|10|

අපහසුවෙන් පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙලා හිටිය ජන්කුක් ටේහ්‍යොන්ග්ව මගෑරගෙන ශටර් එකෙන් එලිය බලන් හිටියා... වාහනේට නගින්න කිව්වම උඩ බිම බලලා ආයෙත් බැනුමක් අහලා වාහනේට නැග්ගම ජන්කුක්ට ඇත්තටම ඔලුව රිදුනා...

ජන්කුක් මෙහෙම වාහනේක යන පලවෙනි වතාව... මේ මැන්ශන් එකට එන්න කලින් ජන්කුක්ගේ ජීවිතේ ගැන ජන්කුක්ට තිබ්බෙ අපැහැදිලි මතකයක් විතරයි.. ඉතින් ජන්කුක්ට හැමදෙයක්ම අලුත් වගේ දැනුනා...

මොනවා උනත් අලුත් ඇදුම් කිට් එක ජන්කුක්ට ඇත්තටම් ගැලපුනා වගේම සපත්තු දෙකේ ඉදන්ම ගානට තිබුනා... ජන්කුක්ට ටේහුඔන්ගෙන් අහන්න උවමනා උන් නෑ කොහොමද ඇදුම් ගානට ගත්තේ කියලා... දෙන දෙයක් බාරගන්න එක ජන්කුක්ගේ වගකීම උනා....

චෙක් රටාවක් ගිය ලා නිල් කොල පාටට හුරු අත් දික ශර්ට් එක වගේම ලා නිල් පාට කලිසමත් එක්ක සුදු පාට ශූස් දෙක ජන්කුක්ට ගැලපෙන ලස්සනක් එකතු කරලා තිබ්බා... ජන්කුක් කියන්නේ කොන්ඩේ ගැන එතරම්ම සැලකිලිමත් උන කෙනෙක් නෙවෙයි, පාසල් යනකොට කොටට කොන්ඩේ කැපුවත් ඊට පස්සේ වැවෙන්න දීලා තිබ්බ කොන්ඩේ යම්තාක් වැවිලා තිබ්බා... ඉතින් ඒ කන පහලට වැටුනු කන අස්සෙන් රදවපු කොන්ඩේ හින්දා ජන්කුගේ හැම එකතුවක්ම ලස්සන උනා....

කලබලකාරී පරිසරයෙන් මිදිලා ටිකක් ඇතුල් පාරක් දිගේ ඉදිරියට ඇදෙන වාහනේ ඇතුලේ ඉදන් ජන්කුක් පහු වෙලා යන ගස් කොලන් දිහා බලන් හිටියා...

"ආයිශ්..."

එක පාරටම වැදුනු බ්‍රේක් පාරත් එක්ක සීට් බෙල්ට් දාගෙන හිටියත් ජන්කුක් ඉස්සරහට විසික්වෙලා ආයෙත් සීට් එකේ වැදුනා... තරහෙන් ස්ටීරින් වීල් එක මිරිකන් හිටිය ටේහ්‍යොන්ග් දිහා බලපු ජන්කුක් ආයෙත් පාර දිහා බැලුවත් බ්‍රේක් ගහන්න තරම් හේතුවක් ජන්කුක්ට පෙනුන් නෑ...

සීට් බෙල්ට් එක ගලවන ගමන් වාහනෙන් බැස්ස ටේහ්‍යොන්ග් වාහනේ ඉස්සරහට ඇවිදගෙන යනකොට ජන්කුක් එතනම ඉදන් බලන් හිටියා...

"ජන්කුක්.. ඔතන මැද තියන වතුර බෝතලේ අරන් එනවා..."

ටේහ්‍යොන්ගේ කෑ ගහන හඩ පාත් කරපු ශටර් එකෙන් අහපු ජන්කුක් එතනම තිබුනු වතුර බෝතලේ අත් වලට ගන්න ගමන් වාහනෙන් බැස්සා... බැහැලා වාහනේ ඉස්සරහට ඇවිදන් ගියත් දැක්ක දේ හින්දානම් වතුර බෝතලෙත් බිමින් තියන ගමන් බිමට නැමුනේ කදුලු පුරෝගනමයි..

'අ..අනේ මෙයාව හැප්පුනාද මහත්තයා..."

දුබුරු පාටට හුරු කලු පාට බලු පැටියාව අත් දෙකෙන්ම උස්සගන්න ගමන් ජන්කුක් බිම දන ගහන් හිටියා.. යන්තම් ඇස් පියවෙමින් හිටිය බලු පැටියාගේ එක අතක් තුවාල වෙලා ලේ ගලමින් තිබ්බා...

ජන්කුක් දිහයි බලු පැටියා දිහයි කරදරකාරී බැල්මක් හෙලපු ටේහ්‍යොන්ග් තමන් ඇදන් හිටිය කලු පාට අත් දිග ටී ශර්ට් එකේ අත් උඩට නවාගන්න ගමන් බිමට නැමුනා... ඇන තියාගෙන හිටිය ජන්කුක් ගාවින්ම පාත් උන ටේහ්‍යොන්ග් බිම තිබුනු වතුර බෝතලේ අරන් මුඩිය ඇරියා...

"කෝ..එයාව ඉස්සරහට කරලා අල්ලන්න..."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ඉක්මනට බලු පැටියව ඉස්සරහට කරලා ඇල්ලුවා.. තුවාලෙට වගේම බලු පැටියාගේ කටට වතුරත් දැම්මත් ටේහ්‍යොන්ගේ ලොකු අවධානේ යොමු උනේ බලු පැටියව අතේ තියන් කදුලු පුරන ජන්කුක් ගාවයි... බලු පැටියෙක් හින්දා අඩන්නේ ඇයි කියලානම් ටේහ්‍යොන්ග්ට තේරුනේ නෑ, ඒ මොනවා උනත් ඒ හින්දාම ටේහ්‍යොන්‍ය්ත් බිමට නැවීගෙන බලු පැටියා ගැන වද උනා...

සාක්කුවෙන් ගත්තු සුදු පාට පොඩි ලේන්සුවකුත් බලු පැටියාගේ අතේ ගැට ගැහුව ටේහ්‍යොන්ග් එතනින් නැගිට්ටත් ජන්කුකුත් බලු පැටියාව පපුවටම තුරුල් කරන් නැගිට්ටා...

"දැන් ඕකව පාර අයිනෙන් තියන්න..."

ටේහ්‍යොන්ග් කිව්වත් ජන්කුක් කරේ ඇස් වල කදුලු පුරවන් බලපු එක විතරයි..

"ඒත් මහත්තයා මෙයාට තුවාල වෙලානේ..."

"ඉතින්..."

"ඉ..ඉතින්..."

"ඉතින් තමුන් කියන්නේ මට මෙයාව ගෙදර ගිහින් බලාගන්න කියලාද..."

ඒ වෙලාවෙනම් ජන්කුක්ගේ මලානික ඇස් දිලිසුනා ටේහ්‍යොන්ග්ට පෙනුනා... ඒ දිහා ඇස් දෙකත් ලොකු කරලා බලපු ටේහ්‍යොන්ග් වතුර බෝතලේ එතනම පාර අයිනට විසික් කරා...

"මෙහ්.. මට මෙතන විකාර කරන්න වෙලාවක් නෑ.. කරුනාකරලා ඔය බල්ලව පාර අයිනෙන් තියලා වාහනේට නගිනවා...."

ටික්කින් ටේහ්‍යොන්ග් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගෙන වාහනේ ඉස්සරහට ඩ්‍රයිව් කරන ගමන් හිටියා... පැසෙන්ජර් ශීට් එකේ ජන්කුක් ඔඩොක්කේ එලපු සුදු ෆේස් ටවල් එකක් උඩ බලු පැටියාව තියන් ඔලුව අතගාමින් හිටියා...

කියන්න කියන්න බලු පැටියව බිමින්ම තියපු නැති හින්දා ටේහ්‍යොන්ග්ට සිද්ධ උනා තුවාල උන බලු පැටියාවයි , මුරන්ඩුකම් කරන ලොකු බබාවයි දෙන්නවම බලෙන්ම වාහනේට දා ගන්න... අන්තිමට යන්න තිබ්බ පැත්තට නැතුව ටේහ්‍යොන්ග් ආයෙත් ලගම ටවුන් එකට වාහනේ ඩ්‍රයිව් කරා....

ටික වෙලාවකින් පෙට් කෙයාර් සෙන්ටර් එක්කින් වාහනේ නවත්තලා වාහනෙන් බැහැලා එහා පැත්තෙන් ඇවිත් ජන්කුක්ට දොර ඇරියා.. ජන්කුක් හරි ශෝක් එකට බබෙක් වඩා ගන්නවා වගේ බලු පැටියාව වඩාගෙන වාහනෙන් බැහැලා ටේහ්‍යොන්ග් ගාවින් හිට ගත්තම ටේහ්‍යොන්ග් දොර වහලා දාලා කී එකයි වොලට් එකයි අතට ගත්තා..

"යන්..."

ජන්කුක් එක්කම සෙන්ටර් එකට ඇතුලට යන්න පොඩි පඩිපෙල නැගපු ටේහ්‍යොන්ග් දොර අරින ගමන් ජන්කුක් ඇතුලට යනකන් ඉදලා එයාත් ඇතුලට ආවා...

"ඕහ්...පුන්චි බබා බෙහෙත් ගන්න ආවද... "

ඇතුලේ හිටිය සුදු පාට කෝට් එකක් දාගත්තු කෙනෙක් ජන්කුක් ගාවට එනගමන් බලු පැටියාව අල්ලනකොට ජන්කුක් හෙමීට ඔලුව හරවලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"ක්හ්ම්..."

ටේහ්‍යොන්ග් උගුර පාදන ගමන් ජන්කුක් ගාවින් ඇවිත් හිටගත්තා..

"මේ බලු පැටියාට තුවාල.......

"ඒකනේ.. කෝ එන්න චූටි පපා එක්කම ඇතුලට යන් අපි...."

ටේහ්‍යොන්ග්ව එච්චර ගනන් නොගෙන ජන්කුක්වත් එක්කන් එයා බෙහෙත් කරන කාමරේට යනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙකත් ලොකු කරන් ඒ පස්සෙන් ගියත් ඇතුලට යන්න කලින් දොර වැහිලා ගියා...

ජන්කුක්ට කවදාවත් මේ දේවල් හුරු උනේ නෑ වගේම පුදුම තරම් ආදරෙන් සත්තුන්ට කතා කරන ඩොක්ටර් දැක්කම පුන්චි හිනාවක් ඒ තොල් මත නතර උනා... බලු පැටියාගේ අයිතිකාරය කියලා හිතලා චූටි පපා කියලා කියනකොට ඊටත් වඩා ජන්කුක්ට ලැජ්ජා හිතුනා...

"මොකකට හරි අහුවෙලාද,, ලොකු බරපතල තුවාලයක් නෙවෙයි.. අපි බේත් ටිකක් දාමු.. මෙයාට වයස කීයද , කොහොමද ඉන්ජෙක්ශන් කෝස් එක... මෙයාගෙ බුක් එකක් තියනවද..."

ඩොක්ටර් බලු පැටියාවම සිල්වර් පාට මේසෙ උඩින් තියන ගමන් දාහක් ජාති ජන්කුක්ගෙන් අහනකොට ජන්කුක් තොල් දෙක එකට හපාගත්තා...

"ම්..මේ ඩොකටර්.. මෙයාව අද තමයි අපිට හම්බුනේ... පාරේ ඉදලා...ඒ මුකුත් දන් නෑ......

ජන්කුක්ට කතාව ඉවරකරගන්න බැරි උනේ මේසේ උඩින් තිබ්බම බය උනු බලු පැටියා අතත් ඇදගෙන ආයෙත් මේසෙ අයිනේ හිටන් හිටිය ජන්කුක් ගාවට දුවන් ආපු නිසයි...

"යෝ..පුන්චි බබා බය වෙලාද.. අපි පපා ගාව ඉදන්ම බේත් දාමු.. අපි මෙයාට ඉන්ජෙක්ශ්ස්න් ටිකත් විදිමු ඒක කෝකටත් හොදයි..."

ඩොක්ටර් එක දිගට කියවලා ජන්කුක් ගාවටම ඇවිත් බලු පැටියාට බේත් දානකොට ජන්කුක්ගේ අතකට ඔලුව තියාගෙන බලු පැටියා හරි හොදට හිටියා...අන්තිමට බෙහෙත් ටිකත් විදලා , අතත් බැන්ඩේජ් කරලා බලු පැටියත් එක්කම එලියට එනකොට ඉස්සරහා තිබ්බ පුටුවක් උඩ ඉදන් හිටපු ටේහ්‍යොන්ග් රවාගෙන බලලා නැගිට්ටා...

ඉස්සරහා තිබ්බ පොඩි කවුන්ටර් එක ගාවට ගිය ඩොක්ටර් මොන මොනවා හරි ලියලා බිල් එකත් ගහලා ඒක ටේහ්‍යොන්ග් අතට දුන්නම ටේහ්‍යොන්ගේ ඇස් උඩ ගියා... ආයෙත් පුටුව ගාව හිටන් බල්ලව තුරුල් කරන් ඉන්න ජන්කුක් දිහා බලපු ටේහ්‍යොන්ග් බිල දිහා බැලුවම ජන්කුක් අසරන විදියට බැලුවා..

"බේත් දාන්න විතරක්ද මෙ.....

ටේහ්‍යොන්ග් අහන්න්න හැදුවත් ඊට කලින් ඩොක්ටර් කතා කරා...

"ඕ..මිස්ටර් අපි පුන්චි බබාට මේ ඒජ් එකට ඕන ඉන්ජෙක්ශට් ටිකත් ගැහුවා... නැත්නම් අසනීප වෙනවා.. දවස් තුනක් යනකන් නාවන්න එපා... මෙන්න එයාගෙ බුක් එක ඔය දෙන්න කතාවෙලා පුන්චි බබාට නමක් දාන්න..."

ටේහ්‍යොන්ගේ අතින් පොත තියන ගමන් ඩොක්ටර් කියනකොට ඇස් දෙකත් පියාගෙන හොද හුස්මක් උඩට ගත්තු ටේහ්‍යොන්ග් වොලට් එක ඇරලා බිල් එක පේ කරා.. අන්තිමට බල්ලට ඕන ශැම්පූ , කෑම ටික්කුත් ඩොක්ටර් ටේහ්‍යොන්ගේ ඇගේ ගැහුවම ඒ ටිකත් අතේ එල්ලන් ඇවිත් ජන්කුක් ගාවින් හිටගත්තා..

"යමන්කෝ... පුන්චී බබාලා ඔක්කොම..."

දත්මිටි කාලා ටේහ්‍යොන්ග් හෙමින් මිමිනුවාම ජන්කුක් ඇස් දෙකත් බෝල කරලා බැලුවා...අන්තිමට ටේහ්‍යොන්ග් ඇරලා දුන්න දොරෙන් දෙන්නම එලියට ආවම ඩොක්ටර් නම් කවුන්ටර් එකට වෙලා හව් ලව්ලි කපල් කියලා බලාගෙන හිටියා...

ජන්කුක්ටත් නගින්න දීලා වාහනේට නැග්ග ටේහ්‍යොන්ගේ ඇස් දෙක රතු වෙලා තිබ්බා..

"දැන් තමුන් හදන්නේ මේ බල්ලව ගෙදර අරන් යන්නද..."

ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් ඔහේ බැලුවා... ඒක ගැන අදහසක් ජන්කුක්ට තිබ්බෙ නෑ...

"කට නැද්ද කියන්න අපි බෙහෙත් දාලා දීලා යන්න ආවෙ කියලා..."

ටේහ්‍යොන්ග් එක දිගට බනිනකොට ජන්කුක් තොල් පොට එකට හපන් තමන්ගේ උකුල උඩ හොදට නිදියන් ඉන්න බලු පැන්චා දිහා බැලුවා...

යන්තම් කෙදිරි ගාන බලු පැටියා දිහා බලන් මුකුත් කියන්න බැරි උන ටේහ්‍යොන්ග් අතේ තිබ්බ බලු කෑම , බෙහෙත් බෑග් එකත් ජන්කුක්ගේ උකුල උඩින්ම තියන ගමන් වාහනේ ස්ටාර්ට් කරා....

"මොන මගුලක්ද යකෝ මේ බේත් වල ගනන්.. මිනිස්සුන්ටවත් මෙච්චර ගනන් නෑ..."

අතේ තිබ්බ බිල් එක ගුලි කරලා ගුලි කරලා විසි කරන ගමන් ටේහ්‍යොන්ග් නලල මිරිකගත්තාම ජන්කුක් නම් බෑග් එකත් සීට් එකේම එහා පැත්තෙන් තියාගෙන බලු පැන්චාව තව ටිකක ලගට කරගත්තා...

.



.



.




.




.




.

******************

___________________________Dark_Sunshiner 🤍🥀

Vetලාගේ හැටි ඒ.. ලෙඩාක් නැත්නම් පඩි යයි කියලා හරි බේතක් ගහනවා...
කෑම, ශැම්පූ වර්ගත් introduce කරලා දෙනවා.. 🥲😂♥️

Thanks for reading ♥️

To be Continued...

2023/08/06

Bạn đang đọc truyện trên: AzTruyen.Top