|20|

තාමත් වැස්ස ඇද වැටුනු පාර දිගේ ටේහ්‍යොන්ග් දුවගෙන ගියා... මොහොතකට නතර උනත් ඒ කීවේ මොකක්ද කියලා දැනගන්න ටේහ්‍යොන්ග් ජන්කුක් පස්සෙන්ම දුවගෙන ගියා....

උඩින් වැටුනු වතුර බින්දු කෙස් අතරින් තෙත් වෙලා පාතට වැටෙනකොට ඉස්සරහට වැටිලා නලලට ඇලුනු කෙස් අතින් පිටිපස්සට කරන ගමන් ටේහ්‍යොන්ග් දුවන් ගියා....

දුවගෙන ගිය ජන්කුක් තමන්ගේ පුන්චි ගේ ගාවදි අල්ලගත්තු ටේහ්‍යොන්ග් තදින් ඒ අත් දෙකෙන් අල්ලගත්තේ තමන්ගේ පැත්තට හරවගන්න ගමනුයි... ටිකක් ලොකු හූඩියක් ඇදලා හිටියත් ඒ වෙනකොට වැහි වතුරට තෙ උනු හූඩිය ඇගටම ඇලිලා තිබ්බා.. බෑග් එක වගේම ජන්කුක්ගේ චුට්ටක් දිග කොන්ඩෙත් ඇවිත් තෙතටම ඇලිලා ඇස් දෙකත් එක්ක වහගෙන තියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ පැත්තට හරවගත්තා...

"මො..මොකක්ද..මොකක්ද ඒ තමුන් කිව්වේ... මොකක්ද කියනවා..."

ටේහ්‍යොන්ග් කතා කරත් මගක් යද්දි ඒ හඩ උස් උනේ ජන්කුක් ගැස්සිලා යනකොට... ජන්කුක් එතනදි කොයි තරම් හයියෙන් කෑ ගහලා දුවලා ආවත් ජන්කුක් පසුතැවුනා එහෙම කෑ ගහපු එකට වගේම නොදැනුවත්වම ආපු කේන්තියට තමන්ගේ කටින් පිට උනු වචනෙට...

ජන්කුක් සෑහෙන දවසක් ආරක්ශා කරපු ඒ රහස ජන්කුක් අතින් කියවුනා.. ඒකත් හරියටම දැනගන්න ඕන කෙනාටම...ඒත් ජන්කුක්ට හරි පසුතැවීමක් දැනුනා, බයක් දැනුනා මොකද සැරින් සැරේ වෙනස් වෙන ටේහ්‍යොන්ගේ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙයිද කියලා ජන්කුක්ට හිතාගන්න පුලුවන් උනේ නෑ...

"මට යන්න දෙන්න..."

තමන්ගේ අත එහාට අදින ගමන් ජන්කුක් බිම බලන් කිව්වත් ඒකෙන් උනේ ටේහ්‍යොන්ගේ ග්‍රහනය තව ටිකක් තද උන එක විතරයි...

"ජන්කුක්..දැන් ඇති.. මට කතා කරන්න දෙනවා දැන්වත්.. මන් මෙච්චර දවස් ආවා එක දවසක් කතා කරන්න දුන්නද... දැන් ඇති මන් කියන දේ අහන් ඉන්නවා...."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන ගාවටම මූන ලං කරලා තදින් කෑ ගැහුවාම ජන්කුක්ගේ ඇස් දෙක ඉබේ ඉස්සුනා... ටේහ්‍යොන්ගේ මූන පුරා වැහි වතුර ගලන් යනවා... ටේහ්‍යොන්ග්නුත් තෙමෙනවා ජන්කුකුත් තෙමෙනවා ඒත් කාටවත් ගානක් තිබ්බෙ නෑ...

"ම..මට සමාවෙන්න .. මන් දන් නෑ තමුසෙගෙන් මන් කොහොමද සමාව ඉල්ලන්න ඕන කියලා... මම දන් නෑ මට මොකක්ද උනේ කියලා.. මම තමුසෙට නොසෑහෙන්න වද දුන්න.. තමුන්ගේ ජීවිතේ විනාශ කරා.. මට සමාවෙන්න.. මන් දන්නවා වචනෙකින් සමාව ගන්න පුලුවන් වැරැද්දක් නෙවෙයි මම කෙරුවේ කියලා... මට තවත් කෙනෙක් එක්ක ඇදට නගිනවා කියන එක ඒ තරම් දෙයක් නෙවෙයි ඒ..ඒත් මේක වෙනස්.. මේක සම්පූරනයෙන්ම වෙනස්.. මට සමාවෙනවා ජන්කුක්.. මට සමාවෙනවා..."

ටේහ්‍යොන්ග් කියවගෙන යනකොට ජන්කුක් තමන්ගේ රතු උනු ඇස් වලින් හැගීම් දැනීම් නැති මනුස්සයෙක් ගානට බලන් හිටියා..

"මන් දන් නෑ දැන් මොනවද කියන්න ඕන කියලා... ඒත් මන් ආයෙත් හැමදේම ගැන හිතනකොට මට තේරෙන්වා මන් පරක්කු වැඩියි කියලා, ඒත් මට ඕන අවස්තාවක්... ප්ලීස් , කරුනාකරලා මට අවස්තාවක් දෙන්න ජන්කුක්..."

ජන්කුක් ඒ වෙව්ලන තොල් දිහා බලන් හිටියේ කිසිම දෙයක් නොකියා...ජන්කුක් මොකටද තවත් කිසිම දෙයක් ගැන වද වෙන්නේ...

"තමුසේ දන්නවද, එදා මම සති ගානකින් ගෙදර ආවේ මොන තරම් මහන්සියෙන්ද කියලා.. ඇවිත් මුලු රෑම වෙනදා වගේ තමුසේ කෝපි එකක් හදන් එනකන් මන් බලන් හිටියා, ඒත් තමුසේ ඒ මැන්ශන් එකේවත් නැති උනාම මට පිස්සු හැදුනා... කොහෙද කියලාවත් දන් නැති විදියට තමුසේ අතුරුදහන් වෙලා තිබ්බම මට පිස්සු හැදුනා ජන්කුක්.. මම එදා තේරුම් ගත්තා තමුසෙව මගේ ඇස් කොච්චර හොයනවද කියන එක.. මට සමාවෙන්න ජන්කුක්..ප්ලිස්ස් මට සමාවෙන්න..."

ටේහ්‍යොන්ගේ ඇස් රතු වෙලා නහරත් පෑදිලා තියනකොට ඒ ඇස් වලින් ගලන්නේ වැහි වතුරද ඒම නැත්නම් කදුලුද කියලා ජන්කුක්ට හොයාගන්න බැරි උනා...

"එ..එදා තමුන් ට්‍රේ එකත් වට්ටන් දිව්වම, ඒ රූපෙත් මට ඇති උනා හිත ගස්සන්න.. මම දන් නෑ ආදරේ කියන එකවත් හැගීම් කියන එකවත් ඇති වෙන්නේ කොහොමද කියලා, ඒත් ප්ලීස් මට එක වස්තාවක් දෙන්න.. මන් හැමදේම දෙන්නම්, සල්ලිද ඕන මොනවද ඕන මන් හැමදෙයක්ම දෙන්නම් මන් ගාවට එන්න ජන්කුක්.. කොහෙවත් වැඩ කරන්න ඕන නෑ, මම ඔයාව බලාගන්නම් මන් ගාවට එන්න ප්ලීස් ජන්කුක්....."

ටේහ්‍යොන්ගේ කතාව අහන් හිටපු ජන්කුක් අන්තිම වචන ටිකත් එක්ක ටේහ්‍යොන්ගේ අත් දෙකෙන් තමන්ගේ අත් මුදවගෙන ටේහ්‍යොන්ග් ගාවින් එහාට උනාම ටේහ්‍යොන්ග් පිටිපස්සට තල්ලු උනා....

"උ..උබලා ඔක්කොම දන්නේ හැමදෙයක්ම උනාම සල්ලිම විසි කරන්න මිසක් වෙන දෙයක් නෙවෙයි... ඇ..ඇයි මම ආයෙත් ඇවිත් තමුන් එක්ක නිදියලා පාරට වැටෙන්න..කොහෙත්ම නෑ..ආයෙ කවදාවත් නෑ..අනේ පින් සිද්ද වෙයි මහත්තයා මට ඉන්න දෙන්න.. මේ විදියට මට ජීවත් වෙන්න දෙන්න.. අනේ පින් සිද්ධ වෙයි..."

තමන්ගේ අත් දෙකම එකට එකතු කරලා ජන්කුක් කියනකොට ඒ ඇස් අගින් කදුලු බේරිලා ගියා... ජන්කුක් බලාපොරොත්තු උන වචන ටේහ්‍යොන්ග්ට කියන්න බැරි වෙන්න ඇති ඒත් ටේහ්‍යොන්ග් කිව්වෙ බොරුවක් නෙවෙයි.....

හැම වැඩක්ම සෙට්ල් කරලා ආයෙත් පුලුවන් වෙච්ච තත්පරේ ටේහ්‍යොන්ග් දුවන් ආවේ ජන්කුක්ව බලන්න.. ඒ මූන බලාගන්න, .. ආයෙත් එදා ගියාම තමයි ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ට කොච්චර මතක් වෙනවද කියලා තේරුම් ගත්තේ.. ඒ උනාට හැමතැනම වැරදි වැටහීම විතරයි.. මොනාද කරන්න ඕන...

ජන්කුක් තීරනේ කරා, කියන්න.. ඉස්සල්ල අහම්බෙන් කේන්තියෙන් පිට උනු දේ ටේහ්‍යොන්ග්ට කියන්න ජන්කුක් තීරනේ කරා.. මොකද මේක එකම අවස්තාව වෙන්න පුලුවන් ඒකට ලැබෙන.. මොකද ජන්කුක් මෙතනින් පැනලා යන්න ඕන.. මේ විදියට පස්සෙන් එන ටේහ්‍යොන්ග් එක්ක ජීවත් වෙන්න ජන්කුක්ට බෑ...

"ද,.දන්නවද මන් ආවේ ඇයි කියලා.. දන්නවද මන් ආවේ ඇයි කියලා... කාටවත් කරදරයක් නොකර හිටපු මාව තමුන් විනාශ කරා.. එකින් එක, දවසින් දවස මන් එපා කියලා කෑ ගහලා අඩද්දි ඒත් තමුන්ගේ හිත උනු උන් නෑ, මගේ කම්මුල කදුලු හින්දාම ගුටි කාපු පාරවල් ගනන් කරන්නවත් දන්නෙ නැතුව ඇති.. ඒ මොන දේ උනත් කරන්න දෙයක් නැති කමට මන් ඉවසුවා.. කවදාම හරි මට ගැලවෙන්න පුලුවන් වෙයි කියලා මන් විශ්වාස කරා,, ඒ..ඒත් ඒත් නෑ... තමුන්ගේ කරුමෙකට නැත්නම් මගේ කරුමෙකට ඒ මම උනාද දන්නේ නෑ.. ඒත් උබේ ලේ මගේ බඩේ ගැහෙනව්වා... ඒකයි ඇත්ත... මම පිලිගන්න අදිමදි කරත් , මන් පිලිගන්න අකමැති උනත් ඒක තමයි ඇත්ත... මට ජීවත් වෙන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැති උනාම මම තවත් එතන ඉන්න ඕනද.. මම මොන වරදක් කරාටද මේ හැමදේම මට වෙන්නේ... මට නැතත් අන්තිමට අක්මැත්තෙන් මන් ගාවට ආපු ඒ ලමයාටත් විනාශ වෙන්න දෙන් නැති වෙන්නයි මම පා‍රට බැස්සේ.. ඒකයි මම ආවෙ... ඒකයි මම ආවේ.. ඇහුවා නේද මන් ආවේ ඇයි කියලා මම ආවේ ඒක තමයියි.....!"

ජන්කුක්ගේ කදුලු පිරුනු ගැහුනු කතාව ඉවර වෙනකොට ටේහ්‍යොන්ග් මහ වැස්සෙම බිම දනගැහැව්වා... දන ගැස්සුනා... ටේහ්‍යොන්ග්ට ආයෙත් ඒ මූන දිහා බලන්න කිසිම ශක්තියක් නැති වෙනකොට ටේහ්‍යොන්ග් වතුර ගලන පාර අයිනේ දන ගහගෙන බිම බලන් හිටියා.. මොනවද මේ ඇහෙන්නේ... කලින් ඇහුනත් විශ්වාස කරන්න පැකිලිච්ච දේ තමන්ගේ ඉස්සරහම තියනකොට ටේහ්‍යොන්ග් මොනාද විශ්වාස කරන්න ඕන.. වතුරට පෙගුනු හූඩිය ජන්කුක්ගේ ඇගටම ඇලිලා තියනකොට සාමන්‍ය ප්‍රමානෙට වඩා ඉස්සරහට ඇවිත් පෙනුනු ජන්කුක්ගේ කුස ටේහ්‍යොන්ගේ ඇස් ඉස්සරහම තියන්කොට ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගත්තා... තමන්ගේම කොන්ඩේ අත් දෙකෙන්ම ඇද ගත්තු ටේහ්‍යොන්ග් මහා හයියෙන් කෑ ගහනකොට ජන්කුක් හිටගෙනම හිනා උනා... කවදාවත් නැතුව මහ හයියෙන් ජන්කුක් හිනා උනා...

"විශ්වාස කරන්න අමාරුද... අමාරුද විශ්වාස කරන්න.. එපා විශ්වාස කරන්න.. ඒක කොල්ලෙක් වෙච්ච මාත් ඒක විශ්වාස කරන්න බැරුව පැකිලෙනකොට තවත් මනුස්සයෙක් කොහොමද විශ්වාස කරන්නේ.... මම එක තත්පරේකට තමුන්ට ඒක කියන්න හිතුවේවත් නෑ.. ඒත් තවත් බෑ.. මම පුපුරයි මෙහෙම හිටියොත්.. මාව පුපුරලා මැරේවි දෙවියනේ..මට මේ හැමදේම බර වැඩියි.. ඒත් මන් නැති කරන්නේ නෑ.. මට ඕන නෑ තමුන්ගේ කකුල් ගාව වැටිලා දරුවා බාරගන්න කියන්න.. මට මගේ පැටියාව බර නෑ... මට මගේ පුන්චි මැනිකව බර නෑ.. ඒ වගේම මන් කොහොම හරි මගේ පැටියාව බලාගන්නවා... මන් බලා ගන්නවා... බය වෙන්න එපා මන් මගේ දරුවා අරන් තමුන්ගේ ඇස් ඉස්සරහට එන්නේ නෑ...මන් මගේ ජීවිතේ දීලා හරි මගේ පුන්චි පැටියාව බේරගන්නව... මගේ එකම බලාපොරොත්තුව මන් නැති කරන්නෙ නෑ...."

ජන්කුක් මහා හයියෙන් ඒ හිනාව අවසානේ උමතුවෙන් වගේ කෑ ගහනකොට බිම ඉදන්ම තමන්ගේ ඉස්සරහා ඉන්න ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියා...

අද මෙතනට ටේහ්‍යොන්ග් ආවේ තීරනයක් අරන්, ඒත් ටේහ්‍යොන්ග්ට අහන්න සිද්ධ වෙච්ච දේවල් නම් කොහෙත්ම සාමාන්‍ය නෑ...

ඇයි ටේහ්‍යොන්ග් ජන්කුක්ව අවිශ්වාස කරන්නේ... දන්න දා ඉදන් මැන්ශන් එකෙන් එලියට පය නොගහපු ජන්කුක්ව, හැම රෑකම වේදනාවෙන් මිරිකෙමින් තමන්ට යට උනු ජන්කුක්ව, ඒ බඩට ලේ කැටියෙක් ආවම ඒ තමන්ගේ නෙවෙයි කියලා ටේහ්‍යොන්ග් ඇයි විශ්වාස නොකරන්නේ...

කොහෙත්ම හැමදෙයක්ම සාමන්‍ය නෑ, ටේහ්‍යොන්ගේ ජීවිතේට කිසිම සාමාන්‍ය දෙයක් දෙන්න දෙවියෝ කාරුනික වෙලා තිබ්බේ නෑ.. මේ විදියට තාත්තෙක් වෙන්නවත්, මේ විදියට තමන්ගේ පලවෙනි ආදරේ තේරුම්ගන්නවත් ටේහ්‍යොන්ග් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ.. ඒත් හැමදාමත් වගේ අසාධාරන , අසාමාන්‍ය තීරන ජීවිතේට එකතු කරපු දෙවියෝ ටේහ්‍යොන්ග්ට මේකත් අසාමන්‍ය විදියටම ජීවිතේට දීලා තිබ්බා.. ඒත් ජීවිතේ උනු හැමදේකටම නොරිස්සපු ටේහ්‍යොන්ග් දෙපාරක් නොහිතා මේ වෙලාවේ තීරනයක් ගත්තා... එක ප්‍රශ්නයක් ජන්කුක්ගෙන් නොඅහා ටේහ්‍යොන්ග් තීරනයක් ගත්තා.....

තමන් ජීවත් වෙන සැප පිරුනු අගාධෙද නැත්නම් තමන්ගේ මනසේ සැහැල්ලුවද කියන දෙකෙන් එකක් ටේහ්‍යොන්ග් ක්ශනිකව තීරනේ කරනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ දනහිස් දෙකෙන්ම ජන්කුට ලන් වෙලා එක දනහිසක් බිමින් තියලා අනික උස්සගත්තා...

අකුනු ගහමින් වැටුනු වැස්ස තාමත් ඒ පාලු පාර අයිනේ හිටපු දෙන්නව තෙමාගෙන බිමට වැටෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ වතුර සීතල නිසාම රැලි වැටුනු පුන්චි අත් දෙක අල්ලගෙන මූන දිහා බැලුවා...

"ආදරයක් පටන් ගන්න, ඒක ඇති වෙන්න මොනවද හේතු උනේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මගෙ ඇස් දෙක හැම මොහොතකම උබව හොයනවා කියලා මන් දන්නවා, මේ සතියට මහ ගොඩාක් මගේ හිත උබව හෙව්වා කියලා මන් දන්නවා.. ක්සිම වෙලාවක සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙවෙයි මන් උබට කෙරුවේ.. මන් දන්නවා.. ඒත් අන්තිමට මන් උබට ආදරෙයි ජන්කුක්.. මන් උබට ආදරෙයි.. ජීවිතේ පලවෙනි වතාවට මන් කෙනෙක්ට ආදරෙයි.. ඒ උබ ජන්කුක්..,, මට අවස්තාවක් දෙන්නා.. මට උබවයි අපේ පුන්චි පැටියාවයි බලාගන්න අවස්තාවක් දෙන්න ජන්කුක් ප්ලීස්.. මට ඒකට අවස්තාවක් දෙන්න.. මම දුකක් නොදී බලාගන්නම්, මේ බලාපොරොත්තු මාත් ඉශ්ට කරන්නම්, මේ උබේ බඩ ඇතුලේ පණ ගැහෙන පුන්චි මැනිකව මටත් බලාපොරොත්තුවක් කරගන්න මට ඉඩ දෙනවද ජන්කුක්....."

ටේහ්‍යොන්ග් හරි හෙමින් ඒ අත් දෙක අල්ලගෙන ජන්කුක්ගේ ඇස් දිහා බලන් මුමුනලා අන්තිමට ඒ යන්තම් ඉදිරියට ආපු බඩ උඩිනුත් අත් තිබ්බම ජන්කුක් ගැස්සිලා ගියා...

පල්වෙනි වතාවට දරුවාගේ උඩින් වගේම තමන්ගේ කුස උඩින් ටේහ්‍යෝන්ගේ ලොකු අත නැවතුනාම ජන්කුක් ගැස්සිලා ගියා..

ජන්කුක් ටේහ්‍යොන්ගෙන් මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ, අඩුම ජන්කුක්ව අවිශ්වාස කරයි, විශ්වාස කෙරුවත් දරුවා ගැන හරි ප්‍රශ්න කරයි,එහෙමත් නැත්නම් කේන්තියෙන් තමන්ව කුනු ගොඩාක් වගේ ඈත් කරයි කියලා බලාපොරොත්තු උන ජන්කුක්ට මේ ප්‍රතිචාරය ඉහටත් උඩින් උනා...

ටේහ්‍යොන්ග් තුල මේ වගේ මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා ජන්කුක් දැනන් හිටියේ නෑ, ඒ හැමදේටමත් වැඩියෙන් ටේහ්‍යොන්ග් තමන්ට ආදරෙයි කිව්වම ජන්කුක්ගේ ඇස් ගැස්සිලා ගියා...

තමන් මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න ඕන කෝමද, ජන්කුක්ට තේරුනේ නෑ.. පුන්චි පැටියා ටේහ්‍යොන්ග්ටත් අයිතියි තමයි, ඒත් ඒක හිතුවෙවත් නැති අත්වැරදීමක් වෙනකොට ටේහ්‍යොන්ග් කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා ජන්කුක්ට හිතා ගන්න බැරි උනා...

එක පාරටම කෝමද ටේහ්‍යොන්ගේ වචන විශ්වාස කරන්නේ...

රිද්දන්න පුලුවන් උපරිමේ රිද්දලා දැන් ඇවිත් ආදරෙයි කිව්වම ජන්කුක් කෝමද විශ්වාස කරන්නේ.. ඇයි ජන්කුක් එහෙම කරන්න ඕන....?

ටේහ්‍යොන්ගේ අත ගසලා දාලා ජන්කුක් ගේට්ටුව ඇරලා ඇතුලට අඩියක් තිබ්බා.. ටේහ්‍යොන්ග් තාමත් බිම ...

ජන්කුක් පඩි පේලි දෙක තුන නැගලා දොර ගාවට ඇවිදන් ගිහින් හූඩි පොකට් එකේ තිබ්බ සීතල වෙච්ච යතුර අතට ගත්තත් ඒක එහෙමම අතින් අතෑරිලා බිමට වැටිලා කලුවරේ පේන් නැතුව යනකොට ජන්කුක් සීතල උනත් උනුසුම් අත් දෙකක් අස්සට ඇදිලා ගිහින් තුරුල් වෙලා හිටියා.....

.




.





.




.





.




.



.

*************************

___________________________Dark_Sunshiner 🤍🥀

😪

Thanks for reading and Comment....♥️

To be Continued...

2023/08/25

Bạn đang đọc truyện trên: AzTruyen.Top