|34|

"හ..හයුන්ග් ඇයි මේ..."

ජන්කුක් ගැස්සිලා හිටියේ , මොකද ටේහ්‍යොන්ග් ඒ තරම් වේගෙන් ජන්කුක්ව එතනින් අදන් ආවේ... ඒත් ටේහ්‍යොන්ග් නෙවෙයි ජන්කුක්ට අවදානය දුන්නේ...

කොහෙදෝ වෙලාවකට ටැක්සි ඩ්‍රයිවර් ප්‍රශ්න අහන් නැතුව වේගෙන් ඩ්‍රයිව් කරනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ එක අතක් රතු වෙන තරම් තදින් මිරිකන් පිටිපස්ස හැරිලා බලන් හිටියා...

ටේහ්‍යොන්ග් පෝන් එක අරන් කාට හරි ඩයල් කරලා කනේ තියාගත්තා..

"මගේ වාහනේ ගෙනත් දාපන් පැයකින්..."

එච්චරයි කිව්වෙ කෝල් එක කට් කරලා ටේහ්‍යොන්ග් හොද හුස්මක් පාතට දාලා සීට් එකට හේත්තු උනේ ඉස්සරහට හැරෙන ගමනුයි.. එතකොටයි ටේහ්‍යොන්ගේ ඇස් ගියේ තමන් මිරිකන් හිටියා අත උඩින්ම අනිත් අතත් තියන් බය වෙලා ඇස් ලොකු කරන් ඉන්න ජන්කුක්ව...

"ආයිශ් ශිට්..ජන්කුක් ඔයා බය උනාද.."

"අහ්..."

ජන්කුක්ට එච්චරයි කියාගන්න පුලුවන් උනේ ජන්කුක් බඩටත් අත තියන් ටේහ්‍යොන්ගේ උරහිසෙන් මූන තද කරගත්තේ අර ගැස්සුන හිත හදාගන්න වගේ...

"ජන්කු..කෝ බලන්න බය වෙන්න එපා අපි ඉක්මනට ගෙදර යන් හොදද..."

ටේහ්‍යොන්ග් එහෙම කිව්වත් ජන්කුක් ඔලුව ඉස්සුවේ නෑ... ජන්කුක් බය උනාටත් අමතරව හිතත් බර කරන් හිටියේ.. ඒත් එතනින් එහාට ටේහ්‍යොන්ග් ජන්කුක්ට මුකුත් කියන්න ගියෙත් නෑ.. මොකද දැන් ජන්කුක් මොනා හරි ප්‍රශ්නයක් ඇහුවොත් එයාට මෙතන උත්තර දෙන්න බෑ...

ජන්කුක් නිශ්ශබ්දව ඉන්න එක ඒ වෙලාවේ පොඩි සහනයක් උනත් එයා හිතන්නෙ මොනාද කියලා ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ...

කොහොම හරි කලුවරේම වාහනේ ඉස්සරහට යනකොට ටේහ්‍යොන්ගේ ග්‍රැනීගේ ගෙදරට යන පාලු පාරේ වාහනේ හැරෙව්වම ඩ්‍රයිවර්ට වාහනේ නවත්තන්න කිව්වා..

සල්ලි ගෙවලා ජන්කුක් එක්කම වාහනෙන් බැහැලා වාහනේ හරවන් යනකන්ම බලන් හිටියේ ඒ මනුස්සයා අමුතුවට බලලා වාහනේ හරවගන්නකොට..

"ඇයි අපි මෙතනින් බැස්සේ..."

ටේහ්‍යොන්ගේ අතකට බර වෙන ගමන් ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක් වටේ තිබ්බ කෝට් එක තව ටිකක් තද කරන ගමන් අතින් අල්ලගත්තා..

"අපි මෙතන් ඉදන් පයින් යමු.. කූට මාරු නෑනේ..."

"කිව්වා... "

"අහ් මොකක්ද.."

"කූ කියලා..."

ටේහ්‍යොන්ගේ පපුවට හෙන ගැහුවා වගේ , ඒත් ඒකට ටේහ්‍යොන්ග්ට උත්තරයක් දෙන්න උනේ නෑ පෝන් එකට කෝල් එකක් ආවා... ටේහ්‍යොන්ග් එක අතකින් ජන්කුක්ව අල්ලන් සාක්කුවට අත දාලා පෝන් එක අතට ගත්තා...

"ආයිශ්..."

ජන්කුක්ට පෝන් එක දකින්නවත් හම්බුන් නෑ ටේහ්‍යොන්ග් සයිලන් කරලා සාක්කුවට දාගත්තා...

ඒත් ආයෙත් විනාඩියක්වත් යන්න කලින් ආයෙත් කෝල් එක ආවා..

"කතා කරලා ඉන්න හ්‍යුන්ග්..."

"ඕන නෑ දැන් කූ....ඒක වැඩක් නෑ..."

"ඒ උනාට එක දිගට ගන්නෙ මොනවා හරි වැඩක් හින්දනේ හ්‍යුන්ග්.. එහෙම කරන්න එපා කතා කරලා බලන්න.."

අඩුම ජන්කුක් ඇහුවේ නෑ ඒ කවුද කියලාවත්.. ජන්කුක්ට අයිතිය තියනවා අහන්න ඒත් ජන්කුක් ඇහුවේ නෑ.. ටේහ්‍යොන්ග්ට හරි අපහසුවක් දැනෙනකොට ටේහ්‍යොන්ග් පෝන් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තා..

-"හේයි බබ් මොකද කරන්නේ..."

="............."

එහා පැත්තෙන් ගෑනු කටහඩක් ඇහෙනකොට ටේහ්‍යොන්ගේ අතින් ජන්කුක්ගේ අත අතෑරුනා.. ඒක ජන්කුක්ට නම් හොදටම දැනුනා.. ඒත් ටේහ්‍යොන්ග්ට....

-"ඔයා ලයින් එකේ ඉන්නවා නේද.. මොකද කරන්නේ ටේ බබ්.. ඔයා අද මාව මීට් වෙන්න ආවෙත් නෑ.."

ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගේ පැත්ත බැලුනා,, නිකමට හිතුනා ජන්කුක්ට ඇහෙනවාවත්ද කියලා.. ටේහ්‍යොන්ග්ට උත්තරයක් දී ගන්නත් බෑ කෝල් වොලියුම් එක උපරිම අඩු කරලා ටේහ්‍යොන්ග් උගුර පෑදුවා.. ඒත් ජන්කුක් එක අතකින් බඩත් අල්ලගෙන ටේහ්‍යොන්ග් එක්කම ඉස්සරහට අඩිය තිබ්බා හරියට එයාට මුකුත්ම ඇහෙන් නෑ වගේ...

="ක්හ්ම්... මන් වැඩක ඉන්නෙ මේ වෙලාවේ..."

-"මේ වෙලාවේ මොකක්ද වැඩේ අනේ.. මෙච්චර ලේට් වෙනකන් ඔයා වැඩ කරන්න ඕන නෑනේ..."

="නෑ ප්‍රයිවට් දෙයක් ඒක මන් තියන්නම්..."

-"ප්‍රයිවට්... මොනාද ඔයාට මට නොකියන ප්‍රයිවට් දේවල් තියෙන්නෙ අහ්.. ඔයා කොහෙද ඉන්නේ මන් එන්නද මීට් වෙන්න..."

="තමුන්ට පිස්සුද අයිසේ....... ඔහ් ශිට්..."

ටේහ්‍යොන්ග් කෑ ගැස්සවෙන්න ගිය එක නවත්තන් ශාප කරේ අතින් කොන්ඩෙත් පිටිපස්සට කරන ගමනුයි...

-"අයිසේ.. වට් නොන්සන්ස් ටේ.. ඇයි මට ඔහොම කතා කරන්නේ.. අන්කල් කිව්ව තමයි ඒත් ඔයාට බෑ මට ඔච්චර රූඩ් වෙන්න....අනික.......

="ප්ලීස් ඕකේ..මන් දැන් වැඩක ඉන්නෙ පස්සෙ ගන්නම් ඔයාට... beep..."

ටේහ්‍යොන්ග් එහෙමම කෝල් එක කට් කරලා සාක්කුවෙන් දාගෙන හොද හුස්මක් ගත්තා.. ඒත් ජන්කුක් නෙවෙයි හැරිලාවත් බැලුවේ...

ඒත් ටික්කින් ජන්කුක් හෙමින් හෙමින් ඇවිදින ගමන් ටේහ්‍යොන්ග් දිහාට මූන ඉස්සුවා..

"මම ඔයාගේ අත අල්ලගන්නද හ්හ්‍යුන්ග්..."

"අහ්..."

එතකොට තමයි ටේහ්‍යොන්ග්ට මීටර් උනේ තමන් ජන්කුක්ගේ අත අතෑරලා ඉන්නෙ කියලා... ජන්කුක්ම ටේහ්‍යොන්ගේ ලොකු අතේ අත පටලගන්නකොට ටේහ්‍යොන්ග්ට මුකුත් කියාගන්න බැරි උනා...

"ගොඩාක් දුර තනියම ඇවිදින්න අමාරුයි හ්‍යුන්ග්.. ඒකයි..."

ටේහ්‍යොන්ගේ පපුවේ පැත්තක් හිරි වැටිලා ගියා.. ජන්කුක් කියන්න ඇත්තේ ඇත්තටම වෙන්න ඇති ඒත් ඒක කීප විදියකින් ටේහ්‍යොන්ගේ හදවතට තට්ටු කරන්න ගත්තම ටේහ්‍යොන්ග් හිතට දැනෙන වරදකාරී හැගීමෙන් මිදෙන්න වගේ ජන්කුක්ගේ අත තදින් අල්ලන් ඒ උරහිස් වටේ අනිත් අත යැව්වා..

ජන්කුක් මොකටද අහන්නේ ජන්කුක් අහලා නෙවෙයි ඒ අතේ මීට කලින් එල්ලුනේ ඒනම් ඇයි අද ඇහුවේ.. ඇයි ජන්කුක් කතා කරේ කවුද කියලාවත් නොඇහුවේ.. ටේහ්‍යොන්ග්ට හිතුනා..

ඒ නිකටට අත දික් කරන්න හදලත් ටේහ්‍යොන්ග් ආයෙත් අත පාත දැම්මා...

පාර ජනාකීර්න නෑ... තැනින් තැන ලොකු වතුත් එක්ක තිබ්බ ගෙවල් ඇරුනම වෙන ගෙවල් තිබ්බෙ නෑ.. මොකද ඒ පැත්තෙම තිබ්බෙ ග්‍රැනී වගේ ලොකු ඉඩම් තියන ගෙවල් ඒ හින්දා ලග ලග ගෙනවල් කොහොමත් නෑ...

පාර දිගේ ගලන් යන හුලග සද්දෙයි දෙන්නගෙම අඩි සද්දෙයි ඇරුනාම ඉදලා හිටලා ගිය වාහනයක් විතරයි තිබ්බේ ඒත් වාහනේක සද්දයක් ඇහෙන පාරට ටේහ්‍යොන්ග් වට පිට බැලුවේ ජන්කුක් සද්ද නැතුවම ඉස්සරහට යනකොට...

"අනේ ලස්සනයි...."

ජන්කුක් හෙමින් මිමිනුවේ ඈතින් පාර අයිනෙන් ඇතුලට වෙන්න තිබ්බ පොඩි කඩේ දැකලා... පොඩි ශොප් එකක් උනත් මේ වෙලාවේ ඇරලා තියනවා දැකලා ටේහ්‍යොන්ග්නුත් පුදුම උනා.. පෙනුමෙන් නම් පොඩි කොෆී ශොප් එකක් වෙනකොට සුදු පාට පුන්චි කඩේ ලී පාට බෝඩ් එක්ක නම ගහලා තිබ්බා.. වටේට වැටුනු කහ පාට පුන්චි බල්බ් වැල් හින්දා තමයි ඒක ඈතට ලස්සනට පෙනුනේ...

"ගිහින් යන්ද අපි.. කන්න උනෙත් නෑ ඔයාට..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හිතේ තිබ්බ දේම ඇහුවම ජන්කුක් පොඩි ලමයෙක් වගේ හිනා වෙලා ඔලුව වැනුවා...

ඒ කඩේ හිටියේ වයසක ජෝඩුවක්.. මේ පැත්තේ කොහොමත් හිටියේ වයසක අය.. මොකද ලොකු ඉඩ කඩම් එක්ක ලමයි පිට වෙලා මහ ගෙවල් වලට වයසට යන අය... එයාලට සල්ලි අඩුපාඩු නෑ එයාලගේ පාලුව මකාගන්න එක එක දේවල් කරා.. හරියට ටේහ්‍යොන්ගේ ග්‍රැනී වගේ ...

ඒ වගේ දෙන්නෙක් කරපු කොෆී ශොප් එකක් මේකත්...

"ඔහ්..අද අවසානම අමුත්තො දෙන්න ඇවිත්.. එන්න ඇතුලට.."

එතන ඉස්සරහටම වෙලා ලොකු වේවැල් පුටුවක වාඩි වෙලා පොතක් බල බල හිටිය ග්‍රෑන්ඩ් පා කෙනෙක් එහම් කියන ගමන් ඇතුලට අත දික් කරාම ජන්කුක් තියන ලස්සනම හිනාවෙන් හිනා වෙලා ටේහ්‍යොන්ග්වත් දාලා ඇතුලට ගියා... කෝට් එකත් ගලවන ගමන් ටේහ්‍යොන්ග් ඇතුලට යනකොට ජන්කුක් හොද කයියක් ඒ හිටපු ග්‍රැනී එක්ක...

"අහ්.. එන්න.. පුතාලා මොනවද බොන්නෙ මේ වෙලාවේ...."

"මේක කොෆී ශොප් එකක් නෙවෙයිද..."

ටේහ්‍යොන්ග් එහෙම අහනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ අත කෙනිත්තුවේ ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරලා බලන්කොට.."ඉතින් ඇත්තනේ..හහ්..."

ටේහ්‍යොන්ග් මුමුනන ගමන් ටේබල් එක්කින් වාඩි උනාම ග්‍රැනී විහිලුව තේරුනා වගේ හිනා වෙලා ඔලුව දෙපැත්තට වනන ගමන් ඇතුලට ගියා...

දෙන්නටම ටික්කින් උනු මිල්ක් කොෆී දෙකක් හම්බෙනකොට ඒත් එක්කම ජන්කුක් ආසම චොක්ලට් කේක් කෑල්ලකුත් හම්බුනා... ටේහ්‍යොන්ග් ආස උනත් මාසෙකින් කාලා නෑ වගේ ජන්කුක් වේගෙන් කේක් කෑල්ල කාගෙන යනකොට ටේහ්‍යොන්ගේ එයාගේ ප්ලේට් එකත් ජන්කුක් ගාවට ලන් කරා... ඉස්සරහ දත් දෙක පෙන්නලා විරිත්තනවා වගේ හිනා වෙලා ජන්කුක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒකත් කන්න ගත්තේ ටේහ්‍යොන්ග් කොෆී එක බොන්න පටන් ගන්නකොට... වෙනදානම් ජන්කුක් මෙහෙම නැ ටේහ්‍යොන්ග්ටත් කවලා තමයි කන්නේ.. අද තමන්ගෙන් පලිගන්නවවත්දෝ කියලා ටේහ්‍යොන්ග්ට හිතුනා...

අන්තිමට ග්‍රැන්ඩ් මායි ග්‍රෑන්ඩ් පායි, දෙන්න එලියට යනකොටම කඩේ වහන්නයි හැදුවේ දැන් රෑ වෙලා හින්දා... ටේහ්‍යොන්ග් එලියට අඩිය තියන්න ගිය ජන්කුක්ව අල්ලගෙන ජන්කුක්ගේ අතේ තිබ්බ ගල්වපු කෝට් එක අරන් ඉස්සරහා තිබ්බ වේවැල් පුටුව උඩින් තිබ්බා..

"ඇයි හ්‍යුන්ග්..."

ජන්කුක් පුදුමෙන් ඇදන් හිටපු ඇදුමේ කොන මිරිකගන්නකොට ටේහ්‍යොන්ග් කෝට් සාක්කුවට අත දාන ගමන් එලියට ගත්තේ බොක්ස් එකක්..

"අද කරන්න ආපු වැඩ ඔක්කොම කරන්න බැරි උනානේ.... "

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ජන්කුක්ගේ අතක් අල්ලගෙන බොක්ස් එක ඇරලා රින්ග් එකක් අතට ගත්තා.. ජන්කුක්ගේ මතකේ වැරදි නැත්නම් එදා මුහුද ගාවදි ගත්තා වගේම රින්ග් එකක්...

"ස්තූතියි මන් ගාවට ආවට කූ..."

එහෙම කියන ගමන් ජන්කුක්ගේ වම් අතට රින්ග් එක දාපු ටේහ්‍යොන්ග් අනිත් රින්ග් එක ජන්කුක අතට දුන්නෙ ජන්කුක් පුදුමෙන් ටේහ්‍යොන්ගේ අත තදින් අල්ලන් ඉන්නකොට...

"හ..හයුන්ග්.."

"ඒක දාන්න..."

ජන්කුක් තොල් පොට හපාගන්න ගමන් ටේහ්‍යොන්ගේ දකුනු අතට රින්ග් එක දැම්මේ දෙන්නගේ දෙපැත්තෙන් අත්පුඩි සද්දෙකුත් ඇහෙනකොට... වයසක ජෝඩුව ගිහින් තිබ්බෙ නෑ ඒ දෙන්න අත් පුඩි ගහලා හිනා වෙන ගමන් දෙන්නගෙම ඔලු අත ගෑවේ ආශිර්වාද කරන ගමන්... නීත්‍යානුකූලව නොවුනත් ඔවුන් දෙන්න අශිර්වාදය මැද මුදු මාරු කරා...

ග්‍රැනීටයි ග්‍රෑන්ඩ්පාටයි ආචාර කරන ගමන් දෙන්නම එලියට බැස්සා... ඒ බැහැලා ටේහ්‍යොන්ගේ ජන්කුක්ගේ නලලෙ තොල් තියලා සිප ගත්තා...

"මොනවා සිද්ධ උනත් මේක බොරුවක් නෙවෙයි..."

එච්චරයි ටේහ්‍යොන්ග් කිව්වේ ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවට තොල් තද කරලා එහාට වෙලා ඒ අතේ එල්ලුනා.. කල්පනා කරන්න සතුටු වෙන්න දුක් වෙන්න එකිනෙක පරස් පර කාරනා ගොඩාක් දෙන්නටම තිබ්බා.. ඒත් ඉදිරියට ගන්න තීරන මත හැමදේම තීරනය වේවි...

ඒ වෙලාවෙම ටේහ්‍යොන්ගේ වාහනේ එතනින් නතර උනාම ජන්කුක් එක්ක ගිහින් ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් නැග්ගා...

.






.





.





.

"තමුන් හිතන්නෙ හැමදේම මගේ ඇස් වහලා කරා කියලද ටේහ්‍යොන්ග්..."

පහුවදා ටේහ්යොන්ග් හිටියේ මීටින් රූම් එකේ.. මේ වෙනකොට මීටින් එකට ආපු ඔක්කොම පිට වෙලා තිබ්බ ඇතුලේ හිටියේ හ්‍යුන්බින් එක්ක ටේහ්‍යොන්ග් මිස්ටර් ලී විතරයි....

"මට තේරෙන් නෑ මොනවද ඩෑඩ් කියන්නෙ කියලා..."

ටේහ්‍යොන්ග් මුකුත් නොදන්නවා වගේ ඇහුවම හ්‍යුන්බින් අත මිටි මොලවගත්තත් ටේහ්‍යොන්ග් පුටුවෙන් නැගිට්ටා..

"ඇත්ත කියනවා ඒ ජන්කුක් නේද.. අර මැන්ශන් එකේ හිටිය සර්වන්ට් බෝයි..."

.





.





.





.






.






.

***************************

___________________________Dark_Sunshiner 🤍🥀



බිදුනු හිත් හැදෙන්න ගත්තාම ,
ඒ හිත් ආදරේ කරනවා කාටවත් නොපෙනුනත් ,
ඔය මොන දේටත් වැඩියෙන්.,
ඒත් ඒ හිත් ආයෙම බින්දෙන්න ගත්තොත් ,.
කෙලවර වෙන්නේ හිතන්නේ නැති තැන් වල නතර වෙලයි....!

Thanks for reading ❤️

To be Continued...

2023/10/09

Bạn đang đọc truyện trên: AzTruyen.Top