11:විසදුමක් 🎈
...........................hi..😁...........................
* Jin pov *
මම ජන්කුක්ව එහාට කරලා කලබලෙන් හිට ගත්තේ ඩයරිය අරගන්න කාමරේට දුවන්නයි. මම නැගිටිද්දී නම්ජුන්ගේ නපුරු ඇස් මන් යන දිහා බලන් හිටියේ මාව නවත්තන්න ඔනේ කියන හැගීම මූනේ ඇදගෙනයි. මොනා උනත් එයා ඉන්නේ හැමෝටම වඩා අපි ගැන බයෙන්. එයා නිසයි හැමදේම කියන වරදකාරී හැගීම නම්ජුන්ගේ ඇස්වල ඇදිලා තිබුනා.
මට තරම් නම්ජුන්ව කියවන්න පුලුවන් කෙනෙක් තවත් නැතුව ඇති. මට ඔනේ උනේ නම්ජුන් දිහා නොබලම අපේ රූම් එකට යන්න. එයා මාව නවත්තන්න කලින් මම පොත අරගන්න ඔනේ. ඒත් මා එක්කම රූම් එක ලගට ආපු නම්ජුන් මගේ පපුව ඉස්සරහින් අත හරස් කරා.
" හිටපු තැනටම යන්න. කට්ටියගෙන් වෙන්වෙන එක භයානකයි.. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද ජින්...? "
මම හිටියේ වචනයක්වත් කතා කරගන්න පුලුවන් තත්වෙක නෙවෙයි. කලින් උනු සිදිවීමත් එක්ක මට හැමවෙලේම දැනුනා මගේ බෙල්ලේ කවුරුම හරි එල්ලිලා ඉන්නවා කියලා. ඒ තරම් ලොකු බයක් මට දැනුනා. මම බෙල්ල අල්ලගෙන කාමරේ දිහාම බැලුවා. මට තිබුනේ එක හැගීමයි ඒ පොත ගන්න එකමයි. මගේ බෙල්ල දිහා බලපු නම්ජුන් ඒ තප්පරේට එයාගේ ඇස් මගේ බෙල්ලෙන් අහකට ගත්තා. එයා දන්නවා මම ඉන්නේ කලබලෙන් කියලා. උනු දේවල් නිසා මමත් ඉන්නේ කටත් වඩා බයෙන් නම්ජුන් ඒක තේරුම් ගන්න ඔනේ. මට ඔනේ මගේ පවුල රැක ගන්න.
වුනු හැම එකක්ම මම හීනෙන් දැකපුවා නෙවෙයි. ඒවා ඇත්තටම උන දේවල්. මගේ බෙල්ලේ ඇගිලි සලකුනු මගේ හොදට පේන්නම තිබුනා. හරියට පිච්චිලා වගෙයි මට දැනුනේ. මට ඒ තුවාලවල වේදනාව ලොකුවට දැනුනේ නෑ මොකද මම ඉන්නේ වෙනම සිහියක. මට දැන් මන් ගැන හිතන්න කිසිම උවමනාවක් නෑ. මට ඔනේ මේකෙන් මගේ පැටව් ටික ගලව ගන්න විතරයි. ඒකෙන් මගේ ජීවිතේට මොනාහරි උනත් මට කමක් නෑ. මගේ අතින් ආයිමත් ජන්කුකීට කිසම කරදරයක් වෙන්න බෑ. ඒ මොහොත මගේ ඔලුවේ ආයිමත් මැවි මැවි පෙනුනා. ඒ පුංචි අහිංසක ඇස් මන් නිසා බයෙන් වෙවුලුවා. දෙවියනේ මම ආයිත් එහෙම වෙන්නනම් දෙන්නෑ.
නම්ජුන්ගේ අත අල්ලලා පල්ලෙහාට කරපු මන් දෙපාරක් නොහිතම රූම් එකට ඇතුල්ට දිව්වා. නම්ජුන් මගේ පස්සෙන්ම මන් යන දිහාවටම ආවා. නම්ජුන්ගේ ඇස් කාමරේ හැම තැනකටම දිව්වා. නිකන් ඊලග මොහොතේ මොනා වෙයිද කියන සැකෙන් වගෙයි.
" ඔයා මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ.. ආ මොනාද මේ කරන්න හදන්නේ... !!! "
නම්ජුන් රහසින් ඒත් තරහින් දත්මිටි කාගෙන කිව්වා. ඒත් නම්ජුන්ව ඇහෙන්නැති ගානට මම ඇද ලගට ගියා. අපි තනි වෙන්න තනි වෙන්න අපිට අනතුරක් වෙන්න තියෙන භයානක කම වැඩි. ඒත් මේක විතරයිනම් මෙතනින් ගැලවෙන්න තියෙන එකම මාර්ගේ මම ඒක කරන්නම ඔනේ.
ඉක්මන්ටම මන් කොට්ටේ උස්සලා ඒ ඩයරි එක හෙව්වා. මන් අන්තිමට ඒක කියවලා තිබ්බේ මේ කොට්ටේ යටින්.
මොකක්..!
කෝ ඩයරිය..!
මන් ඒක තිබ්බේ මෙතන කියලා මට හොදටම මතකයි. ඒත් දැන් ඒක මෙතන නෑ. ඒක වෙන්න බෑ. මම ඇදේ බෙක්ශීට් පවා ඇදෙන් බිමට ඇදලා දාලා ඩයරිය හෙව්වා.
මුලු ඇදම අවුස්සද්දී
"මොකක්ද ඔයාටවෙලා තියෙන්නේ.. අපි මෙතනින් යන්න ඔනේ.. ජින්... මෙහාට එන්න.."
නම්ජුන් ඇවිත් මගේ අතින් ඇද්දේ තවත් මන් මේ කරන දේ ඉවසම් ඉන්න බැරි තැනයි. ඒත් මම හිටියේ පුදුම කේන්තියකින් නෑ ඒක කේන්තියක් නෙවේ මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ කියන බය මගේ මුලු ශරීරයම මානසික වට්ටලා තිබුනා. මට ඒක ඔනේ.. මම දන්නේ එච්චරයි. මගේ ඔලුවේ වැඩ කලෙත් එච්චරයි. මම නම්ජුන්ගේ අත මගේ ඇගින් විසික් කරලා නම්ජුන්ගේ කොලර් එකෙන් ඇදලා ඒ ඇස් වලට ඔරවන ගමන් නම්ජුන්ව දොර දිහාවට තල්ලු කලා. ආයිමත් ඇද දිහාවට හැරුන මම එතකොටම දැක්කා ඇද යට මොකක් හරි පොඩි දේක හෙවනැල්ලක් වැටිලා තියෙනවා.
ටිකක් නැවුනහමයි මම දැක්කේ ඒ තියෙන්නේ ඩයරි එක කියලා. ඒක කොහොමද ඇද යටට වැටුනේ කියන එකවත් මට හිතන්න ඔන උනේ නෑ. මම කලේ දෙපාරක් නොබලම බිම දන ගහ ගත්ත එක.
ටග්ගාලා ඇද යටට නැමිලා බලද්දී පොත තව ටිකක් ඇද යට ගිහින් තිබුනා වගේ මට දැනුනා. නැවෙද්දිම අහුල ගන්න පුලුවන් තරම් ලගක ඒක තිබ්බා වගෙයි මම දැක්කේ. මහ භයානක හැගීමක් මගේ අත පය අඩපන කලා වගේ මට දැනුනා.
'ඉක්මන්ටම මේක අරන් යනවා.. භයානක දෙයක් සිද්ද වෙන්යි යන්නේ මට ඒක හොදටම දැනෙන්න පටන් ගත්තා .'
ඇද යටට නැමිලා පොතට අත යවද්දිම ඇද යටින් වතුර වගේ දෙයක් ඩයරි එක දිහාවට ගලාගෙන එන්න පටන් ගත්තා. 'මොනාද මේ.. මගේ ඇගම සීතල උනා. '
වතුර බටයක් කැඩිලා වගේ මගේ දිහාවටම ඒවා ඇද යටින් ගලාගෙන ආවා.
ඒ ය... ය...කින්න මෙතන ඉන්නව.. ම..ට ඒක හොදටම තේරුනා.. මන් දිහා කවුරුම හරි බලන් ඉන්නවා මේක යට ඉදන්.. ද... ද..
ඒත් එක්කම කියාගන්න බැරි මියෝ මැරුනු කුනු ගදක් ආවා. නෑ ඒක ඊට වඩා මහ පිලිකුල් ගදක්. කිසිම දෙයක් ඇතුලේ හරියට පේන්නේ නෑ. ඇද යට තිබුනේ පුදුම කලුවරක් කිසිම දෙයක් පේන්නේ නැති තරමටම. කලුවර දිහා බලාගෙන මම ඩයරි එක ගන්න අත යවද්දී එ... ඒ... ඩයරි එක තව ටිකක් ඇද යටට ඇදිලා ගියා. මො... මො...කක්ද... මම දැන් කරන්නේ..
මොනාද මේ වෙන්නේ..
මම ඉක්මන්ට අත දික් කරලා ඇද ඇතුලට දිගා උනා.. 'පිස්සුද තමුන්ට දුවපන් ඔතනින්... ' මගේ මොලේ මට එක දිගට කියන්න ගත්තා. ඒත් මගේ මොකක්දෝ තිබුනු මෝඩකමකට මම තවත් ඩයරි එක ගන්නම උත්සාහා කලා. කකුලෙන් ගහලා මම ඇද ඇතුලට තල්ලු වෙද්දිම මට දැනුනා මගේ අත උඩින් එහා මෙහා කොන්ඩයක් වගේ දෙයක් ගෑවී ගෑවී යනවා. මගේ නල්ල පුරාම දාඩිය දාලා මන් තාමත් සීතල වෙලයි හිටියේ. ඒත් එක්කම මට ඔනෙ දේ.. ඒ ඩයරි එක මගේ ඇගිලි තුඩු වල ගෑවී නොගෑවී තිබුනා. මගේ මුලු ඇගම වෙව්ලලා ගියා කාගෙදෝ කෙස් මගේ අත උඩ හිරිකිත විදිහට වැටෙද්දී.
ඒ කොන්ඩෙන් වැටුනු සෙවල වගේ දෙයක් මගේ අත සීතල කරලා හිරි වැට්ටුවා.
කෑ ගහන්න පවා මට හයියක් නැතුව ගියා. තවත් වෙලා යන්න කලින් මට ඩයරි එක අතට ගන්න පුලුවන් උනා. ඒත් එක්කම මට හෙල්ලෙන්න බැරුව ගියා. මම දන්නෑ මම ඇයි මේ ඇද යට දිහා බලාගෙන ඉන්නේ කියලා. මට දැනුනේ මාව කවුරුම හරි ඇදලා ගන්න යනවා වගෙ. මගේ බෙල්ල වටේට සීතල අතක් වේදනාකාරී විදිහට එතුනා. මාව පිච්චෙනවා වගෙයි. මම පිස්සෙක් වගේ ගල් ගැහිලා බලාගෙන හිටියා. මම හිතුවා මොහොතකට මේ මගේ අන්තිම මොහොත කියලා.
හැම තැනම කලුවරයි. මට තවම හෙල්ලෙන්නවත් බැ. මගේ ඇග උඩ කවුරුම හරි හිටියා.
" උබලට හිනා වෙන්න බෑ.. මට උබේ මල්ලිව ඔනේ... මම මරනවා... මම මරනවා..."
මගේ කන් ලගින් කවුදෝ රහසින් කියවනවා. ගැඹුරු භයානක අප්පිරිය සද්දයක් මට ඒ කටහඩෙන් දැනුනා. එක දිගටම.. මට කිසිම දෙයක් තෙරුන් ගන්න බෑ.. මට ඔනෙ මාව බේර ගන්න කියලා කෑ ගහන්න... එත් මට බැරි උනා. මට දැනුනේ මගේ කදුලු වල රස්නේ විතරයි.
" ජින්යොන්............)))))))))))"
නම්ජුන් එකපාරටම මගේ නම කියලා කෑ ගැහුවා.
කලුවර නැතිවෙලා යද්දී මම දැක්කේ නම්ජුන් ඇද උස්සලා මුලු ඇදම කාමරේ කොනකට විසික් කරලා දානවා.මම දන්නෑ මොකක්ද උනේ කියන්න. මම නැගිටිද්දී මම හිටියේ කාමරේ කොනක ගුලි වෙලා ඩයරි එක පපුවට තද කරගෙන. ඒත් එක්කම හැම දේම නැතිවෙලා ගියා. මගේ බෙල්ල කවුරුත් අල්ලන් හිටියේ නෑ.
එ.. ඒත්.. ක..ක...වුරුම... හරි... හිටියා... මට නම්ජුන්ට ඒක කියා ගන්න බෑ.. දැන් මෙතන කවුරුත් හිටියේ නෑ...
ඒ වෙලේම මෙහේ සද්දේ ඇහිලා එකපාරටම ජන්කුක් කාමරේ ඇතුලට දුවන් ආවා. දෙ.. දෙ... වියනේ... ජ..න්කුක්...
" කබඩ් එ..ක.. උ.... දොර උඩ... "
* no one pov *
කබඩ් එක උඩ ජින්ව අල්ලගන්න හැදුව හොල්මන හිටියා. හොල්මනකට වඩා යක්ශනියක පෙනුමක් තිබුනා. සෙවල වගේ කොන්ඩයක් මූනට වැටිලා,මහා ජරා භයානක හිනාවක් ඒ කොන්ඩේ අස්සෙන් හොදටම පෙවුනා.
ජන්කුක් එකපාරටම උඩ බලද්දී උඩ තිබුනු ට්‍රන්ක පෙට්ටියක් ඒ යක්ශනි බිමට තල්ලු කලා. හරියටම ජන්කුක්ගේ ඇගට එල්ල කරලා.
ජින්ගේ අතින් අල්ල ගත්ත නම්ජුන් එකපාරටම ජන්කුක්වත් තල්ලු කරගෙන එලියට පැන්නේ හිතා ගන්න බැරි තරම් වේගෙනුයි.
ඒත් ජන්කුක් කමරේ දොරලගම බිම ඇදගෙන වැටුනා.
" අන්දේ.... ජ.. ජ.... "
සිහිය කියන එක හරියටම ජින්ට ආවේ මේ වෙලාවෙයි. ඒ ජන්කුක්ව කාමරේ ඇතුලට, එයාව ඇද යටට ඇදලා ගත්තා වගේම ඇදලා ගනී කියලා මැවිලා පෙවුන නිසයි. ජින් නම්ජුන්වත් තල්ලු කරගෙන අනික් පැත්තට පැනලා ජන්කුක්ව එලියට ඇදලා ගන්න හැදුවත් එකපාරටම ජන්කුක්ගේ කකුල කාමරේ ඇතුලේ තියෙද්දිම දොර වැහුනා.
ජින් ඒත් ජන්කුක්ව අත ඇරියේ නෑ. දොර එක දිගටම ඇරුනා වැහුනා. ජන්කුක්ගේ කකුලෙන් ලේ එන්නත් පටන් ගත්තා. ඒත් ජන්කුක්ව ඇදලා එලියට ගන්න බැරි උනා. ජින් දැක්කේ කාමරේ ඇතුලේ ජන්කුක්ගේ කකුලෙන් ඇදගෙන ඉන්න අර හොල්මනව.
ජින්ගේ බය කියා ගන්න බැරි විදියේ තරහවකට හැරුනා.
"අත ඇරපාන් බැ#&..."
ජින් හොදටම වෙනස් වෙලා තිබුනා. මුලු ඇගම රතුවෙලා ඇස් වියරු වෙලා තුබුනා. මැරෙන්න ගිහින් ගත්ත ඩයරිය පවා බිම දාලා ජින් ජන්කුක්ව බේර ගන්න පිස්සෙක් වගේ හැසිරුනා.
__________________________________
Hi guyz.. 🙂
මන් දන්නවා දැන්නම් ගොඩාක් කල් ගිහින් කියලා. 😖 සමාව දෙන්න හැමදාමත් වගේ...
Darkroom තව එක කොටසයි තියෙන්නේ.... හොද අවසානයක්ද නරක අවසානයක්ද... අපි බලනු ඊලග කොටසින්..
මේක බලන්න හොල්මන් කතා හැදෙන්න පාදක උනු සිදුවීම පෙලක් 🙃❤️
*********************************
ඉතින් මම භාගෙට නවත්පු D I D කතාවත් කියලා ඉවර කරන්නම්.
මම කියන්න ඔන තව දෙයක් තියෙනවා.. මේ D I D සම්බන්දව දැන් ඔයාලා කතා ලියන්න පටන් ගත්තා. හැබැයි මුලින් හොදටම දැනගෙන ඔයාලා කතා ලියන්න ඔනේ. මේක හුගාක් සංකීර්න කතාවක්. ඔයා හිතන දෙට වඩා හාත් පසින්ම ගැඹුරට ගියපු අමුතු දෙයක් මේක. හොදට සර්ච් කරලා දේවල් ඔලුවට අරන් ඔයාලා කතාව ලියන්න. ඒක තමයි හොදම දෙ. මම උනත් ඔයාලට කතාවක් ගෙන්න කලින් මම හුගාක් කතා කියවනවා ෆිල්ම් බලනවා ඇත්තම සිද්ද පාදක කරගන්න බලනවා. ඒවා කොහොමද උනේ කියලා හරියටම හොයනවා මම. මොකද මට ඔයාලට ඒ සිද්දිය මවලා පෙන්න උනේ එතකොටයි ඒක රස නේහ්. ඉතින් ඔයාලත් එහෙම කරන්න.
They all have a role
" ඒක මගේ ජොබ් එක. ඩෑඩ් එක්ක ඩීල් කරන එක මගේ ජොබ් එක. "
( හැමෝටම රෝල් එකක් තියෙනවා. )
ශක්තිමත්ම කෙනා නොසැලෙන කෙනා එයා තමයි එලියට එන්නේ තාත්තා එක්ක ඒ සිද්දිය වෙන වෙලාවේ ඉන්න. ඒ සිටුවේශන් එක දරාගන්න පුලුවන් කෙනයි එලියට එන්නේ. එයා විතරයි ඒ වෙලාවේ ඒ කෙල්ලව ඇබියුස් කරන එක දන්නේ. ඒ කෙල්ල කිසි දෙයක් දන්නෑ. එයාට දැනෙන්නෑ. එයාට මතකත් නෑ. හිතන්න අඩුම් එයා එ අහලකවත් ඇත්තේ නෑ. එයා ඉන්නේ මනසින් වගේම ශරීරයෙන් හුගක් දුරක.
ඒක දරාගන්නේ ඒ වේදනාව දරා ගන්නේ ඒ ශක්තිමත් කෙනයි. ගොඩාක් වෙලාවට ඒ අවසාත්වෙදී තීරනයක් අරන් පැනලා යන්නෙත් ඒ රෝල් එකේ අයිතිකාරයයි.
මේක බලන්න. මෙයා ඩොක්ට කෙනෙක්. විනාඩි තුනයි. මේක බැලුවම ටිකක් තේරෙයි වැඩේ.
මම කලින් කිව්වා වගේ ඔලුව ඇතුලේ නිර්මානය වෙන මේ අයට වෙන වෙනම කියලා ලයිෆ් එකක් තියෙනවා. එයාලටකරන්න වැඩ තියෙනවා. නම් ගම් වෙනස් භශාව වෙනස් එතකොට කටහඩ පවා වෙනස්.
මේ යට එක බලන්න. ඒක්වෙ ඉන්න පිරිමි කෙනෙක්. එයා ස්විච් වෙද්දී ( ස්විච් වෙනවා කියන්නේ එක එක්කෙනා එලියට එන එකට ) උඩින් ඒ එලියට එන කෙනාගේ නම වැටෙනවා.
එලියට එන සමහරු දන්නෑ මේ මොකක්ද වෙන්නේ කියලා. ඇයි මෙයා මේ විඩියෝ කරන්නේ කියලා ශොක් වෙනවා. 😅
👇 බලන්න...
බය වෙන්න එපා.. හරිතෙ 🙂💔
//ඉස්සරහට දදා බලන්න. කටහඩ හැසිරෙන විදිහ.//
ඔයා දැන් මවා ගන්න ඔනේ ඔලුවක් ඇතුලේ එක තැනක කට්ටියක් පුටු තියාගෙන රවුමට ඉදගෙන කතා කරනවා වගේ.
දැන් ඇහුවොත් කවුද එලියේ වැඩේට දක්ශම කියලා ඔලුවේ ඉන්න එක්කෙනෙක් කියවා
" දැට්ස් මයි ජොබ්" කියලා.
හරියට දැන් හිතමු මායා කියලා කෙනෙක් ඉන්නවා. එයාට d i d තියෙනවා. එයාට ඩ්‍රයිවින් බෑ. ඒත් එයාගේ ඔලුවේ ඉන්න කෙනෙක් එලියට එනවා එයාට හොදට ඩ්‍රයිවින් පුලුවන්. එයාට අපි මයික් කියමු. මායා ජීවිතේට ඩ්‍රයිව්න් ස්කූල්වත් ගිහින් නෑ. අඩුම ලයිසන්වත් අරගෙන නෑ. ඒත් අර මයික්ට තියෙනවා.🙂
කොම්පියුස් උන්ගා බුන්ගා නේද.. 🙂 ඒකයි කිව්වේ ම්වෙක සංකීර්නයි කියලා. මොකක් හරි වැඩ්ක් තියේනම් ඒකට දක්ශම කෙනා එලියට එනවා ඒ වැඩේ භාර ගන්න.
ඔය අයගේ තවත් සමහරු ඉන්නවා මිනිස්සුන්ට බයයි. හේතුවක් නෑ බයයි. කතා කරන්නේ මාරම බයෙන්. හැන්ගිලා වගේ ඉන්නේ. ඇවිදින්නේ පොලවටත් නොදැනී. වෙව්ලනවා හෝ බයෙන් බලෙන්නේ.
ඔය වගේ එක එක ජාතියේ අය ඔලුවේ නිර්මානය වෙනවා.
තව කොල්ලෙක් ඉන්නවා. අම්මෝ මම මාර ආසයි එයාට 🙂 එයා ලස්ස්නයි ඒකයි 😂💔
එයා පෙන්නනවා නෝට් එකක්. එයාගේ අල්ටලගේ වයස නම්. ( මතකයි නේත ඇල්ටා කියන්නේ ඒ ඔලුවේ නිර්මානය උනු අනික් අයට කියලා )
සෙක්සුවලිටි එක ත් වෙනස් ඒ ඒ අයට.
සමහරු බයි.
සමහරු ස්ට්‍රේට්.
සමහරි ගේ.
ජොලිම වැගේ එක්කෙනෙක් ලව් එයාගෙම් අල්ටා කෙනෙක්ට 😍
එයා කියනවා ඒක.. පල්ලෙහා ලින්ක් එක..
සමහර අයට ඇස් පේන්නේ නෑ.
ග්ලාස් දානවා.
සමහරුන්ට හොදට ඇස් පේනවා.
එක්කෙනෙක් ග්ර්ර්ල් කෙනෙක්.
එයා ලෙස්බියන්.
පල්ලෙහා එක බලන්න.
ඔය දැන් එයා පෙන්නවා පික්ස්. මේ වගේ.
ඔතන වෙන්නේ එක එක ඇල්ටලා එලියට ඇවිත් කියනවා මේ ඉන්නේ මම. එයාව එයා අදුන්වලා දෙන්නේ එහෙම. එයා එයාගේ ස්වරූපය හදාගෙන තියෙන්නේ ඒ වගේ. එයාම තමයි ඕවා ඩිසයිනින් කරලා තියෙන්නේ මන් දන්න විදිහට.
මේ කොල්ලට අල්ටලා කීයක් ඉන්නවද කියන එක තාම දන්නෑ. කෝම හරි එයාගේ ඔලුවේ ගොඩාක් අල්ටලා ඉන්නවා කියලනම් දන්නවා. ඔය උඩ පෙන්නුව ඉක්ස් වලට වඩා තව ඉන්නවා. 🙂💔
සමහරු වැම්පයර්ස්ලා.
එයා එලියට ඇවිත් වයස එහෙම කියනවා. මෙච්චර අවුරුදු ගානක් මම වයසක් කියලා.
හරි තව විස්තර දෙන්න බලන්නම් ඊලග කොටසිම්.
ඔයාලගේ ප්‍රශ්න එහෙම දැනුවත් කරන්න මම උත්තර දෙන්නම් 🙂❤️
********************************
මේ දවස්වල සිද්ද උනු ඒවත් එක්ක චුට්ටක් හිත රිදිලා ඉන්නේ. මම දන්නෑ දැන් මේ පොත් කියනවන සමහර අය පවා එලියෙන් වෙන කෙනෙක්. ඇතුලින් වෙන කෙනෙක්. එහෙම වෙන්පා ඒක හරි නපුරුයි. සමහරු විතරයි/?
මම bts කියන නම ගාගෙන ඒ කොල්ලොමයි මේ කතාවල ඉන්නේ කියලා නෑ. මම ගන්නේ මමම එඩිට් කරපු පික්ස්. එතකොට ඒවා ෆෑන් ආර්ට් කියන කැටගරි එකට වැටෙන්නේ. ශිපින් කියන එක ඇතුලෙදී තමන්ගේ හිතේ තියෙන ලිංගිකත්වයට එරෙහිව අදහස් දක්වන එකනම් මෝඩ වැඩක්.
සමලිංගිකත්වය කියන්නේ විකුර්තියක් කියලා කියන්නේ මගේ කතා හුගාක් ආදරෙන් වැලදගෙන හිටපු අයමයි. මම දන්නෑ මිනිහෙක්ගේ හැගීම් ප්‍රෝටෝන එක්ක සසදුවේ මොන විද්‍යවක් අමුතුවෙන් නිර්මානය කරලද කියලා.
එන්න කියන්න මම කියලා දෙන්නම් වෙනස විද්‍යාත්මකවත් lgbt එක ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානයටත් වඩා මොල කාරයො ඉන්නවා කියලනම් දැනම් හිටියේ නෑ හැබැයි. 😂
මල පනින්නේ මනුස්සකමක් නැතුව විකුර්තියෝ ගාලා අහිංසක මිනිස්සුන්ට බනිද්දී. මගේ අයියලා මගේ නන්ගිලා ඉන්නවා එහෙම ආදරේක සතුටින් ජිවත් වෙන. ඒ අයව ආශ්‍රය කරලා බලන්න ඒ අයත් අපි වගේම අය කියලා තේරෙයි.
ඔය විකුර්තියෝ පොඩි අයවත් සමලිංගිකයෝ කරනවා කිව්ව කාටත් වඩා එයාලගේ මනුස්සකම උතුම් කියලා තේරෙයි එදාට.
මොනා බැලුවත් කියෙව්වත් තමන්ගේ ලිංගිකත්වය ඒක නෙවෙයිනම් එහෙම බලෙන් lgbt කියන තැනට යන්නේ නෑ. මෝඩ වෙන්නෙපා කරුනු හොයන්න හිතට දැනෙන දේවල් කුනු කෙල පිටින් එලියට දාන්නේ නැතුව. මම මේ කියනේ lgbt එකට බයින අයට හොදේ 🙂💔
සංසුන් 🧘
මට දුකක් තියෙන්නේ ලංකාවේ ඉපදුනු එක ගැන නෙවේ. මේ වගේ කුහක සමාජෙක ජීවත් වෙන්න උන එක ගැන. 🙂💔 පට්ට ආදරේ මන් ලංකාවට ඒත් පට්ටම වයිරයි මේ කුහක ආගම් වලට බෙදුනු නල්ලේ ලේබල් ගහගෙන, ලිංගිකත්වයට බයේ කෑ ගහන මිනිස්සුන් එක්ක. එහෙව් ජාතියක් එක්ක මනුස්ස්කමක් නැතුව අපිට ඉන්න වෙන්නේ අමනුස්සයෝ වගෙයි. ඔව් ඉතින් යක්ක පුත්තු කියන්නේ අමනුස්සයොනේ. 🙂 වචනේ තේරුමවත් දන්නෑ පාවිච්චි කලාට.
ඇති 🙂
එහෙනම් ආයි හමුවෙමු... මම ආදරෙයි ගොඩාක් මා එක්ක ඉදපු හැමෝටම. හම්මෝ ආදරෙයි කියලා මදී 😖 බදාගෙන උම්මා දෙන්න හිතුනා. කෝල් කරලා පවා ඔයා එක්ක අපි ඉන්නවා කියපු හැමෝටම. සහා මාව සැක කරපු අයත් එක්ක තරහක් නෑ. හොයලා බලලා සැක කරන එකයි බුද්දිමත්කම මම විශ්වාස කරන්නේ ඒක.
හෙලෙන මනසට ජය..
කොහොමද මේ කලවම.😂
Enjoy 😍
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top