|29|
"කෝ දැන් එන්න හැමෝම රවුමක් හැදෙමු..."
"ඉක්මනත එල්ල.. ඒන්දල් මගේ අතින් අල්ල ගන්න... කෝ..ඔයාලා එල්ලකෝ ඉක්මනත.. ඒන්දල්ට අමාලුයිනේ...."
ජන්කුක් පුන්චි බට්ටෝ ටිකට රවුමක් හැදෙන්න කියනකොට හරි හරියට කට්ටිය දුවන් ආවෙ රවුම සම්පූර්න කරන්න ජන්කුක්ගේ අතින් අල්ලගන්න බලාගෙන....
දැන් සති දෙකක් විතර වෙනවා ග්‍රැනීගේ ගෙදරට ඇවිල්ලා... ජන්කුක්ට වැඩක් කරන්න තිබ්බේ නෑ.. මොන හේතුවකටද මන්දා පොඩ්ඩෝ ටික ජන්කුක්ට පුදුම කැමතියි... අහන දකින ඕන කෙනෙක්ට ජන්කුක් අපේ එන්ජල් කියලා තමයි කියන්නේ..
ඒ තරමටම පොඩ්ඩො ටික ජන්කුක්ට ආසයි.. ජන්කුකුත් ඒ වගේම තමයි.. මොකද ජන්කුක්ට පාලු නෑ... ටේහ්‍යොන්ග් වැඩි හරියක් නෑ..ගියොත් එන්නේ දවස් ගානකින්..ඉතින් ග්‍රැනීට ජන්කුක් කොහොමත් බය හින්දා අර ලමයි ටිකත් එක්ක තමයි ජන්කුක්ගේ දවස ගෙව්නේ...
උදේ හත වෙනකොට එයාලගේ බිල්ඩින් එකේම හදල තිබ්බ පුන්චි දේවස්තානේ ඇතුලේ ආගම සිහි කරන පොඩ්ඩො ටික උදේ හත හමාර වෙද්දි කෑම කනවා...
ඊට පස්සෙ දවසේ එක එක වෙලාවට එයාලා එක එක ක්‍රියාකාරකම් තමයි කරන්නේ...
මේක ඕර්පනේජ් එකක්... හරියට බැලුවොත් ප්‍රී ස්කූල් යන්න ඉන්න වගේම ඒ වගේ වයස් වල පොඩ්ඩො ටිකක් තමයි ඒකේ හිටියේ...
ඒක ග්‍රැනී පටන් ගත්තු වැඩක්.. ඒක ග්‍රැනීගේ වයස ජීවිතේ සතුටින් ගත කරන්න හේතු උනා.. මොකද ටේහ්‍යොන්ග් හිටියත් කාත් එක්කවත් කතා නොකරන, අනික එයා මේ රටෙත් හිටියේ නැති වෙනකොට , හ්‍යුන්බින් ගැනනම් කතා කරලම වැඩක් නැති උනා... අන්තිමට හරි ලස්සන වැඩක් ග්‍රැනී පටන් ගත්තෑන් හැම තැනින්ම ඒකට සහයෝගය හම්බුනා... ඒත් සහයෝගය ඕන නැති තරම් ඒක වෙනුවෙන් වැය කරන්න මුදල් තිබුනත් අනිත් ඒවත් බාරගත්තා....
ඉතින් ග්‍රැනීගේ ගෙදරට ඇවිත් ජන්කුක්ත් ඒ කාල සටහටම වැඩ කරන්න හැඩගැහුනා.. ඒක හරි ශෝක්.. මොකද කලින් තැන හිටියානම් එක්කෝ ජන්කුක් කල්ප්නා කර කර ඉන්නවා මිසක් වෙන දෙයක් වෙන් නෑනේ....
දැන් ජන්කුක් මේ බට්ටෝ ටිකත් එක්ක හිනා වෙනවා...
දැන් මේ උදේ චිත්‍ර ඇන්දට පස්සෙ ටිකක් දවල් වෙනකොට කට්ටියම ඒ පිට්ටනියේ එකතු වෙලා හිටියා... වෙන මොකටවත් නෙවෙයි ඒන්ජල්ගෙන් සින්දුවක් අහන්න... 'ලොකු කොල පාට ගස් එක්ක තනකොට හින්ද හරි සිසිල් බවක් දැනනකොට යන්තම් හමන් ගිය හුලගෙන් ජන්කුක්ගේ යනතම් දිග කොන්ඩේ කෑලි හුලගට හෙලවුනා....
අන්තිමට පුන්චි පොඩ්ඩො ටිකත් එක්ක වචන අමුනගන්නත් අමාරුවෙන් රවුමට හෙමින් අත් අල්ලන් ලොකු රවුමට කැරකෙන ගමන් කට්ටියම සින්දු කිව්ව... ග්‍රැනී ගෙදරින් එලියේ තියලා තිබුනු සුදු පාට මේස කට්ටලේ ඉදගෙන මේ දිහා බලන් හිටියේ ලා හිනාවක් මූනේ තියන්.. ග්‍රැනීගේ පාලු මකන්න මුනුබුරා ලග නැතුවට මොකද ඒකට කෙනෙක් ලැබිලා තිබ්බා...
ග්‍රැනී කවදත් එහෙම ලොකු නපුරු කෙනෙක් නෙවෙයි හැබැයි ටිකක් තද කෙනෙක්.. මොකද මේ හැමෝම බය ග්‍රැනීට තමයි.. එයා ලොකු පවුලකින් ආපු හින්දා කොහොමත් ඒ ගතිය ග්‍රැනීට තිබුනා....
"දැන් ඇති.... හැමෝම දවල් කෑමට යන්න... ඔය ලමයට කැරකිල්ල හදවන්න හදන්නෙ ඔය පොඩි උන් ටික...."
අන්තිමට ඒ සින්දුවත් ඉවර වෙනකොට ග්‍රැනී කෑ ගහනකොට පොඩ්ඩෝ ටික ඉක්මනට ඉක්මනට බිම තිබ්බ පුන්චි සපත්තු එකතු කරන්න ගත්තා...ජන්කුක් එහෙමම හිටන් බලන් හිටියේ හරි කඩි මුඩියේ වැඩ කරන ලමයි ටික දිහා ...
මෙ පුන්චි දරුවෝ අතෑරියේත් දෙමාපියෝමනේ.. ඉතින් ඒ අය හිතලා මේ ලෝකෙට ආවෙ නෑනේ... හරියට ජන්කුක්ගේ පුන්චි චන්ඩියා වගේ... මොන හේතුව මත ආවත් ජන්කුක් දෙපාරක් නොහිතා මෙයාව තියාගත්තා වගේම මොන වාසනාවකට හරි මේ අසාමාන්‍ය දේට ටේහ්‍යොන්ග් මුලු හදවතින්ම ආදරේ කරා... කවදාවත් පුන්චි පැටව් තනි වෙන්න හොද නෑ.. කවුරු හිටියත් ඔම්මගේ අප්පගේ ආදරේ හොයන්න බෑනේ...
වත්ත කෙලවරට කෙලවරට ජන්කුක් හෙමින් ඇවිදන් ගියේ බය නැතුව.. මොකද මේ වත්ත ඇතුලේ එයාට නිදහසේ ඉන්න සම්පූර්න හැකියාව තිබ්බ.. මොන හේතුවකට හරි පොඩ්ඩන්ගේ නොතේරුම් කමට හරි ජන්කුක් පිරිමියෙක් කියන එක නැතුව පුන්චි ඒන්ජල් කෙනෙක් තියන් ඉන්න ඒන්ජල් කෙනෙක් විදියට ජන්කුක්ව පොඩ්ඩො ටික බාර අරන් තිබ්බා...
මැදට වෙන්න හදලා තිබුනු ග්‍රැනීගේ පරන ලොකු ගෙදර, ඊට ටිකක් එහායින් පොඩ්ඩන්ගේ සුදු පාට බිල්ඩින් එක... ලොකු වත්ත, ලොකු ගස් , බිම වැටුනත් තුවාල වෙන් නැති තනකොල, ඒ ඔක්කොමත් එක්ක ඇත්තටම හරි ලස්සන පරිසරයක් තිබ්බා...
ගස් හින්දා වත්තේ ඈතට යනකොට ගෙදර ඉදන් එහා කොන නොපෙනුනත් එතන ඉදන් ගෙදර පෙනුනා.. ජන්කුක් නතර උනේ පාරත් එක්ක වෙන් වෙලා තිබ්බ කොට තාප්පේ ගාව... ලොකු ගහ යට තිබ්බ ලී බන්කුව හින්දා එතනට පේන අහසත් එක්ක හරි නිස්කලංක උනා....
පාරේ හයියෙන් යන වාහනේක සද්දෙට ගැස්සුනත් දැන් ඒක අඩුයි.. මොකද එදා පාරේ ලොකු ටයර් එක පිපිරුවේ ලොකු සද්දයක් එක්ක.. හරියට වෙඩි සද්දයක් වගේයි ඒක ගෙදරට ඇහුනේ.. ජන්කුක් ශොක් උනා.. ලොකුවට ඒක ඔලුවට බලපානකොට අපැහැදිලි මතක ඔලුව අස්සේ එහෙ මෙහෙ යන්න ගත්තා...
ඒක හරි බරයි.. ජන්කුක්ට මතක් උන දේවල් හරි බරයි.. ජන්කුක්ට කාත් එක්ක කොහොම තරහා ගන්නද කියලා හිතාගන්න බැරි විදියට හැමදේම අපැහැදිලි උනා... මොකද ජන්කුක් හරියට දැක්කේ ඔම්මාව විතරයි... ඒකත් බිමට කඩන් වැටෙන විදිය.. ලොකු ලේ පාරක් එක්ක.. ඒ ඔලුව තිබ්බෙ මොන විදියටද කියලා මතක් කරන්න බැරි තරම් ජන්කුක් ගැස්සිලා හිටියා.. එදා ටේහ්‍යොන්ගේ උනුසුමේ ජන්කුක්ට නින්ද ගියත් ටේහ්‍යොන්ග්වත් ජන්කුක්වත් ආයෙත් ඒක ගැන කතා කරේ නෑ.. මොකද ටේහ්‍යොන්ග් වැඩිය හිටියෙත් නෑ, අනික බලෙන් දේවල් මතක් කරන එක ජන්කුක්ටත් හොද උනේ නෑ..
දැන් ටේහ්‍යොන්ග් ගිහින් දවස් හතරකුත් ගෙවිලා... එදා කලබලෙන් එනකොට ගත්තු පෝන් එක ඕෆ් වෙලා තිබ්බත් ජන්කුක් ඒක ඔන් කරේවත් නෑ.. ඒකෙන් ටේහ්‍යොන්ග්ට ඇරෙන්න ජන්කුක් වෙන කාට කතා කරන්නද.. ඉතින් අනික ග්‍රැනී ඉන්නකොට ජන්කුක් ආයෙත් වෙන දේවල් ගැන හිතුවෙ නෑ...
"කූ....."
ටේහ්‍යොන්ගේ හඩ පිටිපස්සෙන් ඇහෙනකොට ජන්කුක් ඉක්මනට හැරුනේ ටේහ්‍යොන්ග් ඒ මහත ඉන වටේට අත දාලා අල්ලගන්නකොට...
"හයුන්ග්.. මේ වෙලාවේ ආවද..."
"ඇයි මන් ආවට කැමති නැද්ද..."
"එහෙම නෙවෙයි.."
ජන්කුක්ට සතුටු හිතුනා මොන මනුස්සයද ඒ උනුසුමට අකමැති වෙන්නේ...
"මට කියන්නෙ තනියම මේ වත්ත කොනට වෙලා කරන්නෙ මොකක්ද කියලා.. හදසියේ වැටුනත් කවුරුත් දන්නවද..."
ආයෙත් අනිත් පැත්තට හැරුනු ජන්කුක්ගේ උරහිස උඩින් අත තියාගන්න ගමන් ටේහ්‍යොන්ග් හෙමින් හෙමින් ඇදුම් උඩින් බඩ අත ගෑවා....
"මොනා හරි ප්‍රශ්නයක්ද..."
ටේහ්‍යොන්ගේ හුස්ම තදින් තදින් පාතට වැටෙනකොට ජන්කුක් එහෙම ඇහුවේ ටේහ්‍යොන්ග් හෙමින් හිනා වෙනකොට...
"ග්‍රැනීට පස්සෙ මාව මෙහෙම හුස්මකිනුත් තේරුම් ගත්තු එකම කෙනා ඔයා..."
ජන්කුක්ගේ උරහිසෙන් හොද හුස්මක් ගන්න ගමන් ටේහ්‍යොන්ග් එහෙම කිව්වෙ ඇත්තටමයි...
ටේහ්‍යොන්ග් අර කාලෙත් ජන්කුක් ගාවට ඇදුනේ මේකටම වෙන්න ඇති, මොකද මොන හේතුවකට හරි ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇදුමේ පැලදුමේ ඉදන් බොන වතුර එක දක්වා හොයලා බැලුවා...
"මහන්සිද...."
දෙන්නත් එක්කම අර බන්කුවේ වාඩි වෙනකොට ජන්කුක් එහෙම ඇහුවේ ටේහ්‍යොන්ග් එහෙමම බන්කුවේ දිගා වෙලා ජන්කුක්ගේ උකුලෙන් ඔලුව තියාගන්නකොට... ඒත් ජන්කුක්ගේ බඩ හින්දා උකුලේ ඉඩත් මදි ටේහ්‍යොන්ග්ට ඔලුව තියාගන්න... ටේහ්‍යොන්ග් එහෙමම ඔලුව හරවලා ජන්කුකෙගේ බඩේ යටි හරියෙන් තොල් තිබ්බේ ජන්කුක් හිරි වැටිලා යනකොට...
ඇදන් හිටපු ශර්ට් එක උස්සලා ඔලුව දාගත්තු ටේහ්‍යොන්ග් දිගටම නිරුවත් බඩෙන් තොල් තියන්න ගත්තේ ජන්කුක් හිරි වැටෙනවට අමතරව කිචිත් කැවෙනකොට...
"ඇ..ඇති අනේ.. මට කිචිනේ...."
ජන්කුක් හිනා වෙලා ටේහ්‍යොන්ගේ මූන වැහිලා තිබ්බ ශර්ට් එක උස්සනකොට ටේහ්‍යොන්ග් ඇස් හීනි කරන් බලන් හිටියේ බබෙක් වගේ... ඉස්සරහට වැටුනු කොන්ඩ කෑලි ටික ටේහ්‍යොන්ගේ නලලින් අයින් කරපු ජන්කුක් හෙමින් හෙමින් ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවන්න ගත්තේ ලා හිනාවක් මූනෙ තියාගන්න ගමන්මයි...
මේ මනුස්සයනේ දැන් ජන්කුක්ගේ මුලු ලෝකෙම.. පුන්චි චන්ඩියත් ඉන්නවා.. ඊට කලින් මේ ලෝකෙ ජන්කුක්ට ඉන්න එකම කෙනා ටේහ්‍යොන්ග්..ඉතින් ජන්කුක් නොබලා ඉන්නේ කෝමද...
"මට සමාවෙන්න කූ..."
ටේහ්‍යොන්ග් හෙමින් සමාව ඉල්ලුවත් ජන්කුක් ඒකට උත්තර බදින්න ගියේ නෑ.. මේක හරි සංකීර්නයි එයාලා ඉන්නෙ පැටලුනු සම්බන්දෙක, ඒක ඇතුලේ පසුතැවෙන්න හේතු ඕන තරම්.. ඒත් ඒව මතක් කරන්න කාටවත් ඕන උනේ නෑ.. ටේහ්‍යොන්ගේ හිතේ ලොකු පසුතැවීමක් ජන්කුක්ට කරපු දේවල් ගැන තිබ්බත් ආයෙ ආයෙත් ඒව ගැන කතා කරලා එයාලගේ සම්බන්දේ පලුදු කරගන්න බය උනා..
ඉතින් හොදම දේ රිදෙන තැන් නිශ්ශබ්දව මගාරින එක, ඕන තැන් වල ප්‍රකාශ කරන එක...
දෙන්න දිගටම එහෙම හිටියා,,ඒ ටේහ්‍යොන්ගේ බඩ සද්දෙන් කෑ ගහන්න ගන්නකන් විතරයි....ජන්කුක් රවාගෙන ටේහ්‍යොන්ගේ ඔලුව ඉස්සුවේ ටේහ්‍යොන්ග්නුත් ඔලුව කහ කහ ඉදගන්නකොට...
"කොච්චරවත් වෙලාවට කන්න කිව්වට අහනවද ඔයා හ්‍යුන්ග්... "
"හරි හරි... ඒක වැඩක් නෑ දැන් අපි දෙන්නම කමු.. මන් ආපු වැඩෙත් අමතක උනානේ...පොඩි තෑග්ගක් තියනවා ..."
සාක්කුවට අත දාන ගමන් ටේහ්‍යොන්ග් එහෙම කිව්වම ජන්කුක් කුතුහලෙන් හැරුනා..
"මොකක්ද..."
"ආහ්.."
"මේ මොකක්ද..."
ජන්කුක්ගේ අතෙන් සිල්වර් පාට ටැග් එක්කුත් තියන චේන් බෙල්ට් එකක් ටේහ්‍යොන්ග් දෙනකොට ජන්කුක්ගේ ඇස් ලොකු උනා.. මොකක්ද හිතාගන්න බැරුනා..
"චේන් එකක්... "
"මේ..මේක මටද..."
"අයිගෝ මගේ මෝඩ ලමයා.... බලු චේන් එකක් ගේනවද ඔයාට අහ්...."
ජන්කුක්ගේ ඔලුවට තට්ටුවක් දාල ටේහ්‍යොන්ග් විසිල් එකක් ගැහුවාම එක පාරටම සද්දෙ වැඩි වෙලා හති සද්දක් එක්ක දුවන් සද්දයක් ඇහෙනකොට ජන්කුක් බන්කුවේ ඉදන්ම ඔලුව හරවලා බැලුවා...
"ආආඅහ්...."
තඩි බල්ලෙක් ගස් අස්සෙන් දුවන් එනකොට ජන්කුක් ඇත්තටම බය උනා.. මොකද ඇත්තටම ඌගේ කකුල් ඒ තරම් දිගයි... ජන්කුක් අත් දෙකෙන්ම බඩ වහගන්න ගමන් ටේහ්යොග්ට ලං උනාම ටේහ්‍යොන්ග් ජන්කුක්ව අල්ලගන්න ගමන් දුවන් එන බලූට අත දික් කරා...
"බාම්.. බාම්... ඉදගන්න.. උඩ පනින්න එපා...."
ටේහ්‍යොන්ග් තදින් කියනකොට වටෙන් දුවන් ඇවිත් දෙන්නගේ ඉස්සරහින් නතර උන බාම් එතනම ඉදගත්තේ ජන්කුක්ගේ බය නැති වෙනකොට.. හැබැයි එතකොට තමයි ටේහ්‍යොන්ග් කියපු නම ජන්කුක්ට මීටර් උනේ..
"බ..බාම්.. හ..හයුන්ග් මේ මගේ බාම්ද.. මේ..."
"ඔව් ඔව්.. අර හිටපු බලු නට්ටා තමයි මේ ලොකු වෙලා තියෙන්නේ... "
"දෙවියනේ මගේ පුන්චි බාම්..."
ජන්කුක් බන්කුවෙන් බිමට බහින ගමන් බිමම එරමිනියා ගොතාගත්තම බාම් ජන්කුක්ගේ ඔලුවේ කනේ ඉදන් ඉව කර කර දිව එලියට දාල නැට්ට වැනුවේ හිනා වෙවී....
ඒ පුන්චි බලු පැටියා මේ තරම් නම් ලොකු ඇති කියලා ජන්කුක් නිකමටවත් හිතුවේ නෑ.. අනික ආයේ කවදාවත් ටේහ්‍යොන්ගෙන් බැනුම් අහ අහා බලෙන්ම මැශන් එකට ගෙනාපු මේ බලූව දකින්න වෙයි කියලා හිතුවෙත් නෑ...
තමන්ගේ ඔඩොක්කේ කකුල් දෙකම තියන බඩට හොම්බ ගහන් ඉන්න බාම්ගේ ඔලුව අත ගාලා කඩන් වැටෙන කන් දෙකත් අල්ලලා හොලවපු ජන්කුක් ටේහ්‍යොන්ග් අතට දුන්න චේන් එක අරන් ඒකේ ටැග් එක බැලුවා..
ඒකෙත් ගෝල්ඩ් පාටින් "Bam" කියලා ගහලා තියනකොට ජන්කුක් හරි ආදරෙන් බාම්ගේ කරට ඒක දැම්මේ ටේහ්‍යොන්ග් බන්කුවේ ඉදන් බිම ඉන්න ජන්කුක්ව කකුල් දෙකට හේත්තු කරවගන්නකොට...
"තැන්ක්යූ හයුන්ග්...."
ජන්කුක් තමන්ගේ මූන හේත්තු වෙලා තිබ්බ ටේහ්‍යොන්ගේ දනහිසේ මූන අතුල්ලලා එහෙම කීවේ බාම්ගේ ඔලුව අතගාන ගමනුයි... ටේහ්‍යොන්ග් එහෙමම බිමට නැමිලා බිම ඉදන් ඉන්න ජන්කුක්ගේ තොල් අල්ලගත්තේ ඔලුව උඩ අතට හරවගන්න ගමනුයි....
කොලම කොල පාට තනකොල ගොල්ලේ ලොකු ගහ යට තිබ්බ බන්කුවේ වාඩි වෙලා හිටිය ටේහ්යොන්ගෙත් එතනම බිම ඉදන් ටේහ්‍යොන්ගේ තොල් වලට යට වෙලා හිටිය ජන්කුක්ගෙයි ජන්කුක්ගේ ඔඩොක්කෙට වෙලා බඩටත් හොම්බ තියන් හිටිය බාම්ගෙත් ඇගට රත්තරං පාට ඉර එලිය වැටිලා ලස්සනට දිලිසුනේ පුන්චි පවුල තවත් සම්පූර්න කරලයි...
.
.
.
.
.
*************************
___________________________Dark_Sunshiner 🤍🥀
ආදරෙන් ඉන්නකොටත් බෝරින් නෙහ්...😪
Thanks for reading ♥️
To be Continued...
2023/09/25
Bạn đang đọc truyện trên: AzTruyen.Top