|40|
"මම අකමැතිම දේ මගේ වැඩ අවුල් වෙන එක කියලා දන්නවනේ., මේ කිසි දෙයක් පිට යන්න කලින් හැම පොඩි පාරක්ම ක්ලෝස් වෙන්න ඕන, තේරුනානේ.. තමුන්ගේ කියලා තියන දේවල් ඒ විදියටම ආරක්ශා වෙන්න ඕන නම්.......,"
.
.
.
ලේසි නෑ.. මිනිස්සුන්ට ජීවිතේට එන දේවල් දරාගන්න එක ඒ තරම්ම ලේසි නෑ..සමහර දේවල් ඇස් පනාපිට උනාට පස්සෙත් හිතට විස්වාස කරන්න බැරි ගතියක් දැනෙන එක සාමාන්යායි.. ඒකෙන් තේරෙන්නෙ අපි ඒ දේටකොච්චර නම් බැදිලද කියන එක...
හැමෝගෙම දරාගැනීමේ සීමාව එක වගේ නෑ, දෙයක් දිහා බලන විදිය හැමෝටම එක සමාන නෑ, එහෙම බැලුවම එකම ප්‍රශ්නේ ගැටලුව උනත් විදි කීපයකින් පැටලෙන එක පුදුමයක් නෙවෙයි... ඒ වගේ තමයි මිනිස්සු දේවල් දරාගන්න විදිය භාරගන්න විදිය වෙනස් වෙන්නේ.. එහෙම උනාම මිනිස්සු නතර වෙන්නෙ සමහර විට එයාලා බලාපොරොත්තු නොවුනු තැනක, ඒ බලාපොරොත්තු උනු මට්ටමට එහා හෝ මෙහා...!
"fuck..තමුසේ කීවේ මූ ගැනද..."
හයුන්බින් තමන්ගේ අතේ තිබ්බ ටැබ් එක මේසේ උඩට අතාරින ගමන් කෑ ගැහුවා...
"ස..සර්... එයා දැන් එලියේ ඉන්නවා...."
සෙකට්‍රි ටිකක් ශබ්දය අඩු කරලා කියනකොට කැබින් එකේ දොර ඇරෙන ගමන් තරුනයෙක් ඇතුලට ආවා...
කිරි සුදු පැහැති හම කැපී පෙනෙන මෙරූන් පැහැති කෝට් එක, එක කනකට දාපු සිල්වර් චේන් earring එක, කැපී පෙනෙන ලස්සන සහ හීනි ඇග, ඔහු ඇත්තෙන්ම වැඩිම අය කිරීමක් සිදු කරන model උනා...
"මගේ time එක තව කොච්චර නාස්ති කරන්න හිතන් ඉන්නවද කිම් හ්‍යුන්බින්....."
තරුනයා මේසේ ගාවට ඇවිදන් එන ගමන් ඇහි බැම උස්සලා ඇහුවහම හ්‍යුන්බින් පුටුවෙන් නැගිට්ටා...
"plz.. take a sit....""
ඉදිරිපස තිබුනු සෝෆා එක පෙන්නනා ගමන් හ්‍යුන්බින් කිව්වහම තරුනයා ගිහින් සෝෆා එකෙන් කකුලක් පිට කකුලක් දාන ගමන් ඉදගත්තා...
"oh..shit..."
නැවතත් ටැබ් එකේ තිබුනු හයි රේටින් වීඩියෝස් බලන ගමන් හයුන්බින් තමන්ගේ නලල මිරිකගත්තා... මෙහෙම දෙයක් හ්‍යුන්බින් බලාපොරොත්තු උනේ නෑ...
" මාව මේ company එකට ගන්න බැරි නම් තව කම්පැනීස් තියනවා මාව ගන්න බලන් ඉන්න..soo.....
තරුනයාගේ හඩට හ්‍යුන්බින් දත්මිටි කෑවා...
"තමුන්..ත..තමුන්...."
හ්‍යුන්බින් කේන්තියෙන් හිටියා, මොහු කොහොමද තමන් ඉස්සරහා මෙහෙම බය නැතුව කතා කරන්නේ...
""Okay...You are hired.."
තමන්ගේ සයින් එක ඩොකියුමන් එකෙන් තියන ගමන් ෆයිල් එක වහලා හ්‍යුන්බින් කිව්වා... සෙකට්‍රි ඒ ෆයිල් එක තරුනයා අතින් තිබ්බහම තරුනයා ආපසු හැරෙන්නවත් කරදර නොවී කැබින් එකෙන් එලියට ආවා...
"fuck...fuck..fuck...."
හ්‍යුන්බින් තමන්ගේ අතේ තිබ්බා පෑන කැබින් එකේ කෙලවරට විසික් කරා...
"කිම් ටේහ්‍යොන්ග්ට එන්න කියනවා....."
හ්‍යුන්බින් කෑ ගැහුවහම සෙකට්‍රි මොහොතකට පරක්කු නොවී තමන්ගේ මේසේ උඩ තිබුනු පෝන් එක ගාවට දුවගෙන ගියා....
.
.
.
.
.
.
Jeon jungkook is the main model of Kim Company.....
News ලයින් එකේ හෙඩ් ලයින් එක බලලා කට කොනින් හිනා වෙන ගමන් තරුනයා කැබින් එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එකේ ඇවිදගෙන ආවා..එලිවේටර් එකට නැගලා පහලට යන්න බට්න් එක ප්‍රෙස් කරපු තරුනයා තමන්ගේ ෆයිල් එක එහෙට මෙහෙට පෙරලලා බලලා පෝන් එකෙන් මැසේජ් එකක් සෙන්ඩ් කරා... ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකේ එලිවේටර් එක නතර වෙනකොට තරුනයා එලියට ආවත් එක පාරට මූනට මුන ගැසුනු පුද්ගලයෙක් හින්දා එතනම නතර උනා...
"ජ..ජන්කුක්...."
ඉදිරියේ හිටිය පුද්ගලයාගේ තොල් අතරින් එහෙම පිටවෙනකොට තරුනයා එහෙමත් නැත්නම් ජෝන් ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා ඒ හීනී දිගැටි තියුනු ඇස් දිහා බැලුවා...
"Get fuck off my way, Kim fucking Taehyung....."
ජන්කුක්ගේ ශරීරය පුරා යමින් තිබුනු ඒ තියුනු ඇස් මොහොතකට ගැස්සුනා... තමන්ව පහු කරන් යන රුව දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් තමන්ගේ තිගැස්ම වලක්ව ගන්න උත්සාහ කරන ගමන් එලිවේටර් එකට නැග්ගා...
ජන්කුක් තමන්ගේ පෝන් එක දිහා බලාගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක මැදින් ඉස්සරහට ඇවිදන් ගියා... ඒත් එක පාරටම පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් හයියෙන් වැදුනම ජන්කුක් අතේ තිබ්බ ෆයිල් එකත් පෝන් එකත් බිමට වැටුනේ ෆයිල් එක ඇතුලේ තිබ්බ සුදු පාට කොල සී සී කඩ යනකොට...
"ශිට්... කම්පැනි එකට පොඩි උන්ව අරන් එන්නේ කවුද..."
වේගෙන් දුවන් ඇවිත් තමන්ගේ ඇගේ හැප්පුන පොඩි ලමයා දිහා බලන් තරහෙන් කිව්ව ජන්කුක් බිමට පාත් වෙලා කොල ටිකත් පෝන් එකත් ඇහිදිනකොට පුන්චි ලමයා ඉකි ගහන්න පටන් ගත්තා...
"ශ්.. පුන්චි බේබි... කොහෙද දුවන්නේ.. මම හැමතැනම හෙව්වනේ..."
නැනී කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක් දුවන් ඇවිත් පුන්චි ලමයව වඩාගන්නකොට ජන්කුක් කේන්තියෙන් හැරිලා බැලුවා...
"තමන්ගේ වැඩේ හරියට කරන්න බැරි නම් කරන්න එපා... බලනවා මේ උන දේ...."
ජන්කුක් කේන්තියෙන් කෑ ගහන ගමන් එලියට ඇවිදන් යනකොට වැඩ කරමින් නැවතිලා බලාගෙන හිටපු අය ආයෙත් තමන් වැඩ වලට පිට උනා....
.
.
.
.
.
.
"මම හිතනවා උබ මට උබේ week point එක පාවිච්චි කරන්න ඉඩ නොතියයි කියලා......"
හ්‍යුන්බින් තමන්ගේ අත් දෙක මිටි මොලවගන්න ගමන් CCTV play වෙන ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා.........!
ජන්කුක් කිම් කම්පැනි එකෙන් එලියට ඇවිත් ඉස්සරහට ඇවිදගෙන ආවා, ඉස්සරහටම වෙලා උසට උසේ පේන කිම් කම්පැනියේ උඩ ඉදන් පහලටම බැල්මක් දැම්මෙ හරියට මනුස්සයෙක්ගේ උඩ ඉදන් පහලට බලන විදියයි..
ජන්කුක් අවුරුදු ගානකට පස්සෙ ආයෙත් එකම තැන නතර උනා...
එදා මෙතනින් ගියේ සිහියක් පතක නැතුව, යන්නෙ කොහොමද්වත් දන්නෙ නැතුව, ඒත් අද ගොඩක් දේවල් අතේ ගුලි කරගෙන, ගමන් මාර්ගය ශුන්‍ය කරලා ජන්කුක් එතනටම ඇවිත් හිටිය, එදා වගේ බයෙන් නෙවෙයි හ්‍යුන්බින්ට වචනෙකින් වත් අභියෝග කරන්න පුලුවන් වටිනාකමක් එකතු කරගෙන,
තමන්ට කියලා කිසි දෙයක් නොතිබ්බට දැන් තමන්ට ඕන දේවල් එකතු කරගෙන,
"වර යන්න භාවනා කරනවද..."
ජන්කුක්ගේ කන ගාවින්ම ඇහුන සද්දෙට ජන්කුක් ගැස්සිලා හැරිලා බැලුවා,, ඒ හැරුනු විදියට ජන්කුක්ගේ කනේ පහලට එල්ලුන සිල්වර් ඉයරින්ග් චේන් එක කොන්ඩේ පැටලුනා...
ජන්කුක් ඉස්සරහා හිටන් හිටියේ එයාට වඩා ටිකක් කොට ඇස් දෙක හීනී ලස්සන තරුනයෙක්, බැන බැන හිනා වෙනකොට ඇස් හීනි වෙනවා පේනවා වගේ හින්දා ජන්කුක්ට හිනා යන්නත් ආවා...
"භාවනා කරන්නත් පුලුවන්, හැබැයි මෙහෙම නෙවෙයි, මෙතන හිස් උනාම..."
"ජොයින් උන දවසෙම කම්පැනියේ අභාවය ප්‍රාර්තනා කරන එකෙන් දැක්කමයි මම.. යන් බඩගිනියි, අර බඩු අස් කරන්නත් ඕන... "
"බඩු මගේ නෙවෙයි උබේනේ, උබ අස් කරගනින්..."
"අයියෝ හරි හරි උතුමාණනි යන්ද, මට මේ කොහෙවත් යන එකෙකෙගේ ඩ්‍රයිවර් වෙන්නත් උනානේ..."
ජන්කුක් කලු පාට මාස්ක් එක දාගන්නකොට ජිමින් එහෙම කිව්ව ජන්කුක් ජිමින් පස්සෙ පාකින් එකට ඇවිදන් යනකොට,
"උබ පසු තැවෙයි මම ඔහොම කිව්වට, "
ජන්කුක් ජිමින් එක්කම වාහනේට නැග්ගම ජිමින් වාහනේ ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා...
"මොකක් වෙලාද පෝන් එකට.."
කලින් බිම වැටුනු පාරට පෝන් එකේ උඩ ග්ලාස් එක පොඩ්ඩක් පුපුරලා තියනකොට ජන්කුක්ගේ මූන තරහෙන් පිරුනා..
"මේ පොඩි එකෙක් ඇගේ හැප්පුනා, ශිට්..."
"මට හිතාගන්න බෑ උබ මේ තරම් පොඩි ලමයින්ට අකැමති ඇයි කියලා, අවුරුදු පහක් ගිහින් ඒක තාමත් මට හිතාගන්න බෑ.."
ඒකෙන් මූනෙන් පිට උන වෙනසක තරම්වත් ප්‍රතිචාරයක් ජන්කුක්ගෙන් ජිමින්ට හම්බුනේ නෑ...!
ජන්කුක් සීට් එක පිටිපස්සට හේත්තු වෙලා අත් දෙක එකට පටල ගත්තා..
"මම ඔයාගෙ හීනය හැබෑ කරා ඔම්මා, මම ඉක්මනටම ඔම්මට සාධාරණයක් එකතු කරන්නම්...."
.
.
.
ටේහ්‍යොන්ග් ලිෆ්ට් එකෙන් එලියට ආවේ පපුවට අත තියාගෙන , ටේහ්‍යොන්ග් කලින් ඇදන් හිටිය බ්ලෙසර් එක ගලවලා අතේ දාන් හිටියා... ටේහ්‍යොන්ග් ලිෆ්ට් එකටම එහා පැත්තේ බිත්තියට පිට දීලා හයියෙන් හුස්ම ගත්තා..
වෙන්න බෑ, මේවා කොහෙත්ම වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි, ටේහ්‍යොන්ගේ ඇස් කාලෙකින් අමුතු දේවල් වලින් පිරිලා ගියා, හරියට කේන්තිය දුක ඒ ඔක්කොම එකට පිරුනු විදියට...
ඒත් ජන්කුක්....
ටේහ්‍යොන්ග් හ්‍යුන්බින්ගේ කැබින් එක ඇතුලට පුදුම වේගෙකින් ගියේ, ටේහ්‍යොන්ගේ පපුවේ රිදිල්ලක් වගේ හිර වීමක් දැනෙනකොට ඇතුලට එනකොටම වැටෙන්න ගිය ටේහ්‍යොන්ග්ව ලී අල්ලගත්තේ ටේහ්‍යොන්ග් ලීවත් තල්ලුම කරලා දාන්කොට..
"ටේහ......
හ්‍යුන්බින් ලෑස්ති උනේ ටේහ්‍යොන්ග්ට කතා කරන්න.. ඒත් ටේහ්‍යොන්ගේ ඒකට තත්පරයක තරම්වත් ඉඩක් හම්බුනේ නෑ.. ටේහ්‍යොන්ගේ අතට හම්බුන ලිකර් පිරුනු හයි ක්ලාස් ග්ලාස් බොට්ල් එක හ්‍යුන්බින්ගේ ටේබල් එකේ කොනක වැදිලා පුපුරලා කුඩු වෙලා ගියේ හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන් නැතුව...
ලී පිටිපස්සේ ඉදන් ටේහ්‍යොන්ග්ව අල්ලගන්න හැදුවත් ටේහ්‍යොන්ගේ බැල්ම ලීට වැටුනට පස්සෙ ලී එහාට උනා..
"අල්ලන්න එපා, එකෙක් මාව අල්ලන්න එපා...."
ටේහ්‍යොන්ග් හ්‍යුන්බින්ගේ මේසෙට අත තියලා වාරු වෙලා කෑ ගැහුවා, කැබින් එක ඇතුලෙන් ඇහුනු වීදුරු කුඩු වෙන සද්දෙට කැබින් එක එලියේ හිටපු හ්‍යුන්බින්ගේ ගාඩ්ලා දොර භාගෙට ඇරන් ඇවිත් තිබ්බා..
හ්‍යුන්බින් වගේම ටේහ්‍යොන්ග් එක එක්කෙනා දිහා බලන් හිටියේ තේරුම්ගන්න පහසු බැල්මවල් වලින්.. ටේහ්‍යොන්ග්ට දැනුනා තමන්ගේ පාලනය කරගන්න අමාරු කේන්තිය උතුරලා යනවා වගේ, රතු පාටින් නහර පෑදුනු ටේහ්‍යොන්ගේ ඇස් වෙන්න පුලුවන් ප්‍රමානෙට උපරිමෙන් රතු වෙලා තිබුනා...
මීට අවුරුදු ගානකට කලින් හිටපු ටේහ්‍යොන්ග් මෙතන හිටියේ නෑ, ටේහ්‍යොන්ගේ පිරිපුන් ඇග ඇදිලා ගිහින්, ඒත් ඒ කඩවසම් බවේ අඩුවක් තිබ්බෙ නෑ, ටේහ්‍යොන්ගේ එක කකුලක් මාරුවෙන් ඇවිද්දා, ඒ එන වේදනාව ටේහ්‍යොන්ග්ට වතාවෙන් වතාවට වද දුන්නා...
ටේහ්‍යොන්ග් එක දෙයයි හ්‍යුන්බින්ගෙන් ඇහුවේ.. ටේහ්‍යොන්ගේ ගුගුරන කටහඩ කැබින් එක පුරා දෝංකාර දුන්නා..
"දෙවියන්ගේ නාමෙට මට කියනවා, මැරුනයි කියපු මනුස්සයා මේ විදියට මගේ ඉස්සරහට ආවේ කොහොමද කියලා, කිම් හ්‍යුන්බින්...!"
.
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
Kim Taehyung...🌊💥
Jeon Jungkook....🔥💫
Park Jimin...🌙💛
𝐁𝐚𝐜𝐤 𝐭𝐨 𝐓𝐡𝐞 𝐏𝐫𝐨𝐥𝐨𝐠𝐮𝐞...!!💥
𝐖𝐡𝐲 𝐇𝐢𝐦...¡
thanks for reading ♥️
To be Continued...
2023/06/11
Bạn đang đọc truyện trên: AzTruyen.Top