|53|

"ආයිශ් හ්‍යුන්ග් ඔය මගේ කකුල...."

"ඔහ්..සොරි කූ... ඔය වැටෙයි..."

මල තිත්ත කලුවරේ මේ දෙන්නා මේ ලොකු ලී රාක්කයක් පිටිපස්සට වෙලා මරා ගන්නවා.... ජන්කුක් රිදෙන්නම ටේහ්‍යොන්ගේ කකුල පෑගුවත් රිදුනේ ජන්කුක්ට මොකද ටේහ්‍යොන්ගේ සපත්තුවේ ඉස්සරහා හෙන තදයි...

"ඇත්තටම ඔයාට පිස්සුද කූ.. අහ් මේ වගේ සද්දේ ඇහෙන සපත්තු දාන් එන්නේ..ඔයා හිතුවේ මොඩ්ලින් පෙරඩ් එකක් කියලද මේක..."

"කවුද දන්නේ මෙහෙම තැනක් කියලා.. කෑ නොගහා ඉන්න හ්‍යුන්ග්.. එහෙනම් ඔයාගේ සපත්තු දෙක මට දෙන්න... "

ටේහ්‍යොන්ග් රැවුවත් ජන්කුක්ට පෙනුනේ නැති එකම හොදයි...

"ආහ්..කොච්චර වෙලාවක් මෙයාලා මෙතන ඉන්නවද..."

"දන් නෑ... මාත් මේ අදමයි එන්නේ... "

ටේහ්‍යොන්ග් කිව්වේ ජන්කුක්ව අල්ලන් පිටිපස්සේ බිත්තියට හේත්තු වෙන ගමනුයි... කම්පැනි කේම බේස්ට්මන්ට් එකේ පැත්තක් කිම්ගේ සීක්‍රට් ප්ලේස් එක වෙලා තිබ්බා.. මෙතෙන්ට එන එකම කට්ටිය උනේ මිස්ටර් ලීයි මිස්ටර් කිමුයි විතරයි..ඔච්චර ආරක්ශාවක් නැතුව ඇති භාන්ඩාගාරෙවත්.. මේ දෙන්නා දැන් පැයක වෙලේ ඉදන් මේ රාක්කයක් පස්සේ හැන්ගිලා.. බේස්ට්මන් එක බෙදලා මේ කොටස වහලා එක ලිෆ්ට් එක්කින් එන්න පුලුවන් විදියට හදලා තියෙන්නේ.. දෙන්නත් එක්ක හායි ගාල ඒ ලිෆ්ට් එකෙන් ඇවිත් එක තත්පරයක් ගියේ නෑ ගාඩ් කෙනෙක් ආයෙත් ආවේ දෙන්නම එතන නෝමල් වෙන්න හදලා තිබ්බ රැක් එකක් පිටිපස්සේ හැන්ගෙනකොට...

එවෙලේ මුලින් ලයිට්ස් ඔන් කරත් ආයෙත් ලයිට්ස් ඕෆ් කරලා ගාඩ් මෙතනම ඉන්න හින්දා මේ දෙන්න සෑහෙන්න අසරන වෙලා...

"එක්කෝ මුට ගහමුද හ්‍යුන්ග්..."

ටේහ්‍යොන්ග් කලුවරේම ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා..

"ඒ පාර ඔයා ගහගන්නත් ඉගනගත්තද.."

"කවුද කිව්වේ මන් ගහනවා කියලා..හ්‍යුන්ග් ගිහින් ගහන්න..."

මූද පිස්සා මන්ද පිස්සා වගේ ටේහ්‍යොන්ග් බැලුවේ... ජන්කුක් ලස්සනට පොඩි නොවෙන්න ඇදුම් ඇදලා ලාවට මේකප් එක්කුත් දාගෙන ටේහ්‍යොන්ග්ව ගහගන්න යවන්න හැදුවේ.. ටේහ්‍යොන්ග් වගේ එක හමාරක් විතර ලොකු ගාඩ් කෙනෙක්ට...

"ඇත්ත කියන්න බේබි ඔයා දැන් මට ආදරේ නෑ නේද..."

"අනේ මේ විකාරයක් කතා නොකර බැයි නම් බෑ කියන්න... ඇයි එදා අර ගැහුවේ අර මන් පස්සෙන් ආපු දෙන්නෙක්ට..."

"එහෙම පාරේ යන එවුන් දෙන්නෙක්ට අල්ලන් ගැහුවට ගාඩ් කෙනෙක්ට ගහන්න මමත් ඒ වගේ පොරක් කියලා හිතුවද... අනික මුන්ගේ සැර මන් හොදටම දන්නවා ඩෑඩ්ගෙනේ...."

"ක්හ්ම්...."

උගුර පාදන සද්දයක් ඇහෙනකොට මුල්ලට වෙලා කුටු කුටු ගාලා බැනගන්න ගමන් හිටපු දෙන්නම ආයෙත් රවාගත්තා...

"පිස්සුද උගුර පාදන්නේ අහ්...ඇහුනාම එහෙම..."

"ක්හ්ම්..."

"පිස්සුද බේබි.. ම.....

"ඔය අස්සේ ඉන්න දෙන්නා එලියට එනවා..මොකද කරන්නේ ඔතන අහ්... මේක එන්න තහනම් තැනක් කියලා දන් නැද්ද..."

දෙන්නගේ පිටිපස්සට වෙලා ටිකක් සද්දෙන් උන බැනිල්ල අහන් හිටපු ගාඩ් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් දඩ බඩ ගාලා ජන්කුක්ව අතෑරියාම ජන්කුක් ඉක්මන්ට ඇදුම හදාගත්ත්තේ ලයිට්ස් ඔන් වෙනකොට.

"පො..පොඩි සර්..."

ලයිට්ස් ඔන් උනාම ටේහ්‍යොන්ග්ව දැක්ක ගමන් ගාඩ් දෙකට තුනට නැවිලා ටේහ්‍යොන්ග්ට ආචාර කරා..

"ඔව් මන් තමයි මොකක්ද තමුන්ගේ ප්‍රශ්නේ.. මේ කම්පැනි එකේ මට යන්න බැරි තැනක් තියනවද..."

"එ..එහෙම නෙවෙයි සර්... ඒත් කිසිම කෙනෙක්ට එන්න මෙතන තහනම් කියලයි ලොකු සර් කියලා තියෙන්නේ..."

නොකියා බැරි කමට වගේ ගාඩ් එහෙම කියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්වත් ඇදන් ඇවිත් ලිෆ්ට් එකට නැග්ගේ ගාඩ් ජන්කුක්ගේ උඩ ඉදන් යටට හොදට බලනකොට...

"තව දෙයක්..මන් මෙතෙන්ට ආවා කියලා මිස්ටර් කිම්, ලී හරි වෙන කිසිම කෙනෙක් දැනගත්තොත් එදායින් පස්සේ තමනුගේ ජීවිතේ ගැන කවුරුත් වග කියන් නෑ ඒක හොදට මතක තියාගන්නවා..."

ටේහ්‍යොන්ග් සද්දෙන් ඒ ටික කියලා බට්න් එක ප්‍රෙස් කරාම ගාඩ් ඒ විදියට නැමිලා ආචාර කරා.

ටික්කින් දෙන්නත් එක්ක දෙපැත්තකින් එලියට ඇවිත් කැෆේ එක්කට ගියේ කාට්වත් නොපෙනෙන්න... කොහොමත් මේ වෙලාවේ හ්‍යුන්බින් ඇහැ ගහන් ඉන්නේ... මෙච්චර වෙලා කම්පැනි එකේ සී සී ටීවී ඕෆ් කියලා දැනගෙන යකා නටන්න කලින් දෙන්නම එතනින් පැන ගත්තා....

"ජිමින්...."

ජන්කුක් කැෆේ එකේ කොනේම තිබ්බ ටේබල් එකට වෙලා ලැප් එකත් දිගෑරගෙන ඉන්න ජිමින් ගාවින් වාඩි වෙන ගමන් කතා කරනකොට ජිමින් ජන්කුක්ට කප් එකක් ලන් කරා....

"මන් කොච්චර වෙලාද මෙතන..."

"හරි පොඩි කරදරයක් උනානේ.. හ්‍යුන්ග් දැන් එයි..."

"ආයිශ් මගේ නම් කිසිම කැමැත්තක් නෑ ඔය මනුස්සයාව හම්බෙන්න..."

"ජිමින්...!!!"

"හරි හරි කෑ ගහන්න එපා... මොකක්ද අද උනේ...අහ් අර එන්නේ.."

එතකොටම ඉස්සරහින් ටේහ්‍යොන්ග් ඇතුලට ඇවිත් වටේ බැලුවාම ජන්කුක් අත චුට්ටක් ඉස්සුවා.. ටේහ්‍යොන්ග් ඉක්මනට එතනට ඇවිදන් ඇවිත් ජිමින්ට ඉස්සරහින් වාඩි උනා...

"අවුලක් මුකුත් නෑනේ..."

"නැහ් මන් කන්ට්‍රෝල් රූම් එකට නිව්ස් එක දීලා ආවේ ඒකයි පරක්කූ..."

"අර මනුස්සයා කියයිද ..."

"නෑ ඌ කියන එකක් නෑ..අපි කලබල කරේ නෑනේ... කලබල කරත් වැඩක් නෑ ඌ ගාව කීස් වත් පාස් වර්ඩ්වත් නෑ... "

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ජන්කුක්ගේ කෝප්පෙනම උගුරක් බීලා ජිමින් දිහා බැලුවා..

"මේ ඔයාගේ කොට යාලුවා මට රවන්නෙ ඇයි..."

"මේ මම කොට නෑ හරි..මට කියලා තමුසේ තව ටිකක් කොට නොවී ඉන්නවා.. දන් නෑ මගේ හැටි තමුසේ..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කනට නැවිලා කියපු එක අහන් ඉදලා ජිමින් බෙරිහන් දෙන්න ගත්තම ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරලා බලල කින්ඩියට හිනා උනා..

"ඊට කලින් තමුන් දන්න්වද මන් කවුද කියලා... "

"අපොයි මොකද මන් නොදන්නේ.. තමුසෙනේ අර කිම් කාරයගේ නහයට අහන් නැති ලමයා... තමුසෙට යට ගහපු මර්ඩර් කේස් එකක් තියනවා, තමුසෙටයි අර තමුගේ යාලුවෝ දෙන්නටයි, එකෙක් අගමැතිගේ පුතා මින් යුන්ගි, අනිත් එකා මට පේන්න බෑ ජන්ග් කන්ස්ට්‍රක්ශන් එකේ හෙයර් ජන්ග් මාක්... ඩ්‍රග්ස් යූස් කරලා තියෙන්නේ..ඊට කලින් තමුන් පිටරට ඉගන ගත්තේ.. මේ වෙනකොට ඩිවෝස් උනාට කලින් මැරීඩ්, ඊට කලින් තමුන්ට මගේ මෙන්න මේ අහිංසක යාලුවගෙන් ලමයෙක් ඉන්නවා.. එයාගේ නම කිම් යූල්.. මම හරිද..."

ටේහ්‍යොන්ග් එතන තිබ්බ වතුර එක අරන් එක දිගට බීලා ජන්කුක් දිහා සැකෙන් බැලුවේ..ඔය මොක උනත් කම්ක නෑ අර මර්ඩර් කේස් එක දන්නේ කොහොමද මූ...

"තමුන් සී අයි ඩී එකේද..."

"නෑ මගේ බෝයිෆ්‍රෙන්ඩ් සී අයි ඩී එකේ ඇයි.. තව මොනා හරි දැනගන්න ඕනද..."

"න්..නැහ් නැහ්...කරගෙන යන්න...."

පොල්ලෙන් ගහන්න වගේ ජිමින් අහනකොට ජන්කුක් තොල් හපන් හිටියේ.. කලින් නම් හැත්ත බුරුත්තටම කෙලවන්න තමයි දෙන්න හිතන් හිටියේ පස්සේ ටේහ්‍යොන්ග් හරි මාර්ගෙට වැටෙනකොට ජන්කුක් ජිමින් ඉස්සරහා පින් සෙන්ඩු උනා අනිකවා මුකුත් උඩට අදින්න එපා කියලා....

පස්සේ තුන් දෙනා සාමකාමී උනා.. අද යූල් නෑ.. පුරුදු විදියටම එයාගේ නැනීලා දෙන්නා එයාව බලාගන්න් හින්දා ටේහ්‍යොන්ග් නිදහසේ සක්වනන් ගැහුවා...

"එතකොට ඕක ඇතුලට යන්නෙ මිස්ටර් කිම්... මිස්ටර් ලී විතරයි..ලී කියන්නෙ කොයි වගේ පොරක්ද..."

ජිමින් ඇහුවේ දෙන්නගෙන් විස්තරේ අහගත්තට පස්සේ...

"මිස්ටර් ලී මන් පොඩි කාලේ ඉදන් ඉන්නේ, එයාට ඩෑඩ්ට ලෝයල්... හේතුවක් නැතත් දෙපාරක් නොහිතා මැරෙන හරි යනවා..."

ටේහොන්ග් නිකට අත ගගා කියනකොට ජන්කුක් හිටියේ කල්පනාවක...

"ඒ උනාට මිස්ටර් ලී , අවුල් සහගත නෑ... එයාගේ ෆැමිලි එක කොහොමද..."

ජන්කුක් ඇහුවේ ජිමින්ගේ ලැප් එකට එබෙන ගමන්...

"මුකුත් හේතුවක් නැතුව මිනිස්සු මැරෙන්න කැමති වෙන් නෑ, ඕනවට වඩා ලෝයල් වෙන්නෙත් නෑ... ජන්කුක් කිව්වා වගේ මිස්ටර් ලී කියන්නේ හැමවෙලේම සන්සුන් කෙනෙක්නම් අනිවාරෙන් මනුස්සයා ගැන හොයලා බලන්න ඕනේ... ටේහ්‍යොන්ග් කවුරු හරි ඉන්නවද වැඩේ භාරදෙන්න නැත්නම් මන් බලන්නද..."

ජිමින් කල්පනා කර කරම කියනකොට ටේහ්‍යොන්ග් පෝන් එකෙන් ඔලුව ඉස්සුවා..

"යුන්ගිට කියන්න පුලුවන්..උට ඒවා නතින්...දැන් එයි..."

ටේහ්‍යොන්ග් මැසේජ් එකක් ටයිප් කරන ගමන් එහෙම කිව්වම ජිමින් ඔලුව හෙල්ලුවා...

"ජන්කුක් ඔම්මා...."

ජිමින් ඊලගට ජන්කුක්ගේ පැත්තට හැරෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස වටේ අත දාලා ඇගට තද කරගත්තා...

"සමාවෙන්න හ්‍යුන්ග් ඒ උනාට මට කිම් කාරයා මරන්න ඕනේ..."

ජන්කුක් දත්මිටි කනකොට ටෙහෙයොන්ග් ජන්කුක්ව තවත් තද කරගන්න ගමන් අහක බලාගත්තා...

"මට මතක නෑ කිසි කෙනෙක්.. ඒත් මට මතකයි මිස්ටර් කිම්ව, ඒ වගේම තව පිරිමි තුන් දෙනෙක්... මම හිටියේ දොර අස්සේ හැන්ගිලා... මගේ ඔම්මා මිස්ටර් කිම්ට කෑ ගහලා කිව්වා 'මගේ දරුවා ඉන්නවා කියලා...'මට මතක වෙඩි සද්දයක් විතරයි මගේ අම්මා සෝෆා එක පල්ලේ බිම ඇදන් වැටුනා...ඊට පස්සේ මොකද උනේ කියලා මට මතක නෑ මන් දන්න දවසේ ඉදන්ම හිටියේ කිම් මැන්ශන් එකේ.. මට එලියටවත් යන්න දුන් නෑ..."

ජන්කුක්ගේ ඇස් වල කදුලු දිලිසුනත් ජන්කුක් කතා කරේ පුදුම තරම් කේන්තියෙන්... ජන්කුක්ට හොදට මතකයි එයාට එදා ග්‍රැනීගේ ගෙදර ඉන්නකොට ආපු ලොකු සද්දෙට හිත ගැස්සුන විදිය... හරියට වෙඩි සද්දයක් වගේ.. මේ අමතක උන දේවල් ඔක්කොම ඔලුවට හෙන ගහන්න වගේ ගලාගෙන ආපු විදිය... ජන්කුක්ගේ හිත ඇතුලේ මේ වෙනකන්ම එදා ටේහ්‍යොන්ග්ට ඒ දේවල් කියනකන්ම ඒ දේවල් හිර වෙලා තිබ්බා..ජිමින්ට කියනකන්ම ඒ දේවල් හිර වෙලා තිබ්බා.. ජන්කුක්ට හිතාගන්න බැරි උනා මොකක්ද කරන්න ඕනේ කියලා.. ඒ ඒ දේවල් මතක් උන දවසේ ලොකු කේන්තියක් ආවත් ජන්කුක්ට කරන්න පුලුවන් උන එකම දේ හයියෙන් ඉකි ගහලා අඩන එක විතරයි.. තමන් මෙච්චර දවසක් ඉදලා තියෙන්නෙ සර්ප කූඩුවේමයි කියලා දැනගන්නකොට ජන්කුක්ට පුලුවන් උනේ අඩන්න විතරයි.. ඒ හැමෝගෙන්ම තමන්ගේ දරුවා පුලුවන් විදියට ආරක්ශා කරගන්න එක විතරයි...

ඒත් අද , ජන්කුක් එදාට වඩා ගොඩාක් ශක්තිමත්.. එදා වගේ නෙවෙයි අද ජන්කුක්ට ඔලුව කෙලින් තියන් වැඩක් කරන්න පුලුවන් තැනකට ජන්කුක් ඇවිත් තියන්ව.. ජන්කුක්ගේ කලින් මතක වල ජන්කුක්ට හිටියේ දුඹුරු පාට ඩ්‍යරියක ලියපු අම්මගේ වචන වල පුන්චි මතකයක් විතරයි.. ඒත් අද අම්මා කියන කෙනාගේ දුක්කිත අවසානය එයාගේ ඇස් වලට මතක් වෙලා..ජන්කුක්ට ඕන උනේ පලිගන්න.. මේ හැමදේටම... ඒ හැමදේටම දඩුවම් දෙන්න.. හොදින් බැරිනම් නරකින් හරි...

මොකද ජන්කුක්ට නැතිවෙන්න දෙයක් තිබ්බේ නෑ.. එයා කිම් කම්පැනි එකට ආවේ පලිගන්න, අද ටේහ්‍යොන්ග් යූල් එයාගේ ජීවිතේ නොහිටියානම් ජන්කුක්ට සැනසීමේ මැරිලා යන්නත් පුලුවන් තරම් ජන්කුක්ගේ හිත හයිය උනා...!

.







.






.






.






.






.






.

***********************

___________________________Dark_Sunshiner 🤍🥀

It's revenge time....😈

මතකද ග්‍රැනීගේ ගෙදර ඉන්නකොට ජන්කුක්ට ඔම්මා ගැන මතක් උනා....

මේ කතාවේ impossible දෙයක් උනා නම් ඒක mpreg තමයි...

අද ටිකක් short නේද chapter එක.. එතකොට ඉක්මනට දෙන්න පුලුවන්....

ඉක්මනට එනවා...❤️

Love you...💖🌙

Thanks for reading ♥️

To be Continued...

2024/01/23

Bạn đang đọc truyện trên: AzTruyen.Top