|19|

"මේක මේ විටමින් වර්ග ටිකක්... මේ කිරි එක නම් ඇගට හොදයි කැල්සියම් අස්ති හැදෙන්න එහෙම... කාගෙද මේ..උබ මොකටද මේවා බොන්නේ...."

බෙහෙත් ලියපු කොලේ අතේ ගුලි කරන් ටේහ්‍යොන්ග් සැනසුම් සුසුම් හෙලුවේ ලොකු ලෙඩක් ගැන ඒකෙන් කියවුන් නැති හින්දා....

ජන්කුක් ඇවිදන් ගිය දිහාම බලන් හිටිය ටේහ්‍යොන්ග් ආයෙත් ෆාමසි එක ඇතුලට ගිහින් බෙහෙත් එක ඉල්ලගත්තු ලේඩිට හිනා වෙලා කතා කරා..

"ඉස්සල්ල ගිය කෙනා මේ ටික ඔක්කොම ගත්තද..."

සෙඩියුස් වොයිස් එක්කින් ටේහ්‍යොන්ග් ඇහුවම කවුන්ටර් එක පිටිපස්සෙ හිටපු ලේඩි නිකන්ම ටේහ්‍යොන්ග් දිහාට ඇවිදන් ආවා...

"ඔක්කොම නම් ගත්තෙ නෑ මිස්ටර්... මේ බෙහෙත් ටික ගත්තා, මිල්ක් පවුඩර් එක ගත්තේ නෑ..."

"ඇයි ඒ..."

"මිස්ටර් මොකටද එයා ගැන අහන්නේ.. මන් මේ කොලේ දුන්නට අපිට එහෙම විස්තර පිට දෙන්න තහනම්..."

හිනා වෙලා ලේඩිව තමන්ගේ පැත්තට නම්මගත්තත් ඇස් කොනින්වත් ලගට ආවත් බලන් නැති ටේහ්‍යොන්ග් දිහා බලන් නොරිස්සන කට හඩකින් ලේඩි ඇහුවම ටේහ්‍යොන්ග් එක අතකින් කොන්ඩේ පිටිපස්සට කරන ගමන් ඇහි බැමක් ඉස්සුවා...

"කීයටද ෆාමසි එක වහන්නේ...."

හීනි කටහඩකින් ටේහ්‍යොන්ග් ඇහුවාම ලේඩිගේ ඇස් දෙක දිලිසුනා...

"ම්ම්..අපි හතට වගේ ක්ලෝස් කරනවා... මිල්ක් පව්ඩර් එක ටිකක් ප්‍රයිස් එක වැඩියි.. පස්සෙ ගන්නම් කියලා ඒ බෝයි ගියා...."

ටේහ්‍යොන්ගේ පපුවේ පැත්තකට හෙනයක් ගැහුවා වගේ දැනුනා...

ටේහ්‍යොන්ග් හරි හේතුවක් නොදන්නවා උනත් ටේහ්‍යොන්ග් දන්නවා ජන්කුක් මෙහෙම මැන්ශන් එකෙන් ආවේ තමන් හින්දා කියලා... ඒත් ටේහ්‍යොන්ග් කෝමද අමතක කරන්නේ ජන්කුක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා...

"මට ඒක දෙන්න... දෙකක් දෙන්න...."

ටේහ්‍යොන්ග් ඒ දෙක අරන් බිල් එක පේ කරලා ලේඩිට ඇහැක් ගහලා ෆාමසි එකෙන් එලියට ආවේ ලේඩි තොල් කොනකුත් හපන් ආසාවෙන් ටේහ්‍යොන්ග් දිහා බලන් ඉන්නකොට....

ෆාමසි එකෙන් එලියට ඇවිත් තමන්ගේ බයික් එක නවත්තපු හරියට ඇවිදගෙන එන ගමන් තමන්ගේ මූනේ තිබ්බ බොරු හිනාව මකාගෙන හුස්මක් පාතට දැම්මේ කලකිරීමෙන්... මේ ඔක්කොම බොරු ජන්කුක් හින්දානේ...

දැන් නම් ටේහ්‍යොන්ග්ට ඇත්තටම තමන්ගේ හිත ගැන හිතාගන්න බැරුව හිටියේ.. දවස් ගනන් හොටෙල් රූම් එක්ක නතර වෙලා මෙහෙම ජන්කුක් පස්සෙන් වැටෙන එක්කෙ තේරුම ඇත්තටම ටේහ්‍යොන්ග්ටත් ප්‍රෙහෙලිකාවක්.. ඒත් ටේහ්‍යොන්ග්ට මෙතනින් යන්න හිතකුත් තිබ්බෙ නෑ... එයා මේ හැමදේකටම පස්සෙ බලාපොරොත්තු වෙන්නේ මොනාද කියලත් ටේහ්‍යොන්ග් හිතුවේ නෑ... ඒක නිකන්ම මේ දැන් ටේහ්‍යොන්ග්ට ජන්කුක් ගාව ඉන්න ඕන උනා...

-"හෙලෝ....."

ටේහ්‍යොන්ග් පෝන් එක ආන්සවර් කරලා කනේ තියාගත්තේ කවුද කියලාවත් නොබලාමයි..

="ටේහ්‍යොන්ග්...ඔයා කොහෙද ඉන්නේ දරුවෝ...මන් කතා කරනවා කරනවා පෝන් ආන්ස්වර් කරන් නෑ ඕෆ් කරන්, ගෙදරට ආවම ඒත් නෑ.. ඉන්න අයගෙන් ඇහුවාම සති ගානකින් ගෙදර ආවේ නැල්ලු... මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ...."

එක දිගට එහා පැත්තෙන් ඇහෙන සද්දෙට ටේහ්‍යොන්ග් පෝන් එක ටිකක් එහාට කරලා ආයෙත් කනෙන් තියාගත්තා....

ඇත්ත ටේහ්‍යොන්ග් මැන්ශන් එකට දැනුම් දුන්නෙ නෑ වගේම කතා කරලා වද දුන්න මාක්ටයි යුන්ගිටයි මුලින්ම වැදගත් වැඩක් කියලා පෝන් එක ඕෆ් කරාමයි අද උදේ තමයි ටේහ්‍යොන්ග් පෝන් එක ඔන් කරේ... මිස්ටර් ලීගේ මිස් කෝල් බර ගානක් නොටිෆිකේශන් වදිනකොට එහෙමම පෝන් එක පැත්තකින් තිබ්බ ටේහ්‍යොන්ග් ආයෙත් පෝන් එක ගත්තේ ඩොක්ටර්ට කතා කරන්නයි...

-"කෑ ගහන්න එපා ග්‍රැනී.. මන් පොඩි වැඩකට ඇවිත් ඉන්නේ...."

="පොඩි වැඩක්.. මොන වගේ පොඩි වැඩක්ද ඕක.. සති ගනන් ..."

-"කෑ ගහන්න එපා අප්පා.... මන් ඉක්මනට එන්නම්..."

="මටද ඔය කෑ ගහන්න එපා කියන්නේ.. තමුනුත් එකයි තමුන්ගේ තාත්තත් එකයි... එයා මේ රටෙත් නෑ මම දන්නෙත් නෑ අන්තිමට තමුනුත් නෑ.. මේ මැන්ශන් එකේ ඉන්නේ වැඩ කරන අය විතරයි..ඔහොමද ටේහ්‍යොන්ග් තමුන් වැඩ කරන්න ඕන... ඩෑඩ් නැති ටිකේ ක්ම්පැනි එක බලන්න ඕන නැද්ද... මිස්ටර් ලී අන්තිමට මටත් කතා කරාමයි මන් මෙහෙට ආවේ... මේක අන්තිම වතාව මේ කෝල් එක තමුන්ගේ ඩෑඩ්‍ට ගියොත් මන් කියන්න ඕන නෑනේ වෙන්නෙ මොකක්ද කියලා අහ්...."

ටේහ්‍යොන්ග් එහා පැත්තේ ඉදන් කියවන් ග්‍රැනීගේ ඔක්කොම අහන් හිටියේ බයික් එකේ වාඩි වෙන ගමනුයි... ටේහ්‍යොන්ග්ට තේරෙනවා එයා මේ කරන්නේ වැඩකට නැති වැඩක් කියලා.. මීට වඩා වගකීමක් ගන්න ඕන කියලා.... ඒත් ටේහ්‍යොන්ග් වැඩ පටන් ගත්තු ගමන්ම එතනම කඩන් වැටුනා සති කීපයකින් ගෙදර ගියපු තැන... ජන්කුක් ගෙදර හිටපු නැති තැන...

ටේහ්‍යොන්ග්ට ඩෑඩ්ගේ කම්පැනි එකට ජොයින් වෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ... බ්‍රෑන්ඩ් එක එක්ක හයර් කරන මොඩ්ල්ස්ලා අයිඩෝල්ස්ලාගෙන් කරන වැඩ ගැන වගේම, කම්පැනි එක යටින් කරන බ්ලැක් මාක් වැඩ ගැන ටේහ්‍යොන්ග්ට කිසිම පැහැදීමක් තිබ්බේ නෑ...

ටේහ්‍යොන්ග් ස්ටඩී කරපු කාලේ වගේම ටේහ්‍යොන්ග්ට ඕන උනේ තමන්ගේ දෙයක් මිසක් තවත් කෙනෙක් යටතේ දෙයක් නෙවෙයි... හිතක් නොතිබ්බත් අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගත්තු වැඩ මග නතර වෙනකොට ටේහ්‍යොන්ග් ඔක්කොම මග නතර කරලා තිබ්බා...

ටේහ්‍යොන්ග් දන්නවා තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් , කම්පැනි එකක් පටන් ගන්න ඩෑඩ් එක්ක සයින් කරොත් ඒ යටතේ දෙයක් ඇරෙන්න තමන්ගේ දෙයක් තමන්ට නොලැබෙන බව, ඉතින් ටේහ්‍යොන්ග් තමන් ස්ටඩී කරන්කොට ට්‍රේන් උන ෆොරීන් කම්පැනීස් කීපයක් එක්ක ඉන්වෙස්ට් වලට ඇග්‍රිමන්ට් සයින් කරන්න තමයි සති කීපයක් නොහිටියේ.. ඒ වැඩත් කරන් ටේහ්‍යොන්ග් ආයෙත් එනකොට එයා බලාපොරොත්තු උන රූපයක් එයා මුන නොගැහීම මේ හැමදේටම හේතු උනා.....

ටේහ්‍යොන්ග්ට ග්‍රැනීට කියන්න පුලුවන් ඒ උනත් දැන්ම බෑ.. මොන වෙලාවක හරි ඩෑඩ්‍ට මේ ගැන ආරංචියක් ගියොත් පටන් ගන්නත් කලින් ඔක්කොම විනාශ වෙනවා කියලා ටේහ්‍යොන්ග් දැනන් හිටියා....

="ටේහ්‍යොන්ග්... හෙලෝ...මන් කියන ඒවා අහන්ද ඉන්නේ ..."

-"ම්ම්..."

="කොහෙ හිටියත් හවස් වෙන්න කලින් කම්පැනි එකට යන්න... මුකුත් බැරිනම් ගිහින් එන්න... මිස්ටර් ලී තවත් ඉවසන එකක් නෑ ඩෑඩ්ට කෝල් නොදී..."

තවත් කතා කරන්න දෙයක් නොතිබ්බ ටේහ්‍යොන්ග් පෝන් එක කට් කරලා දාලා සාක්කුවට දාගත්තා... අතේ එල්ලෙන බෑග් එක දිහා බලපු ටේහ්‍යොන්ග් යාන්තම් හිනා වෙලා හෙල්මට් එක දාගන්න ගමන් බයික් එකට නැග්ගේ හවස ගිහින් එන්න හිතාගෙන...

.






.






.






.





.

"ගුට් මෝනිම් චූටි මැනික..."

ජන්කුක් චූටි බබාට කතා කරන ගමන්ම ඇදෙන් නැගිට්ටා... තවත් අලුත් දවසකට..නැගිටලා කිචන් එකට ගිහින් බොන්න කිරි එකක් හදාගත්ත ජන්කුක් වීදුරුව අතේ තියන් කිචන් ලෙජ් එක උඩ පැත්තකින් තිබ්බ කිරි ටින් දෙක දිහා බැලුවා.. ඒවා එකක්වත් කඩවලාවත් නෑ වගේම බෑග් එකේ තිබ්බ විදියටම තිබ්බා....

හොද හුස්මක් උඩට අරන් පාතට දාපු ජන්කුක් පාන් පෙති දෙකක් එක්ක කිරි එක බීලා ලෑස්ති වෙලා දොරත් වහගෙන පාරට ආවා...

දැන් ජන්කුක්ට හැමදාම ගිහින් පුරුදුයි.. දැන් චූට්ටක් බඩ ඉස්සරහට ඇවිත් තිබ්බත් ඒ ලොකු ඇදුම් වලින් පිටට ඒක පෙනුනේ නෑ... කෑම අඩුවෙන් ගත්තත් අප්පිරියාව තිබ්බත් ජන්කුක්ට බෙහෙත් වල ගුනයක් තිබුනා... ජන්කුක් තමන්ගේ අතට හම්බෙන හැම මුදලක්ම හරිම පරිස්සමට වියදම් කරා.... එයාට දැන් චූටි චන්ඩියෙක් ඉන්නවානේ ඉස්සරහට බලාගන්න... එයාගේ හීන , ආසාවල් කොහොම උනත් දැන් ජන්කුක්ට කොහෙන්වත් හැරෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.. ඉතින් ජන්කුක් මේ විදියට ජීවත් වෙනවා.....

දැන් වෙනදාට වගේ එයාගේ පස්සෙන් ආපු හුරු පුරුදු රූපේ එන්නේ නෑ.. ඒක නැවතිලා සති කීපයක්ම ගෙවිලා ගිහින්..

"ම්ම්හ්.. එයාට අපිව එපානේ චූටි මැනික.. චූටි බබාට මමා ඉන්නවනේ..."

ජන්කුක් හෙමින් මුමුනන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා.. ජන්කුක් දන්නේ නෑ ටේහ්‍යොන්ග් ඇයි එක පාරටම අතුරුදන් උනේ කියලා නම්...

එදා හොස්පිටල් එකෙන් ඇවිත් ජන්කුක් හවස් වෙලා නිදාගෙන ආයෙත් නැගිට්ටේ පහුවදා උදේ... ජන්කුක්ට ඒත් කල්පනා උනා ටේහ්‍යොන්ග්ව, මොකද හැමදාකම වරද්දන් නැතුව ජන්කුක් පස්සෙ හැමදාම රෑට ආවානේ...

නැත්තේ නෑ ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව මතක් උනා... ජන්කුක් දන්නවා ටේහ්‍යොන්ග් කියන පුද්ගලයා එයාට වැඩක් නෑ කියලා, ඒත් මොකක්දෝ හේතුවකට ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව මතක් උනා... නැති වෙන්න බෑ එයාගේ කුස ඇතුලේ ගැහෙන්නේ අකමැති උනත් ඒ ලේනේ..ඉතින් ජන්කුක්ට මතක් උනා...

ජන්කුක් ආදරේ විදපු කෙනෙක් නෙවෙයි , එහෙමත් නැතුව තමන් ගාවට එක පාරටම ආපු පුන්චි බබා ගැන කලින් තරම් නොපහන් හැගීමක් නැති උනත් ජන්කුක් කියන්නේ තවත් කෙනෙක්ගේ රැකවරනය ඕන කෙනෙක්..එක අතකින් බැලුවාම සමාජේ ගැන වැඩි දැනුමක් නැතිකම වගේම ඒ හැමදේටමත් වඩා මේ ඉන්න තත්වේ එක්ක ජන්කුක්ට කවුරුමහරි ඕන උනා...

ජන්කුක්ට හොද නැති උනත් ජන්කුක් රෑ පහු වෙනකන් කල්පනා කරා.. ඒ පුන්චි හිතෙත් මොන තරම්නම් දේවල් පිරිලා ඇතිද... කාටවත් කියන්න කෙනෙක් නැති හින්දා මොන තරම් නම් දේවල් හිර කරන් ඇතිද... ඉතින් ජන්කුක් අසරනයි, ඒත් ජන්කුක් ඒ කියලා කවුරුත් ගාව වැද වැටෙන්න ලෑස්ති උනේ නෑ ....

මැන්ශන් එකෙන් එලියට එනකොට ලොකු කේන්තියකින්, ආවත් මේ වෙනකොට ජන්කුක්ට තිබුනේ කලකිරීමක් වගේම අනාගතේ ගැන බයක්... ජන්කුක්ට ඕන උනා සමහර අවස්තා වල ටේහ්‍යොන්ග්ට කියන්න, ඒත් ජන්කුක් දන්නේ නෑ ටේහ්‍යොන්ගේ ප්‍රතිචාරය... මොකද ටේහ්‍යොන්ග් කියන්නේ ගොඩාක් කේන්ති යන කෙනෙක්, ජන්කුක් දන්නවා ටේහ්‍යොන්ගේ හැටි, ඉතින් ජන්කුක් බය වෙන එක සාධාරනයි, .. මැන්ශන් එකෙන් ආපු මුල් කාලේ නම් ජන්කුක්ට හිතුනේ නෑ ටේහ්‍යොන්ග්ට ඒ ගැන කියන්න, ඒත් දැන් දැන් ජන්කුක්ට හිතුනා... තමන්ට මහන්සි වෙන වාරයක් ගානේ , හොස්පිටල් එකට යන ඒ වටේ පිටාවේ දකින දේවල් එක්ක ජන්කුක්ට ඕන උනා අවස්තාවක් අරන් බලන්න ඒත් ජන්කුක් බයයි.... ටේහ්‍යොන්ග් ජන්කුක්ව බාරගනීද... ජන්කුක් ටිකක් හරි නිදහසේ හිර වෙලා හරි හිටපු ජීවිතේ උමතුවෙන් වගේ නැති කරපු ටේහ්‍යොන්ග් එක පාරට මේවා බාරගනීද.. විශ්වාස කරයිද.. ජන්කුක් බයයි.. එතනින් පස්සේ එයාට මේ ඉන්න පුන්චි පැටියත් නැති උනෝතින් ජන්කුක්ට කිසිම හේතුවක් බලාපොරොත්තුවක් නැති වෙනවා ඉතින්, කොහොමද හිත හයිය කරන් ජන්කුක් ඒ වගේ තීරනයක් ගන්නේ....

එදා උදේ එලියට එනකොට දොරේ හැඩ්ල් එකේ එල්ලලා තිබුනු කිරි ටින් දෙක විතරයි ජන්කුක්ට හම්බුනේ.. පුදුම උනා ගොඩාක් පුදුම උනා ජන්කුක්.. මොකද තමන්ට සල්ලි මදි උන හින්දා ජන්කුක් අකමැත්තෙන් උනත් ඒක තියලා ආවා, වෙන කරන්න දෙයක් නැති කමට.. ඒක ගොඩාක් ගනන් වැඩි හින්දා.. ජන්කුක් පුන්චි බබාට ඕන දේවල් වලට පස්ස ගැහුවේ නෑ ඒත් එයාගේ තත්වෙත් එක්ක ජන්කුක්ට කරන්න දෙයක් තිබ්බෙ නෑ... ඉතින් ජන්කුක්ට සතුටු හිතෙන් නැද්ද ඒ කිරි ටින් දෙකක්ම තමන් ඉස්සරහා තියනකොට...

හැබැයි ඒ සතුටම බයකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ, කවුරු කෝම උනත් කොහොමද ජන්කුක් දන්නේ මේක කවුද ගෙනාවේ කියලා, ගෙනාවේ කවුරු උනත් ජන්කුක්ට බය හිතුනා එයා තමන් ගැන දන්නවා ඇති කියලා.. ඉතින් ජන්කුක් ඒ කිරි ටින් එකක්වත් විවර කරන්නවත් හිතුවේ නෑ.. ඒවා ඒ විදියටම බෑග් එක ඇතුලේ තිබ්බා....

ජන්කුක් වෙනදා වගේම රෙස්ටොරන්ට් එකේ වැඩ ඉවර කරලා ඉවර උනා.. ජන්කුක්ට හරි මහන්සියක් වගේම ඇගට පන නැති ගතියක් දැනුනා..ඉතින් ජන්කුක් ටිකක් කලින් රෙස්ටොරන්ට් එකෙන් එන්න අවසර අරන් තමන්ගෙ බෑග් එකත් අරන් එලියට ආවා.. ජන්කුක් කෝපි බොන එක අකමැත්තෙන් උනත් අඩු කරා, මොන තරම් කැමති හිතුනත් ඒක ඇගට හොද නෑ කියලා ජන්කුක් දන්නවා....

පාර දිගේ ඇවිදන් ආපු ජන්කුක්ට එක පාරටම කූං කූං ගාන සද්දයක් ඇහුන හින්දා නතර වෙලා බැලුවා...

අකුනක් ගැහුවා වගේ ජන්කුක්ගේ ඔලුවට ආවා බාම්ව.... ජන්කුක් මැන්ශන් එකෙන් ආවත් හරි ජන්කුක්ට බාම්ව මතක් උනේ නෑ.. ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනා.. ඒ තරම් ජන්කුක් බාම්ට ආදරේ කරා... ඉස්සල්ලම චූටි පැන්චෙක් වගේ අතට ගත්තේ ජන්කුක්නේ.. එයාට නමකුත් දාලා මැන්ශන් එකේ තියාගන්න ටේහ්‍යොන්ගෙන් අවසර ලැබුනාම ජන්කුක් හරීයට සතුටු උනා... ඒත් දැන් ආයේ කවදාවත් ජන්කුක්ට බාම්ව බලන්න හම්බෙන් නෑ...

"අනේ.. පුන්චි පැටියෝ..ඔයාට බඩගිනිද..."

ජන්කුක් පාර අයිනට වෙන්න බිමට නැමිලා සීතලේ ගැහි ගැහි හිටපු බලු පැන්චාගෙන් ඇහුවා...

"කන්න දෙයක් නම් මන් ගාව නෑ... "

ජන්කුක් එහෙම ඇහුවත් එක පාරටම ගෙරවීමක් ඇහෙනකොට හැරිලා බැලුවා.... ටිකක් එහාට වෙන්න දත් ටික විලිස්සගෙන ඉන්න ලොකු බල්ලෙක් දැක්කම ජන්කුක් ඉක්මනට බලු පැටියාගෙන අහකට අත ගත්තා...

"හලෝ..ඔයාද චූටි පැටියාගේ අම්මා... මන් කරදර කරන් නෑ..."

ජන්කුක් ඉක්මනට එහෙම කියන ගමන් එතනින් අහක් උනාම ලොකු බල්ලා බලු පැටියා ගාවට ඇවිත් ඔලුවේ ඉදන් ලෙවකන්න ගත්තේ ජන්කුක් හීනි හිනාවක් මූනේ තියන් බලන් ඉන්නකොට... ජන්කුක්ගේ අතත් හරි ඉක්මනට ඇදුම් වලට උඩින්ම කුස මත නතර උනා...

ඒම තමයි අම්මලා, දරුවන්ට කරදරයක් වෙනවට කැමති නෑනේ....

"මගේ චූටී බබාවත් මමා පරිස්සමට බලාගන්නම් හොදද...."

එතනට ලං වෙන තව ලොකු බල්ලෙක් දිහා බලන ගමන් එතනින් ඈත් වෙලා ජන්කුක් මුමුනමින් ඉස්සරහට ආවා.. ජන්කුක් හැමතැනකින්ම ආදරේ කරන්න ඉගන ගත්තා... ජන්කුක්ට කවුරුත් ආදරේ නොකරපු නිසා ජන්කුක් ආදරේ ගැන නොදන්නව උනත් දකින හැම තැනකින්ම ජන්කුක් ආදරේ කරන්න ඉගන ගත්තා.. ඒකත් තමන්ගෙම දරුවෙක්ට.....ජන්කුක් දන්නෙ නෑ තවත් ඇස් දෙකක් එයා වෙනුවෙන් නොදැනම ආදරෙන් පිරෙන බව......

.



.

ජන්කුක් ගැස්සිලා නතර උනා... කවදාවත් ආපු නැති, හෙව්වත් හෙවනැල්ලක්වත් දැක්කේ නැති රූපේ එක පාරටම තමන් ඉස්සරහින් මතු උනාම ජන්කුක් මොහොතකට ගල් උනා...

ඔව්.. ජන්කුක් බලන් හිටියා ඒ රූපේ දකින්න.. මොන දේ තිබ්බත් ඒ තමන්ගේ දරුවාගේ අප්පනේ දෙවියනේ.. ජන්කුක් ඒ ඇස් වලින් ඒ රූපේ දකින්න ආස කරා... ඉතින් ජන්කුක් වැරදිද....

"ජන්කුක්.."

"ජන්කුක්..."

"ඔහොම නවතින්න..ජන්කුක්...."

මොහොතකට සංවේදී උනත් හදිසියේ ආපු ආවේගෙට ජන්කුක් ටේහ්‍යොන්ග්ව මග ඇරලා ඉස්සරහට ගියා... ටේහ්‍යොන්ග් කැප් දාලා හිටියෙත් නෑ,, මූන වහන් හිටියෙත් නෑ... ෆුල් සූට් එකේ කෝට් එක කරට උඩින් තියනකොට ශර්ට් එකේ අත් නමලා තිබ්බා වගේම ඒ මූන වෙහෙසෙන් පිරිලා තිබ්බා....

කොහෙවත් නැති අකුනක් හයියෙන් අහසේ පුපුරනකොට ගැස්සුන ජන්කුක් කන් දෙක වහගන්න ගමන් ඉක්මනට ඉස්සරහට ඇවිදිනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ට කතා කරමින් පස්සෙන් ආවා..

ජන්කුක්ට මහන්සි බඩගිනි ඇගට පන නෑ, වහින්න එනවා, ඒ අස්සේ ටේහ්‍යොන්ග්නුත් ඇවිත් ජන්කුක් වේගෙන් ඇවිදන් ගියා.. එහෙට මෙහෙට වැනෙන ගතියත් එක්ක ජන්කුක්ගේ ඔලුව පුපුරන්න ආවා....

මනසට හරිම පීඩනයක් දැනුනා.. මොන තරම් දකින්න ආස උනත් දැකපු ගමන් ටේහ්‍යොන්ගේ වියරු ස්වරූපය මැවි මැවී පේනකොට ජන්කුක්ට අහසේ පුපුරන අකුනු වලට වඩා ඔලුව දිගේ තෙත් වෙමින් බේරෙන වැහි බිංදු වලට වඩා ඒක අපහසුවක් කරදරයක් උනා...

"ජන්කුක්...ඉන්න..."

"එපාආ,......................!"

ජන්කුක් කන් දෙක වහගෙන යටිගිරියෙන් කෑ ගැහුවාම අන්ධකාරය මොහොතකට ආලෝකමත් කරලා අකුනක් පුපුරලා ගියේ වේගෙන් වැටෙන වතුර බිංදු හුලගත් එක්ක එහෙ මෙහෙ යනකොට...

"ජ..ජන්කුක්.. මේ අහන්න මට කතා කරන්න ඕන..."

"එපා..එපා..මොනාද කතා කරන්නේ යන්න මෙතනින් යන්න..."

ජන්කුක් තාමත් අත් දෙකෙන් කන් දෙක වහගෙන වැස්සෙ තෙමෙමින් කෑ ගැහුවේ අහක බලාගෙනමයි...

"ජන්කුක්..මේ අහනවා... උබට මම කියන දේ තේරෙන් නැද්ද..අහ්.."

මෙච්චරකල් ඉවසපු ටේහ්‍යොන්ගේ කේන්තිය එලියට පනිනකොට ජන්කුක් ආයෙත් ගැස්සිලා ගියා.. වෙනසක් නෑ ටේහ්‍යොන්ග් ඒ විදියමයි..ජන්කුක් හිතුවා වැරදි... ජන්කුක්ටත් කේන්ති ගියා.. ඇයි තමන් ටේහ්‍යොන්ගෙන් මෙහෙම බැනුම් අහන්න ඕන....

"එහාට වෙන්න මහත්තයා.. මාව අතාරින්න.. මන් තවත් ඔයාට වැඩ කරන්නේ නෑ.. මට ඉන්න දෙනවා..."

ටේහ්‍යොන්ගේ යකඩ වගේ අතකට හිර වෙලා තියන තමන්ගේ වැලමිට අදින ගමන් ජන්කුක් කෑ ගහන්කොට ටේහ්‍යොන්ග් ඒ වැලමිටෙන්ම හරවලා ජන්කුක්ව තමන්ගේ පැත්තට හරව ගත්තා... වතුර බිංදු කිරි සුදු පාට මූන දිගේ බේරිලා තෙත් උනු හූඩිය අතරින් අතුරුදහන් උනා....

"මේ අහනවා..මට කතා කරන්න දෙනවා.. තමුන් ඇයි ආවේ මැන්ශන් එකෙන්... කිසි කෙනෙක්ට කියන් නැතුව...එහෙ ඉන්න මිනිස්සු හොයනවා කියලා දන්නෙ නැද්ද..."

"මොකටද මාව හොයන්නේ.. මගේ කිසි කෙනෙක් එහෙ නෑ... මම නැති උනා කියලා මුකුත් නැති වෙන් නෑ... මට යන්න දෙන්න...."

"ජන්කුක්..කියන දේ අහනවා... එක විනාඩියකට කෑ නොගහා...

"ඇයි..ඇයි මන් අහන්න ඕන.. ම..මම කවුරුත් නෙවෙයි.. මම තවත් ඔයාට වැඩ කරන් නෑ.. මට ඉන්න දෙන්න.. මන් මොන වරද කරාටද මට මෙහෙම කරන්නේ... මාව මරලා දානවා... ඒක සැපයි මට.. මට මැරෙන්නවත් අයිති නැද්ද..මන් ඒකත් කියන්න ඕනද......

"චටාස්....."

විදුලියකට පැත්තම එලිය වෙනකොට ජන්කුක්ගේ කන පුපුරන්න කම්මුල් පාරක් ටේහ්‍යොන්ගේ ලොකු අතෙන් වැදුනා.. ටේහ්‍යොන්ගේ කම්මුල් කේන්තියෙන් ගැහෙනකොට ජන්කුක් ඒ වැදුනු පාර දරාගන්න බැරුව පැත්තකට විසි උනා...

"නවත්තගනින්..උ..උබ..උබට මැරෙන්න..මොනවා වෙලාද...

"ගහනවා..ගහනවා මට.. එච්චරයිනේ මට කරන්න පුලුවන්.. ගහපන් ගහලා මරපන් මාව..."

"ජන්කුක්..නවත්තගනින් ඕක..."

ටේහ්‍යොන්ග් ගුගුරනකොට ජන්කුක්ගේ මූන දිගේ කදුලුද වතුරද හොයන්න බැරි කදුලු ගලන් ගියා... ටේහ්‍යොන්ගේ ඇස් රතු වෙලා තිබ්බා... ටේහ්‍යොන්ග්ට පාලනය කරගන්න බැරි උනා...

"ඇ,..ඇයි මන් නවත්තන්නේ.. මට මැරෙන්න විතරයි ඉතුරු මරපන්.. මාවත් මරලා උබේ දරුවාවත් මරාගනින්.. මරලා සැනසීමේ ඉදපන්... වෙන මුකුත් ඉතුරු වෙලා නෑ මගේ ජීවිතේ... එකින් එක උබ විනාශ කරා.. එකින් එක... මොකක්ද මං කරපු වරද, මම දුප්පත් එකද, මං මහත්තයා ට වැඩ කරපු එකද, මං හැම දේකටම කට වහගෙන හිටපු එකද.. ඒ.. ඒත් අන්තිමට දරුවෙකිත් එක්ක මං පාරට වැටුනා.. මට තවත් මොනවද ඉතුරු.. මුකුත් නෑ.. ඇයි බලන් ඉන්නේ ගහපන්....ගහපන් මට.. ගහපන්..."

ජන්කුක් වැස්සෙම මහා හයියෙක් තමන්ගේ කම්මුලත් එක අතකින් අල්ලන් ගිරිය යටින් කෑ ගහන්කොට ටේහ්‍යොන්ග් හිටපු තැනම නතර උනා...ටේහ්‍යොන්ග්ට කේන්ති ගියා කේන්තිය ඉහවහා ගියා, මැරෙන කතාවක් ඇහෙනකොට.. ඒත් අන්තිමට ජන්කුක්ගේ කටින් පිට උන වචන ටික ටේහ්‍යොන්ග්ව එතනම ගල් කරන්න සමත් උනා... ඇයි ඒ ඇයි එහෙම....

"මො..මොකක්ද තමුන් කි..කිව්වේ..."

ටේහ්‍යොන්ගේ වචන පවා වෙව්ලනකොට මොහොතකට නතර නොවී ජන්කුක් මහ වැස්සෙම දුවන්න ගත්තා....

.





.





.





.






.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀

පරක්කු උනාට සමාවෙන්න.. වෙලාවක් තිබ්බේ නෑ මට....💔

දිග Chapter එකක්...😪

ජන්කුක්ව මමා කරා... 💝

ඉක්මනින් එකතු කරමු....🙃♥️

Thanks for reading ♥️

To be Continued....

2023/08/23

Bạn đang đọc truyện trên: AzTruyen.Top