|36|
කොයි තරම් හිත රිදුනත් නොතේරුනා වගේ ඉන්නේ මිනිස්සුන්ට රිදෙන්න ඕන සීමාව පහු වෙනකොටයි... කවුරුත්ම ඒක දැනගන්නෙ නෑ...
මන් බයයි, මට රිදෙනවා... මාව දාලා යන්න එපා කියලා කියන මිනිස්සු අතරේ ඒ කිසි දෙයක් පිට නොකර ඔක්කොම හිතේ හිර කරන් පිටට හිනා වෙලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා... එහෙම මිනිස්සු පුපුරන්නේ කොයි වෙලාවෙද , එයාලා දේවල් අතාරින්නෙ කොයි වෙලාවෙද කියලා කාටවත් කියන්න බෑ....
ඇහැරුනත් අනිත් පැත්තා හැරෙන් නැතුව ජන්කුක් හිටියේ පිටිපස්සෙන් එන උණුසුම් හුස්ම වගේම , ඒ සුවදේ අයිතිකාරයා ජන්කුක් හොදටම දන්න හින්දා.. හීනියට ගොරවන සද්දෙත් එක්ක උඩ පහල යන ගැඹුරු හුස්ම හඩ ටේහ්‍යොන්ග්ට හොදටම නින්ද ගිහින්කියලා පෙන්නනකොට ජන්කුක් තමන්ගේ බඩ උඩින් වැටිලා තිබ්බ ටේහ්‍යොන්ගේ අත අත ගෑවා....
එක එක දේවල් පේලියට ඔලුවට ගලන් ආවත් ජන්කුක් කිසි දෙයක් නොහිතා ඉන්න උත්සාහා කරා... ලග නිදියන් හිටපු පොඩ්ඩි දැන් නෑ කියන්නෙ ග්‍රැනී අනිවාරෙන් ඇවිත් එක්ක යන්න ඇති කියලා ජන්කුක් දන්න හින්දා ටේහ්‍යොන්ග්ට ඇහැරෙන් නැතිවෙන්න ටේහ්‍යොන්ගේ පැත්තට හැරුනු ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා...
සිනිදු කොන්ඩේ ටේහ්‍යොන්ගේ ඇස් වහන් පහලට වැටිලා තියනකොට ටේහ්‍යොන්ගේ වෙහෙස පාට ඇස් තදින් පියවිලා තිබ්බා...
ජන්කුක් තමන්ගේ ඇගිලි තුඩු වලින් ඒ කොන්ඩ ගස් හෙමීට එහාට කරලා ඒ මූන දිහා බලන් හිටියේ නොතේරෙන හැගීමකින්.. ඒත් ඒත් වැඩි දුරටත් මූන බලන්න බැරි උනා මොකද ටේහ්‍යොන්ගේ තුවාල උනු යටි තොල උඩ ජන්කුක්ගේ ඇස් නතර උන ඉක්මනට ජන්කුක්ගේ ඇස් ජන්කුක්ටත් අකීකරු උනා..
හ්ම්.. සමහර දේවල් අපි කොයි මොහොතේ හන්ගන්න හැදුවත් එලියට එන වලක්වන්න හරි අමාරුයි.. ජන්කුක්ගේ දබර ඇගිල්ල ඒ තුවාල උන යටි තොල ස්පර්ශ කරනකොට පාන්දර තමන්ගේ පෝන් එකට ආපු පොටෝ එකින් එක ජන්කුක්ට මතක් උනා...
හරි නේද.. මේ තරම්කල් තමන් ඒවා තවත් පොටෝ එකක් විතරයි කියලා හිත හදාගන්න අසාර්තක විදියට උත්සාහා කරත් මේ වෙනකොට ඔක්කොම ඇස් පනාපිට ඔප්පු වෙනකොට ජන්කුක්ගේ අත වගේම හිතත් නතර උනේ තමන් ගාව ගැහෙන පුන්චි දරුවා ගාව...
අනාගතේ ගැන හරි බයක් දැනෙනකොට ඒ මොන දේ උනත් ටේහ්‍යොන්ග් තාමත් එන එක ගැන විතරක් ජන්කුක් විස්වාස කරා..
ජන්කුක්ගේ ඇස් වලින් කදුලු ගලන් කොට්ටෙ උඩට වැටුනත් ජන්කුක් තමන්ගේ කටින් එක සද්දයක්වත් පිට කරේ නෑ... කොහොමද..කොහොමද ජන්කුක් විස්වාස කරන්නෙ ටේහ්‍යොන්ග් තමන්ට ද්‍රෝහි වෙනවයි කියලා..කොහොමද ජන්කුක් මේ ඔක්කොම විස්වාස කරන්නේ.. ජන්කුක් කාවද දෙවියනේ විස්වාස කරන්න ඕනේ...!
හෙමීට ටේහ්‍යොන්ග්ට නොතේරෙන්න ඇදෙන් බැස්ස ජන්කුක් වොශ් රූම් එකට හෙමින් ගිහින් සෝදන් එනකොට පැය භාගෙටත් වැඩිය ගිහින් තිබ්බා.. ජන්කුක්ට අමාරුයි එයා පිරිමියෙක් නිසාම මේ නුහුරු දේවල් වල අමාරුවක් එයාට දැනුනා...
ඇදුමක් හෙමින් මාරු කරන් කිචන් එකට ගිහින් චන්ඩියාට ඕනයි කිව්ව කෑමත් කාලා ටේහ්‍යොන්ග්ට කිරි එකක් හදන් ආයෙත් කාමරේට ආවා...
"හයුන්ග්..."
ජන්කුක් හෙමීට ඇදට නැමිලා ටේහ්‍යොන්ග්ට කතා කරා...
"හ්‍යුන්ග්.. නැගිටින්න මේක බීලා නිදාගන්න..."
එවෙලේ තමයි ටේහ්‍යොන්ග් තෝන්තුවෙන් වගේ නැගිට්ටේ..
"අහ් ..කූ..."
ටේහ්‍යොන්ග් නැගිට්ට කියලා දැක්කම ජන්කුක් ඇද ගාවින් පස්සට උනේ ටේහ්‍යොන්ග් ඇදෙන් බිමට කකුල් දාලා ඉදගද්දි..
"මේක බොන්න හ්‍යුන්ග්..ඔයා මුකුත් කාලා නෑ අසනීප වෙයි..."
ජන්කුක් ටේහ්‍යොන්ගේ අතට කිරි එක දීලා ආයෙත් යන්න ලෑස්ති උනත් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත අල්ලගත්තා...
"ඇයි හ්‍යුන්ග්..."
"ඉන්න මෙතන..."
"අද මට පුන්චි ඇදුම ඉවරකරන්න ඕන හ්‍යුන්ග්....ඔයා බොන්නකෝ..."
එක විනාඩියකට නොරැදි ජන්කුක් හෙමීට හෙමිට අඩිය තියලා දෙපැත්තට පැද්දි පැද්දි එලියට ගියේ ටේහ්‍යොන්ග් තේ එක අතේ තියන් ඒ දිහාම බලන් ඉන්නකොට..
වෙනදට මෙහෙම නෑනේ, ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇවිස්සුනු කොන්ඩේ පවා හදලයි යන්නේ ඒත්..ඒත් අද වෙනස්.. ඒත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව බලෙන් නැවැත්තුවේ නෑ...
කිරි එක බීලා සාලෙට එනකොට අර දුඹුරු පාට පුටුවට වෙනා ජන්කුක් පුන්චි ඇදුමක් ගොතනවා.. වූල් ඇදුමක්.. ඒකේ සයිස් එක දැක්කාමම කියන්න පුලුවන් ඒක එයාලගේ චන්ඩියාට කියලා...
එයා දිහා බලන් ඉන්න ටේහ්‍යොන්ග්ව දැක්ක ජන්කුක් හිනාවෙලා අතවනලා කතා කරාම ටේහ්‍යොන්ග් ඒ දිහාවට ඇවිදන් ගියා...
එතනම තිබ්බ පුටුවන් ඇදන් ජන්කුක් ගාවින්ම ඉදගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත් වැඩ කරන දිහා බලන් හිටියේ ආසාවෙන්.. ඒ රෝස පාට ඇගිලි තුඩු එක්ක ලා කහ පාට වූල් ඇදුම හරි ලස්සනට පෙනුනා... එතනම තිබ්බ උස ස්ටූල් එක උඩ තිබ්බ කූඩේ ජන්කුක්ගේ නූල් තව භාගෙට ඉවර කරපු ගොඩාක් ඒවැ පිරිලා තිබ්බා... එන්නේ පැන්චෙක්ද පැන්චියක්ද කොයලා නොබලපු නිසා ජන්කුක් හැමදේම කහ පාටින් ලෑස්ති කරා...
"මේක අල්ලගන්නකෝ... "
ගොත ගොත හිටපු කටු දෙක පිටින්ම ගෙත්තම ටේහ්‍යොන්ග් අතට දුන්නම අර එක කට්ටක් අස්සෙන් ගිය නූල පැන්න පාර ටේහ්‍යොන්ග් උඩ බිම බලලා ජන්කුක් දකින්න කලින් ඒ නූල අනිත් කට්ටෙන් අස්සට ගැහුවා විතරයි අර ලස්සන ගෙතුම උඩ ඉදන් ලෙහීගෙන ආවා...
"ආයිශ්..හ්‍යුන්ග්.. බලන්නකෝ අනේ...."
ඒක දැක්ක ගමන් ජන්කුක් ඉතුරු ටික ලෙහෙන්න නොදී නූල ගැට ගහලා ටේහ්‍යොන්ග්ට රැව්වම ටේහ්‍යොන්ග් උඩ බල බල ඔලුව කැසුවා...
"අහ්...මේක ලස්සනද කියන්නකෝ..."
අරක ටේහ්‍යොන්ග්ට නොදී බඩ උඩම තියාගෙන ජන්කුක් අර කූඩේ ඇතුලෙන් වූල් වලින්ම කරපු කහ පාට පුන්චි සපත්තු දෙකක් ගත්තා...
ටේහ්‍යොන්ගේ ඇස් වලට කදුලු පිරුනා ඒවා ඒ තරම්ම පුංචියි හරියට ටේහ්‍යොන්ග්ට අල්ලන්නත් බය හිතෙන තරමටම...
"එ..එයා මෙච්චර චූටීද...."
ටේහ්‍යොන්ග් එහෙම අහනකොට ජන්කුක් හිනා වෙලා ටේහ්‍යොන්ගේ කදුලු පිස්සා...
"නැතුව ඉතින්.. එයා මේක ඇතුලේ තවත් චූටියි..."
"අනේ...."
ටේහ්‍යොන්ග් සංවේදී වෙනකොට ජන්කුක් ආසාවෙන් ඒ දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග් පුන්චි දරුවට හරි ආදරෙයිනේ.. ඒ හොදටම ඇති ජන්කුක්ට...
"අහන් නැද්ද මන් පරක්කු උනේ ඇයි කියලා..."
අර පුන්චි සපත්තු දෙක අතෙන් පරිස්සමට තියාගෙන ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක් එයාගෙන් කිසිම දෙයක් අහන් නැති හින්දා....
සමහර දේවල් වෙනස් උනත් සමහර විට බලාපොරොත්තු වෙනවා ඇති... ජන්කුක් ඔලුව වනලා නෑ කියලා ආයෙත් එයාගේ ගෙත්තමට අවදානය දෙනකොට ටේහ්‍යොන්ග් හරි අපහසුවෙන් බලන් හිටියේ.. ටේහ්‍යොන්ග් එහෙමම නැගිටලා කිචන් එක පැත්තෙන් එලියට ආවා..
ටේහ්‍යොන්ග් කෑ ගහන්න ඕන උනා.. ජන්කුක් එහෙම කරන්න එපා කියන්න හිතුනා... ඒත් එයාට එහෙම කියන්න බෑ.. එයාමයි වැරදි කරන්නේ..
ඒත් ඇයි ජන්කුක් වෙනස් වෙන්නේ.. සමහර විට ටේහ්‍යොන්ග් වෙනස් වෙන එක ටේහ්‍යොන්ග්ටම දැනෙන්නෙ නැතිව ඇති...
.
.
.
"ටේ.. ඒ නැගිටපන් බන්... "
මාක් ටේහ්‍යොන්ග්ව හොලවනකොට යුන්ගි කලකිරීමෙන් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා...
"යකෝ උබ මොකක්ද බන් මේ කරන වැඩේ තේරුම අහ්.. අරෙහෙ ජන්කුක් ඉන්නවා, උබට ලමයෙක් ඉන්නවා.. තෝ මෙතන බීගෙන මැරෙන්න හදන්වා අනික කවුද අර කෙල්ල... මොකක්ද අර ඩෑඩ් කියන්නේ.. "
මාක් පුලුවන් තරම් හයියෙන් සෝෆා එකේ හරහට වැටිලා ඉන්න ටේහ්‍යොන්ග්ව හොලවනකොට ටේහ්‍යොන්ග් අසිහියෙන් වගේ අත් දික් කර කර බෝතලේ හෙව්වා...
මාක් හොලවලා හොලවලා පයින් එක්කුත් ගැහුවත් උත්තර දෙන්නවත් වෙන මොනවත් කරන්න ටේහ්‍යොන්ග්ට සිහියක් තිබ්බෙ නෑ...
තුන් දෙනාම හිටියේ ප්‍රයිවට් රූම් එක්ක... තුන් දෙනා කිව්වට මාක් යුන්ගි දෙන්නම ආවේ පස්සේ.. ඒකත් ටේහ්‍යොන්ගේ පෝන් එකට ආන්ස්වර කරලා මනුස්සයෙක් කිව්වට පස්සේ.. එතකන් ටේහ්‍යොන්ග් ඉන්නෙ කොහෙද කියලා කවුරුත් දැනන් හිටියේ නෑ...
ඒ දෙන්නා එනකොට අදුරගත්තත් ඒ වෙනකොටත් ටේහ්‍යොන්ග් සිහිය නැති වෙන්න බීලා.. හිස් බෝතල් ස්ටූල් එක උඩයි බිමයි තියනකොට ප්ලේට්ස් සමහර ඒවා බිම වැටිලා කුඩු වෙලා....
" මෙතන ඉන්න බෑ බබා.... මාව දැක්කොත් කවුරු හරි ඩෑඩ් ඔලුව කයි... "
යුන්ගි එහෙම කිව්වම මාක්ගේ රතු වෙච්චි මූන ඒ පැත්තට හැරවුනා..
"අනේ මේ... ඩෑඩ්ට නටාගන්න කියන්න.. හරි විකාරයක්නේ මේක... මට දැන් ප්‍රෙශර් වැඩි වෙනවා.. මෙන්න මේකට කරන්නෙ මොනාද කියලා කියන්න යුන්ගි ජන්කුක්ට කියන්න පුලුවන්ද ඒ කොල්ල ඉන්න තත්වෙත් එක්ක... "
"මැරුවා.. තොපි ඔක්කොම මැරුවා... අපි මැරුවා..ආ.. බන්...හෙ..හේජි....
"එහ්..එහ්.. වහගනින් කට යකෝ...."
ටේහ්‍යොන්ග් අසිහියෙක් කියවනකොට හේජිගේ නම ඇහෙනකොටම බය උනු මාක් යුන්ගි දෙන්නම ටේහ්‍යොන්ගේ කට වැහුවා...
වෙලාවක් හම්බුන් නැතත් , එදා ඩ්‍රග්ස් අරන් අසිහියෙන් හිටියත් තුන් දෙනාම දැනන් හිටියේ ඇස් අරිනකොට හේජි මැරිලා කියලා විතරයි.. ඒක ඔලුවට උන තුවාලයක්, ඒක ස්ටූල් එකේ වැදිලා, අභ්‍යන්තර ලේ ගැලුමක්... බය උනා, හේතු නොහොයම තුන් දෙනාම බය උනා තමන්ගේ අතින් මිනීමැරුමක් උනාම.. මේ වෙනකන් ඒක මතක් කරන්න කිසි කෙනෙක් උත්සහ කරේ නෑ.. මොකද හ්‍යුන්බින් එක පාරයි ආවේ හිතාගන්න බැරි විදියට ඔක්කොම යට ගියා...
ඒත් හිටපු ගමන් ටේහ්‍යොන්ගෙ කටින් පරන කුනු ගොඩාක් උඩට එනකොට මාක් යුන්ගි දෙන්නම පුදුම තරම් බය උනා...
"මොකාද මේ කෝල් කරන්නේ... "
ටේහ්‍යොන්ග්ව සෝෆා එකේ මුනින් අතට හරවපු මාක් ටේහ්‍යොන්ගේ බිම වැටිලා කෝල් එකක් එන පෝන් එක ගත්තේ නිකන් නම්බර එකක් වෙනකොට..
"මොකා උනත් ආන්ස්වර් කරන්නකෝ... "
යුන්ගි බිම තිබ්බ බෝතලේකට පයින් ගහලා කියනකොට මාක් පෝන් එක ආන්ස්වර් කරලා ස්පීඅර් දැම්මා...
"හෙලෝ ටේ බබ්... ඔයා කොහෙද ඉන්නේ..."
මාක්ගේ ඇස් දෙක ටොම්බ සයිස් උනේ යුන්ගි නලල මිරිකගන්නකොට..
"ක්හ්ම්.. කවුද මේ..."
මාක් උගුර පාදලා ඇහුවේ බුදියන් ඉන්න ටේහ්‍යොන්ග්ට පයින් එක්කුත් ගහන ගමන්..
"කවුද මේ කතා කරන්නේ..කොහෙද ටේ.. එයාට පෝන් එක දෙන්න..."
"මේ , මිස්.. තමුන් කවුද කිඅලා කියනවා විකාර නාහා...."
මාක් මල පැනලා කෑ ගහන්කොට රියාටත් කේන්ති ගියා...
"මගෙන් කවුද අහන්න තමුන් කවුද අහ් මිස්ටර්... දෙනවා ටේට පෝන් එක.. ලැජ්ජා නැද්ද අනුන්ගේ කෝල්ස් ආන්ස්වර් කරන්නේ... "
"තමුන් අහන් මොකෙක්වත් මෙහෙ නෑ.. රෝන් නම්බර්..."
මාක් පෝන් එක කට් කරලා පෝන් එකෙන්ම ටේහ්‍යොන්ග්ට දමලා ගැහුවා...
"යුන්ගි මේ දැනම් මේ ගෑනි කවුද හොයලා බලන්න.. මූ මොකක්ද මේ කරන විකාරේ.. ඒක තමයි එහෙනම් ඩෑඩ් මේ වෙඩින් එකක් ගැන කියෙව්වේ... ජන්කුක් දන්නවානම් මැරෙනවා ඒකොල්ලා..."
මාක් කෑ ගහනකොට ටේහ්‍යොන්ගේ පෝන් එකෙන් නම්බර් එක අරන් යුන්ගි ඒක කාට හරි සෙන්ඩ් කරලා කෝල් එකක් අරන් එහාට ගියා...
මාක් එහෙමම අනික් පුටුව උඩට වැටිලා ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ කලකිරීමකින්.. ටේහ්‍යොන්ග් ඇදිලා ගිහින්.. මේ තරම් බොනවා තියා එයාලවත් හම්බෙන්න ආවේ නෑ ටේහ්‍යොන්ග් ජන්කුක් හම්බුනෑයින් පස්සේ.. ඒත් දැන් මොකද මේ...
ටේහ්‍යොන්ග් ගැන එයාලා දන්නවා, මෙහෙම වගකීමක් නැතුව වැඩක් කරයි කියලා ඉස්සර කෙසේ වෙතත් දැන් හිතන්න බෑ... ඒනම් මොකද මේ....
"රියා , මෙන්න මුට ප්‍රපෝස් කරපු කෙල්ල ඒ..."
ටික්කින් ආපු යුන්ගි මාක්ට කිව්වම මාක් අත් දෙක මිටි මොලවගත්තා...
"මූ මොකක්ද බබා මේ කරන්න හදන්නේ, ජන්කුක්ට මොකක්ද කියන්නේ.. අනික වෙලාව බලන්න දැන් ...."
යුන්ගි පාතට නැමිලා ටේහ්‍යොන්ගේ කොන්ඩේ අස්සෙන් අත දාල කොන්ඩේ පිටිපස්සට කරේ හුස්මක් පාතට දාන ගමනුයි....
"මන් කියන්නම් මේකව අරන් යන් අපි... මන් ඩෑඩ් එක්ක කතා කරලා බලන්නම්..මින් අන්කල් එක්ක කොහොමත් මේවා කතා කරන්න බෑනේ.... මන් දන් නෑ මේ මිනිස්සු අපේ ජීවිත වලට මොනවා කරන්න යනවද කියලා...ඇයි දැන් ඔයා මූන එල්ලන්..."
මාක් කියවලා කියවලා අන්තිමට යුන්ගි දිහා බැලුවේ යුන්ගිගේ මූන අවුල් හින්දා...
"අපි වැරදියි නේද..."
"ආයෙත් ඒවා ඇදලා ගන්න එපා යුන්ගි.. අපි හොදටම දන්නවා එදා අපි තුන් දෙනාගෙන් කවුරුත් සිහියෙන් හිටියේ නෑ කියලා... අපි ඔක්කොම සම්පූර්න මිනිස්සු නෙවෙයිනේ.. සමහර විට අපි හැම දේම හරිගස්සන්න පටන් ගන්නකොට පරක්කු ඇති ඒත් ඒක අපි විතරක් දැනගත්තම ඇති.. මට දැන් ඇති වෙලා මෙහෙම හිර වෙලා...."
මේ කට්ටිය ජීවිතේ ගැන සීරියස් කතා කරනවා කියන්නෙ කලාතුරකින් වෙන දේවල් , ඒත් ඒ දේවල් ඇත්ත වෙනකොට මොකද කරන්නේ...
ටික්කින් ටේහ්‍යොන්ග්ව එක්කන් ගෙදර ඇවිත් ජන්කුක්ගේ පෝන් එකට මැසේජ් එකක් දැම්මෙ ටේ එයාලත් එක්ක කියලා....
"හෙට ෆන්ශන් එකට මොකද වෙන්නේ..."
"මොකක් හරි කරමු දැන් නිදාගමු..යන්කෝ..."
.
.
.
.
.
**************************
___________________________Dark_Sunshiner 🤍🥀
Love you...<3
Thanks for reading ❤
To be Continued...
2023/10/22
Bạn đang đọc truyện trên: AzTruyen.Top