලා තේරෙයි කතාව කියෝලා ඉවර වෙද්දි.
මේක දිගට ඇදෙන එකක් නෙවෙයි.
මම ටිකක් හදිස්සියෙන් වගේ කතාව දාන්නේ මොකද දෙන්නෙක් බලන් ඉන්නවා මම මේ කතාව දානකල් ඉක්මන්ට.
කවුද ඒ දෙන්න...😱
හේ හේ මට හම්බුනු ආදර වන්තයෝ දෙන්නෙක්. ඇත්තටම මම අහපු ලස්සනම ආදර කතාව ඒක.
දවසක් අහම්බෙන් මගේ කතාවක් අහුවෙලා කියවපු එක්කෙනෙක් මට මැසේජ් එකක් දැම්මා.
එයා දැම් ඉන්නේ ලංකාවේ නෙවෙයි. අහ් ඒ කියන්නේ එයා ලංකාවේ කෙනෙක් නේහ් 🙂
වැඩිදුර අධ්‍යාපන ලබන්න පිට රටකට ගියපු මේ කෙනාගෙ ජිවිතේ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් හැටිත්,
එයා කටු ගොඩාක පැටලිලා හිටියත් ඒ ගැන ගානකටවත් නොගෙන අහිංසක රෝස මලකට ආදරය කරන හැටිත්,
එතකොට ඒ අහිංසක රෝස මල පනටත් වඩා එයාගේ කුමාරයට ආදරය කරන හැටිත් තමයි මේ කතාවේ සාරාංශය.
ඇත්තට එයාලගේ කතාවට මන් ආස කලා ආදරය කලා. දවස ගානේ මට ඒ දෙන්නා කතාව කිව්වා කොච්චර බාදක තිබ්බත්. කොයිවෙලේ මැරෙයිද දන්නෑ කියලයි එයා මට කතාව දිගටම කිව්වේ.
හ්ම්......
එක අතකින් ඒ බය සාමන්‍යයි. දෙන්නම ඉන්නේ තමන්ගේ මව් රටෙත් නෙවෙයි. ඒ දෙන්නා කොච්චර බයකින් එහේ ඉන්නවා ඇද්ද. අපි වගේම එයාලත් කෝවිඩ් වසන්ගතය එක්ක සටන් කරනවා,
*තනියෙම😿 *
ලංකාව කියන්නේ පුංචි රටක්. ඉතින් lgbtiq කියන්නේ හරියට අමුතු දෙයක් විදිහටයි මිනිස්සු දකින්නේ. ලංකාව වගේම සමහර නොදියුණු රටවලුත් එහෙමයි.
කාටවත්ම දරාගන්න වේදනාවන් එක්ක කාටවත්ම හිතාගන්න බැරි අභියෝග ගොඩක් මැද තමයි ඒ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ. මේ දේ අපේ කුමාරයට ලොකුවට බලපෑවා. එයාට වගේම එයාගේ රෝස මලටත් එහෙමමයි.
හරි එහෙනම් මම තවත් කියවන්නේ නැතුව කතාව කියන්නම්. කතාව අන්තිම වෙනකල් රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන්නම්.
මන් ආදරෙන් ඉල්ලනවා මේ කතාව කියවලා අදහස් කියන්න කියලත් හුගක් වටිනවා ඔයාගේ අදහස් අපිට.
මම ඒ දෙන්නට මගේ කතාවෙන් උපරිම සාදාරනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එයාලට වගේම මටත් ඔනේ එකම දෙයයි ලේබල් කරලා වෙන් කරන සමාජේ එයාලා කොන්වෙලා ජීවත් වෙන හැටි වගේම එයාලව වෙනස් අය විදිහට දකින කොට දැනෙන වේදනාව මනුස්සකම හදුනන්නැති මිනිස්සුන්ට ටිකක් හරි තේරුම් කරවන්න.
ඒ දෙන්නගේ ඇත්ත විස්තර මම දෙන්නේ නෑ. මොකද මේ සමාජය කියන්නේ කුනු ගොඩක් ඇදලා අරගෙන මිනිස්සුන්ගේ පවුල් පිටින් විනාශ කරන තැනක් නිසයි. මට මගේ අයියලා දෙන්නව පුදුම විදිහට වටිනවා. ඉතින් මම බැදිලා ඉන්නවා ඒ දෙන්නගේ තොරතුරු එලියට නොදෙන්න.
ඔයාලට එයාලා එක්ක කතා කරන්න උනත් ලොකු වටපිටාවක් මම හදලා දෙන්නේ නෑ ඒ හැමදේම කරන්නේ මට එයාලව ගොසිප් එකක් නොවී මනුස්සයෝ විදිහට මේ සමාජේ රහසෙම තියාගන්නත් පරිස්සම් කරන්නත් ඔනෙ නිසයි.
මම ආදේශ කරලයි නම් දාන්නේ 😉
තායි bl series එකක (until we meet again) actorsලා දෙන්නව තමා ගන්නේ.
(ඒ දෙන්නත් ඒ වගෙයි 🙈 රෝස මලනම් එයා වගේමයි.)
ශෙහාන්....
එම්.....
එහෙනම් අපි කතාවට යමු....
.
..........................📖️............................
ස්කෝලේ ඉන්න අන්තිම වසර වගේම අන්තතිම පන්තිය. අවුරුදු දෙකාමාරක් කට්ට කාලා රෑ නිදි මරන් පාඩම් කරලා ජීවිතේ ගොඩ දාගන්න කැම්පස් යන හීනය හැබෑ කර ගන්න ඔනේ නිසායි. ඒ වෙනුවෙන් උපරිම මහන්සියෙන් අපි උ/පේ ගොඩ දාගන්නවා.
ඒ ලෙවල් ඉවර උන දවස කියන්නේ ආයි නෑ කියාගන්න බැරි සතුටක්නේ ඒක. ඒ සතුට සමරන කෙනෙක් තමයි මේ ශෙහාන් කියන්නේ.
ඒ ලෙවල් ඉවර වෙලා ශෙහාන්ට කැම්පස්නම් යන්න බැරි උනා. පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබන්න ශෙහාන්ට පිටරටකට යන්න වෙනවා. ශෙහාන් කියන්නේ එයාගේ ආදරනීය අම්මටයි තාත්තටයි ඉන්න එකම කොල්ලා. පුංචි නන්ගිලා දෙන්නෙක් ඉන්න නිසා ශෙහාන්ට තමයි පවුලේ වගකීම දරන්න වුනේ.
පිටරට යවන එකම අවුල උනේ ශෙහාන් අම්මගෙයි තාත්තගෙයි තනි කොල්ලා නිසයි. එහෙ university එකේ ශෙහාන්ගේ අයියා කෙනෙක් හිටිය නිසා ඉතින් ගිහින් තනියම ඉන්න යන එක ගැන හිතට ලොකු බයක් එයාලට දැනුනේ නෑ.
ඉතින් අන්තිමට ශෙහාන් එයාගේ පුංචි පවුලෙන් වෙන්වෙලා අවුරුදු හතරක් ඉගෙන ගන්න පිටරට ආවා.
University area එක ඇතුලෙම ඉතින් apartment sector එකක් තියෙනවා. ඉගෙන යන්න යන අය මේ apartment වල නැවතිලා තමයි university එකට යන්නේ අදාල ඉගෙනීම් කටයුතුවලට. මෙහෙම apartment වල ඉන්න වෙන්නේ කීප දෙනෙක් එක්ක. තනි කෙනෙක්ට ඒක ලොකුවට දරාගන්න ටිකක් අමරුයි.
එයාලා ඒ apartment එකට අදාල cost එක බෙදාගෙන තමයි මේ apartmentවල ඉන්නේ.
ශෙහාන්ට ලංකාවෙන් ආපු කාවවත්ව මේ apartment එකේදි එහෙම හම්බුනේ නැති නිසා ඉතින් තනියටවත් තමන්ගේ භාශාවෙන් කතාවක් දාගෙන එකට ඉන්න කෙනෙක් හිටියෙ නෑ.
ශෙහාන්ට ඉන්න හම්බුනේ ඉන්දියන් කොල්ලෝ දෙන්නෙක් ඉන්න apartment එකක්. ඉතින් කොහොමින් කෝම හරි ශෙහාන් එයාලා එක්ක නැවතුනා. මොනා උනත් නැදෑ රට නිසාද මන්දා ශෙහාන් එක්ක ඒ කොල්ලෝ දෙන්නා හොදින් හිටියා. ගෙවීගිය කාලෙත් එක්කම ටික කාලයක් යද්දී කොල්ලෝ තුන්දෙනා හොද යාලුවෝ වගේ හැම දේම වගේ බෙදාගෙන පාඩම් වැඩ උනත් හොදින්ම කර ගත්තා.
ඔය අතරේ ඉන්දියන් කොල්ලෝ දෙන්නගේ එක් කෙනෙක්ගේ මල්ලි කෙනෙක් ආවා. එයා ඇවිත් හිටියෙනම් වෙනම තැනකයි. පස්සේ මල්ලි තනියෙම ඉන්නේ කියලා එයාගේ අයියටත් මල්ලී එක්ක යන්න උනා ශෙහාන්ලා ඉන්න apartment එක්ව්න් වෙනත් තැනකට.
ඉතින් ශෙහාන් එක්ක ඉතුරු උනේ වීර් කියන අනිත් ඉන්දියන් කොල්ලා විතරයි. ඉතින් දැන් cost එක බෙදා ගන්න එක ගැන තමයි එයාලට තිබ්බ එකම ප්‍රශ්නේ. දෙන්නට තනියෙම cost එක බෙදා ගන්නත් අමාරුයි. තව කෙනෙක් ඉන්නවනම් හොදයි කියලා දෙන්නා කතා උනා.
ඉතින් දන්න අයටත් කියලා ශෙහානුයි වීර්රුයි notice එකකුත් දැම්මා ඉඩ තියෙනවා කැමතිනම් කතා කරන්න කියලා.
ඔන්න ඔය අතරේ ආසියන් බෝයිස්ලා ඉන්න තැනක්, තායි කෙනෙක් හොයලා තිබුනා. එයාට ඇමරිකන් අයත් එක්ක ඉන්න ටිකක් බයයිලු ඉතින් එයා ආසින් බෝයිස්ලා ඉන්න තැනක් තමයි හොයලා තියෙන්නේ. ඉතින් අහම්බෙන්වගේ යාලුවෙක්ගෙන් මෙයාට දැන ගන්න ලැබෙනවා ආසියන් බෝයිස්ලා දෙන්නෙක් ඉන්න තැනක ඉඩ තියෙනවා කියලා. ඉතින් මෙ තායි කෙනා ඉක්මන්ටම යාලුවට කිව්වා එයාලට කතා කරමු එහෙනම් කියලා.
ඕක දැන ගත්තහම ශෙහාන් වීර්ට කියනවා
" අනෙ එපා බන්.. ඔන්නෑ...😕ඕක හරියන වැඩක් නෙවෙයි.."
කියලා.
ශෙහාන්ට හිතිලා ඒක හෙන ලෙඩක් වෙන්නැති කියලා. මොකද කෙලින්ම කෝල් එකක් දීලා එන්නේ නැතුව හම්බෙලා කතා කරන්න ඔනේ කිව්වම ශෙහාන්ට අවුල් හිතුනා.
තායි කොල්ලෝ ගැන ශෙහාන්ට කිසිම අදහසක් තිබ්බෙත් නෑ. වෙනම හම්බෙලා කතා කරද්දී එයා හෙන විකාර කොල්ලෙක් වෙන්නැති, එහෙම කෙනෙක් එක්ක ඉන්න එකත් අවුල්නේ කියලා ශෙහාන්ට හිතුනා.
ඒත් අන්තිමට අනේ ඉතින් මේ ශෙහාන්ට යන්න සිද්ද උනා ඒ තායි කොල්ලව හම්බෙන්න, මොකද වීර් බල කරා ගිහින් බලමු මොකක් හරි කරමු කියලා.
කතා උන තැනට දෙන්නා යද්දී තායි කොල්ලා ඇවිත් හිටියේ තව ආන්ටි කෙනෙක් එක්ක. ශෙහානුයි වීරුයි කතාව පටන් ගනිද්දී මෙයා නෙවේ වචනයක් කතා කලේ. ඇන්ටි තමා ඉතින් පැනලා ඔක්කොම වගේ කතා කර ගත්තේ. ශෙහානුයි වීරුයි උඩ ගියා මේකා කට පියාගෙන ඉද්දී. ඇයි ඉතින් වෙනම හම්බෙලා කතා කරමු කිව්වම හෙන පොර වෙන්නැති කියලනේ හිතේ මැවෙන්නේ. මොනා උනත් ආන්ටි එයාලා එක්ක නවතින්න එනවා වගේ තමයි හරියට විස්තර කතා කරගත්තේ.
ඔහොම යද්දී තමා තායි කොල්ලගේ නම එම් (em) කියලා ශෙහානුත් වීර්'ත් දැන ගත්තේ. එම් ශෙහාන් දිහායි වීර් දිහායි එක පාරක් හොදට බලලා ඒ දෙන්නව දැකලා ටිකක් බය වෙලයි හිටියේ. දෙන්නම එයාට වඩා ලොකුයි උඩ මහතයි ටිකක් නපුරුත් වගේ පෙවුනු නිසා. ඒ මදිවට එයා ආවෙත් ආන්ටි එක්ක නිසා දැන් කෝමත් එයා පොඩි කියලා ඒ දෙන්නා හිතනවා ඇති කියලයි එම් හිතුවේ. බය කෙසේවෙතත් එම්ට දැන් හොදටම ලැජ්ජයි.
එම් මෙච්චර කාලයක් එයාගේ අන්ටිගේ ගෙදර ඉදම් තමයි යුනිවසටි එකට එහෙම ගියේ. ඉතින් ඔහොම යන එක කරදරයක් නිසා එයාලා තැනක් හෙව්වා ලග ඉදන් යුනිවසටි එකට යන්න. ඉතින් ඔහොම හොයලා අන්තිමට හොද තැනක් හම්බුනාම එම්ගේ ආන්ටි කිව්වා
" පුතා මාත් එන්නම් ඔයා එක්ක යන්න..."
කියලා... ඒත් එම් කැමති උනේ නෑ ඒ වැඩේට.
" ඔන්නෑ මන් යන්නම්... ආන්ටි කරදර වෙන්නෙපා....මට පුලුවන් කර ගන්න....☺"
එයාව පොඩි ලමයෙක් වගේ පෙනෙයි කියලා එම් හිතුවා. ඒ කොල්ලෝ දෙන්නත් එම්ගේ වයසෙම නිසා එම්ට ටිකක් ලැජ්ජ හිතුනා ආන්ටි එක්ක යන්න. ඒත් ආන්ටිට එම්ව එහෙම යවන්න ඔනේ උනේ නෑ. ඉතින් ආන්ටි,
" නෑ ඒක හරියන්නෑ. මම එන්නම් මගේ අතේනේ ඔයාගේ වගකීම් තියෙන්නේ.."
කියලා. ඉතින් ආන්ටි එන්නම ඔනේ කිව්ව නිසා ඒ දෙන්නව හම්බෙන්න ආන්ටිත් එක්ක එම් ගියා.
ඔහොම විස්තර අහන මැද්දේ ආන්ටි නිකමට වගේ දෙන්නගෙන් ඇහුවා
" පුතා ඔයාලා ඉන්නේ සෙපරේට් රූම්ස් වලද...."
කියලා.
ශෙහානුයි වීරුයි මූනට මූන බලා ගත්තා. අනේ....! ඒක දැකලා එම්ට හොදටම ලැජ්ජා හිතුනත් එක්ක.
" නෑ......."
වීර් එම්ට කිව්වා
" රූම්ස් දෙකක් තියෙනවා.. එකක මම අනිත් එකේ ශෙහාන් ඉන්නේ.. ඔයාට මා එක්ක ඉන්න පුලුවන්..😉"
කියලා. ඔන්න ඒකටනම් එම්ට හොදයි කියලා දැනුනා. මොකද ශෙහාන් හිටියේ නපුරෙක් වගෙයි. ශෙහාන්ගේ සැර පාට නිසා එම්නම් බයෙන් තමා ටිකක් හිටියේ. වීර් හිනාවෙලා සුහදශීලීව කතා කරපු නිසා එම් හිතුවා එයා හොද කෙනෙක් කියලා.
ඒත් එදා එම්ව දැක්කම ශෙහාන්ට හිතුනා එම් හුගාක් ලස්සනයි කියලා. හරි හුරතල් පාටයි. ලස්සන හිනාවක් එම්ට තිබ්බ.
අන්තිමට ඔක්කොම කතා කරගෙන එම් වීර්ගෙන් නම්බර් එකත් ඉල්ලගත්තා.
ඔක්කොම කතාවෙලා ශෙහානුයි වීර්රුයි යන මගදි කතා වෙච්ච දේවල් ගැන මතක් කර කර හොදට හිනා උනා. සෙපරේට් රූම් ගැන කියද්දි තමයි දෙන්නට තවත් හිනා ගියේ.
ඔහොම දවස් දෙකක් ගත උනාට පස්සේ එම් එයාලගේ එපාර්ට්මන්ට් එකට ගියා. එපාර්ට්මන්ට් එක එම්ට හොදට හිතට ඇල්ලුවා.
කිචන් එරියා එකට මුන් දෙන්නා යන්න තියා හිතලවත් තිබ්බේ නෑ. දෙන්නම එලියෙන් තමයි දිගටම කාලා තියෙන්නේ.
එම් එයාගේ අම්මා එක්ක කෑම හදන්න ඉගෙන ගත්තේ වැඩි හොදටමයි. ඉතින් එම්ට රසට කෑම හදන්න පුලුවන්. පස්සේ ඩිනර් එක හදන්න එමී භාරගත්තා. මොකද උදේ දවල් ලෙච්චස් නිසා රෑට තමයි කොල්ලෝ තුන්දෙනා හම්බෙන්නේ. ශෙහානුයි වීර්රුයි ඒ වැඩේට කැමති උනා. යාලුවෝ තුන්දෙනා ගානක් බෙදාගෙන බඩුත් ගෙනා ගත්තා.
එම් හුගාක් පිලිවෙලට ඉන්න කෙනෙක්. ඉතින් එයා හැමදේම වගේ පිලිවෙලකට හදාගෙන හිටියේ. රෑ එයා කිචන් එක සුද්ද කරන ගමන් වීර්ගෙන් ඇහුවා
" ඔයාලා දෙන්නම සවුත් ඉන්දියන්ද..? නෝර්ත් ඉන්දියන්ද...? 😁"
" මමනම් සවුත් අනිත් එක්කෙනා හොදටම සවුත්...😅"
වීර් හිනාවෙන ගමන් කිව්වා. එම් ඇස් දෙකත් ලොකු කරගෙන ඒ දෙන්නා දිහා බලන් හිටියා. මොකද එම්ට තේරුනේ නෑ වීර් කලේ විහිලුවක් කියලා. ඉතින් එම් බලන් හිටපු විදිහට දෙන්නට තේරිලා. පස්සේ ශෙහාන්
" මන් ශ්‍රී ලංකා...☺️"
එතකොට තමයි එම් දැන ගන්නේ ශෙහාන් කියන්නේ ලංකාවේ කෙනෙක් කියලා. එතකොට එම් හිතුවා ඉන්දියන් අය කලුයි ලංකාවේ අය සුදුයි කියලා. (😜) මොකද වීර් ගොඩාක් කලුයි ශෙහාන් ගොඩාක් සුදු නිසා.
___________________________________
Hi gyz......👀
ගොඩාක් දැම්මේ නෑ....
පොඩි intro එකක් දුන්නේ.
කතාව දිගයි අවසානය කොහෙද අපි තවම දන්නෙනෑ..
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top