|14|
ලෙඩකට දුකකටවත් මැන්ශන් එකෙන් එලියට යන්න තහනම් වෙනකොට අමාරුවෙන් පඩරැල වගේ හිටපු ජන්කුක් ජීයුන් එක්ක එලියට ආවා... හවස් වෙලා රෑ වෙන්න කිට්ටු වෙලා තියනකොට මැන්ශන් එකේ පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට ආපු දෙන්නා පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන් ආවා...
ජන්කුක්ට අමාරු හින්දම ටැක්සි එක්කින් ටවුන් එකට ආපු දෙන්නා ටික්කින් හොස්පිටල් එක ඇතුලේ ලැබ් ඒරියා එක ඉස්සරහා තිබුනු පුටුවල ඉදන් හිටියා.. ජන්කුක් හිටියේ අතේ තිබුනු පුලුන් කෑල්ල ඇගිලි වලින් තද කරන් ජීයුන්ගේ උරහිසට ඔලුව තියන්...
"හෙලෝ... මන් වැඩ ඉවරයි... ජන්කුක් එක්ක හොස්පිටල් එකට ආවා..."
"............"
"නෑ..නෑ.. මට කරදරයක් නෑ.. ජන්කුක්ට ටිකක් අසනීපයි.. අපි මේ රිපෝට් ටික එනකන් ඉන්නේ...."
"................"
"හරි මන් ඉක්මනින් එන්නම්කො.. ඇවිත් කෑම හදන්නම්... පරිස්සමට යන්න..."
ජීයුන්ග් පෝන් එක කට් කරලා බෑග් එක ඇතුලට දාගන්නකොට ජන්කුක් තමන්ගේ මූන නිදහස් අතින් පිහදගත්තා..
"කෝ .. බලන්නකෝ ඔයා පුලුන් රොදක් වගේ ලමයෝ... ඇසුත් රතු වෙලා... "
"නූනා යන්න.. මන් රිපෝට් ටික ආවම යන්නම්.. නූනට මන් හින්දා කරදරේ...."
ජන්කුක් එහෙම කිව්වත් තනියම හොස්පිටල් එක්ක කරන්න ඕන දේවල් ගැන පොඩිවත් දැනුමක් ජන්කුක්ට තිබුනේ නෑ... ඒත් ජීයුන්ට පරක්කු වෙන එකට,, ඒතත් තමන් හින්දා.. ඒ හින්දා ඒක ජන්කුක්ට හරි නැති උනා...
"හැබැයි මන් ගහනවා ඔයාට දැන් අසනීපයි කියලා නොබලා... ඔච්චර අහිංසක වෙන්න එපා ජන්කුකී... දැන් ඉන්නකෝ ටිකක් හොදට.. අපි රිපෝට් බලන් මොනවාහරි කාලා යමු.. හොදද...."
ඒ කියලා ටික්කින් ජන්කුක්ගේ අතට රිපෝට් ටික ලැබුනාම එතනින් දෙන්නත් එක්කම ෆ්ලෝර් එකෙන් අනිත් ෆ්ලෝර් එකට ආවා...
"මේ කවුද පේශන්ට්ගේ මල්ලිද..."
ඩොක්ටර් ටික වෙලාවකින් ජීයුන් දිහා හිනා වෙලා බලල ඇහුවම ජන්කුකුයි ජීයුනුයි උඩ බිම බැලුවා...
"න්..නෑ ඩොක්ටර්.. මම නෙවෙයි පේශන්ට්...මේ ජන්කුක්... "
"ඔහ්...."
ඒ වෙලාවෙ ඩොක්ටර්ගේ මූනට බැරෑරුම් පෙනුමක් ආවා වගේම රිපෝට් දිහයි ජන්කුක් දිහායි නැවත නැවත බැලුවා...
"මිස්ටර් ජන්කුක්...?"
"ඔ..ඔව් ඩොක්ටර්...."
"මැරීඩ්....?"
"නෑ ඩොකටර්..."
"මොනවද අමාරුකම්..."
ඩොක්ටර් අහනකොට ජන්කුක් එයාගෙ ඇගට දැනුනු අපහසුතා කියනකොට ඩොක්ටර් ආයෙත් රිපෝට් දෙක බලලා ජන්කුක්ව චෙක් කරා....
"මොනවා හරි අජීරනය වෙන දෙයක් කෑවද..."
"නෑ.නෑ ඩොක්ටර්.. එහෙම මුකුත් කෑවෙ නෑ...."
ජන්කුක්ගේ පිටෙන් ස්ටෙත් එක අයින් කරාම ජන්කුක් ආයෙත් පුටුවෙන් හරියට ඉදගත්තා...
"ම්ම්.. මේ ලේඩි පේශන්ට්ගේ කවුද..."
"ම..මන් ජන්කුක් ලගින්ම දන්න කෙනෙක්... ඇයි ඩොක්ටර් අනේ ජන්කුක්ට මොකක්ද ප්‍රශ්නේ..."
"ඔහ්.. මීට කලින් ගත්තු රිපෝට් මොනවා හරි තියනවද..පොඩි කාලේ හෝ කවදාහරි..."
ඩොක්ටර් අහනකොට ජන්කුක් ඔලුව වනලා නෑ කිව්වා... නික්න ලෙඩකටත් පේන් කිලර් වලින් හිටපු ජන්කුක්ට කවදාවත් එහෙම උවමනා වෙලා තිබ්බෙ නෑ.. අනික පොඩි කාලේ දේවල් ජන්කුක් ගාව කොහොමත් තිබුනේ නෑ...
" මට පේශන් එක්ක ප්‍රයිවට් කතාකරන්න ඕන.. මිස්ට පුලුවන්ද ටිකක් එලියෙන් වාඩි වෙන්න..."
ඩොක්ටර් අහනකොට ජන්කුක් දිහා බලලා ඔලුව හොලවපු ජීයුන් නැගිලටා කාමරෙන් එලියට ආවා...
ජීයුන් බලන් හිටියා විනාඩි පහලවක් විස්සක් නෑ පැයකට කිට්ටු වෙනකොට රිපෝට් දෙකත් අතේ ගුලි කරගත්තු ජන්කුක් කාමරෙන් එලියට ආවා... බිම බලන් ආපු ජන්කුක්ව ජීයුන් අල්ලගන්නවත් එක්කම ජන්කුක් එහෙමම ජීයුන්ට එහා පැත්තෙන් ඉදගත්තා...
"ජන්කුක්.. මොකද කිව්වේ.. මොකක්ද අසනීපේ.. මන් ගිහින් කතා කරලා එන්නද ඩොක්ටර් එක්ක..."
ජන්කුක් කතා නොකරන තැන ජීයුන් ලෑස්ති උනේ ආයෙත් නැගිටලා ඩොකටර් ගාවට යන්න.. ඒත් ඊට කලින් ජන්කුක්ගේ කෙට්ටු අතක් ජීයුන්ව තදින් අල්ලගත්තා...
"ඒක නිකන්ම බඩේ අජීරනයක් නූනා... මට බෙහෙත් ටිකක් ලියලා දුන්නා..."
ජන්කුක් හිනාවෙලා කිව්වම ජීයුන් ජන්කුක් දිහා බලන්ම එතනින් ඉදගත්තා... ඒ මූන දිහා බලන් ඔලුව වැනුව ජීයුන් ජන්කුක්ගේ අතින් අල්ලන් එතනින් එන්න ආවා.... ජීයුන් යන්නෙ කොහෙද ජන්කුක් ඇවිදන් එනකොට ජීයුන් හොස්පිටල් එකෙන් එලියට ඇවිත් රෙස්ටොරන්ට් එකක් ගාවින් නතර උනා...
"යන්න කලින් අපි කාලා යමු..ඔයාගේ ඇගට කෑමක් නැතුවම හාමත් වෙලා..."
ජීයුන් එහෙම කියලා ජන්කුක් එක්ක ගිහින් ටේබල් එක්කින් වාඩි උනත් ජන්කුක් මුකුත් කිව්වේ නෑ... සැරට හදපු පේස්ට්‍රියක් විතරක් ජීයුන් හිස් බඩ එපා කියද්දි බඩට දා ගත්තු ජන්කුක් වතුර ටිකක් බීලා කෑම නැවැත්තුවා.. ජන්කුක්ට කන්න බෑ ඒ හින්දා කන්න පුලුවන් මොනාද හිතලා බලල ජන්කුක් ඒක තෝරගත්තා...
"යන්.. මන් ඔයාව එතනින් බස්සගෙන යන්නම්.."
"ඕන නෑ නූනා මට මේ ටික යන්න පුලුවන්... නූනගේ මහත්තයා බලන් ඇති දැන් පරක්කුයිනේ.. මට කරපු උදව්වට ගොඩාක් ස්තූතියි නූනා..."
ජන්කුක් ජීයුන්ගේ මූන දිහා බලන් කියනකොට ජීයුන් ජන්කුක්ගේ අතින් බෙහෙත් බෑග් එක තද කරා...
"ජන්කුක්..ඔයා මට මුකුත් හන්ගන් නෑනේ..."
"ම...මන් මොනා හංගන්නද නූනා... නූනා යන්න දැන්..."
ජීයුන්ව කොහොම හරි හරවලා යැව්ව ජන්කුක් හෙමින් හෙමින් අඩිය තියලා ඇවිදන් ආවා... බෙහෙත් කීපයක් දාපු බෑග් එක ජන්කුක්ගේ අතේ ගුලි වෙලා තිබ්බා....
මැන්ශන් එකේ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුලට ආපු ජන්කුක් හෙමින් ඇතුලට ගිහින් මිසිස් හන්ට අහු නොවෙන්න ඇතුලට යන්න හැදුවා විතරයි...
"ආ.. තමුන්.. දන් නැද්ද මේ මැන්ශන් එකෙන් එලියට යන්න උබට තහනම් කියලා.. උබ කොහෙ ගිහින්ද එන්නේ..."
සද්දෙත් එක්ක ජන්කුක් හිටපු විදියටම නතර උනා... හොරෙන් ගිය විදියටම ආයෙත් එන්නයි ජන්කුක්ට ඕන උනේ..ජීයුන් කිව්වෙ අහු නොවෙන්න යන්නයි කියලා.. ඒත් අවාසනාව කියන දේ හැමදාමත් වගේ ජන්කුක්ගේ පැත්තෙන් නොසැලී හිටගෙන හිටියා.....
"ඇයි.. දැන් කතා කරන්නත් බැයිද අහ්..."
ජන්කුක්ගේ අතින් බේත් දාපු බෑග් එක උදුරලා ගත්තු මිසිස් හන් කෑ ගහනකොට ජන්කුක් හෙමින් ඇස් උස්සලා බැලුවා..
"මැ... මැඩම්.. ම..මම......
"ඔව්... උබ තමයි.. මොනවටද මේ බෙහෙත්.. උබ බෙහෙත් ගන්න ගියේ මාව දැනුවත් කරලද අහ්..."
"මට බඩේ අ..අජීරනයක්.. ඒ.. ඒකයි.. එවෙලේ මැඩම් හිටියේ නෑ...
"උබගේ ඔය හිතුවක්කාරකම් ඔක්කොම අර ජීයුන් හින්දා .. මන් ඒකි ගැනත් බලාගන්නම්කෝ..... දැන් යනවා අර ඔක්කොම පිගන භාජන හෝදලා පිහලා දානවා... ඉවර නොකර උබ මෙතනින් අඩියක් යන් නෑ....."
ජන්කුක් තමන්ගේ අත් දෙක එකට තද කරගත්තා..
"ම..මන් කරන්නම් මැඩම්..ජීයුන් නූනා මුකුත් දන් නෑ.. අ..අනේ එයාට බනින්න එපා... ම..මන් කරන්නම් මැඩම්...."
අත දික් කරන් ජන්කුක් කදුලු හලන් කිව්වත් හොදටම රැව්ව මිසිස් හන් බිම වැටුනු බෙහෙත් කවරෙත් කකුලෙන් තල්ලු කරන් හැරිලා ගියා.. ජන්කුක් හෙමින් බිමට නැමිලා බෙහෙත් ටික අත් දෙකට අරගෙන කිචන් එකට ගියා.. ජන්කුක් නැති බව දැනන් හිතා මතාම පිගන් ටික ඉතුරු කරලා වගේ... ජන්කුක් හෙමින් හෙමින් ඇදුමේ අත් දෙක උඩට කරගන්න ගමන් සින්ක් එක ගාවින් හිට ගත්තා.....
මහ රෑ වෙනකන් , අත් දෙක සීතල වතුර හින්දා රැලි වැටෙනකන් ජන්කුක් පිගන් හේදුවා... ඒ කරලා හිටන් ඉන්න තවත් අමාරු වෙනකොට කිචන් එක මුල්ලක තිබුනු උස ස්ටූල් එක ඇදන් ඇවිත් ලෙජ් එක ගාවින් තියලා ඉදගෙන ජන්කුක් හෙමින් පිගන් භාජන පිහදාන්න ගත්තා....
සුදු පාටට දිලිසෙන පිගන් භාජන එක පැල්ලමක්, නැත්නම් විනිවිද පේන වතුර බින්දුවක්වත් නැති වෙන්න පරිස්සමට පිහපු ජන්කුක් ඒක ගොඩ ගහනකොට, පිගන් වලට තරම්වත් සැලකිල්ලක් තමන්ගේ ජීවිතේට තියනවද කියලා කල්පනා කරා.... ජන්කුක් ඇයි එහෙම වෙනේ.. ජන්කුක් මොකක්ද මෙතන හිර වෙලා කරන්නේ.. ජන්කුක් කාටද බය.. අනිවාරෙන්ම ඒ හ්‍යුන්බින්.. ඇයි ජන්කුක් බය.. තමන් මෙතන මොනවද කරන්නේ....
ජන්කුක්ගේ කම්මුල් දිගේ කදුලු බේරිලා පහලට වැටුනා... ඒ ඉකි ගැහිලි හීනි උන හින්දා වගේම ඒවා අහන්න කිසි කෙනෙක් නොහිටිය හින්දා ඒවා කාටවත් ඇහුනේ නෑ...
මහ රෑ දොලහත් පහු වෙලා තවත් වෙලාව ගෙවෙනකොට ජන්කුක් එයාගෙ පුන්චි කාමරේට වෙලා බිමින් ඉදගෙන හිටියා.. ඩොක්ටර් එයාගෙන් අහපු දේවල් මතක් උනා....
කවුද දෙවියනේ මේ දේවල් විශ්වාස කරන්නේ.. කාටද ජන්කුක් මේව කියන්නේ..
ඩොක්ටර් අහනකොට ජන්කුක් මැරි කරලද කියලා ජන්කුක් කොහොමද තාමත් පොඩි ලමයෙක් වෙන්නේ...
ජන්කුක්ගෙන් ඒ ශරීරේ වෙනස්කම් දන්නවද අහන්කොට ජන්කුක් කොහොමද ඒවට උත්තර දෙන්නේ...
ජන්කුක් දන් නෑ තමන්ගේ ශරීරේ විශේශ ශරීරයක් කියලා..ඉතින් ඔම්මා නැත්නම් අප්පා නැත්නම් ජන්කුක් කෝමද තමන් විශේශයි කියන්නවත් දැනගන්නේ....
මුලු ජීවිතේ අමාරු අඩියවල් එක තැනකට කොටු වෙලා වැඩ කරලා ගෙවෙනකොට, එයාගේ මහන්සිය නිසා පිට උන රුධිරය එයා කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙයක් නිසා පිට වෙන රුධිරය කියලා.....
ඩොක්ටර් ඔම්මා අප්පා ගැන අහනකොට ජන්කුක්ට කියන්න මතක් උනේ නෑ එයාලා කොහෙද කියලා... පාට්නර් කෙනෙක් ගැන අහනකොට ජන්කුක්ට එහෙම කෙනෙක් මතක් උනේ නෑ...
ජන්කුක් අඩු වයසෙන්ම හරි වැරැද්ද නොපෙනුනු මිනිහෙක් අතින් තැලුනු පුන්චි මලක්..ඉතින් ජන්කුක් ඒක ඩොක්ටර්ට කියන්නෙ කෝමද... බෙහෙත් ගන්න ආවෙත් හොරෙන් වෙනකොට ජන්කුක් කෝමද තමන්ගේ ජීවිතේ ගැන තවත් නොදන්න මනුස්සයෙක්ට හෙලි කරන්නේ.....
ජන්කුක් කොහොමද දෙවියනේ දරාගන්නේ තාමත් පුන්චි දරුවෙක් හා සමාන එයාගේ ඇග ඇතුලේ තවත් පුන්චි ජීවිතයක් ගැහෙනවා කියලා... ජන්කුක් කොහොමද ඒක විශ්වාස කරන්නේ....
පපුව මිරිකගන්න ගමන් ඇදිවත මිරිකගන්න ගමන් ජන්කුක්ගේ ඉවරයක් නැති කදුලු කම්මුල් දිගේ ගලනකොට ජන්කුක්ගේ එක අතකට ගුලි උන බෑග් එකත් එක්ක ජන්කුක් මැන්ශන් එකේ පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට බැස්සා... තමන් ජීවිත කාලෙම හිර උනු ඒ තැනෙන්.. හිර ගෙදරින් එලියට බැස්සා.. ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව මතක් උනා... ජන්කුක් ගිහින් කියන්නද උබගේ ලේ මගේ ඇග ඇතුලේ ගැහෙනවා කියලා... ජන්කුක් කෑ ගහලා අහන්නද මම මොකක්ද කරන්න ඕන කියලා....
ඇයි ජන්කුක් අඩිය තිබ්බත් බයෙන් අඩිය තියන මැන්ශන් එක ඇතුලේ අයිතියක් කතා කරන්නේ...
ජන්කුක් ට අම්මා අප්පා නැති වෙනකොට, කාටත් වඩා දුක් විදිනකොට, උනේ මොකක්ද කියලාවත් අමතක වෙන තරමට කිසි දෙයක් මතක් නොවෙනකොට ජන්කුක් අසරනව තවත් ජීවිතයක් තුලට බිලි උනා...
අවසානේ ඒ විනාශ උන ශරීරේ ඇතුලට තවත් කෙනෙක් ඇවිත් පන ගහනකොට ඒ ජීවිතේකට පන ගහන්නම හැඩ ගැහුනු ශරීරයක් උපතින්ම උරුම කරන් එන්න තරම් කාලකන්නියෙක් උනා ....
මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහම අතරින් ඒ දේවල් වලට උරුකම් කිව්වෙ ජන්කුක් විතරමද ඇයි මේ විදින්න බැරි දේවල් එක පෙලට ජීවිතේට ගොඩ ගැහෙන්නේ...
අවසානයේ ජීවිතේ පල්වෙනි වතාවට ජීවිතේ හොයන් පාරට බහින ජන්කුක්ට සිද්ද උනේ තරුණ ජීවිතේකට බැරි තවත් දරුවෙකුත් තමන්ට එකතු කරන් පාරට බහින්න... ජීවිතේ හොයන්න.. මේ හැමදේම අතරින්ම ඇයි ඒ ජන්කුක්ම උනේ.....
ඇයි ඔහුම......!
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
කතාව පටන් ගත්තු දවසේ ඉදන් දුක විතරයි නෙහ්...
තව ඉස්සරහට වෙන්න දේවල් තියනවා බලන් ඉමු...🙃
Thanks for reading ♥️
To be Continued.....
2023/08/13
Bạn đang đọc truyện trên: AzTruyen.Top